ලංකාවේ දුම්රිය වීරයා විජය සමරසිංහ / Sri Lanka's railway hero Wijaya Samarasinghe

දෙමටගොඩ දුම්රිය ස්ථානය 
දුම්රිය අධ්‍යක්‍ෂ (සැලසුම්) විජය සමරසිංහ ගැන ඔබ දන්නවා ද?


සුද්දන්ගෙන් පසු ලංකාවේ දුම්රිය සේවයට වැඩි ම සේවයක් කළ තැනැත්තා ඔහු ය.


ඔහු ජනමාධ්‍ය සමග එක් වී මේ වන විට රට පුරා දුම්රිය මාර්ග විශාල ප්‍රමාණයක් ඉදි කරමින් සිටියි.


ඔබ නො දන්නවා වුණාට මේ වන විට මාතර සිට කතරගතමට ගිය දුම්රිය මාර්ගය මඩකලපුව දක්වා දික් වෙමින් තිබේ.


"මාතර සිට මඩකලපුව දක්‌වා නව දුම්රිය මාර්ගයක්‌ ළඟදීම ඉදිකිරීමට තීරණය කර ඇතැයි දුම්රිය අධ්‍යක්‍ෂ (සැලසුම්) විජය සමරසිංහ මහතා "දිවයින"ට පැවසීය. මෙම දුම්රිය මාර්ගය මාතර, බෙලිඅත්ත, හම්බන්තොට, මොනරාගල, අම්පාර, ඔලුවිල් හරහා මඩකලපුව දක්‌වා ඉදිකෙරෙන බවද විජය සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය. මේ සඳහා යන වියදම දැන් ඇස්‌තමේන්තු කරගෙන යන අතර ලබන වසරේ මුල් භාගයේදී මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කටයුතු ඇරැඹෙයි." (අද දිවයින)


තවත් දුම්රිය මාර්ග රැසක් ඔහුගේ අතේ රෝල් වෙමින් තිබේ. ඒවා නම්, "පානදුර හොරණ දක්වා ද, කුරුණෑගල හබරණ හරහා දඹුල්ල දක්වා ද, මැදවච්චිය සිට ත‍්‍රිකුණාමලය දක්වා ද, වැල්වාය සිට බිබිල හරහා බදුල්ල දක්වා ද, ත‍්‍රිකුණාමලය සිට මහව හරහා පුත්තලම දක්වා ද අලූතින් මාර්ග තැනීමට යෝජිත බවත් කැලණිවැලි මාර්ගය කොළඹ සිට හම්බන්තොට දක්වා දීර්ඝ කිරිමට ද යෝජිත බවත දුම්රිය සැළසුම් අධ්‍යක්ෂ විජය සමරසිංහ මහතා පැවැසීය." (නොවැම්බර් 11 ලංකාදීප)


මේ කොළඹ නගරයේ නව විදුලි දුම්රියට අමතරව ය. කොට්ටාව සිට හොරණ දක්වා දුම්රිය මාර්ගයක් හදන බව ද ඔහු කීවේ ය.


විජය සමරසිංහගේ හපන්කම් මෙම ගූගල් පිටුවෙන් බැලිය හැකි ය. 


මෙවන් නිලධාරීන් ලැබීම ජාතියේ පිනකි. ඉරකි. තිතකි.


රටක් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය වන්නේ මාධ්‍ය සමග කටයුතු කිරීමට සමත් නිලධාරීහු ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ජයශ්‍රීNovember 23, 2011 at 8:34 AM

    මමත් දන්න ඔය වගේ කෙනෙක් ඉන්නව.එයාගෙ නම හාන්ස් ක්‍රිස්ටීන් ඇන්ඩර්සන්.

    ReplyDelete
  2. මම මේ ළඟදී යාපනී ගිහින් ආවා කෝච්චියෙන්. ඩලස් ඇමතිතුමා පාර නියමෙටම හදලා තියෙනවා. අර ගාල්ලෙ යූ ඇන් පී නගරාධිපති වෙලා ඉඳලා ආන්ඩුවේ මන්ත්‍රි කෙනෙක් වෙලා උන්න එකා අරමුදලක් පිහිටවලා හදපු කිලිනොච්චි ඉට්ටෙසමත් ලන්ඩන් ඉස්ටේසොමට වඩා ලස්සනයි. ඊළඟට මඩකලපුවේ ඉඳන් මෙල්බර්න් වලට දානවලු. රේල් පාර.

    ReplyDelete
  3. යකෝ මූ තමයි දවසකටවත් මිනිහා!!!!!

    ReplyDelete
  4. ඔහොම ගියහම A ග්‍රේඩ්, B ග්‍රේඩ් දුම්රිය මාර්ගය කියලත් දාන්න වෙයිද දන්නෑ.

    Dimithri

    ReplyDelete
  5. සීරියස් ගන්න එපා.නිකං පුක දිගේ රෝස් පාන් වගේ ගන්න.මහින්දත් නය-වැය කතාවේ ගුවන් තො‍ටුපලවල් 3ක්ද 4ක්ද හැදුවේ.

    ReplyDelete
  6. රාගම සිට මීගමුවට හදන දෙවෙනි දුම්රිය මාර්ගය සීදූවෙන් නතර වෙලා.ඒවුනාට මුන්ගෙ කථාව රට ‍වටේ රේල් පාරවල් හදන්න.

    ReplyDelete
  7. lankawa den amaricawata wada dheunu wela wage nai boida tinkeri.

    ReplyDelete
  8. මුන් ඉන්නවා කියලා සමාජයට, රජයට පෙන්නලා ලකුණු දාගන්න කියන ගොං කතා මෙව්වා

    ReplyDelete
  9. අනේ අර නුවර මාතලේ රේල් පාර දෙපැත්තේ තියන කැලේ කපලා දෙන්න කවුරුවත් නැද්ද? ඉලුක් ගස් වලට කෝච්චියේ යන අයගේ මූණු කැපෙනවා.
    -Kandyan-

    ReplyDelete
  10. මිනිහා කරන්නෙ මිනිහගෙ රාජකාරිය. ඒකට වි‍ශේෂ සැලකීමක් හෝ ප්‍රචාරයක් දෙන්න අවශ්‍යතාවයක් නෑ.. ඒක‍ට තමා ඒ මනුස්සයට ආන්ඩුවෙන් පඩි ගෙවන්නෙ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා