වික්ටර් අයිවන් ලියූ 'විද්‍යුත් කැලෑ පත්තර සදාචාරය' විමසමු

වික්ටර් අයිවන් ලියූ හා දැනටත් නැවත, නැවත මුද්‍රණය කරමින් පළ කරන 'චෞර රැජින' වනාහි ද්වේෂ සහගත, ඕපාදූප පදනම් කර ගත් නොම්මර එකේ කැළෑ පත්තරයකි. 


 එම කැළෑ පත්තරය සම්බන්ධයෙන් ඔහුගේ තර්කය එහි අඩංගු කරුණු බොරු නම් චන්ද්‍රිකා ඔහුට විරුද්ධව නඩු දැමිය යුතු බවයි. මෙය දුම්රියේ හොරෙන් ගොස් වේදිකාවේදී අසු වූ විට තමන් දුම්රියේ නො පැමිණි බවට තර්ක කරමින් 'කෝච්චියේ ආවා නම් ටිකට් තියෙන්න ඕනැනෙ' යි කියනවා වැනි ය. 


කෙසේ වෙතත්, තවමත් චෞර රැජින විකුණන් කන වික්ටර් අයිවන් ‍අමතක කර පහත සබඳතා පුරුක ඔස්සේ ගොස් ඔහු පළ කර ඇත අදහස් විමසා බලන්න. සංවාදයට බඳුන් කළ යුතු වැදගත් කරුණු එහි තිබේ.

විද්‍යුත් කැලෑ පත්තර සදාචාරය


මේ රාවයේ තවත් ලිපියක පළ වන තවත් 'මං පොරකගේ' විකට අදහසක්. ආචාරධර්ම පද්ධතියක් යටතේ ක‍්‍රියාත්මක වන (ලංකාවේ / ලෝකයේ) එකම වෙබ් අඩවිය කුමක්ද කියා ඔබ දන්නවා ද? ඒ තමයි, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නම් රාජ්‍ය නොවන සංවිධානයේ 'පිට්ටනි බැලීම.' වෙන කාටවත් ආචාර ධර්ම නැහැ. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයට විතරමයි තියෙන්නේ!


හැබැයි, මේ පොරගේ අදහස්වලත් සෑහෙන්න ගත යුතු දේ තිබෙනවා. කියවන්න:



ශී‍්‍ර ලංකාව අන්තර්ජාල සිතියමෙන් ඉවත් නොකර වෙබ් අඩවියක් වාරණය කිරීමට ආණ්ඩුවට බැහැ




වෙබ් අඩවි ලියාපදිංචි කිරීම ගැන ඔබේ අදහස් සටහන් කරන්න. 


 මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. අනුන්ව මරන්න බෝම්බ හදන්න ගිහින් අවයව නැති කර ගත්ත කෙනෙකුට මොන සදාචාරද?

    ReplyDelete
  2. 1. බෙබ් අඩවි ලියාපදංචි කිරීම බොහෝ විට ඒවා තහනම් කිරීමට වඩා සාර්ථක වනු ඇත.‍‍
    2. චෞර රැජින හොඳ පොතක් නොවිය හැකි නමුත් (මා එය කියවා නැති නිසා) කතෘ ඉදිරිපත් වන හෙයින් කැලෑ පත්තරයක් කියා කිව නොහැකිය.

    ReplyDelete
  3. විකටර් අයිවන්ට, නන්දා මාලනීලට, වාසුලට හැදිලා තියෙන්නේ එකම් රෝගය.

    ReplyDelete
  4. /* වෙබ් අඩවි ලියාපදිංචි කිරීම ගැන ඔබේ අදහස් සටහන් කරන්න.
    */

    මේ අදහස මට මීට මාස කීපයකට කලින් හිතුනු දෙයක්. මේ බ්ලොග් අඩවිය හා ආශ්‍රිතව කවදාවත් සංවාදයක් ඇති නොවන්නේ ඇයි?

    ReplyDelete
  5. වික්ටර් අයිවන් LEN ගැන කතාව පටන් අරන් LNW වල උදාහරන දක්වනවා. ඇයි මිනිහට කොන්දක් තියනවා නම් LEN වලින්ම උදාහරන දෙන්න බැරි? LNW කාරයා කියන දේවල් ගැන නම් මටත් විස්වාසයක් නෑ. ඒත් LEN කියන දෙවල් නම් ඇත්ත.

    රාවය පටන්ගත්ත කාලේ ප්‍රේමදාසට විරුද්ධව රාවය හැසිරුනෙත් කැලෑපත්තරයක් වගේ තමයි. දැන් LNW එකේවත් ඒ තරම් මහින්දට මඩ ගහන්නේ නෑ රාවය ප්‍රේමදාසට මඩ ගහපු තරම්.

    වික්ටර් අයිවන්ට මෙතන තියෙන්නෙ ජෙලස් එකක්. මොකද මිනිහා අහුලගන්න කුණු කන්දල් ටික එලියට දාන්න සතියක් බලන් ඉන්න ඕනේ. ඒත් LEN එකේ හැම වෙලේම ඒ වගේ දේවල අපි නොමිලේම දකිනවා.

    ඒ කාලේ මහා ලොකු මාධ්‍යවේදියා වෙලා හිටපු මේ වගේ පොරවල් දැන් ගනන් ගන්නේ අරලිය ගහ මන්දිරේට ගිහාම එහේ ඉන්න පොරවල් විතරයි. ඒකයි මූට ජෙල.

    LEN- LankaeNews
    LNW- Lankanewsweb

    ReplyDelete
  6. සජන කියන්නේ ගාමිණී ගේ පුතෙක් නේද?

    ReplyDelete
  7. ගුරුළු වෙස් දරා . . ඉඳිබු ගමනේ යන්නා . .
    ලොවට බන දෙසා . . .හොරෙන් සිල් බිඳගන්නා . .

    කියලා සුනිල් එදිරිසිංහ මහත්තයා ඒ සිංදුව කිව්වේ තුන් කල් බලලා වෙන්ටැ

    ReplyDelete
  8. ඔලු දෙකක් ඇති රාවයට තිබෙන ජන මාධ්‍ය සදාචාරය කියන්න ගියොත් ලය විරේක ගන්න ඕන නැහැ...වික්ටර් අයිවන් දැන් මේ නරක ජන මාධ්‍ය හොයාගන්න ඉදිරිපත් කරලා තියන කතන්දර ඔක්කොම එයම කරපුව...දැන් මේ කරන්නේ කඩේ යන එක...හිතුවක්කාර...බඩජාරී...ප්‍රජාතන්ත්‍ර විරෝදී...මර්දනකාරී...පාලනයක් ඇතිවෙන විට තමා මේ කැලේ පත්තර ක්‍රමය ඇතිවෙන්නේ...ඒ නිසා අයිවන් කරන්න ඕන හිස් මාස්ටර්ස් වොයිස් පාරවල් දන්නේ නැතිව...තමන්ගේ මාස්ටර්ට හමුවෙන්න ගිය වෙලාවක එයට තමන්ව නිවැරදි කරගන්න කියල දෙන එක...

    ReplyDelete
  9. PATHTHARE WIKUNAGANNA, ANUN LAWWA ANDUWATA BANALA LIPIDALA, SATHI KEEPEKATA SARAYAK, THAMANGE RAJJURUWANWA SUDDA KARALA LIPIYAK LIYALA, ARAWA OKKOMA SUDDAKARANAWA. EKA HARIYATA, RAJAGE REDDEMA PAHARALA, GATHAMANAWAKATA HODALA DENAWA WAGE.MAN GE ALUTHMA THIYARIYA THAMAI, RAJJURUWANGE OKKOMA BALU WEDA, MEETA ISSARA EWUNUTH KARALA THIYENA HINDA, EWAGE WARADDAK NATHILU. HABEI ISSARA MAN KIWWE, KAURU KALATH BALU WEDA, BALU WEDAMAI, JANATHAWA ANDU PATH KARANNE, E BALU WEDA KARANNA NEVEI, KIYALA. APE MODA MINISSUTH MEYAGE PATTARE ARAGENA, ANDUWATA BANPUWA KIYAWALA, SUMANA KEEPEKATA PASSE, MANGE REDI APPILLEEMA KIYAWALA, OWA OHOMA THAMAI KIYALA, ATHE THIBBA PICHCHIYATH NATHIKARAGANNAWA.

    ReplyDelete
  10. මටනම් කියන්න තියන්නේ වික්ටර් යනු මානසික ලෙඩෙක් බවයි. ඔහුට කන්න ඕන විට කබරගොයා තලගොයා කරගන්න වැනි ජරා පුද්ගලයකු බවයි.

    ReplyDelete
  11. atthatama lankaenews nam fatta. eaka ban kare nam baya welama thamai...

    ReplyDelete
  12. ලංකාවෙ ලියාපදිංචිකල සමහර පුවත් පත් සහ ටී වී නාලිකාවල පලවන්නෙ සම්පූර්න ඇත්තද?අපේ ඔලුවලට බලෙන් රිංගවන බොරු නැද්ද? කොටිංම කියනවනම් අපේ මොල හෝදන්නෙ නැද්ද?බොහෝ පුවත් පත් සහ ටී වී නලිකා අයිති දේශපලකයින්ට සහ ඔවුන්ගෙ හිතවතුන්ට, සමහර පුවත්පත් සහ ටී වී නලිකා ලියාපදිංචිකල කැලෑ පත්තර අපි ඒක හොඳින්ම දැක්ක පසුගිය ජනාදිපතිවරනයෙදි. අපි හැම පුවත්පතක් සහ ටී වී නලිකවක්ම බලන්නෙත් නැහැ කියවන්නෙත් නැහැනෙ, ඒ නිසා අන්තර්ජාල වෙබ් අඩවි නිදහසේ තිබුනවෙ. අපිට ඇත්ත නැත්ත ‍තෝර ගන්න බැරි ගොන්නුම නිවෙයිනෙ. අනෙක වෙබ් අඩවියක් කඩෙන් ගන්නත් බැහැනෙ.ඒකට අන්තර්ජාල පහසුකම්, පරිගනක ඒවත් එපායැ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා