රට පාලනය කරන අයුතු ජන රාශියේ අයවැය සංදර්ශනය / Budget show of the ruling mob of Sri Lanka

ඊයේ අයවැය ඉදිරිපත් කළ අවස්ථාවේ සිදු වූ සිදුවීම් වනාහි ලංකාවේ රජයේ දේශපාලනයේ ස්වරූපය කදිමට සංකේතාත්මකව නිරූපණය කරන්නකි. 


ඒ මෙසේ ය: 


අද වන විට මේ රට පාලනය කරන්නේ අයුතු ප්‍රචණ්ඩ ජන රාශියක් හෙවත් violent mob එකක් විසිනි. 


ඒ අනුව පාලනයේ මූලධර්ම වී ඇත්තේ මෙවැනි අයුතු ජන රාශියක සාමාන්‍ය තත්වය වන අරාජිකත්වයයි. 


මේ රටේ ආණ්ඩුවත්, පසුගිය කාලයේ ග්‍රීස් යකුන් අල්ලා පොලු ගැසූ ජන රාශීනුත් සමාන ය. 


වෙනස ඇත්තේ එවැනි ජන රාශිවල සාමාජිකයන් පසුව නැවත තනි තනි පුද්ගලයන් බවට පත් වූ විට ඔවුන් නීතිය ඉදිරියේ නිරාවරණය වීම, ලජ්ජාවට හා පසුතැවිල්ලට පත් වීමයි. 


පාලක ජන රාශියට ලජ්ජාවක් හෝ පසුතැවිල්ලක් නැත. රොෂාන් රණසිංහ වැනි තරුණයකුට ඔහුගේ පියා වන් ජෝන් අමරතුංග වැනි මහළු මිනිසකුට අතින්, පයින් පහර දී වීරයකු සේ ආඩම්බරෙන් හැසිරිය හැකි ය. 



ඊයේ පාර්ලිමේන්තුවේ තිබුණේ මෙවැනි වැඩකාරයන් බොස්ට වැඩ පෙන්නන සංදර්ශනයකි. උඩතලවින්න සමූහ මිනීමැරුම් නඩුවේ විත්තිකරුවකු බවට පත් වී සිට ලංකාවේ අධිකරණයෙන් නිදහස ලැබූ ලොහාන්රත්වත්ත ද ඊයේ වැඩ පෙන්නීමට සමත් විය. (කියවන්න උඩතලවින්නේ නීතිය හා හතරෙ කොලනියේ කැළෑ නීතිය)


අධ්‍යාපන නියෝජ්‍ය ඇමති විජිතමුනි සොයිසා විපක්ෂයට පහර දු‍න්නේ පොතකිනි


අඩුවකට තිබුණේ දුමින්ද සිල්වා නො සිටි එක පමණි.  


මේ මන්තිරියන් හා ඔවුන් වටා එක් රොක් වී සිටින පාතාල මැරවරයන් අතර වෙනසක් නැති බව ඊයේ සංදර්ශනයෙන් පෙන්නුම් කෙරිණි. 


එපමණක් නොව, එකී අයුතු ජන රාශියේ නායකයා වන ජනාධිපති ඒ ප්‍රචණ්ඩ මන්ත්‍රීන්ට 'නියමයි මල්ලි' යි කියන තත්වයක් ද ඇත. ඔහු අයවැය කතාව කියවද්දී සභාව එහෙම පිටින් ම කුලප්පු වූ හරක් ගාලක් වුණා කියා ඔහුට ප්‍රශ්නයක් ද නැත. 


ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ජනාධිපතිවරයා ඉදිරියේ වැටී මූඩි ගැලවී කාපට් තෙමා දමන්නට වීසි කළ වතුර බෝතලයේ සිට මේ ජවනිකාව හා සම්බන්ධ සෑම තත්පරයක් පාසාම වැය වුණේ මහජන මුදල් ය. 


'ඉතින් අපට මොකෝ?' යි මහජනතාව අසති. රටේ ඉන්න අංක එකේ පල් මෝඩයන්, තක්කඩින් හා දුෂ්ටයන් එහි යවන්නේ මේ රටේ මහජනතාවයි. 


Read: Budget show of the ruling mob of Sri Lanka

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මේ 'ලැජ්ජයි' කියල බෝඩ් අල්ලපු එකේ තේරුමකුත් තියෙනවා.

    තානාපතිලටත් එන්න කියල , ටී වී කැමරාත් අල්ලලා චන්ඩි දාල වයසක මිනිස්සුන්ට ගස්සන්න මෙයාට ලජ්ජා නෑ. පස්සේ දවසක අර තානාපති වරු හමුවුනාම මූණ දෙන්නත් ලජ්ජාවෙන එකක් නෑ.

    මං හිතන්නේ විපක්ෂෙට කියන්න ඕනවෙන්න ඇත්තේ මෙහෙම අයෙක් අපේ රටේ නායක වීම ගැන ලැජ්ජයි කියල වෙන්න පුළුවන්.

    ReplyDelete
  2. yako may ratay jeewath wena ekath lajjai!!!!

    ReplyDelete
  3. මම මෙතනදි දකින්නේ මෙහෙමයි. ඔතන ඉන්නේ ඔබ සඳහන් කරන වර්ගයේ පුද්ගලයන් බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මේ පාර්ලීමේන්තු සංස්කෘතියේ ඉතා වටිනා අවස්ථාවක්. අයවැයට සවන් දීලා, අවසාන බාගයේ මේ දේ කරන්න තිබුනා. ආන්ඩුවේ මැරයෝ වගේම. ඉල්ලං කන්න හදන ජයලත් ලටත් විනයක් නෑ. පාර්ලිමේන්තුවේ විරෝධතා දක්වන්න ගියේ ලිප්ටන් එකට සෙනග 10,000 ගෙන්න නොහැකි නිසාද දන්නේ නෑ. කොහොම හරි අලි ටික එකට හිටපු එක ලිකු දෙයක්. ඒත් මේකත් රනිල් ගේ කුමන්ත්‍රනයක් කියලා. සිරස අද කිව්වොත් ඒ ගැන පුදුම වෙන්නත් එපා. විරෝධය ගැන ලීක් වෙලා තිබුන නිසා නේ ලොක්ක එන ගමන්ම නිව්ස් එක දීගෙන ආවේ.

    ReplyDelete
  4. මෙන්න බලන්න ආණ්ඩුවේ නියම තත්වය
    http://youtu.be/tWz367iJeq0

    ReplyDelete
  5. Mewa mehema wenna one.Chandadayaka api mole kalandak netuwa gotrawadiwa ballanta chnadaya dunnama mehema thamai.Heta anidda mun ape gewalwalata ewith guti denakota thamai mole pedenne.Etakan api(Bahutaraya) tanakola kamu.(

    ReplyDelete
  6. modayo wadipurama inna tena me wage deyak wunata ganan ganna epa

    ReplyDelete
  7. අධ්‍යාපන නියෝජ්‍ය ඇමති විජිතමුනි සොයිසා විපක්ෂයට පහර දු‍න්නේ පොතකිනි.
    මූ වෙලාවට ගොඩ නැඟිලි ඉදිකිරීම් ඇමති නොවුනේ. එහෙම වුනා නම් ගහන්නේ ගඩොල් බාගෙකින්

    ReplyDelete
  8. කොහොමත් ලංකාවේ පාර්ලිමේන්තුවේ තත්වය දවසින් දවස බල්ලට ගියා.මහින්දයා ආවාට පස්සේ පාර්ලිමේන්තුව බලු රජාටම ගියා.

    ReplyDelete
  9. ජන රංචු හැසිරීම (Mob Rule) රට පාලනය කරන තැනට පැමිණීම සිදුවෙලා දැන් බොහෝ කල්...දුර දිග නොබැලීම...හැඟීම් ආවේග වලට යටවීම...නොඉවසීම...විරුද්ධ මත වලට ඇහුම් කන් නොදීම...තමන් පමණක් හරි යයි සිතීම...මේවා දැන් පාලනය ගෙන යාමට හොඳ ක්‍රම වේද වෙලා...නිදහස් සාකච්චාව වෙනුවට මිනිසුන්ගේ හැඟීම් අවුස්සන...ජාතිවාදය...ආගම්වාදය...කුල වාදය...පන්ති ක්රෝදය...බලය ගැනීමටත් බලයේ සිටීමටත් යොදා ගන්න ගත්ත දා ඉඳල...රංචු තම රට පාලනය කරන්නේ...බන්ඩෝ උඹ බල්ලෝ ලිහුව කියල...ජෝන් කොතලවල කිවේ මේක ගැන කියල මට හිතෙනවා...දැන් තියෙන්නේ එහි පරි සමාප්තියට පැමිණීම...දේශපාලනය ක්රිමිනල් ක්‍රියාවක් බවට පෙරලීමට ජේ ආර් හැත්තෑ හතේ දී ගත පියවර දැන් එහි මස්තකයටම පැමිනිල...ඉස්සර අපරාධ කාරයෝ කුඩු කාරයෝ කස්සිප්පු කාරයෝ ඉස්සරහට දාල දේශපාලකයෝ හිටියේ පිටි පස්සේ දැන් උන් කෙලින්ම පාර්ලමේන්තු ඇවිල්ල...පන්සලේ ඉන්ඩ ඕන හාමුදුරුවරුන්ද ගුටි කකා උන් එක්ක එක ගෙයි කනවා...මේක දැන් හැම තැනකම තියනව...ජනතාව අතරට ප්‍රජා හැඟීම ගෙන යන්න ඕන...ජනයාගේ සිවිල් අයිතිවාසිකම් රකින්න ඕන ආයතන වන...උසාවිය...විශ්විද්‍යාලය...පාසැල...ජන මාධ්‍ය...කලාව...කියන තැන වලටත් මේක පැතිරිලා...බඩ ගොස්තරය සඳහා දේශපාලකයන්ට කැහීම තමා ලෝකේ තියන ලොකුම සැප සම්පත වෙලා...මේක පෙරලන්න ඒ වගේම හැසිරෙන විපක්ෂයකට බැහැ....

    ReplyDelete
  10. මාතලන් කිව්ව දේ අද වුණානෙ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා