සුදු කොඩි නඩුවේ අවසන් අවාසිය රාජපක්ෂලාට ය / Final disadvantage of white flag case is to Rajapaksas

රට තුළදී ආණ්ඩුවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කිරීමට තරම් දිරිමත් වන අය මුහුණ දෙන අනතුර සුදු කොඩි නඩු තීන්දුවෙන් පෙන්නුම් කෙරෙන බව කොළඹ BBC වාර්තාකරු පවසා ඇත. 


යුද අපරාධ චෝදනා වනාහි ආණ්ඩුවේ නායකයන්ට ජාත්‍යන්තර වශයෙන් නිරතුරුව ම පවතින භයානක තර්ජනයකි. 


සුදු කොඩි රැගෙන යටත් වීමට පැමිණෙන කොටි නායකයන්ට වෙඩි තබා මරා දමන්නැයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එවකට බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාට උපදෙස් දුන් බව තමන්ට පුවත්පත් කලාවේදියකුගෙන් දැගනගන්නට ලැබුණු බව හිටපු හමුදාපකි සරත් ෆොන්සේකා සන්ඩේ ලීඩර් මාධ්‍යකාරිනී ෆ්‍රෙඩ්රිකා ජෑන්ස්ට ප්‍රකාශ කර ඇති බව දැන් ලංකාවේ අධිකරණය පිළිගෙන ඇත. 


එම ප්‍රකාශය සත්‍ය ප්‍රකාශයක් ද නැද්ද යන්න මෙම නඩු විභාගයේදී සලකා බැලුණේ නැත. 


මෙම නඩු තීන්දුව ලංකාවේ පාලකයන්ට එරෙහිව යුද අපරාධ චෝදනා  නඟන්නන්ට වැදගත් සාධකයක් විය හැකි ය. 


අදාළ වකවානුවේ හමුදාපති වැනි වගකිව යුතු තනතුරක් හෙබවූවකු එවැනි ප්‍රකාශයක් කළ බව නීතිය ඉදිරියේ ඔප්පු වී ඇති පරිසරයකදී එම ප්‍රකාශයේ සත්‍යාසත්‍යභාවය විමසීමේ පරීක්ෂණයක් සඳහා පැහැදිලි යුක්තියුක්තභාවයක් ඇති වේ. 


වෙනත් වචනවලින් කියනවා නම්, ලංකාවේ යුද අපරාධ පිළිබඳ පරීක්ෂණයක් ඉල්ලා සිටින පිරිස්වලට මෙම නඩු තීන්දුව ශක්තියක් සපයන බව අපේ අදහසයි. 


එසේම, ආණ්ඩුවේ උගත් පාඩම් කොමිසම ඉදිරියේ සාක්කි විමසීම සිදු වූයේ සාක්කි දෙන්නන් සඳහා ආරක්ෂිතභාවය පිළිබඳ විශ්වාසයක් නො තිබුණු පරිසරයක බව හා එයින් නිසි සාක්කි විභාගයක් සිදු නො වූ බවට ඇති තර්කයට ද මෙම නඩු තීන්දුවෙන් තටු ලැබේ.


සරත් ෆොන්සේකා නඩු තීන්දුවෙන් පසු අධිකරණයේදී මෙසේ පවසයි. "සුදු කොඩි නඩුවේදී මාධ්‍යවේදියකුගෙන් මට ආරංචි වුනා යැයි කියා පමණයි මා කියා ඇත්තේ. එවැන්නක් සිදුවුනාද නැත්ද යන්න සොයා බැලීම අධිකරණයේ වගකීමයි."


අවසානයේ සරත් ෆොන්සේකා ද තමන් එම ප්‍රකාශය කළ බව පිළිගෙන ඇති අතර එම ප්‍රකාශය පිළිබඳ පරීක්ෂණයක සාක්ෂිකරුවකු වීමේ සූදානමක් ද ප්‍රකාශ කර තිබේ. 


"යුද අපරාධ සිදු වූ ක‍්‍රිෂාන්ති කුමාරස්වාමි, බිඳුනුවැව, ඇඹිලිපිටිය සිසු ඝාතනය වැනි සිදුවීම් වලදී හමුදා නිලධාරීන්ට එරෙහිව ක‍්‍රියා කළා. ඒ ගැන ජනතාව කතා කළා. එසේ කතා කළ පුද්ගලයන්ට එරෙහිව මෙසේ නඩු දාලා නෑ. මින්පසුව එවැනි සිදුවීමක් ගැන කතාකරන ජනතාවට පවා නඩු දමා සිරගත කළ හැකියි," යි හේ පවසයි. 


අපගේ නිරීක්ෂණය වන්නේ මෙම නඩු තීන්දුව හේතු කරගෙන ලංකාවේ පාලකයන් තවත් අවුලකට ඇදී යන බවයි. 


යුද්ධයෙන් පසු දෙමළ සමාජය සමග සංහිඳියාව ඇති කර ගන්නට පියවර ගන්නවා වෙනුවට සිංහල ප්‍රතිවාදීන් සමග ද ගැඹුරු ගැටුමක් ඇතිකර ගැනීමෙන් රාජපක්ෂ පාලනය සිදු කර ගන්නේ තමන්ට ම නරකක් බව උපේක්ෂාවෙන් යුතුව පවසමු. 


සරත් ෆොන්සේකා සමග දේශපාලන වේදිකාවේදී අභිමුඛ වන්නට ආත්ම ශක්තියක් ඇති කර ගත්තා නම් සමහරවිට මීට වඩා හොඳ වන්නට ඉඩ තිබිණි.


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. "සරත් ෆොන්සේකා සමග දේශපාලන වේදිකාවේදී අභිමුඛ වන්නට ආත්ම ශක්තියක් ඇති කර ගත්තා නම් සමහරවිට මීට වඩා හොඳ වන්නට ඉඩ තිබිණි."- ඒක නම් හරියට ම හරි

    ReplyDelete
  2. ඔබ හරි. නමුත් ප්‍රශ්නය මේ දේ තේරුම් කර දෙන්න, අසුහාරදාහක් උපදේශකයින් අතරෙන් එකෙක්වත් නැද්ද කියන එක. මෙයින් සතුටු වන පිරිස් තුනකුත් ඉන්නවා. එක පාලක පන්තිය, දෙක දෙමළ ඩයස්පෝරාව. තුන චැනල් ෆෝ. දෙවන් පිරිස හා තුන් වන පාර්ෂවය ගෙන යන සටනට ජීවයක් අළුත්කඩේ වීරයන් දී තිබෙනවා.

    ReplyDelete
  3. it seems like MR & Co involve with endless troubles where there is NO RETURN -- people who plant "hate" seeds in the society and they get harvest same "Hate" from the society --- there were many rulers in world like MR and worst than him and all vanished with out a trace, GOOD LUCK Mr President

    ReplyDelete
  4. නිවැරදියි අදහස. සරත් ෆොන්සෙකාට මිටවැඩිය ආත්ම ශක්තියකින් යුතුව මුහුන දුන්නා නම් එය නියම නායකත්වයක ලක්ෂන. මෙ අවුරුදු 40 ක් දෙශපාලනය කරලා ඉගෙන ගත්තු කපටිකමයි, පුහුගර්වයයි. අධිකරණය ගැන මිනිස්සුන්ගෙ තියන විස්වාසය තවදුරටත් කඩන් වැටුනා. මිනිස්සු කලින් පොලිස්සියට ගියෙ නැහැ. අද ඉදන් අධිකරණයටත් එ ටිකමයි.

    ReplyDelete
  5. යුද්ධයෙන් පසු දෙමළ සමාජය සමග සංහිඳියාව ඇති කර ගන්නට පියවර ගන්නවා වෙනුවට සිංහල ප්‍රතිවාදීන් සමග ද ගැඹුරු ගැටුමක් ඇතිකර ගැනීමෙන් රාජපක්ෂ පාලනය සිදු කර ගන්නේ තමන්ට ම නරකක් බව උපේක්ෂාවෙන් යුතුව පවසමු.

    ReplyDelete
  6. රාජපක්ෂ පාලනය සිදු කර ගන්නේ තමන්ට ම නරකක් බව උපේක්ෂාවෙන් යුතුව පවසමු.


    සරත් ෆොන්සේකා සමග දේශපාලන වේදිකාවේදී අභිමුඛ වන්නට ආත්ම ශක්තියක් ඇති කර ගත්තා නම් සමහරවිට මීට වඩා හොඳ වන්නට ඉඩ තිබිණි.

    very correct.

    ReplyDelete
  7. සරත් ෆොන්සේකා සමග දේශපාලන වේදිකාවේදී අභිමුඛ වන්නට ආත්ම ශක්තියක් ඇති කර ගත්තා නම් සමහරවිට මීට වඩා හොඳ වන්නට ඉඩ තිබිණි. 100% true

    ReplyDelete
  8. Kudu wikunana rata winasakarana Dumindata nadu danne neha. Rata jathiya beragaththa Hamudapathita nadu dala here demma. meka Bayanaka siduweemak. Ekadipathibawaya pennum karanawa. There have been more vedio clips about killing white falg people during the LTTE last stage of war. Now by giving lots of publicity of this syudid case, government has shown it is true that Gota has given orders to Kill White flag tamil people.

    ReplyDelete
  9. අධිකරණය පිළිඅරන් නෑ සුදුකොඩි ගෙනාපු උන්ට වෙඩිතිබ්බයි කියල , අධිකරණය පිළිගත්තෙ එහෙම ප්‍රකාශයක් සරත් ෆෝන්සේකා කරයි කියල. ප්‍රකාශයේ සත්‍ය අසත්‍ය තාවය නොව වැරැද්ද , එහෙව් ප්‍රකාශයක් කර ජාතීන් අතර අසමගියක් , විරසකයක් මෙන්ම රාජ්‍ය ද්‍රෝහී ක්‍රියාවක් සිදුකිරීමයි

    ReplyDelete
  10. "සරත් ෆොන්සේකා සමග දේශපාලන වේදිකාවේදී අභිමුඛ වන්නට ආත්ම ශක්තියක් ඇති කර ගත්තා නම්"

    100% TRUE.

    ReplyDelete
  11. "සරත් ෆොන්සේකා සමග දේශපාලන වේදිකාවේදී අභිමුඛ වන්නට ආත්ම ශක්තියක් ඇති කර ගත්තා නම් සමහරවිට මීට වඩා හොඳ වන්නට ඉඩ තිබිණි."කියන කොටස කියවපුවාම කිහිප දෙනෙකුටම පොඩි ආතල් එකක් ඇවිල්ල වගේ නිසා මෑත අතීතය පොඩ්ඩක් මතක් කරන්න හිතුවා. සරත් ෆොන්සේකා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරේ ඉඳලා (පක්ශ) දේශපාලනේට සම්බන්ධ වීම සඳහා ඉල්ලා අස්වීමේ ලිපිය බාරදුන් විට මහින්ද රාජපක්ශ බොහොම කඩිනමින්ම එම ලිපිය පිළිඅරගෙන සරත් පොන්සේකාට ඉක්මනින්ම (පක්ශ) දේශපලනයට සම්බන්ධ වෙන්න ඉඩ දුන්නා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා