Posts

Showing posts with the label ෆ්‍රෙඩ්රිකා ජෑන්ස්

සුදු කොඩි නඩුවේ අවසන් අවාසිය රාජපක්ෂලාට ය / Final disadvantage of white flag case is to Rajapaksas

Image
රට තුළදී ආණ්ඩුවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කිරීමට තරම් දිරිමත් වන අය මුහුණ දෙන අනතුර සුදු කොඩි නඩු තීන්දුවෙන් පෙන්නුම් කෙරෙන බව කොළඹ BBC වාර්තාකරු පවසා ඇත.  යුද අපරාධ චෝදනා වනාහි ආණ්ඩුවේ නායකයන්ට ජාත්‍යන්තර වශයෙන් නිරතුරුව ම පවතින භයානක තර්ජනයකි.  සුදු කොඩි රැගෙන යටත් වීමට පැමිණෙන කොටි නායකයන්ට වෙඩි තබා මරා දමන්නැයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එවකට බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාට උපදෙස් දුන් බව තමන්ට පුවත්පත් කලාවේදියකුගෙන් දැගනගන්නට ලැබුණු බව හිටපු හමුදාපකි සරත් ෆොන්සේකා සන්ඩේ ලීඩර් මාධ්‍යකාරිනී ෆ්‍රෙඩ්රිකා ජෑන්ස්ට ප්‍රකාශ කර ඇති බව දැන් ලංකාවේ අධිකරණය පිළිගෙන ඇත.  එම ප්‍රකාශය සත්‍ය ප්‍රකාශයක් ද නැද්ද යන්න මෙම නඩු විභාගයේදී සලකා බැලුණේ නැත.  මෙම නඩු තීන්දුව ලංකාවේ පාලකයන්ට එරෙහිව යුද අපරාධ චෝදනා  නඟන්නන්ට වැදගත් සාධකයක් විය හැකි ය.  අදාළ වකවානුවේ හමුදාපති වැනි වගකිව යුතු තනතුරක් හෙබවූවකු එවැනි ප්‍රකාශයක් කළ බව නීතිය ඉදිරියේ ඔප්පු වී ඇති පරිසරයකදී එම ප්‍රකාශයේ සත්‍යාසත්‍යභාවය විමසීමේ පරීක්ෂණයක් සඳහා පැහැදිලි යුක්තියුක්තභාවයක් ඇති වේ.  වෙ...

ෆ්‍රෙඩ්රිකා ජෑම් ගයන සුදු කොඩි සිංදුව

Image
( 2010 ඔක්තෝබර් 08,  W3Lanka )  මේ ගීතයේ පැරණි ගායනය එම්. එස්. ප්‍රනාන්දු ය. එහි වූයේ සමරු පොතේ පිටු ගැලවී සුළ‍ඟෙ දුවනවා සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහි වෙනවා ආදී වශයෙනි.  ඒ තනුවට දැන් මේ ගීය ගයන්නේ ෆ්‍රෙඩ්රිකා ජෑම් විසිනි. සිංදුව සජීවීව අහන්න අලුත්කඩේ රඟහල පැත්තේ යන්න.  සට(හ)න් පොතේ පිටු ගැලවී සුළ‍ඟෙ දුවනවා පිටු ගැලවුණ හැටි දන්නේ නැතැයි කියනවා පිටු ගැලවෙනවා - රට පැටලෙනවා  රට පැටලෙනවා -  පිටු ගැලවෙනවා ෆොන්සේකා ජම්පර් ඇඳ සිටිනු පේනවා පාන්දරින් තැටිය අරන් පෝලිමෙ යනවා විසිල් එකට බාල්දියෙන් නානු පේනවා නානු පේනවා - සරතා නානු පේනවා// ෆොන්සේකා මරු ළඟට ම යනව පේනවා මා එක්කල රාජපක්ෂ හිනා පානවා මුන් ඔක්කොම එක රොත්තට කෙළව ගන්නවා කෙළව ගන්නවා - ඔක්කොම කෙළව ගන්නවා// ජම්පර් එක ඇඳ ගත්තම හැඩට පේනවා හේග් නුවර යන කට්ටිය රුවට පේනවා  මොකා කොතන ගියත් මොකද මං සැනසෙනවා  හොඳට නානවා - කට්ටිය හොඳට නානවා// ටේප් රෙකෝඩරය යාලුවෙක් අරන් ගිහින් නිසා ගීතය පටිගත කරන්නට බැරි විය. පැරණි ගීතය අහන්න කැමති නම් මෙතනින් බාගත හැකි ය.  Bookmark, remember easily and co...

සරත් ෆොන්සේකාගේ වැලිකඩ වයික්කාල්, ෆ්‍රෙඩ්‍රිකා ජෑන්ස්ගේ ද්විත්ව රංගන, සළු උනා පෑම් හා දෙපා යටින් කැණෙන වලවල්

Image
( 2010 ඔක්තෝබර් 05,  W3Lanka )  කොටි සංවිධානයත්, රජයේ හමුදාත් අතර යුද්ධයේ අවසන් අවධිය නිරීක්ෂණය කරන යාපනය විශ්වවිද්‍යාලයේ මානව හිමිකම් පිළිබඳ ආචාර්යවරු සංවිධානය පවසන්නේ දෙපාර්ශවයට ම යුදමය ආධිපත්‍යය සඳහා යතුර තිබුණේ දක්ෂ යුද මූලෝපායන් තුළ නොව මුළු හිතින් ම පෞද්ගලික බලය හඹා ගිය නායකයන් විසින් සිවිල් වැසියන්ගේ හා සටන්කරුවන්ගේ ජීවිත ආරක්ෂාව එක ලෙස නො තකමින් ගෙන ගිය ක්‍රියාකලාපය තුළ බවයි. (For both parties, the key to military dominance lay not in brilliant strategies, but in an utter disregard for the lives of civilians and combatants alike, driven by their leaders’ single-minded pursuit of personal power.) යුද්ධය අවසන් විය. කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය වූ අතර දේශපාලනමය වශයෙන් දැඩි පසුබෑමකට ලක් විය. ලංකාවේ ජනවාර්ගික යුද්ධයේ අවසානය මේ අන්දමින් සිදු වීම ඉතිහාසයේ තේරීමකි. අප එසේ කියන්නේ සියලු සිදු වීම් පෙළ ගැසුණේ මෙවැනි අන්තයක් දෙසට යොමු වී බැවිනි. එහි වගකීම යුද්ධයේ දෙපාර්ශ්වය විසින් භාර ගත යුතු ය.  සාමාන්‍යයෙන් අප කැමති ප්‍රභාකරන්ටත්, රාජපක්ෂ පවුලටත් වගකීම පටවන්නට ...

'ඒ කට්ටිය' ලංකාවේ පළමු පුවත්පත් කලාවේදී ගැහැනිය මරන්නට සැලසුම් කරති?

Image
(2009 ඔක්තෝබර්  26 - W3Lanka ) රජය දැඩි ලෙස විවේචනයට ලක් කිරීම නිසා කර්තෘ ලසන්ත වික්‍රමතුංග මරා දැමීමට ලක් වූ සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ෆ්‍රෙඩ්රිකා ජෑන්ස් හා ප්‍රවෘත්ති කර්තෘ මුන්සා මුෂ්ටාක් යන මහත්මීන් නමට රතු තීන්තෙන් ලියන ලද මරණ තර්ජන ලිපි දෙකක් එම පුවත්පතේ කාර්යාලයට ලැබී ඇති බව වාර්තා වේ. ඔක්තෝබර් 22දා ලැබුණු මෙම ලිපි තැපැල් කර ඇත්තේ ඊට පෙර දිනයේ බව එම පුවත්පත කියයි.  ලිපි අඩංගු වූ සුදු පැහැති කවර දෙකේ ම ලිපිනයේ කටුකුරුන්දවත්ත පාර යන්න ලිවීමේදී 'කටුකුරුන් ඩ වත්ත පාර' ලෙස ද යන්න වෙනුවට ඩ යනුවෙන් ලියා ඇත. සාමාන්‍යයෙන් ජෑන්ස් යනුවෙන් ශබ්ද කරන කර්තෘවරියගේ නම ජාන්ස් යයි ලියා තිබීම ද තවත් විශේෂත්වයකි. ලසන්ත වික්‍රමතුංග ඝාතනයට පෙර ද මෙවැනි ලිපි ඔහුට ලැබී තිබිණි.  පුවත්පත් කලාවේදිනියක් මරන්නට ලංකාවේ මෙවැනි ඝාතන කරන අය තව ම 'සමත්' වී නැත. පසුගිය සැප්තැම්බරයේදී නාඳුනන පිරිසක් සන්ඩේ ලීඩර් පළ කරන ආයතනයේ ම ඉරුදින පුවත්පතේ මාධ්‍යවේදිනී ඩිලීෂා අබේසුන්දරගේ නිවසට බලහත්කාරයෙන් කඩාවදින්නට උත්සාහ කළ අතර, ජුනිමාසයේදී ඉනටර්නිව්ස් ආයතනයේ සේවය කරන ක්‍රිෂ්ණි ඉෆාම් නාඳුනන පිරි...