Posts

Showing posts from April, 2016

කුමාර් ගුනරත්නම්, දේශපාලන අරගල හා නීතිය

Image
මෙයත් දේශපාලන කාරණාවක සිට නීතිමය කාරණාවක් බවට පෙරළිය හැකි සිද්ධියක් ද?  අජිත් පැරකුම් ජයසිංහ - 2016 - 05 - 01 රාවය පුවත්පත කුමාර් ගුනරත්නම් සිද්ධිය විසින් වැදගත් දේශපාලන සංවාදයක් මතු කර තිබේ. එම සංවාදය මතු වන ප්‍රධාන තල දෙකක් තිබේ. එකක් නීතිමය තලයයි. අනෙක වාම දේශපාලන තලයයි. වඩාත් ම ප්‍රතිපක්ෂ වන්නේ මේ තල දෙක අතර ඇති වන සංවාදයයි. නීතිමය තලය නිරූපණය කිරීම සඳහා ගාමිනී ඒකනායක විසින් සමාජ ජාල හරහා මතු කරන ලද මෙම අදහස් දැක්වීම සැලකිය හැකි ය. මෙතන ගැටළුවක් තියෙනවා. කුමාර් ගුනරත්නම් ඔස්ට්‍රේලියාවට පැනගියේ ජීවිත ආරක්‍ෂාවට කියමුකො. එහෙනං එයා ඉන්න ඇත්තේ refugee visa යටතේ වෙන්න ඕනෙන. අනිත් පැත්තෙන් තියෙන කතාවට අනුව එයා ගියේ බිරිඳගේ sponsorship හරි family reunion වැනි පදනමකට නං එයාට උපරිම ලැබෙන්නේ permanent resident visa නෙ. ඒ visa එකේ පැහැදිලිවම සඳහන්වෙනවා ඉන්න පුලුවන් කාලය indefinite කියල. ඒක දෙන්නෙත් multiple entry වලට. එහෙමනම් ඇයි එයා citizenship apply කලේ. නිකම්ම ඔස්ට්‍රේලියානු රජය අනේමේක ගන්නම please කියල citizenship දෙන්නෙ නැහැ. නියමිත නීත්‍යානුකූල ක්‍රියාවලියක් සම්පූර්න කිරීමෙන්

වරලත් විචාරකයන්, කියවන්නන් හා සිතන්නන් ගැන මගේ රසවින්දනය

Image
මම වරලත් විචාරකයෙක් නොවන බව මුලින් ම කිව යුතු ය. මා ලියන්නේ මා නරඹන කලා කෘතිවලින් මා විඳින රසය ගැන ය. එය මගේ තරමට අනුකූල එකකි. මට නම් හිතෙන්නේ විචාරය කියන්නේත් ඒ රෙද්ද ම තමා කියා ය. එහෙත්, නූගත් පොදු ජනතාව වන අපි විචාර ලියනවා කිව්වා ම ඇතැමුන්ගේ පුක නලියයි.  ලයිසන් ගත් විචාරකයන් යයි තමන් ගැන සිතා සිටින අය ගැන ද මට රසවින්දනයක් තිබේ. ඔවුන් කරන්නේ පොත් කියවීම, පොත් කියවනවාට වඩා තමන් කියවනවා යයි කියවීම, පොත්වලින් කෑලි අහුලා ගැනීම, ඒවා වෙනත් තැන්වල කොපි පේස්ට් කිරීම, අපට හමු වන සමාජ ප්‍ර‍ශ්න ඒ පොත්වල තිබුණු දේවලට අනුකූලදැයි පරීක්ෂා කිරීම, එයට අනුකූල නම් හරි දැමීම හා නැතිනම් වැරදි දැමීමයි.  මම වෘත්තියෙන් ලේඛකයෙක්මි. පරිවර්තකයෙක්මි. මගේ වෘත්තිය වෙනුවෙන් මම අඩු තරමේ දිනකට පැය දහයක්වත් කියවමි; ලියමි. කාගේවත් නිර්දිෂ්ට ග්‍ර‍න්ථ කියවීමේ උවමනාවක් මට නැත. මා කියවන්නේ මට උවමනා යයි මට හිතෙන දේවල් ය. නිර්දිෂ්ට ග්‍ර‍න්ථ කියවන අය නො කියවන බොහෝ දේ ද මම කියවමි. ඒ කිසිවක් මතක තබා ගන්නට මම විශේෂ උත්සාහයක් නො ගනිමි. එක එකා ලියන විකාරවලින් මගේ ඔලුව පුරවාගන්නට මට විශේෂ අමාරුවක් නැත. මගේ සිත මම හිස්ව තබා ග

මහජන මුදලින් මෝටර් සයිකල් හිඟන මාධ්‍ය මළ පෙරේතයෝ

Image
කියන ආකාරයට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දැක්ම වන්නේ දැනුම සහිත, බහුත්වවාදී සහ ක්‍රියාශීලී සමාජයකි. එහි මෙහෙවර ප්‍රකාශයේ සිංහල පරිවර්තනය මෙසේ ය: “මහජන හිතවාදී, සංවර්ධනය වෙත නැඹුරු වූ, නිදහස් හා වගකීමක් සහිත ශ්‍රී ලාංකික මාධ්‍ය සංස්කෘතියක් වෙනුවෙන් ප්‍රතිපත්ති හා මූලෝපායන් ගොඩනැගීම, පහසුකාරකත්වය, ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය හා ඇගයීම.” (පරිවර්තනය අපගේ ය) මාධ්‍යකරුවන්ට පගා දීම මේ කියන කාරණාවලට ඇතුළත් වන්නේ නැත.  2015 වසර වෙනුවෙන් යතුරුපැදි ලබා ගැනීම සඳහා තෝරා ගන්නා ලද මාධ්‍යවේදීන්ගේ නාම ලේඛනය ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළ වී තිබේ. එම ලේඛනය බැලීම සඳහා මෙතැනින් පිවිසෙන්න. එහි රසවත් තොරතුරු රැසක් ඇතුළත් වේ. ඇත්තම කියනවා නම්, මේ රටේ මාධ්‍යකරණයේ යෙදෙන මාධ්‍යකරුවන්ට වඩා මෝටර් බයිසිකල් මාධ්‍යකරුවන් වැඩි බව පෙනේ.  බීබීසී සිංහල සේවය යනු ප්‍රියත් ලියනගේගේ කාලයේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, රටේ මානව හිමිකම්, පාරදෘෂ්‍යභාවය, අරක - මේක හැම එක ම උපරිමයෙන් ප්‍රශ්න කළ එකකි. එහෙත්, වාමාංශික නැඹුරුවක් ඇති එවුන්ගේ ඓන්ද්‍රිය දෙබිඩිකම ප්‍රදර්ශනය කරමින්, බ්‍රිතාන්‍යයේ ජීවත

උගුර බ්‍රැන්ඩි වන මැයි දින ආතල් එකට පෙර

Image
ලංකාවේ මෙම දේශපාලන මොහොත ඉතා වැදගත්. ආර්ථිකය තිබෙන්නේ ඉතා දුෂ්කර තත්වයක. ආර්ථිකය කඩා වැටුණොත් ලංකාවේ ඇති වන දේශපාලන අර්බුදය තුළින් කිසිදු ප්‍රගතිශීලී දෙයක් මතු වේ යයි සිතන්නට බැහැ. එයින් ඵල නෙළා ගන්නට ඉඩ තිබෙන්නේ ජාතිවාදීන්, ප්‍රජාතන්ත්‍ර විරෝධීන් ප්‍රමුඛ දක්ෂිණාංශික අන්තවාදීන්. ලංකාවේ වම තිබෙන්නේ ඉතිහාසයේ වැඩිම පරිහාණියකට ලක් වූ යුගයක. ඔවුන්ට ලංකාව වැනි සංකීර්ණත්වයක් සම්බන්ධයෙන් මැදිහත් වීමේ සාමූහිකත්වය හා බුද්ධිමය සහ කෞශල්‍ය ධාරිතාවන් වර්ධනය කර ගන්නට බැරි වී තිබෙන්නේ එකිනෙක කණ්ඩායම් අතර ඇති ස්වෝත්තමවාදී ගැටුම් නිසායි. වාමාංශික ස්වෝත්තමවාදය කියන්නේත් ජාතිවාදය වැනි ම වන විනාශකාරී තත්වයක්.  උදාහරණයක් ලෙස මේ මොහොතේ පවා වාමාංශික ස්වෝත්තමවාදීන් තමන්ගේ කලර්ස් පෙන්නන්න කරන, කියන, ලියන දේ සලකා බලන්නට පුළුවන්. පස්ස කහගන්න නියපොත්ත නැතත්, කතාව නම් හෙට විප්ලවය කරනවා වගේ. වමේ කෙරුවාව මැයි දිනේට ගහන වේදිකා සැරසිල්ල වගේ ඇතුළාන්තය හිස් එකක්. හැමදාම වගේ මෙවරත් ඔවුන් අවසානයේදී සේවය කර තිබෙන්නේ ජාතිවාදී, ප්‍රජාතන්ත්‍ර විරෝධී බලවේගවලට වෙන්නට පුළුවන්. හරියට 2005දී වගේ. අවුරුදු දහයක් විතර සමාජය

කඩාකප්පල්කාරී ජනතාවක් එක්ක සමාජය වෙනස් කිරීමේ අරගල

Image
ගම්වල මහින්දවාදීන් කියන්නේ ඇත්තෙන් ම අමුතුම බුවාලා ටිකක්. පහුගිය දිනවල මං කතා කරපු ඇතැමෙක් හරියට අයියෙස්කාරයෝ වගේ. පෝලියෝ එන්නත දෙන එක වළක්වන තලේබාන්කාරයෝ වගේ. නැතිනං මරාගෙන මැරෙන කොටි වගේ.  මේක තේරුම් ගන්න ඕනැ තත්වයක්. උන් ඉන්නෙ බද්ධ වෛරයෙන්. උන් මුළු රටටම වෛර කරනවා. බලාගෙන ඉන්නෙ රටට කෙළවෙනකල්. බුද්ධිමත් එවුන් ආර්ථිකය කඩා වැටෙනකල් බලන් ඉන්නවා. ඒවා ගැන නො දන්න එවුන් බලන් ඉන්නේ කොටි යළි නැගිටිනකල්. රට කැඩෙනකල්. මේ වෙනකොට විග්නේශ්වරන් උන්ට දෙයියන් වගේ.  උන් එක්ක කතා කරන්නත් බැහැ. අසූහාරදාහට නගිනවා. මොන දේ පැහැදිලි කරන්න හැදුවත් කියන්නේ ‘හරි බලමුකෝ. අපිත් ඉන්නෙ මෙහේනේ.' වැඩේ කියන්නේ ගම්වල ඉන්න මේ වගේ මහින්ද පිස්සන්ගෙන් ඇතැමෙකුට මහින්දගෙන් ලැබුණු අලගෙඩියකුත් නැහැ. මහින්දගේ කාලෙ රජයෙන් කඩා වඩා ගත්ත එවුන්ට උන්ට තරම් අමාරුවකුත් නැහැ. උන් බලන්නෙ මේකෙනුත් ඒ වැඩේ ම කර ගන්නනේ. මුන්ගේ මහින්දවාදය කුළු ගැන්වෙන පොයින්ට් එක තියෙන්නේ දෙමළුන්ට කෙළවීම කියන සාධකය ඇතුළෙ. ඒක බෙහෙත් නැති ලෙඩක්.  මේ මට්ටමේ සමාජ විරෝධයකින් පෙළෙන තවත් කොටස් ඉන්නවා. කණගාටුවෙන් වුණත් කිව යුතු දෙයක් තමයි වාමාංශික අන්

රට ගැන මධ්‍යම පංතිය වග වීම වැදගත්

Image
අජිත් පැරකුම් ජයසිංහ ( 2016-04-24 සිළුමිණ පුවත්පතට ලියන ලද ලිපියකි. ) මැයි මාසයේ සිට වැට් බද්ද හෙවත් වටිනාකම එකතු කිරීමේ බද්ද 15% දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබේ. එසේම, බදු පනවන ක්ෂේත්‍ර ද පුළුල් කර තිබේ. කලින් වැට් වැට් බද්දෙන් නිදහස් වූ අංශවලින් පවා වැට් බද්ද අය කරනු ලැබේ. එසේම, වැට් බදු අය කරන ආදායම් මට්ටම අඩු කර තිබේ. මාසයකට මිලියනයක පමණ පිරිවැටුමක් ඇති ව්‍යාපාරවලින් ද වැට් බදු අය කිරීමට තීරණය කර ඇත. ඊට අමතරව, 2%ක් වන ජාතිය ගොඩනැගීමේ බද්ද ද මාසයකට රුපියල් මිලියනයක පිරිවැටුමක් ඇති ව්‍යාපාරවලින් පවා අය කරනු ඇත. භාණ්ඩ හා සේවා රැසක මිළ විශාල වශයෙන් ඉහළ යනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. එයින් වැඩි ම පීඩනයකට ලක් වන්නේ කම්කරු පංතියයි. රජයේ සේවකයන්ට ලැබුණු වැටුප් වැඩි වීමට වැඩි මුදලක් අලුත් වියදම් ලෙස එකතු වනු ඇත. වැට් බද්ද වැඩි කිරීමේ තීරණය දැනුම් දුන් දිනවල ම කැබිනට් මණ්ඩලය විසින් තවත් තීරණයක් ගන්නා ලදී. ඒ වනාහි රජයේ සේවකයන්ට නව රජය විසින් වැඩි කළ රු. 10,000 දීමනාව කොටස් වශයෙන් වැටුපට එකතු කිරීමයි. රජය එසේ කරන්නට තීරණය කරන්නට ඇත්තේ ලංකාවේ ආණ්ඩුවල පැවැත්ම සඳහා මධ්‍යම පංතියේ

මතුගං ටවුමට වඩින බුදු හාංදුරුවො

Image
අද අපේ ගමේ අඩි 135ක් උස ය කියන බුදු පිළිමයක් නිරාවරණය වෙනවා ය. මතුගම ටවුම කියන්නේ මගේ ළමා කාලයෙන් වැඩි කාලයක් ගෙවුණු තැනකි. මං ඉගෙන ගන්නට ගියේ එකම එක ඉස්කෝලෙකට ය. එය මතුගම ආනන්ද ශාස්ත්‍රාලයයි. ඊට පස්සේ උගන්නන්නට නම් ඉස්කෝල දුසිමකට විතර ගොස් තිබේ. ඉගැන්නිල්ල අවසන් කළේ මතුගම ශාන්ත මේරියෙනි. එය ආනන්දයත් සමග අවුරුදු පනස් ගණනක් බිග් මැච් ගැසූ ඉස්කෝලයයි. ආනන්දයේ වෝටර් කැප්ටන්කම කර ඇති මම ශාන්ත මේරියේ ක්‍රිකට් මාස්ටරින්චාජ්කම කළෙමි. මගේ නිර්දේශය කෙටියෙන් කියන්නේ නම් මෙසේ ය: මේ පාසල් වෙන සෙල්ලමක් කළ යුතු ය.  පාසල්වාදයෙන් පිස්සු හදා ගන්න තරම් සිරා ඉස්කෝල මතුගම නැත. ඒවා නූතන අධ්‍යාපන සංකල්ප සමග ගැලපෙන, සාමාන්‍ය මිශ්‍ර‍ පාසල් ය. එහෙත්, පස්කුවල්ලා මුල් වී, ඔවුන්ට අයත් කඳු බෑවුමක හැදූ ආනන්ද ශාස්ත්‍රාලය අපට පොඩි කාලේ නියම ත්‍රාසජනක අත්දැකීම් සැපයූ ආතල් ම පාසලක් විය. එහි ගල් පල්ලෙන් වැටෙන්නේ නැතිව, අත පය කඩා ගන්නේ නැතිව, අවුරුදු 13ක් එහි ආ ගිය එකෙන් ම ජීවිතයට ලොකු අධ්‍යාපනයක් ලැබිණි. ඉගෙන ගත්තු දේවල් ද නැත්තේ ම නැත.  අපි පොඩි කාලේ දිය බිව්වේ උල්පත්වලට බට කොළයක් තියලා ය. ඉන්ටවල් එකට ඔන්චිලි

වැට් බද්ද හා මධ්‍යම පංතිය සුරතල් කිරීම

Image
මැයි මාසයේ සිට වැට් බද්ද හෙවත් වටිනාකම එකතු කිරීමේ බද්ද 15% දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබේ. එසේම, බදු පනවන ක්ෂේත්‍ර ද පුළුල් කර තිබේ. කලින් වැට් වැට් බද්දෙන් නිදහස් වූ සෞඛ්‍ය, විදුලි සංදේශ වැනි අංශවලින් පවා වැට් බද්ද අය කරනු ලැබේ. එසේම, වැට් බදු අය කරන ආදායම් මට්ටම අඩු කර තිබේ. මාසයකට මිලියනයක පමණ පිරිවැටුමක් ඇති ව්‍යාපාරවලින් ද වැට් බදු අය කිරීමට තීරණය කර ඇත. මේ අනුව ගමේ සිල්ලර කඩ පවා වැට් බද්දට අහු වනු ඇත. ඊට අමතරව, 2%ක් වන ජාතිය ගොඩනැගීමේ බද්ද ද මාසයකට රුපියල් මිලියනයක පිරිවැටුමක් ඇති ව්‍යාපාරවලින් පවා අය කරනු ඇත. මෙහෙම බදු එකතු කර ගැනීමක් කළ හැකි යාන්ත්‍රණයක්වත් රටේ තිබෙනවා ද යන්න සැක සහිත ය. එහෙයින් වංචනිකයන් බදු දැලෙන් රිංගා යද්දී අහිසංකයන් බදු බරින් බැට කන්නට ඇති ඉඩකඩ වැඩි ය. එසේම, සුළු ව්‍යාපාරිකයන්ට මෙම බදු ක්‍රම පිළිබඳ අවබෝධ කර දීම ද දුෂ්කර වනු ඇත. සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර මෙමගින් දැඩි අධෛර්යය කිරීමකට ලක් වනු ඇත. භාණ්ඩ හා සේවා රැසක මිළ විශාල වශයෙන් ඉහළ යනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. එයින් වැඩි ම පීඩනයකට ලක් වන්නේ කම්කරු පංතියයි. රජයේ සේවකයන්ට ලැබුණු ව

අප අතර සිටින සැබෑ සූරාකන්නන් හඳුනා ගනිමු: ධනවාදයේ කටු කන සුනඛයන් පිරිසක්

Image
ලංකාවේ වාමාංශිකයන් විශේෂයෙනුත්, පොදු සමාජයත් පොලිසියට වෛර කරන්නට කැමති ය. ඇතැමුන් පොලිස්කාරයන්ට බනින්නේ ධනපති පංතියේ කටු කන, පීඩිතයන් මත බුරා පනින බල්ලන් ලෙස හඳුන්වමිනි. පොලිසිය තරම් ම නිර්දය ලෙස පීඩිත අසරණයින්ට පහර දෙන, ඔවුන්ට මානසිකව ද අඩන්තේට්ටම් කරන, දූෂණ වංචාවල යෙදෙන තවත් පිරිසක් සිටිති. ඔවුන් අමානුෂික ලෙස පීඩාවට පත් කරන්නේ අසරණ දරුවන් ය. ඒ වනාහි විදුහල්පතිවරු හා ගුරුවරු ය. වාමාංශිකයන් ඔවුන් ධනවාදයේ කටු කන බල්ලන් ලෙස හඳුන්වන්නේ නැත. එහෙත්,  ඇත්තම කියනවා නම් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් යනු ධනවාදයේ නරක ම කටු කන බල්ලන් පිරිසකි. හේතුව සිංහල, බෞද්ධ, ගොවිගම, පිරිමි, ධනපති හා මධ්‍යම පංතික ආධිපත්‍යයෙන් යුත් ලංකාවේ ධනවාදී පාලන ක්‍ර‍මය ලංකාව මත පවත්වාගෙන යාමට අවශ්‍ය අන්දමින් ඉතා ම නරක ලෙස ළමා මනස විකෘති කර සමාජය හැඩගස්වන්නේ මෙම වෘත්තික කණ්ඩායම විසිනි. බලහත්කාරයෙන් ආගම් ඇදහීමට යොමු කිරීම, දරුවන් ලවා නිරතුරුව පාද නමස්කාර කර ගැනීම, දරුවන් දරුණු ලෙස ශාරීරික හා මානසික වධ බන්ධනයන්ට ලක් කිරීම වැනි කෘෘර ක්‍රියාවල මොවුහු නිරතුරුව නියැලෙති. එපමණක් නොව, නිසි ලෙස ඉගැන්වීමේ කාර්යය නො කිරීමෙන්

දියවැඩියාව දේශපාලන ප්‍රශ්නයක් ලෙස (දේශපාලනය අන් තැනක)

Image
දියවැඩියාව සෞඛ්‍ය ප්‍රශ්නයක් බව නො පිළිගන්නා කෙනෙක් නැත.  දියවැඩියාව ජනගහණ ප්‍ර‍ශ්නයක් ලෙස නම් වන ලිපියේ අරමුණ එය ජනගහණ ප්‍රශ්නයක් බව පෙන්වා දීමයි.  ඒ අනුව එය ජන විද්‍යාත්මක ප්‍රශ්නයක් ලෙස ද සැලකිය හැකි ය.  එය දේශපාලන ප්‍රශ්නයක් නො වේ ද? කුමාර් ගුනරත්නම්ගේ මව ඔහු දියවැඩියා රෝගියකු බව පැවසුවා ය. ප්‍රභාකරන් දියවැඩියා රෝගියෙකි.  ඇන්ටන් බාලසිංහම් මිය ගියේ දියවැඩියාව නිසා ඇති වූ රෝග නිසා ය.  දක්ෂිණාංශික, වාමාංශික, ලිබරල්, ජාතිකවාදී භේදයකින් තොරව ලංකාවේ බොහෝ දේශපාලන නායකයෝ දියවැඩියා රෝගීහු වෙති.  දියවැඩියාව ද HIV/AIDS වැනි සුව කළ නො හැකි රෝගයකි. දියවැඩියාව HIV/AIDSවලින් වෙනස් වන්නේ එය බෝ නො වන රෝගයක් නිසා පමණි.  දියවැඩියාව ද HIV/AIDS ද හේතුවෙන් මාරාන්තික රෝග තත්වයන් රැසක් ඇති වේ.  සුව කළ නො හැකි වුවත්, නිසි ප්‍රතිකාර ලබා ගන්නේ නම් දියවැඩියා රෝගීන්ට මෙන් ම HIV/AIDS රෝගීන්ට ද දිගු කලක් ජීවත් විය හැකි ය.  ලංකාවේ ජනගහණයෙන් පහෙන් එකක් දියවැඩියාවෙන් පෙළෙති. දේශපාලන නායකයන්ගෙනුත් අවම වශයෙන් පහෙන් එකක් දියවැඩියාවෙන් පෙළෙති. දියවැඩියාවට හේතු වන තත්වයන්ට වැඩිපුර නිරාව

බනානා සෝෂලිස්ට් රිපබ්ලික්

Image
අද උදේ වැඩට යන්න බස් එකකට නගින්න මාතර Beach Road එකේ පොල ඉදිරිපිට බස් නැවතුමට පැමිණි අපේ පාඨකයෙකු දැක ඡායාරූපයට නගන ලද දෙයක් මේ. මේ තමයි පසුගිය දිනවල ඔබ ඇතැමෙක් මිළ දී ගත් කෙසෙල් ගොඩවලින් ඉතිරි වූ හරිය. හොඳින් බලන්න ඒවායේ ස්වභාවය. ඒවා කුණු වී ඇති හැටි.  දෙවනුව කල්පනා කරන්න මෙසේ කෙසෙල් විකුණා සැලකිය යුතු ලාභයක් ගත් පේමන්ට් වෙළෙන්දන් තමන්ගේ සමාජ වගකීමේ කොටසක් වන පාරිසරික වගකීම ඉටු කර ඇති හැටි.  අපි සාමාන්‍යයෙන් කැමතියි සියලු වැරදි සම්බන්ධයෙන් දේශපාලකයන්ට බනින්න. නැතිනම් ධනපති පංතිය කියලා එකකට බනින්න. ඔවුන් දූෂිතයි, ජනතාව සූරා කනවා කියන්න. මේ පීඩිත පංතියේ වැඩ. මේ දූෂණය නෙමෙයි ද? කාබයිඩ් ගසා සෞඛ්‍යයට අහිතකර ලෙස ඉදවා මේ කෙසෙල් විකිණූ අය කළේ සූරාකෑමක් නෙමෙයි ද? ලංකාවේ වාමාංශිකයන් නම් කැමතියි ඔවුන් ජනතාව නම් ප්‍රේමනීය වදනින් ආමන්ත්‍ර‍ණය කරන මේ පීඩිත පංතිකයන් ධනවාදය විසින් නොමග යවා ඇති, එහෙත් අපගේ ආදරය හිමි විය යුතු, අනාගතයේදී වම සමග එක් වී විප්ලවය කරන සහෝදරවරුන් ලෙස දකින්න.  වමට බුදු සරණයි! දෙවි පිහිටයි!  මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව

අලුත් අවුරුද්දට කපුටු කූඩු දෙකකින් සොරා ගත් බිත්තර දෙකක් ඔබට

Image
W3Lanka cartoon  පළමු බිත්තරය: දැන් වැඩිය බ්ලොග් නො ලියන බ්ලොග්කාරියක වන සොඳුරු සිතෙනි .  හිතුවෙවත් නැති විදිහට ඒ කියන්නේ අහඹූ විදිහට මට ඇයව හමු වුනා. “ දෙයියනේ දැක්ක කල් , කොහෙද කෙල්ලේ උඹ අතුරුදන් වෙලා හිටියේ “ “ මේ දවස් ටිකේම පපර බෑන්ඩ් එහෙක වැඩ කළා. ඊට පස්සේ කොමර්ශල් දෙක තුනක් හම්බුනා ඒවට ගියා “ “ මොනවා . යකෝ මං හිතුවේ නෑ උඹ පපරෙ වලට සල්ලි වලට තියා නිකම්වත් පිඹීවි කියලා “ “ මොනා කරන්නද , අපිත් කොහොම හරි ජීවත් වෙන්න එපැයි“ “ ඉතින් ඉතින් කොමර්ශල් කරානම් පපර පිම්ඹනම් දැන් සල්ලි ඇති නේ “ “ සල්ලි නම් තියනවා.ඒත් මගෙ රාජකාරිය කරන්න මට බැරිව ගියා. “ හැබෑම කණගාටුවකින් ඌ කීවා. “ උඹ නැතිවට පාළුවක් නෑ.... හැම තැනම උඹෙ කොමර්ශල් වලින් උඹ නැති අඩුව පිරුණා.ඒත් මට දුක හිතුනේ ගෙඩි පිරිච්චි අහු ගහේ උඹව දකින්න නැති උනාමයි. කපුටත් උඹ ගැන මතක් කරා. මේ සැරේ උගෙ කූඩුවට බිජු දාන්න උඹ ආවේ නැතෙයි කියලා. බොරුවට කෑගැහුව්වට ඌත් හිත හොඳ එකා... එහෙනම් උඹට සුබ අලුත් අවුරුද්දක් කොහෝ “ උගේ වෙහෙසකර ලිහාට්ටකට ලෙංගතු තට්ටුවක් දාලා මම ඌට සමු දුන්නා... දෙවෙනි බිත්තරය අජිත් කුමාරසිරිගෙනි. අහන්නට නොව රස විඳ

කුමාර් ගුනරත්නම් නිදහස් කරනු! පුරවැසිභාවය ලබා දෙනු! මේ ටික කියන්නට මට ඇති අයිතියටත් ගරු කරනු!

Image
කුමාර් ගුනරත්නම්ගේ ප්‍ර‍ශ්නය විසඳීම සඳහා රජය මැදිහත් විය යුතු ය. ඔහුට ජනාධිපති සමාවක් දී නිදහස් කළ හැකි ය. එසේම, පුරවැසිභාවය නැවත ලබා දීම සඳහා ආණ්ඩුවට මැදිහත් විය හැකි ය. එහෙම ඇගිලි නො ගසන තරම් මේ රට තවම ප්‍ර‍ජාතාන්ත්‍රික හෝ නීතියේ ආධිපත්‍යයට ගරු කරන තත්වයට පත් වී නැත. එහෙම තිබුණා නම් ආගමන, විගමන වංචා කළ විමල් වීරවංශට මේ මෑතදී මුක්තිය ලැබෙන්නේ නැත.  එහෙත් මේ එකක්වත් කළ යුත්තේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අන්තවාදීන්ට මහජන දේපලවලට හානි කරමින් හා මහජනතාවට හිරිහැර වන පරිදි විරෝධතා පැවැත්වීමට හයිය ඇති නිසා නො වේ. නැතිනම්, අප වැනි පුද්ගල ක්‍රියාකාරිකයන්ට විවිධ තර්ජන කරන්නට ඔවුන්ට ඇති හැකියාවට බියේ සියලු දෙනා නිහඬ වන නිසාත් නො වේ.  කුමාර් ගුනරත්නම් නිදහස් කරනු! පුරවැසිභාවයත් ලබා දෙනු! ඒ ගමන් ම මේ ටික කියන්නට මට ඇති අයිතියටත් ගරු කරනු! මෙම ප්‍ර‍ශ්නය හා සම්බන්ධ ඇත්ත ද මේ රටේ ජනතාව දැන ගත යුතු ය. කුමාර් ගුනරත්නම් පිළිබඳ  පෙසප විසින් නිර්මානය කරන ප්‍ර‍බන්ධය සත්‍ය නො වේ. කුමාර් රටින් යන්නේ ඒ වන විට ඔහු අභ්‍යන්තර නායකයකු වූ ජවිපෙ දේශපාලන මණ්ඩලයේ තීරණයක් අනුව බව ඇත්ත ය. එහෙත්, ඒ පසුපස තිබ

ක්‍රිකට් අර්බුදය, අර්ජුන, දයාසිරි හා පාසල් ක්‍රිකට් මීයෝ

Image
වමේ සිට දෙවැන්නා දිල්ෂාන් සිල්වා ය. ලංකාවට ලෝක කුසලානය දිනා දුන් කණ්ඩායමේ නායකත්වය දැරූ නිසා අර්ජුන රණතුංගට හා ඔහුගේ පවුලට කැමති ආකාරයට ක්‍රිකට් වළඳන්නට ඉඩ දිය යුතු යයි කියන එක සමාන වන්නේ යුද්ධය අවසන් කළ නිසා තම පවුලට කැමති ආකාරයට රටේ ආර්ථිකය වළඳන්නට දිය යුතු යයි රාජපක්ෂලා කරන ඉල්ලීමට ය. රාජපක්ෂ පවුල නම් වසංගතය හා සම විය හැකි, කිසි සේත් මතු වන්නට ඉඩ දිය යුතු නැති පවුල්වාදයකි, රණතුංග පවුල්වාදය. අර්ජුන, ප්‍රසන්න, නිශාන්ත, ධමිමික, රුවන්, සංජීව බෑයන්ගේ හෙවත් කුඹුරුවන්ගේ අතීත කෙරුවාව ඔවුන්ගේ අනාගතය ගැන තේරුම් ගැනීමට අපට මග සලසා දෙයි. ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම ටී-20 ලෝක කුසලානයේදී අන්ත පරාජයට පත් වීම තමන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිත්වය නො ලැබුණ නිසා වූ දෙයකැයි පෙන්නා, ජනාධිපතිවරයාට බෝලයක් බස්සා, නිල වශයෙන් පත් වූ පාලක මණ්ඩලය අහෝසි කර, අතුරු පාලන මණ්ඩලයක් පත් කර ගැනීම ගැන අර්ජුන කතා කරන ආකාරයෙන් ම ඔහුගේ බඩගිනිකාර ස්වභාවය නිරූපණය වේ. ඔහුට අමතක වී ඇති කාරණයක් වන්නේ පසුගිය වසර ගණනාවක් තිස්සේ ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා වූයේ ඔහුගේ සොයුරු නිශාන්ත බවයි. ඔහු ක්‍රිකට් වෙනුව

W3Lanka කාටුන්: අනාගතේ යම් දවසක

Image
මේක බොහෝ දෙනෙකුට වුණ දෙයක්.  මුලින් ම ලොකු අතුලලාට, පොඩි අතුලලාට.  ඊට පස්සෙ කෙලී සේනානායකලාට, ලයනල් බෝපගේලාට. නන්දන මාරසිංහට. හොරණ ලයනල් හෙවත් ලොකු මහින්දට. ටාසන් වීරසිංහට.  ඩී.එම්. ආනන්දට. කමල් දේශප්‍රිය හෙවත් සෙනෙවිට.  රෝහිත භාෂණට. නන්දන ගුණතිලකට. කුමාර් ගුනරත්නම්ලාට.  සෝමවංශ අමරසිංහට.  හෙට........? ජනතාව වෙනුවෙන් පක්ෂය නෙමෙයි, පක්ෂය වෙනුවෙන් පක්ෂය. මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

කුමාර් ගුනරත්නම් නිදහස් කරනු! පුරවැසිභාවය ලබා දෙනු!

Image
කුමාර් ගුනරත්නම් ප්‍ර‍ශ්නය ගැන අපගේ ස්ථාවරය පැහැදිලි කරන ලිපියක් ඉදිරි දිනෙක පළ කරන්නෙමු. මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

කෝටි ගණන් වැය වන රජයේ තමාෂා හා ලංකාවේ උත්සව සංස්කෘතිය

Image
විජිතමුනි සොයිසාගේ වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය විසින් අද දින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍ර‍ණ ශාලාවේදී පවත්වනු ලබන උත්සවයක් වෙනුවෙන් රු. තුන් කෝටි අසූපන් ලක්ෂයක් වැය කරනු ලබන බව අද දින දිවයින පුවත්පත වාර්තා කරයි. මේ හා සමාන ම උත්සවයක් වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පසුගිය මාසයේදී රු. කෝටි අටක් වැය කළ බව ජවිපෙට සම්බන්ධ සමස්‌ත ලංකා ගොවිජන සමමේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පවසයි. මේ වනාහි සිද්ධි දෙකක් පමණි. තවත් මෙවැනි උත්සව රැසක් නිතිපතා පැවැත්වේ. මේ වනාහි ශ්‍රී ලංකාව ගිලගෙන තිබෙන උත්සව සංස්කෘතියක ප්‍ර‍කාශනයකි. අපි වැඩ කරනවාට වඩා උත්සව පවත්වන ජාතියක් වී ඇත. උත්සව පැවැත්වීම හා සම්බන්ධ දැවැන්ත කර්මාන්තයක් ද බිහි වී තිබේ. ඉවන්ට් මැනේජ්මන්ට් කොම්පැනි හා ආහාරපාන, සංගීතය, නැටුම්, කතා, ශබ්ද උපකරණ, ආලෝකය, තාපය විද්‍යුතය ආදී එක එක මගුල් සපයන ආයතන රැසක් පවතින්නේ මෙම උත්සව නිසා ම ය. මෙය රජයේ පමණක් රෝගයක් නො වේ. මහජනතාව ද එවැනි ය. ගැහැනු දරුවකුට පළමු වර ඔසප් වීම නිමිත්තෙන් පසුගියදා ඇඹිලිපිටියේදී පවත්වන ලද සිදුවීමකදී උත්සවයේ අමුත්තකු මරා දැමීම ගැන පොලිසියට චෝදනා එල