චාවකච්චේරි - බෝම්බය ගැන මතවාදවලින් හෙළි වන සමාජ දෙදරා යාම

2016-04-03 දින සිළුමිණ පුවත්පතේ ආරාධනයෙන් ලියන ලද ලිපියකි. 

චාවකච්චේරියෙන් සොයාගන්නා බෝම්බ සමඟ මහාචාර්ය ජී.එල්. පීරිස් හෝ ඔහු සමඟ අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වූ ව‍යෝවෘද්ධ දේශපාලඥයන් දෙදෙනෙකු වන මහාචාර්ය තිස්ස විතාරණ හෝ මහින්ද යාපා අබේවර්ධන හෝ කිසිදු ආකාරයකින් සම්බන්ධ යයි අපි නො සිතමු.

එහෙත්, මෙම සිද්ධියෙන් දේශපාලන වාසිගැනීමේ පවිටු චේතනාව විසින් ඔවුන් මූලික කාරණා කීපයකට අන්ධ කරන ලදී. ඒ වනාහි මෙතැන බෝම්බ පිපිරීමක් සිදු වී නැති බවයි. සිදු වී තිබෙන්නේ සඟවා තබන ලද මරාගෙන මැරෙන බෝම්බයක් හා තවත් විනාශකාරී ද්‍රව්‍ය සොයාගැනීමයි. එය ආරක්ෂා අංශවල සූදානම හා දක්ෂකම ප්‍රකාශ කරන අවස්ථාවකි.

මේ මරාගෙන මැරෙන බෝම්බය වැල්ලවත්තට ගෙන ඒමට සැලසුම් කර තිබුණු බවක් ද කියන ලදී. එහෙම වගක් ආරක්ෂක අංශ සොයා ගන්නටත් පෙර දේශපාලකයන්ගේ කටින් එළියට පනින්නේ ඇයි? ඒ ඔවුන් එවැන්නක් ප්‍රාර්ථනා කරන නිසා ද? නැතිනම්, එමගින් කොළඹ ජීවත් වන දෙමළ ජනතාව සිංහලයන්ගේ වෛරයට ලක් කර ජාතිවාදී ගැටුමක් ඇති කිරීමේ අරමුණින් ද? එහෙත්, ජී.එල්. පීරිස් වැනි දේශපාලකයන් මේ කරන්නේ කුමක් ද?

දැන් ඔවුන්ට තිබෙන ප්‍රශ්නය එය සොයාගැනීම බව පෙනේ. 2008 වසරේ සිංහල පත්තර පිටුවක ඔතා තිබුණු මෙම බෝම්බය පුපුරුවනු ලබන තැනට ගියා නම් ඔවුන් මීට වඩා අමන්දානන්දයට පත් වී “අපි ඔය ටික කිව්වා,” යි කියමින් උඩ පනිනු ඇත.

ලක්ෂ්මන, රාමායනයේ රාමගේ මිතුරා ය. වාසනාවන්ත සලකුණු ඇති යන්න එම සංස්කෘත නමෙහි අරුතයි. මහාචාර්ය ගාමිණී ලක්ෂ්මන් පීරිස්ගේ අවලක්ෂණ වචනය ගැන පරීක්ෂණයක් කරන බව ආණ්ඩව පවසයි. රතිඤ්ඤා කරලක්වත් පත්තු කර නැති සිය පැරණි මිත්‍ර මහාචාර්ය ජී.එල්. පීරිස් බෝම්බ ගැන කතා කාරීම අගමැති රනිල් වික්‍රමසිංහ විසින් විහිළුවට ලක් කරන ලදී.

සිද්ධිය පිළිබඳ සමාජ ජාල ඔස්සේ අදහස් දැක්වූ ඇතැමෙකු ප්‍රකාශ කළ කරුණුවල හරය වන්නේ රජය ජාතීන් අතර සිංහිඳියාව සඳහා ගන්නා පියවර පලක් නැති බව හා ඒවා අතහැර දැමිය යුතු බවයි. මන්ද, දෙමළ ජනතාව සංහිඳියාවකට සූදානම් නැති බව මෙයින් ප්‍රකාශ වන බවයි. ඔවුන්ට නො පෙනෙන කරුණ වන්නේ මෙ ආයුධ රැස් කිරීම සිදු කර ඇත්තේ දෙමළ ජනතාවගෙන් ප්‍රතිශතයක් ලෙස ගත් කල ඉතා සුළු පිරිසක් පමණක් බවයි. එපමණක් නොව, ඒ හා සමාන ම පිරිසක් මෙම නීති විරෝධී ක්‍රියාව පිළිබඳ ආරක්ෂක අංශවලට තොරතුරු සැපයීම ද සිදු කර ඇති බව ද ඔවුන්ට අමතක වේ. ඒ ද දෙමළ මිනිස්සුය.

කෙසේ වෙතත්, මෙහිදී අපගේ අවධානය යොමු විය යුතු තවත් කරුණක් තිබේ. එය ගැඹුරින් සාකච්ඡා කළ යුතුය. මහාචාර්ය ජි.එල්. පීරිස්, මහාචාර්ය තිස්ස විතාරණ වැනි උගත්, බුද්ධිමත්, විද්වත්, ප්‍රගතිශීලී කඳවුරේ සිටි ඉතිහාසයක් ඇති, වයෝවෘද්ධ, පළපුරුදු දේශපාලනඥයන් මෙවැනි තත්වයකට ඇද වැටෙන්නේ ඇයි? එය ඔවුන්ගේ පමණක් ම වරදක් ද?

මෙම දේශපාලනඥයන් 2004 වසරේ සිට වසර 11ක් පමණ මේ රටේ වැදගත් ඇමති තනතුරු හෙබවූ අයයි. රටට සේවය කරන්නට ඔවුන්ට ඇති තරම් කාලයක් ලැබිණි. ඔවුන් එයින් ප්‍රයෝජනයක් ගත්තා ද? දේශපාලන බලය යනු පුද්ගල බලයක් නොවේ. එය රට නියාමනය කිරීමට හා ‍සංවර්ධනය කිරීමට දෙන බලයකි. එය නැතිව කෙනෙකුට ඉන්නට බැරිය කියා එකක් නැත. ඇමැති මණ්ඩලය හෝ පාර්ලිමේන්තුව යාවජීව පැවැත්මක් තහවුරු කර දිය හැකි තැනක් නොවේ. වසර 11ක් බලයේ සිටි මෙම දේශපානඥයන් තමන් බලයෙන් ගිලිහීම හා වෙන අය බලයේ සිටීම දරාගන්නට බැරි බාල බොළඳ තත්වයකට පත් වී ඇති බව පෙනේ.

අප මෙම දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතු ය. තමන් බලයේ සිටියදී පෙනී සිටි කාරණාවලට බලය නැති විට එරෙහි වීම වනාහි විපරීත තත්වයකි. තමන් පාර්ශ්වකරුවකු නොවන කිසි ම හොඳ දෙයකට අකැමැති වීම ත්‍රස්තවාදී ලක්ෂණයකි. බොහෝ කැරලි නායකයන් සම්මුතිවලට අකැමැති වන්නේ එහෙයිනි. හොඳම උදාහරණය ප්‍රභාකරන්ය. සාකච්ඡාමය විසඳුමකට ඔහු යොමු කරගැනීමට අසීරු වන්නේ එවැනි විසඳුමක් තුළ ඔහුගේ භූමිකාව නොවැදගත් වන්නට ඉඩ තිබුණු නිසා විය හැකිය. මෙම මානසිකත්වය හරියට තමන් නැතිදා ලෝක විනාශය සිදු වේවා යයි ප්‍රාර්ථනා කරන්නා වැනිය.

මෙහිදී අවධානය යොමු විය යුතු පැතිකඩ වන්නේ සමාජ ධ්‍රැවීකරණයයි. ලාංකීය සමාජය කෙතරම් ගැඹුරින් ධ්‍රැවීකරණය වී තිබේ ද? මෙහිදී ධ්‍රැවීකරණය යනු කුමක් ද යන්න ද තේරුම්ගත යුතු ය. කාන්දමක ධ්‍රැව දෙකක් තිබේ. ඒ උතුරු හා දකුණු වශයෙනි. කාන්දම විසින් ආකර්ශණය කරගන්නා වස්තුව වැඩිපුරම ඇලෙන්නේ මෙම ධ්‍රැව දෙකටය. එසේම, මෙම ධ්‍රැව දෙක කිසි ලෙසකින්වත් එකට ඇලෙන්නේ නැත. සෙස්සන් ආකර්ෂණය කර ගත්තත්, උත්තර හා දක්ෂිණ ධ්‍රැව එකිනෙකා විකර්ශනය කර ගනියි. කිසි කලෙකට මෙම ධ්‍රැව දෙක එකට හමු වන්නේ ද නැත.

ලංකාවේ සමාජය ද මේ මොහොත වන විට එවැනි තත්වයකට පත් වී තිබේ. 2015 ජනවාරි 8 ජනාධිපතිවරණයේදී ජයගත් පාර්ශ්වය හා පරාජිත පාර්ශ්වය අතර මෙම දරුණු ධ්‍රැවීකරණය සිදු වී තිබේ. පරාජිත පාර්ශ්වය හා ඔවුන්ගේ ආධාරකරුවන් අතර එක්තරා ආන්තික කණ්ඩායමක් කිසිදු සම්මුතියකට සූදානම් නැති තත්වයක් පෙන්නුම් කරයි. අතීතයේ කරන ලද සාපරාධී ක්‍රියා හේතුවෙන් පරාජයත් සමඟ සිය පැවැත්ම අනතුරට පත් වී සිටින පිරිස විසින් මෙම ආන්තික කණ්ඩායම මෙහෙයවනු ලැබේ. විශේෂයෙන් ම, පසුගිය දස වසක කාලය තුළ දූෂණය සෑහෙන දුරට විමධ්‍යගත කරන ලදී. එබැවින් මෙම නායකයන්ට දෙවන පෙළක් හැ තුන්වැනි පෙළක් ද සිටී. එසේම, ජාතිවාදයෙන් අන්ධ වූ තවත් බලවේගයක් ඒ පසුපස වැටී ඇත.

එය සැලකිය යුතු සමාජ බලවේගයකි. එහෙත්, එහි හඬ ප්‍රමාණයටත් වඩා වැඩි ය. හේතුව ඒ පිටුපස ඇති අයථා මුදල්, සංවිධාන ශක්තිය, ජාතිවාදය, ආගම්වාදය, පුරුෂෝත්තමවාදය වැනි ආන්තික මතවාදයන්ය.

කෙසේ වෙතත්, මෙම බලවේගය විසින් ඇති කරන සමාජ ධ්‍රැවීකරණය අතිශය හානිකර තත්වයකි. සමාජයේ එක්තරා පිරිසක් සිවිල් නීති කඩ කරන තත්වයකට එමඟින් තල්ලු වී තිබේ. මෙම පිරිස් අතර පාරට කුණු විසි කරන, අධිවේගී මාර්ගයේ යන වාහනවලට ගල් ගසන, පොදු දේපළ විනාශ කරන, රජයේ කාර්යාලවල කටයුතු කඩාකප්පල් කරන, වැඩ නොකරන සිටින, බොරු ප්‍රචාර කරන, කටකතා පතුරුවන, ජාති ආගම් භේද ඇති කරන, කුමන්ත්‍රණ කරන අය පමණක් නොව, ත්‍රස්තවාදී ක්‍රියා සිදු කරන අය ද සිටිය හැකිය.

මෙම ගැටලුව දෙපැත්තකින් ආමන්ත්‍රණය කළ යුතු ය. එක පැත්තකින් නීති දැඩිව ක්‍රියාත්මක කරමින් කඩාකප්පල්කාරී හා සාපරාධී ක්‍රියා වැළැක්විය යුතුය. අනෙක් පැත්තෙන් මෙම සමාජ තීරය ප්‍රජාතාන්ත්‍රික පොදු ප්‍රවාහය තුළට දිනාගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් අවශ්‍යය.

- අජිත් පැරකුම් ජයසිංහ

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. අජිත් අයියා මේ පාර ටීවී එකට යනකොටත් ඇදගෙන ගියේ කලින් සැරේ ඇදපු කමිසේමනේද? දැක්ක ගමන් මීටර් උනා මට නං. කමිසේ මෙහෙම නං අජිත් අයියාගේ ලංකට් එක කොහොමද අදිනවා ඇද්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් නංගි අර උයා දැක්ක ලංකට් එක ම තමයි තවම අඳින්නෙ. බය වෙන්න එපා. දිනපතා සෝදනවා.

      Delete
    2. එකම ලංකට් එක හොඳපිට කණපිට මාරු කර කර ඇඳපු යුගය අවසන් වී ඇත. කුලියට ලිවීම පටන් ගැනීමෙන් පසු බොහෝ දේ වෙනස් වී ඇත.

      Delete
    3. ඔව් මෙම ලිපියට මුදල් ගෙවන්නේ එක්සත් ජාතික පක්ෂයෙනි. ඇයි මොකද?

      Delete
    4. එක්සත් ජාතික පක්ෂයෙන් සහ එක්සත් ජාතින්ගේ සංවිධානයෙන්

      Delete
    5. පැරාට දැන් මැද පු ක මිස

      Delete
    6. @ Anonymous April 3, 2016 at 8:08 PM >>>>

      ඇයි උඹලගේ මහින්ද හොරා බලයේ ඉන්න කොට එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වයෙන් සංවිධානයෙන් ඉල්ලා අස් වුණේ නැත්තේ?

      කමෙන්ට් කොටන්න කලින් ආයේමත් ඉස්කෝලේ ගිහිල්ලා එ.ජා. සංවිධානය ගැන ඉගෙන ගෙන වරෙං, කාලකණ්නියා.

      Delete
  2. තොරතුරු පනත ගැන පැරාගෙ විග්‍රහය දැන ගන්න කැමතියි.

    ReplyDelete
    Replies
    1. අසන්නන්ගේ ඉල්ලීම් තීරයෙන් බලාපොරොත්තු වන්න.

      Delete
  3. AI MALLA ARAGENA GIYE NADDA.
    mata loku prashnayak meyata kohomda hodama deshapalana blogger sammanaya labune kiyana eka.

    01. memea sammana ulella kare UP eken da ?
    02. blog liyana bahutharayak UNP meadia ekenda ?

    ReplyDelete
    Replies
    1. මෙම සම්මාන උළෙල කළේ යූඑන්පී එකෙනි.
      බ්ලොග් ලියන බහුතරය යූඑන්පීකාරයෝ ය.
      ඇයි අවුල් ද?

      Delete
    2. යූඇන්පීකරයන්ගේ හා යූඇන්පී නොවන අයගේ වෙනස පැහැදිලිව දක්වන්න.
      මම ඔය වර්ග දෙකට ම අයත් නැත.
      මාව යූඑන්පීකාරයකු ලෙස කැමති අය හඳුනාගත්තාට මට ප්‍රශ්නයක් නැත.

      Delete
    3. @ රන්සකු,

      ඇයි උඹලගේ රට කාපු මහින්ද හොරාටයි උගේ හොර මුලටයි විතරද බ්ලොග් ලියන්න පුළුවන්?

      Delete
    4. kauru blog leewath mata athi rudawak na. namuth me nari, hiwal raana blog liyanne thaman madyastha bawa alokayata penwamin. UNP karapu tharam vinshawalin 10% k MR kare na.

      Delete
    5. @ රන්සකු,

      කවුද කියන්නේ පැරා මධ්‍යස්ථයි කියලා? මම හිතන්නේ පැරාවත් එහෙම කියලා නැතිව ඇති. පැරා මධ්‍යස්ථ නැහැ. පැරා එක්තරා පැත්තකට බරයි. ඒ බර පැත්ත තමයි සැමට මානව හිමිකම්, සමාජවාදී ජීවන රටාව, භාෂණයේ නිදහස, ආගම්වලින් තොර ජීවනය.... ඉතින් පැරා ලියන්නේ තමුන්ගේ මතයට (ඒ කියන්නේ ඔය කියපු කරුණුවලට) පක්ෂපාතීව මිසක් මධ්‍යස්ථව නෙවෙයි. පැරාගේ බ්ලොග් කියවන අපි පැරාගෙන් මධ්‍යස්ථභාවයක් බලාපොරොත්තු වෙන්නේත් නැහැ. පැරා බ්ලොග්කරුවෙක් මිසක් විනිශ්චයකරුවෙක් නෙවෙයි. ඒ නිසා පැරා මධ්‍යස්ථ වෙන්න ඕනේ නැහැ. මේක තේරුම් ගන්න තරම් මොළයක් රන්සකුට නැති බවයි පේන්නේ.

      Delete
    6. ඔයා හිතාගෙන ඉන්නේ ඔයා නැති උනේ මහින්ද රාජපක්ෂ නිසා කියලද ? ඔයාගේ නොදන්නා කම හෝ ඔයත් අන් අයව පරා වගේ අන්දනවා. ඔයා කියන සැමට මානව හිමිකම්, සමාජවාදී ජීවන රටාව, භාෂණයේ නිදහස, ආගම්වලින් තොර ජීවනය.... හැම දෙයක්ම නැති කරන්න පටන් ගත්තේ ඔය යු එන පී එකම තම. යු එන පී එකේ චන්ද කෙරුවාව දන්නේ නැද්ද ? 83 වැඩ වර්ජකයන්ට සලකපු හැටි. කියන්න දේවල් කෙළවරක් න මිත්‍රයා. නිකම් නොදන්නා දේවල් වලට නැතිව ඉන්නවා නම් හොඳා.

      Delete
    7. @ රන්සකු,

      යූඇන්පියත් එක්ක තියන ඔයාගේ ඇරියස් එක ඔය යූඇන්පියත් එක්ක විසඳ ගන්න. මම කිව්ව දේ යූඇන්පියේ අතීත ඡන්ද කෙරුවාව පෙන්නලා වෙන අතකට ඇද ගෙන යන්න එපා. මම කිව්වේ අපි පැරාගේ බ්ලොග් එක කියවන්නේ මධ්‍යස්ථ මතයක් දැනගන්නට නෙවෙයි කියලා. අන්න ඒකට පුළුවන් නම් උත්තරයක් දෙන්න කරුණාකරලා.

      Delete
  4. ජී.ඇල්. ඇමති කම් කළේ 1994 සිටය.

    ReplyDelete
    Replies
    1. 2001-2004 රනිල්ගේ ආණ්ඩුවේත් හිටියා නේ ද? නටපු තොවිලෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ.

      Delete
  5. මෙම සම්මාන උළෙල කළේ යූඑන්පී එකෙනි.
    බ්ලොග් ලියන බහුතරය යූඑන්පීකාරයෝ ය.
    ඇයි අවුල් ද
    නැ නිකම් හඬ කොවුල් කොවුල් වගේ

    අප්පට බෝල ටලිවිසෝන් එකේ මුණ දාගත්තට පස්සේ චන්ඩි ටෝක් දෙනවා එළ වගෙ නියමනේ!!!!
    ගු/ පුරේ පරපුර වගේ ..... කොක්කටම බරවෙලා

    ReplyDelete
    Replies
    1. මම එජාප නොවෙමි. ඔය අනෙකුත් විප්ලවවාදී මධ්‍යම පංතික පක්ෂ හා ධනපති යයි කියන මධ්‍යම පංතික පක්ෂ අතර වෙනස හැකි නම් පෙන්වා දෙන්න. එබැවින් ඔය එජාප චෝදනාව කිසිදු පදනමක් නැත.

      Delete
    2. ඉතින් පැරා යූඇන්පීකාරයෙක් වුණත් ඔය ඇනෝ ගස් ගෙම්බාට තියෙන රුදාව මොකද්ද?

      Delete
    3. තියෙන රුදාව දකුණු ඇටේ කහන එක එන්න බැරිද නිකම් ඉන්න කොට එක කසලා යන්න

      Delete
  6. පට්ට සමබර ලිපියක්...! (අවුලක් නෑ සිළුමිණටනේ ලියලා තියෙන්නේ.. )

    ජී.එල් පීරිස් ගේ ප්‍රකාශයට වැඩිය රෙජිනෝල්ඩ් කුරේගේ ප්‍රකාශය බරපතලයි. එකක් ඔහු උතුරේ ආණ්ඩුකාරයා. දෙක ඔහු ප්‍රකශ කරන්නේ ජනාධිපති ඝාතන තැතක් ගැන.
    දැන් ඔය පැරා කියන ජාතික සංහිඳියාවට වැඩියම හානි කර වෙන්නේ බොම්බේ වැල්ලවත්තට ගේන්න තිබ්බ කියන එකද ? එහෙම නැත්නම් රටේ රාජ්‍ය නායකයාව ඝාතනය කරන්න උත්සාහ කරා කියන එකද ?

    ReplyDelete
  7. //තමන් පාර්ශ්වකරුවකු නොවන කිසි ම හොඳ දෙයකට අකැමැති වීම ත්‍රස්තවාදී ලක්ෂණයකි//
    ------දැන් අර ජොයින්ට් විපක්සෙ ඉන්නේ මෙන්න මේ තත්වේ තමයි.උන්ගේ වැඩ වලින් වචන වලින් ත්‍රස්තවාදී ලක්ෂණ බොහොම ලස්සනට බලන්න පුළුවන්. ජොයින්ට් විපක්ෂේ ට කවදත් ප්‍රභාකරන්ගේ සරණ තමයි...

    ReplyDelete
  8. ජී. එල්. පීරිස් සහ තිස්ස විතාරණ මහාචාර්යවරු ඔප්පු කල දෙයක් ඇත. එනම් මහාචාර්ය වූ පළියට දේශපාලනය කරන්න බැහැ කියන එක. මෙම සාධක දෙක ලාංකීය දේශපාලනයට වටිනා පාඩමක් දීල තියෙනවා.

    ReplyDelete
  9. ඇතැම් විෂය විශේෂඥයන් තමන් සියල්ල දත් යයි සිතා සිටීම මාන්නාධික කමේ ලකුණක්

    ReplyDelete
  10. ratata kelawela yana bawa sathutina kkiyapematha unge lakunak' Oka ohugiya giya anduakaletha ohomama thibuna

    ReplyDelete
  11. අර වෙල්ගමයගේ පත්තරේට ලියන සමන්ද සිල්වාද මොකාද එකා පට්ට ජාතිවාදියෙක්. ඌත් ලියල තිබුන අප්‍රේල් 3වැනිදා පත්තරේට වැල්වැටිතුරේ ගැන ලිපියක්. බෝම්බ හම්බ වුනේ ආණ්ඩුවේ සංහිඳියාව සහජීවන ප්‍රතිපත්තිය නිසාලු. දැන්වත් සංහිඳියාව නවත්තන්නලු. (එතකොට බෝම්බ හම්බ වෙන්නෙ නෑ. පුපුරනව විතරයි. බෝම්බෙ කෑල්ලක්වත් හොයාගන්න බෑ.) මුංගෙ මොලේ පුකේවත් නැති හැටි!

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. මෙම බෝම්බය සොයා ගැනීමේලා ආරක්ෂක අංශ වල දස්කමක් නොපෙනේ. කොටියාගේ බිරිද ගුටි කීමෙන් පසුව පොලිසියට කියූ දේවල් නිසා පමණක් මෙමෙ බෝම්බය සොයා ගන්න ලදී.

    ReplyDelete
    Replies
    1. ඒ විදිහට අවි ආයුධ හොයාගැනීම ජේ.ආර්. ප්‍රේමදාස චන්ද්‍රිකා මහින්ද ඔක්කොගෙම කාලවල් වල සිදුවුනා. ලෝකේ පුරාම එහෙම වෙනවා. අහම්බෙන් මෙවැනි දේ සිදුවීම පුදුමයක් නෙවෙයි.

      Delete
  14. ///කෙසේ වෙතත්, මෙම බලවේගය විසින් ඇති කරන සමාජ ධ්‍රැවීකරණය අතිශය හානිකර තත්වයකි. සමාජයේ එක්තරා පිරිසක් සිවිල් නීති කඩ කරන තත්වයකට එමඟින් තල්ලු වී තිබේ. මෙම පිරිස් අතර පාරට කුණු විසි කරන, අධිවේගී මාර්ගයේ යන වාහනවලට ගල් ගසන, පොදු දේපළ විනාශ කරන, රජයේ කාර්යාලවල කටයුතු කඩාකප්පල් කරන, වැඩ නොකරන සිටින, බොරු ප්‍රචාර කරන, කටකතා පතුරුවන, ජාති ආගම් භේද ඇති කරන, කුමන්ත්‍රණ කරන අය පමණක් නොව, ත්‍රස්තවාදී ක්‍රියා සිදු කරන අය ද සිටිය හැකිය.///

    මහජන මුදල් වියදම් කරලා හදපු ව්‍යාපෘති (පොදු දේපොළ) කාබාසිනියා කරලා දාන ඔය කියන සමාජ ධ්‍රැවීකරණයේ විරුද්ධ බලවේගයේ සිටින උන් ගැන මොකද හිතන්නේ...
    මුලින්ම පටන් ගත්තේ මල් පෝච්චි වලින්, ඊට පස්සේ මත්තල...
    දැන් අලුත්ම එක ඇවිදින මංතීරු...
    ඉස්සරහට තව මොනවා එයිද...

    මංතීරු 6 වටරවුම් මාර්ගය 4 ක් කරලා බොරුවට ගාන අඩු කරලා පෙන්නලා ගසා කනවා, බැඳුම්කර එක්ක සෙල්ලම් කලා. පෝට් සිටි Delay Claim එක ආවම ඒ හරියත් බලා ගන්න පුළුවන් වෙයි...
    මත්තල ගබඩා කරපු වී තොගේ අඩු මිළට විකුණපුවා මහජන මුදල් නාස්තියක් නෙමෙයිද...
    මත්තල පලදායිතාව වැඩි කරන්න ක්‍රියා නොකර ඒකෙ වී ගබඩා කරපු එකම නාස්තියක් නෙමෙයිද...

    ///අනෙක් පැත්තෙන් මෙම සමාජ තීරය ප්‍රජාතාන්ත්‍රික පොදු ප්‍රවාහය තුළට දිනාගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් අවශ්‍යය.///
    ඒ කොටසත් පොදු ප්‍රවාහයට ගන්නවා කියන්නේ මේ ක්‍රියා අනුමත කරන මට්ටමට ඔවුන්වත් හදා ගන්න ඕනේ කියන එකද...

    ReplyDelete
    Replies
    1. ගොන්බිජ්ජ හිතාගෙන ඉන්නෙ මහින්දගෙ කාලෙ ශ්‍රීලනන් ගුවන්යානා මත්තලට බාපුවහම අපිට ලාභ හම්බවුනා කියලද? ඉස්සෙල්ල බස් සර්විස් එකක් කරන එකෙක්ගෙන් අහගෙන වරෙන් ඩිපෝවක් දුවන්න කොහොමද කියලා,

      Delete
    2. ///ගොන්බිජ්ජ හිතාගෙන ඉන්නෙ මහින්දගෙ කාලෙ ශ්‍රීලනන් ගුවන්යානා මත්තලට බාපුවහම අපිට ලාභ හම්බවුනා කියලද? ///

      රු35/- ට වී අරගෙන මත්තල ගබඩා කරගෙන ඉඳල සවුත්තු උනාය කියල රු27/- ට වගේ විකිණුවම පට්ට ලාභයක් ලැබෙන්න ඇති නේද ඇනෝ...
      දිගටම එහෙම කරගෙන යන්න කියමු, බොහොම ඉක්මණට කේතුමතිය පහළවෙයි...

      චීන්නු පෝට් සිටි එකේ Delay claim එක රුපියල් කෝටි 1,828.8 ක් ඉල්ලලා. මත්තල ගබඩා කරන වී වලින් ලැබෙන ලාබෙන් ඒකත් ගෙවන්න පුළුවන් වෙයිනෙ...

      Delete
    3. Mahindage kale nam wee gabada karala lassanata laba gaththa.

      Delete
    4. Mahindage kale nam wee gabada karala lassanata laba gaththa.

      Delete
    5. Nipuna WanninayakeApril 4, 2016 at 3:05 PM

      මහින්ද කිසිම එකක් නොකර "තමන්ගේ පැත්තෙ එයාපෝට් එකක් හදන්න ඔනෙ" කියන ගෝත්‍රික ආකල්පය උඩ බිලියන ගනනක් වියදම් කරල ප්ලේන් නො එන සුදු අලියෙක් හැදුවට රනිල් මොනව කරන්නද? බයිකමටත් සීමාවක් තිබිය යුතුයි

      Delete
    6. මොන හේතුවක් නිසා හෝ ඒක දැන් හදල ඉවරයි...
      ඕකේ වී ගබඩා කරලා ඒ වී ටිකත් කුණු කොල්ලෙට විකුණුවා කියල රටට මිනිස්සුන්ට පලක් වෙනවද...

      දැන් බලන්න ඕනේ ඒවා ලාබ ලබන තත්ත්වයට ගේන්න ක්‍රමයක් මිසක් වියදං කරලා හදපු දේවල් විනාශ කරලා දාන එක හරි කඩල බිඳලා දාන එක නෙමෙයි...

      ඒකවත් තේරුම් ගන්න බැරිකම තමයි නියම මරිමෝඩ බයිකම...

      Delete
  15. පැරෝ මේකනම් වැරදියි, "මෙම ධ්‍රැව දෙක කිසි ලෙසකින්වත් එකට ඇලෙන්නේ නැත. සෙස්සන් ආකර්ෂණය කර ගත්තත්, උත්තර හා දක්ෂිණ ධ්‍රැව එකිනෙකා විකර්ශනය කර ගනියි."

    ඇත්තටම වෙන්නෙ මේකෙ අනිත් පැත්ත​. සිඞ්හලෙන් කොටන්න කම්මැලිනිසා මම wikipedia එකේ link එකක් දාන්නම්. අදහස ඔබේ හරි, තාක්‍ෂණික කරුණු වැරදියි

    https://en.wikipedia.org/wiki/Magnet#Magnetic_moment

    වැරදිනම් බාහු සහෝදරයාගෙන් අහගන්න​. මා දන්නා පරිදි ඔහු double PhD කාරයෙන්. එකක් electromagnetism සම්භන්දව​

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා