දියවැඩියාව දේශපාලන ප්‍රශ්නයක් ලෙස (දේශපාලනය අන් තැනක)

දියවැඩියාව සෞඛ්‍ය ප්‍රශ්නයක් බව නො පිළිගන්නා කෙනෙක් නැත. 

දියවැඩියාව ජනගහණ ප්‍ර‍ශ්නයක් ලෙස නම් වන ලිපියේ අරමුණ එය ජනගහණ ප්‍රශ්නයක් බව පෙන්වා දීමයි. 

ඒ අනුව එය ජන විද්‍යාත්මක ප්‍රශ්නයක් ලෙස ද සැලකිය හැකි ය. 

එය දේශපාලන ප්‍රශ්නයක් නො වේ ද?

කුමාර් ගුනරත්නම්ගේ මව ඔහු දියවැඩියා රෝගියකු බව පැවසුවා ය.

ප්‍රභාකරන් දියවැඩියා රෝගියෙකි. 

ඇන්ටන් බාලසිංහම් මිය ගියේ දියවැඩියාව නිසා ඇති වූ රෝග නිසා ය. 

දක්ෂිණාංශික, වාමාංශික, ලිබරල්, ජාතිකවාදී භේදයකින් තොරව ලංකාවේ බොහෝ දේශපාලන නායකයෝ දියවැඩියා රෝගීහු වෙති. 

දියවැඩියාව ද HIV/AIDS වැනි සුව කළ නො හැකි රෝගයකි. දියවැඩියාව HIV/AIDSවලින් වෙනස් වන්නේ එය බෝ නො වන රෝගයක් නිසා පමණි. 

දියවැඩියාව ද HIV/AIDS ද හේතුවෙන් මාරාන්තික රෝග තත්වයන් රැසක් ඇති වේ. 

සුව කළ නො හැකි වුවත්, නිසි ප්‍රතිකාර ලබා ගන්නේ නම් දියවැඩියා රෝගීන්ට මෙන් ම HIV/AIDS රෝගීන්ට ද දිගු කලක් ජීවත් විය හැකි ය. 

ලංකාවේ ජනගහණයෙන් පහෙන් එකක් දියවැඩියාවෙන් පෙළෙති. දේශපාලන නායකයන්ගෙනුත් අවම වශයෙන් පහෙන් එකක් දියවැඩියාවෙන් පෙළෙති. දියවැඩියාවට හේතු වන තත්වයන්ට වැඩිපුර නිරාවරණය වීම නිසා දේශපාලන නායකයන් අතර දියවැඩියාව වැඩි වන්නට ද පුළුවන. 

මෙවැනි තත්වයක් තුළ දියවැඩියාව ලංකාවේ දේශපාලනයට බල නො පාන්නේ යයි කිසිවෙකුට තර්ක කළ හැකි ද? 

එහෙත්, කිසිවෙක් එය දේශපාලන ප්‍රශ්නයක් ලෙස සලකන්නේ නැත්තේ ඇයි? 

අපි සාමාන්‍යයෙන් දේශපාලනය සොයන්නේ අපට පහසු තැන්වල විතර ය. හරියට නස්රුදීන් වෙන තැනක වැටුණු යතුර පහන් කණුවේ ආලෝකය යට සෙව්වා වැනි ය. අප නො සිතන බොහෝ තැන්වල දේශපාලනය ඇත. 

සමාජවාදය වෙනුවෙන් දුවමු, බයිසිකල් පදිමු වගේ වැඩ දේශපාලනික නැද්ද? හිතමුද බලන්න එහෙම වැඩක් කරන්න. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ජෝන් ඩෝ (John Doe) යන නාමය බටහිර රටවල පාවිච්චි කරන්නේ කිසියම් නාඳුනන පුද්ගලයෙකු හැඳින්වෙන අන්වර්ථ නාමයක් ලෙසයි... එහි කාන්තා පදය වන්නේ ජේන් ඩෝ (Jane Doe) යන්නයි...
    නමුත් දිවයිනේ කීර්ති වර්ණකුලසූරියට අනුව ජර්මානු පුවත්පතේ දැක්වෙන පරිදි ඔහු සැබෑ පුද්ගලයෙකි....

    The names "John Doe" or "John Roe" for men, "Jane Doe" or "Jane Roe" for women, or "Johnnie Doe" and "Janie Doe" for children, or just "Doe" non-gender-specifically are used as placeholder names for a party whose true identity is unknown or must be withheld in a legal action, case, or discussion.

    පැනමා කළු සල්ලි ගැන හෙළි කර ලොව කැළඹුවේ "ජෝන් ඩෝ"

    කීර්ති වර්ණකුලසූරිය

    පැනමාවේ කළු සල්ලි ජාවාරම හෙළි කරමින් මුළු ලොවම කැළඹූ පුද්ගලයා ජෝන් ඩෝ නමැත්තකු බව ජර්මනියේ සෙයිට්‍රන් පුවත්පත ඊයේ (12 දා) මුල්වරට අනාවරණය කර ඇත.

    ජෝන් ඩෝ තම පුවත්පතට කළු සල්ලි හිමිකරුවන් සම්බන්ධ රහස්‌ ලියවිලි මිලියන 11 ක්‌ ලබාදුන් බවද සෙයිට්‍රන් පුවත්පතේ කර්තෘ වුල්චැන් ක්‍රෑම් අනාවරණය කළේය. මෙලෙස ලබාදුන් තොරතුරු නිවැරදි බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇත.

    එහෙත් ජෝන් ඩෝ පදිංචිව සිටින්නේ කුමන රටේද යන්න ගැන සෙයිට්‍රන් පුවත්පතේ කර්තෘවරයා හෙළිකර නැත.

    http://www.elakiri.com/forum/showthread.php?s=82984dc3fd29643e9cf1d07cf32fb675&t=1736535

    ReplyDelete
    Replies
    1. හපොයි කීර්ති...Aru

      Delete
    2. කීර්ති වර්ණකුලසුරිය? අර දිවයිනේ කීර්තිමත් ආරක්ෂක විශ්ලේෂක තුමා නේද? එතුමාගේ ලියවිලි නම් අපූරුයි. ඔය වැඩේ බූරුවකුට දුන්නා නම් ඔයිට වැඩිය හොඳින් කරයි.

      Delete
    3. කීර්ති ඔය වැඩේ දීපන් බූරුවෙකුට

      Delete
    4. බුරුවටත් කෙලවන්න හදන්නේ ...නැහැ එකාම ඕක කරපු දෙන් අපි කියවන්න කලින් බලනවා කවුද ලිව්වේ කියලා ඉතින් ඊට පස්සේ .....

      Delete
  2. දියවැඩියාවෙන් හරි කමක් නෑ මැරිලා යන්න ඕන උන් සෙට් එක මැරිලා යනවනන්... දැන් ප්‍රබාකරනුත් නැති එකේ....

    ReplyDelete
  3. පැරා ඔබටත් පවුලේ අයටත් සුහ නව වසරක් වේවා!
    මෙට දියවැඩියාවේ දේසපාලනය නම් තෙර්න්නේ නෑ.

    නමුත් ඔබටත් සිතන්න යමක් කියන්නම්. අප සියලු දෙනා එක් කාලයක පාසැල් ගියා ඔබට මතකද අඩුගානේ එක ළමයෙක් දියවැඩියාවෙන් පිඩා විදපු මම පාසැල් ගියේ ඔබගියාට බහෝ කලකට පසුවයි නමුත් මටත් එකම පන්ති සගයෙක් වත් දියවැඩියාවෙන් පිඩා විදිනවා දැකල නෑ.

    දැන් ඔබ සොයාබලන්න වයස 10 දරුවන් ගෙන් 10% ට දියවැඩියාව තියනවා එකවර ජනතාවගෙන් මෙපමණ පිරිසකට මෙය වැළදීමට හේතුව කුමක්ද ? ඔබ සැක කරන්නේ කුමක්ද ?

    ReplyDelete
    Replies
    1. දියවැඩියාව ඇති වන්නට හේතු මෙය සමග සම්බන්ධ කර තිබෙන ලිපියේ දැක්වෙනවා.

      Delete
    2. ස්තුතියි ලිපිය කියෙව්වේ දැන්. එහි සදහන් සියලු කරුණු දියවැඩියාවට අඩුවැඩි ලෙස හේතු විය හැකියි. නමුත් මුලිකම හේතුව අදික ලෙස වස ගසන ලද ආහාර සහ ජාන වෙනස්කරන ලද ආහාර (තිරිගු පිටි ) බව ඔබ කල්පනාවෙන් බැලුවහම පෙනෙයි. පසුගිය දශකයේ වෙනස්වුනේ මේ විචල්‍යන් විතරයි.

      මෙහිදී කෙනෙකුට කියන්න පුළුවන් මිනිසුන් අග වෙහෙසා වැඩ නොකරන බව නමුත් ඔබ ගොවියන් බැලුවොත් ඔවුන් ඇග වෙහෙසීම සිදුකරනවා, ඔවුන්ටත් දියවදියව තියනවා. මිට වසර 7 කට පමණ පෙර මගේ මාම කෙනෙක් ශ්‍රී ලංකාවේ පිටිසර ගමකට ගොස් තියනවා, මෙය තරමක ජනගහනය ඇති ගමක් එහි ෆාමසියක් පවා තිබිල තියනවා. ඔහු උත්සහ කර තිබෙනවා දියවැඩියාවට උවමනා බෙහෙත් මිලදීගන්න. නමුත් මෙහි තිබිල නෑ එම බෙහෙත් ඇහුවහම කියල තියනවා මෙහෙ යට ඒ ලෙඩේ නැතිබව.

      Delete
    3. //පසුගිය දශකයේ වෙනස්වුනේ මේ විචල්‍යන් විතරයි.// :D

      ජීවන රටාව සම්පූර්ණයෙන්ම වෙනස් වුනා. මානසික ආතතිය පොඩි ලමයින්ගේම ඉදල. ඉතින් ශරීරයේ ඇඩ්රිනලීන් වැඩිවෙනකොට දියවදියව නොහැදී තියෙනවද ? 2005 වගේ කලේ ඉදලම රන් දෙපැය කියලා පොඩි ළමයාගේ ඉදලම රාත්‍රී අහර ගන්න ගමන් බලන්නේ ලේ ප්‍රකෝප කරනවන ටෙලිනාට්‍ය. ඉතින් දිය වැඩියාව නොහැදී තියේවිද ?

      රසායනික පොහොර සහ පලිබෝධ නාශක
      රසායනික පොහොර සහ පලිබෝධ නාශක භාවිත නොකර ඉන්න පුළුවන් කියන එක නම් මම විශ්වාස කරන්නේ නැහැ. නමුත් ලංකාවේ ඒවා භාවිත කිරන්නේ වගකීම් රහිතව වීමයි තිබෙන ගැටලුව. මන් හොද උදාහරනයක් කියන්නම්, ගෝව වවන මනුස්සය බෙහෙත් ගහල දවස් දෙකෙන් ගෝව ටික කපනවා ගානකට අවොතින්. බෙහෙත් ගැහුවම කපන්න කලින් තියන්න ඕනේ කාලය ගැන, ඒවා කපල කන මිනිස්සු ගැන හිතන්නේ නැහැ. රසායනික පොහොර සහ පලිබෝධ නාශක කියන දේ ලෝකේ ඇරඹුණේ ඇයි කියනඑක අමතක කරලා ඒ ප්‍රශ්නේ ඇගේ හයියට විසදන්න බැහැ.

      නමුත් රසායනික පොහොර සහ පලිබෝධ නාශක ද්‍රවුය වගකීමෙන් සහ ප්‍රවේශමෙන් පරිහරණය කරන්න කියන වැදගත් පණිවිඩය සහ දැනුවත් කිරීම කරන්න පුළුවන් නම් එය ගොඩක් වැදගත් වේවි.

      Delete
    4. //මානසික ආතතිය පොඩි ලමයින්ගේම ඉදල//

      1995 දී පාසල් අද්‍යාපනය අවසන් කල මටත් ආතතිය තුබුන සමහර විට අපට වඩා වසර 20ක් වැඩිමල් අයට එහෙම නොතිබුනා වෙන්න ඇති.

      //2005 වගේ කලේ ඉදලම රන් දෙපැය කියලා පොඩි ළමයාගේ ඉදලම රාත්‍රී අහර ගන්න ගමන් බලන්නේ ලේ ප්‍රකෝප කරනවන ටෙලිනාට්‍ය. ඉතින් දිය වැඩියාව නොහැදී තියේවිද ?//
      මේකෙනම් අත්තක් ඇති 1997 විතර මම රුපවාහිනිය නැරබීම අතහැරිය.

      //රසායනික පොහොර සහ පලිබෝධ නාශක භාවිත නොකර ඉන්න පුළුවන් කියන එක නම් මම විශ්වාස කරන්නේ නැහැ.//

      මමනම් විස්වාස කරනවා සුද්දන්ගේ ලොකුම සුද්ද වන චාර්ල්ස් කුමාරයා රසායන පොහොර වලින් තොරව වගා කරන්නේ මිට වසර 30කට කිට්ටු කලකට පෙර https://www.youtube.com/watch?v=LbJgNXgppkI

      // පලිබෝධ නාශක කියන දේ ලෝකේ ඇරඹුණේ ඇයි//
      ඔබ දන්නවද ඇයි කියල හොයල බලන්න මොන්සේන්ටෝ වල ඉතිහාසය, ඔවුන් ලෝක යුද්ද වලට යුද ආයුද සහ රසායන ද්‍රව්‍ය නිපදවපු සමාගම්. ඔවුන් නිර්මාණය කරගන්නවා නව වෙළදපොලක් ඔවුන්ගේ මිනීමරු රසායන සදහා.


      //නමුත් රසායනික පොහොර සහ පලිබෝධ නාශක ද්‍රවුය වගකීමෙන් සහ ප්‍රවේශමෙන් පරිහරණය කරන්න කියන වැදගත් පණිවිඩය සහ දැනුවත් කිරීම කරන්න පුළුවන් නම් එය ගොඩක් වැදගත් වේවි. //

      ඔබ මේගැන තව සොයාබලන්න හැම දේම හැන්දෙන් පොවන්න ඕනේ නෑනේ

      Delete
    5. //මේකෙනම් අත්තක් ඇති 1997 විතර මම රුපවාහිනිය නැරබීම අතහැරිය.//

      ඉතින් ඉන්ටෙර්නෙට් එකත් අතෑරලා වනගත වෙලා වස නැතිව ඔයාම වවාගෙන ඔයාම කාල ඉන්නකෝ අපිට බයිලා ගහන්නේ නැතුව.

      නලින්ද සිල්වාගේ ගොන් ආතල් ඩබල් කරලා දෙන්න එන මෝඩ පිස්සු හු$%නෙක්

      Delete
  4. බරපතල රෝගයකින් පෙළෙන කෙනෙක් මානසිකව සන්සුන් පුද්ගලයෙක් නෙමෙයි. එහෙම අය ගන්නා තීරණ තීන්දුවලට ඔවුන්ගේ රෝග තත්වයනුත් බලපානවා. ඒකයි මං කියන්නේ මෙය දේශපාලනයට සම්බන්ධයි කියලා.

    ReplyDelete
  5. "අඞු පැණි රසට හුරුවෙමු"
    "දියවැඩියාව දුරු කරමු"

    ReplyDelete
    Replies
    1. සීනිකන්නම ඕනේ නැහැ දියවැඩියාව හැදෙන්න.ඒ රාජිතට සීනි වලට බදු ගහන්න ඕනේ වෙලා කියන බයිලා.

      බත් වල පිෂ්ටය හොදටම ඇති දියවැඩියාව හැදෙන්න.

      Delete
    2. දේශපාලඥයන්ගේ බයිලා නම් මමත් ගණන් ගන්නේ නැහැ.මම1999 වසරේ සිට දියවැඞියා රෝගියෙකි.ඔබතුමා පවසා ඇති කරුණ අනුව තුන් වේලටම බත් කන ගැමි ජනතාව අතර දියවැඞියා රෝගය බහුල විය හැකිය.

      Delete
    3. සීනිකන්නම ඕනේ නැහැ දියවැඩියාව හැදෙන්න.ඒ රාජිතට සීනි වලට බදු ගහන්න ඕනේ වෙලා කියන බයිලා.
      එතකොට සීනී පරිභෝජනය අඞුවී බද්දෙන් බලාපොරොත්තු ආදායම
      අඩුවනවා නොවේද?

      Delete
    4. //තුන් වේලටම බත් කන ගැමි ජනතාව අතර දියවැඞියා රෝගය බහුල විය හැකිය//

      බත් විතරක් නෙවෙයි පාන් අල වර්ග ඇතුළු කෑම වල තියෙන පිෂ්ටයත් දියවැඩියාව හැදෙන්න ප්‍රමාණවත්. තුන් වේල බත් කන ගමේ මිනිස්සුන්ට දියවැඩියාව හැදෙන්නේ නෑ කියල හිතාගෙන ඉන්නවා නම් ලොකු වැරදීමක්.

      පිෂ්ටය අඩු කෑම වර්ග, උදාහරණ ලෙස අලුත් අමු එළවලු පලාවර්ග, පලතුරු වර්ග තන්තු බහුල ආහාර වගේ දේවල් කෑමට ගැනීම වඩා සුසුදුයි. ඒවගේ පිෂ්ටය නැති වගේම ජීර්ණය වෙන්න ගොඩක් වෙලා යන නිසා ගොහො වෙලාවක් යනතුරු නැවත වෙනත් ආහාර ගන්න ඕනේ වෙන්නෙත් නැහැ.

      Delete
    5. බහුල විය හැකිය යන්නෙහි අදහස?

      Delete
  6. ඇන්ටන් බාලසිංහම් ගේ සිද්ධිය "විතරක්" අරගත්තොත් දියවැඩියාව හරි දේශප්‍රේමී රෝගයක්.
    HIV/AIDS දේශප්‍රේමී වෙන්නේ කවදාද කොහොමද කියලාත් සමහරවිට අපිට දැනගන්න දකින්න පුළුවන් වෙන්නත් බැරි නැහැ.

    ReplyDelete
    Replies
    1. නායක හාමුදුරුවරුත් මැරෙන්නෙ දියවැඩියාවෙන්

      Delete
    2. නිකන් පලයන් බූරුවෝ වැල් බයිල කෙලින්නෙ නැතුව. තොපි වගේ ආතක් පාතක් නැති අවජන්මික අනාථ අපතයින්ට හැම රෙද්දටම දේශප්‍රේමෙ පලි. තොපේ කාලකණ්ණි දේශප්‍රේමෙ රෝල් කරල පුකේ ගහගනින්. එතකොට ඔය දේශප්‍රේම රෙද්ද ඇලජික් වෙලා හැදිච්ච පාචන ගූ යන ලෙඩේ ටිකක් වත් අඩුවෙයි.

      Delete
  7. දියවැඩියාව වැලක්වීමට නම් පළමුව සීනි මිලදී ගැනීම නතර කල යුතුයි... සීනි යනු අප අමතරව ගත යුතු දෙයක් නොවේ. අප කන සෑම දෙයකම සීනි තිබේ..(බත්, එළවලු, පලතුරු,)
    මම හිතන විදිහට ලංකාවේ අයට පළමුව සීනි නැතිව තේ බීමට පුරුදු කල යුතුයි..
    ඒවගේම අපි කඩෙන් බඩු ගන්නා විට එහි ඇති සීනි ප්‍රමාණය බලන්නත් පුරුදු වෙන්න ඕනේ.. සාමාන්‍යයෙන් 100g වල සිනි 5 g වලට අඩු ආහාර තමා පුළුවන් තරම් ගන්න ඕනේ..

    ReplyDelete
  8. දියවැඩියාවත් සදේශපාලනිකයි. මොකද දියවැඩියා තත්ත්වයකින් හෝ දේශපාලනයේ ව්‍යූහාත්මක වෙනසක්, අඩුම තරමේ සංශෝධනයක් වෙනවානම් එය ඉතාම වැදගත්. විශේෂයෙන්ම බොහොමයක් දේශපාලන ලෝකයේ පාලක තනතුරු දරන්නන්ගේ විෂම පැවැත්ම එක්කයි දියවැඩියාව ඔවුන් සොයාගෙන එන්නේ. සමහර වෙලාවට කොටි හිටියනම් හොඳයි කියලා හිතෙන්නේ බෝම්බයක්වත් ගහලා එලොව යවන්න ඕන එවුන් ආතල් එකේ බඩ පිනුම් ගහද්දියි. කොටි නැති එකේ දියවැඩියාවවත් පිහිටට එයිද

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. you will never be able to cotrol Diabetes when u cosume arificial milk powder which cotain lot of fat and malted milk
    most even do not know malt which is actually Barley, far inferior to other cereal and hence used as a animal feed
    Other contributary factor is consumption of FISSY drinks
    We have coconut water its value is now understood by everyone in World except in Srilanka

    ReplyDelete
    Replies
    1. එදා ඇහැට දකින්න නොතිබුනු පොල් වතුර දැන් එංගලන්තේ ප්‍රධාන සුපර්මාකට් එකේ ඉඳන් පොඩි පොඩි පත්තර කඩ දක්වා ව්‍යාප්ත වෙලා. හොඳ ඉල්ලුමක් තියෙන්නේ. හැබැයි ඒ එක බ්‍රෑන්ඩ් එකක්වත් ලංකාවේ නෙමෙයි.

      මෑත කාලේ මෙවැනිම ඉල්ලුමක් හදාගත් බීම වර්ගයක් තමයි Aloe vera කෝමාරිකා පානය.Aru.

      Delete
  11. කවුරුහරි දන්නා එකෙක් කියපල්ලා දියවැඩියාවට ඇත්තටම හොඳ දේශීය අවුෂදයක් ඒකෙ තියෙන අහිතකර බලපැමුත් එක්ක... එක එකා කියන ඒවා බිලා මට ඇති වෙලා.. :/

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා