Posts

Showing posts from June, 2023

සුවිසල් පරිවර්තන දෙකක් සිදුවන දින කීපයක්

Image
අජිත් පැරකුම් ජයසිංහ මේ සතිය අර්බුද දෙකක සතියකි. පළමුවැන්න වඩා වැදගත්ය. එය අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන සමග සම්බන්ධය. ජුලි මස සිට එම ප්‍රතිලාභ ලබාදෙන අයගේ තාවකාලික ලැයිස්තුවක් ප්‍රසිද්ධ කරන ලදි. ඒ සමගම තැන් තැන්වල උද්ඝෝෂණ ආරම්භ විය. සමෘද්ධිය ලැබුණු පිරිසකගේ නම් ලේඛනයේ නැති බව කියැවිණි. එසේම, සුදුසු නැති අයගේ නම් ලේඛනයේ ඇති බව ද කියැවිණි. රජය පැවසුවේ, ලේඛනය නිවැරදි කිරීම සඳහා වහා අභියාචනා හා විරෝධතා ලබාදෙන ලෙසයි. ඒ සඳහා ජුලි 10 දක්වා කල් ලබා දී තිබේ. අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ක්‍රමය නිවැරදි කිරීම සඳහා ක්‍රමවේදය එයයි. එහෙත්, සිදුවන්නේ වෙනත් දෙයකි. පොහොට්ටුවේ සිට සජබ, ජවිපෙ, එක්සත් ජනරජ පෙරමුණ හරහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය දක්වාම විරෝධතාවාදීන් කියන්නට පටන් ගත්තේ එකම දෙයකි. එනම්, තට්ටු දෙකේ ගෙවල් තියෙන අයට දීලා, දුප්පතුන් කපලා වැනි පොදු කතාය. ඔවුන් මෙසේ කියන්නේ කිසිදු සාක්ෂිමය පදනමකින් තොරව බැලූ බැල්මෙනි. නැතිනම්, හැමෝම කියන නිසාවෙනි. බොහෝ දේශපාලන ක්‍රියාධරයන් මෙතෙක් කල් අස්වැසුම ගැන කිසිදු අවධානයක් යොමු නොකළ අතර ඔවුන්ට එය පසුබිමේ සිදුවූ දේ ගැන අවබෝධයක් ද නැත. විස්මිත කරුණ වන්නේ මෙත

ශ්‍රී ලංකාව වධහිංසනයේ විෂම චක්‍රයක ගොදුරක්

Image
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති සංඛ්‍යා ලේඛන අනුව වධහිංසනය සිදු කිරීම සම්බන්ධයෙන් 2021 වර්ෂයේදී පැමිණිලි 302ක්ද අවමන් සහගත සැලකීම් සම්බන්ධ පැමිණිලි 12ක්ද සමස්තයක් ලෙස පුද්ගල නිදහස සීමා කිරීම සම්බන්ධ පැමිණිලි 1616ක් ද ලැබී ඇති අතර 2022 වර්ෂය වන විට වධහිංසනය සම්බන්ධයෙන් පැමිණිලි සංඛ්‍යාව 560ක් දක්වා ද අවමන් සහගත සැලකීම් සම්බන්ධයෙන් පැමිණිලි සංඛ්‍යාව 16ක් දක්වා ද සමස්තයක් ලෙස පුද්ගල නිදහස සීමා කිරීම පිළිබද පැමිණිලි සංඛ්‍යාව 2228ක් දක්වාද වර්ධනය වී ඇති බව පෙන්වයි. ලංකාව වධහිංසනයට එරෙහි ජාත්‍යන්තර සම්මුති අත්සන් කර ඒවා අපරානුමත කිරීම සඳහා නීති ද සම්පාදනය කර තිබෙන රටකි. වධහිංසනයෙන් කෘෘර අමානුෂික හා අවමන් සහගත සැලකිලි සහ දඩුවම් වලින් මිදී සිටීමේ නිදහස මූලික අයිතිවාසිකමක් ලෙස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම සහතික කර ඇත. 1994 අංක 22 දරණ වධහිංසනයට, කෘෘර අමානුෂික සහ අවමන් සහගත සැලකිලිවලට එරෙහි ජාත්‍යන්තර සම්මුති පනත මගින් වධහිංසනය අපරාධ වරදක් බවට පත් කර ඇත. එම සම්මුතියට ශ්‍රී ලංකාව අත්සන් තබා අවුරුදු 25කට අධිකය. පනත ක්‍රියාත්මක කර වසර 25ක් යන තෙක්ම එම පනත යටතේ පවරා ඇති නඩු ප්

අරාජිකවාදී පොදු ප්‍රවාහනය විධිමත් කිරීම

Image
  ලංකාවේ අරාජික වෙළඳපොළ බලවේග අතර ප්‍රවාහන ක්ෂේත්‍රය සුවිශේෂීය. දුම්රිය සේවය නිලධාරිවාදයට හා වෘත්තීය සමිති අරාජිකවාදයට යට වූ අකාර්යක්ෂම සේවාවකි. මේ වන විට එන්ජිමේ එල්ඊඩී ලයිට් ඇටවූ දුම්රිය ද ඉඳහිට දක්නට ලැබේ. අරගල සමයේදී ‘කපුටු කාක් කාක් කාක් – බැසිල් බැසිල් බැසිල් බැසිල්’ තාලයට නලාව හඬවන දුම්රිය රියදුරන් මෙම සටහන තබන මා දැක තිබේ. නරකම තත්වය දක්නට ලැබෙන්නේ මගි බස් ප්‍රවාහනයේය. ලොරි චැසිවල බොඩි ගැසූ ඇතැම් පොදු ප්‍රවාහන ලේලන්ඩ් බස් හතර අතින් නිවෙන දැල්වෙන එල්ඊඩී ලයිට් සවි කළ, ඇතුළත නයිට් ක්ලබ් වැනි, සංගීත නලා පමණක් නොව සයිලන්සරයට සවි කරන ලද සද්දෙ වැඩි කරන නලා ද ඇති අමුතුම වාහන විශේෂයකි. මේවායින් ඇතැම් ඒවායේ බෝඩ් එක නිල්පාට නිසා ඒවායේ ගමන් ගාස්තුව සාමාන්‍ය ගමන් ගස්තුව වෙන් එකහමාරකි. අනෙක් බස්වලින් කිසිදු වෙනසක් නැති මුත්, ඒවාට අර්ධ සුඛෝපභෝගී යයි කියනු ලැබේ. රජය ජුලි මස පළමුවන දින සිට මේ බස් සේවාව නවත්වන බව කීවද ඒවායේ අයිතිකාරයන්ගේ අඬෝඇඬියාව හා වර්ජන තර්ජන දැන් ආරම්භ වී තිබේ. ඒ නිසා නතර වීම ෂුවර් නැත. බස්වලට දෙන රූට් පර්මිට් හෙවත් මාර්ග බලපත්‍ර ද රේඩියෝ හා රූපවාහිනී විකාශන බලපත්‍ර සේ අවිධි

ජනාධිපතිවරණයක් වෙනුවට ජනමත විචාරණයක් එයිද?

Image
  රනිල් වික්‍රමසිංහ යනු එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයකු නොවේ. මේ බව බොහෝ එක්සත් ජාතික පාක්ෂිකයන්ට තේරෙන්නේ නැත. ඇත්තම කියනවා නම් එක්සත් ජාතික පක්ෂය කියා එකක් ඇත්තේ ද නැත. තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවා ඇතැයි සිතාගෙන සිරිකොත වටේ කැරකෙමින් අතන මෙතන ඇති තනතුරුවලට තමන් පත් කර ගන්නා ආකාරය ගැන කතා කරමින් කාලය ගෙවන එක්සත් ජාතික පාක්ෂිකයන් ඇත්තෙන්ම කරන්නේ රනිල්ට ද හානියකි. මේ වන විට රනිල්ට කළ හැකි ලොකුම හානිය කරමින් සිටින්නේ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී වජිර අබේවර්ධනයි. තම මාසික ‘චේතනාව’ (වැටුපට ඔහු පාවිච්චි කරන වචනය) නොගන්නා බව කියන නවීන් දිසානායක වැනි අයට ආණ්ඩුකාරකම් දීම ද හානිකරය. මේ තනතුරු කාට හෝ දිය යුතු නිසා එක අතකට කමක් නැත. රනිල් වටා සිටින එක්සත් ජාතික පාක්ෂිකයන් අතරින් දේශපාලනය තේරෙන බවක් පෙනෙන්නේ සාගල රත්නායක, අකිල විරාජ් කාරියවසම් වැනි අතළොස්සකට පමණි. අනෙක් බොහෝ අය ඇත්තටම පවත්නා තත්වය විග්‍රහ කර නොගැනීම නිසා රනිල්ට වල කපමින් සිටින බව පෙනේ. ලංකාවේ ධනේශ්වර ක්‍රමය පරිවර්තනය කර රැකගැනීමේ හැකියාව ඇත්තේ රනිල් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැනි තවත් පක්ෂවලින් එක් වන අවබෝධයකින් යුත්

විද්‍යුත් විකාශන නියාමනයට වල කැපීම පවත්නා තත්වය රැකගැනීම වෙනුවෙනි

Image
  අජිත් පැරකුම් ජයසිංහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කළ යුතු බවට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් උද්දේශනය සිදුවන්නේ එම පනත මුලින්ම හඳුන්වා දුන් 1979 වර්ෂයේ සිටය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මුළුමනින්ම අහෝසි කළ යුතු යයි එක් පිරිසක් උද්ඝෝෂණය කරන අතර අනෙක් පිරිසට උවමනා වී ඇත්තේ වඩා විධිමත් ජාත්‍යන්තර ප්‍රමිතියේ නීතියකින් එය ප්‍රතිස්ථාපනය කිරීමයි. මෙම විසංවාදය හමුවේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම සඳහා දරන ලද සෑම ප්‍රයත්නයක්ම අසාර්ථක වී තිබේ. තවමත් එකී කෘර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඒ අන්දමින්ම ක්‍රියාත්මක වේ. ඒ සම්බන්ධයෙන් සතුටු වන පාර්ශ්වයන් අනෙක් පාර්ශ්ව දෙකටම කටින් අත වසාගෙන හිනා වෙනවා ඇත. විද්‍යුත් විකාශන නියාමනය සම්බන්ධයෙන් ද මේ වන විට රඟදැක්වෙන්නේ ද එම නාට්‍යයමය. නියාමනය අවශ්‍ය බව කිසිවෙකු ප්‍රතික්ෂේප කරන්නේ නැත. මතුකරන්නේ වෙනත් කාරණාය. එකී කාරණා බොහොමයක් තාක්ෂණිකය. ඒවා සාකච්ඡා කර වෙනස් කරගත හැකි බව රජය පවසයි. මේ වන විට විද්‍යුත් විකාශකයන්ගේ සංගමය සමග සාකච්ඡා කෙරෙමින් ද තිබේ. එහෙත්, ඒ අතර, එකී මාධ්‍ය විසින් ම තම විවිධාකාර ඉත්තන් මෙහෙයවමින් කරන්නේ කුමක්ද? මේ පනත මේ මොහොතේ අව

එක් සිසුවෙකු අන්තර්කරණයට පාසලක් කැපවෙන තරම

Image
  අන්තර්කරණ අධ්‍යාපනය යනු සියලුම දරුවන්ට පාසලට පැමිණීමට සහ ඔවුන්ගේ දියුණු වීම සඳහා අවශ්‍ය නිපුණතා ඉගෙනීමට සහ වර්ධනය කරගැනීමට සාධාරණ අවස්ථා ලබා දීමේ ඵලදායී ක්‍රමයකි. අන්තර්කරණ අධ්‍යාපනය ඔස්සේ විවිධ හේතූන් මත බැහැර කරන ලද කණ්ඩායම් සඳහා සැබෑ ඉගෙනුම් අවස්ථා උදා වේ. පාසල් ප්‍රජාවේ ආකල්ප වෙනස් කිරීමෙන් සහ සමහර විට යටිතල පහසුකම්වල සුළු වැඩිදියුණු කිරීම් මගින් ශ්‍රී ලංකාවේ පාසල් වඩාත් අන්තර්කරණ හිතවාදී කළ හැකිය. පාසල්වල අන්තර්කරණ අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සඳහා 2019 වසරේ සිට අධ්‍යාපන අමාත්‍යාංශය ජපානයේ ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) සමඟ එක්ව කටයුතු කරන අතර පාසල්වල අන්තර්කරණ අධ්‍යාපනය සිදුවන ආකාරය මෙම ලිපි මාලාවෙහිදී සමීපව නිරීක්ෂණය කරනු ලැබේ. මෙම කථා බොහෝ පාසල්වල සැබෑ ජීවිත අත්දැකීම් වන අතර ඒවා ශ්‍රී ලංකාවේ ඕනෑම පාසල් පසුබිමක ක්‍රියාත්මක කළ හැකිය. “මම දවසට තුන් පාරක් පාසලට එනවා. උදෙන් නැගිටලා  පුතා ලැහැස්ති කරගෙන කලින්ම පාසලට එනවා. දැන් එයා ශිෂ්‍ය නායකයෙකු නිසා වෙන සිසුන්ටත් කලින් පාසල් එන්න ඕනැනෙ. ඊට පස්සෙ විවේක කාලයට කලින් ඇවිත් පුතාට වැසිකිළියට යන්නට උදව් කරන්න ඕනැ. මම පාසල ඇරෙන්න

අස්වැසුමෙන් දිළින්දන්ට සහන හිමි වේද?

Image
අජිත් පැරකුම් ජයසිංහ සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට වර්තමානයේදී ශ්‍රී ලංකාවේ යෝජිත සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රම 31ක් තිබේ. ඒ අතරින් පහක් සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේදී ඉලක්ක කර තිබේ. ඒවා නම්, සමෘද්ධි, වැඩිහිටි ආධාර, වකුගඩු රෝග වැඩසටහන, ආබාධිත ආධාර වැඩසටහන සහ මහජන ආධාර වේ. කලාපීය චින්තන පර්ෂදයක් වන LIRNEasia විසින් මෑතකදී කරන ලද ජාතික නියෝජිත සමීක්ෂණයකින් පෙන්නුම් කළ පරිදි, රටේ ජනගහනයෙන් දුප්පත්ම දහයෙන් පංගුවෙන් 31%ක් පමණක් සමෘද්ධිය ලබන අතර විස්මයට කරුණ වන්නේ ධනවත්ම දහයෙන් පංගුවෙන් 4%ක් ද සමෘද්ධි සහනාධාර ලැබීමයි. 1989දී දියත් කරන ලද ජනසවිය වැඩසටහන දේශපාලනික හේතු මත 1994න් පසුව සමෘද්ධිය බවට පරිවර්තනය කරන ලදී. 2020 වසරේදී සමෘද්ධි ප්‍රතිලාභීන් සංඛ්‍යාව පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර විසින් අසන ලද ප්‍රශ්නයකට රජය වෙනුවෙන් පිළිතුරු ලබාදු ශෙහාන් සේමසිංහ රාජ්‍ය ඇමතිවරයා පහත දැක්වෙන කරුණු පෙන්වා දුන්නේය. 2020 සැප්තැම්බර් 01 දිනට සමෘද්ධි සහනාධාර ලැබූ මුළු පවුල් සංඛ්‍යාව 1,784,082කි. එය සහනාධාර වර්ගීකරණය අනුව පහත පරිදි වේ. ‍ වර්ගීකරණය පවුල් ස

ලංකාවේ පොළී අනුපාත තවත් අඩුවන ලකුණු. ණය ප්‍රතිව්‍යූහගතකරණයට එයින් තල්ලුවක්

Image
  – රොයිටර් සිකුරාදා පවත්වන ලද හදිසි මත විමසුමකදී, ආර්ථික විද්‍යාඥයින් සහ විශ්ලේෂකයින් දසදෙනෙකු රොයිටර් පුවත් සේවයට පැවසුවේ අගෝස්තු මාසයේ සිට ඉදිරි මාසවලදී තවදුරටත් පොළී අනුපාත කප්පාදුවක් අපේක්ෂා කරන බවයි. බහුතරයක් දෙනා පැවසුවේ, වසර අවසන් වන විට පොළී අනුපාත 13% සිට 10%-11% දක්වා අඩු වීම අපේක්ෂා කරන බවයි. දැනට පොළී අනුපාත 14% වේ. ශ්‍රී ලංකාවේ දරුණුතම මූල්‍ය අර්බුදය අවසන් වී ඇති බවට විශ්වාසයේ සලකුණක් ලෙස, මහ බැංකුව විසින් වසර තුනකට පසු සිය පළමු පොලී අනුපාත අඩු කිරීම පසුගිය බ්‍රහස්පතින්දා සිදු කළේය. පදනම් ලක්ෂ්‍ය 250කින් අනුපාත කප්පාදුවත් සමඟ වෙලඳපොලවල් මවිතයට පත් වූ අතර ආර්ථිකයේ ප්‍රබෝධයක් ඇති කිරීම සඳහා මාවතේ වෙනසක් එමගින් සනිටුහන් වන බව රොයිටර් පුවත් සේවය පවසයි. මෑත මාසවලදී අපේක්ෂා කර තිබුණාට වඩා තිරසාර අන්දමින් ඩොලර් ගලා ඒම වේගවත් වීම හා වැඩි වේගයකින් උද්ධමනය ලිහිල් වීම නිසා බලාපොරොත්තු වූවාට වඩා කලින් මූල්‍ය ප්‍රතිපත්ති ලිහිල් කිරීම ආරම්භ කිරීමටත් ආර්ථික වර්ධනය යථා තත්ත්වයට පත් කිරීමටත් මහ බැංකුවට අවස්ථාවක් ලැබී ඇතැයි විශ්ලේෂකයෝ පවසති. “මෙය භාණ්ඩාගාර බැඳුම්කර හරහා යම් දේශීය ණය ප්‍රති