ලංකාවේ පොළී අනුපාත තවත් අඩුවන ලකුණු. ණය ප්‍රතිව්‍යූහගතකරණයට එයින් තල්ලුවක්

 

– රොයිටර්

සිකුරාදා පවත්වන ලද හදිසි මත විමසුමකදී, ආර්ථික විද්‍යාඥයින් සහ විශ්ලේෂකයින් දසදෙනෙකු රොයිටර් පුවත් සේවයට පැවසුවේ අගෝස්තු මාසයේ සිට ඉදිරි මාසවලදී තවදුරටත් පොළී අනුපාත කප්පාදුවක් අපේක්ෂා කරන බවයි. බහුතරයක් දෙනා පැවසුවේ, වසර අවසන් වන විට පොළී අනුපාත 13% සිට 10%-11% දක්වා අඩු වීම අපේක්ෂා කරන බවයි. දැනට පොළී අනුපාත 14% වේ.

ශ්‍රී ලංකාවේ දරුණුතම මූල්‍ය අර්බුදය අවසන් වී ඇති බවට විශ්වාසයේ සලකුණක් ලෙස, මහ බැංකුව විසින් වසර තුනකට පසු සිය පළමු පොලී අනුපාත අඩු කිරීම පසුගිය බ්‍රහස්පතින්දා සිදු කළේය. පදනම් ලක්ෂ්‍ය 250කින් අනුපාත කප්පාදුවත් සමඟ වෙලඳපොලවල් මවිතයට පත් වූ අතර ආර්ථිකයේ ප්‍රබෝධයක් ඇති කිරීම සඳහා මාවතේ වෙනසක් එමගින් සනිටුහන් වන බව රොයිටර් පුවත් සේවය පවසයි.

මෑත මාසවලදී අපේක්ෂා කර තිබුණාට වඩා තිරසාර අන්දමින් ඩොලර් ගලා ඒම වේගවත් වීම හා වැඩි වේගයකින් උද්ධමනය ලිහිල් වීම නිසා බලාපොරොත්තු වූවාට වඩා කලින් මූල්‍ය ප්‍රතිපත්ති ලිහිල් කිරීම ආරම්භ කිරීමටත් ආර්ථික වර්ධනය යථා තත්ත්වයට පත් කිරීමටත් මහ බැංකුවට අවස්ථාවක් ලැබී ඇතැයි විශ්ලේෂකයෝ පවසති.

“මෙය භාණ්ඩාගාර බැඳුම්කර හරහා යම් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදුකිරීමේ අවශ්‍යතාවය පෙන්නුම් කළ හැකි අතර, එය විදේශීය ණය හිමියන් සමඟ සාකච්ඡා ඉදිරියට ගෙන යාමට උපකාරී වනු ඇතැයි අපි සිතමු,” යි Citi Bank ආර්ථික විද්‍යාඥයින් සටහනක ලියා ඇත.

“මහ බැංකුවේ අනුපාත ගැලපීම් ණය ගැනීමේ පිරිවැය කළමනාකරණය කිරීමට සහ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ තීරණවලට අනුග්‍රහය දැක්වීමට ද උපකාරී වනු ඇත” යනුවෙන් ෆස්ට් කැපිටල්හි පර්යේෂණ ප්‍රධානී දිමන්ත මැතිව් පැවසීය.

2023 දී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 2% කින් හැකිළෙනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරයි. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් පුරෝකථනය කරන ලද 3% හැකිලීමට වඩා තරමක් හොඳ ය. ආර්ථික විශේෂඥ ආයතන පහක් එය අනුමත කර තිබේ. ෆස්ට් කැපිටල් ආයතනය ඊට වැඩි 4.8%ක අගයකින් ආර්ථිකය හැකිළෙනු ඇති බව පවසයි. කෙසේ වෙතත්, මෙම සමීක්ෂණයට සහභාගී වූ එක් ආර්ථි විශේෂඥ ආයතනයක් වන කැපිටල් ඉකොනොමික්ස් 3%ක ආර්ථික වර්ධනයක් පුරෝකථනය කර තිබේ.

ඇසුරු කරගත් රොයිටර් වාර්තාව මෙතැනින්

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා