Posts

Showing posts from October, 2019

සිය දිවි නසාගැනීම්වලට හේතු කියන අධි සංවේදී පුවත්පත් කලාවට නිදසුනක්

Image
October 30, 2019   admin   Media   News ඊශා කප්පරගේ සැමියා මියයෑමෙන් ජීවත් වීමට මගක් නැති වෙලා මවක් දරු දෙදෙනා සමග ළිඳට පැනලා දරුවෝ මරුට; මවට අසාධ්‍යයි මේ අද දිවයින පුවත්පතට බීබීසී වෙනුවෙන් පවා සේවය කර පළපුරුදු මාධ්‍යකරුවකු වන දිනසේන රතුගමගේ විසින් ලියන ලද වාර්තාවක ශීර්ෂ පාඨයයි. මෙම කාන්තාව ළිඳට පැන්නේ සැමියා මියයාමෙන් පසුව ජීවත්වීමට මගක් නැති නිසා බව දිනසේන රතුගමගේ දැනගත්තේ කෙසේ ද? මෙම වාර්තාවේ මෙසේ දැක්වෙනවා: “එම කාන්තාවගේ ස්වාමි පුරුෂයා මීට දින දහයකට පමණ ඉහතදී රිය අනතුරකින් මිය යාමත් සමගම ඇය එම ශෝකයෙන් හා ජීවත්වීමට ආදායම් මාර්ගයක් නොමැති වීම නිසා දරුවන් සමග ළිඳට පැන තිබේ.” සැමියා මිය යාමෙන් පසු ඇය හා දරුවන් ජීවත් වී තිබෙන්නේ දින 10ක් පමණයි. ජීවත් වීමට ආදායම් මාර්ගයක් වෙනුවෙන් විකල්පයක් සොයා අසාර්ථක වෙන්නට තරම්වත් කලක් ඇය ජීවත් වී නැහැ. එසේ නම්, මෙම මාධ්‍යකරුවා සියදිවි නසාගැනීමට හේතුව දැනගත්තේ කෙසේ ද? සැමියාගේ මරණය වැනි ක්ෂතිමය අත්දැකීමකින් පසු යමෙකු විෂාධය තත්වයට පත්වෙන්නට පුළුවන්. සමාජයේ බොහෝ අය මෙම තත්වය තේරුම් ගන්නේ නැහැ. ඒ නිසා එවැනි අය නිසි මනෝ සමාජ උපකාර සඳ

සෞඛ්‍ය ප්‍රතිපත්ති: රාජ්‍ය වියදම් වැඩි කිරීම සහ ජාතික සෞඛ්‍ය රක්ෂණය

Image
October 30, 2019   admin   Health අජිත් පැරකුම් ජයසිංහ (2019 ඔක්තෝබර් 27 ලංකා පුවත්පතේ පළ විය) සෞඛ්‍යය ගැන ප්‍රධාන ප්‍රතිපත්තිමය කරුණු දෙකක් කෙරෙහි පසුගිය දිනවල අවධානය යොමු වුණා. ජාතික ජන බලවේගයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය එකක්. අනෙක, ප්‍රකාශයක් පමණක් වුවත්, එය ක්‍රියාත්මක වැඩපිළිවෙලක ඉදිරි පියවරක් පිළිබඳ කරන ලද ප්‍රකාශයක් ලෙස සැලකිය හැකියි. ජාතික සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයක් ස්ථාපිත කිරිම ආණ්ඩුවේ මීලඟ ඉලක්කය බව අගමැති රනිල් වික්‍රමසිංහ ජාතික සෞඛ්‍ය පර්යේෂණ සංසදයේ වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් පැවසුවා. ඉදිරි ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස ජයගත්තත්, ගෝඨාභය රාජපක්ෂ ජයගත්තත් මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීමේ හැකියාවක් තිබෙනවා. එසේම, ඕනෑම දෙයකට විරුද්ධ වීම ප්‍රතිපත්තිය කරගත් ව්‍යාපාරවල විරෝධය මතු වීමත් අපේක්ෂා කළ හැකි තත්වයක්. මොකක්ද මේ ජාතික සෞඛ්‍ය රක්ෂණය? ලංකාවේ අපට මෙය කුමක් ද යන්න තේරුම් ගන්නට අමාරුයි. ජර්මනියේ පදිංචි ශ්‍රී ලාංකිකයකු අපට එය පැහැදිලි කරදුන්නේ මෙසේයි: ජාතික සෞඛ්‍ය රක්ෂණයක් ක්‍රියාත්මක වන ලෝකයේ බොහෝ දියුණු රටවල වැඩ කරන ජනතාව ලබා ගන්නා වැටුපෙන් යම

සජිත්, ද පෑඩ්මෑන් සහ ඔසප් ස්වස්ථතාව

Image
October 30, 2019   admin   Life   Women අජිත් පැරකුම් ජයසිංහ, 2018 ජුනි 8දා රැස පුවත්පතේ ‘ඔසප් ස්වස්ථතාව විවෘතව කතා කළ යුතු ප්‍රශ්නයක්?’ මැයෙන් පළ විය නේපාලයේ ඇතැම් පිටිසර ප්‍රදේශවල තිබෙන චවුපදි නම් චාරිත්‍ර‍යට අනුව, ඔසප් සිදු වන දින කීපය තුළ ගැහැනු ළමයින් හා කාන්තාවන්ට නිවසින් බැහැරව තනන ලද වෙනම කිලි මඩුවක ජීවත් වන්නට සිදුවේ. මෙම කිලි මඩුවලදී සිදුවන සර්ප දෂ්ටන, සීතලට ගොදුරුවීම වැනි කරුණු නිසා කාන්තාවන් මියයාම නිසා මේ වනවිට මෙම චාරිත්‍ර‍ය නීතියෙන් තහනම් කර තිබේ. එහෙත්, තවමත් එය එහි සිදුවේ. අල් ජසීරා රූපවාහිනිය ඒ පිළිබඳ වාර්තා වැඩසටහනක් නිෂ්පාදනය කළේය. ශ්‍රී ලංකාවේ මෙවැනි අමානුෂික චාරිත්‍ර‍ දක්නට නොමැති වුණත්, වැඩි විය පැමිණීම, ඔසප් වීම, දරුවන් ලැබීම වැනි කාන්තාවන් සම්බන්ධ ජීව විද්‍යාත්මක කරුණු කිලි ලෙස සලකන අයුරු සිංහල සංස්කෘතියෙහි දක්නට ලැබේ. පුරාවිද්‍යාත්මක ස්මාරකයක් වන මඩුවන්වෙල වලව්වේ ‘මැණිකේලාගෙ කිලි කාමරයක්’ ඇති බව ක්‍රියාකාරී සමාජ මාධ්‍යකරුවකු වන ඉන්දික කොඩිතුවක්කු වරක් සටහන් කර තිබිණි. දෙමළ හා මුස්ලිම් සංස්කෘතිවල ද එවැනි ලක්ෂණ තිබේ. කිලි සංකල්පය පිළිබඳව 2011 ජනවාර

හඳට යානා යවන මිනිසුන්ට අඩි 26ක් යට සිර වූ දරුවකු බේරාගැනීමට බැරි වූයේ ඇයි?

Image
October 29, 2019   admin   Life   News තමිල්නාඩුවේ දෙහැවිරිදි සුජිත් විල්සන් දරුවාගේ මරණය ප්‍රශ්න රැසක් ලොව හමුවේ තබයි. සඳ වෙත යානාවක් යවන්නට සමත් වූ ඉන්දියාවට අඩි සියයකට අඩු දුරක් පොළවේ කුහරයක සිර වී, දුක් විඳ, සෙමින් මිය ගිය දෙහැවිරිදි දරුවකු බේරාගැනීමට බැරි විය. තමිල්නාඩුවේ ට්‍රිචිහි පවුලේ වගා ඉඩමක පසුගිය 25දා, සිකුරාදා සවස 5.45ට පමණ සෙල්ලම් කරමින් සිටි සුජිත් වැටුණේ ජලය ලබාගැනීම සඳහා හාරනු ලැබ, නොවසා අත්හැර දැමූ පටු ළිඳකට ය. එයට වැඩිහිටියකු වැටෙන්නට ඉඩක් නැත. වැඩිහිටියා එහි මුල ම හිර වෙයි. එහෙත්, දරුවා මුලින් අඩි 26ක් යට සිරවුණේ ය. ඔහුගේ අත්වලට මදු දමා ඔහු බේරාගැනීමට උත්සාහ කරන අතරතුර ඔහු අඩි 88ක් දක්වා කීපවරකට පහළට වැටුණේ ය. එසේ වැටෙන අතරතුර ඔහු බරපතල තුවාල ලබන්නට ඇත. මෙම වරද සිදුවන්නේ ද රොබෝ තාක්ෂණික බේරාගැනීමේ උපකරණ පවා භාවිතා කළ අත්දැකීම් සහිත කණ්ඩායම් අතිනි. එහෙත්, එය දරුණු අත්වැරැද්දකි. මෙම රොබෝ උපකරණ පවා නිසි ලෙස වලංගු බවට පත් කරන ලද ඒවා නොවේ. ඊළඟ මෙහෙයුම සෙනසුරාදා උදයේ ආරම්භ කරන ලදී. ඒ වල අසලින් තවත් වලක් හාරා, හරස් අතට ගොස් දරුවා වෙත සමීප වීමයි. එහෙත්, බැකෝ යන්

දෙමළ යෝජනා රෑ වැටුණු වලේ දවලුත් වැටෙන්නට ද?

Image
October 28, 2019   admin   Politics යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සහ උතුරේ ක්‍රියාකාරී ප්‍රධාන දේශපාලන පක්ෂ පහක් එක්ව සියලු අපේක්ෂකයන් වෙත ඉදිරිපත් කර තිබෙන යෝජනාවලිය අතිශය වැදගත් ය. බොහෝදෙනෙකු ඒවා ඉතා සරල ලෙස ජාතිවාදී කොන්දේසි ලෙස දක්වා තිබේ. මේ ගැන දිවයින පුවත්පතේ පළ වූ වාර්තාවකට අනුව, “දෙමළ සන්ධානය විසින් ගෙන ආ යෝජනා සලකා බලනවා තබා අදාළ ලියැවිල්ල කියවා බැලීමට හෝ පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු නොකළ බව සම මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. සුළු ජන කොටස් සඳහා ශී‍්‍ර ලංකාව තුළ ජීවත් වීමේ පූර්ණ අයිතිය සපයා ඇති මොහොතක ඔවුන් සමග යෝජනා සම්මත කරගැනීමක් කිසිසේත්ම අවශ්‍ය නැති බවත්, ඒකීය රටක එක් නීතියක් යටතේ ජීවත් වීමට අවශ්‍ය පසුබිම සහ ජාතික ආරක්ෂාව පොදුවේ සැමට සමව ලබා දීමට තමන් කටයුතු කරන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කරන බවද හෙතෙම කීය.” මේ ප්‍රකාශය ම ගැටලු සහගත ය. සුළු ජන කොටස් සඳහා ශ්‍රී ලංකාව තුළ ජීවත් වීමේ පූර්ණ අයිතිය ලබා දී තිබේ ය කියන්නේ එය මහ ජාතිය විසින් ඔවුන්ට ලබා දී තිබෙන වරප්‍රසාදයක් යන අදහස දෙන ප

ලංකාවේ අන්තවාදීන්ටත් නායකත්වය දුන් බග්දාදි කවුරු ද?

Image
October 27, 2019   admin   Crime   People   Politics   Terrorism එක්සත් ජනපද ප්‍රහාරයක් අතරතුර බෝම්බ පුපුරවාගෙන අද මිය ගිය බව සැලකෙන ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ නායක අබූ බකර් අල් බග්දාදි උපන්නේ 1971දී ඉරාකයේ ය. පාඩම් කටයුතුවලදී අදක්ෂ වීම හේතුවෙන් අධ්‍යාපනයෙන් විශිෂ්ටත්වයක් නොපෙන්වූ බග්දාදි දුර්වල ඇස් පෙනීම නිසා ඉරාක හමුදා සේවයට පවා තෝරාගත්තේ නැත. පසු කලෙක අල්-කයිඩා ත්‍රස්ත සංවිධානයේ ඉරාක නායකයා වූ ඔහු පසුව එයින් බිඳී ගොස් ඉස්ලාමීය රාජ්‍ය (IS) ත්‍රස්ත සංවිධානය බිහි කළේ ය. සිරියාව ද සම්බන්ධ කරගනිමින් පැරණි ස්වරූපයේ ඉස්ලාමීය කාලිෆ් රාජ්‍යයක් පිහිටවූ බව ඉරාකයේ හා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යය (ISIS) සංවිධානය 2014දී නිවේදනය කළේ ය. අල්ලාගත් ඉරාකයේ මොසුල් නගරයේදී පළමු වරට ප්‍රසිද්ධියේ පෙනී සිටිමින් තමන් ලොව ඉස්ලාමීය ජනයාගේ නායක කාලිෆ්වරයා බව ස්වයංව නිවේදනය කළේ ය. ලොව සියලු ඉස්ලාමීය රටවල් එය ප්‍රතික්ෂේප කළ මුත්, මේ කාලිෆ් රාජ්‍යය ලොව පුරා සටන්කාමී ඉස්ලාම් අන්තවාදීන්ට ආකර්ෂනීය විය. එයින් ලංකාවට සිදු වූ බලපෑමේ තරම කෙතරම් ද යත්, පසුගිය අප්‍රේල් 21 දින පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත

කන්ටේනරයක් තුළ සීතලේ ගල් වුණ ෆෑම්ගේ සිහිනය

Image
October 26, 2019   admin   Human Rights   International   Life මෙම ඡායාරූපයේ සිටින්නේ වියට්නාම් ජාතික තරුණියක වන ෆෑම් ති ට්‍රා මි – Pham Thi Tra My – නමැත්තියයි. දින කීපයකට පෙර, බ්‍රිතාන්‍යයේ එසෙක්ස් රාජ්‍යය වෙත පෞද්ගලික වරායක සිට ලොරියකින් ගෙන ආ, බල්ගේරියාවෙන් පැමිණි ශීතකරණ කන්ටේනරයක් රථයක් තුළ මියගොස් සිටි චීන හැඩරුව ඇති පුද්ගලයන් 39කගේ සිරුරු හමු වූ පුවත ඔබ අසන්නට ඇති. ඒ මිනිසුන් මියයන්නට ඇත්තේ අධික ශීතල හේතුවෙන් හයිපොතර්මියා නම් තත්වය නිසා යයි අනුමාන කරනවා. මේ වනාහි මිනිසුන් රටෙන් රට නීති විරෝධී අන්දමින් රැගෙන යාමේ කුට්ටන ව්‍යාපාරයක තවත් ගොදුරු ටිකකුයි. නීති විරෝධී සංක්‍රමණයන් බොහෝ විට සිදුවන්නේ මෙවැනි අවදානම්සහගත ක්‍රම යොදාගනිමිනුයි. ශ්‍රී ලංකාවේ ඔබ අසා තිබෙන ඕස්ට්‍රේලියාව වෙත බෝට්ටුවලින් සංක්‍රමණය වීමත් මෙවැනි ම දෙයක්. ඉහත සඳහන් කරන ලද තරුණිය ද ලොරිය තුළ මිය ගිය අය අතර ඇතැයි ඇගේ පවුලේ අය අනුමාන කරනවා. ඇය අවසන් වරට ඇගේ ජංගම දුරකථනයෙන් එවා ඇති පණිවුඩයේ සඳහන් වන්නේ තමන් හුස්මගැනීමට නොහැකිව මියයමින් සිටින බවයි. “අම්මේ මා ඔබට ආදරෙයි. මට සමාවෙන්න,” යනුවෙන් ද ඇය සටහන් කරනව

හරිනම් මෛත්‍රී-මහින්ද ඔක්: 26 කුමන්ත්‍රණයට හිරේ සිටිය යුතු ය

Image
October 26, 2019   admin   Politics ශ්‍රී ලංකාවේ පළමු පුරවැසියා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රටේ ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවට එරෙහිව යමින් කුමන්ත්‍රණයක් සිදු කළ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් විසින් දියත් කරන ලද ව්‍යවස්ථා විරෝධී, රාජ්‍ය විරෝධී කැරැල්ලට අදට වසරක් සපිරේ.   ජනාධිපතිවරයා 2018 ඔක්තෝබර් 26දා සිදු කළ රාජ්‍ය විරෝධී කුමන්ත්‍ර‍ණය පරාජය කිරීමට මෙරට ප්‍රජාතන්ත්‍රවාදී පුරවැසියෝ සමත් වූ හ. විධායක ජනාධිපති බලය හා නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවල දුබලතාව හේතුවෙන් ජනාධිපතිට එරෙහිව නීතියෙන් ක්‍රියා කිරීමේ ශක්තිය ශ්‍රී ලංකා රාජ්‍යයට නැත. නැතිනම්, මේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණකරුවා මේ වන විට සිටිය යුත්තේ හිරේ ය. ඔහුගේ ප්‍රධාන කුමන්ත්‍රණ සහායකවරයා මහින්ද රාජපක්ෂ ය. මේ වන විට ඔහු ඊළඟ අගමැති වීමේ සිහිනය දකිමින් සිටියි. වර්තමානයේ විපක්ෂ නායක ධුරය දරන ඔහුට විපක්ෂ නායක ධුරය තබා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් හෝ දැරීමට නීතිමය අයිතියක් නැත.  1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (13) (අ) වගන්තිය අනුව යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු එම ධුරයට

ජනාධිපති නඩත්තු කරන්නට දිනකට කෝටි දෙකක්; මෛත්‍රීට කොළඹ හතෙන් ගෙයක් – විජිත හේරත්

Image
October 25, 2019   admin   News   Politics පසුගියදා සම්මත කරගන්නා ලද අතුරු සම්මත ගිනුම අනුව දින මාස 4ක් හෙවත් දින 120ක් වෙනුවෙන් රු. කෝටි 240ක් වැය කරන බව ද, ඒ අනුව, එක් දිනක ජනාධිපතිවරයාගේ වියදම දිනකට රු. කෝටි දෙකක් බව ද ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පැවසීය. මීට අමතරව, වත්මන් ජනාධිපතිවරයාට කැබිනට් මණ්ඩල තීරණයක් අනුව නිල නිවසක්, ආරක්ෂාව, කාර්ය මණ්ඩලය, වාහන ආදිය වෙන් කරන ලද බව ද ඔහු පෙන්වා දුන්නේ ය. “හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක වෙනුවෙන් පාර්ලිමේන්තුව ආසන්නයෙන් අක්කර භාගයක වටිනා ඉඩමක් හා ඉදිවෙමින් තිබුණු මන්දිරයක් ලබාදෙන්නට හදද්දී ශ්‍රේෂ්ඨාධිකරණය 2007 මැයි 03දා දුන් තීන්දුවෙන් විශ්‍රාමික ජනාධිපතිවරයාට හෝ ජනාධිපතිවරියට ලැබිය යුතු වරප්‍රසාද නිර්ණය කළා. ඒවා මෙසේයි: වාසය කිරීමට සුදුසු නිවසක්. නිවසක් පිරිනොනැමේ නම් වැටුපෙන් අඩකට සමාන දීමනාවක්. ලේකම්වරයකු සඳහා ජනාධිපති පෞද්ගලික ලේකම්වරයකුට ගෙවන දීමනාව හා සමාන දීමනාවක්. ප්‍රවාහන පහසුකම්: නිල වාහන දෙකක්. ආරක්ෂක නිලධාරීන් සඳහා වාහන එකක්. රියදුරන් තුනක්. මාසික ඉන්ධන දීමනාවක්. එහෙත්, මේවා අභිභවමින් විවිධ දීමනා හා ප

එක්සත් වාමාංශික පෙරමුණ සජිත්ට; ලාල් විජේනායක අනුරට

Image
October 25, 2019   admin   Politics ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායකට සහයෝගය දැක්වීමට කලින් අවිධිමත් අන්දමින් තීරණයක් ගෙන තිබුණු එක්සත් වාමාංශික පෙරමුණ පසුගිය 23දා පැවැත්වුණ මධ්‍යම කාරක සභාවේදී එම තීරණය වෙනස් කළ බව බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී කීර්ති කාරියවසම් පැවසී ය. ඒ අනුව, මතුවෙමින් තිබෙන ෆැසිස්ට් ප්‍රවණතාව පැරදවීමේ පදනමින් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය දීමට තීරණය කර තිබේ. මෙම යෝජනාව ට පක්ෂව මධ්‍යම කාරක සභිකයන් 30ක් ඡන්දය ප්‍රකාශ කර තිබෙන අතර, සිව්දෙනෙකු විරුද්ධ වී දෙදෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට තිබේ. දැනට කිසියම් පක්ෂ සාමාජිකයකු වෙනත් ජනාධිපති අපේක්ෂකයකුට සහාය දක්වන්නේ නම්, එම ප්‍රචාරණ කටයුතුවලදී සජිත් ප්‍රේමදාසට දෙවන මනාපය දෙන ලෙස ඉල්ලා සිටිය යුතු බව ද එම යෝජනාවේ සඳහන් වේ. එම අවස්ථාවේදී ජනාධිපතිවරණය අවසන් වන තෙක් තාවකාලික ලේකම්වරයකු පත් කරගත යුතු බවට ජයම්පතී වික්‍රමරත්න යෝජනා කර තිබේ. එම අවස්ථාවේදී ලාල් විජේනායක තමන් පක්ෂ ලේකම් ධුරයෙන් අස් වන බව ප්‍රකාශ කර තිබේ. ඒ අනුව, කීර්ති කාරියවසම් ලේකම් ධුරය සඳහ

‘අරාබි’ ජාතික ගීය කියන මුජිබර් හඳුනාගන්න

Image
October 24, 2019   admin   People මුජිබර් රහුමාන්ව අපි මුලින් ම හඳුනාගත්තෙ මුස්ලිම් වාමාංශිකයෙකු විදියට. ඔහු දේශපාලනයට පිවිසුණේ නව සමසමාජ පක්ෂයෙන්. ප්‍රගතිශීලී මුස්ලිම් තරුණ පරපුර නියෝජනය කළ නායකයෙකු තමයි ඔහු. 1990 දශකයේදී ඔහු තවත් පිරිසක් සමග එක්ව මුස්ලිම් එක්සත් විමුක්ති පෙරමුණ පිහිටෙව්වා. එම්.එච්.එම්. අෂ්රෆ් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පිහිටුවලා නැගෙනහිර මුස්ලිම් ප්‍රාදේශීයවාදයක් හා මුස්ලිම් ජාතිවාදී පදනමක් ප්‍රවර්ධනය කරද්දි එයට විරුද්ධව මුස්ලිම් සමාජයේ මතවාදය ගොඩනැගූ අයෙකු තමයි මුජිබර් රහුමාන්. 2005දි පමණ ඔවුන් පක්ෂය විසුරුවාහැර එක්සත් ජාතික පක්ෂය සමග එකතු වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ කොළඹ මුස්ලිම් පදනම් ශක්තිමත් කරන්නට මුජිබර් රහුමාන් විශාල වැඩ කොටසක් කරනවා. ඔහු කොළොන්නාවේ පදිංචිව සිටි අයෙක්. ඔහු කවදාවත් මුස්ලිම් ජාතිවාදියෙකු වුණේ නැහැ. මුජිබර් දෙමළ බස කතා කරන කෙනෙක්. දෙමළ භාෂාවේ බයන්නට, පයන්නට දෙකට ම භාවිතා වෙන්නෙ එකම අකුරක්. ඔහු අරාබි ජාතික ගීය කිව්වා ය කියන කොටසෙ ඔහු කියන්නෙ මේ විදියට: “අපේ දූ දරුවො මේ රටේ අර අපි ජාතික ගීය කියන, එක මවකගෙ දරුවො කියල අපි කියනවා. අ

මැතිවරණ මාධ්‍ය උපමාන කුමට ද?

Image
October 24, 2019   admin   Media   Politics මහින්ද දේශප්‍රිය, මැතිවරණ කොමිසමේ සභාපති (ජාත්‍යන්තර මාධ්‍ය සහයෝගිතාව විසින් මෙහෙයවන ලදුව, ‘මැතිවරණ සඳහා වන මාධ්‍ය උපමාන ප්‍රමාණවත් ද? ප්‍රායෝගික ද?’ යන මැයෙන් ඔක්තෝබර් 22දා පදනම් ආයතනයේදී පවත්වන ලද සම්මන්ත්‍රණයකදී කරන ලද ඉදිරිපත් කිරීමේ සංක්ෂිප්ත සටහනකි.) සම භූමියේ සටන යන පදනම මත තමයි 1931 සිට ම ඡන්ද නීති සකස් වෙලා තියෙන්නෙ. ජනමතය හැඩගැස්වීම සඳහා මුල් කාලයේ රැස්වීම්, ගෙන් ගෙට කැන්වසින්, පත්‍රිකා ආදිය මගිනුයි. ඒ නිසා හැම ඡන්ද පනතකම තිබෙන පරිදි පෝස්ටර් ගැසිය හැක්කේ රැස්වීම් භූමියේ පමණයි. ගෙන් ගෙට යන්නට බැහැ. ඡන්දය ආයාචනා කරන්න බැහැ. අල්ලස් දෙන්න බැහැ. සංග්‍රහ කරන්න බැහැ. මෙවැනි කරුණු තමයි තිබුණෙ. කලක් යනකොට පෙනුණා පුවත්පත් මගින්, රේඩියෝවලින් ආදියෙන් ප්‍රචාරය කරන බව. ඒ නිසා තමයි මාධ්‍ය පාලනයක් අවශ්‍ය වුණේ. (2001දි 17වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් තමයි පළමුවරට මැතිවරණ සඳහා මාධ්‍ය මගපෙන්වීම් හඳුන්වා දුන්නෙ.) මාධ්‍ය පාලනය කියන්නේ ප්‍රකාශනයේ නිදහස ඇවිරීම. ඡන්දය කියන්නේත් අදහස් ප්‍රකාශනයක්. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නිසා, එම අය