යාපනය විශ්වවිද්‍යාලයෙන් ගොවීන්ට පාඨමාලාවක්

ගයානි මහේෂිකා

උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ සංකල්පයක් අනුව ඉතිහාසයේ ප්‍රථම වරට උතුරු පළාතේ ගොවීන් සඳහා මාස තුනක පුහුණු වැඩසටහනක් දියත් කිරීමේ ආරම්භක උත්සවය පසුගිය 09 වනදා කිලිනොච්චියේ පිහිටි යාපනය විශ්ව විද්‍යාල  කෘෂිකර්ම පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
Translations by Creative Content Consultants
මූලික සහතික  පාඨමාලාව සඳහා ගොවීන් 30 දෙනෙකු තෝරාගෙන ඇති අතර මෙම පාඨමාලාව යන්ත්‍ර භාවිතය, ඒවා ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන  දැනුම සහ කළමනාකරණ දැනුම ආවරණය කරනු ඇත.
ඩිජිටල් සන්නිවේදන තාක්‍ෂණය හරහා මෙම අවස්ථාවට සම්බන්ධ වෙමින් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර සිටියේ ඔබ කුමන විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා ඇත්ද යන්න පිළිබඳව පළාතේ ගොවීන්ගෙන් විමසන කාලයක් අනාගතයේදී උදා වන බවයි.
 “…අද විශ්ව විද්‍යාල සමාජයට හා ගොවීන්ට පමණක් නොව උතුරු පළාතේ කෘෂිකාර්මික අංශයට ද වැදගත් දිනයක්. ගොවීන් ආරක්ෂා කිරීම අපේ ශිෂ්ටාචාරය ආරක්ෂා කිරීමක් වැනියි. 21 වන සියවසේදී මානව උත්සාහයන් අහස උසට ඇවිත් තියෙනවා. එවැනි සියලු මුල පිරීම් පිටුපස ඇති ප්‍රධාන සාධකය ආහාර සුරක්‍ෂිතතාවයයි. එසේ නොවුවහොත් මානව ශිෂ්ටාචාරය වඳ වී යනු ඇත. එබැවින් ආහාර නිෂ්පාදනය කෙරෙහි අප අවධානය යොමු කළ යුතුය. 21 වන සියවසේ අභියෝගයන්ට මුහුණ දීමට නම් අප ආහාර නිෂ්පාදනය සදහා සූදානම් විය යුතු බවත් විද්‍යාත්මක දැනුම ඇති කෘෂිකර්මාන්තයක් වෙත ගොවීන් යොමු කළ යුතු බවත්” ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය,යාපනය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨය සහ කැලණි කේබල් සමාගමේ අනුග්‍රහයෙන් මෙම පාඨමාලාව සිදු කෙෙර්.
(ඡායාරූප ප්‍රණාමය: globalpressjournal.com )

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා