Posts

Showing posts from March, 2022

පොදු ප්‍රවාහනයේ වර්තමාන තත්වය ගැන කතාවක්

Image
March 29, 2022   admin   Life   Travel මේක මං ෆේස්බුක්හි ලිව්ව කතාවක්. ඇත්ත අත්දැකීමක් නිසා කැමති නම් පොදු ප්‍රවාහනයේ වර්තමාන තත්වය ගැන කේස් ස්ටඩි එකක් විදියටත් පාවිච්චි කරන්න පුළුවන්. තේ ඉස්මාට් ට්‍රැවලර් – The Smart Traveller අජිත් පැරකුම් ජයසිංහ මං ලොකුවට හිතාගෙන හිටියා මං හෙණ ස්මාට් පබ්ලික් ට්‍රාන්ස්පෝට් ට්‍රැවලර් කෙනෙකුය කියලා. විශේෂයෙන්ම මතුගම කොළඹ අතර හයිවේ, නෝමල්, ඒසී, දුම්රිය කලවම් කරගෙන ඉක්මණින් ගමන් යන ස්මාට් ක්‍රම මං දැනගෙන හිටියා. සමහර වෙලාවට මං කලුතරින්, පානදුරෙන්, මොරටුවෙන් බැහැලා කෝච්චිවල යනවා. ආපහු එනකොටත් ට්‍රැෆික් එකේ ස්වභාවය අනුව තමයි ප්‍රවාහන මාධ්‍ය තෝරාගන්නෙ. දුම්රිය ගැන, බස් ගැන, ඒවයෙ සෙනග මට්ටම ගැන මං හොඳින් දැනගෙනයි හිටියෙ. ඒවුණාට කොරෝනාවලට කලින් මං යූඑන් එකෙන් අයින් වෙලා මගේ පොදු ප්‍රවාහන ගමන් නැවැත්තුවා. ආයෙ මම පොදු ප්‍රවාහනයෙ යන්න පටන් ගත්තෙ මෑතක ඉඳලා. හැබැයි, ළඟදි සිදුවුණ සිදුවීම් දෙක තුනක් නිසා කොළඹ එන එකයි, පොදු ප්‍රවාහනයයි ගැන නැවත හිතන්න වෙලා තියෙන්නෙ. ගිය සෙනසුරාදා එක පරිප්පුවක් කෑවා. කොළඹ හැවිලොක් ටවුම හරියේ තිබුණු වැඩක් ඉවර වුණාම මොන කරුමෙකටද මන්දා ම

පුළුල් බහුජන ව්‍යාපාරයක් හදන්නේ කෙසේද?

Image
  March 29, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ මේ සටහන ලියන්නෙත් ⁣මේ මාතෘකාවෙන් පැවැත්වුණු සාකච්ඡා සභාවකට සහභාගි වෙන්නට කොළඹ ගිහින් එන ගමන්. ඒ සාකච්ඡාවෙදි මං අදහසක් පළ කළේ නැහැ. ඒකට අවස්ථාවක් ගන්න ටිකක් අමාරු තත්වයක් තිබුණෙ. හැබැයි, කතා කළ අය අතරින් වැඩිදෙනෙකු මේ මාතෘකාව හැර අනෙක් දේ තමයි කතා කළේ. පුළුල් බහුජන ව්‍යාපාරයක් හදන්නට බැරිවෙන්න එක හේතුවක් තමයි අපේ සමාජයේ ඵලදායී මහජන අදහස් විමසීමක් කරන්නට බැරිකම. මාතෘකානුකූල අදහස් පළකිරීම් වෙනුවට තමන් කැමති දේ තමයි බොහෝ කතා සාප්පුවලදි කියවෙන්නෙ. මට නම් ඇත්තෙන්ම මේ අදහස ගැන තියෙන්නෙ ප්‍රශ්න ගොඩක්. අනෙක් පැත්තෙන් බහුජන ව්‍යාපාර, සිවිල් සමාජය වැනි සංකල්ප ඉතා පුළුල්. ඒවායේ අරමුණුත් අතිශය පුළුල්. ප්‍රජාතන්ත්‍රවාදය වැනි කාරණයක් සම්බන්ධයෙන් පවා පොදු අවම සම්මුතියක් නිර්මාණය කරගැනීම පහසු නැහැ. අනෙක, එවැනි ව්‍යාපාර නිර්දේශපාලනික විය යුතු බවට තියෙන අදහසත් ගැටලු සහගතයි. බහුජන ව්‍යාපාර දේශපාලනකයි. දේශපාලනය නොකරනවාය යන්නෙන් අදහස් වන්නේ පක්ෂ දේශපාලනය විය යුතුයි. එහෙත්, පක්ෂ දේශපාලනය විසින් බහුජන ව්‍යාපාර හසුරුවන එක හා තීරණාත්මක අවස්ථාවලදී බහුජන ව්

පාර්ලිමේන්තු මුල්‍ය කමිටුවට මහා බැංකුව සහභාගි නොවීම: පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වගකීම භාර ගත යුත්තේ ඇයි?

Image
  March 28, 2022   admin   Politics බර්නාඩ් එදිරිසිංහ මහබැංකු නිලධාරීන් මුල්‍ය කාරක සභා රැස්වීමට සහභාගි නොවිම පිළිබඳ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ආවේගශීලී ලෙස කතා කරමින් එමගින් පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක්කර ඇතැයි චෝදනා කළේය. මහබැංකුව ආරක්ෂා කිරීමේ පිළිවෙතක් ගත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් වෙනත් වැදගත් වැඩ නිසා පාර්ලිමේන්තුවේ කාලය නාස්ති කිරීම අවශ්‍ය නොවේයැයි කිමට තරම් එඩිතර වු  බව ද වාර්තා විය. පාර්ලිමේන්තුවට විධායකය (දේශපාලන හා රාජ්‍ය සේවය) උත්තර දීමට බැඳී සිටින අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිය කටයුතු හා හැසිරීම සම්බන්ධයෙන් මහජනයාට උත්තර දීමට  බැඳී සිටිති. මෙය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී නියෝජන ආණ්ඩුක්‍රමයේ එක් අංග ලක්ෂණයක්  වේ. අද සිදු වන්නේ විධායකය  පාර්ලිමේන්තුවට වග නොකියන අතර මන්ත්‍රීවරු ද සිය කාර්යභාරය සම්බන්ධයෙන් මහජනතාවට වගකීම මගහරිති.   සංවර්ධනය පිළිබඳ වත්මන් අර්බුදය සම්බන්ධයෙන් වත්මන් මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට උත්තර නොදීම කාලයක පටන් පාර්ලිමේන්තුවේ මතු කරනු ලබන ප්‍රශ්නයකි. මුදල් අමාත්‍යවරයා වශයෙන් බැසිල් රාජපක්ෂගේ ක්‍රියාකලාපය පිළිබඳ ඇගයීමක් කිරීමට සුදුසු දර්ශකයක් manthri.lk

විප්ලවීය මොහොත හා ඊළඟ මොහොත

Image
  March 26, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ සමගි ජන බලවේගය, සමාජවාදී තරුණ සංගමය හා ජාතික ජන බලවේගය විසින් ආණ්ඩුවට එරෙහිව සංවිධානය කරන ලද සාර්ථක උද්ඝෝෂණ මාලාවක් පසුගිය දිනවල දක්නට ලැබිණි. එතරම් දැඩි දේශපාලනිකත්වයක් දක්නට නොලැබුණු සමගි ජන බලවේගයේ උද්ඝෝෂණයට ඇතැමෙකු කොළඹ පැමිණ තිබුණේ ආණ්ඩුව පන්නලාම මිස ආපසු නොයන්නට බව ද වාර්තා විය. කෙසේ වෙතත්, ආණ්ඩු පැන්නීම එතරම් පහසු නැත. විශේෂයෙන්ම, බලය අතහැරීමට සූදානම් නොමැති රාජපක්ෂ පවුල වැනි අය බලයේ සිටියදී තමන් කෙතරම් අසමත් වුවත් බලය අත්හැරීමක් බලාපොරොත්තු විය නොහැකිය. ඒ වෙනුවෙන් මුළු රටම එකට වීදි බැස සටන් කිරීමට සිදුවනු ඇත. එවැනි වාතාවරණයක් තවමත් නිර්මාණය වී නැත. කවුරුන් හෝ ආණ්ඩුව පන්නා දමා තෙල් ටික, ගෑස් ටික, විදුලිය, කෑම බීම ආදිය පහසු මිලටත් රජයේ රස්සාත් දෙනවා නම් බොහෝදෙනෙකු කැමතිය. මොකක් හෝ මාර්ගයකින් අර්බුදය සමනය කරගෙන මේ ආණ්ඩුවම ඒ ටික කළත් මහජනතාව අකැමැති නොවනු ඇත. ආණ්ඩුව මේ වන විට උත්සාහ කරමින් සිටින්නේ එම විසඳුමටයි. එනම්, ඉන්දියාවෙන්, චීනයෙන් ගත් ණයවලින් තත්වය සමනය කරගෙන අත්‍යවශ්‍ය ආනයන, අපනයන සිදුකරගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමු

ජවිපෙට රැල්ලක් එයිද?

Image
  March 25, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ දක්ෂ කාටුන් ශිල්පියකු වුණත් අවන්ත ආටිගලගෙ කාටුන්වලින් ඇතැම්විට ප්‍රකාශ වෙන්නෙ පටු දේශපාලනික අදහස් බව ඇත්ත. ඒ වුණාට ජවිපෙ මේ කාරණය ගැන ඇත්තටම ගැඹුරින් විමසිය යුතුයි. මෙහෙම වෙන්නෙ ඇයි? මෙහෙම වෙන්න හේතු මොනවද? මේ වගේ රැස්වීමකට ගියපු අය විතරක් නෙමෙයි ඒ රැස්වීමෙ ඡායාරූපයක් ෆේස්බුක්වල ෂෙයා කරපු පිටරට ඉන්න අය පවා එදා ඉඳන් ඉන්නෙ හරියට සෝවාන් වුණා වගේ චූන් එකක. එතන ඉඳන් උන් මාර සුප්‍රබුද්ධ වෙලා අනෙක් එවුන් බල්ල මාක් එකට දාලා කතාකරනවා. හැබැයි, අවට ඉන්න එවුන් දන්නවා මේ පොරවල් වැඩිදෙනෙකුගේ කැරැට්ටුව. හුඟක් එවුන්ගෙ ඒක අජූතයි. ඒ වුණාට උන් හැසිරෙන්නෙ බෝන් අගේන් වෙච්ච එවුන් වගේ. එවුන් පිටියට බැස්සාම උන්ට එකතුවෙන්නෙ ඒ ජාතියෙම එවුන් තමයි. එහෙම එවුන් එකතුවෙන්න එකතුවෙන්න තව සෑහෙන පිරිසක් උන්ගෙ උජාරුව බලන්න බැරුව අයින් වෙනවා. ඕක තමයි සරලවම කතාව. පුද්ගල උදාහරණ ඕනැ තරම් දෙන්න පුළුවන්. රැල්ල නැගල එනකොට එකතුවෙන පිරිස් අතරින් මේ වගේ අය ඕනැතරම් හඳුනාගන්නට පුළුවන්. ඒ අය බොහෝවිට පෙනී හිටින්නෙ තමන් අතීතයේ සත්‍යය අවබෝධ කරගෙන නොසිටි බව හා දැන් තේරී ඇති බව කියමි

පුවත්පත් සම්මාන හා පෙරහන් බුබුළු

Image
  March 23, 2022   admin   Media අජිත් පැරකුම් ජයසිංහ ඊයේ පැවැත්වුණ පුවත්පත් සම්මාන උළෙලේදී සම්මානලාභී පුවත්පත් කලාවේදීන් වැඩිදෙනෙකු මගේ සමාජ මාධ්‍ය පෙරහන් බුබුලේ (filter bubble) සිටිති. සුබපැතුම්! ඒ ගැන අධ්‍යයනය කිරීම මාධ්‍ය අනාගතයට ඉවහල් වනු ඇත. නූතන සමාජයේ මිනිසුන් ජීවත් වන්නෙ තොරතුරු පෙරහන් කර අප කැමති විදියට ලබාගන්නා බුබුළු නිර්මාණය කරගෙන ඒවා ඇතුළේයි. ඒ බුබුළ අපට හරි සුවපහසුයි. එහි තිබෙන්නේ අප විසින් තෝරාගන්නා ලද තොරතුරු මූලාශ්‍රයි. තවත් තොරතුරු මූලාශ්‍ර රැසක් අප විසින් බැහැර කරනු ලැබේ. සමාජ මාධ්‍යවලදී මෙය පහසුවෙන් නිරීක්ෂණය කළ හැකිය. විශේෂයෙන්ම ෆේස්බුක් අවකාශය ෆ්‍රෙන්ඩ්ස් යනුවෙන් හැඳින්වෙන පුද්ගලයන් 5,000ක සීමාවක් ලබාදී තිබේ. එම සංඛ්‍යාව තුළ සිටින පිරිස අපට තෝරාගත හැකිය. අනෙක් පිරිස බැහැර කළ හැකිය. එපමණක් නොව ඕනෑ නම්, ඔවුන්ගේ තොරතුරු කිසිවක් අප නෙත නොගැටෙන පරිදි ඔවුන් බ්ලොක් කිරීමට ද හැකිය. ෆේස්බුක් ඇල්ගොරිදම් මගින් ද අපගේ පෙරහන් බුබුළ දැඩිව පාලනය කරනු ලැබේ. අපගේ රුචිකත්වයන් හඳුනාගෙන අප වෙත කරනු ලබන දැන්වීම් ඇතුළු යොමුකිරීම්වලට අමතරව විවිධ වාරණයන් ඔස්සේ ද ෆේස්බුක් සමාගම විසින් අ

දත්ත ආරක්ෂණ නීති ගැන පෞද්ගලික අද්දැකීමක්

Image
  March 23, 2022   admin   Law අජිත් පැරකුම් ජයසිංහ ලංකාවෙ දත්ත ආරක්ෂණ නීති කොච්චර හොඳින් ක්‍රියාත්මක වෙනවද කියන එක සම්බන්ධ පෞද්ගලික අද්දැකීමක්. මම 30/88 කියන චක්‍රලේඛය යටතේ අවුරුදු 20ක සේවා කාලය සම්පූර්ණ කිරීමේ පදනම මත 2015දී රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබුවා. වයස අවුරුදු 55 පිරීම මත මට 2020 ඔක්තෝබර් මස සිට විශ්‍රාම වැටුපක් ලැබෙන්නට නියමිතයි. මේ සම්බන්ධ ලිපි ලේඛන සියල්ල මං 2015 සැප්තැම්බර් වන විට භාරදී තිබුණා. ඒත්, 2020 මැයි වන විටත් මා මීට ඉහතදී සේවය කර තිබුණු කැබිතිගොල්ලෑව, අනුරාධපුර, මහරගම ගුරු විද්‍යාලය අයත් කලාපය ආදියෙන් ගෙන්වාගත යුතුව තිබුණු ලිපි ලේඛන ගෙන්වාගෙන නොතිබීම නිසා, ඒවා මා විසින් කළ යුතු දේ නොවුණත්, මා මැදිහත් වී, ඒ තැන්වලට ගොස් ඒ ලිපි ලේඛන ගෙනත් දුන්නා. මතුගම කලාප අධ්‍යාපන කාර්යාලයත්, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවත් අතර නිසි සන්නිවේදනයක් නොවීම නිසා මේ විශ්‍රාම වැටුප ලැබීම දිනෙන් දින පමාවුණා. ඒ හැම අවස්ථාවකදීම දෙපාර්තමේන්තුවටත්, කලාප අධ්‍යාපන කාර්යාලයටත් බඩගාන්නට මට සිදුවුණා. ඔහොම අවුරුදු එකහමාරකට පමණ පසු පසුගිය මාර්තු මාසයේදී මගේ ගිනුමට මුදල් වගයක් ලැබී තිබුණා. එය විශ්‍ර

සජිත්ට පුළුවන්ද?

Image
  March 22, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ මීට මාස කීපයකට පෙර මා දෙවරක් ඇමතූ සජිත් ප්‍රේමදාස මහතා තමන්ට දේශපාලනික සහාය ලබාදෙන්නැයි මගෙන් ඉල්ලාසිටියේය. වරක් සිවිල් සමාජ නියෝජිත පිරිසක් සමග ඔහු සමගින් යම් කතාබහක් කිරීමට අවස්ථාව ලැබිණි. ඔහුගේ උපායමාර්ගය සම්බන්ධයෙන් විවෘතවම විවේචනය කළ මා කීවේ යම් යම් දේ දෙන බවට පැවසීම වැරදි බවයි. කරන්නට බැරි දේ නොකියා, දැන් සිටම අනාගතයේ තමන් කරන්නට යන පාලනය සම්බන්ධයෙන් සමාජය දැනුම්වත් කළ යුතු බවත්, එසේ නොමැති නම්, බොරු කියා බලය ලබාගත් ගෝඨාභය රාජපක්ෂගේ ඉරණමට ගොදුරු විය හැකි බවත් මා පෙන්වාදුන්නා. ඔහු එය පිළිගත් බවක් පෙනෙන්නට නැහැ. ඔහු පමණක් නොව, වෙනත් බොහෝ බල අපේක්ෂකයන් ද කරන්නේ ජනතාවට ඇත්ත නොකියා හෝ බාගෙට ඇත්ත කියා රවටා බලය ලබාගැනීමට උත්සාහ කිරීමයි. යම් දුරකට ජනතාවට ඇත්ත තත්වය පහදා දීමේ එඩිතරකම ඇත්තේ 43 සේනාංකයට හා එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහට පමණක් බව මගේ අදහසයි. ආණ්ඩුව පවා ඇත්ත කතාකරන්නේ නැත. ජාතික ජන බලවේගයේ හරිනි අමරසූරිය මන්ත්‍රීවරිය කළ ප්‍රකාශයක් පදනම් කරගෙන මා ලියූ මෙම ලිපිය ඇතැම් අන්ධ භක්තිකයන්ගේ වෛරයට හේතු වුවත්, එය සමාජ සංව

ඔටිසම් ගැන දැනුවත් කරන්න මන්නාරමේ සිට ඉන්දියාවට පිහිනූ ජියා

Image
  March 21, 2022   admin   People ඡායාරූපයේ සිටින්නේ ජියා රායි. ඇය තමිල්නාඩුවේ 13 හැවිරිදි ගැහැණු ළමයෙක්. 2022 මාර්තු 20දා ඇය ලංකාවේ තලයිමන්නාරමේ සිට තමිල්නාඩුවේ අරිචලමුනෙයිහි ධනුෂ්කොඩි වෙරළ දක්වා පිහිනුවා. ඒ වෙනුවෙන් ඇයට පැය 13ක කාලයක් ගතවුණා. ඇගේ අරමුණ වුණේ ඔටිසම් හෙවත් Autism Spectrum Disorder (ASD) පිළිබඳ සමාජය දැනුවත් කිරීමයි. පුද්ගල සංවර්ධන ආබාධ සමූහයක් වන එය හේතුවෙන් සමාජ, සන්නිවේදන හා චර්යාත්මක අභියෝග ඇතිවිය හැකියි. දක්ෂ පිහිනුම් සූරියක වන ජියා මින් පෙරත් මෙවැනි දැනුවත් කිරීමේ පිහිනුම් අවස්ථා කීපයකම යෙදුණා. ජියා රායි ධනුෂ්කොඩිහිදී Adapted from praja.lk

හරිනි හරිද?

Image
  March 21, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ ජාතික ජන බලවේගය බලයට ආවත් රටේ ප්‍රශ්න එකරැයින් විසඳෙන්නෙ නැති බවටත්, දීර්ඝ කාලයක් තුළ කැප කිරීම් සිදුකළ යුතු බවටත්, මීටත් වඩා දුෂ්කර තත්වයන්ට මුහුණදීමට සිදුවිය හැකි බවටත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය කරන ප්‍රකාශය හරිනි අමරසූරිය මන්ත්‍රීවරියගේ මේ ප්‍රකාශය බොහෝ අය අගය කරනවා. මේ ඇත්ත ජාතික ජන බලවේගය පවා කතාකරන්නේ නැහැ. ඇත්තෙන්ම, එක රැයින් මේ ප්‍රශ්න විසඳන්න බැරි බව ජනතාව දන්නවා. ප්‍රශ්න විසඳන්නට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නට ඕනැ. අනෙක් පැත්තෙන් කොච්චර කැපවුණත් දේශපාලකයන්ට මේ ප්‍රශ්නය විසඳන්නට බැහැ. ඒ සඳහා ජනතාව කැපවෙන්න ඕනැ. දේශපාලනඥයන්ට පුළුවන් නායකත්වය දෙන්න විතරයි. රට ගොඩගන්නත්, ගොඩනගන්නත් තියෙන්නෙ එක මාර්ගයයි. ඒ තමයි, මහජනතාව වැඩකරන එක. වෘත්තීය පුහුණුව ලබන එක. ඵලදායී රැකියා කරන එක. තමන් කරන රැකියා හරියට කරන එක. අලුතින් හිතන එක. අලුත් ව්‍යවසායන්ට යොමුවෙන එක. ඒවා දියුණු කරන එක. මෙතනදි රජයට කරන්න පුළුවන් මොකක්ද? රජය වැඩකරන ජනතාවට හා ව්‍යවසායකයන්ට පහසුකම් සලස්වන්නට ඕනැ. මග පෙන්වන්නට ඕනැ. නායකත්වය ද

ශ්‍රී ලංකාව නැවත සිලෝන් කරමු

Image
  March 20, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ බුද්ධිමය දේපල පනත මගින් සිලෝන් ටී (Ceylon Tea), සිලෝන් සිනමන් (Ceylon Cinnamon) , සිලෝන් පෙපර් ( Ceylon Pepper), සිලෝන් කැෂු ( Ceylon Cashew) වැනි නිෂ්පාදන ඉදිරියේදී ශ්‍රී ලාංකික භූගෝලීය දර්ශක ලෙස ලියාපදිංචි කිරීමට හැකියාවක් ලැබෙන අතර මෙම නාමයන් යටතේ ව්‍යාජ අනුකරණ නැවැත්වීමට නීතිමය රාමුවක්ද ස්ථාපනය කර තිබෙනවා. ලංකාවේ නම ඇත්තටම ශ්‍රී ලංකාවද? සිලෝන්ද? ලංකාවට ලෝකයේ පිළිගැනීමක් ඇත්තේ ශ්‍රී ලංකාව ලෙස නොව සිලෝන් ලෙස බව පැහැදිලියි. ශ්‍රී ලංකාව යනු ඇත්තෙන්ම සිංහල බෞද්ධ ආධිපත්‍යවාදයේ ප්‍රචණ්ඩ ප්‍රකාශනයක්. ලංකාව ශ්‍රී ලංකාව වුණේ 1972 තරම් මෑතකදීයි. එතෙක් මෙරට නිල රාජ්‍ය නාමය සිංහලෙන් ලංකා, දෙමළෙන් ඉලංකෛ හා ඉංග්‍රීසියෙන් සිලෝන් වුණා. ලංකා කියන්නේ ඔස්ට්‍රො ආසියාතික මූල භාෂාමය වචනයක් බවත්, එහි අරුත දූපත බවත් විකිපීඩියාහි දැක්වෙනවා. ඩොමීනියන් තත්වයේ සිටි ලංකාව නිල වශයෙන් පූර්ණ නිදහස්භාවය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා ජනරජය බවට පත් වුණේ 1972දීයි. 1972දී තමයි ලංකාව රාජ්‍ය ආගමක් සහිත රටක් බවට පත්වුණේ. වසර 1978දී එය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික,

තීරුබදු රහිත වාහන බලපත්‍රයෙන් නිරූපණය වන ලංකාවේ සමාජ අර්බුදය

Image
March 19, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත – 2022.03.20 මන්ත්‍රීවරයකුට හෝ රජයේ නිලධාරියකුට තීරුබදු රහිත වාහන බලපත්‍රයක් ලබාදෙන්නේ එම පුද්ගලයා කරන සේවය පහසුකිරීම සඳහායි. එම බලපත්‍රය අන්සතු කළ නොහැකියි. ඒ අනුව, එම පුද්ගලයා කළ යුතුව තිබෙන්නේ වාහනයක් ආනයනය කරගෙන එය භාවිතා කිරීමයි. අවුරුදු පහක කාලයක් තුළ එම වාහනය විකිණීම නීති විරෝධීයි. එහෙත්, බලපත්‍රයේ සිටම නීතියේ සිදුරුවලින් රිංගා යාමට ක්‍රම සම්පාදනය කරගෙන තිබෙනවා. බලපත්‍රය විකුණා මිලියන් ගණනක් උපයා ගන්නවා. එසේ උපයන අයථා ආදායම ගණන් හදා මාසික වැටුපට එකතු කළහොත්, මන්ත්‍රීවරයකුගේ මාසික වැටුපට තවත් රු. ලක්ෂයක් පමණ එකතු විය යුතුයි. රජයේ නිලධාරීන් දසදහස් ගණනක් ද මේ අන්දමින් තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාගන්නවා. ඒ බලපත්‍ර ද මේ අන්දමින්ම ජාවාරම් කරනවා. පඩි මදි යයි කියන මෙම නිලධාරීන්ගේ වැටුපටත් මේ තීරුබදු රහිත වාහන ජාවාරමෙන් මසකට රු. 50,000ක් පමණ වන අයුතු ආදායමක් ලැබෙනවා. මන්ත්‍රීවරුන්ට මෙන් නොව, ඔවුන්ට අවුරුදු පහෙන් පහට මේ බලපත්‍රයට අයිතිවාසිකම ලැබෙනවා. රජයේ නිලධාරීන් උපයන මේ අයුතු ලාභය කිසිදු පොදු වැඩකට යෙ

ජාතික සුරංගනා අරමුදල

Image
  March 18, 2022   admin   Art   Poetry   Politics අජිත් පැරකුම් ජයසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවට ජාතික සුරංගනා අරමුදලක් පිහිටුවන්න බැරිද? ඒකෙන් පුළුවන් අපි වගේ සමාජවාදී ආණ්ඩු තියෙන රටවලට සුරංගනාව බැගින් අල්ලලා දෙන්න. එතකොට ආණ්ඩුවට පුළුවන් හැමදේම නිකම් දෙන්න. බදුත් අය නොකර ඉන්න. අපට වැඩ නොකර ෆේස්බුක්වල කවි ලිය ලිය ඉන්න පුළුවන්. යන්න එපා අම්මෝ අයිඑම්එෆ් එහෙම කරන්නෙ උන් කියන දේ අයියෝ අපි කොහොම අයිඑම්එෆ් කැරලි ඇති වෙයි මේම මේම පට් පට් ගාලා දෙන්නද විසඳුමක් මම සොයාගනිමු අතපය නැති ‘කොටෙක්ව’ මල්වත්තක තියමු රැකවලට ඔහුව හඳ පෑයූ රැයක සුරඟන රඟ පෑව උගුලක් මලක අටවා අල්ලනු උන්ව හොඳ තර සුරඟනක් අල්ලා ගත යුතුය බංඩාගාරයේ ඇය සිරකළ යුතුය ගුදයට යෝනියට පොලු බැස්සිය හැකිය නැතිනම් චෙක්වලට අත්සන් කළ යුතුය බඩු ඇති තරම් ආනයනය කරගනිමු කාබී නටා කවි ලියමින් සතුටු වෙමු වැට් ඉන්කම් පේයී ටැක්ස් හෙම නොදෙමු අප රකිනා සිස්ටම් එක අපි රකිමු දියුණු කරන එක රට හරි සිම්පල්ය මෙහෙම සරල ක්‍රමවත් මුන් දන්නැතිය ජංගි මහන ගාමන්ට් ෂට් ඩවුන්ය හවුස්මේඩ් අපනයනය තහනම්ය රට නංවන්න කළ යුත්තේ වර්ජනය රජයේ සේවයට වැඩි පඩි දිය යුතුය රුචි නම්

සජිතසාත්මිකතාව

Image
  March 16, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ මේ මොහොත විප්ලවීය අවස්ථාවකි. එම අවස්ථාව දිගුකල් පවතින්නේ නැත. ලංකාවේ හැටියට ගතහැකි විප්ලවීය පියවර කීපයක්ම ආණ්ඩුව විසින් දැනටමත් ගෙන තිබේ. ඒවා පවත්නා ක්‍රමය වෙනස් කරන තීරණයි. රුපියල පාකිරීම හා ඉන්ධන ආනයන මිලට විකිණීම එම පියවරයි. රටට ඩොලර් ලැබීමත් සමග තත්වය මඳ වශයෙන් සමනය වීමේ හැකියාවක් තිබේ. එහෙත්, ශ්‍රීලන්කන්, විදුලි බල මණ්ඩලය, තෙල් සංස්ථාව, ජල සම්පාදනය, ලංගම, දුම්රිය වැනි ආයතන ප්‍රතිව්‍යූහගත කිරීම අත්‍යවශ්‍යය. සියල්ල ඇරඹුණේ පොහොර සහනාධාරය අහෝසි කිරීමෙනි. කෘෂිකර්මාන්තය වෙළඳපොළකරණයෙනි. එහි අවශ්‍ය හැඩගැසීම් දැන් සිදුවෙමින් තිබේ. ඇතැමෙකු බලාපොරොත්තු වූ ආහාර අර්බුදය තවම ඇති වූයේ නැත. ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම ද යහපත් තත්වයකි. ණය ප්‍රතිව්‍යූහගත කරගැනීමක් මේ අවස්ථාවේදී ශක්තියක් වනු ඇත. එසේම, මනා රාජ්‍ය මූල්‍ය කළමනාකරණයක් අත්‍යවශ්‍යය. ලංකාව ආදායම අනුව වියදම් කරන, ආදායම වර්ධනය කරගැනීම සඳහා ණයගන්නා රටක් බවට පත්විය යුතුය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලික උපදෙස් ඒ වෙනුවෙනි. රට සංවර්ධනය කරන්නට නම්, ව්‍යවසායකයන් ශක්තිමත් විය යුතු