Posts

Showing posts from April, 2019

මෙතනින් එහාට කුමක් කළ යුතු ද?

Image
April 30, 2019   admin   Opinion   සිංහල අජිත් පැරකුම් ජයසිංහ ඊයේ සිට ඇඳරි නීතිය නැත. අද සිට සමාජ මාධ්‍ය තහනම ද ඉවත් කර තිබේ. හෙට ජාත්‍යන්තර කම්කරු දිනය වුව ද, මැයි රැළි පැවැත්වෙන්නේ නැති බව වාර්තා වේ. හදිසි නීතිය ක්‍රියාත්මක වේ. පොලිසියට, හමුදාවට ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා පූර්ණ බලතල හිමි වී තිබේ. (දැන්වීමෙන් පසු ලිපිය කියවන්න) මේ වන විට, ත්‍රස්ත කණ්ඩායමට සම්බන්ධ බොහෝ පිරිස් අත්අඩංගුවට ගෙන තිබේ. එහෙත්, සැඟවී සිටින පුද්ගලයකු යම් විනාශකාරී ක්‍රියාවක් කිරීමට තිබෙන ඉඩ හේතුවෙන් සමාජය ඉතා පරිස්සමෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය ය. කෙසේ වෙතත්, දැන් සමාජයක් ලෙස අප වහ වහා කළ යුතුව තිබෙන දෙය වන්නේ සාමාන්‍ය තත්වය නැවත ඇති කිරීමට අවශ්‍ය පියවර අප විසින් ම ගැනීමයි. අප එදිනෙදා කරන වැඩ වැඩි පරිස්සමකින් යුතුව නැවත පටන් ගත යුතු ය. අපට රට වෙනුවෙන් කරන්නට තිබෙන ලොකුම මෙහෙය එයයි. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැවැන්ත හානියක් සිදු වී ඇති බව අමුතුවෙන් කියන්නට උවමනා නැත. විශේෂයෙන් ම සංචාරක කර්මාන්තයට ද, ආයෝජක ආකර්ශනයට ද මෙය මරු පහරකි. එහෙත්, ඕනෑ ම කළු වළාකුළක ර

ජනාධිපතිවරයා ප්‍රහාර වැළැක්වීමට ක්‍රියා නොකළේ ඇයි?

Image
April 29, 2019   admin   News   සිංහල රාජ්‍ය බුද්ධි තොරතුරු සේවය විසින් පාස්කු ඉරු දින සිදු වූ බෝම්බ පිපිරීම් හා සමූහ ඝාතන මාලාව පිළිබඳ ජනාධිපතිවරයාට අඩු වශයෙන් අවස්ථා තුනකදී විස්තර සහිතව වාර්තා කර ඇති බව අද දින Daily FT පුවත්පත විසින් විශ්වාසකටයුතු මූලාශ්‍ර උපුටා දක්වමින් වාර්තා කරන ලදී. (දැන්වීමෙන් පසු ලිපිය කියවන්න) මෙම වාර්තා කිරීම සිදු කර තිබෙන්නේ අප්‍රේල් 11දා, 16දා සහ අප්‍රේල් 20දා සවස බව ද, රාජ්‍ය බුද්ධි තොරතුරු සේවයේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරීන්ට ඒ පිළිබඳ පොලිසිය දැනුවත් කරන ලෙස බල කළ බව ද පුවත්පත වාර්තා කරයි. ඒ පිළිබඳව පොලිස්පතිවරයාට දැනුම් දී ඇතත්, ඔහු කිසිදු ක්‍රියාමාර්ගයක් ගත් බව නොපෙනෙන බව පුවත්පත පවසයි. ක්‍රිස්තියානි දේවස්ථාන ඉලක්ක වන බව නිශ්චිතව සඳහන් කර ඇති මුත්, පොලිස්පතිවරයා ඒ පිළිබඳව අදාළ ආගමික බලධාරීන් හෝ දැනුවත් කර නැත. සිද්ධියට පැය කීපයකට පෙර ජනාධිපතිවරයා නිවාඩු ගත කරමින් සිටි සිංගප්පූරුවට දුරකථන ඇමතුමකින් මේ බව දැනුම් දීමට රාජ්‍ය බුද්ධි තොරතුරු සේවයේ ප්‍රධානියා කටයුතු කර තිබෙන බව Daily FT පවසයි. ජනාධිපතිවරය

වහාබිවාදය සම්පූර්ණයෙන් තහනම් කරනු! භාර වී පුනරුත්ථාපනය වීමට අවස්ථාවක් ලබා දෙනු!

Image
April 29, 2019   admin   Politics   සිංහල මේ මොහොත වන විට වහාබි ත්‍රස්තවාදයේ පළමු වටය විසින් දැඩි හානියක් සිදු කර හමාර ය. ඒ සමග ම ක්‍රියාත්මක වූ රජය හා ආරක්ෂක අංශ දෙවන ප්‍රහාර වටයකට පිවිසිය හැකි පිරිස දැඩි මර්දනයකට ලක් කර තිබේ. තහනම් කරන ලද ජාතික තව්හීද් ජමාත් සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි යන සංවිධානවල ප්‍රසිද්ධ සාමාජිකයන් අත්අඩංගුවට ගෙන තිබේ. (දැන්වීමෙන් පසු ලිපිය කියවන්න) එහෙත්, මෙහිදී අප විසින් මතක තබාගත යුතු කාරණයක් තිබේ. මේ වනාහි ලංකාවේ එකම වහාබිවාදී සංවිධාන දෙක නොවේ. සෙසු සියලු වහාබිවාදී සංවිධාන ද තහනම් කළ යුතු ය. මන්ද, වහාබිවාදය යනු ආරම්භයේ පටන් ම ත්‍රස්තවාදය සමග සම්බන්ධ ආගමික ගුරුකුලයකි. වහාබිවාදය පිළිබඳ හැඳින්වීමක් මතු දැක්වෙන ලිපියේ තිබේ. තව්හීද් ජමාත් ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය හා සම්ප්‍රදායික මුසල්මානුවා මෙම ප්‍රහාරවලින් පසුව ලංකාවේ වහාබි ත්‍රස්තවාදීනට අරමුදල් සම්පාදනය කරගැනීමේ මාර්ග තවත් පුළුල් වන අතර, මෙකී සංවිධානවලට නව හිමිකරුවන් බිහි වන්නට සහ හිමිකාරිත්වය වෙනුවෙන් ගැටුම් පැනනගින්නට පවා ඉඩ තිබේ. එහෙම නැතත්, තරගකාරී සෙසු වහාබි සංවිධානවල සිටින අන්ත

SOCIAL MEDIA BAN IN SRI LANKA SHOULD NOT BE ACTIVE OVER A LONG PERIOD – FREE MEDIA MOVEMENT

Image
April 27, 2019   admin   English   Media Free Media Movement (FMM) of Sri Lanka states that the social media block that has been imposed as a temporary solution after the Easter Sunday series of bomb attacks, should not be active over a long period. (Article continued after the advertisement) “Justifying the social media block, authorities stated it was to avoid circulation of fake news that could cause public panic. Yet the block also did obstruct the public their right to accurate and responsible information that were posted on social media. Hence, we, the Free Media Movement, emphasize that this social media block that has been imposed as a temporary solution, should not be active over a long period. “In the current situation, the Free Media Movement wishes to emphasize that the media also has a responsibility in shouldering a reasonable share of the ardent task of rebuilding the society and to strengthen the fractured democratic atmosphere of the country. At this critic

පාස්කු ඉරිදා බෝම්බ සහ පෝට් සිටි ඉඩම්

Image
April 27, 2019   admin   Economy   සිංහල පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ බෝම්බ ප්‍රහාර එල්ල වෙද්දී ජුනි මාසයෙන් පසු කොළඹ පෝට් සිටියේ ඉඩම් වෙන්දේසි කිරීමට නියමිතව තිබුණු බව ඔබ දන්නවා ද? ඒ ඉඩම් වෙන්දේසියට මේ ඇති වූ තත්වය කෙසේ බලපානු ඇද්ද? (Article continued after the advertisement) කොළඹ වරාය පුරයේ හෙක්ටෙයාර් 269ක් තිබෙනවා. එහි ගොඩකිරීමේ කටයුතු මාස තුනකට කලින් අවසන් වුණා. මුහුද ගොඩ කර හැදූ මේ ඉඩමේ අයිතිය බස්නාහිර පළාතට පැවරීම හා වරාය පුරය තුළ කොළඹ ජාත්‍යන්තර මුල්‍ය පුරය ස්ථාපිත කිරීම ඇතුළු නීතිමය ප්‍රතිපාදන කිහිපයක් ඉදිරි මාසය තුළදී සිදුවීමට නියමිතව තිබුණා. එහිදී ගෝලීය බහුජාතික සමායතන ආකර්ශනය කරගැනීමට විශේෂ සහන නීතිගත කරගැනීමටත් නියමිතව තිබුණා. ඩොලර් බිලියනයක පමණ ව්‍යාපෘති කෙරෙහි ආයෝජක අවධානය යොමු වී ඇති බව ද, දේශපාලන අස්ථාවරත්වය නිසා ආයෝජකයන් පසුබා සිටියත් ඔවුන් ආපසු හැරී ගොස් නැති බව ද වරාය පුර ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ නිහාල් ප්‍රනාන්දු ජනවාරි මාසයේදී පැවසූ බව වරාය පුර වෙබ් අඩවියේ සඳහන් වෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය යම් දුරකට ආයෝජක උනන්දුව අඩු කිරීමටත්, එසේම, ඉඩම් මිළ පහත හෙළීමටත් හේ

අයිඑස්, ඕස්ට්‍රේලියාව, නිශාම්දීන් සහ කවාජා සිද්ධිය

Image
April 26, 2019   admin   News   People   සිංහල ශ්‍රී ලංකාවේ ඇතැම් මුස්ලිම් තරුණයන් අයිඑස් ඉස්ලාමීය ත්‍රස්තවාදය සමග සම්බන්ධ බව දැන් මුළු ලොව ම දනී. විදේශ රටවල ත්‍රස්තවාදී සංවිධානවලට සම්බන්ධ අය පිළිබඳ දැන සිටි බව ද අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකාවේ නීති නැති බව ද අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි. මෙකී කාරණා මැද පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේ සිදු වූ ශ්‍රී ලාංකික තරුණයකු සම්බන්ධ සිද්ධියක් සිහිපත් විය. ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැති මැල්කම් ටර්න්බුල්, හිටපු විදේශ ඇමැතිනි ජුලියා බිෂොප් සහ ලිබරල් පක්‍ෂ නායකයකු වූ බ්‍රොන්වින් බිෂොප් ඝාතනය කිරීමට ද සිඩ්නි ඔපරා හවුස්, දුම්රිය ස්ථාන ආදියට පහර දීමට ද සැලසුම් කළ බවට සැක පිට ඔස්ට්‍රේලියාවේ ත්‍රස්ත මර්දන අංශ විසින් 2018 අගෝස්තුවේදී එවකට ඇමති ෆයිසර් මුස්තාෆාගේ සමීප ඥාති පුත්‍රයකු බව කියන මොහොමඩ් කමර් නිලාම් නිශාම්දීන් නමැත්තකු අත්අඩංගුවට ගන්නා ලදී. (Article continued after the advertisement) එවකට 25 හැවිරිදි මෙම තරුණයා ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි සිසුවකු විය. ඔහු එම ආයතනයේ ම රැකියාවක් ද කළ බව වාර්තා විය. ශ්‍රී ලංකාවේ

WHAT WE AND THE GOVERNMENT CAN DO TO CONTROL SOCIAL MEDIA

Image
April 26, 2019   admin   English   Media Government has blocked major social media in Sri Lanka but the leading social media influencers log into it via VPN and continue as they are. President Maithripala Sirisena announced that the government is having discussions with social media companies to seek their support to regulate them. First of all, we must define what this regulation means. Regulation must definitely not be control of political content the government does not like. It must be the wrong use of social media for subversive activities. This includes spread of unconfirmed news irresponsibly. It is not such a difficult task. It is hopeless giving the social media companies the responsibility of controlling the content. They are less capacity of handling local languages. (Article continued after the advertisement) However, with the support of the progressive social media users, the government authorities like special police units can monitor them. What is necessa

අලූත් නායකත්වයක් සොයාගැනීමේ අභියෝගය

Image
April 26, 2019   admin   Politics   සිංහල අජිත් පැරකුම් ජයසිංහ පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාර හේතුවෙන් දෙදරා ගියේ මිනිස් හදවත් පමණක් නොවේ. ශ‍්‍රී ලංකාවේ දේශපාලන ක‍්‍රමය ද ගැඹුරින් ම ඉරිතලා ගියේ ය. පාලනය තුළ කලක් තිස්සේ සෙමින් ගොඩනැගෙමින් තිබුණු මෘදු අරාජිකත්වය පසුගිය වසරේ පෙබරවාරි මස පළාත් පාලන මැතිවරණයෙන් පසු ගැඹුරට ම විහිදී ගොස්, ඔක්තෝබර් 26 කුමන්ත‍්‍රණයෙන් පසු දරුණු අර්බුදයක් බවට පත් වී තිබිණි. මෙම බෝම්බ ප‍්‍රහාර මාලාවෙන් පසු එය පූර්ණ අරාජිකත්වයකට රට ඇද දැමූ බව පැහැදිලිව ප‍්‍රදර්ශනය විය. (ලිපිය දැන්වීමෙන් පසු දිගටම කියවිය හැකි ය.) ජාතික තව්හිද් ජමාත් සංවිධානය ප‍්‍රහාර සැලසුම් කරමින් සිටින බව ප‍්‍රහාරකයන්ගේ නම් සහිතව වාර්තා කිරීමට බුද්ධි අංශ සමත් විය. එහෙත්, ජනාධිපතිවරයා ප‍්‍රමුඛ ආරක්ෂාව භාර ඇමතිවරු, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, පොලිස්පති ඇතුළු වගකිවයුතු රාජ්‍ය නිලධාරීන් තත්වය පිළිබඳ විධිමත් විශ්ලේෂණයක් කරනු තබා ඒ පිළිබඳ විධිමත් සාකච්ඡාවක් හෝ පවත්වා නැත. ආරක්ෂක මණ්ඩලය විධිමත් අන්දමින් රැස් වී නැත. එයට සහභාගි විය යුතු අගමැති, පොලිස්පති වැනි අය එයින් ඉවත් කර තිබේ. තිලංග සුමතිපාල

තව්හීද් ජමාත් ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය හා සම්ප්‍රදායික මුසල්මානුවා

Image
April 24, 2019   admin   Politics   සිංහල අජිත් පැරකුම් ජයසිංහ අරාබි බසින් තව්හිද් යන්නෙන් අදහස් වන්නේ දෙවියන්ගේ ඒකත්වයයි. එනම්, දෙවියන් යනු තමන් අදහන දෙවියන් පමණක් බවයි. ජමාත් යනු සභාවයි. ජාතික තව්හිද් සභාව නම් සංවිධානය ශ්‍රී ලංකාවේ සිදු වූ බෝම්බ ප්‍රහාර මාලාවට වගකිව යුතු බව මේ වන විට හෙළිදරව් වී තිබේ. එසේම, එහි නායකයා ද තවත් නායකයන් පිරිසක් ද සියදිවි නසාගන්නා බෝම්බකරුවන් ලෙස ක්‍රියාත්මක වී තිබේ. (ලිපිය දැන්වීමෙන් පසු දිගට කියවන්න) ශ්‍රී ලංකාවේ ප්‍රහාර මාලාව පසුපස ශක්තිමත් ජාත්‍යන්තර ජාලයක් ක්‍රියාත්මක වීමට වඩා සිදුවන්නේ දේශීය ජාලයක ක්‍රියාත්මක වීමකි. දැනට අප දන්නා තොරතුරු අනුව මෙම ප්‍රහාර මාලාව සිදු කළ ජාතික තව්හීද් ජමාත් සංවිධානය සමග සම්බන්ධ ඇතැම් පුද්ගලයන් අපනයන ව්‍යාපාර හා සම්බන්ධ ඉතා ධනවත් අයයි. නිදසුනක් ලෙස දෙමටගොඩ මහවිල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත්, 2015 මහ මැතිවරණයේ ජවිපෙ ජාතික ලැයිස්තුවේ සාමාජිකයකු වූ ඊබ්‍රාහිම් නමැත්තා වටිනාකම් එකතු කළ තඹ අපනයන ව්‍යාපාරිකයෙකුගේ පියා බව වාර්තා වේ. එම ව්‍යාපාරය අති විශාල ලාභ ලබන ව්‍යාපාරයකි. මෙම පුද්ගලයාගේ පුතුන් දෙදෙනෙකු ම

තව්හීද් ජමාත් ත්‍රස්තවාදය සමග වැසෙන ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික අවකාශය

Image
April 22, 2019   admin   Politics   සිංහල ශ්‍රී ලංකාවේ සිදු වූ බෝම්බ ප්‍රහාර මාලාව පසුපස සිටින බලවේග දැන් හෙළිදරව් වෙමින් සිටිති. ඇතැම් සියදිවි නසාගත් බෝම්බකරුවන් හඳුනාගෙන තිබේ. ‍සියලු තොරතුරු ඉතා කෙටි කලකින් මාධ්‍ය මගින් හෙළිදරව් වනු ඇත. (ලිපිය දැන්වීමෙන් පසු දිගට කියවන්න) ශ්‍රී ලංකාවේ ප්‍රහාර මාලාව පසුපස ශක්තිමත් ජාත්‍යන්තර ජාලයක් ක්‍රියාත්මක වීමට වඩා සිදුවන්නේ දේශීය ජාලයක ක්‍රියාත්මක වීමකි. දැනට අප දන්නා තොරතුරු අනුව මෙම ප්‍රහාර මාලාව සිදු කළ ජාතික තව්හීද් ජමාත් සංවිධානය සමග සම්බන්ධ ඇතැම් පුද්ගලයන් අපනයන ව්‍යාපාර හා සම්බන්ධ ඉතා ධනවත් අයයි. නිදසුනක් ලෙස දෙමටගොඩ මහවිල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත්, 2015 මහ මැතිවරණයේ ජවිපෙ ජාතික ලැයිස්තුවේ සාමාජිකයකු වූ ඊබ්‍රාහිම් නමැත්තා වටිනාකම් එකතු කළ තඹ අපනයන ව්‍යාපාරිකයෙකු බව වාර්තා වේ. ඔවුන් යෙදී සිටි ව්‍යාපාරය අති විශාල ලාභ ලබන ව්‍යාපාරයකි. මෙම පුද්ගලයාගේ පුතුන් දෙදෙනෙකු මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස ක්‍රියා කර තිබෙන අතර, එම නිවසේ පිපිරවීමෙන් මිය ගිය අය ද එම පවුලේ අයයි. ඔවුන් දැඩි ලෙස අන්තවාදී පිරිසක් වන අතර, කෆීර් ලෙස සැලකෙන මුස්

SERIES OF MASSIVE EXPLOSIONS IN COLOMBO ON EASTER SUNDAY; LARGE NUMBER OF DEATHS

Image
April 21, 2019   admin   English   News At least six bomb blasts were reported in Sri Lanka on Easter Sunday. Video evidence from a church in Negambo showed apparently dead or seriously injured. At least three of these blasts have taken place in Christian churches. They are Kochchikade St. Anthony’s church in Colombo city, Katuwapitiya St. Sebastian’s Church in Negambo and another church in Batticaloa. Eyewitnesses reported massive damage. Death toll is expected to raise to scores and over 100 injured persons have been admitted to hospitals. More blasts are reported from several hotels in Colombo. Unconfirmed reports said the blasts had taken place at Shangrila and Kingsbury hotels in Colombo. (Cover photo: Katuwapitiya St. Sebastian’s Church in Negambo) Adapted from praja.lk

SOCIAL MEDIA PARTIALLY BLOCKED; ANOTHER AFTERNOON BLAST IN SRI LANKA

Image
April 21, 2019   admin   English   News Hours after the series of bomb attacks in Sri Lanka in the morning of Easter Sunday, another explosion was reported in a hotel near National Zoological Gardens at Dehiwala, south of Colombo city. At least two persons have died. (Update: Reports around 3 p.m. said another blast has taken place at a housing scheme in Dematagoda in Colombo city) Sri Lankan government Minister Mano Ganeshan tweeted, “A week before, my Ministerial Security Division (MSD) officers had been warned by their Division on two suspected suicide bombers in Colombo targeting politician,” several hours after the attacks that killed over 175 persons and injured more than 400 people. Meanwhile, a letter was shared in social media widely by the anti-government elements and the racists claiming it was a directive by police to the VIP security divisions. The letter which the government sources declines as fake points finger towards an ethno-religious group for planning ter