අම්පාරෙ ඉග්ලු නිවාස
චන්ද්‍ර ජයසිංහ
ඉග්ලූ නමින් හඳුන්වන අර්ධ ගෝලාකාර අපූරු නිවෙස් නිසාමයි ආක්ටික් ප්‍රදේශයේ වාසය කරන ඇස්කිමෝවරු ප්‍රසිද්ධ වෙල තියෙන්නෙ. එම නිවාස හදන්නෙ අයිස් කුට්ටිවලින්. උෂ්ණත්වය සෙල්සියස් අංශක බිංදුවෙන් ඉහළට නගින්නේ නැති නිසා මේ අයිස් දියවෙන්නෙ නැහැ.
ඉග්ලු හැඩය ගත්ත මේ අපූරු නිවාස පෙළ දකින්නට හම්බවුනේ අම්පාර ප්‍රදේශයේදී. පොතුවිල් ඉඳන් අක්කරෙයිපත්තු දෙසට ගමන් ගමන් කරනකොට පාර අද්දර මේ ඉග්ලූ ගම්මානය පිහිටල තියෙනව.
2004 වසරේ සුනාමි ව්‍යවසනයෙන් පස්සෙ විදේශීය රටක සංවිධානයක් මේ ගෝලාකාර නිවාස ඉඳි කර දීල.



Adapted from praja.lk
Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.