Posts

Showing posts from May, 2019

GROSS HUMAN RIGHTS VIOLATIONS IN SRI LANKA DURING ANTI-TERROR DRIVE

Image
May 27, 2019   admin   English   Politics Ajith Perakum Jayasinghe Gross human rights violations and an apparent anti-Muslim state terror seem to prevail in Sri Lanka in relation to a number of investigations. None of these investigations are complete yet. However, with past bad records of police investigations, specially due to bad records of manipulating the contexts by officials for personal revenge and messing with racism, we are compelled to be suspicious. The investigation on a Muslim medical doctor in Kurunegala in the Northwestern Province on charges of sterilizing Sinhala women during caesarian section had raised many eyebrows. The doctor was accused of having links with National Thawheed Jamaath, the terror outfit that launched the Easter Sunday series of attacks taking more than 250 lives. The investigation was initiated after a racist report on a Sinhala nationalist daily. Initially police headquarters rejected information on such investigation but a day later

උන්නාන්සේ නැවතත් රට කළඹන්නට හදන සේක

Image
May 27, 2019   admin   Cartoon   සිංහල මේ කාටුන් එක ඇඳලා ටික දවසකි. එය පළ නොකළේ උන්නනාන්සේ යහපත් කල්තිරියාවෙන් කල් ගත කරනු ඇතැයි අපේක්ෂාවෙනි. ආවේගශීලී වුණාට යම් අවංක මෝඩකමක් ඇති බව අප දුටු හෙයින් නිවැරදි වෙන්නට ඉඩ දිය යුතු නිසා අප ඔහු නිදහස් කරපු එකටත් කීවේ එය දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමක් ය කියා ය. එහෙත්, උන්නාන්සේට හොඳ වෙන්නට බැහැ වාගේ ය. ගත්ත කොන්තරත් ඉටු කරන්නට තිබෙන නිසා විය හැකි ය. Adapted from praja.lk

රිෂාඩ් බදුර්දීන් ඊලඟ මැතිවරණයකදී මුස්ලිම් ජනතාවගේ එකම නායකයා වෙයි ද?

Image
May 27, 2019   admin   News   සිංහල රිෂාඩ් බදුර්දීන් යනු තවත් එක් දෙශපාලනඥයෙකි. ඔහුත් සෙසු දේශපාලනඥයිනුත් අතර තිබෙන එක ම වෙනස ඔහු මුස්ලිම් වීම විය හැකි ය. මුස්ලිම් දේශපාලනඥයන් අතර ඔහුගේ වෙනස ඔහු මුස්ලිම් දේශපාලනයේ ප්‍ර‍ධාන ධාරාව බිහි වන නැගෙනහිර පළාතට පිටින් බිහි වීම විය හැකි ය. එසේ නොමැති නම්, බදුර්දීන් අනෙකුත් සියලු දේශපාලනඥයන් කරන බලය අපහරණය කිරීම්, නීති උල්ලංඝනය කිරීම් හා දූෂණ සිදු කර තිබේ. ඔහුගේ ය කියා කිසිදු වෙනසක් නැත. රිෂාඩ් බදුර්දීන් මුල් වරට 2001දී පාර්ලිමේන්තුවට පත් වන්නේත්, එතැන් සිට අද දක්වා නියෝජනය කරන්නේත් වන්නි දිස්ත්‍රික්කයයි. කොටි සංවිධානය විසින් උතුරින් පළවා හරින ලද සරණාගත පවුලක සාමාජිකයකු වූ ඔහු මොරටුව විශ්වවිද්‍යාලයේ ජාතික තාක්ෂණ ඩිප්ලෝමාධාරී 47 හැවිරිදි දේශපාලකයෙකි. ඔහු සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍ර‍සයේ නායකයා ය. ඔහුගේ සහෝදරයකු වන රිෆ්කාන් බදුර්දීන් උතුරුපළාත් සභාව නියෝජනය කළේ ය. රිෂාඩ් 2010 සිට ම කර්මාන්ත හා වානිජ කටයුතු ඇමති ධුරය හොබවයි. ඔහු පිළිබඳ පළමු විරෝධය මතු වන්නේ විල්පත්තු රාජපක්ෂ ආණ්ඩුවේ උතුරු වසන්තය යටතේ ආරම්භ වුණ විල්පත්තු වනාන්තරය විනාශ කරමින්

සීසේරියන් සැත්කම් අතරතුර පැලෝපීය නාලවලට හානි කර වඳභාවයට පත් කළ හැකි ද?

Image
වෛද්‍ය පියල් පෙරේරා (කොළඹ වෛද්‍ය පීඨයෙහි අධ්‍යාපනය ලද ශ්‍රී ලාංකික වෛද්‍යවරයකු වන අතර දැනට බ්‍රිතාන්‍යයේ මිල්ටන් කේන්ස් විශ්වවිද්‍යාල රෝහලෙහි සේවය කරයි) මම මහාචාර්යවරයෙක් නොවෙමි. නමුත් වසර විසි දෙකක් තිස්සේ මගේ සහ මගේ පවුලේ ජීවිත ගැටගසා ගැනීම සඳහා ඩිම්බකෝෂ, පැලෝපීය නාල, ගර්භාෂය, යෝනි මාර්ගය සහ සමහර විට ගුද මාර්ගය සහ මුත්‍ර මාර්ගය අතපත ගාන්නෙමි. එබැවින් බොහෝ දෙනකුගේ ඉල්ලීම මත කෙටි පැහැදිලි කිරීම් කීපයක් ඉදිරිපත් කිරීමට සිතුවෙමි. සීසේරියන් සෙක්ෂන් සැත්කම් පිළිබඳ අධ්‍යාපනික වීඩියෝවක්. සිසේරියන් සැත්කම් දස දහසකට වඩා සිදුකර ඇති වෛද්‍යවරුන් සිය ගණනකි. වඳ සැත්කම් දසදහසකට වඩා සිදුකර ඇති වෛද්‍යවරුන් අතලොස්සක් ඇත. නමුත් සිසේරියන් වඳ සැත්කම් හාරදහසක් සිදු කිරීමට එක වෛද්‍යවරයෙකුට ලැබෙන ඉඩකඩ ඉතාම අල්පය. සියල්ලටම රහසේ එතරම් ප්‍රමාණයක් සිදුකිරීම ඇත්තෙන්ම හිතලුවකි. සාමාන්‍යයෙන් සිසේරියන් සැත්කමක් සිදු කිරීමේ දී ගර්භාෂය කපා දරුවා සහ වැදෑමහ ඉවත් කර ගර්භාෂ නැවත මසා අවසන් වන තුරු පැලෝපීය නාල දෙස අත ඇස හිත යොමන්නේ නැත. එනමුත් සැත්කම දෙස සැම විටම ඇස් හයක් යොමුවේ. ඒ සැත්කම සිදුකරන්නා, සහායකයා සහ ස

SPLITS GETTING DEEP-ROOTED IN POST-EASTER SRI LANKAN POLITY OVER CAESARIAN SECTION ISSUE

Image
May 25, 2019   admin   English   News Ajith Perakum Jayasinghe The repercussions of Easter Sunday IS attacks is Sri Lanka are taking a new turn beyond taking lives of over 250 civilians. Anti-Muslim sentiments are getting deep-rooted in the Sri Lankan society. One very good example is the headline news of Sinhala nationalist daily Divaina (sister paper of The Island) on 23 April. The report said that a Muslim gynecology doctor connected to National Touheed Jamaath (NTJ) had committed medical crimes of sterilizing around 4000 Sinhala women during about 6000 caesarian sections he carried out. NTJ is the outfit that conducted the Easter Sunday terrorist attacks. The terror organization is banned now and a massive manhunt is underway apprehending all who are linked to it. The newspaper’s argument was that the doctor had conducted illegal vasectomy. Another nationalist medical don Prof. Channa Jayasumana supported this argument pointing out that the gynecologist could have tur

SRI LANKA’S EASTERN PROVINCE GOVERNOR IN CONNIVANCE WITH EASTER SUNDAY IS ATTACKS LEADER

Image
May 25, 2019   admin   English   News Photo of Eastern Provincial Council Governor M.L.A.M. Hizbulla is out in which he is shaking hands with Zahran Hashim, the ring leader of April 21 Easter Sunday terrorist attacks during elections in 2015. In the photo, Hizbulla is posing with NTJ leader Zahran who was one of the two suicide bombers of Shangrila Hotel. The man sitting next to Zahran in the photo is believed Mohammed Hasthun the suicide bomber of St. Sebastian church in Katuwapitiya. Hizbulla has not rejected the photo but he says he sought support of Zahran’s movement National Touheed Jamaath (NTJ) now banned in Sri Lanka. NTJ was strong in all-Muslim eastern town Kattankudi and ran a de-facto rule there. Hizbulla says he was not extended support by NTJ in elections because they accused him of violating the agreement with NTJ. The violation included use of loud speakers to propagate a rally by him in the town. Hizbulla lost the election but President Maithripala Sirisena

දිවයින හා චන්න ජයසුමන වැඩිම හානිය කළේ වෛද්‍ය වෘත්තියේ විශ්වසනීයත්වයට

Image
May 24, 2019   admin   Life   සිංහල අජිත් පැරකුම් ජයසිංහ තව්හිද් ජමාත් ත්‍රස්ත සංවිධානයට අයත් වෛද්‍යවරයකු විසින් සිංහල කාන්තාවන් පළමු දරුවා ලැබෙන්නට සීසර් සැත්කමට භාජනය කරද්දී ඔවුන්ගේ පැලෝපීය නාල අවහිර කර නිසරුභාවයට පත් කළ බවට වාර්තාව රටේ මහත් ආන්දෝලනයක් ඇති කළ බව ඔබ දන්නේ ය. මෙම වාර්තාව දිවයින පුවත්පතේ තවත් එක් සත්‍යයෙන් තොර ප්‍රබන්ධයක් බව පෙනේ. ඒ පිළිබඳ විමර්ශනයක් දැන් සිදුවෙමින් තිබේ. පුවතේ මූලාශ්‍රය ලෙස සඳහන් කර තිබෙන පොලිසිය දැනට පවසන පරිදි නම් තමන් එවැනි වෛද්‍යවරයකු ගැන දන්නේ නැත. මෙය බොරු වාර්තාවක් නම් එය ද ඇත්ත වශයෙන් ම භයානක ත්‍රස්ත ක්‍රියාවකි. ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී සඳහන් කළ ආකාරයට ම එය සත්‍යයක් නම් ජනතාව අතර ගැටුම් ඇති කළ හැකි තත්වයකි. බොරු වාර්තාවක් නම් ජනතාව අතර වාර්ගික ගැටුම් ඇති කිරීමේ හා ඒ ඔස්සේ රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් කරන ලද ත්‍රස්තවාදී මාධ්‍ය වාර්තාකරණයකි. දිවයින පුවත්පතේ මේ දීකිරට සාක්කි කියන්නට ඉදිරිපත් වූ බළලෙකු වූයේ වෛද්‍ය චන්න ජයසුමන ය. ඔහු තර්ක කළේ මෙසේ ය: “අද දිවයින පුවත්පතේ සිරස්තලය දුටු වෛද්‍යවරු කිහිප

මට මහන්සියි

Image
Adapted from praja.lk

ඥානසාර හිමිට ලබා දුන් සමාව දේශපාලන සිරකරුවන්ට පොදුවේ ලබා දෙන්න

Image
May 24, 2019   admin   Politics   සිංහල අජිත් පැරකුම් ජයසිංහ ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කිරීම දේශපාලන සිරකරුවකු නිදහස් කිරීමක් ලෙස සැලකිය හැකි බව අපි ඊයේ ප්‍ර‍කාශ කළෙමු. අදාළ ලිපිය මෙතැනින් >>  ඥානසාර හිමිට ජනාධිපති සමාව දීම යනු කුමක් ද? දිගට ඇදෙමින් පවතින දේශපාලන සිරකරුවන්ගේ ප්‍ර‍ශ්නයට විසඳුම් සෙවිය හැකි ආකාරය පිළිබඳ සාකච්ඡාව නැවත ආරම්භ කිරීමට ද මෙය අවස්ථාවක් කර ගත යුතු ය. යුද සමයේ සිදුවීම් සම්බන්ධයෙන් ජාතික හා ජාත්‍යන්තර පාර්ශ්ව සමග ඇති කර ගන්නා එකඟතාවකින් රජයේ ආරක්ෂක අංශ හා ඔවුන්ට සහාය දුන් සන්නද්ධ කණ්ඩායම්වල සාමාජිකයන්ටත්, දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය හා යුද සමයේ ක්‍රියාත්මක වූ වෙනත් දෙමළ සංවිධානවලටත් පොදු සමාවක් ප්‍ර‍දානය කරන ලෙස ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන් සහ දෙමළ දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටින බවට ජාතික හෙළ උරුමය විසින් 2018 සැප්තැම්බරයේදී කරන ලද ඉල්ලීම ඉතාම කාලෝචිත හා ප්‍ර‍ගතිශීලී ඉල්ලීමක් ලෙස සලකමින් අගය කරන්නෙමු. අතුරුදහන් වූවන්ගේ ප්‍ර‍ශ්නයට විසඳුම් සෙවීමට මේ වන විට විශේෂ කාර්යාලයක් ස්ථාපිත කර තිබේ. එමගින් සහන හා හානිපූරණ ක්‍රියාමාර්ග සඳහා මූ

මුසල්මානුවා බිත්තියට හේත්තු කර සාමය දිනාගත හැකි ද?

Image
May 23, 2019   admin   Politics   සිංහල අජිත් පැරකුම් ජයසිංහ (2019 මැයි 26 ලංකා පුවත්පතේ ද පළ වේ) ජාතික තව්හීද් ජමාත් ඇතුළු මුස්ලිම් අන්තවාදී සංවිධාන ගෝලීය අයිඑස් ත්‍රස්තවාදය සමග එක්ව පාස්කු ඉරිදා එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාර සමග ලංකාවේ මුස්ලිම් ජාතික ප්‍රජාව දැඩි පීඩනයකට ලක් වී තිබේ. එක පැත්තකින් එය මුස්ලිම් භීතිකාවක් රට තුළ නිර්මාණය කිරීමට හේතු වී තිබේ. අනෙක් පැත්තෙන් ජාතිවාදී දේශපාලන ව්‍යාපාරවලට එය ඉතා වාසිදායක තත්වයකි. තව්හීද් ජමාත් ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ආරම්භ වූ කාලයේ පටන් ම එය විසින් ඇති කරනු ලැබුවේ ගැටලු ය. දස වසකට ඉහත 2009 ජුලි මස පුද්ගලයන් දෙදෙනෙකුට මරු කැඳවමින් හා 40දෙනෙකුට පමණ තුවාල සිදු කරමින් බේරුවල බුහාරි පල්ලියේ හා මහගොඩ රහුමාන් පල්ලියේ දායකයන් අතර ගැටුමක් ඇති වී රහුමාන් පල්ලියට කිසියම් පිරිසක් ගිනි තබන ලදී. බුහාරි පල්ලිය වසර 145ක් පමණ පැරණි පල්ලියක් වන අතර එහි පාලනය පැවතියේ සුෆී මුස්ලිම්වරුන් අතර ය. රහුමාන් පල්ලිය තව්හීද් ජමාත් පල්ලියකි. බුහාරි පල්ලියේ සම්ප්‍රදායික දානමය පිංකමකට තව්හීද් ජමාත් සංවිධානය මූලධාර්මික පදනමින් විරුද්ධ වීම මෙම ගැටුමට හේතු විය. නැගෙනහ

ඥානසාර හිමිට ජනාධිපති සමාව දීම යනු කුමක් ද?

Image
May 23, 2019   admin   Politics   සිංහල අජිත් පැරකුම් ජයසිංහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 34(1) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පැවැරී ඇති විධායක බලතල උපයෝගී කරගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බොදු බල සේනා නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමි ජනාධිපති සමාවක් යටතේ නිදහස් කිරීම එතරම් පුදුම විය යුතු කාරණයක් නොවේ. කුමන චෝදනා යටතේ සිරගත වුව ද එම භික්ෂුව දේශපාලන සිරකරුවකු ලෙස සැලකිය හැකි නිසා ඔහුට ජනාධිපති සමාවක් දී නිදහස් කිරීම දේශපාලන ක්‍රියාවකි. නිරන්තර දේශපාලන අර්බුදවලට මැදි වී සිටින අස්ථාවර රටවල එක් ප්‍රධාන ලක්ෂණයක් වන්නේ මෙවැනි සිරගත කිරීම් හා නිදහස් කිරීම් ය. එහෙත්, ඥානසාර හිමි නිදහස් කිරීම හා පාස්කු ඉරිදා ත්‍රස්ත ක්‍රියා අතර සම්බන්ධයක් නැත. ඥානසාර හිමි සිරගත කරනු ලැබුවේ ඉස්ලාම් අන්තවාදය සම්බන්ධයෙන් ඔහු විසින් කරන ලද මැදිහත්වීමක් නිසා නොවේ. ඔහු එවැනි මැදිහත්වීම් කර තිබේ නම්, ඒවා ද මතභේදයට තුඩු දෙන සිදුවීම් ය. මන්ද, එකී ක්‍රියා හේතුවෙන් තව්හීද් ජමාත් වැනි අන්තවාදීන්ට සිදු වූ දෙයක් නම් නැත. සිදු වී තිබෙන්නේ අලුත්ගම, ධර්ගා නගරය වැනි තැන්වල සිදු වූ විනාශයන් ය. දේශපාලන සිරකරුවන් මෙසේ නිදහස් කළ අවස

නකල්ස්; සොඳුරු චමත්කාර ගමනක අසම්පූර්ණ මතක සටහන්

Image
May 22, 2019   admin   Travel   සිංහල චන්ද්‍ර‍ජයසිංහ රූපවාහිනී සංස්ථාව විසින් නිර්මාණය කරන ලද අපූරු පාරිසරික වැඩසටහනක් සැරිසර. 2006 මැයි 22 රූපවාහිනී සංස්ථාවෙන් පිටත් වෙන්නෙ නකල්ස් කඳුවැටියේ තොරතුරු සොයාගෙන. අපේ කට්ටිය නිෂ්පාදක ගාමිණී පුෂ්පකුමාර, නාමල් සූරියබණ්ඩාර, කැමරා ශිල්පි ලලිත් පීරිස්, කථක නිශාන්ත කහවිට, සහායක රූපසිරි එක්ක හඬපටිගත කරන මම. මුල්ම නවාතැන වෙන්නෙ වත්තේගම ලෙබනන් වත්තෙ වතු බංගලාව. පහුවදා එතැන ඉඳන් බඹර ඇල්ල හරහා නකල්ස් කඳුවැටිය දිගේ කළුපහණ ප්‍රදේශයට. කිලෝමීටර් දහයක් විතර කූඩැල්ලන්ගෙන් පිරුණු ලිස්සා වැටෙන කඳු දිගේ දුෂ්කර ගමනක්. මේ කතාව පටන් ගන්නෙ එතැනින්…. කළුපහණ කියන්නෙ නකල්ස් කඳුවැටියේ සරුසාරෙට එනසාල් වගාව සිද්ධ කෙරුණු ප්‍රදේශය. අක්කර සියගණනක් පැතුරුණු එනසාල් වගා කළේ මාතලේ, ඉළුක්කුඹුර අවට ව්‍යාපාරික ප්‍රජාව. මහ ගස් අතර යටි වගාවක් විදිහට තමයි එනසාල් වගා කළේ. මේ එනසාල් වතුවල තැනින් තැන වාඩි හදල තිබුණ. වාඩි කිව්වට ටකරං සෙවිලි කළ වරිච්චි බිත්ති කපරාරු කරපු පුංචි ගෙවල් කිව්වොත් හරි. මේ වාඩි තිබුණේ එක ළඟ නෙවෙයි. වාඩියක ඉඳන් අනෙක් වාඩියට කිලෝමීටරයක් දෙකක් තියෙනව.

මගේ බිරිඳ ධර්ම චක්‍ර‍යවත්, නැව් සුක්කානමවත් දන්නෙ නැහැ. එයා නිදහස් කරලා දෙන්න

Image
May 21, 2019   admin   News   සිංහල එම්. ආර්. මසහිමා හසලක කොළොන්ගොඩ පදිංචි 47හැවිරිදි මුස්ලිම් කාන්තාවක්. ඇය අධි රුධිර පීඩනයෙන් සහ ඇදුමෙනුත් පෙළෙනවා. පසුගියදා මහියංගනය පොලිසිය හසලකදී ඔත්තුවක් මත ඇය අත්අඩංගුවට ගත්තේ ඇය ඇඳ සිටි ගවුමේ බුදු දහමට අපහාස වන පරිදි ධර්ම චක්‍ර‍යේ රුව ඇතුළත් ගවුමක් ඇඳ සිටියේ ය යන චෝදනාව මතයි. එහෙත්, මේ රූපය ධර්ම චක්‍ර‍ය නොව නැව් සුක්කානමක් බව බොහෝ අය විසින් පෙන්වා දෙනු ලැබුවා. එහෙත්, මසහිමා තවමත් ඉන්නේ අත්අඩංගුවේයි. පහත දැක්වෙන්නේ ශමීලා යූසුෆ් අලි විසින් මසහිමාගේ සැමියා වන පෙදරේරුවරයකු යටතේ කුලී කම්කරුවකු ලෙස රැකියාව කරන අබ්දූල් මුනාෆ් සමග කරන ලද සම්මුඛ සාකච්ඡාවක පරිවර්තනයයි. මොකක්ද වුණේ? මම කොළඹ රස්සාව කරමින් හිටියෙ. මැයි 16දා එක පාරට ම මගේ බිරිඳ මහියංගනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව කියමින් මට කෝල් එකක් ලැබුණා. ඇය මොන වරදක් කරලා ද කියා මා දැන හිටියෙ නැහැ. මම කලින් දවසෙ ඇයට වියදමට සල්ලි යැව්වා. එයා අහිංසකයි. සනීපත් නැහැ. ඔබ ඊළඟට කළේ මොකක් ද? මම ඉක්මණින් ම බස් එකක නැගලා ගෙදර ආවා. එතකොටයි මම විස්තරේ දැනගත්තේ. කලින් දවසෙ ඇය හසලක ඉස්පිරිතාලෙට