Posts

Showing posts from January, 2021

නැගෙනහිර පර්යන්තය හෙවත් බූරුවන්ගේ කොන්ද කඩන පිදුරුගහ

Image
  January 25, 2021   admin   Economy අජිත් පැරකුම් ජයසිංහ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය මේ වනවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලනයේ අනාගතය තීරණය කරන සන්ධිස්ථානයක් බවට පත් වී තිබේ. මේ වන විට ඔහු බලයට ගෙන ඒම සඳහා වැඩ කළ සිංහල ජාතිවාදී සංවිධානවල හා වියත් මග වැනි ඊනියා වෘත්තිකවාදී සංවිධානවල කොන්ද කඩන පිදුරු ගහ බවට පත් වී තිබෙන්නේ නැගෙනහිර ජැටියයි. මෙම බලවේගවල අරමුණු අපැහැදිලිය. කෙසේ වෙතත්, ඒවා කිසිවක් ආනයනය නොකර හැකි සියල්ල අපනයනය කරමින් ධනවත් විය හැකි යයි සිතන ස්වයංපෝෂණවාදයේ සිට ඒකාධිපති, කෘර පාලනයක් හරහා විරුද්ධ බලවේග මර්දනය කරමින් රට සංවර්ධනය කිරීම සඳහා දැඩි පියවරගැනීම දක්වා පුළුල් පරාසයක විහිදේ. මෙම බලවේග සියල්ලෙහි අවශ්‍යතා අතර මහා පොදු සාධකය ලෙස සැලකිය හැක්කේ සමෘද්ධිමත් රටක ජීවත් වීමේ සිහිනයයි. එම සිහිනය සැබෑ කරගන්නේ කෙසේද යන්න පිළිබඳ විවිධ මතවාද තිබේ. සිංහල, බෞද්ධ, ගොවිගම, පිරිමි ආධිපත්‍යයෙන් යුත් ශ්‍රී ලාංකීය රාජ්‍යය ලාංකික බහුතර ජාතිකවාදීන්ගේ මුදුන් මල්කඩයි. ඔවුන්ට අවශ්‍ය ඒ ශ්‍රී ලංකාව ඒ අයුරින් සමෘද්ධිමත් දේශයක් වනු දැකීමටයි. එහිදී ඔවුන්ට දෙමළ ජාතික අරගලය, දකුණු ආසියාතික කලාපීය හා ගෝ

පවිත්‍රාට කොවිඩ් වැළඳීම හා දිළිඳු ජනයාට කොවිඩ් වැළඳීම

Image
  January 23, 2021   admin   Health   Life සෞඛ්‍ය ඇමතිනියට කොවිඩ්-19 වැළඳීම ශ්‍රී ලංකාවට ලෝක මට්ටමේ නරක ප්‍රචාරයක් ලැබෙන වැඩක්. ඒ ගැන අප රටක් විදියට සතුටු විය යුතු නැහැ. අපට පෙනෙන විදියට නම් නීරෝගී පුද්ගලයකු වන පවිත්‍රා වන්නිආරච්චිට හොඳම ප්‍රතිකාරත් ලබාගැනීමේ අවස්ථාව තිබෙන නිසා ඇයට සුවවේවි. කොවිඩ්-19 විසින් වැඩිපුරම මරා දමන්නේ දිළිඳු ජනතාව. ඔවුන් අතරිනුත් වැඩිම පිරිස වන්නේ, එදිනෙදා කුලියක් මලියක් කරගෙන ජීවත් වන, මත්පැන් හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ, නිදන්ගත රෝග තිබෙන, ඒවාට හරිහමන් ප්‍රතිකාරයක් ලබාගත නොහැකි හෝ ලබාගන්නට උවමනාවක් නැති, නුගත් හා ඉගෙනගන්නට උවමනාව නැති, රෝගවලට හොරවෙදුන් හා කට්ටඩින් පසුපස යන අයයි. වයස්ගත අය කොවිඩ්-19ි නිසා අවදානමට ලක්වන්නෙත් වැඩිපුරම දුප්පත්කම නිසා. වාසුදේව නානායක්කාර වගේ ධනවත්, බලවත්, හොඳ සෞඛ්‍ය පහසුකම් ලබාගත හැකි මහළු අය කොවිඩ්-19 නිසා දැඩි අවදානමකට ලක්වන්නෙ නැහැ. සමාජයේ බහුතරයක් දෙනාට කොවිඩ්-19 කියන්නෙ සාමාන්‍ය හෙම්බිරිස්සාවකට වැඩි දෙයක් නෙමෙයි. ප්‍රශ්නෙ තියෙන්නෙ ඒක ශීඝ්‍රයෙන් පැතිරීම හා එසේ පැතිරීම නිසා අප අතර සිටින දිළිඳු හා රෝගී අවදානම් ප්‍රජාවත් අවදානම

මානව සංවර්ධනයේ ඇන්ත්‍රොපසීන අවධිය

Image
  January 22, 2021   admin   Development   Disaster   Life අජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය – ලංකා පුවත්පත, 2021-01-24 පසුගියදා එළිදක්වන ලද, 2020 වසරේ එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන වාර්තාවේ මාතෘකාව වන්නේ  “The Next Frontier: Human Development and the Anthropocene”  යන්නයි. එය මෙසේ පරිවර්තනය කළ හැකියි:  “ඊළඟ පෙරමුණ: මානව සංවර්ධනය සහ ඇන්ත්‍රොපසීන අවධිය.” ඇන්ත්‍රොපසීන අවධිය කියන්නේ කුමක්ද? එය නව මානව අවධිය ලෙස සරල ලෙස පරිවර්තනය කළ හැකියි. එය භූගර්භ විද්‍යාත්මක කාල වකවානු සමග සම්බන්ධ සංකල්පයක්. පෘථිවියේ පර්වත ස්ථරවල ෆොසිල තැන්පත් වන ආකාරය අධ්‍යයනය කර පෘථිවියේ භූගර්භ විද්‍යාත්මක යුග හා අවධි ආදිය නම්කිරීමේ බලය සහිත සංවිධානය වන්නේ ජාත්‍යන්තර භූගර්භ විද්‍යා සංගමයයි (IUGS). එම සංවිධානයේ නාමකරණය අනුව නම් පෘථිවිය වර්තමානයේදී ගතකරමින් සිටින්නේ හොලෝසීන අවධියයි. එය අවුරුදු 11,700ක පමණ කාලපරිච්ඡේදයක්. අවසන් අයිස් යුගයේ සිට නූතන අවධිය දක්වා විහිදෙන එම අවධියේ අවසන් කාලයේදී මානවයන් විසින් පෘථිවි භූගර්භය තුළ ස්ථාවර වෙනස්කම් සිදුකර තිබෙන නිසා අලුත් අවධියක් ඇරඹෙන බවට අදහසක් ඉදිරිපත් වුණා. නව මානවයන්ගේ අව

ශුක්‍රා මුනවර් නිසා අපට වෙච්ච දේ

Image
  January 20, 2021   admin   Life අජිත් පැරකුම් ජයසිංහ ශුක්‍රා මුනවර් කියන උසස් පෙළ පන්තියක අධ්‍යාපනය ලබන මුස්ලිම් දැරිය මේ දිනවල ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රියයි. ඇය ජනප්‍රිය වුණේ සිරස ලක්ෂපති වැඩසටහන හරහායි. ශුක්‍රා මුනවර් ජනප්‍රිය වන්නට ප්‍රධාන හේතුවක් වන්නේ ඇය මුස්ලිම් දැරියක වීමයි. ඇගේ භාෂා හැකියාව, අදහස් ඉදිරිපත් කිරීම, හැසිරීම් රටා, අදහස් ආදිය හේතුවෙන් බහුතර සිංහල සමාජය විස්මයට පත් වී තිබෙන බවක් පෙනෙනවා. මෙවැනි දක්ෂ දරුවන් සෑම සමාජයකම ඉන්නවා. ඒත් ශුක්‍රා මුනවර් අප විස්මයට පත්කළේ ඇයි? එය අපේ ගැටලුවක්. එම ගැටලුව ඇසුරෙන් මා ඔබට ඉදිරිපත් කරන්නේ ඒකාකෘති සංකල්පයයි. එයට ඉංග්‍රීසියෙන් කියන්නේ stereotype කියායි. ඒකාකෘති කියන්නේ මිනිස් කණ්ඩායම්වලට හෝ පුද්ගලයන්ට ඔවුන් අයත් වන ජනවර්ගය, ආගම, ජාතිය හෝ ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව සමාජය විසින් පවරා දෙනු ලබන ලක්ෂණයි. විවිධ මිනිස් කණ්ඩායම්වලට සම්බන්ධ ඒකාකෘති තිබෙනවා. අපගේ සමාජයේ කෙනෙකුගේ හැසිරීම, කතාකිරීම, ඇඳුම් ඇඳීම, ඉගෙනීම, කළ යුතු රැකියාව ආදිය ස්ත්‍රී පුරුෂ සමාජභාවය, ජනවර්ගය, වයස ආදී සාධක අනුව නියම වී තිබෙනවා. මෙවැනි ඒකාකෘති මාධ්‍ය විසින් තහවුරු

රජයට බදු ගෙවන්නට යන අයට වෙන වැඩ ඇසුරෙන් රාජ්‍ය අංශය ගැන

Image
January 19, 2021   admin   Governance   Life   Matugama අජිත් පැරකුම් ජයසිංහ ඊයෙ මං මහජන බැංකුවේ මතුගම ශාඛාවට ගියා මුද්දර ගාස්තුවක් බඳින්න. එය දේපළක් සම්බන්ධ ලක්ෂ කීපයක මුදලක්. රජයට ලැබෙන ශුද්ධ ආදායමක්. දේපළක් මිළදී ගන්නා විට ඔප්පුව වෙනුවෙන් 4%ක මුද්දර ගාස්තුවක් පළාත් සභාවට ගෙවිය යුතුයි. ඉතින් මේක ගෙවන්නට පිරවිය යුතු අනුපිටපත් තුනක් සහිත පෝර්මය ගන්නට එක පෝලිමක ගියා. ඉන්පසු එය ආපසු භාරදිය යුත්තේ කොතැනටදැයි ඇසූ විට එහි විමසීම් කවුන්ටරයෙන් එම පෝලිමම පෙන්නුවා. එම පෝලිම දිගේ ගිහින් කවුන්ටරයට එය දුන්නාම කියපි, මේ කවුන්ටරයට නෙමෙයි වෙනත් කවුන්ටරයකට ඒක දෙන්නය කියලා. ඒ කවුන්ටරේ ගිහින් පෝර්මය දීලා මුදල් ගෙව්වා. ඉන්පසු, එහි සිටි තරුණිය ලදුපතේ එක් පිටපතක් තියාගෙන අනෙක් පිටපත් ටික මට දුන්නා. එහි බැංකු නිලධාරීන්ගේ අත්සන් දෙකක් තිබිය යුතුයි. මං ඒ ගැන ඇහුවා. “සර්ට දෙන්න,” කවුන්ටරේ සිටි ගෑනු ළමයා කිව්වා. සර් ඉන්නෙ ඇයගෙ අල්ලපු මේසෙ. එයා හමුවෙන්න මං තව පෝලිමක යන්න ඕනැ. “ඔතනින් දෙන්න,” මං කිව්වා. ඒ පාර දුන්නා. එම සේවිකාව ඒ වැඩේට මාව නැවත පෝලිමක යවන්නට ඕනැ නැහැ. ඒක ඇය කර දෙන්නට ඕනැ. ඒක ඇගේ වගකීම. මං ඒක මතක්

ආණ්ඩුව ගොඩගන්න මංගලට පුළුවන්ද?

Image
  January 18, 2021   admin   Economy   Politics දේශපාලන අවස්ථාවාදයෙන් තොරව හිටපු ඇමති මංගල සමරවීර රජයට සහාය දීමට ඉදිරිපත් වී තිබේ. වීඩියෝවක් නිකුත් කරමින් මංගල සමරවීර පෙන්වා දෙන්නේ රටේ සංවර්ධනය සඳහා විදේශ ආයෝජන එක්කර ගැනීම අත්‍යවශ්‍යම කාරණය බවයි. ”ලංකාව වැනි රටක් දියුණු කළ හැක්කේද, තරැණයින්ට රැකි රක්ෂා පවා උත්පාදනය කළ හැක්කේද, විදේශ ආයෝජකයින් අප රටට වැඩි වැඩියෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය පසුබිම සහ සැලසුම් සකස් කිරීමෙන් පමණයි. විදේශ ආයෝජකයින් ගෙන්වා ගැනීම රට විකිණීමක් හෝ පාවාදීමක් බව සිතන්නේ අප රටේ අනාගත පරම්පරාවේ සුබසිද්ධියට වැටබඳින අතලොස්සක් පමණයි,” යි මංගල සමරවීර පවසයි. මංගල සමරවීර දක්වන අදහස් ඉතා වැදගත්ය. එම වීඩියෝව මෙහි දැක්වේ. මංගල දක්වන අදහස් පිළිබඳ අපගේ අදහස් ඉන් පසු දැක්වේ. මංගල සමරවීර විසින් කරනු ලබන මෙම ප්‍රකාශය වැදගත් වන්නේ, ආණ්ඩුවේ ජනාධිපති, අගමැති, ඇමති මණ්ඩලය හා සෙසු ඇච්චන්, බැච්චන් කිසිවෙකුත් තමන් කරන්නට යන දේ ගැන විවෘතව කතාකරන්නට පස්සගහන සංදර්භය තුළයි. රාජපක්ෂලාගේ නායකත්වයෙන් පසුගිය කාලය පුරාම නිර්මාණය කරන ලද බොරු කන්දරාවට දැන් ඔවුන්ම යටවෙමින් තිබේ. ඔවුන් සිර වී තිබේ යයි අප

සේරුවාවිල රත්තරං නැගෙනහිර ජැටියෙන් නැව්ගත වන හීන

Image
  January 15, 2021   admin   Economics   Economy අජිත් පැරකුම් ජයසිංහ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ අයිතියෙන් 49%ක් ඉන්දියාවේ අදානි සමාගමට විකිණීමේ සැලැස්මක් ඇති බව පසුගිය බදාදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වරාය වෘත්තීය සමිති සමග පැවැත්වූ සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය. අමුතු බසකින් කීවත් ඇත්ත එයයි. අමුතු බස් අනුව නම් සිදුවන්නේ “විකිණීමක් හෝ බදු දීමක් නොවේ. එය සංවර්ධනය කිරීම සඳහා හවුල් ආයෝජනයක් කි‍්‍රයාත්මක කරන අතර, ඒ අනුව අදාළ ආයෝජනයෙන් 51% ක අයිතිය ශී‍්‍ර ලංකාවටත් ඉතිරි 49% ක අයිතිය ඉන්දියාවේ අදානි සමාගමටත් හිමිවේ.” අප දන්නා ආකාරයට නම් ප්‍රාග්ධනය අනුව හිමිකාරිත්වය බෙදී යයි. හිමිකාරීත්වයක් නොලැබෙන දෙයකට ප්‍රාග්ධන ආයෝජනය කරන දානපති සමාගම් ගැන අප අසා නැත. එහෙම එකක් තිබේ නම් එය අමුතුම ධනවාදයකි. මේ විකිණීම සාධාරණීකරණය කිරීම සඳහා ජනාධිපතිවරයා කියන්නේ පසුගිය ආණ්ඩුව හම්බන්තොට වරාය බදුදුන් බවයි. ඔහුගේ තර්කය අනුව, පසුගිය ආණ්ඩුව හම්බන්තොට වරාය චීනයට බදුදුන් නිසා වත්මන් ආණ්ඩුව නැගෙනහිර පර්යන්තයේ 49%ක් ඉන්දියාවට විකිණීම සම්බන්ධයෙන් ජනතාව විරුද්ධ විය යුතු නැත. නැගෙනහිර පර්යන්තය විකිණීමේ ගනුදෙනුවට මුලපිරුවේ ප

රන්ජන් රාමනායක හෘදය සාක්ෂියේ සිරකරුවෙකි (PRISONER OF CONSCIENCE)

Image
  January 12, 2021   admin   News   People රන්ජන් රාමනායක නීතිමය වශයෙන් වරදක් කර තිබෙන බවට අර්ථ නිරූපණය කළ හැකිය. නීති ද අර්ථ නිරූපණ වේ. මේ අර්ථ නිරූපණ කාලෙන් කාලෙට වෙනස් වේ. උදාහරණයක් ලෙස, අතීතයේ පැවති නීතිමය අර්ථ නිරූපණය අනුව මුස්ලිම් ජාතිකයෙකුට ඕනෑම ළමයකු කසාද බැඳිය හැකිය. වර්තමානයේ එම නීතිය වෙනස් කර, මුස්ලිම් ජාතිකයන් ඇතුළු සියලුදෙනාට විවාහ වන නීතිමය වයස අවුරුදු 18ක් බවට පත් කළ යුතු බවට කතිකාවක් තිබේ. අධිකරණයට අපහාස කිරීම යනු ඉතා මනෝමූලික කාරණයකි. අධිකරණයට අපහාස කරන්නේ කෙසේද? අධිකරණයට අපහාසයක් සිදුවන්නේ හුදු ප්‍රසිද්ධ ප්‍රකාශයකින් පමණක්ද? දඩයක් ගසා විනිසුරුවරයා ඉදිරියේ තිබෙන සිරමැදිරියට දමන පුද්ගලයකුට ඉක්මණින් එයින් පිටතට පැමිණීම සඳහා අවශ්‍ය කටයුතු කරදීම වෙනුවෙන් අල්ලස් ගැනීම ඉතා සුලබව සිදුවේ නම් එය අධිකරණයට අපහාසයක් නොවේද? තවත් උදාහරණයකින් ගතහොත්, වාහන වරදක් වැනි චෝදනාවකට නීතීඥයකු මගින් ඉදිරිපත් වන විත්තිකරුවකුට අඩු දඩයකුත්, නීතීඥයකු නොමැතිව ඉදිරිපත් වන විත්තිකරුවකුට වැඩි දඩයකුත් නියම වේ නම්, එය අධිකරණයට අපහාසයක් නොවේද? නීතීඥවරුන් විත්තිකරුවන්ට වරද පිළිගන්නැයි කියමින්, ලිහිල් දඬුව

වාසු ගැන නිව්ස් එකක්

Image
  January 12, 2021   admin   Life   People අජිත් පැරකුම් ජයසිංහ මේ දවස්වල කොවිඩ්-19 වැළඳී ප්‍රතිකාර ලබමින් සිටින වාසු සහෝදරයාට හැමෝම නීරෝගී සුව පතනවා. වාසු සහෝදරයා ගෞරවනීය අතීතයක් තියෙන, පස්සෙ කාලෙක වෙනස් මගක ගිය කෙනෙක්. මං හිතන්නෙ වාසුට නිරෝගී සුව පතන වැඩිදෙනෙකු දැන් වාසුට කැමති නැහැ. මට නම් දැන් වාසුයි, පරණ වාසුයි අතර මහලොකු වෙනසක් පෙනෙන්නෙ නැහැ. හුඟක් අය ඔහොම තමයි. පරණ සිද්ධියක් මතක් වුණා. 2002-2003 වගේ කාලෙ අපි ජාතික සම්පත් හා මානව හිමිකම් සුරැකීමේ සන්ධානය එක්ක එකතු වෙලා රනිල් වික්‍රමසිංහගේ නව ලිබරල් වැඩසටහන පරාජය කරන්නට වීදියේ සටන් කරනවා. ඒකෙ නායකත්වයේ හිටියෙ සරත් ප්‍රනාන්දු, සරත් ඉද්දමල්ගොඩ පියතුමා, මහමාන්කඩවල පියරතන හාමුදුරුවෝ වැනි අය. ඒ වුණාට පිකටිංවලට බොහෝ වෙලාවට තනියම ඇවිත් නායකයින් වගේ වොයිස් කට් දුන්න දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් වාසු අනෙක් කෙනා බාහු. ඒ දවස්වල අපි මේ පොරවලට කිව්වෙ කෝකිලයො කියලා. අනුන්ගෙ කූඩුවල බිජු දාන නිසා. නිව්ස් එක ඒක නෙමෙයි. ඒ දවස්වල අපි හිරු පත්තරේ මාසික පත්තරයක් විදියට කරනවා. මං හැමදාම ඒ පත්තරේට කවියක් ලිව්වා. ඒ පත්තරේ කවි පිටුවෙ ඒකට හොඳ තැනක් ලැබුණා. ම

අන්ෆ්‍රෙන්ඩ් කරන බොත්තම

Image
  January 11, 2021   admin   Art   Poetry අජිත් පැරකුම් ජයසිංහ ෆේස්බුක් මිතුරු ලැයිස්තුව සුද්ද කරමින් පහළට යනවිට මචං උඹ හිටියා සක්‍රියව අක්‍රියව එකමත් එක දවසක එක එක දේ ගැන චැට්කර මචං අපි සෙට්වෙමු කියූ උඹගේ ගිනුම සක්‍රියය තවමත්  සෙට්වුණේ නැතිමුදු අක්‍රිය කර නොමැතියෙන් අක්‍රිය උඹ  ඉතින් කොහොමද අක්‍රිය කරන්නේ උඹේ ගිනුම මුරපදය උඹ සමග සැඟවිණි තවත් කෙතරම් දේ උඹ අරන් යන්නට ඇතිද සදහටම අන්ෆ්‍රෙන්ඩ් කළොත් උඹ පුළුවන්ය පිළිගන්න මිතුරු ඉල්ලීමක් පන්දාහ පැන්නූ මා මිතුරු ලැයිස්තුවට ඒත් මං කොහොමද ඔබන්නේ උඹේ නම ළඟ අන්ෆ්‍රෙන්ඩ් කරන බොත්තම? Adapted from praja.lk

ඒ ජාතියෙන් එනවා නම් මට ඒ ජාතියෙන් කරන්නත් පුළුවන්

Image
  January 11, 2021   admin   Crime   Democracy   Politics අජිත් පැරකුම් ජයසිංහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය දිනෙක අම්පාරේදී පවත්වන ලද කතාවක් මගින් තමන්ට ජීවිත තර්ජනයක් එල්ල කරන ලද බවට ජාතික සමගි බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබේ. ජනාධිපතිවරයා ඇත්ත වශයෙන්ම හරින් ප්‍රනාන්දු ත්‍රස්තවාදියකු බව හෝ ඔහුව බල්ලකු සේ මරා දමන බව කීබවක් හෝ අදහස් කළ බවක් අපට නම් වැටහෙන්නේ නැත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කථිකයකු ලෙස දුර්වල සන්නිවේදකයකු නිසා ඔහු කියූ දෙය අපැහැදිලි බව ඇත්තකි. එහෙත්, ඔහු හරින් ප්‍රනාන්දුගේ අර්ථ නිරූපණයට අනුගත වන අදහසක් ඉදිරිපත් කළේ නැත. ඔහු පාවිච්චි කළ වචන දිවයින පුවත්පත වාර්තා කරන්නේ මෙසේයි: “පාර්ලිමේන්තුවේ දැක්කානේ පහුගිය දවස්වල හරීන් ප‍්‍රනාන්දු කියලා මන්ත‍්‍රීවරයෙක් කතා කරපු විලාසය. ඒක නෙමෙයි අපි බලාපොරොත්තු වන්නේ. නන්දසේන කියලා. ඔව් මම නන්දසේන ගෝඨාභය. හොඳ නම් ඒවා. හැබැයි ඉතින් නන්දසේන ගෝඨාභයගෙත් චරිත දෙකක් තියෙනවා. සමහර වෙලාවට හාමුදුරුවරු මට කියනවා, අපිට ඕනේ ජනාධිපති ගෝඨාභය නෙමෙයි අර ආරක්ෂක ලේකම් ගෝඨාභය තමයි ඕන. ටිකක් සැරෙන් ඉන්ඩ ඕනේ කි