Posts

Showing posts from November, 2016

මිනීමැරීමේ අයිතිය ඉල්ලා ජනතාව පාරට

Image
හදිසි අනතුරකින් මව්පියන් මිය ගිය, එම අනතුරින් ම අසාධ්‍ය තත්වයට පත්, වයස මාස තුනක්, හතරක් වන දරුවෙක්. (ඡායාරූපය: පුෂ්පා සොයිසා) විශ්වාස කරන්න දඩය රු.25000 කරා විතරයි සාමාන්‍යයෙන් එන ප්‍රමාණයට වඩා දිනකට රෝගීන් 100 ක්ම අඩු වෙලා....... ඒ කියන්නෙ මේ දවස් වල දිනකට 350 ක් විතර හදිසි අනතුරු වලට ලක්වී ප්‍රතිකාර ගන්න එනවා. ඒත් මේ දවස් ටිකේ 250ටත් අඩුයි......... මේ අවුරැද්දෙ ජනවාරි සිට අද දක්වා විවිධ අනතුරු හේතුව‍ෙන් පැමිණි රෝගීන්ගේ සංඛ්‍යාව 92‍,979 ක්. මෙම ප්‍රමාණයෙන් 15-17%ක් පමණ රිය අනතුරු වෙනවා. ඔබත් අනතුරකට ලක් වූවොත් පමණක් අනතුරු වළක්වන්න කියන හඬට එකතු වේවි...... ඒත් අත පය අහිමි වී..... ජීවිත නැති වී ඔවුන් විඳින දුක මටවත් ප්‍රකාශ කළ නොහැක්කේ එය වචන ශක්තිය ඉක්මවන්නක් බැවිනුයි.... එකතු වෙන්න මේ මාරයාගෙන් මිනිසුන් බේරන්න....... මහපාරේ 75%ක් ම පුද්ගල හේතු සාධක නිසා සිදු වන අනතුරු නිසා විනය තුළින් එය වළක්වා ගත හැකිනම් එයත් ලොකු වෙනසක් ....... මේ සටහන තබා තිබුණේ මාධ්‍යවලින් ඔබ නිතර දකින ජාතික රෝහලේ හෙද නිලධාරිනී පුෂ්පා සොයිසා ය. පහත ඡායාරූපය ගනු ලැබුවේ අපගේ පාඨකයකු විසි

කස්ත්‍රො මළා. අපත් මැරිලා ද?

Image
කස්ත්‍රො මිය ගියා ය කියලා මට නම් කිසිම හැඟීමක් නැහැ. කොහොමත් අවුරුදු 90ක් ජීවත් වූ මිනිහෙකුගේ මරණය ගැන පවුලේ ඥාතියෙකුවත් දුක් විය යුතු නැහැ.එහෙම කෙනෙකු මිය ගියා ම පොඩි පාළුවක් වගේ දෙයක් තමයි තාවකාලිකව දැනෙන්නේ. දීර්ඝ කාලයක් ජීවත් වුණ පුද්ගලයා තමන්ට ලැබුණු කාලය තමන් කොහොම භාවිතා කළා ද කියන එක පෞද්ගලික දුකට, සතුටට හේතුවක් විතරයි. මට කස්ත්‍රො ගැන ගුණකථන ලියන්න හිතෙන්නෙත් නැහැ. පස්සෙ කාලෙක මට බාර්වලදී පෞද්ගලිකව හමු වෙලා නැති විමල් කුමාර් ද කොස්තාව දැනෙන්නේ නැතුව ගියා වගේ අසූනමයෙන් පස්සෙ මට කියුබාවත් දැනෙන්නෙ නැතුව ගියා. ඒක නිකම් නිව්ස් එකක් විතරක් වෙලා ගියා. හැබැයි මොකුත් නො ලියා හිටියොත් කට්ටිය හිතයි ද දන්නෙ නැහැ මං ධනවාදියෙක්, නවලිබරල්වාදියෙක් බ්ලා බ්ලා බ්ලා කියලා. මොකද, කවුරුහරි ප්‍රසිද්ධ පුද්ගලයෙකු හරි ලොක්කෙකු හරි මළා ම එයා ගැන කතා කරන එක ඉස්සර ඉඳලා ම තියෙන මෝස්තරයක්. දැන් අපේ පරම්පරාවට කොහොමත් ඔබිචුවරි හෙවත් අවමංගල ශෝක ප්‍රකාශ තමයි උරුමය වෙලා තියෙන්නේ. ලංකාවේ සාර්ථකව පවත්වාගෙන යන එක ම ප්‍රාදේශීය පුවත්පත තමයි උදයන්. ළඟදි දවසක් මං කිලිනොච්චියේ කාර්යාලයක තිබුණු උදයන් පත්

මහින්ද රාජපක්ෂ චීනෙට ගියේ NGO වැඩකටලු

Image
මහින්ද රාජපක්ෂ ට්විටර් ගිනුමෙහි පළ වූ ඡායාරූපයකි හිටපු ජනාධිපති හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා චීන රජයේ ආරාධනයක් මත එරට සංචාරයක නිරත වූ බව ද එය මාර වැඩක් බව ද පසුගිය දිනවල රාජපක්ෂවාදීහු මාධ්‍ය ඔස්සේ ඔද වැඩූ හ. එයින් නො නැවතුණු විමල් වීරවංශගේ හොරණෑව වන ලංකා සී නිව්ස් එය බීජිං වෙතින් ශ‍්‍රී ලංකාවට දෙන ලද දැඩි පණිවුඩයක් බව ද පැවසී ය. එහිදී පාදක කර ගනු ලැබුවේ ඉන්දීය ‘ද හින්දු’ පුවත් පතට මීරා ශ්‍රීනිවාසන් විසින් ලියන ලද අදහසකි. එම ලිපිය මෙතැනින් . කොළඹ සිටින චීන තානාපතිවරයා සහ ශ‍්‍රී ලංකා රජය අතර ආතතීන් උපරිම වී ඇති තත්වයක් තුල මෙම සංචාරය ශ‍්‍රී ලංකාව තුල සිදුවන ඉන්දු-චීන සටනේ තීරණාත්මක පියවරක් යයි එම වාර්තාවන්හි දැක්වෙන බව ලංකා සී නිව්ස් සතුටින් පැවසී ය.  මහින්ද රාජපක්ෂට රාජ්‍ය නායක මට්ටමේ පිළිගැනීමක් ලැබී ඇති බව ද රාජපක්ෂවාදීහු කියති. එසේම, ඔහු අද දින (28) චීන රාජ්‍ය නායකයන් හමු වන බව ද වාර්තා විය. ඒ බව තහවුරු වන වාර්තා හෝ ඡායාරූප තවමත් නිකුත් වී නැත. එහෙත්, ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්සී ක්සියැන්ලිං මේ ආතල් එක කුඩුපට්ටම් කර ඇත්තේ අනුකම්පා විරහිතව ය.  සන

සෙම්බකප් පෙරුමාල් (සපුමල්) වීමේ සිට පැරකුම් පැරා වීම දක්වා ස්වීකරණ කතා

Image
අවුෆ් ශෂී වීම පහත දැක්වෙන නම් ලැයිස්තුව මා උපුටා ගත්තේ තරංගා කුලරත්න වෙතිනි. සෙම්බකප් පෙරුමාල් (සපුමල්) ජොආ ද ඔස්ට්‍රියා (විමලධර්මසූරිය) කන්නසාමි නායක් (ශ්‍රී වික්‍රම රාජසිංහ) වංශපූර්ණ දේවගේ ඩෙිවිඩ් (ගොංගාලේගොඩ බණ්ඩා) ඉසබෙලා කොර්නේලියා (ගජමන් නෝනා) ෆ්‍රැන්සිස්කෝ ෆනෑන්ඩු (පුරන් අප්පු) ඩෙිවිඩ් හේවාවිතාරණ (අනගාරික ධර්මපාල) රෆායෙල් තෙන්නකෝන් (රැපියෙල් තෙන්නකෝන්) ජෝර්ජ් විල්ෆ්‍රඩ් අල්විස් සමරකෝන් (ආනන්ද සමරකෝන්) ජෝසෆ් ජෝන් (සුනිල් ශාන්ත) ඩේසි රාසම්මා ඩැනියෙල්ස් (රුක්මනී දේවි) රීටා ජෙනෙවි ෆනෑන්ඩු (ලතා වල්පොල) ඉවෝන් පෙරේරා (සන්ධ්‍යා කුමාරි) රීටා අයිරින් ක්වියින් (ශාන්ති ලේඛා) මොරිස් ඩයස් (චිත්‍රසේන) ඇල්බට් පෙරේරා (අමරදේව) පර්සි මහේන්ද්‍ර (මහින්ද රාජපක්ෂ) බොනිෆස් පෙරේරා (රවීන්ද්‍ර රන්දෙනිය) වසන්තා ඩොරින් පීටර්සන් (වසන්ති චතුරානි) ෆැටිමා පතිරාජ (ගෝතමී පතිරාජ) තුවාන් මොහොමඩ් ඩිල්ෂාන් (තිලකරත්න මුදියන්සේලාගේ ඩිල්ෂාන්) කලක් ජනප්‍රිය නළුවකු වූ ශෂී විජේන්ද්‍රගේ කලින් නම වූයේ අවුෆ් ය. පසු කලෙක සිනමාවෙන් ඉවත් වූ ඔහු දැන් නැවතත් අවුෆ් යන නමින් මුස්ලිම් ජාතිකයකු ලෙස ජීවත්

ඉන්දීය මුදල් නෝට්ටු අවලංගුවේ කතාව

Image
රුපියල් 500 හා 1000 නෝට්ටු අවලංගු කරන්නට ඉන්දියා රජය ගත් හදිසි තීන්දුව ලෝකය පුරා ම අවධානයට ලක් වුණා. පැරණි නෝට්ටු වෙනුවට අලුත් නෝට්ටු ලබා ගන්නට පෝලිමේ ගිය ජනයා අතර සිටි අගමැති මෝදිගේ මවගේ ඡායාරූපය ද ලොව පුරා ප්‍රසිද්ධ වුණා. මේ වන විට ඉන්දීය රුපියලක් ශ්‍රී ලංකා රුපියල් දෙකකට වඩා වැඩියි. ඒ නිසා මෙම නෝට්ටු හරියට ලංකාවේ රු. 1000 නෝට්ටු හා රු. 2000 නෝට්ටු(?) අලුත් කරනවා වගේ වැඩක්. ඉන්දියාවේ මහ බැංකුව වන සංචිත බැංකුව මේ අනුව අවලංගු කරන ලද නෝට්ටු කොළ බිලියන 20ක් කීතු කීතුවලට ඉරා දමා ඒ කැබලි ඉඩම් ගොඩ කිරීමට යොදා ගැනීමට නියමිතයි. පසුගිය මාර්තු වන විට ඉන්දියාවේ නෝට්ටු කොළ බිලියන 90ක් විතර සංසරණය වෙමින් තිබුණු බව වාර්තා වෙනවා. ඒ අතරින් සෑම නෝට්ටු පහකින් ම හතරක් එක්කෝ පන්සීයේ හෝ දාහේ කොළයි. මෙම පියවර ඉන්දියාවේ සල්ලි කොළවලින් 86%ක් ම අලුත් කිරීම හා සමානයි. ඉන්දියාව තමයි ලෝකයේ දෙවන ලොකු ම මුදල් නෝට්ටු හා කාසි භාවිතා කරන්නා. එරට දෙවෙනි වන්නේ චීනයට පමණයි. ඉන්දියාව තමන්ගේ සල්ලි තමන් ම අච්චු ගසා ගන්නවා. නෝට්ටු මුද්‍රණාල හතරකුත්, කාසි වාත්තු ස්ථාන හතරකුත් ඉන්දියාව සතු වෙනවා. එක රැයින් සල්ලි කොළ

රුපියල් 25,000 දඩය නිසා පීඩාවට පත් වන අසරණ මගමරුවෝ

Image
මම අවම වශයෙන් සතියට දින පහක්වත් යතුරුපැදියේ, බසයේ, දුම්රියේ දිනකට කිලෝමීටර් 150ක් පමණ ගමන් කරන මගියෙක්මි. ඒ මදිවාට කිලෝමීටර් දෙක තුනක් පයින් යන පදිකයෙක්මි. ඒ නිසා මා මේ ඉදිරිපත් කරන්නේ නිරීක්ෂණයෙන් ලබා ගන්නා ලද සාක්ෂි මත පදනම් වූ කරුණු සමුදායකි. ඒ නිසා අනුභූතික සාක්ෂි මොනවාදැයි නො අසන්න. මාර්ග නීති කඩකිරීමේ ප්‍රධාන වැරදි හතක් වෙනුවෙන් දැඩි ලෙස නීති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මම පක්ෂ වෙමි. එම වැරදි හත මෙසේ ය. බීමත්ව රිය පැදවීම වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම වලංගු රියදුරු බලපත්‍රයක් නොමැති පුද්ගලයකුට සිය රථය පැදවීමට අවසර දීම අධික වේගය වම් පසින් වාහන පසුකර යාම නොසැලකිලිමත් අයුරින් දුම්රිය හරස් මාර්ග ඔස්සේ රිය පැදවීම රක්ෂණ සහතිකයක් නොමැතිව රිය පැදවීම මේ අතරින් වැරදීමකින් අහම්බෙන් සිදු වීමට ඉඩක් ඇත්තේ වම්පසින් ඉස්සර කිරීමේ වරද පමණි. සෙසු වැරදි සිතා මතා කරන ඒවා ය. මේ පිළිබඳ දැඩි විරෝධයක් දක්වන බස් රියදුරන් පිළිබඳ මම ඉතා සමීපව නිරීක්ෂණය කර ඇත්තෙමි. මම නිදසුන් කීපයක් ඉදිරිපත් කරමි. උදෑසන අත්වැල්තොට, බදුරලිය, පැලවත්ත, වලල්ලාවිට වැනි ප්‍රදේශවලින් ගමන් ආරම

අකිලට මල් මිටක්

Image
අකිල අතින් වැඳිල්ල කිච වූ හැටි. අනාගත පරම්පරාවල කොඳු බිඳ දමන තවත් ක්‍රියාවක් වන්නේ මේ නො මනා වැඳ වැටීම් ය.  අකිල විරාජ් කාරියවසම් අධ්‍යාපන ඇමති ධුරය හොබවන සමයේ ගන්නා ලද ඇතැම් රැඩිකල් තීරණ අගය කළ යුතු ය. සාමාන්‍යයෙන් මෑත වකවානුවේදී මීට පෙර අධ්‍යාපන ඇමති ධුර දැරූ කිසිවෙක් පවත්නා තත්වයන් වෙනස් කිරීමට කිසිවක් කළේ නැත. එවැනි තත්වයක් තුළ කොතනින් හෝ යම් යම් දේ ආරම්භ කිරීම අගය කළ යුතු ය. පාසල් ගුරුවරුන් සිසුන්ගෙන් මුදල්, තෑගි ආදිය ලබා ගැනීම අල්ලස් පනත යටතේ වරදක් බව මතක් කර දීම ඉතා වැදගත් ය. ඩී.එස්. සේනානායක විදුහලේ සමාරම්භක විදුහල්පති වී සිටි නැසීගිය ආර්.අයි.ටී. අලස්ගේ මූලිකත්වයෙන් ඉදිරියට ගන්නා ලද මෙම වසංගතය අද වන විට පාසල් පද්ධතිය තුළ ඔඩු දුවා ඇති බව නො දන්නේ මහ පොළවේ පස් පාගා නැති අය පමණි. පාසල් ගුරුවරුන්ට ගෙවන වැටුප ප්‍රමාණවත් නැති බව ඇත්තකි. එ් නිසා ම, පාසල් ගුරු වෘත්තියට යන ඇතැමුන් කිසිදු දක්ෂකමක් නැති, වෙනත් වැඩක් කර ගන්නට බැරි අලස කාලකන්නින් බව ද ඇත්තකි. ඔවුන් විසින් අනාගත පරම්පරාවල ඔලු භක්ෂණය කරනු ලැබේ. විශේෂයෙන් ම ප්‍රාථමික පන්තිවලට ගණිතය, විද්‍යාව, භාෂා, සෞන්දර්ය විෂයය

ව්‍යාඝ්‍රා, අවයව විකිණීම හා දේශපාලනය

Image
විශාල මහජන පිරිවැයකින් නඩත්තු කරනු ලබන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වනාහි මිනිසුන්ගේ අති පෞද්ගලික කාරණා වන ශිශ්නය නැගී ඒම, පිරිමින් පිරිමින් සමග සංසර්ගයේ යෙදීම වැනි කරුණු සාකච්ඡා කරන මණ්ඩපයක් වී තිබීම නිසා විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරුව ලියමි.  මිනිසුන්ගේ සෙසු බොහෝ කටයුතු සමග ලිංගිකත්වය සම්බන්ධ වන්නා සේ දේශපාලනය සමග ද ලිංගිකත්වය සම්බන්ධ ය. ඒ ගැන පුදුම විය යුතු ද නැත. පුද්ගලයන්ගේ ලිංගික ආශාවන් ලෝක ඉතිහාසය වෙනස් කිරීමට පවා බල පා තිබේ. විවාහ සම්බන්ධතා හා පවුල් සම්බන්ධතා ද අවසානයේදී ලිංගිකත්වය සමග සම්බන්ධ වේ. ලංකා ඉතිහාසයේ මෑත වකවානුව ගතහොත්, සිරිමාවෝ බණ්ඩාරනායක අගමැති ධුරයට පත් වීම පවා ලිංගිකත්වය සමග සම්බන්ධ කළ හැකි ය. මෑත ම වාර්තාව වන්නේ වාමාංශික පතාක යෝධයකු වන වාසුදේව නානායක්කාරගේ බිරිය අවුරුදු 10ක් ම ජනාධිපති මහින්ද රාජපක්ෂගේ උපදේශකයකු වී මහජන මුදලින් පඩි නඩි, වාහන, වරප්‍ර‍සාද ගැනීම ය. කවුද අනේ එයා? එයැයි මහින්දට මොනව ද දන්නෙ නැහැ දුන්න උපදෙස්? ඔන්න ඔහොම එන්නකො වාසු. ඔයාට මාක්ස්ට වඩා මහින්ද ලොකු වුණේ මොකද කියල පුංචි අපට දැන් තේරෙයි. කෙසේ වෙතත්, ලිංගික වහලියක වූ පමණින් ම ගැහැනියකට ලං

ජනමාධ්‍යයට දේශපාලන බලපෑම් නැතිව ගියොත්, ලංකාවට ඩොලර් ලැබීම නැවතී අප වැනි ඩොලර් කාක්කන් කොළඹ ගස් යට මැරී වැටෙනු ඇත

Image
ජනමාධ්‍යවලට තර්ජන කරනවා ය කියා අනේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා ද කියනවා ය. උන්නැහේගේ කාලේ නම් ඔය තර්ජන තිබුණේ නැත. පාර්ලිමේන්තුවේදී ජවිපෙ මන්ත්‍රී නලින්ද ජයතිස්ස ඇසූ ප්‍ර‍ශ්නයකට පිළිතුරු දෙමින් ඇමති සාගල රත්නායක පෙන්වා දුන් පරිදි රාජපක්ෂලාගේ මාධ්‍ය නිදහස මෙසේ ය: 2006 ජනවාරි සිට 2015 ජනවාරි 15 දක්වා මාධ්‍යකරුවන් මරාදැමීම් - 13 අතුරුදහන් කිරීම් - 01 පහරදීම් - 87 අත්අඩංගුවට ගැනීම් - 20 ජනමාධ්‍ය ආයතනවලට පහරදීම් - 5 මෙම සිදුවීම් සම්බන්ධයෙන් සාක්ෂි ද විනාශ කර ඇති බව ඇමතිවරයා පෙන්වා දුන්නේ ය. මාධ්‍යවේදී තිස්සනායගම්ට ත්‍ර‍ස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අවුරුදු 20ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් දීම ද සිහිපත් කළ යුතු ය. දේශීය හා ජාත්‍යන්තර බලපෑම් නිසා පසුව ඔහු විශේෂ ජනාධිපති සමාවක් යටතේ නිදහස් කරන ලදී.  දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයට සම්බන්ධව කටයුතු කළ ඉසයිප්‍රියා වැනි මාධ්‍යකරුවන්ට අත් වූ ඉරණම ඇතැම් විට වාර්තාගත නො වන්නට පවා ඉඩ ඇත.  2015 ජනවාරි 15 සිට මේ දක්වා තත්වය අපට වාර්තා වන්නේ මෙසේ ය: රජයේ ඍජු අනුදැනුම, මෙහෙයවීම මත මාධ්‍යකරුවන් මරාදැමීම් - 0 අතුරුදහන් කි

දෙවන ලෝක යුද සමයේ ඇමරිකාවේ නාසි පන්නයේ සිර කඳවුරු ගැන කියැවෙන ‘තුනී ලෑලි බිත්ති'

Image
1941 දෙසැම්බර් 7දා ජපානය විසින්හවායිහි පර්ල් වරායට පහර දීමත් සමග ඇමරිකාවේ එක්සත් රාජ්‍ය හෙවත් ඇමරිකා එක්සත් ජනපදය දෙවන ලෝක යුද්ධයට පැටලුණ බව අප දන්නා ඉතිහාස කතාවක්. එහෙත්, එම සිදුවීමත් සමග ම ඇමරිකාවේ ජීවත් වූ ජපන් සම්භවයක් ඇති ප්‍රජාව මුහුණ දුන් තත්වයන් පිළිබඳ අපි දන්නේ අඩුවෙන්. ඇමරිකාව ජපානයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමත් සමග ම ඇමරිකාව තුළ ජීවත් වුණ ජපන් සම්භවයක් සහිත ප්‍රජාවට එරෙහිවත් අභ්‍යන්තර යුද්ධයක් ප්‍රකාශයට පත් වූ බව ඒ තරම් ප්‍රකට නැහැ. ඩේවිඩ් පැට්නූඩ් (David Patneaude) විසින් මෙම සිදුවීම අධ්‍යයනය කර ලියන ලද, 2004දී පළ කරන ලද Thin Wood Walls (තුනී ලෑලි බිත්ති) නම් නවකතාව මෙම සිදුවීම තුළ මානුෂීය අන්තර් සබඳතා හා පුද්ගලයන්ගේ සහ සමාජයේ මනෝභාවයන් නිරූපණය කරන්නට දරන විශිෂ්ට උත්සාහයක් ලෙස සැලකිය හැකියි. 11 හැවිරිදි ජෝසප් හනාඩා සියැටල්හි ජීවත් වන සාමාන්‍ය ඇමරිකානු දරුවෙක්. ඔහුගේ පියා ජපානයෙන් සංක්‍රමණය වූ පරපුරකින් පැවතෙන්නෙක්. ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට් විසින් නිකුත් කරන ලද විධායක නියෝග අංක 9066 යටතේ ඇමරිකන් රජය 120,000ක් ජපන් ජාතිකයන් සැකයට භාජනය කර, ඇමරිකන් ජාතික

අම්බරුවන් සමග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය කිරීම

Image
2015 ජනවාරි 8 විප්ලවයේ එක් මූලික අරමුණක් වූයේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමයි. ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාවලියක් ඔස්සේ එම කාර්යය ඉදිරියට යමින් තිබේ. අද දින එහි වැදගත් ඉදිරි පියවරක් තබන ලද බව වාර්තා විය. අගමැති විසින් උප කමිටු හයක වාර්තා ව්‍යවස්ථාදායක සභාව වන පාර්ලිමේන්තුවට වෙත ඉදිරිපත් කර තිබේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල මන්ත්‍රීවරුන් 11 බැගින් සමන්විත එම උප කමිටු හය සහ ඒවායේ සභාපතිත්වය දරන්නන් මෙසේ ය: මූලික අයිතිවාසිකම් -ඇමති මහින්ද සමරසිංහල අධිකරණ - ඇමති රාවුෆ් හකීම් රාජ්‍ය සේවය - ඇමති සුසිල් පේ‍්‍රමජයන්ත රාජ්‍ය මූල්‍ය - මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන (ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරයි) නීතිය හා සාමය - ඇමති සාගල රත්නායක කේන්ද්‍රය සහ පරිධිය එනම් මධ්‍යම රජය සහ පළාත් පාලන ආයතන අතර ඇති සම්බන්ධතාව - ඩී. සිද්ධාර්ථන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් වන නාමල් රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම වැනි අය ද මෙම කමිටුවල සිටිති. මෙම වාර්තා සකස් කිරීමේදී ලාල් විජේනායකගේ සභාපතිත්වයෙන් යුත් මහජන නියෝජන ලබා ගැනීමේ කමිටුවේ වාර්තාව මත පාදක වන්නට ඇතැයි අපි සිතමු. මෙම වාර්තා අගමැතිවරයාගේ සභාපතිත්වය

බලවත් ජාතීන්ගේ ජාතිකවාදී ප්‍ර‍වණතා ගෝලීයකරණයේ අවසානය ද?

Image
ඇමරිකාවේ එක්සත් රාජ්‍යයන්ගේ හෙවත් සිංහලෙන් කියැවෙන ආකාරයට ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයෙන් ජය ගත් රිපබ්ලිකන් පාක්ෂික අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් හැඳින්වෙන්නේ දක්ෂිණාංශික, ධනපති, වර්ණභේදවාදී, ජාතිවාදී, ලිංගවාදී, ප්‍රජාතන්ත්‍ර විරෝධී, ඒකාධිපතිවාදී වැනි විශේෂණ පදවලිනි. ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයකදී ඡන්දය දිනා ගැනීම සඳහා ප්‍රවර්ධනය කරන ලද අනන්‍යතාවන් දේශපාලනයේදී කොයි තරම් දුරට ප්‍රායෝගිකව ක්‍රියාත්මක වනවා ද යන්න පිළිබඳ පැහැදිලි කර ගැනීමක් සඳහා ට්‍රම්ප්ගේ ධුර කාලයේ පළමු වසර ගත වන ආකාරය නිරීක්ෂණය කළ යුතු ය. ඇතැමෙක් මෙය හිට්ලර් පැමිණි මග සමග සමපාත කිරීමට උත්සාහ කරති. හිට්ලර් ද 1933දී ජර්මනියේ ඒකාධිපති බලය තහවුරු කර ගත්තේ පශ්චාත් පළමු ලෝක යුද සමයේ පිහිටුවන ලද වයිමාර් ජනරජයේ ප්‍රජාතාන්ත්‍රික මූලධර්ම උපයෝගී කර ගනිමින් මැතිවරණ මාලාවක් ඔස්සේ ය. එහෙත්, හිට්ලර්ගේ නාසි පක්ෂය වනාහි දැවැන්ත දෘෂ්ටිවාදීමය ව්‍යාපාරයකි. එය ට්‍රම්ප්ගේ ක්ෂණික උන්නතිය වැනි අහඹුවක් ලෙස සැලකිය නො හැකි, පුළුල් දේශපාලන වැඩසටහනකි. රිපබ්ලිකන් පක්ෂය තුළ ට්‍රම්ප්ගේ උන්නතිය වැනි ම තවත් උන්නතියක් වන්නේ ඩිමොක්‍රටික් පක්ෂය තුළ

ජනාධිපතිතුමාගෙ නියපොතු කපපු හැටි

Image
ඊයෙ රාවයේ තිස්වන සංවත්සරය බලන්න ගියානේ. මං ඉතින් යනකොට ටිකක් පරක්කු වෙලා. අපට ඉතින් ඔය බණ්ඩාරනායක මෙව්ව එක ගෙදර වගේ යැ. මං ඉතින් හෙණ ඈත බස් නැවතුමෙන් බැහැලා පයින් කොටලා ප්‍ර‍ධාන ඇතුළුවීම පැත්තෙන් ම රතු පලස මතින් ගිහින්, අහන්න කෙනෙක් නැති නිසා කැන්ටිමේ හාදයකුගෙනුත් අහලා ගියා කෙළින් පාරෙන් ම වහෙන් ඔරෝ නැතුව අදාළ ඉස්තානෙට.  අප්පට සිරි! සිනා සිසී ඉන්නෙ නැතෑ කළු ඇඳුම් ඇඳපු හාදයො වගයක් මග.  “මහත්තය දෙන්නකො බෑග් එක" කියලා ඉල්ලගෙන පොඩි සිකුරිටි හාදයෙක් අවුස්සන්න ගත්තා පිස්සගෙ පළා මල්ල. ඒ අතරෙ ලොකු සිකුරිටි බලපි මගෙ සර්වාංගය. සාක්කුවෙ මාරු කාසි වගයක් තිබිලා බීප් බීප් ගාපි! බෑග් බලන පොඩි සිකුරිටි මං දවල්ට කන්න කෑම ගෙනාපු පෙට්ටියත් ඇරලා බලාපි. ඌට දෙයක් ඉතුරු කළේ නැහැ මං ඒකෙ.  ඔය අස්සෙ තව හුට්ටප්පරයකුත් වුණා. අපේ දූලගෙන් නියපොතු කපන කටර් එකයි උන්ගෙ නියපොතුයි බේර ගන්න බැරි නිසා මං ඒක දාගෙන තිබුණ මගෙ බෑග් එකේ. කෙළියා තාප්පෙට.  පොඩි සිකුරුටි මං හිතන්නෙ ඇත්තට ම මේ ආණ්ඩුවට මාර ආදරෙයි. මේ ආණ්ඩුව පොරවෙන්වත් කපන්න බැරි වෙන්න ඉස්සෙල්ලා මං නේල් කටර් එකෙන් කපයි කියලා ඌ හිතන්න ඇති.  ඌ ඒක

ගණගෙඩි වන්නම

Image
තම් දනත් දන තන තන තනම් දන තන තන තනම් දන තම් - දන නානා යුත් සැරෙන් දිලිසෙන මෘග හිසින් සසොබන අං දෙකින් අඩදැන දනුව ගො නා කුණු සරුප් වැකි මුඛ බරි දෙතොල් ලෙල දෙන නෙත් රකුස් ලොඩි මෙන සිවුර ව නා අත් වනා ගසමින වෙත් සතුන් සිරුරින යුත් නිතින් අරිසස් මළ පනි නා නැත් නැණක් වැඩ ඇති හිස් හිසින් නටමින වෙත් මෙවන් ගණ ගෙඩි වන්නමි නා (ගණපති වන්නමේ ආභාසයෙනි. මුල් වන්නම මෙම පිටුවේ තිබේ.)  ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

මාර්ග නීති පිළිපැද ආණ්ඩුව පෙරළමු

Image
ආණ්ඩුව හදන්නේ අපෙන් බදු ගසා රැකෙන්නට ය. ඒ හුකාරිස්වලට ඉඩ නො දෙමු. අරක්කු වෙනුවට වයින් පෙරාගෙන බොමු. විස්තර මෙතනින් සිගරැට් නො බී ඉමු. නැතුවම බැරි නම් ඊ සිගරැට් බොමු. පරණ ලිපියක් මෙතනින්. වාහන දඩ නො ගෙවමු. ඒ සඳහා මාර්ග නීති අකුරට අනුගමනය කරමින් පාරේ යමු.  ඒ සඳහා බස් රියදුරන් කළ යුත්තේ මෙන්න මෙවැනි සිම්පල් දේවල් තුනකි. ගමනේ මුල හරිය කොට කොටා ගොස් අග හරිය ඉගිලෙන්නේ නැතිව වේග සීමා තුළ එක ම ගානට දිගට ම යාම බස් හෝල්ට් අසලදී පමණක් පුවක් කෑල්ලක් හෝ බුලත් කොළ කෑල්ලක් බැගින් කෑම ඒකාබද්ධ කාලසටහන ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සීටීබීකාරයන්ට පගා දීම ත්‍රිරෝද රියදුරන් අනුගමනය කළ යුත්තේ චූටි පියවර තුනකි සවුන්ඩ් සෙටප් එකෙන් අමරදේවගේ ස්ලෝ සිංදු ලෝ වොලියුම් දමාගෙන ඒ අනුව ධාවනය කිරීම ත්‍රිරෝද රියේ හැඬල් ලොක් එක ආපසු සවි කර ගැනීම ත්‍රිරෝද රියේ රෝද ගණනට එකක් අඩු පා ගණනක් ඇති අය පමණක් ඒවා පැදවීම ටිපර් රියදුරන්ගේ සංගමය තවමත් ස්ට්‍රයික් කරන බව පවසා නැත. ඒ නිසා ඔවුන්ට උපදෙස් දෙන්නට යන්නේ නැත.  මේ අතර පාරේ යන මගීන්ට මෙසේ කරන්නට පුළුවන.  පුක හෝදන අතේ ලේන්සුවක් ගැට ගසාගෙන තමන් යන්නේ

ඉල් මහ 'ද්‍රෝහී' සැමරුම අද

Image
ඡන්දය දුන් වරදට මරා දමන ලද ‘ද්‍රෝහියෙක්.'  ඔබට හෝ මට මෙවන් ඉරණමක් අත් කර නො දෙන්නට අරගල කරමු!  ඊයේ ඉල් මහ විරුවන්ගේ දිනයයි. සමාජවාදී විප්ලවයක් වෙනුවෙන් වැරදි මගක ගිය මුත්, අවංකව සටන් කර දිවි දුන් ඒ සොයුරන්ට මගේ ආචාරය!  ඉල් මහ විරුවන් නිසා ජීවිත අහිමි වූ 'ද්‍රෝහීන්ට' ද සමරු දිනයක් තිබිය යුතු යයි මම සිතමි. හේතුව, මූලික වශයෙන් මේ දෙවර්ගයෙන් එක් වර්ගයක් වඩා හොඳ හෝ වඩා නරක හෝ යයි මම නො සිතන බැවිනි.  පහත පළ වන්නේ 1987-90 ජවිපෙ කැරැල්ලේදී සිදු වූ සත්‍ය සිදුවීම් දෙකකි. මෙවැනි සිදුවීම් තවත් රාශියක් සිදු විය. ඒවා ගැන දන්නා අය දැන් ද කිසිදු අවංක ස්වයං විවේචනයකින් තොර ව වත්මන් තරුණ පරපුර නො මග යවමින් සිටිති. එසේ කරන එක් පක්ෂයක නායකයෙක් කල් ඇතුව ම සිය දරු දෙදෙනා හා බිරිය ඕස්ට්‍රේලියාවේ පදිංචි කළේ ය. අලුත් තරුණයන් නො මග යවන තවත් පිරිසක් සිටින්නේ විදේශගතව ය. තරුණයන්ට විප්ලව ගැන උපදෙස් දෙන්නේ මුහුණු පොතෙනි. ඔවුහු සිය දරුවන් සම්පූර්ණයෙන් ම මේ ඊනියා ලාංකීය විමුක්තියෙන් මුදාගෙන තිබෙන අතර ලංකාවේ තරුණයන්ට පමණක් විප්ලවීය වැරදි පාර පෙන්වමින් සිටිති. ඔවුන්ගේ අතරමැදියන් ලෙස කටයුතු කරන