රුපියල් 25,000 දඩය නිසා පීඩාවට පත් වන අසරණ මගමරුවෝ

මම අවම වශයෙන් සතියට දින පහක්වත් යතුරුපැදියේ, බසයේ, දුම්රියේ දිනකට කිලෝමීටර් 150ක් පමණ ගමන් කරන මගියෙක්මි. ඒ මදිවාට කිලෝමීටර් දෙක තුනක් පයින් යන පදිකයෙක්මි. ඒ නිසා මා මේ ඉදිරිපත් කරන්නේ නිරීක්ෂණයෙන් ලබා ගන්නා ලද සාක්ෂි මත පදනම් වූ කරුණු සමුදායකි. ඒ නිසා අනුභූතික සාක්ෂි මොනවාදැයි නො අසන්න.

මාර්ග නීති කඩකිරීමේ ප්‍රධාන වැරදි හතක් වෙනුවෙන් දැඩි ලෙස නීති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මම පක්ෂ වෙමි. එම වැරදි හත මෙසේ ය.


  1. බීමත්ව රිය පැදවීම
  2. වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම
  3. වලංගු රියදුරු බලපත්‍රයක් නොමැති පුද්ගලයකුට සිය රථය පැදවීමට අවසර දීම
  4. අධික වේගය
  5. වම් පසින් වාහන පසුකර යාම
  6. නොසැලකිලිමත් අයුරින් දුම්රිය හරස් මාර්ග ඔස්සේ රිය පැදවීම
  7. රක්ෂණ සහතිකයක් නොමැතිව රිය පැදවීම


මේ අතරින් වැරදීමකින් අහම්බෙන් සිදු වීමට ඉඩක් ඇත්තේ වම්පසින් ඉස්සර කිරීමේ වරද පමණි. සෙසු වැරදි සිතා මතා කරන ඒවා ය.

මේ පිළිබඳ දැඩි විරෝධයක් දක්වන බස් රියදුරන් පිළිබඳ මම ඉතා සමීපව නිරීක්ෂණය කර ඇත්තෙමි. මම නිදසුන් කීපයක් ඉදිරිපත් කරමි. උදෑසන අත්වැල්තොට, බදුරලිය, පැලවත්ත, වලල්ලාවිට වැනි ප්‍රදේශවලින් ගමන් ආරම්භ කර අධික ලෙස සෙනග පටවාගෙන මතුගම නගරය හරහා යන බස් රථ රැසක් තිබේ. මේ අතරින් ලංගම බස් හැර පෞද්ගලික බස් උදේ 9 වන විට පිටකොටුවට පැමිණ, ඉන් පසු පැය හයක්, හතක් කොහේ හෝ නවත්වා තිබී යළි පිටත් වන්නේ සවස හතරෙන් පසුවයි. එහෙත්, පාරට බැස්ස පසු මෙම රියදුරන්ට තිබෙන්නේ පුදුම හදිසියකි.

උදෑසන 5.45ත් 6.30ත් අතර මතුගම පසු කර යන මෙම බස් කන්දරාව කලුතර දක්වා ඇති මාර්ගය තරග ධාවන පථයක් බවට පත් කරයි. කිසිදු රියදුරෙක් කිසිදු මාර්ග නීතියක් තකන්නේ නැත. වමෙන් පවා ඉස්සර කරන අවස්ථා තිබේ. බස් නැවතුම්පොළවල්, කහ ඉරි, සුදු ඉරි ආදී කිසිවක් ගණන් ගන්නේ නැත. ඒ මදිවාට සියයකට වැඩි සෙනග පටවාගෙන අධික වේගයෙන් රිය පදවන ගමන් රියදුරෝ දුරකථන ඇමතුම් ද ලබා ගනිති.ඉදිරියෙන් යන බසය, පසුපසින් යන බසය ගැන තොරතුරු ද හුවමාරු කර ගනිති. අධික ලෙස හෝන් ගසති. බ්‍රේක් ගසති. කොතරම් වේගයෙන් ධාවනය කළත්, හැම තැන ම නවත්වන නිසා මෙම බස් මතුගම සිට කොළඹට යාමට හා ආපසු ඒමට පැය තුනක පමණ කාලයක් ගනිති. ඒ නිසා දිනපතා කොළඹ යන මගීන් වැඩි දෙනෙක් කලුතරින් බැස අධික ලෙස තදබද වූ දුම්රියෙන් කොළඹ යනවා මිස මේ බස්වල වාඩි වී යන්නේ නැත.

වැඩේ කියන්නේ, මේ කාලය අතරතුර මතුගම, දොඩන්ගොඩ පොලිසි අවදි වී නැත.

බස් නැවතුම්පොළවල් අවුල් කරන්නේ ද බස් රියදුරෝ ය. ඔවුන් අතරමග නවත්වා මගීන් ගන්නා නිසා මගීහු නැවතුම්පළවලට මෙහා රැඳී සිටිති. ඔවුන් එහි රැඳී සිටින නිසා බස් ඒ තැන්වල නවත්වනු ලැබේ. වරදට මුල සොයන එක කලින් ඉපදුණේ කිකිළි ද, බිත්තරේ ද යන්න සොයනවා වැනි ය.

කිසි ගණනක් නැතිව කහ ඉරි උඩ බස් නවත්වාගෙන බුලත් විට කන රියදුරෝ සිටිති. මොවුන් සුක්කානම ඉදිරියේ වාඩි වූ විට උන්ට වඩා ලොක්කන් නැති මුත්, ඇත්ත වශයෙන් ම ගතහොත් මේ වනාහි නූගත් මෝඩයෝ ය. ඔවුන් වැරදි කරන්නේ ප්‍රධාන වශයෙන් ම උද්දච්ඡ මෝඩකම හා නූගත්කම නිසා ය.

රු. 25,000 දඩය යනු මොවුන්ගේ මාසික වැටුපට පොඩ්ඩක් අඩු එකක් වුව ද, මොවුන්ට නීතිය ඉගෙන ගන්නට නම් වෙන ක්‍රමයක් නැති බව මගේ අදහසයි.

පාරේ යන පදිකයෝ ද මේ ජාතියේ ම ය. ඔවුන්ට ද මේ අන්දමින් ම දැඩි දඩ පැනවිය යුතුව තිබේ. පටු මංවල වම් පැත්තෙන් කණ ගොන්නුන් සේ යන, කහ ඉර අප්පගේ බූදලේ යයි සිතාගෙන හිතුණු හැටියට එය මතින් යන පදිකයන් ද රියදුරන් අතින් වන වැරදිවලට වගකිව යුතු ය.

කිසිදු මාර්ග නීතියක් නො තකන තවත් පිරිසක් ද සිටිති. ඒ වනාහි ප්‍රභූ ආරක්ෂකයෝ ය. ප්‍රභූවරුන් යයි කීවාට මේ වනාහි මහජන මුදලින් ජීවත් වන දේශපාලුවෝ ය. ඔවුන්ගේ ඇති ප්‍රභූකමක් ද නැත. එසේ ම, මේ වන විට දේශපාලුවන්ට ඇති ආරක්ෂක ප්‍රශ්නයක් ද නැත. එසේ ම බල්ලට ඇති වැඩකුත් නැහැ, හෙමින් ගමනකුත් නැහැ ය කීවා සේ මුන් කරන වැඩක් නැතත්, පුක කඩා ගත් කඩින් සේ අතන මෙතන දුවන එකේ ද කෙළවරක් නැත. මුන්ට ද මාර්ග නීති අදාළ විය යුතු ය.

පූර්ණ කාලීන රියදුරු රැකියාවල යෙදී සිටින දුප්පතෙකුට රු. 25,000ක් දඩ ගසා, ඒ දඩය ගෙවා ගන්නට බැරුව එම මිනිසා හිරේ යවා, දරු පවුල අනාථ කිරීමෙන් රටට සෙතක් වන්නේ නැත. එබැවින් මේ දඩ මුදල අඩු කළ යුතු ය. එහෙත්, මාර්ග විනය ගැන මීට වඩා දැඩිව සැලකිලිමත් විය යුතු ය.

නිදි කිරන සිරිපාල දන්නා ප්‍රවාහනයක් නැත. පොදු ප්‍රවාහනය දියුණු කරන්නට, මාර්ග තදබදය අවම කරන්නට කිසිවක් නො කර, දඩ වැඩි කිරීමෙන් පමණක් රටට යහපතක් වන්නේ නැත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. දඩ මුදල ගැන මාත් එකඟ නෑ.

    ReplyDelete
    Replies
    1. 2020 දි අනුර අගමැති වෙච්ච හැටියේ මේ වගේ අසාධාරණ දඩ අයින් කරලා ඒ ගොල්ලන්න්ට පුරුදු ටී 56 ගේනවලු. මතකනේ ඒ ගොල්ලන්ගේ නීතියට අවනත නොවුන බස් ඩ්‍රයිවර් ලට චන්දෙ දාපු අයට දීපු දඩ.

      Delete
  2. කොහොම උනත් සංශෝධිත දඩය ප්‍රයිවට් බස්වලට ලොකු අවුලක් නෑ. මොකද අධිවේගය හැරුනම ඔවුන්ට ලොකු අවාසියක් නෑ. විශේෂයෙන්ම සුදු ඉර/ඉරිදෙක කපා ඉස්සර කිරීම පරණ විදියටමයි

    ReplyDelete
  3. අජිත්,

    සාමාන්‍යයෙන් නීති සම්පාදනයේදී අනුගත වන සිද්ධාන්තයක් තමයි වරදට ලබාදෙන දඬුවම වරදට සරිලන එකක් වියයුතු බව. උදාහරණයක් විදියට පොල්ගෙඩියක් හොරකම් කිරීමේ වරදට අවුරුදු 10 කට හිරේ යවන්න නීති සම්පාදනය කරන්න පාර්ලිමේන්තුවට බෑ. එහෙම වුනොත් ඒක මුලික අයිතිවාසිකම් නීතිය යටතේ කෘර අවමන් සගගත සැලකිල්ලක් වෙනවා. ඔය ගැන 1980 දශකයේ මුල supreme court එක තීන්දු පවා දීල තියනවා.

    මාර්ගයේ විනයක් තිබිය යුතුමයි. නමුත් ආණ්ඩුව මේ කරන්න හදන්නෙ ඇත්තටම මාර්ගයේ විනය ඇතිකිරීම මුවාවෙන් දඩ ගැහිලි වලින් සල්ලි හොයල කඩා වැටෙන ආර්ථිකේට මුක්කු ගැහිල්ලක් කියන එක තමයි නිරුවත් සත්‍යය. මේ රටේ ප්‍රවාහන ආරක්ෂාව පිලිබඳ ප්‍රතිපත්තියක් සහ සැලැස්මක් තියනවද? දැඩි නීති ක්‍රියාත්මක වියයුත්තේ සමස්ත සැලැස්මක් තුළයි.

    මේ ආණ්ඩුව තරම් කෑදර ආණ්ඩුවක් තව නැතුව ඇති. ගානක් කඩා ගන්න පුළුවන් ක්ෂේත්‍රයක් තියනවනම් දුන්න පාර. අරක්කු සිගරට් වැඩි කළේ ඇත්තටම ජනතාවට ආදරෙන් කියල අජිත් අවංකවම හිතනවද? බදු පිළිබඳව ප්‍රතිපත්තියක් පිලිබඳ මූලික දැනුමවත් මුන්නැහැලට නෑ.

    යමක් සංඛ්‍යාත්මකව වැඩිනම් මොකක් හරි බද්දක් ගහනවම තමයි. බදු අවශ්‍ය නෑ කියල මම කියන්නෙ නැහැ.

    මෙහෙම ගියොත් ආණ්ඩුවේ ලිබරල් ආර්ථික මොළ වලට ළඟදීම මෙහෙම හිතෙන්න පුළුවන්.

    "ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 15 -54 අතර කාන්තා ජනගහනය 6,000,000 පමණය. ඉන් 2/3 ක් පමණ සනීපාරක්ෂක තුවා භාවිතා කරති යයි උපකල්පනය කළ හැකිය. එවිට ලැබෙන අගය රු. 4,000,000 කි. සනීපාරක්ෂක තුවායක් මත රු.10.00 ක පරිසර බද්දක් පැනවූ විට මාසිකව ලැබෙන අවම බදු මුදල 40,000,000.00 (එක් කාන්තාවක් මාසිකව එක් සනීපාරක්ෂක තුවායක් පමණක් හාවිතා කරයි යන පදනමින්) කි. ඉන් වසරකට රජයට ලැබෙන අවම බදු මුදල රු.480,000,000.00 කි. නමුත් ප්‍රායෝගික තත්වයන් යටතේ මෙම බදු ආදායම රු 1,440,000,000.00 ද ඉක්මවිය හැකිය. අම්මට සිරි ! දෙමුකො වැඩේ"

    - මොණරවිල


    ReplyDelete
    Replies
    1. Dear Mr Monarawila

      Thank you very much for ur brilliant suggestion. I'm working in the Finance Ministry & just came for official visit abroad.

      I will present this brilliant proposal to the honourable minister ASAP. Superb & innovative ideas & food for thought. We are struggling in finding new ways to increase the government's income in new ways. Could you please propose more like this. I could introduce urself to the relevant officials if you wish to support us with such wonderful ideas. Could you please gimme ur email as well? Just mention in a comment below.

      Delete
    2. ගොන්බිජ්ජො, ආන්ඩුව කෑදර නොවී කොහොමද? මරා චීනෙන් ගත්ත ණය ගෙවන්නෙ ඔහෙගෙ අහවල් එක විකුනලවැයි...

      Delete
    3. Dear friend Mr. Peacock-lake,

      Superb explanation & nice thoughts. Are you a blogger or journalist? I humbly request you to start your own blog & express/ discuss/ share your valuable ideas with readers like us. Kindly send us the links as well.

      Delete
    4. දේශීය රුපියල් බදුවලින් විදේශීය ඩොලර් ණය පියවන්නේ කෙසේදැයි කරුණාකර පහදා දෙන්න!

      Delete
    5. කෑදර වන්නේ ආණ්ඩුව ය කියනවාට වඩා අර්ථවත් වන්නේ රජයේ ඍජු පාර්ශ්වකරුවන් වන මධ්‍යම පංතිය කෑදර සමාජ කොටසක් ය කියන එකයි. මේ අන්දමින් බදු අය කර ඔවුන් කරන්නේ කුමක් ද? දේශපාලකයන්, රජයේ ඉහළ නිලධාරීන්, රජය සමග කොන්ත්‍රාත් කරන්නන්, පූජකයන් ආදීන් වෙනුවෙන් වරප්‍ර‍සාද ලබා දීමයි. මේවායින් රටේ ව්‍යවසායකයන්ට හෝ වැඩ කරන ජනතාවට කිසිදු සෙතක් නැත.

      Delete
  4. දඩ මුදල වැඩි කිරීමට මමත් පක්ෂයි.. හැබැයි දඩය එකපාර ගෙවා ගන්න බැරි කෙනෙක්ව හිරේ නොදමා මාසික වාරික වශයෙන් ගෙවන්නට ක්‍රමයක් තිබිය යුතුයි.. මා ජීවත්වෙන එක්සත් ජනපදයේ බීමත්ව රිය පැදවීම වගේ වරදකට අවම දඩය $6000 පමන වෙනවා... (මෙහෙ වෘතීකයෙක්ගේ සාමාන්‍ය මාසික වැටුප $4000-8000 ) නමුත් දඩය මාසිකව ගෙවිය හැකියි

    ReplyDelete
    Replies
    1. හා, එහෙත් එහෙමද?

      Delete
    2. We could allocate some leasing or loan facilities for paying fines installment basis.

      Delete
  5. බීමත්ව රිය පැදවීමට සුදුසුම දඬුවම විය යුත්තේ රියදුරු බලපත්‍රය අවලංගු කිරීමයි.

    ReplyDelete
  6. දඩ මුදල නම් තවත් වැඩි කලත් කමක් නෑ. විශේෂයෙන් බස් වලට හා ත්‍රී වීල් වලට.

    අර පදිකයින්ට දඩ ගහන එකත් හොඳ වැඩක්. සම හරක් හිතාගෙන ඉන්නේ කහ ඉර කියන්නෙ ගෙදර කියලා.. පේමන්ට් එකේ ගිය ඉස්පීඩ් එකේම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ෆෝන් එකත් කනේ ගහගෙන කහ ඉර හරහා යන්නේ.

    පිටකොටුවේ නම් ටැපික් අයියලා පදිකයින්ටත් දෙනවා පුක නැති වෙන්නම..

    ReplyDelete
  7. මා දන්නා විදියට ශ්‍රේෂ්ටාධිකරණයේ නියෝගයක් තිබෙනවා අධික වේගයෙන් රිය පැදවීම සම්බන්ධව. එනම් මාර්ගය තුල වේග සිමා ලකුණු කර තිබිය යුතුය යන්න. වේග සිමා මා දන්නා විදියට හැම මාර්ගයකම ලකුණු කර නෑ.
    වමෙන් ඉස්සර කිරීමත් ප්‍රයෝගිකව ක්‍රියාත්මක වීමේදී කොයි තරම් සාර්ථකද යන්න ප්‍රශ්නාර්ථයක්. උදාහරණයක් විදියට දකුණු පැත්තට හරවන්න සිග්නල් දා ගෙන යන රථයක් හරවන්නේ නැතුව අවොත්, එම වැරදි සිග්නල් එක නිසා වමෙන් ඉස්සර කරගෙන යාමට දඩුවම් ලැබිය හැකි නේද ? අනිත් එක බොහෝ වාහන යන්නේ මං තීරුවේ දකුණු පැත්තට වෙන්න. ඉඩ තියෙන්නේ වමෙන් ඉස්සර කිරීමට. ඔවුන් ඉඩ දෙන්නේ නැ දකුණු පැත්තෙන් වම් පැත්තට අරගෙන. එතකොට වැරදිකාරයා වෙන්නේ වමින් ඉස්සර කරන පුද්ගලයා.
    මෙම දඩ මුදල වැඩි යන්න මගෙත් අදහස යි.

    ReplyDelete
  8. මොනා වුනත් ආන්ඩුව කරනා සියලු මරිමෝඩ ගොන් වැඩ සාදාරනීකරනය කිරීම සඳහා පැරා තුමා බ්ලොග් ලියමින්, හොරි කසමින්, ගිනි පිඹිමින් දරන උත්සාහය අප අගේ කල යුතුයි!!

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම ...

      Delete
    2. Sa rasa

      +++++++++++++++

      Delete
    3. The Read Us බ්ලොග් එකට මොකක් ද වුණේ? තිබ්බ ලිපි ටිකත් නැහැ දැන්. වැඩේ අතහැරිය ද?

      Delete
    4. මගේ ලිපි ටික නැහැ ? මන් දැන් නැනේ ..
      ඇත්තටම මට වෙලාවක් ලැබුනේ නැ ලියන්න. මේ දවස් වල මුල්ලේරියාවේ පොලිසිය හා ඒ පැත්තේ පස් හෝදන ජාවාරම්කාරයෙක්ට තියෙන සම්බන්ධය ගැනත්, ඒ පැතිවල ගමන් කල මිනිස්සු කීප දෙනෙකුට කරන ලද සාපරාධි බලහත්කාරකම් ගැන ලිපියක් කෙටුම්පත් කර ගෙන හිටියේ. සම්පුර්ණ කරන්න වෙලාවක් නැතුව ඉන්නේ.

      Delete
  9. ///මේ අතරින් වැරදීමකින් අහම්බෙන් සිදු වීමට ඉඩක් ඇත්තේ වම්පසින් ඉස්සර කිරීමේ වරද පමණි. සෙසු වැරදි සිතා මතා කරන ඒවා ය. ///

    අධිවේගී මාර්ගයේදී වේග සීමාව 100 ඉබේ ඉක්මවෙන්න පුළුවන් සුළු ප්‍රමාණයකට, එය ඉබේ සිද්ධ විය හැකි වරදක්, නමුත් සංඥා නොකර හදිසියේ දකුණට හරවන කෙනෙකු නිසා වමෙන් ඉස්සර කරන්න සිදුවීම හැරෙන්න 95% ට වඩා වැඩි ප්‍රතිශතයක් වමෙන් ඉස්සර කරන්නේ හිතා මතා...

    අංක 07 එනම් "රක්ෂණ සහතිකයක් නොමැතිව රිය පැදවීම" අනිකුත් වැරදි ගොන්නට සමානව සළකන්න හැකි එකක් නෙමේ...
    රක්ෂණ ආවරණයක් නොමැතිව වාහනයක් පදවලා අනතුරක් සිදු වී වෙනත් පාර්ශවයකට හානි සිදු උනොත් ඒක අතින් ගෙවන්න වෙනවා, තමන්ගේ වාහනයේ හානි සඳහා ද මුදල් යන්නේ තමන්ගේ සාක්කුවෙන්...
    තුන් වෙනි පාර්ශවයේ ආවරණයක් ඇතිව ඒ අනතුර සිදු උනත් තමන්ගේ හානිය තමන්ට දරා ගන්න වෙනවා, තුන් වෙනි පාර්ශවය සඳහා හානිය රක්ෂණ ආයතනය සමග නඩු කීමෙන් ඒ අය ලබා ගත යුතුයි...
    ඒත් එවැනි අවස්ථා වල පවා නඩුකාරයා වාහනයේ රියදුරුට දඩ මුදලක් සහ අදාළ හානිය වෙනුවෙන් හානිය සිදු වූ තැනැත්තාට වන්දි මුදලක් ගෙවන්නත් නියම කරනවා...
    බොහෝවිට රජය නොවන තුන්වන පාර්ශවයක් නඩු කියා අදාළ හානිය රක්ෂණ ආයතනයෙන් ලබා ගන්න යොමුවෙන්නේ නැහැ වගේම ඒක බොහෝවිට ඉතා දුෂ්කර මගක්...

    පුර්ණ ආවරණයක් තිබුනොත් තමන්ගේ වාහනයේ හානිය සඳහා සම්පුර්ණ මුදල හෝ කොටසක් ලැබෙනවා, නමුත් තුන්වන පාර්ශවය සඳහා උසාවියකදී ක්‍රියා කරන්නේ ඉහත ආකාරයටමයි...
    ඒ කියන්නේ අනතුරකදී අපිට තුන්වන පාර්ශවය සඳහා වන්දි සහ උසාවියෙන් ගහන දඩ ගෙවන්න සිද්ධ වෙනවා...

    තත්ත්වය එහෙම තියෙද්දී රක්ෂණ ආවරණයක් නොමැතිකම මේ වගේ ලොකු දඩයක් ගැසිය යුතු අනෙකුත් වැරදි හය හා සමාන වරදක් වෙන්නේ කොහොමද...
    ඔන්න රක්ෂණ ආවරණයක් තිබීම නිසා තුන්වන පාර්ශවයක් වෙනුවෙන් අපිට දඩ හෝ වන්දි ගෙවන්න වෙන්නේ නැත්නම් මේ කියන කාරණය ටිකක් හෝ වලංගුයි...

    පැරා මේ හත් වෙනි කරුණට එකඟ වෙන්නේ කුමන පදනමකින්ද...

    ReplyDelete
    Replies
    1. සරළයි. රක්ෂණ සමාගම් තුන්වන පාර්ශ්වයේ රක්ෂණවලින් තමයි පූර්ණ රක්ෂණ වියදම් ආවරණය කර ගන්නවා ඇත්තේ. අනතුරු බහුල නිසා රක්ෂණ වාරිකයට වඩා වන්දි ලබා ගැනීම් වැඩි වෙන්න පුළුවන්.

      අනුභූතික සාක්ෂි මගෙන් අහන්න එපා. මේක අදහසක් විතරයි.

      Delete
    2. ලොකුපුතා කියල තියන කාරණය අධිකරණ දෙකකදී වෙන්නෙ. දඩය ( සහ සුලු වන්දි මුදල ) අපරාධ අධිකරණයේ. අනිත් පාර්ශවයට (රක්ෂණ සමාගමට දැන්වීමක් සහිතව ) නඩු පවරා රක්ෂණ සමාගමෙන් වන්දි - සිවිල් අධිකරණයෙන්.

      ලංකාවෙ රක්ෂණ සමාගම්වලින් වන්දි ගැනීමට සිවිල් නඩුවක් පැවරීම හැමවිටම වාගේ අවශ්‍යවීම ලංකාවේ සමාගම්වල අසාධාරණ ප්‍රතිපත්තියක්. වෙන බොහෝ රටවල සිවිල් නඩු නොගිහින් හොඳ වන්දියක් ගන්න පුලුවන්

      Delete
    3. රක්ෂණ ආවරණයක නොමැතිව වාහනය පාරට දාන්නත් තහනම්..

      මොකද නීතීය බලන්නේ වාහනේ ගැන නෙමෙයි තුන්වන පාර්ෂවය ගැන.

      Delete
  10. "The Anti Corruption Front, a watchdog on anti-corruption in Sri Lanka, has temporarily removed Rajith Keerthi Tennakoon from his position as a consultant, pending the result of an investigation into an accusation against him of a misuse of funding."

    - November 23, 2016, Colombo, Sri Lanka Guardian
    link- http://www.slguardian.org/2016/11/sri-lanka-anti-corruption-watchdog-suspends-its-top-man/

    මේ මොකක්ද අජිත් මේ වෙන්නෙ? අර "නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට" වෙච්ච දේමද? අර වික්ටර් අයිවන් කියනව වගේ "මාධ්‍ය අද්වකාත්ල" වගේම බිහිවුණු "දුෂණ විරෝධී ගොඩ පෙරකදොරුවන්" අතර සිද්ධවෙන ඔය වගේ සංවිධාන වලට උරුම තවත් බලු පොරයක්ද?

    -මොණරවිල

    ReplyDelete
    Replies
    1. // watchdog //

      ඔය බල්ලෝ කියන එව්වා කවුද ඕයි ගණන් ගන්නේ. අල්ලලා දානවා
      සී. බී. රත්නායක

      Delete
  11. "හිට්ලර්ගේ වධකාගාර වෙනුවට චම්පිකගෙන් පිස්සන් කොටු"

    "හර්ෂ තිලකසිරි බණ්ඩාර හෙවත් සුකි නැමති අය 2016 සැප්තැම්බර් 08 වනදා රත්මලාන පිරවුම් පොල අසල මිතුරේකුගේ නිවසේ රැදී සිටිය දී පැහැරගෙන යන ලදී. ඹහු මහ නගර සභා සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවකගේ කාර්ය මණ්ඩලයේ සේවය කළ අයෙකි. පසුව තිලකසිරිව මුල්ලෙරියාවේ මානසික රෝහලේ රදවා සිටිය දී හමු වී ඇත.

    නාගරික සංවර්ධන අධිකාරීයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක චන්දන රණසිංහ , අමාත්‍ය රණවක ගේ රියදුරු ප්‍රදීප් අල්විස් හෙවත් ලොරියා සහ කුරුදුවත්තේ පොලිසියේ එස්.අයි. හේරත් යන අය විසින් ඹහු පැහැරගෙන ගොස් තිබේ. තමාව පැහැරගෙන ගියේ, අමාත්‍ය රණවකගේ නියෝගයක් මත බව තිලකසිරි පවසයි."

    - ශාන්ත විජේසුරිය

    සම්පුර්ණ ලිපිය: http://www.slguardian.org/si/archives/14349

    මොනවද අජිත් මේ වෙන්නෙ ? මේක ඇත්තක්ද?

    -මොණරවිල


    ReplyDelete
  12. ආන්ඩුවට කිසි අදහසක් නෑ මේ දඩ ගැන... එයාලා දන්නේ අහුවෙන තැනකින් දඩ ගහන්න...
    රුපියල් විසිපන්දාහ නිසා පොලිස්කාරයන්ට ගොඩ යන්න පුළුවන්
    25 000 දඩේ ගෙවනවද? 5000 දීල බේරෙනවද?
    ඔය වැරදි හදන්න නීති වලින් නෙවෙයි සංස්කෘතියේ වෙනසකිනුයි පුළුවන් වෙන්නෙ

    ReplyDelete
  13. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ සංස්කාරක ප්‍රදීප් සඳරුවන් සේනාධීර නමැති දූශිත මඩ මාධ්‍යකරුවා වහා අත්අඩංගුවට ගන්නැයි ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අද (එනම් 2016 වසරේ නොවැ. 25 දිනදී) ඉන්ටර්පෝල් වරෙන්තුවක් නිකුත් කළා.

      මහසේත්‍රාත් කාවින්ධ්‍යා නානායක්කාර මෙනවිය මෙම නියෝගය නිකුත් කළේ ජ්‍යෙෂ්ඨ මධ්‍යාවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහරදීම සම්බන්ධයෙන් වන නඩුව අද යළි කැඳවු අවස්ථාවේදියි.

      සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවට පෙර ඔහුගේ ඡායාරූපයක් ඊ නිව්ස් වෙබ් අඩවිය ඔස්සේ පළ වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් පවත්වනු ලැබුවා.

      අදාළ ඡායාරූපය පළ කිරීමෙන් අධිකරණයට අපහස වී ඇති බවයි අදාළ වෙබ් අඩවියට එහිදි චෝදනා එල්ල වුනේ.

      මේ අනුව, ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ සංස්කාරක ප්‍රදීප් සඳරුවන් සේනාධීර නමැත්තාට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු පැවරීමට ද ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අද නියෝග කළා.

      Delete
    2. දිගින් දිගටම මෙරට අධිකරණයට බරපතල ලෙස අපහාස කරමින් අසත්‍ය විකෘති පුවත් පළකරන ‘ලංකා ඊ නිව්ස්’ නමැති කුප්‍රකට මඩ ප්‍රචරක වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර නැමැත්තා ජාත්‍යන්තර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ලංකාවට ගෙන ඒම සදහා ඉක්මනින්ම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේය. සමහර වෙබ් අඩවි මගින් අසත්‍ය හා අන්තවාදී ප‍්‍රචාරයක් සිදුවන බවත් ඉන් ජනතාව නොමග යන බවත් අධිකරණ ඇමතිවරයා සදහන් කලේය. රජයට අපහාස කරමින් විකෘති පුවත් පළකරන දෙරණ වැනි මඩ නාලික මර්දනය කිරීමේ වැඩපිළිවෙලට සමගාමීව වෙබ් අඩවි සහ ස්මාජ ජාල (ෆේස්බූක්, බ්ලොග්, ට්විටර් වැනී) නිසි පාලනයකින් යුක්තව නියාමනය කිරීමේ පුළුල් වැඩපිළිවෙලක් එළඹෙන 2017 වසරේ සිට ඇරඹීමට කටයුතු යොදා ඇත. එමෙන්ම මැතිවාරණ සමයන්හීදී විද්‍යුත්/ මුද්‍රිත මාධ්‍ය වලට දැඩි නීති රීති තිබුණත් සමාජ ජාල වල විනාශකාරී ක්‍රියාපිළිවෙල පාලනයක් නොමැතිවීම විශාල ප්‍රශ්නයක් බැවින් මීළඟ පළාත් පාලන මැතිවරණ ආදී සමයන්හීදී මේවා ඉතා දැඩිව අධීක්ෂ්ණය කෙරෙනු ඇත. එමෙන්ම ජනපති, අගමැති ඇතුළු මැතිඇමතිවරුන්ට එරෙහිව මඩ ප්‍රචාර මෙහෙයවන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමටද යෝජිතය.

      Delete
    3. අද (25) ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කවින්ද්‍රා නානායක්කාර මහත්මිය, ලංකා ඊ නිවුස් කර්තෘ සඳරුවන් සේනාධීර මහතාට එරෙහිව, අධිකරණයට අපහාස කළා යැයි මැදහත් පාර්ශ්වයකගේ (Intervening Party) ඉල්ලීම මත අත්අඩංගුවට ගැනීම සඳහා රතු වරෙන්තුවක් නිකුත් කළාය. එම රතු වරෙන්තුව ජාත්‍යන්තර පොලීසියේ (Interpol) සහායෙන් ක්‍රියාත්මක කරවා ගැනීමට නියෝග කොට ඇත.
      මේ පිළිබඳව ලංකා නිවුස් වෙබ් වෙත කරුණු දැක්වූ Interpol වරෙන්තු සම්බන්ධයෙන් කටයුතු කරන ප්‍රංශයේ ලියොන්හි ජාත්‍යන්තර නීතිවේදියෙකු සඳහන් කර සිටියේ මෙය ජාත්‍යන්තර වරෙන්තු නීතිය පිළිබඳව නොදන්නා අයගේ ඝෝෂාවක් මිස හරයාත්මක දෙයක් නොවන බවයි.

      මන්ද යත්, යම්කිසි පුද්ගලයෙකුට එරෙහිව රතු වරෙන්තුවක් නිකුත් කිරීමට පෙර ඔහුව අදාල නීති කර්තව්‍යයේ පාර්ශ්වකරුවෙකු කළයුතු වේ. ඊට යෙදෙන නම Blue Notice (නිල් දැන්වීම) යන්නයි. ඉන්පසු එකී පාර්ශ්වකරුවා වෙත අදාල නිල් දැන්වීම භාරදී ඒ පිළිබඳව ඔහුගෙන් වගඋත්තර ඇසිය යුතු වේ. ඉන් අනතුරුව සිදුවන්නේ එම නිල් දැන්වීමේ චෝදනා සම්බන්ධයෙන් චෝදනා විභාගයයි. (Prosecute) අවසානයේ එම නඩු විභාගයේදී නිල් දැන්වීමේ සඳහන් චෝදනාවන්ට අදාල පුද්ගලයා වැරදිකරු වුවහොත් පමණක් එකී අධිකරණයට චූදිතයා අත්අඩංගුවට ගැනීම සඳහා රතු වරෙන්තු (Red Warrent) නිකුත් කළ හැකි වේ.

      ඉන්පසු අදාල චූදිතයාට Interpol සංවිධානයේ CCF (Commissioner for Interpol Control Files) වෙත එම රතු වරෙන්තුව සම්බන්ධයෙන් අභියාචනය කළ හැකි වේ. එහිදී කොමසාරිස්වරයාට එකී රතු වරෙන්තුව 'දේශපාලන හේතූන් මත' ලබාගත් එකක් බවට ඒත්තු ගියහොත් වරෙන්තුව නිශ්ප්‍රභ කර ශ්‍රී ලංකාවට එරෙහිව දඩ මුදලක් නියම කළහැකි වේ.

      එමෙන්ම Interpol හරහා වරෙන්තුවක් ක්‍රියාත්මක කර ගැනීමට අනුගමනය කළයුතු කාර්ය පටිපාටිය දීර්ඝ සහ දුෂ්කර එකකි. සම්පූර්ණ ක්‍රියාදාමය සඳහා අවම වශයෙන් පස් වසරක්වත් ගත වේ. මෙසේ ජාත්‍යන්තර පොලීසිය හරහා උග්‍ර ගණයේ ත්‍රස්තවාදියෙකු හෝ තවම මෙරටට ගෙන්වා නැති බව ශ්‍රී ලංකා පොලීසියේ ඉහළම නිළධාරියෙකු සඳහන් කර සිටියේය.

      මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකාවේ ප්‍රවීණ නීතිවේදියෙකු සඳහන් කර සිටියේ, 'මෙය ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරියගේ තවත් එක් හාස්‍ය රංගනයක්' බවත් තමන්ට එරෙහිව පවතින දූෂණ චෝදනා යටපත් කරගැනීම සඳහා ශ්‍රී ලංකාවේ විනිසුරුවරුන්ගේ ගැලවුම්කරුවා වශයෙන් පෙනීසිටීමේ බොළඳ උත්සාහයක් බවත්ය.

      Delete
    4. මේ අර ෆේස් බුක් ජජ් නේ, හොඳටෝම තරහ ගිහිල්ල ඇත්තේ බුකයේ පොස්ට් දාන එක නම් කරාට. අවුරුදු කීපෙකට ඉස්සරින් ගම්පහ පැත්තේ මිනිහෙක් හප්පලා පැනල ගිය ජජියක් ගැන තිබ්බේ, ඒත් මෙයාද?

      Delete
  14. මේ දඩය වැඩි වෙන්නේ මේක බොහෝවිට දරන්න බැරි දඩයක් නිසා.දඩ නොගෙවීමේ වරද නිසා වෙන්නේ බන්ධනාගාර ගත වෙන්න.එක තවත් සමාජ,ආර්ථික ප්‍රශ්න ගොඩකට මුල පිරීමක්.

    ReplyDelete
    Replies
    1. පිස්සු, ඔයි වරදවල් එකක්වත් ඉබේ සිද්ධ වෙන හෝ වලක්වා ගන්න බැරි, නැත්නම් ඒ වරද නොකෙරුවෝත් අඹු දරුවෝ බඩ ගින්නේ වෙන වර්ගයේ ඒවා නොවෙයිනේ.

      Delete
  15. දඩය රියදුරුගේ වැටුපට සාපේක්ෂව ඉහළ එකක් වීමනේ අවුල කියන්නේ, ඒක වාහනයේ වටිනාකමට සාපේක්ෂව නියම කරා නම් අහවරයිනේ, මීට මෝටර් සයිකල් හිමියෙක්.

    ReplyDelete
  16. This comment has been removed by a blog administrator.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා