ඇමරිකන් ජනාධිපතිවරණයේ ලිංගික කතා

මෙම ලිපිය පළ වන විට ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍ර‍ම්ප් ජයග්‍ර‍හණය කර හමාර ය. එහෙත්, මෙවර ජනාධිපතිවරණයේ ප්‍ර‍චාරණ ව්‍යාපාරය එක් කරුණක් නිසා සුවිශේෂ වේ. ඒ එහි පැවති ස්ත්‍රී විරෝධී ප්‍ර‍වණතා නිසා ය. ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයට පත් වන පළමු කාන්තාව වීම සඳහා ඩිමොක්‍ර‍ටික් පක්ෂ අපේක්ෂකත්වය වෙනුවෙන් හිලරි ක්ලින්ටන් මින් පෙරත් බැරැක් ඔබාමා සමග තරග කළා ය. එහෙත්, මෙවර ඇයට අපේක්ෂකත්වය ලැබුණ මුත්, ඇය ඉදිරිපත් වීම හේතු කරගෙන නවතම ස්ත්‍රී විරෝධී ප්‍ර‍වණතාවක් පැන නැංගේ ය.

බිස්නස් ඉන්සයිඩර් වෙබ් අඩවිය විසින් නොවැම්බර් 6දා වන විට ප්‍ර‍ධාන පෙළේ ස්ත්‍රී විරෝධී අදහස් පළ කිරීම් හා සිදුවීම් 39ක් ලැයිස්තුගත කර තිබිණි. මේ ඉන් සමහරක් පමණි.

හිලරි ක්ලින්ටන් ඩිමොක්‍ර‍ටික් පක්ෂ අපේක්ෂකත්වය ලබා ගන්නා බව තහවුරු වූ අලුත ෆොක්ස් නිව්ස් රූපවාහිනියේ ඕ‘රෙයිලි ෆැක්ටර් නමින් වැඩසටහනක් කරන ප්‍ර‍කට දේශපාලන විශ්ලේෂකයකු වන බිල් ඕ‘රෙයිිලි පැවසුවේ කාන්තාවක ජනාධිපති තනතුරට පත් වීමෙහි කිසියම් ගැටලුවක් ඇති බවයි. ගැහැනියක එම තනතුරට නුසුදුසු බව ඔහුගේ අදහස විය.

තවත් ප්‍ර‍සිද්ධ රේඩියෝ වැඩසටහනක් මෙහෙයවන සීන් හැනිටි හිලරි ආච්චි කෙනෙකු ලෙස හඳුන්වමින් පැවසුවේ දරුවන්ගේ ඩයපර් මාරු කිරීමට හා ඔවුන්ට කැවීමට, පෙවීමට හැකි වූ පමණින් ගැහැනියක න්‍යෂ්ඨික බෝම්බ ස්ටවිචයකට ඇඟිල්ල තැබීමට තරම් බලවත් තත්වයකට සුදුසුකම් නො ලබන බවයි.

හිලරි ක්ලින්ටන් ගැන කියැවුණ තවත් කරුණක් වන්නේ ඇය මෙතැනට පැමිණියේ හුදෙක් ම ඇගේ දක්ෂතා නිසා නො ව, ඇගේ සැමියා වන බිල් ක්ලින්ටන් සමග සිදු වූ විවාහය නිසා බවයි. ගතානුගතික අදහස් ඇති බුද්ධිමත්තු පවා මෙම තර්කය ඉදිරිපත් කළ හ.

රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍ර‍ම්ප් මුල පටන් ම ස්ත්‍රී විරෝධී අදහස් පළ කළ කෙනෙකි. රිපබ්ලිකන් අපේක්ෂකත්වය සඳහා තරග කරමින් සිටි සමයේ රූපවාහිනී විවාදයකදී ෆොක්ස් නිව්ස් මාධ්‍යකාරියක වන මෙගින් කෙලීගේ ප්‍ර‍ශ්න කිරීමකින් කුපිත වූ ට්‍ර‍ම්ප් පසුව පැවසූ කරුණක් වන්නේ ඇගේ ඇස්වලින් හා තවත් තැන්වලින් ලේ වැගිරෙමින් තිබුණු බවයි.

රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකත්වය සඳහා පැවති තරගයේදී ට්‍ර‍ම්ප්ගේ ප්‍ර‍තිවාදිනියක වූ කාර්ලි ෆියොරිනාගේ හැඩරුව ට්‍ර‍ම්ප් මුහුණට ම සමච්චලයට ලක් කළේ ය. “අර වගේ මුහුණක් ඇති කෙනෙකු ජනාධිපති පදවියට පත් කර ගැනීමට ඔබ ඡන්දය දෙනවාද?" යි ඔහු ඇසුවේ ය. ඔහු අනුව යමින් වීව් නම් රූපවාහිනී වැඩසටහනේ නිවේදකයෝ ද කාර්ලිගේ මුහුණ ගැන විහිළු කතා කී හ.

කාන්තාවන් පිරිමින් තරම් නො වටිනා බැවින් ගැහැනු හා පිරිමි ශ්‍ර‍මිකයන් අතර වැටුප් පරතරය දිගට ම තිබිය යුතු බව ට්‍ර‍ම්ප් ප්‍ර‍සිද්ධියේ පැවසී ය.

2015 දෙසැම්බරයේදී පැවති මූලික රූපවාහිනී විවාදයකදී විවේකයක් අතරතුර හිලරි වැසිකිළියට ගියා ය. ඉන් පසු ට්‍ර‍ම්ප් පැවසූ දෙයක් වන්නේ එය අතිශය පිළිකුල් සහගත බවයි. නිවේදකයකු වන රෂ් ලිම්බාෆ් මැදට පැන පැය දෙකක් එය ඉවසා ගත නො හැකි නම් ඩයපරයක් ඇඳ ගන්නා ලෙස හිලරිට කීවේ ය.

සංරක්ෂණවාදී අදහස් ඇති ඇමරිකානුවන් බොහෝ දෙනෙක් හිලරිගේ සෞඛ්‍ය තත්වය ගැන කතා කරමින් ඇය ජනාධිපති ධුරයට නුසුදුසු බව පෙන්වීමට උත්සාහ කළ හ. එසේම, ඇය වයසින් වැඩි බව ද පෙන්වා දුන් හ. එහෙත්, ඇය ඇත්තට ම ට්‍ර‍ම්ප්ට වඩා වයසින් අඩු ය. ට්‍ර‍ම්ප්ගේ වයස අවුරුදු 70ක් වන අතර හිලරිගේ වයස අවුරුදු 69කි. ට්‍ර‍ම්ප් ඇමරිකානු ඉතිහාසයේ මුල් වරට ධුරයට පත් වයස්ගත ම පුද්ගලයා ය. ඔබාමා මුල් වරට ජනාධිපති ධුරයට තේරී පත් වන විට ඔහුගේ වයස අවුරුදු 47කි.

තමන් හිලරි ක්ලින්ටන්ට ඡන්දය නො දෙන බව ප්‍ර‍කාශ කළ ප්‍ර‍කට නිළි සුසාන් සැරැන්ඩන් කළ ප්‍ර‍කාශයක් ද ආන්දෝලනයට තුඩු දුන්නේ ය. තමන් ඡන්දය දෙන්නේ යෝනියෙන් නොවන බව ඇය පැවසුවා ය. එයින් ඇය අදහස් කළේ ක්ලින්ටන්ට ඡන්දය දෙන සෙසු කාන්තාවන් සලකා බලන්නේ ඇගේ ස්ත්‍රීත්වය පමණක් බවයි.

හිලරිගේ කතා විලාසය සම්බන්ධයෙන් ද ජනමාධ්‍යවල සාකච්ඡාවට ලක් විය. ඇය ගිරිය යටින් කෑ ගසන බව ද, එය අප්‍ර‍සන්න බව හා මයික්‍රෆෝන් වැඩ කරන බව යමෙක් ඇයට පෙන්වා දිය යුතු බව ද වැඩසටහන් ගණනාවකදී පිරිමි ජනමාධ්‍යකරුවෝ පැවසූ හ. එක් නිවේදකයකු පැවසුවේ ඇගේ හඬ හරියට බළලකු කළු ලෑල්ලක් මත උලනු වැනි ය කියා ය. මේ නිවේදකයන් පිරිමි අපේක්ෂකයන්ගේ කතා විලාසය ගැන කීවේ එය උවමනාවට වඩා ආක්‍ර‍මණශීලී බව පමණි.

හිලරි ක්ලින්ටන් නිව්යෝක්හිදී කොණ්ඩය කපා ගැනීම සඳහා ඩොලර් 600ක් වැය කිරීම කුහක ක්‍රියාවක් ලෙස ද විවේචනයට ලක් විය.

මෙම මැතිවරණ ව්‍යාපාරයේදී හිලරිගේ අඟපසඟ පවා සිනාවට ලක් කරන ලදී. ඩිමොක්‍ර‍ටික් පක්ෂයේ මූලික තරගවලදී හිලරි ක්ලින්ටන් සමග තරග මධ්‍යම වාමාංශිකයකු වන බර්නි සෑන්ඩර්ස්ට සහයෝගය දුන් පිරිස් ද මෙවැනි ස්ත්‍රී විරෝධී අදහස් පතුරුවා හැරිය හ.

ඩොනල්ඩ් ට්‍ර‍ම්ප්ගේ ආධාරකරුවන් අතර මෙවැනි සටන් පාඨ ද තිබිණි. “Hillary sucks but not like Monica,” “Trump that bitch,” “2 fat thighs, 2 small breasts, 1 left wing.” ඇය සිනාසෙනවා මදි ය කී අය මෙන් ම ඇය සිනාසෙනවා වැඩි ය කියූ අය ද සිටිය හ.

2016 අප්‍රේල් මාසයේදී ට්‍ර‍ම්ප් පැවසූ කරුණක් වන්නේ හිලරි සතු වන එක ම දෙය ඇගේ ගැහැනුකම පමණක් බවයි. ඇය පිරිමියකු වූවා නම් ඇය 5%ක්වත් ඡන්ද ලබා නො ගනු ඇතැයි ඔහු පැවසී ය. සැප්තැම්බරයේදී ඔහු ඒබීසී රූපවාහිනියට කීවේ ඇය සතුව ජනාධිපති පෙනුමක් නැති බවයි. ජනාධිපතිවරයකුට දරා ගැනීමේ ශක්තිය අවශ්‍ය බව කියමින් හිලරිට එම හැකියාවක් නැති බව ද ඔහු පුන, පුනා කීවේ ය.

හිලරි ක්ලින්ටන් කාන්තා සමලිංගිකයකු බවට කලක සිට කටකතා තිබේ. රේඩියෝ නිවේදකයකු වන මයිකල් සැවේජ් මෙම ජනාධිපතිවරණ ව්‍යාපාරය අතරතුරු එම කුමන්ත්‍ර‍ණ න්‍යාය විවෘතව ම යළි පණ ගැන්වූයේ ඩොනල්ඩ් ට්‍ර‍ම්ප් අවසන් ජනාධිපතිවරණ විවාදයේදී ක්ලින්ටන්ගේ සියලු ලෙස්බියන් ආදරවන්තියන් ගැන විමසිය යුතු බව කියමිනි.

රූපවාහිනී විවාදවලදී ට්‍ර‍ම්ප් පුරුෂෝත්තමවාදී ස්වරූපයකින් බාධා කිරීම් සිදු කළ බවට චෝදනා එල්ල විය. පළමු විවාදයේදී ඔහු දළ වශයෙන් 51 වතාවක් බාධා කළ බව වාර්තා විය.

ඩොනල්ඩ් ට්‍ර‍ම්ප් තමන්ට ලිංගික අඩන්තේට්ටම් කළ බවට කාන්තාවෝ දුසිමක් පමණ චෝදනා කළ හ. ට්‍ර‍ම්ප් ඒ සියල්ලන් ම බොරුකාරයන් බව එක හෙළා පැවසී ය.

පීපල් වෙබ් අඩවියේ හිටපු ලේඛිකා නටාෂා ස්ටොයිනොෆ් ද මෙම චෝදනාව එල්ල කළ විට ට්‍ර‍ම්ප් පැවසුවේ ලිංගික ප්‍ර‍හාරයක් එල්ල කිරීමට තරම් ඇය ලිංගිකව ආකර්ශනීය නො වන බවයි.

මේ සියල්ල අතර වෙළඳපොළට පැමිණි උපකරණයක් ද දැඩි ලෙස ස්ත්‍රී විරෝධී හැඩයකින් යුක්ත විය. ඒ මේ සමග ඇති රූපයේ දැක්වෙන ඇට වර්ග පොඩි කිරීමට යොදා ගන්නා ගිරයයි. 


අවසන් රූපවාහිනියේදී තමන් තරම් කාන්තාවන්ට ගරු කරන වෙනත් අයෙකු නැති බව පවසා මොහොතකට පසු ට්‍ර‍ම්ප් හිලරි වෙනුවෙන් ජරා ගෑනි යන අරුත දෙන Nasty Woman යන යෙදුම භාවිතා කළේ ය.

කෙසේ වෙතත්, ඇමරිකා එක්සත් ජනපද ඉතිහාසයේ වඩාත් ම ස්ත්‍රී විරෝධී ජනාධිපතිවරණ ප්‍ර‍චාරණ ව්‍යාපාරයෙන් පසු, එරට පළමු ජනාධිපතිනිය වීමේ හිලරි ක්ලින්ටන්ගේ අපේක්ෂා භංග කරමින් ඩොනල්ඩ් ට්‍ර‍ම්ප් විශිෂ්ට ජයක් ලැබුවේ ය. 

(රාවය තනියාය)

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. සිහල බොදුනුවන්ගේ බැති හැඟුමට සවන් යොමා
    ජාතිකවාදී මහින්ද ගරු මැතිඳාගේ ආශිර්වාදයද ලබා
    තිස්තුන් කෝටියක් සම්‍යක් දෘෂ්ටික දෙවිඳුන් එකතු වෙලා
    තිසරණ බෙලෙන් ට්‍රම්ප් පුතා ලොව දිනා අබිසෙස් කළා

    රට දැය ගැන හිතැති මහින්ද ගරු මැතිඳු වාගේමයි ට්‍රම්ප් පුතා
    ගෝඨාභය ගරු මැතිඳු වාගේ නිර්භීත සිංහයෙකි ට්‍රම්ප් පුතා
    විමල් වීරවංශ ගරු මැතිඳු වාගේ ඔහුගෙත් කට සැරය ඉතා
    අපෙත් ආයු ගෙන ලොව දිගු කල් වැජඹෙන්න අදරැති ට්‍රම්ප් පුතා

    නැති මුත් ප්‍රතාපවත් උඩු රැවුල ඔහු එඩිතර කේසර සිංහ රාජයෙකි
    ගැහැනියට ලොව උරුම නියම තැන කියාදුන් සැබෑ පිරිමියෙකි
    අප ගෝඨාභය මැතිඳා මෙන්ම පෞරුෂයෙන් පිරි මහ ඉන්ද්‍රකීලයකී
    සිංහල බොදුනුවන්ගේ පුදටම නිසි මහ සක්විති රාජයෙකී

    ගෝඨාභය මැතිදා මතු මේ පින් බිම යළි රජ කරන දිනේ
    රම්ප් පුතාගේ ආශිර්වාදයයි ඔහුටත් නිබඳව පිහිට වුණේ
    අමරදේව ජාතියේ ගාන්ධර්වයා මළවුන්ගෙන් යළි නැඟිට ගෙනේ
    ගෝඨාභය මැතිදාට ජය පතා ගීත ගයනු මට මැවී පෙනේ

    මීට, කුමාර දිප්පිටිය මයා
    ගරු ලේකම්,
    තරුණ බෞද්ධ සංගමය,
    කොතලාවලපුර
    රත්මලාන.

    ReplyDelete
    Replies
    1. ගෝටාබය හෙට අනිද්ද කූරු ගනින කොට
      දුමින්දයා ළඟින් ඉඳන් පිටත් කහන කොට
      එල්ලුම්ගහ පෙනෙන විටදි හුජ්ජ පෙරෙන කොට
      විසිල් ගහමු අපි එක්වී මරාගෙ හැත්තට

      Delete
    2. මේ කවි ටික අවුරුද්දකට ඇති හිනා වෙන්න.

      Delete
    3. මයුරවිල තවම වන නොවැදිය, ඊට තව හෝරා අඩක් ඇත. කුකවිය තා වැනි අදමිටුවනට "මාතලන බසින්" පිළිතුරු දිව මනාය.

      සුපතල අප ගොට'බ මැතිඳු කිරුල දරන කල
      සිරිලක සිව් දනම ඔහුට සිරස නමන කල
      විරඟ රහිත පුඟුල එකල උන් දෙපතුල වැඳ
      කමා කළව ඔබ ජනිත වු පිය නැති ජන්මය

      අප පහරට බියෙන පොයියන් බිහි දොරින් "එලිසම රැකි හඩු බස් කුකවියන්" සබයට කැඳවා ඇතිසේය. මා එලිසම නොරැක විරිතෙන් උන් "එලිසම කලිසම" ගලවා හමාරය. සන්මිතු සාරසයෙනි ඉතිරිය ඔබට බාරය. මා යෙදු "විරඟ" නම් පුරිස් කයවේ.

      Delete
    4. මී ර න් මැටි තවරා තොලුප තේ
      සා ර න් නට වන් සදැ දෙරණ තේ
      ඌ ර න් සැටි දුටුවොත් එ වන තේ
      මෝරන් නට වෙයි බිය වැදැ සි තේ

      ගෝඨා නියම පැත්තෙන්
      සිරි ලන්කාව මත්තෙන්
      ගෙලෙ පැලැඳ ගත්තෙන්
      දිලෙයි ඔහු ලකිසුරුව නිත්තෙන්!!

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. ගෝඨා යස පබ ඳ
      දසත පැතිරෙත එක ලෙ ද
      කිරි සිඳු නිල් මුහු ද
      එ වෙන් වෙන් නොම දති ය පිරිසි ඳ

      එ විරු යස පළ හෙ ළ
      පැතිරි සුරගඟ යට දු ළ
      හෙලයම එකලු කළ
      නෙලුමක් ව ඔහු පිපේ ලක් විල

      Delete
    7. ගෝඨාභය වැනුම
      (සරසයනට මයුරවිලයනට උපහා‍ර වේවා!)


      ජන්මය ලදුයෙ මාගම් පුර වෙත පොරණ
      පුතුණුව වුණෙය සිරිනාගට ලඹකරණ
      සොහොයුරු සංඝබෝ රජකම හැර දැමිණ
      අප කුමරාණ රජ විය මේ ලක් දෙරණ

      තුටු කර මෙසිරිලක දන සඟ සිත් කමල
      සම්බුදු සසුන වඩවා සුරැකි ය නිමල
      දස දෙස මැවිණි අප රජ කළ වැඩ විසල
      පවසමි කීපයක් මේ ලෙස කර ලකල

      පිළියම් කළෙ ය ලෝවාමහපායේ පෙළ
      සිරිමා බෝ වටා නැඟුවෙ ය මහල් පෙළ
      වටදාගයක් තනවා සෑගිරි බිම පතළ
      අප රජු කළ මෙහෙය අපමණ වේ බබළ

      බිඳී ගිය වෙහෙර නංවා සිව් දෙස ම
      අලුතින් කරවීය නෙක නෙක වෙහෙරකම
      සසුනට අරුණ වී රජ සිහ පුත් ලෙස ම
      සිරිලක දැහැමි දෙස කළ ලෝකයෙ පරම

      අභයගිරි වෙහෙර දකුණත සාගලික සඟ
      නිමල දහම නසමින් පැමිණියො ය නැඟ
      හමවඩු ගසා පලවා හැර එමල සඟ
      අප රජු කළෙ ය පිරිපහදුව මෙලක සඟ

      තිඹිරි වැව ද මඬවල මෙත් මල් වෙහෙර
      තිබෙනා ශිලා ලිපි පවස යි රජුගෙ වෙර
      දහතුන් වසක් රජ කළ නිරිඳෝ කවර
      ගොටක අබ හෙවත් ගෝඨාභය පවර

      රෝහණ දෙස උපන් ‍ගෝඨාභය නිරිඳ
      යළි නැඟ එන්න නැඟුමට අප රට නිබඳ
      මෙත්මල් වෙහෙර පුද දෙමු එදිනේ සබඳ
      ගෝඨාභය කුමරු රජ දා කිරුළු බැඳ



      සරසයෙනි; මයූරවිලයෙනි,
      ගෝඨාභය කුමරු කිරුළු පලඳින දින අපි දෙමට මල් වෙහෙර වැද මල් පුද දී බුදුන් වැඳ අපගේ කාර්යභාරය තුටු වැ නිමවමු. ඉනික්බිති වැ අපි ඉසිඹු සමයට එළඹෙමු.

      පැරකුමුවෙනි, තෙපි ද අප හා එක් වන්නාහු යැ?

      Delete
    8. වහල්ලු ඇට සමඟ රඹුටන් වලඳති. වහලුන් කවුදැයි යන්නත්, ඇට කාගේද යන්නත් දන්නේ ඇට උරන්නන් සහ රඹුටන් අයිති කාරයන් පමණි.

      Delete
    9. // ගෝඨාභය කුමරු කිරුළු පලඳින දින අපි දෙමට මල් වෙහෙර වැද මල් පුද දී බුදුන් වැඳ අපගේ කාර්යභාරය තුටු වැ නිමවමු. ඉනික්බිති වැ අපි ඉසිඹු සමයට එළඹෙමු.
      //

      සමාවන්න... වත්මන දෙමටමල් යැයි වහරන්නේ දෙටුමල් (දෙවන සොයුරු ) විහාරයට නොවේද?

      Delete
  2. එතකොට පැරා පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහා මැතිවරණයේදී මහින්දට විරුද්ධව කෙරුනේ අන්තිම ශීලාචාර මැතිවරණ ව්‍යාපාරද?

    දිගටම කිව්වෙ හොරා! හොරා! හොරා!

    කෝ දැන් අර හොරකම් කරපු ඩොලර් බිලියන ගාන එහෙම?

    -මොණරවිල

    ReplyDelete
    Replies
    1. ඔය ප්‍ර‍ශ්නෙ ම බැඳුම්කර කේස් එක ගැනත් අහනවනේ.

      හොරකම් ඔප්පු නො වුණ පළියට ඒවා හොරකම් නෙමෙයි කියන්න බැහැ.

      බලවත් හොරු නීතියේ සිදුරුවලින් රිංගා සොරකම් කිරීමට අති දක්ෂයි.

      ලසන්ත වික්‍ර‍මතුංග මරා දැමූ අය අහු නො වූ පළියට ලසන්තව මරා දැම්මේ නැහැ ය කියා කියන්නට බැහැ.

      අනෙක, 2015 ජනාධිපතිවරණ ව්‍යාපාරයේ අසික්කිත ම කැම්පේන් එක කළේ කවුරු ද? ඒ දවස්වල හඩ්සන් සමරසිංහ කියපු ඒවා මතක ද?

      හඩ්ඩාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගත්තේ නැහැ ය කියන්නේ හඩ්ඩා හරි ය කියන එක ද? නැතිනම් හඩ්ඩා හඩු ටෝක් දුන්නෙ නැති ය කියන එක ද?

      Delete
    2. පැරා,

      ලෝකෙ කොහෙවත් මහා සාරධර්ම එක්ක බැඳුනු Political Campaigns නැහැ. දෙන්නම් බැටේ theory එක තමයි. දැන් බලන්න ලෙස්ටර්ව K.P.ට අන්දපු චම්පික, එතකොට අර "බැසිල් ගම්පහ" කියල LTTE Diaspora එකට බැසිල් යැව්වයි කියන රාජිත හොයාගත්ත e-mail එක.

      ඒවාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගත්තේ නැහැ ය කියන්නේ ඒවා හරි ය කියන එක ද? නැතිනම් ඒ ටෝක් දුන්නෙ නැති ය කියන එක ද?

      මේක ගැන තර්ක කරන්න ගියොත් නිකං ඉස්සෙල්ල ආවේ කිකිලි ද බිත්තරේද වගේ ව්වාදයක් වෙයි.

      දැන් අජිත් මේ වෙලාවේ කරන්නෙ "රනිල් - මයිත්‍රී දේශපාලනයක්" අපි කරන්නෙ "ගෝටභය promote කරන දේශපාලනයක්". ඉතින් අජිත් අපිට දීල අදිනකොට අපිත්ට දීල අදිනව.

      දේශපාලනේ කරනවා නම් උකුසු ඇහැක්, ඌරු කටක්, කබර හමක් තියෙන්න ඕනැ.

      -මොණරවිල

      Delete
    3. අනිත් එක අජිත් මම විශ්වාස කරන්නෙ "the ends justify the means" කියන එක.

      -මොණරවිල

      Delete
    4. මම නම් ඒක විශ්වාස කරන්නෙ නැහැ. හේතුව හිට්ලර්, ස්ටාලින් වගේ බොහෝ උන්තමත්තකයන්ටත් තිබුණෙ ඔය තර්කය ම තමයි.

      Delete
    5. Lee Kuan Yew, Deng Xiaoping, Mahathir Mohamad, Mustafa Kemal Atatürk වගේ නායකයො ගම කියන්නෙ මොකක්ද?

      -මොණරවිල

      Delete
    6. එය ප්‍ර‍ශ්නෙ අහන එක තේරුමක් නැහැ. සාර්ථක වුණ අය සාර්ථක වුණෙත්, අසාර්ථක අය අසාර්ථක වුණෙත්, "the ends justify the means" පදනමින් වැඩ කළ හෝ නො කළ නිසා නෙමෙයි. ඕක දේශපාලනයේදී බොළඳ න්‍යායක්.

      ලංකාවේ නායකයිනුත් බොහොම දෙනෙක් වැඩ කළේ ඔය විදියට ය කියලා කියන්නට පුළුවන්. ඒත්, ඔය කියන වැඩේ වුණේ නැහැ. කොටින් ම කියනවා නම් ඒ අයට ඔය කියන විදියෙ එන්ඩ් එකක් සොයා ගන්න බැරි වුණා.

      Delete
    7. නමුත් අජිත් ඔය මම මුලින් කිව්ව නායකයො තුන්දෙනාම තිබුන ක්‍රමයෙන් බැහැරවෙලා තමන්ගේම ක්‍රම තුළින් ඒ රටවල විශාල දියුණුවක් ඇතිකළා. අපේ අය ගැන මම කතාකරන්නේ නැහැ. ඔය නායකයො මහා ප්‍රජාතන්ත්‍රවාදීන් නෙමෙයි. දැන් නේරු බලන්න මොකද කළේ කියල Nizam of Hyderabad ට. Operation Polo වලින් විසඳුවා. ඇත්තටම නේරු පිටුපස සිටි යකඩ ඇත පාතෙල්.

      Delete
    8. //හොරකම් ඔප්පු නො වුණ පළියට ඒවා හොරකම් නෙමෙයි කියන්න බැහැ.//

      අජිත් පැරකුම් අසූ ගණන්වල කරපු මිනීමැරුම් ඔප්පු නො වුණු පළියට ඒවා මිනීමැරුම් නෙමෙයි කියන්න බැහැ!

      Delete
    9. පැරා දන්න දෙයක් කතාකරන්න... හිලරිගෙ ආධාරකරුවො ට්‍රම්ප් කියපු හැම දේකටම racist & sexist speech කියල කිව්වා මිස ඔහුගේ ආර්තික හො මිලිටරි ප්‍රතිපත්ති විවෙචනය කලෙ නෑ...
      ඔවුන් හැදුවෙ personal attacks වලින් බලය ගන්න...
      ඇමරිකාවෙ ඔබ හිතන විදිහෙ කාන්තා විරොදයක් නෑ.. කාන්තාවන් 45% විතර ට්‍රම්ප්ට චන්දෙ දුන්නා... තමන් කාන්තාවක් නිසා තමන්ට චන්දෙ දෙන්න කිව්වෙ හිලරි...
      කාන්තාව හා පිරිමියා අතර තියෙන වැටුප් පරතරය කියන්නෙ හාවඩ් විෂ්වවිද්‍යාලයෙ මහාචාර්යවරු පවා මිත්‍යාවක් කියලා පිලිගත්ත දෙයක් ...

      Delete
  3. ඈ පැරා තුමෝ...

    අර නාමල් රාජපක්සගෙයි සජින් වාස් ගෙයි ඩොලර් බිලියන් ගනනක ඩුබායි ගිනුමේ screen shots එහෙම ඔහේ ලඟත් තියෙනවැයි?



    ReplyDelete
    Replies
    1. සගය සාරසයෙනි,

      ඒ රූ මින් මතුව එලැඹෙන සුබ මොහොතක ඉයනයන් විසින් දොරට වඩම්මනු නියතය. උන් ඒ පිලිබඳව ණයට ගෙන පලකළ වියනුව කියවා අම පල රස වින්දෙමි. මා පැටි කල කියවූ හාන්ස කිරිස්තියන ඇන්රඩසනයනගේ සුරඟන කතාවනටද වඩා ඒ මනරම්ය.

      - මයුරවිල මි

      Delete
    2. බැඳුම්කරෙන් ගැහුවා යැයි කියන කෙනාම
      හරී හොඳයි කියනවාලු ඉස්කිරිම් ෂොට් එක දැක්කාම
      හම්බන්තොටින් අදිවේගෙන් ගහපු මුලු මුදලම
      ඩුබායි බැංකුවේ මැනෙජ් කළේ හිටපු අදිපතියාම

      Delete
  4. // දැන් අජිත් මේ වෙලාවේ කරන්නෙ "රනිල් - මයිත්‍රී දේශපාලනයක්" අපි කරන්නෙ "ගෝටභය promote කරන දේශපාලනයක්". ඉතින් අජිත් අපිට දීල අදිනකොට අපිත්ට දීල අදිනව. //

    රනිල්-මයිත්‍රී අවපස වනවිට ගෝටා නැග එයි පුර පස වී ලන්කා අහසේ.......

    ReplyDelete
    Replies
    1. “කියග මගිය එනු කොහි සිට?
      දද සමනොළ ගොසිනා
      නොය කියමුකු එදිග?
      බමුණ සුමන සුරිඳු විසිනා
      තව ටික කල ගෙවෙනා කල
      රජකු එතැයි දියනා
      කියැවිණි - තන්වැසිය එනම්?
      ගෝඨාභය නමිනා”

      සන් මිතු සාරසයනි, මින් ඔබ සේ තුටුපහටු වන කෙනෙකු මෙ තෙදිය නැත.

      - මයුරවිල මි.

      Delete
    2. // සන් මිතු සාරසයනි, මින් ඔබ සේ තුටුපහටු වන කෙනෙකු මෙ තෙදිය නැත. //

      ගොන්කම් කොරන යහපාලන පාලකයෝ
      රති සැප සොයා පසුපස යති බාලකයෝ
      වෙමු අප සැවොම රට නගනා මූලිකයෝ
      ගෙන එමු ඝෝට නම් සුරු ඉඳු ජාලිකයෝ!


      Delete
    3. අද ලෝකයේ ජාතිකත්වය ගැන කතාකරන ප්‍රධාන පුද්ගලයන් පස්දෙනකු සිටිනවා. රුසියාවේ පුටින්, චීනයේ ජින්පින්, එක්සත් රාජ්‍යවල ට්‍රම්ප්, පිලිපීනයේ ඩුටර්ටෙ හා ලංකාවෙ මහින්ද. මේ පස්දෙනාට බිහිවෙමින් පවතින ලෝකයකට මග පෙන්වන පංච මහා පුරුෂයන් විය හැකියි. අපි බලන් ඉඳිමු.

      - නලින් ද සිල්වා

      Delete
    4. ඕක අස්සට මහින්දවයි, අර ඩුටර්ටෙ කියන පිස්සවයි ගැහුවා ම හරියට රුපියල් අස්සෙ අලුක්කාල් ගැහුව වගේ.

      Delete
    5. ඕකට ස්වාසිලන්තෙ බුවා සෙට් වෙන්නෙ නැද්ද. අන්තිම දෙන්න එක්ක සෙට් වෙන්නෙ එයාල.
      එතකොට උතුරු කොරියාවේ ජොන් උන් මාලෙ බුවා එක්ක ඕන තරම් ඉන්නේ.

      Delete
  5. ඩොනල්ඩ් ට්‍රම්ප්ට්ට සහ බිල් කොස්බිට එන ලිංගික අතවර චෝදනා පිලිගන්න අමාරුයි... ඇයි එහෙනම් ඒවා ඒ කාළෙම කිව්වේ නැත්තේ.. පබා බබත් දැන් බයිලා ගහනවා..

    ඔය තත්වය මෙහේ තිබුනා නම් මහින්දට, විජය කුමාර්ණතුංගට, අර්ජුණට, කෙහෙළියට, වෙල්ගමට, සරත් අමුනුගමට එහෙම කවදාවත් දේශපාළනේ කරන්න වෙන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. උන් විතරයැ බං, ඔය වාමාංශික, ජාතිවාදී ආදී හිඟන්නන් පවා ගෑනු පෙරේතයො.

      Delete
    2. සගය මාතලන,

      "පබා" "අනකල්" ඈ කතුන් පොදු දේපලය. යමකු පොදු දේපල අපහරණය කරන්නේ නම් අන් අයවලුන්ට ද පාඩම් ලෙස උන්ට "පොදු දේපල පනත" යටතේ දැඩි දඬුවම් පැමිණවිය යුතුමය.

      - මයුරවිල මි.

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
    4. ඉහත ඇනෝගෙ (AnonymousNovember 11, 2016 at 12:24 PM) කොමෙන්ට් එක හරි වැදගත් මටනම්.
      මුලු අම්මට සිරි ලංකාද්වීපයේම සමස්ථ සමජයේම පැතිකඩක ස්වභාවය නිරූපනය වෙනවා. අපේ සමාජයේ බොහොමයකම ඇති කුහක කම, සාමාජීය වයිරය, අරක මේක හැම දෙයක්ම.
      අබම සරණයි

      Delete
    5. සගයිනි,
      නොසරුප් බසින් ආලෝචන නොමනාය. එසේම පැරකුමුගේ මාපිය - අඹුදරු සබැඳි ආලෝචන පිලිකුල්කොට සලකන අතර ඒ තරයේ හෙලාදකිමි. මම ද පැරකුමුගේ මතවාදයනට ඇතැම්විට තදින් පහරදෙමි. නමුත් ඉහත ලෙස නම් නොවේ.
      -මයුරවිල මි.

      Delete
    6. //සගයිනි,
      නොසරුප් බසින් ආලෝචන නොමනාය. එසේම පැරකුමුගේ මාපිය - අඹුදරු සබැඳි ආලෝචන පිලිකුල්කොට සලකන අතර ඒ තරයේ හෙලාදකිමි. මම ද පැරකුමුගේ මතවාදයනට ඇතැම්විට තදින් පහරදෙමි. නමුත් ඉහත ලෙස නම් නොවේ.
      -මයුරවිල මි. //

      ++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    7. සගය පැරකුමුව,

      මේ කව අමතක වූ සැටි.

      "සතතින් පවන් අඹ කොළ බුදින තවසර
      දැහැනින් මිදෙත් දුට ලෙල දෙන ලිය තඹර
      බුදිමින්න යමෙක් කිරි තෙල් දී ඈ අහර
      ඉඳුරන් දමත සිඳු ඉපිලෙව් මදරගිර"

      යමක් පැවසුව මනාය.

      - මයුරවිල මි.

      Delete
    8. සෝදුපත යැ:

      "සතතින් පවන් අඹ කොළ බුදින තවසර
      දැහැනින් මිදෙත් දුට ලෙල දෙන ලිය තඹර
      බුදිමින යමෙක් කිරි තෙල් දී ඈ අහර
      ඉඳුරන් දමත සිඳු ඉපිලෙව් මදරගිර"

      - මයුරවිල මි.

      Delete
  6. ගැහැනු පිරිමි ලෙස ලිංගිකව ඇති වෙනස්කම් ගැන කතා කිරීම යනු ස්ත්‍රී විරෝදය නෙවෙයි. එහෙනම් ගෑනුන් ගෑනුන් ලෙස පිරිමින්ගෙන් වෙන්කර හඳුනා ගැනීමත් ස්ත්‍රී විරෝධයක් වෙන්න ඕනේ. මේ වගේ මෝඩ කතා හිතේ අමාරුවට කියන්න එපා බන්. ලෝකයේ විවිධාකාර දේවල් ගෑනු පිරිමි බව අනුව එකිනෙකාට ගැලපිලා තියෙනවනේ පැරෝ ඒක ලෝකේ ස්වභාවයක් ජනාධිපතිකමටත් හිලරිට වඩා ට්‍රම්ප් ගැලපෙනව

    ReplyDelete
    Replies
    1. කවුරුද කියන්නේ ලිංගික වෙනස්කම් ගැන කතා කිරීම ස්ත්‍රී විරෝධය කියලා. ස්ත්‍රී විරෝධය වෙන්නේ ස්ත්‍රීන් පහත් ය පිරිමින් උසස් ය කියන අදහසයි. ඕක අනෙක් පැත්තට කිව්වත් වැරදියි. මේකට තමයි සෙක්සිස්ම් කියන්නේ.

      අනෙක මගේ හිතට අමාරු වෙන්න හිලරි මගේ කවුරු ද? ඒ වගේ ම මම ඇමරිකන් පුරවැසියකුත් නෙමෙයි.

      මම කරන්නේ දේශපාලනයක්. ඒකෙදි මම ජාතික, වාර්ගික, ස්ත්‍රී-පුරුෂ, ප්‍රදේශ, කුල, ආගම්, පාසල් ස්වෝත්තමවාදයන්ට විරුද්ධව හැමදාමත් සටන් කරනවා.

      ඇමරිකන් ජාතික ස්වෝත්තමවාදයේ නැගීම ඔය කියන තරම් සිංහලයන්ට හිතකර එකක් නෙමෙයි. අහිතකර නො වෙනවා නම් එහෙම නො වෙන්න එක ම හේතුව ට්‍ර‍ම්ප් සිංහලයන් ය කියලා ජාතියක් ඉන්නවා ය කියලා දන්නෙවත් නැති එකයි.

      දන්නවා නම් එයා බොලාට පුකෙනුත් හිනා වෙයි අනේ මෙහෙමත් බීෆ්ලා තවම ලෝකෙ ඉන්නවා ද කියලා.

      Delete
    2. "අනේ මෙහෙමත් බීෆ්ලා"
      කව්ද බං බීෆ් කියන්නෙ හරක්ද. එළ
      දැන් සරසය එතකොට අර අහිංසක මනුස්සයට බීෆ් විජේසූරිය කියල කියයි

      Delete
    3. මෙහෙම දෙයක් තියනවා අජිත්.

      අපි කැමති වුනත් නැතත් ඇමරිකාව කියන්නෙ "ලෝක සංස්කෘතික බලවතා." ඇමෙරිකානු සමාජය තුළ "ඇමරිකන් ජාතික ස්වෝත්තමවාදයේ" නැගීම මම විශ්වාස කරන විදියට අනෙක් සමාජ වලටත් බලපානව. ට්‍ර‍ම්ප් බලයට පත්වීම සිංහලයන්ට හිතකරද නැද්ද කියන්න තාම කල් වැඩියි. නමුත් මේක යම්ත උත්තේජකයක්ම වෙලා ශක්තිමත් නායකත්වයක් යටතේ "ජාතික ව්‍යාපාරයක්" බිහිකර ගත යුතුය කියන එක ක්‍රමයෙන් මුල්බැස ගන්නව.

      ඒ වගේම අමතක කරන්න එපා සිරිසේන කියන්නෙ බහුතරයේ සුලුතරක සහ සුලුතරයේ බහුතරයක එකතුවෙන් බලයට ආපු නායකයෙක් කියන එක. රටම "එක චන්ද කොට්ටාශයක්" විදියට පවත්වන මැතිවරණයකදී ඒක වෙන්න පුළුවන් වගේම ඒකෙ න්‍යායික වැරද්දකුත් නැහැ. නමුත් ශ්‍රී ලංකාව වගේ රටකදී බහුතරයේ බහුතර කැමැත්තක් නැතුව රාජ්‍ය නායකයා ලෙස ප්‍රායෝගිකව කටයුතු කළ හැකිද කියන ගැටලුව මතුවෙනව. ඒ තබා සිරිසේන ජනාධිපතිවරයාට ශ්‍රීලනිප තුළවත් බහුතරයේ සහයෝගයක් නැහැනෙ.

      -මොණරවිල

      Delete
    4. // AnonymousNovember 11, 2016 at 12:12 PM
      "අනේ මෙහෙමත් බීෆ්ලා"
      කව්ද බං බීෆ් කියන්නෙ හරක්ද. එළ
      දැන් සරසය එතකොට අර අහිංසක මනුස්සයට බීෆ් විජේසූරිය කියල කියයි //

      පිස්සුද මචන්?

      විජේසූරිය කාරයා පෝක් වෙන්ඩෝනෙ...

      මහාචාරිය පෝක් විජේසූරිය... ලස්සනයි නේ?

      Delete
    5. සාරසයෙනි,
      මෙසේ ලිවහොත් කෙසේද?

      "පෝක් විජේසූරිය ෂෝක්"

      -මයුරවිල මි.

      Delete
    6. පැරකුම් උඹ ඔය සටන් කරනවයි කියන වාද වලට ජාත්‍යන්තරවාදය එතකොට ඒ ජාත්‍යන්තර වාදීන්ගේ ස්වෝත්තමවාද එතනින් ගියහම සමලිංගික උත්තමවාදය LGBT උත්තමවාදය වගේ දේවල් අයිති වෙන්නේ නැද්ද?

      Delete
    7. ජාත්‍යන්තරවාදී ස්වෝත්තමවාදයක් ලෝකෙ කවදාවත් තිබුණෙ නැහැ.

      සමලිංගික ස්වෝත්තමවාදයක් පවතින්න විදියක් නැහැ. කොණ් කරන ලද ප්‍රජාවකට ස්වෝත්තමවාදී වෙන්න බැහැ. මොකද ස්වෝත්තමවාදය කියන්නේ පෞද්ගලික අදහසක් නෙමෙයි. ඒක සමාජ ප්‍රපංචයක්.

      අනෙක වාදය කියලා තිබුණ පළියට හැම එකක් ම නිශේධාත්මක වෙන්නෙ නැහැ. උදාහරණ: සමානාත්මතාවාදය

      Delete
  7. // ඇමරිකන් ජාතික ස්වෝත්තමවාදයේ නැගීම ඔය කියන තරම් සිංහලයන්ට හිතකර එකක් නෙමෙයි. අහිතකර නො වෙනවා නම් එහෙම නො වෙන්න එක ම හේතුව ට්‍ර‍ම්ප් සිංහලයන් ය කියලා ජාතියක් ඉන්නවා ය කියලා දන්නෙවත් නැති එකයි. //

    තව දින කීපයකින්, ට්‍රම්ප් තුමා අමෙරිකාව ඇන් ජී ඕ වලට සල්ලි දෙන පර්ස් එක අතට ගත්තාම, පැරා තුමා ට්‍රම්ප් තුමා ගේ බෝසත් ගතිගුණ සහ එතුමා කොපමන සිරි ලන්කාවට ආදරේද කියා බ්ලොග් පෝස්ට් දමනු ඇත...


    අල්ලමුද ඔට්ටුවක් හිටන්?


    ReplyDelete
    Replies
    1. ඇමරිකාව සල්ලි දෙන එන්ජීඕ කීපයක නම් කියන්න පුළුවන් ද ඔයාට?

      Delete
    2. ඔන්න මාත් ඇප්ලයි කොරන්නයි යන්නෙ හිටන්!

      June 19, Washington, DC: The United States has called for proposals from non-governmental organizations (NGOs) for projects on Democracy, Human Rights and Rule of Law in Sri Lanka.

      http://www.colombopage.com/archive_15B/Jun19_1434654584CH.php

      Delete
    3. https://www.fundsforngos.org/media-2/u-s-department-state-bureau-drl-strengthening-investigative-journalism-sri-lanka/

      Deadline: 23 March 2016

      The U.S. Department of State Bureau of Democracy, Human Rights and Labor (DRL) is seeking proposals from organisations with an objective to increase capacity of Sri Lankan media and strengthened investigative journalism.

      DRL seeks proposals for activities that focus on building the capacity of journalists to provide quality, impartial reporting across a variety of media platforms with a special emphasis on investigative journalism

      Delete
    4. නැහැ නැහැ දැන් ඔයාට සල්ලි දෙන්නෙ එන්.ජී.ඕ. නෙවෙයි අයි.එන්.ජී.ඕ.

      ඔයා බාර ගත්ත අලුත් කන්ට්‍රැක්ට් එක කරනවට දීපු ඇක්වා එක හංගගෙන බොරුවට මිනිස්සු රවට්ටන්න මරුටුවල යන්න එපා. අර එදා ඔයා ඔයාගෙ ළමාතැනීවයි දරු පැටවු දෙන්නවයි දාගෙන ඇක්වා එකේ කළුතර පන්සල් ගිහින් ආවා වගේ අනිත් ගමනුත් ඇක්වා එකේම යන්න. ඔයාට හෙණ ගහනවා අපේ රටජාතිය ආගම විකුණන් කන එකට.

      Delete
    5. http://www.state.gov/j/prm/funding/fy2016/255376.htm

      FY 2016 Notice of Funding Opportunity for NGO Programs Benefiting Tibetan and Sri Lankan Refugees, IDPs, and Returnees in India, Nepal, and Sri Lanka

      අපි දෙන්නම එකතු වෙලා ඇප්ලයි කොරමුද පැරා තුමෝ?

      Delete
    6. පැරාට අලුත් බ්ලොග් එකට සල්ලි දුන්නෙත් ඒ අය තමයි. පැරා ඒ සල්ලි ගන්න රට පවා දීලා ලිව්ව ප්‍රජෙක්ට් රිපොර්ට් එක ලීක් වෙලා තියෙනිනේ. පැරා, සහගහන වැඩ ඕවා.

      Delete
    7. මරුති 800, ඇක්වා...
      දැන්නම් කොයිල් වගේ... හෙහ් හෙහ්...

      Delete
    8. ඇක්වත් කාර් ද බං? අනේ උඹල දන්න තරම.

      මං වැඩට යන්නේ එන්නේ කෝටි ගානක් වටින එස් ඉලෙවන් එකක.

      Delete
    9. පැරාගේ අලුත් කාර් එක DATSUN Redigo එකක්.

      Delete
  8. “ආරාධනා ......ආරාධනා......
    පාලනයේ වහ දැක අපි අතරමං වෙලා
    අයවැය දැක සුසුම් හෙලන හදවත සනහා
    අපේ රටින් ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න
    ආරාධනා...... ආරාධනා......

    නෙලූ සුපෙම් කැටයම් හද පවුරැ තලාවේ
    මැකී ගියාදෝ වහපාලනේ වෙරළේ
    වහපාලන කෙටි ගමනින් අනාත වූ දා
    සෙනේහයේ පියුම් කැකුළු දසත පිපේවා
    ආරාධනා ......ආරාධනා.......

    එදා සොඳින් වෙසුනෙමු අප සැම දිවි අරණේ
    ඔබේ උණුසුමේ යළිදු උපන්නෙමු
    රට හඬවා රජ දහනින් ඔබ සමුගත් දා
    පැතුවෙමු ඔබ පහනින් යළි එළිය ලැබේවා
    ආරාධනා ......ආරාධනා.......”

    - මයුරවිල මි.

    ReplyDelete
    Replies
    1. පැරදුනේ මං
      නැති උනේ මං
      උම්බ්ලට නං
      මොකද ඉතිං

      මීට,
      එතුමා

      - කඩවත පියසේන

      Delete
  9. We must respect women. Hilary can go courts under sexual harrasment. J ovitige.

    ReplyDelete
  10. ට්‍රම්ප් ලංකාව කියල රටක් තියෙනව කියල දන්නවද දන්නෑ

    ReplyDelete
    Replies

    1. දන්නවා... එයා චන්ද්‍රන් රත්නම් මහත්තයගෙ චිත්‍රපටියකත් ට්‍රම්ප් මන්දිරේ ඉඳන් රඟපාලා තියෙනවා හිටන්!

      Delete
    2. චන්ද්‍රන් රත්නම් එයා ලංකාවෙ කියල කිව්වද දන්නෑනේ ;-)

      Delete
    3. හෙන්රි ජයසේන කියන්න ඇති නේ... ඒයත් රඟපාල තියෙනවා හිටන්!

      Delete
  11. හරි කියපන්කො බලන්ට මොකටද මේ පොස්ට් එක දම්මේම කියල.
    උඹලට පුලුවන්ද ඇමරිකන් කාරයෝ හදන්ට.
    උන් කරනදේ උන් කරනවා උඹල මෙතන මොන බයිලා කිව්වත්. අඩුම ගානේ ඉංග්‍රීසි බ්ලොග් එකක වත් ලියපන් උන්ට බලාගන්ට.

    මෙච්චර ලංකාවේ ප්‍රශ්න තියෙද්දී ඇමරිකාවේ දේවල් හදන්ට යනවා.
    පිස්සු නැත්තම් හොඳා

    ReplyDelete
    Replies
    1. ලෝකෙ වෙන දේවල් ගැන අපි කතා කරන්නේ ඒවා දැනගෙන අපි හැදෙන්න. අනෙක ලෝකෙ කියන්නේ දැන් තනි යායක් මිසක් ලංකාවෙ සමහරු හිතන් ඉන්නව වගේ සත් සමුදුරින් වට වුණ දූපත් ගොන්නක් නෙමෙයි. ඒක නිසයි රාවයේ විදෙස් පිටුවට (ඇත්තම කියනවා නම් පිටු බාගෙට) තනියාය කියන නම දාල තියෙන්නෙ.

      Delete
    2. // ඒක නිසයි රාවයේ විදෙස් පිටුවට (ඇත්තම කියනවා නම් පිටු බාගෙට) තනියාය කියන නම දාල තියෙන්නෙ. //

      අපි නම් හිතන් හිටියේ තනියා ය කියන්නේ රැලෙන් එලවපු අලි නාම්බෙක් ට කියලා ...

      පැරා තුමා ලෝක විචාරේ ලියන එක අපිට කොපමන ආඩම්බරයක් ද !!

      කනගාටුවට කාරනේ තමා දැණ් ඔයි ට්‍රම්ප් ගොයියා ජනාදිපති වුනාම ලෝකේ පැතලියි කියන කස්ටිය බලය ලබා ගත්ත නේ හිටන්!

      Delete
    3. අජිත්,

      ඔබගේ පිළිතුරට බොහොම ස්තුතියි. මොකද, බොහොම දෙනෙක් තමන්ගේ මතයට විරුද්ධ දෙයක් කොමෙන්ට් කලොත් එය මකා දමනවා. මේ බ්ලොගය මම අත්දැකපු පරිදි සංවාදයට විවුර්තයි.
      ඕකේ, දැන් එමු කාරණාවට.

      මේ ලෝකේ අල්ලලදාමු. මේ ලංකාවේ වටපිටාවේ වෙන දෙයක් කවුද ඉගනගත්තේ. එහෙම ඉගෙන ගත්තානම් ලංකාව මීට වඩා බොහොම ඉදිරියෙන් තිබිය යුතුයි. අනෙක් රටවලුත් මිට වඩා බොහොම දියුණු විය යුතුයි දැන් බලන්ට ඔබගේ කලින් පොස්ට් එකේ සඳහන් කල සවුදි අරාබිය. ඇයි එම රටේ වෙනත් රටවල් ගැන කිසිම දෙයක් පළවෙන්නේ නැත්ද? එම රටේ කාන්තාවකට අඩුම ගන්නේ නිත්‍යානුකුලව වාහනයක් පදවන්ට පුලුවන්ද?
      අනෙක, මේ ලෝකේ දැන් තනි යායක්, එකම ගම්මානයක් කියන එක බොරුවක්. අන්තර්ජාලයෙන් අපිට ලෝකයේ ඕනෑම තැනකට සම්බන්ධ වෙන්ට හැකියාව තිබුනට, මිනිස්සුන්ගේවත් රටවල්වලවත් අනුන් කෙරෙහි තිබෙන ආකල්ප කිසි විධියකින් වෙනස් වෙලා නැහැ.
      දැන් ඉන්දියාව ගනිමු. අපිට අල්ලපු රට. වීසා නැතිව අපිට එහෙ යන්ට පුලුවන්ද? කොහොමද අපි ඉන්දියානුවන් ගැන හිතන්නේ. කෝ එතකොට ඔය තනි යාය?
      ඕව සේරම මේ අපිට කියන බයිලා.
      අජිත් ඕවට අහු වෙන්ට එපා.

      Delete
    4. අපට වීසා නැතිව වෙන කිසිම රටකට යන්නට බැරි වෙන්නට හේතුව මොකක් ද? අපේ මිනිස්සු මේ දූපතෙන් එළියට ගියොත් ආපහු එන්න කැමති නැතිකම. ගියොත් ගිය තැන පැළ වෙන නිසා තමයි ලංකාවෙ එවුන්ට වීසා ගන්නට වුණත් ඔච්චර අමාරු.

      Delete
    5. අජිත් බාගෙකට විතරයි උත්තර දීල තියෙන්නේ.
      එම බාගේ ගැනත් වැරදි දෙයක් කියල තියෙන්නේ.
      එක්සත් රාජධානියේ (එංගලන්තේ) ඉඳල ලංකාවට එනකොටත් ලංකාවෙන් විසා එකක් ගන්ට ඕනේ.
      ඇයි ඒ රටේ එවුන් ලංකාවට ඇවිත් පැලවෙන නිසාද?
      මේ ලෝකේ ඔය කිව්වට ඇති තනි යායක්, එකම ගම්මානයක් නැහැ අජිත්. ඔය කතාවම ලෝක බොරුවක් මේ මෝඩයන් රවටන්න කියන.
      අජිත්ලත් නොදැනුවත්ව මේවා සමාජ ගත කරනවා.

      Delete
    6. මොන තනි යායක්වත් නැහැ.. ඕවා යුරෝපයේ ඉන්න අපේ එවුන්ගේ සිහින රාජ්‍යය. අමු බොරු. අපේ එවුන්ගෙන් අහපන්, ලංකාවේ එකෙක්ව මෙහේ ගෙන්න ගන්න කට්ට. මෙහේ ඉන්න, මෙහෙ සෙට් වෙන්න අලුතෙන් ආපු තරුනයෙකුට මේ රටේ ඉන්න අපේ එවුන්ගෙන් සපෝර්ටින් ලියුමක් ඉල්ලලා බලපන්. ලොක්කලා මාරු. මේ පඩ ටෝක් සහ ලොකු ටෝක්.

      Delete
    7. තනි තනියෙන් ගොඩයන්න හෝ තනි තනියෙන් සර්වයිව් වෙන්න හදන රාජ්‍යයන් හා පුද්ගලයන්. ඕකයි කතාව,

      Delete
  12. ක්‍රිෂාන්ති රාජපක්ෂ කියන කුලියට ලියන්නිය ගැන කවුරුත් දන්නවද ? ඩොනල්ඩ් ට්‍රම්ප්ව ඇමරිකානුවො ජනාධිපතිකමට පත්කර ගත්ත එකට මේ ගෑණිට පුදුම පුකේ අමාරුවක් හැදිලා තියෙන්නෙ. යකෝ ඇමරිකාවෙ උන් ජනාධිපතිට පත් කරන්නෙ උන්ට ඕනෙ උන් මිසක්, ලංකාව වගේ 3වෙනි ලෝකෙන් පැනපු නැට්ටුක්කාරියොන්ට ඕනෙ උන්යැ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා