නිතර ලංකාවට එන යන සංචාරක කුරුල්ලන් දෙදෙනෙක් (කාටුන්)

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. අන්නෙකයි ඇත්ත.

    ReplyDelete
  2. මයුරවිලයි කුඩුලාගමයි චිත්‍ර බලනවද​?

    ReplyDelete
    Replies
    1. ලොව පරකාස පතමින් ලොව සැරිසරන
      රටටම මරගාතයක් වී ඇති මේ දුදන
      පාලං කොකුන් සම විහඟුන් නරඹමින
      ජනකැල රොස වඩයි නිති මැලවුන වතින

      - මයුරවිල මි.

      Delete
    2. මී රසහව් දත් මා සන් මිතු මයුරවිලයනට උපහාර වේවා!
      ================================================

      සබඳ මයුරවිලයෙනි,

      ඔබ පෙර දිනැ රසාකර සිතුම් ජයසෙනයන අලළා කළ සිහි කැඳවුම නම් අගනේ යැ. මම මහත් සේ රසවිඳියෙමි. මධුපානෝත්සව හෙවත් මී බී කෙළි වූ කලී පෙරපර දෙ‍දිග සත් සාහිත වහ‍රැ මහරු කිරියකි. ඒ වූ කලී හුදු මී රස විඳුමෙක් නො වැ මී රස, ගී රස, සුබැසි රස ඈ නන් රස වගුරුවන රසහමුවෝ යැ. එදවස සැඳෑ කලැ බේරේ මහ නිවසැ පියගැට පෙළ බැස යන කාරියකරවනයෝ ද මී රස විඳුම් ලොවැ මීපල් වන් මීමනයෝ ද උනු පුත සුනිල මාධවයෝ ද සඳමිණ මානවසිහයෝ ද ඈ සුවියත් පරපුරෙක් මී රස විඳුමට සිතැති වූවෝ යැ. මිහිඳු අබසොඳුරැවෝ ද අමතක කළ යුතු නැති රසවතෙකි. මී රස විඳුමැ මා දෙවැනි ගුරු වන් කරුණරතන අමරසිහයෝ නම් කෙදිනකැ හෝ මතකයෙන් නො ගිලිහෙති. පත්තරකාරයනට “බෝතලපත්තරකාරයන” යැයි කීම එකල ගරැ බුහුමනෙක් යැ. අනඳ කේ. විජයතුඟු හෙවත් බණ්ඩාරේ අනුයමින් “ඔබත් මමත් එක් කළේ ද බෝතලය යි; ඔබත් මමත් වෙන් කළේ ද බෝතලය යි” පැවැසිය හැකි යැ. හිරැ අවරඹරැ රඳනා කල ඇරඹෙන බෝ මී රස විඳුම් වාද-විවාද, විචාර-ප්‍රතිචා‍ර, රොස්-පරොස්, තුටු-මනතුටු කැරැ සඳ අවරඹරැ රඳවා නිම වේ. ‍එනයින් වැඩෙන සත් පිබිදුම අපමණ යැ. අජිත සමරනා ළබැඳියන හැඳින සිටි මී රස විඳුම අජිත පැරකුමුවෝ නම් නො දනිති. එනිසා පැරකුමුවෝ රසාකර සිතුම් ජයසෙනයනට ගරහති. පැරකුමුවෝ සිතන්නෝ මී රස විඳුම යනු තුමු කසිප්පු කට ගොන්නක බී, රබර වතු මැදැ වැදැ, සරම බිම ‍ෙහළැ, බමන මතින් බහු රූ නැටුම වැන්නෙක් බව යැ. අහෝ! විකල දන; දනෝ දද!

      පිය සබඳ මයුරවිලයෙනි, මී රසයෙන් රසයෙන ඔබ සත් සාහිත ලෝලයට පුද පිණිස මම මෙදවසැ මී රස විඳුම ගැන ගැදි පබඳෙක් ලියමින් සිටිමි. නුදුරැ මැ පළ කරමි. පරසතු මලින් පුද ලද යුතු ඔබ, වනපස මලින් පුද ලද යැයි රොස්පරොස් නො වනු මැනැවි.

      සබඳ මයුරවිලයෙනි, ඔබ විසින් අප ගුරුදේවයනගේ මිණි පබඳෙක් වන “ගුරු ගුණ සමර” සිහි කරන ලද යැ. මාහැඟි යැ. නුගවෙලයන් විසින් විමසෙන සාවිත්‍රී වි. ඇල්ලේපොළ ගූණසේකර සිරිමතියගේ හිමිසඳ වූ රාජා ගුණසේකරයන පිළිබඳ ගුරු ගුණ සම‍රැ සඳහන් යැ. සරච්චන්‍ඳ්‍රයෝ ලලිතාවන සමඟ ඇමෙරිකාවැ සිට සිය රට එන්නෝ මඳ කලකට එංගලන්තයැ ගුණදස් අමරසෙකරයන ඇසුරැ වසන්නාහ. එකල ‍ගුරුදේවයෝ ද එංගලන්තයැ අදියුරැවැ යැ. සරච්චන්‍ඳ්‍රයෝ එදවස රවුළ වඩවා සිටියහ. එසිරි දුටු ගුරු දේවයෝ “සර් දැන් ඩී.එච්. ලොරන්ස් වගේ නේ” යැයි පවසන්නෝ “නැහැ. රාජා ගුණසේකර වගෙ යි කියන්න” යැයි සරච්චන්‍ඳ්‍රයනගෙන පිළිවදන් ලබන්නාහ. රවුළ වැඩුම එකල පකට වැ තිබිණ. සොබන මනමේ කුමරියක වූ ට්‍රිලීෂියා ගුණවඩු සිරිමතියගේ පියසබඳ අරියසෙන ජයසෙකර ගුණවඩුවෝ ද පකට රවුළක් වැඩූ සුධීමතෙක් වූහ.

      මා පිය සබඳ මයුරවිලයෙනි, ඔබගේ රසබර, හරබර මිණි පබඳෙක් කියවනු රිසි වැ මම නවතිමි. මයුරවිලයන ද සරසයන ද නොමැති වූයේ නම් කදලාගම ද මෙහි එනු රිසි නැති යැ. පැරකුමුවන බලා සිටිනුයේ මා ද රෝ. භා. අබවඩුවන වන බවට දුර්මත පතුරුවා නැති ගැටුම් ඇති කරන්නට යැ. දුටු යැ; පටු යැ; පවිටු යැ. මතුගම පැරකුමු‍වන නො දනින මී රස විඳුම පිළිබඳ ඒ රස දනැ සිටි දඹදෙණි පැරකුමුවෝ මෙසේ පවසති:

      “ඉති පිවිතුරු ගදෙව් - නෙත් නන්අවන්කෙළියෙන්
      මිහිමත කලුන් ඉහි රජ - අවරඹරෙ සඳ රැඳවි”

      දඹදෙණි පැරකුමුවෝ කලිකාල සාහිත සර්වඥ පණ්ඩිත යැ. මතුගම පැරකුමුවෝ කවරෙක් ද? යැයි සබඳ මයුරවිලයෝ දනිත් ද?

      බන්‍ධුල කුදලාගම,
      ‍සදම්ටනය.

      Delete
    3. මතුගම පැරකුමුවෝ පෙර කලැ විසූ මහ වැව් බැඳි මහ පැරකුමුවනට සම වෙති.

      ඒ මහ පැරකුමුවෝ එකල "අහසින් බට එක දිය බිඳකුදු නිෂ්ප්‍රයෝජනව ගොළු මුහුදට නොයවමි" යි යන අදිටනින් යුතුව ක්‍ර්‍රියා කළ හ. මේ පැරකුමුවෝ යතුරු පුවරුවෙන් කෙටෙන එකදු සිංහල යුනිකේතයක් හෝ නිෂ්ප්‍රයෝජනව තිබෙන්ණට ඉඩ නොහරිමි යන අදිටනින් යුතුව ක්‍ර්‍රියා කරති.

      Delete
  3. මරු අප්පා.... එන්ඩමික් බර්ඩ්ස්ලා දෙන්නෙකුට ගිය කළ

    ReplyDelete
  4. ගිය ගිය තැන වර්චස් කරගන්න යන යන තැන හොට පටලෝ ගන්න කුරුල්ලෝ දෙන්නෙක්

    ReplyDelete
  5. යහපාලන කුරුල්ලා
    පිටරට සිට ඇවිල්ලා
    මහබැන්කුව හිස්කොරන්න
    අඬර දඟර ඇයි...

    බලාගෙනයි
    ගෝටා තුමා පානචිකා පිටේ නැගල එයි...!
    සිවිල් සමාජේ හරක් ව
    පුස්සි කොරල යයි...

    ReplyDelete
  6. එක කුරුල්ලෙක්ගේ නම
    " වතනිල් හැමදේටම එහෙයියා"
    අනික් කුරුල්ලගේ නම
    "හරිත ගෝමරැති තැනේට ඇනගසයියා"

    ජයවේවා!!!

    ReplyDelete
  7. Kurullo witharai enne. Wena monawath naha.

    ReplyDelete
    Replies
    1. kurullo gana magulak newei manussayo meke kiyanna haddanne.

      Delete
    2. @ Anonymous November 7, 2016 at 10:40 PM

      පොලීසියේ RPC කමටත් interview ගිහින් එකෙනුත් reject උනාම ජීවිතේ කවදාවත් නොලැබෙන සිවිල් වටිනාකමක් ලබාගන්න දවල් හීන මවමව රාවයට ගිහින් තුට්ටු දෙකට කැඹුරුවට කෙනෙක් පොරක් වෙන්නෙ නෑ එහෙම හිතන් හිටියට. හරියට ගොනාගෙ අහවල් දෙක වැටෙනකන් පිටිපස්සෙන් ගිය නරි ජෝඩුව වගේ.

      නමුත් වික්ටර් අයිවන් පොරක්. අපි මිනිහට කැමති උනත් නැතත්. දැන් මේ රාවයෙ ඉන්න අර රෙදි අපුල්ලපු "අහවල් ගෙදර" පරම්පරාවේ එවුනුත් එනව සමාජෙට ගුරුවරු වෙන්න. මුන් තියා අර ජනරන්ජනයටවත් වික්ටර් එක්ක හැරෙන්න පුලුවන්ද ?

      ඒ හින්ද ඇනෝ කලබල එපා. සුද්දට රට ගියාම ප_දට උඩ ගියා කිව්වලු නෙ.

      Delete
    3. මේ වගේ සරල ව්‍යංග්‍යයක්වත් තේරුම් ගන්න බැරි ප්‍රබුද්ධයොද දැන් රාවයේ ඉන්නේ? මෙයාව හොඳනැද්ද දිවයිනට දාන්න? අර පැනමා පේපර් ටික පිට කරපු මිනිහවත් හොයල ලෝකෙට කියුව මහා ගවේශනාත්මක මාධ්‍යවේදී කීර්ති වර්නකුලසුරියගේ දෙවෙනියා විදිහට?
      http://www.asianmirror.lk/media-quality-watch/item/15971-sri-lankan-newspaper-discover-panama-papers-whistle-blower

      Delete
    4. @AnonymousNovember 7, 2016 at 11:49 PM
      aniwa!!!

      Delete
    5. මෙයා මාර මානව හිතවාදියෙක් නේද ?? හැබැයි මෙයා ලෝඩ් නෙල්සන් වගේ - එක ඇහැක් වහගෙන ඉන්නේ - තනි ඇහෙන් තමයි ලෝකය දකින්නේ ( එහෙම නැතිනම් ඇස් දෙකම පෙනුනත් එකැස් රඟපෑමක් කොරනවද දන්නෙත් නෑ - ලාබයි නේ)
      හැබැයි පුතෝ බලාගෙනයි ඔඩිසියුස් කෙනෙක්ට අහුවෙන්න පුලුවන් :)

      Delete
  8. නියමයි පැරා..
    ජයවේවා..!!

    ReplyDelete
  9. හාස්‍යයක් රසයක් ගෙනදෙනව තමයි.

    ඒත් ටිකක් හිතල බැලුවම සරලමතිකයි කියල හිතෙනවා..

    - Dimithri

    ReplyDelete
  10. සදම්ටනයේ සිටිනා අපගේ ටන් ටන්
    කුදලාගම මැතිනිදු පමුකව ටින් ටින්
    මයුරවිලයි සා රස සමගින් ටුන් ටුන්
    ඇනස්ලි, බර්ටි, සැමුවෙල් තුන පරදයි දැන්!

    මාරවිල ඇන්ටන්

    ReplyDelete
  11. මාරවිලින් මතු වන කිවි ඇන්ටනය
    නුඹ පද ගැළපුමින් අප සිත රසයනය
    එපද අමා රස විඳ කරනා අගය
    සරස, මයුරවිල හා කුදලාගම ය

    දෙස බස රැස රකින්නට ඔබ සිත රිසි නම්
    අලව් විමන වැද සටනට හද දිරි නම්
    නෙළුම් කැකුළ ගෙන යන්නට මන තුට නම්
    එක් වන්නට කියා කරනෙමු මේ ඇරයුම්

    සාරසයෙනි... මයුරවිලයෙනි... මාරවිල ඇන්ටනයට කවි දෙපදක් යොමු කළ මැනැවි.

    ReplyDelete
    Replies
    1. ඇන්ටනියනි කවි බඳිමින් මාරවිල
      නියම්ගමේ තරුවක් වී සිටිනකල
      පැරා තුමා ගේ වියුනුව එලියකල
      රස කවි වලට නවමුය හිස හවුලු හෙල!

      කුදලාගම සමග මයුරවිල වැනි දෑ කැමැතී
      සුදීමතුන් සමග සර ස තුම මිතුරු වෙතී
      හෙල දද නගා ජයගෝසා පතුරවතී
      ඇන්ටනයනුත් එකතු වෙත් නම් අප කැමතී



      Delete
  12. ඇන්ටන්, සදම්ටන්, සා රස, මයුරවිල
    එක්වී නගා කලතන හෙළ සයුරු රළ
    පිස්සු හැදිලා හොඳවෙලා ආයෙත් හැදිලා බෙහෙතුත් අරගෙන නැති ලෙඩත් හදාගෙන ඉන්නම බැරිතැන අඩියකුත් ගහල නිදාගෙන (මේක රැප් කෑල්ල හොඳේ)
    අපි රස විදින්නෙමු ඔබ දුන් අමා පල.

    ඔබට තැන්කිව් වේවා!

    ReplyDelete
    Replies
    1. හැට්ටර් තුමා විට්ටර් ගේ බාල මලූ
      පැරා තුමා ගේ වියුනුවෙ කොමෙන්ට් හැලූ
      කුදලාගම තුමා, සර ස සහ මයුරවිලූ
      තුන්කට්ටුවේ ආලෝචන රසය බැලූ


      හැට්ටරයනි ඔබේ රස කවි අගේ කර
      කුදලාගම තුමා සමගින් විල-මයුර
      බන්දා ඔබේ ගෙල මාලා කසුන් හර
      ගෙනදෙමි යහපාලනෙන් වටිනා බැඳුම්කර


      Delete
  13. දෙන්නගෙම යටි බඩ රතුයි නේද? ඒ ඇයි?

    ReplyDelete
    Replies
    1. දේශපාලකයන්ගෙ බඩවල් පිරිලා තියෙන්නේ මහජනයාගෙ රුධිරයෙන්

      Delete
    2. එතකොට ජේවීපී කුරුල්ලා අඳින්නේ තනි රතු පාටෙන් ද?

      Delete
    3. වහලා ඉන්නකොට නම් ඒ විදිය තමයි. හැබැයි ඉගිලෙන විදියට ඇන්දොත් යටින් පේන්නෙ නිල්, කොළ, කහ වගේ පාටවල්.

      Delete
  14. පැරා ‍ට චිත්‍ර ශිල්පය අතිනුත් කුසලතාවක් ඇති බව දන්නේ අදයි (කලින් මෙවැනි චිත්‍ර සටහන් කිහිපයක් දුටුවත් ඔබේ නිර්මාණයැයි සිතුවේ නැහැ)

    ReplyDelete
  15. කෝ අර මහා දේශද්‍රෝහි බ්ලොග්කරුවා ගැන කරනවා යයි කියපු හෙළිදරව්ව?

    ReplyDelete
    Replies
    1. සඳුදා නේ ද කරනවා කිව්වෙ? ලබන සඳුදා හරි ඊළඟ සඳුදා හරි බලාපොරොත්තු වෙමු.

      Delete
    2. වස්තුවේ විකාර නො දොඩා ඔයාගේ ඊ ළඟ ලිපිය පළ කරන්නකො. වස්තුව ගැන් ගෙවීමක් ලැබෙන බ්ලොග් එක ගැන විතර යි නේ ද උනන්ද?

      Delete
    3. කියනකල් හිටියෙ. ඔන්න දැම්මා.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා