ජාතික ප්‍රශ්නයට විසඳුම සියලු ජාතික අනන්‍යතාවලට ගරු කිරීම ද? පුළුල් දේශපාලන ප්‍රජා ගොඩනැගීම ද?

නිශාන්ත කුලරත්න විසින් සදාචාරමය භූමි දර්ශනය නමින් පරිවර්තනය කරන ලද සෑම් හැරිස්ගේ The Moral Landscape කෘතියෙහි ද මේ හා සම්බන්ධ  විය හැකි සාකච්ඡාවක් තිබේ.  
අප විසින් ටික දිනකට ඉහතදී ලියන ලද ලිපියකට ප්‍රතිචාර ලෙස නිර්නාමිකත්වයෙන් පළ කරන ලද පරිකතාවක පහත සඳහන් අදහස් ටික අඩංගු විය.


“අප පෙනී සිටින්නේ සියලු ජාතීනට තම ජාතික අනන්‍යතා ප්‍රවර්ධනය කර ගෙන අනෙකාගේ ජාතික අනන්‍යතාවනට ගෞරව කරමින් එක ම රටක් තුළ අවම සීමාකරණයකින් යුත් ස්වයං-පාලනයක් සහිත ව ජීවත් වීම සඳහා ය. දකුණේ පිසෙන සිංහල හාලේ සුවඳ මෙන් ම උතුරේ රත් වෙන තල තෙලේ සුවඳ ද මේ රටේ වා ගැබ පුරා පැතිරෙන සොඳුරු ශ්‍රී ලංකාව බිහි වන්නේ එමඟිනි. තමා ද ශ්‍රී ලංකා රාජ්‍යයේ සුජාත කොටස්කරුවෙකි යන හැඟීම දකුණේ සිංහල සහෝදරත්වයට සේ ම උතුරේ දෙමළ සහෝදරත්වයට ද එක ලෙස දැනෙන ඒ අනාගත සාර සමාජය තුළ “ලාංකික” අනන්‍යතාවක් බිහි වනු ඇත.

“අනෙකාගේ ජාතික අනන්‍යතාවල පැවැත්ම නො ඉවසන, නො සලකන, සහ ඒවාට ගෞරව නො කරන දකු‍ණේ මහා සිංහල ජාතිවාදයට සේ ම උතුරේ දෙමළ ජාතිවාදයට ද අපි සර්වාකාරයෙන් ම විරුද්ධ වෙමු. ආන්තගාමී වාර්ගික ධ්‍රැවීකරණයක් මඟින් අප බලාපොරොත්තු වන සා‍ර සමාජය ළඟා කර ගත නො හැකි ය. වාර්ගික ධ්‍රැවීකරණය (අනන්‍යතා නො ව) යනු මානව ප්‍රගමනයේ ස්වභාවික යුක්තියක් නො වේ. එය බල ලොභීත්වය හා අශිෂ්ටත්වය මඟින් කුළු ගැන්වුණු සුළුතරයක් විසින් මානව සමාජය පුරා පතුරුවන ලද ප්‍රචණ්ඩ විෂ බීජයකි. අනෙකාගේ අනන්‍යතාවනට ගෞරව නො කිරීම වාර්ගික ධ්‍රැවීකරණය ඇති වීමට හේතුවක් සේ ම එය පැවතීමට හා වර්ධනය වීමට ද (එක ම හේතුව නො වේ නම්) ප්‍රධාන හේතුවක් වේ. අනෙකාගේ ජාතික අනන්‍යතාව නො සලකන දකුණේ අධිපති සිංහල මහා ජාතිකත්වය විසින් අනෙකාගේ ජාතික අනන්‍යතාව නො සලකන උතුරේ පීඩිත දෙමළ ජාතිකත්වය පෝෂණය කරනු ලබන්නේ ය යන්න සත්‍යකරණය වන්නේ එනිසා ය. මෙය අන්‍යෝන්‍ය වශයෙන් අනුලෝම සමානුපාතික සම්බන්ධයකි. මෙය ද්විදිශාත්මක සම්බන්ධයක් ද වන්නේ ය. මෙම සම්බන්ධතාවේ විචල්‍යයන් දෙකට ම ඒ ඒ සන්දර්භ තුළ දී ස්වායත්ත විචල්‍යය සේම පරායත්ත විචල්‍යය ලෙස ද හැසිරිය හැකි ය. වාර්ගික ධ්‍රැවීකරණය බිහි කරන හා පවත්වා ගෙන යන මූලික හේතුව වන අනෙකාගේ අනන්‍යතාව නො සලකා හැරීම පිළිබඳ විවේචනාත්මක නො වී ඔබ ඊනියා “ලාංකික” අනන්‍යතාවක් පිළිබඳ බණ කීමේ අරමුණ කුමක් ද? අතිශය ආන්තික ව වාර්ගික ධ්‍රැවීකරණයකට ලක් ව පවතින වර්තමාන ලාංකික සමාජය තුළ ඊනියා “ලාංකික” අනන්‍යතාවන් පිළිබඳ රොමැන්තික සිහින දකින ඔබ හොර රහසේ පෙම් කරන්නේ ද සේවය කරන්නේ ද අධිපති සිංහල මහා ජාතිකත්වයේ හෙජමොනික දෘෂ්ටිවාදට ය."


අතිශය ළගන්නා වදන් පෙළක් හා තේරුම් ගත නො හැකි හක්කපටස් වගන්තියක් ද සහිතව මෙම ප්‍රතිචාරය දක්වන්නේ මා කියූ අදහසක් පදනම් කරගෙනයි. මා කියූ දෙය නැවත කියන්නේ නම්, ඒ මෙසේ ය: “ජාතීන්ගේ ජාතික අනන්‍යතාවන් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම ඒ ඒ ජාතියේ ජාතිවාදීන්ගේ වැඩක් මිස ප්‍රගතිශීලීන්ගේ කාර්යයක් නො වන බවයි." දැන් මේ ජාතිවාදීන් යන වචනයට අකැමැති නම් ජාතිකවාදීන් කියා යොදා ගත්තත් කමක් නැත. මට නම් මේ දෙවර්ගයේ ම වෙනසක් නැත. 

මෙම සටහන මුලින් ම ලියන්නට පටන් ගත් දිනය ගැහැනු ළමයා පිළිබඳ ජාත්‍යන්තර දිනයයි. එම දිනයට අදාළව මේ කාරණය මෙසේ විමසා බැලිය හැකි ය. 

ශ්‍රී ලංකාවේ නීතියෙහි උඩරට, තේසවලමෙයි හා මුස්ලිම් ආදී උප කොටස් මෙකී ජාතික අනන්‍යතාවන්ට අදාළ ය. කාන්තාවට හා ගැහැනු දරුවාට අදාළ වන නීතියක් වන 1995 අංක 22 පනත යටතේ සංශෝධිත දණ්ඩ නීති සංග්‍ර‍හයේ 363 කොටස වෙත අවධානය යොමු කරන්න.
ඒ හා සම්බන්ධ වන අනෙකුත් නීතිය වන්නේ 1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද පනතයි.
මුස්ලිම් පුද්ගල නීතිය අනුව, නිශ්චිත අවම විවාහක වයසක් නියම නො වන බව සාවිත්‍රි ගුණසේකර පෙන්වා දෙයි. (“Social Transformation, Gender Inequality and Violence against Women in Contemporary Sri Lanka” by Professor Emeritus Savitri Goonesekere, පි.10)
මුස්ලිම් නීතිය අනුව, කාන්තාවකගේ විවාහය සඳහා යෝග්‍ය වයස වන්නේ වැඩි විය පැමිණීමයි. එහිදී වැඩි විය පැමිණෙන වයස අවුරුදු 12ක් ලෙස සැලකේ.
අවුරුදු 12ට අඩු කාන්තාවකගේ විවාහය ලියාපදිංචි කිරීමට පෙර විශේෂ ක්වාසි අධිකරණයක අවසර ලබා ගත යුතු ය. ඒ අනුව වයස අවුරුදු 12ට අඩු ගැහැනු ළමයින්ගේ විවාහයන් පවා සිදු වීමට ඉඩක් තිබේ.
මුස්ලිම් ජාතිකයකු සමග විවාහ වන මුස්ලිම් නො වන කාන්තාවකට වුව අදාළ වන්නේ මුස්ලිම් නීතියයි.
මුස්ලිම් නො වන අනෙකුත් සියලු වාර්ගිකයන් සඳහා අදාළ නීතියට අනුව විවාහ වීම සඳහා පිළිගත් අවම වයස අවුරුදු 18කි. වයස අවුරුදු 16ට අඩු ගැහැනු ළමයකු සමග කැමැත්තෙන් වුව ලිංගිකව එක් වීම දූෂණයක් ලෙස සැලකේ. ඒ වෙනුවෙන් වසර හතේ සිට 20 දක්වා විය හැකි දණ්ඩනයකට වැරදිකරුවා ලක් කෙරේ.

ශ්‍රී ලංකාවේ බොහෝ වාමාංශිකයන් මෙම තත්වය නො දැක්කා සේ සිටින්නේ අර ඉහත පරිකතාවේ ඇති අදහස පදනම් කරගෙන විය හැකි ය. එනම්, වාර්ගික, ආගමික අනන්‍යතාවන්ට ගරු කිරීමයි.

මෙවැනි තවත් උදාහරණ ද දැක්විය හැකි ය. ළමයින් මහණ කිරීම, අලින් පෙරහරේ ගෙන යාම, කුඩා දරුවන්ගේ ලිංගික චර්ම ඡේදනය, මිනිසුන්ගේ සිරුරුවල කටු ගසාගෙන, එල්ලාගෙන, අතිශය ප්‍රචණ්ඩ දර්ශන පාරවල්වල ප්‍රදර්ශනය කිරීම උදාහරණ කීපයක් පමණි. උක්ත තර්කය අනුව අප මේවාත් ජාතික අනන්‍යතාවේ ලක්ෂණ නිසා ගරු කළ යුතු තත්වයන් ය.

අනෙකාගේ ජාතික අනන්‍යතාවනට ගෞරව කිරීම යනු කියන තරම් සුන්දර ප්‍රකාශයක් නො වන බව ඉහත උදාහරණවලින් පෙනේ. මන්ද, ජාතික අනන්‍යතාවන් තුළ හැම විට ම පවතින්නේ අහිංසකත්වය නො වේ. 

අනෙක් පැත්තෙන් ජාතික අනන්‍යතාවන් ගොඩනැගීමේදී එම අනන්‍යතාවන් අනෙක් ජාතිය හෝ ජාතීන් අනෙකා කරගෙන ම ගොඩනැගෙන සංදර්භයන් තුළ අනෙකාගේ ජාතික අනන්‍යතාවනට ගෞරව කිරීම කළ හැක්කක් නො වේ. හේතුව, තමන්ගේ අනෙකා වන වාර්ගික ප්‍රජාවට වෛර කිරීම තමන්ගේ වාර්ගික පැවැත්මේ ම කොටසක් වන හෙයිනි. වාර්ගික ධ්‍රැවීකරණය හා ජාතික අනන්‍යතා යනු ඇතුළතින් ම එකිනෙක සම්බන්ධ එක් ක්‍රියාවලියක් මිස ප්‍රපංච දෙකක් නො වේ. 

නිදසුනක් ලෙස, නූතන සිංහල බෞද්ධ ජාතිකවාදය ගොඩනැගෙන්නේ ම දෙමළ හා මුස්ලිම් ජාතීන් අනෙකා කරගෙන ය. (මේ පිළිබඳ ‘අනුභූතික සාක්ෂි' සොයන අයට නිර්මාල් රංජිත් දේවසිරිගේ හා තවත් අයගේ අධ්‍යයන හැදෑරිය හැකි ය.) හිරු පුවත්පතට ‘නවසිංහලය' මැයෙන් කොලමක් ලියමින් එසේ නො වන සිංහල ජාතිකවාදයක් පිළිබඳ පරිකල්පනයක් ගොඩනැගීමට මම එකල උත්සාහ කළෙමි. ඒ පිළිබඳ යම් සංවාදයක් හිරු කණ්ඩායම තුළ ඇති විය. එහෙත්, එවැනි කුඩා කණ්ඩායම්වල පවා බලය සංවාදයට වඩා වැදගත් සාධකයක් විය. 

එහෙත්, ජාතිකවාදයන් පරිකල්පනය කිරීමට වඩා ඊට වඩා පුළුල් දේශපාලන අනන්‍යතාවන් පරිකල්පනය කිරීමට කාලය යෙදවීම ප්‍රයෝජනවත් යයි මම අද සිතමි. මන්ද, ඒ වනාහි අප කැමති වුවත්, අකැමැති වුවත් එක් තලයකදී ඓතිහාසිකව සිදු වෙමින් පවතින ක්‍රියාවක් නිසා ය. 

පොදු, පුළුල් දේශපාලන ප්‍රජා අනන්‍යතාවන් ප්‍රවර්ධනය කිරීම ප්‍රගතිශීලීන්ගේ දේශපාලන වගකීමයි. ඒ අතරවාරයේ එම අරමුණට එරෙහි වන ජාතිවාදීන් සමග සංවර්ධනාත්මක සංවාදයක් පවත්වාගෙන යා හැකි ය. ජාතික අනන්‍යතාවලට ගරු කිරීම ප්‍රගතිශීලීන් විසින් අර්ථකථනය කර ගත යුත්තේ එම සීමාව තුළ ය.  

ජාතික අනන්‍යතාවන් හෙළා දැකිය යුතු බවක් එයින් අදහස් වන්නේ නැත. එහෙත්, ජාතික අනන්‍යතාවන් ප්‍රවර්ධනය කිරීමේ වගකීමක් ප්‍රගතිශීලීන් භාර ගැනීම කෙතරම් අවදානම් කටයුත්තක් ද යන්න මවිසින් දක්වන ලද උදාහරණවලින් පෙනේ. 

ජාතික අනන්‍යතා යනු අපට තෝරා ගැනීමක් සපයන සංදර්භයක් නො වේ. නව දේශපාලන ප්‍රජාවන් යනු එවැනි ඒවා නො වේ. ඒවා ගොඩනැගීම ඇත්තේ අපේ අතේ ය. 

විවාහ නීතිය පිළිබඳ උදාහරණය නිශ්චිතව ගතහොත්, එහිදී ප්‍රගතිශීලීන්ගේ ස්ථාවරය විය යුත්තේ ජාතික අනන්‍යතාවන් වෙනුවෙන් පෙනී සිටීම නො ව, විවාහ වන වයස සම්බන්ධයෙන් වන ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියෙහි අවශ්‍යතාවන්ට සරිලන පරිදි ජාතික නීති රාමුව පූර්ණ ලෙස සකස් කිරීම සහ එම නීති දිවයින පුරා පුර්ණ ලෙස බලාත්මක කිරීම වෙනුවෙන් පෙනී සිටීම බව මගේ යෝජනාවයි. 

මම මගේ අරගළය තුළ සමාජවාදී ජීවිතයක් ප්‍රවර්ධනය කරමි. මා ලියන්නේ මුදලට ය වැනි බොළඳ කතා නො කියා මා කරන්නේ කුමක් ද යන්න තේරුම් ගන්නට උත්සාහ කරන අයෙකුට යමක් තේරුම් ගත හැකි විය යුතු ය. මගේ හෘදය සාක්ෂියට එකඟ නො වන එක වදනක් හෝ මම නො ලියමි. එසේම, මා අනාගමික  ජීවිතය, ද්විභාෂිකත්වය, දෘෂ්ටිවාදයන්ගෙන් මිදීම, නිදහස් චින්තනය, අරගළය වෙනුවෙන් කැපවීම වැනි දේ මගේ ජීවිතය තුළ ප්‍රවර්ධනය කරන්නේ පැහැදිලි දේශපාලනික ස්ථාවරයක සිටයි. එය තුළ මම මගේ සිංහල පදනම අතහැර නැත. එහෙත්, මා උත්සාහ කරන්නේ සිංහලකමෙහි සීමාවන් තුළ රැඳෙමින් ඒ අනන්‍යතා සුරක්ෂා කරන්නට නො වේ. 

මම මගේ උපතින් ලද බව කියන බෞද්ධකම මුළුමනින් ම අතහැර දැමුවෙමි. වර්තමාන සිංහල බෞද්ධකම වනාහි බුදුන් සමග සම්බන්ධ ආගමක් නො වේ. එය අන්ත ප්‍රතිගාමී දේශපාලන ව්‍යාපෘතියකි. සියලු දෙනාගේ ජාතික අනන්‍යතාවන්ට ගරු කරනවා ය කියා එවැනි ප්‍රතිගාමිත්වයන් සමග අනන්‍ය වීමට මට නම් කිසිදු උවමනාවක් නැත. ලොව සියලු ප්‍රසිද්ධ ආගම් යොමු වී තිබෙන්නේ අඩු වැඩි වශයෙන් එක ම ප්‍රතිගාමිත්වයක් දෙසට ය. ආගම් ප්‍රතික්ෂේප කිරීම ප්‍රගතිශීලී දේශපාලනයේ කොටසක් වන්නේ ඒ අනුවයි.

දකුණේ පිසෙන සිංහල හාලේ සුවඳ මෙන් ම උතුරේ රත් වෙන තල තෙලේ සුවඳ ද මේ රටේ වා ගැබ පුරා පැතිරෙන සොඳුරු ශ්‍රී ලංකාව" වැනි රොමැන්තික විකාර වෙනුවට ඇත්ත කතා කිරීමෙන් පමණක් අපට සමාජය වෙනස් කිරීමට දායක විය හැකි ය. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. //අතිශය ළගන්නා වදන් පෙළක් හා තේරුම් ගත නො හැකි හක්කපටස් වගන්තියක් ද සහිතව//

    මොකක්ද හක්ක පටස් වගන්තිය?

    ReplyDelete
    Replies
    1. මෙය අන්‍යෝන්‍ය වශයෙන් අනුලෝම සමානුපාතික සම්බන්ධයකි. මෙය ද්විදිශාත්මක සම්බන්ධයක් ද වන්නේ ය. මෙම සම්බන්ධතාවේ විචල්‍යයන් දෙකට ම ඒ ඒ සන්දර්භ තුළ දී ස්වායත්ත විචල්‍යය සේම පරායත්ත විචල්‍යය ලෙස ද හැසිරිය හැකි ය.

      Delete
    2. හුකා, සමරිසි කේස් එකක් වගේ

      Delete
    3. පැරා මට නම් ඒ සටහනෙන් මතක තිබුණේ ඒ වාක්‍යයයි.

      එහි අකුරක අඩුවක් සහ පොඩි පරහක් තියෙනවා. එය මෙලෙස සංස්කරණය විය යුතුයි කියායි මට හිතෙන්නේ.

      මෙය අන්‍යෝන්‍ය වශයෙන් අනුලෝම සමානුපාතික සම්බන්ධයකි. මෙය ද්විදිශාත්මක සම්බන්ධයක් ද වන්නේ ය. මෙම සම්බන්ධතාවේ විචල්‍යයන් දෙකට ම ඒ ඒ සන්දර්භ තුළ දී එක්කෝ මුල් විචල්‍යය ස්වායත්ත විචල්‍යය සහ දෙවෙනි විචල්‍යය පරායත්ත විචල්‍යය ලෙස ද නැතිනම් දෙවෙනි විචල්‍යය ස්වායත්ත විචල්‍යය සහ මුල් විචල්‍යය පරායත්ත විචල්‍යය ලෙස ද හැසිරිය හැකි ය.

      මේ සටහන තබන්නට ඇත්තේ අර චාල්ස්/බොයිල් වැනි රසායන විද්‍යා නියමයන් ගැන හුදු හෙළ බසෙන් සටහනක් තැබූ බූවා විය යුතුයි.

      Delete
    4. //අර චාල්ස්/බොයිල් වැනි රසායන විද්‍යා නියමයන්//

      මට මතක හැටියට නම් චාල්ස් හා බොයිල් දෙදෙනාගේම නියමයන් භෞතික විද්‍යාව ගැනයි!

      Delete
    5. ඔව් ඔබ වැරදිම නෑ, ඒත් භෞතික විද්‍යාව නොවෙයි, භෞතික රසායනයයි.

      මගේ මතකය අනුව චාල්ස්/බොයිල් වැනි ඒවා වායු නියම. අප ඉගෙන ගත්තේ දෝන කැතරිනා නම් ගුරුවරිය ගේ රසායන විද්‍යා පාඩමක භෞතික රසායනය යන කොටසේ දී යි.

      රසායන විද්‍යාවේ අනිත් කොටස් දෙකක් තමයි කාබනික රසායනය, අකාබනික රසායනය.

      අපේ කාලේ භෞතික විද්‍යාවේ කොටස් වූයේ
      ආලෝකය
      තාපය
      විද්‍යුතය
      චුම්භකත්වය
      ද්වනිය
      යාන්ත්‍ර විද්‍යාව

      වැනි දේ ය.

      භෞතික රසායනය එහි නොතිබුණි!

      Delete
    6. දිගට කිව්වට මට තේරෙන හැටියට නම් ඔතන මහා දෙයක් නැහැ.

      "අන්‍යෝන්‍ය වශයෙන් අනුලෝම සමානුපාතික" -> එකක් වැඩි වෙනකොට අනිකත් වැඩි වෙනවා, එකක් අඩු වෙනකොට අනිකත් අඩු වෙනවා

      "ද්විදිශාත්මක සම්බන්ධයක් ද වන්නේ ය" -> සින්හයලගෙන් දෙමලත්, දෙමළාගෙන් සිංහලයත් ජාතිවාද දෙකම පෝෂණය වෙනවා

      "ස්වායත්ත විචල්‍යය සේම පරායත්ත විචල්‍යය ලෙස ද හැසිරිය හැකි ය" -> එක ජාතිවාදයක් අනික් එක උඩම dependent නැහැ, උදා: සිංහල ජාතිවාදය දෙමල ජාතිවාදය උඩ අඩු වැඩි වෙනවා වගේම ස්වායත්තව අඩු වැඩි වෙන්නත් පුළුවන්, එහෙම වෙන කොට එකෙන් දෙමල ජාතිවාදය කන්ට්‍රෝල් වෙනවා.

      https://en.wikipedia.org/wiki/Dependent_and_independent_variables

      මේ ඔය ලේඛකයාගේ අදහස මට තේරෙන හැටි මිස මගේ මතය නොවේ. මගේ මතය පැරා ලිපියේ කියා ඇති දේ වලත් මිගාර කියා ඇති දේ වලත් සම්මිශ්‍රණයකි.

      Delete
    7. /මේ ඔය ලේඛකයාගේ අදහස මට තේරෙන හැටි මිස මගේ මතය නොවේ. මගේ මතය පැරා ලිපියේ කියා ඇති දේ වලත් මිගාර කියා ඇති දේ වලත් සම්මිශ්‍රණයකි./

      ඉන්දිකගේ මතය අපි දන්නවා. ගිය සැරේ My3 ට නේද ඡන්දෙ දුන්නෙ?

      Delete
    8. සුබස් ළබැඳි පිය සබඳ රසික සූරියාආරච්චි සිරිමතුනි,

      මම බන්‍ධුල කුදලාගම මි. මා විසා වපසරිය සාහිතකලා ඈ සතර නය යැ. පැරකුමුවනගේ පබ‍ඳැ වූ උපුටනය ම විසින් පද බැඳුම් කරන ලද්දෙක් නො වන්නේ මැ යැ. දෙස-බස-රැස ළැදි මට ජනවග ගැටුම ගැන යම් අදහසෙක් නැති වැ නො වේ. එනමුදු එපිළිබඳ ලියුමට මම නො රිසියෙමි. සුබස ද විදුසත ද මැනැවින් හදාළ මයුරවිල, සරස, ආදිකාරම, හරිස්චන්දර විජයතුඟු, ඊලියන සිලුවාණ ඈ වියත් පඬු පරපුරෙක මඟ යමින් මම මතු දැක්වෙන ටිප්පණිය ඔබගේ මාහැඟි සූරියආරච්චි විවරුවට එකතු කරමි.

      ඉහත උපුටනයේ කතුවරයා ජනවග ගැටුම ගැන අනුයන අදහස මම එලෙස මැ නො අනුයන්නෙමි. එනමුදු කතුවරයා පවසන මතු දැක්වෙන අදහස විදුහුරු යැ.

      “අනෙකාගේ ජාතික අනන්‍යතාව නො සලකන දකුණේ අධිපති සිංහල මහා ජාතිකත්වය විසින් අනෙකාගේ ජාතික අනන්‍යතාව නො සලකන උතුරේ පීඩිත දෙමළ ජාතිකත්වය පෝෂණය කරනු ලබන්නේ ය යන්න සත්‍යකරණය වන්නේ එනිසා ය. මෙය අන්‍යෝන්‍ය වශයෙන් අනුලෝම සමානුපාතික සම්බන්ධයකි. මෙය ද්විදිශාත්මක සම්බන්ධයක් ද වන්නේ ය. මෙම සම්බන්ධතාවේ විචල්‍යයන් දෙකට ම ඒ ඒ සන්දර්භ තුළ දී ස්වායත්ත විචල්‍යය සේම පරායත්ත විචල්‍යය ලෙස ද හැසිරිය හැකි ය."

      උතුරු දෙසැ සලකා දෙමළ ජාතිකත්වය තම කිරිය නිවරද යැයි පවසනු පිණිස මෙලෙස සලකුණු කරනු ඇත:

      දෙමළ ජාතිකත්වය € සිංහල ජාතිකත්වය

      මෙවැනි සබැඳියාවක පළමු වැනි අනියතය (චිචල්‍යය) දෙවැනි අනියතය මත රඳනා බව සලකුණු නයෙන් මැ පැවැසේ. එනම්, පළමු වැනි අනියතය පරායත්ත අනියතය බව ද දෙවැනි අනියතය පරායත්ත අනියතය බව ද වෙසෙසා පැවැසීම ඇවැසි මැ නැති යැ. එය වෙසෙසා පැවැසීම වරදෙක් ද නො වන්නේ යැ.

      දකුණු දෙසැ සලකා සිංහල ජාතිකත්වය තම කිරිය නිවරද යැයි පවසන් පිණිස මෙලෙස සලකුණු කරනු ඇත:

      සිංහල ජාතිකත්වය € දෙමළ ජාතිකත්වය

      උතුරු දෙසැ දෙමළ ජාතිකත්වය සිංහල ජාතිකත්වය මත රඳනා සේ මැ දකුණු දෙසැ සිංහල ජාතිකත්වය දෙමළ ජාතිකත්වය මත රඳනා බව ද පෙර උපුටනයෙන් පැවැසේ. එනම් “මෙම සම්බන්ධතාවේ විචල්‍යයන් දෙකට ම ඒ ඒ සන්දර්භ තුළ දී ස්වායත්ත විචල්‍යය සේම පරායත්ත විචල්‍යය ලෙස ද හැසිරිය හැකි ය.” යන්න යැ.

      උතුරු දෙසැ දෙමළ ජාතිකත්වය රඳනුයේ සිංහල ජාතිකත්වයේ කවර ගුණිතයක් මත ද? දකුණු දෙසැ සිංහල ජාතිකත්වය රඳනුයේ දෙමළ ජාතිකත්වයේ කවර ගුණිතයක් මත ද? ‍ඈ ගැටලු මතු විය හැකි යැ.

      නියුටෝනියානු-ලයිබිනිසියානු සලකුණු කිරීමක් ලෙස සලකතොත් මෙකී ජාතිකත්ව අතර සබැඳියාව y = f(x) ආකාර කිරියකි (ශ්‍රිතයකි). වෙවැනි සබැඳියා පිරිසුම් කරන සඳ සිත දැරිය යුතු වැදගත් වහර ලකර දෙකකි:

      1. සහබැඳියා යනු සහේතු නො වන්නේ යැ (Correlation does not imply causation යන පකට කියමන සිහි කළ මනා යැ).

      2. සබැඳියා කිරියක (ශ්‍රිතයක) සීමා නිර්ණය සැමවිට මැ නියුටෝනියානු හෝ ලයිබිනිසියානු හෝ අවකලන ගණිතමය කිරියක් (කාර්යයක්) නො වන්නේ ය. උපහැරණ ලෙස නව මැතිවරණ සිතියමක නන් නය පෙදෙස් සීමා ගණනය ගණිතමය කිරියක් නො ව දෙස්පල් කිරියකි. රොහාන් සමරජීවයනට නම් එබැව් වැටහී ඇත.

      ධීමත් සූරියආරච්චි සඳුනි, පැරකුමුවනගේ හක්කපටස් වීම මේ වන විට සුව වැ ඇතැ යි හඟිමු. සබඳ පැරකුමුවනි, නුඹ සුව සේ වසන්නෙහි ද?

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Delete
    9. සූරියරආච්චි සබඳ,

      පොයිසල්-හේගන්, ස්ටෝක්, පැස්කල්, බර්නූලි ඈ නය අඩංගු තරල ගතිකය නුඹ කල පැවැතියේ කවර භෞතික විද්‍යා අනුවිසාහි දැ යි දැන ගනු රිසියෙමි?

      බන්‍ධුල කුදලාගම

      Delete
    10. සෝදුපත:

      "දෙවැනි අනියතය පරායත්ත අනියතය බව ද" යන්න "දෙවැනි අනියතය ස්වායත්ත අනියතය බව ද" යනුවෙන් සෝදු වුවැ මනා ය.

      Delete
    11. රසික ළමයා ද්වනිය නෙවෙයි ධ්වනිය නේද නිවැරදි? විශ්ව විද්‍යාලයේදී ලිව්වේ කිව්වේ ද්වනිය කියාද?

      Anonymous November 2, 2016 at 2:34 PM

      සෝදනවානම් වොන්ර්ලඩයිට් තමයි හොඳම.

      Delete
  2. "සැමට එකම නීතියක්" යන්න බොහෝ ජාතිකවාදීන් විසින් දරන මතයකි.
    "නූතන සිංහල බෞද්ධ ජාතිකවාදය ගොඩනැගෙන්නේ ම දෙමළ හා මුස්ලිම් ජාතීන් අනෙකා කරගෙන ය" යන්න මගේ දැක්මට අනුව සාවද්‍ය කියමනකි.
    සිංහල ජාතිකත්වය ගොඩ නැගෙන්නේ අවශෝෂණය පදනම් කරගෙනය. ඒ නිසා ජාතික වාදියකුලෙස මා දරන අදහස වන්නේ දෙමළ හා මුස්ලිම් සංස්කෘති කාලයත් සමහ සිංහලකරණය වී ඔවුන් මහා සංකෘතියට ඇතුළු විය යුතු බවයි. අතීතයේ දෙමළ ජනයා එසේ එක් වීම සිදු වුවත්, දැන් එම එක් වීම දේශපාලන බලයෙන් නැවැත්වීම තුල වාර්ගික අනන්‍යතා ගොඩ නැගීම සිදු වී ඇත. මුස්ලිම් ජනයා පිළිබඳව තත්ත්වය මීටත් දරුණුය.

    උඩරට, තේසවලාමේ සහ මුස්ලිම් නීති තහනම් කොට එකම් නීතියක් ගෙන ආ යුතු යයි පසුගිය වසර 15 පුරාම හඬ නගන විට අපට "ජාතිවාදියා", "වර්ගවාදියා" යනාදී නම් වලින් සංග්‍රහ කළවුන්, හාමු මහත්තයා විසින් මෙමෙ යෝජනාව ගෙන ආ පසුව කුමක් කියනු ඇත්දැයි විමසිල්ලෙන් පසු වෙමු.

    ReplyDelete
    Replies
    1. අවශෝෂණය හොඳ නම් සිංහල ජනයා මුස්ලිම්කරණය හෝ දෙමළකරණය වෙමු.

      Delete
    2. මේ කියන ගොන් කතා වල හැටියට කොහොම දොස්තර විභාගෙ පාස් වුණාද මන්දා? කාට හරි ගාණක් දීලා තමයි පාස් වෙලා තියෙන්නෙ මට පේන විදිහට.

      Delete
    3. //අවශෝෂණය හොඳ නම් සිංහල ජනයා මුස්ලිම්කරණය හෝ දෙමළකරණය වෙමු.

      තමිල්නාඩුවේ සහ අරාබියේ සිංහලයන්ට එහෙම වෙන්න කියමු.

      //මේ කියන ගොන් කතා වල හැටියට කොහොම දොස්තර විභාගෙ පාස් වුණාද මන්දා? කාට හරි ගාණක් දීලා තමයි පාස් වෙලා තියෙන්නෙ මට පේන විදිහට.

      පුදුම සොයා ගැනීම් නෙ කරන්නේ. යන්ඩ බැරිද ඊ-නිවුස් එකට? මොකද ඔය වගේ සොයා ගැනීම් කරන එවුන්ට නියම තැන ඒක.

      Delete
    4. ඇයි තමිල්නාඩුවෙ? මෙහේ කරමු. උබේ අවශෝෂනේ ඔච්චර හොඳ නම්.

      Delete
    5. බලාගෙන යනකොට දකුනේ සිංහල ජාතිවාදීන්ද කියන්නේ ප්‍රභාකරන් කියපු දේමයි. ප්‍රභාකරන් කිව්වේද දකුනේ අනෙක් ජාතීන් සිංහල ජාතියට අවශෝෂණය විය යුතු අතර උතුරේ අනෙකුත් ජාතීන් දෙමළ ජාතියට අවශෝෂණය විය යුතු බවයි. බලාගෙන යනකොට හැම ජාතිවාදියාම එකය. හැම ජාතිවාදියාටම ඇත්තේ එක පුස්ම පුස් තියරියකි.

      Delete
    6. මෙතන මේ යෝජනාව කළේ මා ය. එහෙත් හාමු මහත්තයා කිව්වේ මට නො වන බව මම දනිමි. ඒ ‘හාමු' දැන් අන්න හානවා ය. අපි නම් එයාට බායි කියලා ඉවර ය.

      ස්වීකරණය ගැන මූලික සිද්ධාන්තය වන්නේ එය වර්තමාන සංදර්භය තුළ නම් කිසි සේත් ම බලහත්කාරයෙන් කළ නො හැකි බවයි.

      ස්වීකරණය ගැන වර්තමාන යුගයේ සොඳුරු ම අද්දැකීම් හැදෑරීමට අවශ්‍ය නම් මීගමුවේ සිට දකුණට මෝදර දක්වා දෙමළ කතෝලික ප්‍ර‍ජාව අතර ඇති සිංහලකරණය වීම හදාරන්න. මේ කොටස දෙමළ ඊලාම් සිතියමට ඇතුළත් වුණේ ඒ ප්‍ර‍ජාව කලින් දෙමළ නිසායි.

      වන්නියේ දකුණුදිග ප්‍රදේශවල සිංහල වැසියන් අතර මෑතක් වනතුරු ම පැවතියේ දෙමළ වාසගම් ක්‍ර‍මයයි. උදාහරණයක් ලෙස බණ්ඩාගේ පුතා ධනපාල බණ්ඩාගේ ධනපාල ය. ධනපාලගේ පුතා කමල් නම් ඔහු ධනපාලගේ කමල් ය. මෙම ප්‍ර‍ජාව අතර දෙමළ භාෂාවේ බලපෑම ද ඉතා ප්‍ර‍බල විය.

      මෙම ස්වීකරණයට ප්‍ර‍බල ම බාධා පැමිණියේ ඉංග්‍රීසීන් විසින් බිහි කරන ලද නූතන නිදහස් ලංකාව තුළ ය. 1947 පුරවැසි පනත වැනි ජාතිවාදී ක්‍රියාමාර්ගවලින් ආරම්භ වුණ මෙම ක්‍රියාවලිය 1972 ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ සිට උග්‍ර‍ වුණා. 2009 යුද්ධයේ අවසානයෙන් පසුව රාජපක්ෂගේ නායකත්වයෙන් මතු වූ ජාතිවාදී ප්‍ර‍වණතාව නිසා තත්වය තවත් උග්‍ර‍ වුණා විතරයි.

      දැන් අස්සයා පැනලා ගිහින් ඉවරයි. ඒ නිසා ඉස්තාලය වහලා වැඩක් නැහැ. අපි පුළුල් දේශපාලන ප්‍ර‍ජාවන් කෙරෙහි අවධානය යොමු කර තිබෙන්නේ ඒ නිසායි.

      Delete
    7. ලංකාවේ සුළු ජාතීන් මහා ජාතියේ සංස්කෘතිය අවශෝෂණය කරගෙන මහා ජාතියේ කොටසක් විය යුතුයි කියන එක 1940-50 ගණන් වලදී යම් වලංගුතාවයක් තිබුණු එහෙත් අද වන විට කිසිම වලංගුතාවයක් නැති බොල්, කවදාවත් සිදු නොවන, තර්කයකි. එසේ නොවන්නේ මක් නිසාද බලමු.

      01. සංස්කෘතීන් එකෙක් තව එකක් අවශෝෂණය කොට ගැනීම අපට ඕනෑ ඕනෑ හැටියට සිදු නොවේ. හැම විටම වන්නේ වඩා දියුණු සංස්කෘතියක කොටස් නොදියුණු සංස්කෘතිය විසින් අවශෝෂණය කර ගැනීමයි. සංස්කෘතීන් සමාන නම් එවැනි අවශෝෂණයක් සිදු නොවේ. එසේම නොදියුණු සංස්කෘතියක කොටස් දියුණු සංස්කෘතියක් විසින් අවශෝෂණය කොට ගැනීමද සාමාන්‍යයෙන් සිදු නොවේ. (කලාතුරෙකින් විය හැක.)

      02. චිරාත්කාලයක් තිස්සේ ලංකාවට විවිධ ජාතීහු ආහ. එහෙත් ලාංකිකයෝ කැපී පෙනෙන ලෙස අරාබි හෝ චීන හෝ සමහරවිට දෙමළ හෝ සංස්කෘතික අංග අවශෝෂණය කොට නොගත්හ. ඔවුන් පසුව යුරෝපීය සංස්කෘතික අංග අවශෝෂණය කර ගත්හ. එසේ වූයේ යුරෝපීය සංස්කෘතීන් ලංකාවේ සංස්කෘතීන්ට වඩා බොහෝ ඉදිරියෙන් සිටි නිසාය.

      03. අද වන විට සිංහල සංස්කෘතිය යනු කොහොමටවත් ලංකාවේ දෙමළ හා මුස්ලිම් සංස්කෘතීන්ට වඩා ඉදිරියෙන් ඇත්තක් නොවේ. දෙමළ හෝ මුස්ලිම් මිනිසකුට සිංහල භාෂාව හෝ සිංහල ගති සිරිත් ඉගෙන ගැනීමෙන් කිසිම වාසියක් නැත. යන්තමින් සිංහල කතා කිරීමට දැන සිටීම ඔවුන්ට ප්‍රමාණවත්ය. මේ නිසා සිංහලීකරණය වීමට ඔවුන්ට අවශ්‍යතාවයක් නැත.

      04. මේ කාරණයටත් වඩා, අද සන්නිවේදනය නිසා ලංකාවේ දෙමළ මිනිසුන් අවශෝෂණය කොට ගන්නේ තමිල්නාඩු (චෙන්නායි) සංස්කෘතියයි. ඔවුන් බලන්නේ තමිල්නාඩුවේ දෙමළ චිත්‍රපටය. අහන්නේ තමිල්නාඩුවේ සංගීතයයි. ඇඳුම් පැළඳුම් ස්ටයිල් කොපි කරන්නේ තමිල් නාඩුවෙනි. කොටින්ම ලංකාවේ දෙමළ මිනිස්සු අද සංස්කෘතික වශයෙන් තමිල්නාඩුවේ (චෙන්නායි) කොටසකි. ලංකාවේ පමණක් නොව සිංගප්පූරුවේ දෙමළ මිනිසුන්ද එසේය. අප කැමැති වුවද නැතද මේවා වෙනස් නොවේ. මෙසේම ලංකාවේ මුස්ලිම් මිනිස්සු අරාබි සංස්කෘතියේ කොටසකි.

      05. ඉහත 03 හා 04 නිසා කවරදාවත් ලංකාවේ දෙමළ හා මුස්ලිම් මිනිස්සු සිංහලීකරණය නොවෙති. වැද්දන් සිංහලීකරණය වන්නේ වැදි සංස්කෘතිය සිංහල සංස්කෘතියට පහළින් තිබීම හා වැද්දන්ට ජාත්‍යන්තර මට්ටමේ වෙනත් සංස්කෘතියක් නැති නිසාය.

      Delete
    8. // හැම විටම වන්නේ වඩා දියුණු සංස්කෘතියක කොටස් නොදියුණු සංස්කෘතිය විසින් අවශෝෂණය කර ගැනීමයි.//

      දියුණු සංස්කෘති??

      එක් සන්ස්කෘතියක් තවත් සන්ස්කෘතියකට වඩා දියුනුයි කීම ටිකක් ගැටලු සහගතයි නේද?

      බලවත් සන්ස්කෘතියක් තව සන්ස්කෘතියක් වසා පැතිරෙන්නනම් පුලුවනි නේ...

      Delete
    9. අනිවාර්යයෙන්ම සංස්කෘතියක් බලවත් වෙන්නෙ දියුණු වුණාමයි. නොදියුණු සංස්කෘතියක් බලවත් නැහැ.

      Delete
  3. ඕවට විරුද්ධ වෙලා වැඩක් නෑ.. පිටිසර බද පලාත්වල හ්ම ජනකොටසක් අතරෙම අදටත් තියෙන දෙයක්.. ඒ මිනිස්සු ගැන මුන්ට වගේ වගක් නෑ..

    ReplyDelete
  4. මගේ අදහස නම් මූලිකවම ඔය ජාතිය පිළිබඳ අනවශ්‍ය ප්‍රශ්න එන්නේ දුප්පත්කම සහ සම්පත් හිඟකම නිසා යි. ජාතිවාදය යනු සම්පත් බෙදා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක්!

    ReplyDelete
    Replies
    1. සංවර්ධනය පීඩිත ජනතාවන් අතරට යාමට ඇති අවස්ථා පුළුල් කිරීමට ප්‍ර‍ගතිශීලීන් උපකාර කළ යුත්තේ එහෙයිනි. ලංකාවේ යුද්ධය හා ඉන් පසු රාජපක්ෂ දූෂණය නිසා එයට දැඩි ලෙස බාධා සිදු විය. එයට සිදු වන්නට ඉඩ හරිමින් ජාතික ප්‍ර‍ශ්නයට විසඳුම් සෙවිය යුතු ය.

      Delete
    2. @රසික,

      ජාතිවාදය 50% පමණ දුප්පත්කම/සම්පත් බෙදා ගැනීම පිළිබඳ ප්‍රශ්නයකි. ඉතිරිය වෙනත් ගෝත්‍රිකයින් (සතුරන්) පිළිකුල් කිරීමට ඇති නිසඟ චර්යාව නිසා ඇති වූවකි. රසික ඉස්සෝ කනවා ඇතැයි සිතමි. රසික ඉස්සන් කන්නට ආසා ඇතැයිද සිතමි. හැබැයි චීනුන් ගෙම්බන් කද්දී රසික උන් මොන ජරා ජාතියක්ද හිතයි. එය දුප්පත්කම පිළිබඳ ප්‍රශ්නයක් නොවේ.

      Delete
    3. ස්තුතියි.
      ඉතා සරලව මට කියන්නට අවශ්‍ය නිසි වෙලාවට බඩ පිරෙනවා නම් මිනිසුන් ගේ ජාතිවාදී ප්‍රශ්න නැති වී යන බවයි. බුදු සාදු වුණත් කන්න දීලා ඊට පස්සේ ධර්මේ දෙන්න කියලා කීවේ එනිසා නේ.

      මා ලිපි කිපිපයක ලියූ පෝලීන් හැන්සන් නම් අවස්ථ්වාදී දේශපාලක කාන්තාව ඕස්ටේ‍ර්ලියාවේ ජාතිවාදය අවුස්සන්නේ මෙරට කර්මාන්ත සහ රැකියා පිටරටවලට යනවා ය, ඉුරු රැකියා සංක්‍රමණිකයින් ගන්නවා ය යනාදී වශයෙන් කියමිනුයි.

      Delete
    4. ඇනෝ-

      ඔබේ අදහස මට පැහැදිළියි. නමුත්, ඉස්සන් ගෙම්බන් මාතෘකාව ගැන කියනවා නම්, චිනුන් ගෙම්බන්, සර්පයින් කෑම හෝ ප්‍රංශුවන් ගොළුබෙල්ලන් කෑම හෝ කොරියානුවන් බලු මස් කෑම හෝ නිසා මට නම් ඒ ඒ අය ජරා ජාතිකයින් යැයි සිතී නැති බව අවංකව කියන්න කැමතියි.

      Delete
  5. යුරෝපියන් යුනියන් එකෙන් සිරි ලන්කා ආන්ඩුවට නිර්දේස කොල කරුණු පැරා ගේ ලිපියෙන් කියවීම ආශ්චර්යයකි!

    ඔහොම යන්....

    ReplyDelete
    Replies
    1. වතුර කොරහේ කිඹුලන් දැකීම ඉතා නරක දෙයකි.

      ඔය ටික ඔහොම මම ලිව්වේ අවුරුද්දකට කලින්. ඒක දැකලද දන්නෙ නැහැ යුරෝපා සංගමය ඔය කාරණේ කිව්වෙ.

      ගිහින් දිනේ බලන්න. ලිපිය ලියන්න පාදක වුණේ හිරුනිකා කරපු කතාවක්.

      Delete
    2. සුවර් එකටම යුරෝපා සන්ගමේ කොලඹ නියෝජිත ලෙමන්පෆ් තුමා පැරා තුමා අවුරුද්දකට කලින් ලියූ සානුකම්පිත ලිපිය කියවලා බ්‍රසල්ස් වලට එතුමාගේ නිර්දේස යවලා හිටන්!

      අපටත් ආඩම්බරයි පැරා තුමෝ!

      Delete
  6. ජාතික ප්‍රශ්නයට විසඳුම තමයි ශ්‍රී ලංකාව් නම වෙනස්කිරීම.

    "සිරි-රනිලංකා දුම්කොළ සහ මධ්‍යසාර ජනරජය" වගේ නමක් හොඳ නැද්ද පැරා?

    දැන් ගොල්ඩ්ලීෆ් එකක් රුපියල් 50 යි. රට කොරන්න හදන්නෙ සිගරට් අරක්කු වලින්නෙ. ඒ හින්ද ඔය නම හොඳයි.

    දැන් ජහපාලන පොයියන්ට සනීපද? යකෝ දැන්වත් පත්තුකරන සිගරට් එකක් ගානෙ බොන අරක්කු උගුරක් ගානෙ සිරිසේන පඹයයි රනිල් නපුන්සකයයි හැඳිගෑවිල යන්න කියල සාප කරපල්ලා.

    ReplyDelete
    Replies
    1. "සිරි-රනිලංකා දුම්කොළ සහ මධ්‍යසාර ජනරජය" වගේ නමක් හොඳ නැද්ද පැරා?

      දැන් ගොල්ඩ්ලීෆ් එකක් රුපියල් 50 යි. රට කොරන්න හදන්නෙ සිගරට් අරක්කු වලින්නෙ. ඒ හින්ද ඔය නම හොඳයි.

      ++++++++++++++++++++

      Delete
    2. දැන් පැරා,

      මහේන්ද්‍රන් උන්නැහැ "සිරනිලංකා දුම්කොළ සහ මධ්‍යසාර ජනරජය" කරවන ආණ්ඩුවේ පස් අවුරුදු ආර්ථික සැලැස්මේ ලොක්ක නොවැ.

      දැන් උන්නැහැ තවදුරටත් ඔය තානාන්තරේට සුදුසුද?

      Delete
  7. //එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියෙහි අවශ්‍යතාවන්ට සරිලන පරිදි ජාතික නීති රාමුව පූර්ණ ලෙස සකස් කිරීම සහ එම නීති දිවයින පුරා පුර්ණ ලෙස බලාත්මක කිරීම වෙනුවෙන් පෙනී සිටීම බව මගේ යෝජනාවයි.//

    වාව්! වාව්! wow! wow!

    පැරා දැන් එළිපිට ම වැඩ වගෙ යි එහෙනම්! එක්සත් ජාතීන්ගේ සංගමය, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ඔහෙ පලයං කිව්වලු. දැන් පැරා අන්තර්ජාතිකකරණය වෙලා වගෙ යි. NGO වගේ ද INGO කිව්වලු! UNP වගේ ද UN කිව්වලු!

    ඔහොම යං පැරා .... ඔහොම යං .... ජය නියත යි.

    ReplyDelete
  8. මගේ යාලුවෙක් අවශෝෂණය කරන්න ගිහින් උගුරෙ හිරවෙලා මළා.

    ReplyDelete
  9. //ඒ පිළිබඳ යම් සංවාදයක් හිරු කණ්ඩායම තුළ ඇති විය. එහෙත්, එවැනි කුඩා කණ්ඩායම්වල//

    //// කුඩා //// ???

    පැරකුම් ජයසිංහ මහත්තයෝ, තමුන්නැහෙ ඇලිස් ඉන් වොන්ඩර්ලන්ඩ් සහලක්ෂණයෙන් (Alice in Wonderland Syndrome) පෙළෙන්නේ ද යන සැකය මට ඇති වෙනවා. එම රෝගී තත්ත්වයේ දී නම් විශාල වස්තු කුඩාවට පෙනීමේ ක්ෂුද්‍රදෘෂ්ටිකත්වයක් (micropsia) නැත හොත් ලිලිපුටියානු ව්‍යාජදර්ශනිකත්වයක් (Lilliputian hallucinations) ඇති විය හැකි ය. මෙම ඇලිස් ඉන් වොන්ඩර්ලන්ඩ් සහලක්ෂණය නිද්‍රාහීනතාව, ඉරුවාරදය වැනි හේතු නිසා ඇති වන හානි මඳ අර්පණයක් විය හැකි සේ ම මොළයේ අසාමාන්‍ය ව්‍යාධික වර්ධන, කපාල කණ්ඩිකා අපස්මාරය, ආසාධන වැනි හේතු නිසා ඇති වන හානි අධික අර්පණයක් ද විය හැකි ය. තමුන්නැහෙට මෙම තත්ත්වය නිතොර පවතින්නේ නම් නිසි රෝග පරීන්ෂාවක් සඳහා ස්නායු රෝග වෛද්‍යවරයෙකු මුණ ගැසෙන්න යැයි කාරුණික ව පවසමි. නැති නම් ළඟ ම පිහිටි රජයේ රෝහලේ කායික වෛද්‍යවරයා මුණ ගැසිය හැකි ය.

    (කිසිදු ශාස්ත්‍රීය වැදගත්කමක් නැති පල්හෑලි අඩංගු කර ආප්ප බාන ලෙස පොත් පළ කර, ඒවා නොමිලයේ සහ බලෙන් රෝහල්වල මනෝ වෛද්‍ය සායනවලට ලබා ‍දුන්, රටෙත් නැති, බ්ලොග් ලියමින් නො දන්නා හරුප දොඩවන, මෝහනකාර හොර මනෝ වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර හෝ උපදෙස් හෝ නො ගන්න)

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න. ‘විශාල' යනුවෙන් නිවැරදි විය යුතු ය.

      Delete
    2. හෙහ්, නියම උත්තරය.
      දැන් එතකොට උඩ ඇනෝගෙ පිලිතුර Null and Void වෙනවද?

      Delete
  10. අජිත්ගේ උපුටනයට අදාළ පැරණි ආලෝචනයක ( නිදහස වෙනුවට සිර කුටිය පුළුල් කිරීමට යෝජනා කරන අජිත් පැරකුම් ජයසිංහගේ සැඟවුණු සිංහල මහා ජාතිකවාදය ... ) කොටසක් මෙසේ උපුටා දක්වමු:


    //ජයසිංහයන් පවසන “ජාතික සීමාවන් ඉක්මවා යන දේශපාලන ප්‍ර‍ජාවන් ගොඩනැගීම” යන වියුක්ත ප්‍රකාශයේ භාවිත අර්ථය කුමක් ද? එමඟින් බිහි වන ඊනියා ලිබරල් ධනවාදී සමානාත්මතාවය කුමක් ද? මේ අන් කිසිවක් නො ව, විෂමජාතීය අනන්‍යතාවයන්ගෙන් හෙබි ලාංකීය සමාජය සමජාතීය ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් බවට පත් කර ගැනීමේ කූට ව්‍යාපෘතියකි. එමඟින් බිහි කර ගන්නා ඊනියා සමානාත්මතාවය සමපාත වන්නේ සිංහල මහා ජාතියේ අනන්‍යතාවය මත ය. එනම් සිංහල මහා ජාතියේ සම්මතය තුළට පීඩිත ජාතීන් ස්වීකරණය කරවා එකී පීඩිත ජාතීන්ගේ අනන්‍යතාවයන් සිංහල මහා ජාතියේ හෙජමොනික (අධිපති) අනන්‍යතාවයන් තුළ දිය කර හැරීම ය. මෙය පරම සිංහල මහා ජාතිකවාදය යි. අනෙකාගේ අනන්‍යතාවයට ගෞරව කර එය පිළිගැනීම වෙනුවට අනෙකාගේ අනන්‍යතාවය නැති කර අනෙකා ද තමා හා සමාන අයෙකු බවට පත් කිරීම සිංහල මහා ජාතිකත්වය පෝෂණය කිරීමක් පමණි. තල තෙල් ගඳ නැති දෙමළා කෙරෙහි සිංහල මහා ජාතිකත්වයට විරෝධයක් හෝ ගැටලුවක් හෝ නැත. සිංහල මහා ජාතිකත්වයට ගැටලුව ඇත්තේ දෙමළාගේ අනන්‍යතාවය පිළිබඳ ය. දෙමළ ජනතාවගේ විමුක්ති අරගලයට සාපේක්ෂ ව අතිශය ප්‍රතිගාමී අස්ථානයක සිටි භ්‍රෂ්ටයෙකු වූ, තල තෙල් ගඳ නැති, සිංහලකරණය වූ දෙමළෙකු වූ ලක්ෂ්මන් කදිරගාමරයන් සිංහල මහා ජාතිකත්වයට වීරයෙකු වූයේ එනිසා ය. කදිරගාමරයනට අගමැති ධුරය ලබා දිය යුතු බවට හඬ නැඟුවේ සිංහල මහා ජාතිකත්වය මිස දෙමළ සහෝදරත්වය නො‍ වේ. වාමාංශිකයන්ගේ අරමුණ සියලු ජාතීන්ගේ අනන්‍යතාවයන්ට අන්‍යෝන්‍ය ලෙස ගරු කරන, ඒවා ඉවසන සාර සමාජයක් ගොඩ නැඟීම ය. දෙමළ ජනයාට සිංහල හාලේ බත් කන්නට බල කරන, සිංහල ඇදුම් අඳින්නට බල කරන, සිංහලෙන් වැඩ කරන්නට බල කරන ඊනියා ලාංකීය අනන්‍යතාවයකින් අපට වැඩක් නැත. “විවිධත්වයේ එක්සත්කම” විනා “විවිධවය වෙනුවට ඒකීයත්වයක්” අපට අවශ්‍ය නැත. අප සිංහල මහා ජාතිකත්වයට පවසන්නේ ඔබලාගේ “ඊනියා සමානාත්මතාවයත් සාටෝපවත් ‘ජාතික සීමාවන් ඉක්මවා යන දේශපාලන ප්‍ර‍ජාවන්’ ගොඩනැගීමත් ඔබලා ම පෙට්ටගමක දමා තබා ගන්න” යනුවෙනි. අපගේ ආදිආචාර්ය කාල් මාර්ක්ස් විසින් සංකල්පගත කළ “අන්තර්ජාතිකවාදියා” යනු ජයසිංහයන් පවසන අධිපති සිංහල මහා ජාතිකත්වයට වක්‍ර ව සහය දෙන ඊනියා සමානාත්මතාවාදියෙකු නො වේ. //

    ReplyDelete
    Replies
    1. http://www.w3lanka.com/2016/07/blog-post_22.html?showComment=1469284780922#c8496394062753932963

      Delete
  11. ජාතික අනන්‍යතාවය ආරක්ෂා කරගැනීම ඒ ඒ ජාතීන්ට අයිති වැඩක් වුනත් පොදු අනන්‍යතාවයක් ගොඩ නැගීමේදී මම හිතන්නේ ඒ විවිධත්වය සලකා බැලීම හොඳයි කියලයි. ඒ ඒ ප්‍රජාවේ වගකිවයුත්තන් සමග සංවාද, සාකච්ඡා මේ සම්බන්ධයෙන් ඇති කරගැනීම මම හිතන්නේ වඩාත් කාලෝචිතයි. ඕනවට වැඩියෙන් ලිබරල් වෙන්න ඕන නැහැ. නැත්නම් වෙන්නේ දෙමාපියන්ට විරුද්ධව දරුවනුත් පොලීසියට යන එක.

    ReplyDelete
    Replies
    1. දෙමාපියන් නීතියට පිටින් දරුවන්ට හානි කරනවානම් දෙමාපියන්ට විරුද්ධව පොලීසි යන්න දරුවන්ට් සම්පූර්න අයිතිය තියෙනවා... දරුවන් කියන්නේ දෙමාපියන්ගේ 'භාන්ඩ' නෙමේ

      Delete
  12. Ajith umba sarthaka lesin me welawe sanwedeema saha dawena prashnaya wena UNP yahapalana horunge maha mudal wanchawa heli weema saha maha sudanek widihata lankikayan andawagena inna kunuwuna sohonak bandu ranilge niruwatha heliweemen awadhanaya wena ath walata yomu karanawa. Horakama kiyana mathrukawa eliyata Dala anduwak peralapu ewata udinma support karapu umba dan ayi kehel kapu rilawa wage nan dodawanawa.
    Umbe niruwatha hondin ma heli wela thiyenne

    ReplyDelete
  13. කෝ අපේ දිලෙන තරුව. සැඟවිලාද?
    මටනම් හිතෙන්නේ තරුව දීප්තිය වැඩිවෙලා පුපුරලා ගිහින් වල්ග තරුවක් වෙලා කියලයි.

    කොහොමද නම 'රෝබා වල්ගාතරුව' නිකන් හැලී ගේ වල්ග තරුව වගේ හැබැයි වල්ගේ කකුල් දෙක අස්සේ හංගගෙන නිකම් 'තරුව' වෙලා..
    පිස්සු නැත්තං සොඳා!

    ReplyDelete
  14. පක්ෂපාතීත්වයන්ගෙන් තොරවීම වෙනුවෙන් කටයුතු කිරීම තුලදීත් අනපේක්ෂිත ආකාරයට පක්ෂපාතීත්වයන් මතුවීමට තියෙන ඉඩ පිලිබදව විචාරාත්මක වීම වැදගත් දෙයක්. මේ සම්බන්ධ උනන්දුව දනවන පර්යේෂණයක් මේ පොතේ තියනව. එම පර්යේෂණයට නියැදි දෙකක් යොදා ගන්නව. පලමුවැන්න, කළු ජාතිකයන් හෙලා දකින කොන්සර්වේටිව්වාදීන් පිරිසක්. දෙවැන්න, වර්ගවාදයට එරෙහිව කටයුතු කරන ලිබරල්වාදීන් පිරිසක්. මේ දෙපිරිසටම සිය දෙනෙකුගේ ජීවිත බේරාගැනීම වෙනුවෙන් එක් අයෙකුගේ ජීවිතය බිල්ලට දීම පිලිබද Cases දෙක බැගින් ඉදිරිපත් කරනව. (Case A - සුදු ජාතිකයන් 100ක් බේරාගැනීමට කළු ජාතිකයෙක් පරිත්‍යාග කිරීම පිලිබදව වන අතර Case B කළු ජාතිකයන් 100ක් බේරාගැනීම වෙනුවෙන් සුදු ජාතිකයෙක් පරිත්‍යාග කිරීම වශයෙන්). මෙහිදී වර්ගවාදීන් ලෙස ගැනෙන කොන්සර්වේටිව්වාදීන් පිරිස ජාතිය ගැන තැකීමකින් තොරව 100ක් වෙනුවෙන් එක් අයෙක් කැප කිරීම අනුමත කරනව. (එනම් මෙම තීරණයෙදී ඔවුන් ජාතිවාදී නැහැ). වර්ගවාදයට එරෙහි ලිබරල්වාදීන් කළු ජාතිකයින් 100 වෙනුවෙන් සුදු ජාතිකයෙක් කැප කිරීම අනුමත කලත් එය අනෙක් අතට වූ විට එය ජාතිවාදී බව පවසමින් එයට එරෙහි වෙනව. (මෙම කාරණයේදී ඔවුන්ගේ තීරණය පදනම් වෙන්නෙ ජාතිය මත). මේ කරුණ සදහන් කලේ පක්ෂපාතීත්වයන්ට එරෙහිවීම තුලත් විචාර සම්පන්න නොවුණු විටක තමන් විරුද්ධ වූ දෙයම තමන් අතින් සිදුවන්න ඉඩක් තියන බව කීමටයි.

    ඉලක්කය ගුණාත්මකව වඩා ඉහල තත්ත්වයේ සමාජයක් ගොඩ නැංවීම නම්, පොදුවේ විවිධ අන්‍යන්‍යතා කණ්ඩායම් තුල පවතින සිරිත් විරිත් සංවාදයට ලක් කිරීම අත්‍යවශ්‍යයි. එතනදී හැම ආකාරයකම අධානග්‍රාහීත්වයන් විචාරයට ලක්වීම වැදගත්. එසේ නොවී “අපි සහයෝගයෙන් ඉන්නෙ“ කියා පෙන්වන්නට යෑමෙන් දීර්ඝ කාලීනව යහපත් ප්‍රතිඵල ඇති වෙයි කියා සිතීමට අපහසුයි.

    මේ කාරණයටම අදාල තවත් සාධකයක් යාපනය හිටපු දිසාපති නෙවිල් ජයවීර මහත්මය ඉදිරිපත් කරනව. සිංහල දෙමල ගැටුම ඉතාම තීව්‍ර තලයකට පැමිණීමේ මූලික හේතුව ලෙස සිංහල නායකත්වයේ සම්මුති විරහිතභාවය හදුනා ගන්නා ඔහු දෙවැනි හේතුව ලෙස හදුනා ගන්නේ ජාතික දේශපාලනයේ ප්‍රධාන ධාරාවෙන් දෙමල පක්ෂවල ස්වයං-පරාරෝපණයයි (තමන් විසින් තමා ඈත් කරගැනීම). ලාංකීය ජාතියක් ලෙස ඉදිරියට යාමේදී මේ කාරණයත් අවධානයට ලක්විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන කතාව ඇත්තක් නම් (එසේය උපකල්පනය කරනවා, හොයන්න වෙලාවක් නැති නිසා) මෙය අපට සිතන්න දේවල් ගණනාවක් ඉතුරු කරනවා. බොහෝ විට කොන්සර්වේටිව් දේශපාලඥයින් ජාතිවාදී නැහැ. උදාහරණයක් හැටියට ලංකාව ගත්තොත් ගමනායක නිසඟව ජාතිවාදියෙක් නෙවෙයි. ඔවුන් ජාතිවාදී වන්නේ සමාජයේ එහෙම පිරිසක් ඉන්නා නිසා ඒ පිරිසට කේටර් කරන්න. එසේම තම්න් 'ලිබරල්' කියලා හඳුන්වා ගන්න වැඩි පිරිසක් බොහෝ විට යම් සුළුතරයක කොටසක් හෝ සමාජයෙන් යම් හේතුවක් නිසා අසාධාරණයට ලක් වූ පිරිස්. මේ අය පොදුවේ සුළුතරයන්ට අනුකම්පාවක් දක්වනවා. වික්‍රමබාහු කරුණාරත්න සමරිසි උද්ඝෝෂණ වලට යන්නේ ඒ හන්දා. මේ පර්යේෂණයෙන් පෙනෙන්නේ ඒ ප්‍රතිඵලය.

      Delete
  15. ප්‍රංශයේ බුර්කිනි තහනම් කලාසේම මෙරට තුල. ගැහැනුන්ට සාමාන්‍ය අවස්ථාවල නලලේ තිලක තැබීම තහනම් කල යුතුයි. මන්ද එය රූපලාවන්‍ය කරුණක් නොව ගෝත්‍රික සංකේත පැළඳීමක්.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා