Posts

Showing posts from November, 2010

මතුගම පොලිසියේ වික්‍රමයක් | How Sri Lanka police tortured an elderly man

Image
( 2010 නොවැම්බර් 30,  W3Lanka )  මේ කතාව ඔබ සමහර විට අසා ඇති. අප එය නැවත පළ කරන්නේ මෙම යූටියුබ් වීඩියෝවේ සිටින වැඩිහිටි පුද්ගලයා විසින් විස්තර කරනු ලබන අත්දැකීමට පූර්විකාවක් ලෙසයි. ඔන්න ලෝකේ හොඳම පොලීසිය තෝරන තරෙඟ පැවැත්වුණලූ. මේක පැවැත්වුනේ පුංචි කැලෑරොදක. තරෙඟදී කරන්න තියෙන්නේ මොකක්ද දන්නවද? ඔන්න තරඟ සංවිධායකයෝ හාවෙකුව කැලෑරොදට නිදහස් කරනවලූ මේ හාවාව අල්ලන එක තමයි තරඟකාරි කණ්ඩායම් වලට කරන්න තියෙන්නේ. ඉක්මනට හාවා අල්ලන අය තමයි ජයග‍්‍රාහකයෝ. අවසාන තරෙඟට ඉදිරිපත් වුනේ ඇමෙරිකාවයි. එංගලන්තයයි. ලංකාවයි. ඉස්සෙල්ලාම ආවේ එංගලන්තේ වාරෙ. ඔන්න ඉතින් පොලිස් කණ්ඩායමක් නවීන තාක්‍ෂණික උපකරණ අරගෙන කැලේට ගියාලූ. ඒ ගොල්ල ගස් වැල් වලින්, ගල්මුල්වලින් පවා ප‍්‍රකාශ සටහන් කරගත්තලූ. සියුම් උපකරණ භාවිතා කරලා හාවාගේ සලකුණු හඹා ගියාලූ. හැබැයි හාවා අල්ලන්න බැරි වුණාලූ. ඊළඟ වාරේ ඇමෙරිකානුවන්ගේ. ඒගොල්ලෝ හෙලිකොප්ටර් වලින් බෝම්බ දාලා රසායනික අවි පවා භාවිතා කරලා අන්තිමේ වාර්තාවක් ඉදිරිපත් කළාලූ හාවා අතුරුදහන් කියලා. ඊළඟට වැඬේට බැස්සේ අපේ කට්ටියලූ. වැඩි සද්ද නැතුව බැටන් පොලූ දෙක තුනක් අරගෙන කැලෑ රොදට ඇතු

ශාස්තෲ නවකතාව ගැන කතා කරන්න බ්ලොග් අඩවියක්

Image
( 2010 නොවැම්බර් 30,  W3Lanka )  නවකතාව යනු සමාජ දේශපාලන සංවාදයේ උත්තර සංවාදයයි - ගුණදාස අමරසේකර "මේ වනාහි දේශපාලන ව්‍යායාමයකි. තේරෙන කාලයේ හට ගත් තරුණ කැරැලි දෙකක් හරහා එක්ව යමින් සමාජවාදී විප්ලවයක සිහින දැක පැරදුණ මගේ පරපුරේ මිනිසුන් සමග තුවාල ලෙව කන්නටත්, පය ලූහුටා ගිය තැන් සිතියම්ගත කරන්නටත්, ජීවිතය නැවත කියවන්නටත් අරගල පිළිබඳ ප‍්‍රබන්ධ සාහිත්‍යයක් අවැසිව ඇතැයි සිතමි. සමාජවාදී සමාජයක් පිළිබඳ සියලූ සිහින බිඳ වැටුණු පසුවත් ඒ බලාපොරොත්තුව ජීවිතාශාව වඩවයි. ලියන්නට ඇති කතා බොහෝ ය......." - ශාස්තෲ නවකතාවේ පෙරවදනින් අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද ශාස්තෲ නවකතාව ලංකාවේ මෑතකාලීන රැඩිකල් දේශපාලනය පසුබිම් කර ගත් එකකි. නවකතාව ආශ්‍රිත තොරතුරු පළ කිරීමටත් එය කියවන ඔබට අදහස් දැක්වීම සඳහාත් මෙම බ්ලොග් අඩවිය වෙන් කර ඇත. පිවිසෙන්න Bookmark, remember easily and come again   www.w3lanka.com

මීගමුවේ මුහුදු ගුවන් යානා ප්‍රශ්නය ගැන ධීවර ඇසින් | The view of the fisher community on the sea plane issue of Negambo lagoon

Image
( 2010 නොවැම්බර් 30,  W3Lanka )  මීගමුව කලපුවේ ධීවර කර්මාන්තය ඇරඹුණේ රජය නම් ප්‍රපංචය ඇරඹෙන්නට බොහෝ පෙර යයි අනුමාන කළ හැකි ය. රජය බිහි වී කලපුව හෝ වෙනත් ස්වාභාවික පරිසර පද්ධතියක් සිය දේපලක් යයි ප්‍රකාශයට පත් කළ පළියට එය මුළුමනින් ම එහි ගහ කොළවලට, සතුන්ට හා ඒ ආශ්‍රිතව ජීවත් වන දියුණු සත්ව විශේෂයක් වන මිනිසුන්ට අහිමි කරන්න රජයට තිබෙන සදාචාර අයිතිය කුමක් ද? එසේ අහිමි කිරීම නිසා ඇති වන ප්‍රති විපාක සොබාදහමේ තුලනයට බල පාන්නේ කෙසේ ද?  ලංකාව මහා සංවර්ධන ව්‍යාපෘති දියත් කරන්නේ ලෝකයේ දියුණු රටවල් එවැනි දේ ක්‍රියාත්මක කර සියවස් ගණනක අත්දැකීම් ලබා ගත් පසුයි. අපට වුණත්, මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ කඩිනමින් සිදු වූ අනර්ථකාරිත්වය පිළිබඳ අත්දැකීම් තිබෙනවා.  මහින්ද රාජපක්ෂ ආණ්ඩුව නූතන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ ඒ අතීත අත්දැකීම් වළලා දමමින්.  සොබාදහම විසින් වසර මිලියන ගණනක් තිස්සේ ගොඩනැඟූ දේ මිනිසා විනාශ කරන ආකාරය දුටු විට මතක් වන ප්‍රස්ථාව පිරුළක් වන්නේ 'වළංකාරයාගේ අවුරුද්දක වැඩ පොලුකාරයාට පැයකින් අවසන් කළ හැකි ය' යන්නයි.  සොබා දහම, පරිසරය, මිනිසුන් අමතක කර දමා

ශාස්තෲ දොරට වඩින දා එන්න ඔබටත් ආරාධනා!

Image
ප්‍රිය සහෘදය, මා විසින් ලියන ලද ශාස්තෲ නවකතාව නොවැම්බර් 30දා අඟහරුවාදා සවස තුනට කොළඹ 07, නිදහස් මාවතේ, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී එළි දකී. නවකතාව පාදක කරගෙන ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන හා ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ලංකාවේ කැරැලි හා සාහිත්‍යය තේමා කරගෙන කතා කරති. අග්නීමා සංගීත කණ්ඩායම සමග අප නිර්මානය කළ ගී කීපයක් ද ගැයේ. සුපුන් පොගේ පිටු කීපයක් කියවනු ඇත. සුරේඛා වැඩසටහන මෙහෙයවන්නී ය. මෙදිනට ශාස්තෲ නවකතාව 20%ක් මිළ අඩුවෙන් රු. 200කට මිළ දී ගත හැකි ය. පොතේ මිළ රු. 250කි. පැමිණිය නො හැකි ඔබ වෙනුවෙන් දෙසුම් ලියා පළ කරන්නට අදහස් කරන්නෙමු. ලංකාවේ ඕනෑම තැනකට ශාස්තෲ නවකතාව රු. 250ක මිළකට තැපැල් කරන්නට කටයුතු යොදා ඇත. ගෙවන කාර්යාලය මතුගම ලෙස යොදා රු. 250ක මුදල් ඇණවුමක් එල්. ඒ. පී. ජයසිංහ, මහවත්ත පාර, ඉද්දගොඩ, මතුගම යන ලිපිනයට එවන්න. විදේශ රටවල තැපැල් ගාස්තු පිළිබඳ විස්තර පසුව දැනුම් දෙන්නෙමු. ඉදිරි සතියේදී ශාස්තෲ ප්‍රධාන පොත් වෙළඳසල්වලට එනු ඇත. -අජිත් පැරකුම් ජයසිංහ, W3Lanka සංස්කාරක පහත පළ වන්නේ කෘතියෙන් උපුටා ගත් කොටසකි. ''

උදාරි වර්ණකුලසූරියට මාස හයක දඬුවමක් නම් ඔටාරා ගුණවර්ධනගේ පාර්ශ්වයට මාස කීයක් ද? | Six months RI for shoplifter Udari Warnakulasuriya; what sentence for human rights violator Otara Gunewardene

Image
( 2010 නොවැම්බර් 29,  W3Lanka )  සැප්තැම්බර් 24දා ඔඩෙල් සාප්පුවෙන් ඇඳුම් සොරාගෙන අසු වූ උදාරි වර්ණකුලසූරිය නම් නිළිය නොවැම්බර් 09 දින අධිකරණයේදී වරද පිළි ගත්තා ය. ඇයට වසරකට අත්හිටුවන ලද මාස හයක සිර දඬුවමක් නියම විය. ඔඩෙල් සාප්පුවට යුක්තිය ඉටු විය. එතැනින් සියල්ල අවසන් ද? සොරකම අසු වූ මොහොතේ ඔඩෙල් සාප්පුවේ කාර්ය මණ්ඩලය මෙම නිළිය බිම දණ ගස්වා සොරකම් කළ රෙදි ඇඟට දමා අවමානයට පත් කර ඡායාරූප ගත්තා පමණක් නො ව එම ඡායාරූප ප්‍රසිද්ධ කළේ ය. එම ඡායාරූප ප්‍රසිද්ධ ඒවා ය. එහෙත් අපි ඒවා පළ නො කරමු. ලංකාවේ නළු නිළියන් පිටට මොන ෂෝක් එක පෙන්නුවත්, ලස්සනට ඇඳ පැළඳ සිටීමට හා වැඩි දෙනෙකුගේ සිහිනය වන ඉරිදා පත්තරයක අතිරේකයක පළ කළ හැකි අන්දමේ ලස්සන ගෙයක් හදා ගැනීම සඳහා කරන කැප කිරීම් බොහෝ ය. රූපවාහිනියට හෝ සිනමාවට හෝ එන්නට හා පවතින්නට තරුණ නිළියන් බොහෝදෙනෙකුට සිනමාකර අයියලාගේ කෙළි බඩු වන්නට සිදු වේ. බොහෝ දෙනෙකුගේ ඊර්ෂ්‍යාවට ලක් වුණ ද ලංකාවේ නිළියන්ට අනුන්ගේ ඊර්ෂ්‍යාව හැරෙන්න සතුටු වන්නට තරම් අන් දෙයක් ලැබෙන්නේ නැත.  සාප්පුවලින් භාණ්ඩ සොරකම් කිරීම පසුපස යම් යම් මානසික ගැටළු ද ඇත.  ලංකාවේ සිදු වන ස

ඔබේ ගෙදරත් මාසික ආදායම රු. ලක්ෂයක් ද?

Image
( 2010 නොවැම්බර් 28,  W3Lanka )  කොළඹ දිස්‌ත්‍රික්‌ එජාප මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇසූ පැනයකට පිළිතුරු ලෙස ආණ්‌ඩු පක්‌ෂයේ සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (26 දා) පාර්ලිමේන්තුවේ සභාගත කළ ලේඛනයක සඳහන් වන පරිදි 2009 වසරේ ලංකාවේ ඒකපුද්ගල ආදායම රුපියල් දෙලක්‌ෂ තිස්‌ පන්දහස්‌ නවසිය හතලිස්‌ පහක්‌ (235,945) බව ද ඒකපුද්ගල ණය බර රුපියල් එක්‌ලක්‌ෂ අනූදෙදහස්‌ නවසිය හතළිස්‌ දෙකක්‌ (192,942) ද වේ. 2016 වන විට රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4000ට හෙවත් රු. 448,000 දක්වා ඉහළ නංවන බව රජය පවසයි. 2016 වන විට ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණ වුණොත් මේ ඉලක්කය තවත් අසීරු වනු ඇත. දැනට එය පවතින්නේ රු. 235,945ක මට්ටමේ ය.  ඒක පුද්ගල ආදායම විසින් රටේ ආර්ථික හා සමාජ සංවර්ධනය නිවැරදිව ප්‍රකාශ වන්නේ නැත. එයට හේතුව ආදායම් විෂමතාවයි. දැනට පවතින තත්වය අනුව පස්දෙනෙකුගෙන් සැදුම්ලත් සාමාන්‍ය පවුලක වසරේ ආදායම රු. 1,179,725ක් හෙවත් මාසික ආදායම රු. ලක්ෂයක් පමණ විය යුතු මුත් එසේ වන්නේ ලංකාවේ පවුල් කීයක ද? සෙනසුරාදා දිනමිණ කතුවැකියෙහි අපූරු රචනාවක් තිබිණි. එහි මාතාකාව 'ඔබට ඩොලර් හාරදහසක් ලැබුණොත්' යනු ය. එහි ද

මෙතරම් ණය බරකට කර ගැසීමේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට මහජනතාව සම්බන්ධ වූ ආකාරය පැහැදිලි කළ හැකි අයෙකු සිටී නම් ඉදිරිපත් වන්න

Image
( 2010 නොවැම්බර් 27,  W3Lanka )  කොළඹ දිස්‌ත්‍රික්‌ එජාප මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇසූ පැනයකට පිළිතුරු ලෙස ආණ්‌ඩු පක්‌ෂයේ සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (26 දා) පාර්ලිමේන්තුවේ සභාගත කළ ලේඛනයක සඳහන් වන පරිදි ශ්‍රී ලංකාව 2011 වසරේ මුල් මාස හත තුළ දේශීය සහ විදේශීය වශයෙන් රුපියල් කෝටි හාරලක්‌ෂ තිස්‌ හතර දහස්‌ හත්සිය පනහක්‌ ණය වශයෙන් ලබාගෙන තිබේ. මෙය කෙතරම් වැදගත් ප්‍රවෘත්තියක් වන්නේ ද යත් අද උදෑසන දිනමිණ වෙබ් අඩවිය බැලූ විට ඒ පිළිබඳ හාංකවිසියක් හෝ එහි නැත. ඒ වෙනුවට එහි කතුවැකියේ අපූරු රචනාවක් තිබිණි. එහි මාතාකාව 'ඔබට ඩොලර් හාරදහසක් ලැබුණොත්' යනු ය.  රජයේ නිල ලේඛන අනුව, මෙම වසරේ ජනවාරි මාසයේ සිට ජුලි දක්‌වා ශ්‍රී ලංකාව දේශීය වශයෙන් රුපියල් කෝටි දෙලක්‌ෂ පනස්‌ හතර දහස්‌ හාරසිය විස්‌සක්‌ ද (254,420) විදේශීය වශයෙන් රුපියල් කෝටි එක්‌ලක්‌ෂ අනූදහස්‌ තුන්සිය තිහක්‌ ද (180,330) ණය ලෙස ලබාගෙන තිබේ. මේ වනාහි රු. 4,347,500,000,000 ඉක්මවන ප්‍රමාණයකි. ලංකාවේ ජනගහණය කෝටි දෙකක් ලෙස සැලකූ කල රටේ ලොකු කුඩා සෑම පුරවැසියකු ම මේ මාස හත තුළ රු. 217, 375ක් ණය වී ඇත. සතරදෙනෙකුගෙන් සැදුම්ලත් ර

ඇමරිකාව ගැන කේරළයෙන් බිහි වූ විකට ගීතය ඔබත් දුටුවා ද?

Image
කේ.පී. සසි ( 2010 නොවැම්බර් 26,  W3Lanka )   මීට වසර කීපයකට පෙර ලෝක සමාජ සමුළුව නම් ගෝලීය ධනවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජ ව්‍යාපාරය දියත් වූ සමයේ ඉන්දියාවේ කේරළයෙන් එළි දුටු මෙම ගීතය එකල අරගල බිමේ මහත් සේ ජනප්‍රිය විය. ලංකාවේ ද සමාජ සමුළුවලදී වාදනය වූ මෙම ජනප්‍රිය වීඩියෝව නිර්මානය කළ කේ.පී. සසී මීට වසර කීපයකට පෙර මෙම ලේඛකයාට සිනමා වැඩමුළුවකදී පහසුකම් සපයන්නකු ලෙස හමු විය. ඔහු සිනමාකරුවකු මෙන් ම සමාජ ක්‍රියාකාරිකයෙකි. සොඳුරු මිනිසෙකි. ඔහුගේ සිනමාකරණය ඉන්දීය සිනමාවේ ප්‍රධාන ධාරාවෙන් බැහැරව සමාජ අරගල භූමිවල පවතින්නකි. ඔහු සිය සිනමා නිර්මානවල සංගත තැටිත් අරගෙන තැනින් තැන යන සැරිසරන්නෙකි.  ඔහුගේ අදහස් හා නිර්මාන පිළිබඳ විස්තර සදහා මෙම පිටුව බලන්න.  මෙම ගීතයේ ඉංග්‍රීසි උච්චාරණය මලයාලි ඌරුවට සිදු වන නිසා ඒ ඉංග්‍රීසි ඉංග්‍රීසියෙන් ම උප සිරැසි කර ඇත. ගීතයේ තනුව පිළිබඳ ලේඛකයා සසිගෙන් විමසූ විට එය ලංකාවේ ගීයක තනුවක් බව හේ පැවසී ය. සුරංගනීට මාළු ගෙනාවා ගීය දකුණු ඉන්දියාවේ ජනප්‍රිය වන්නට ඇත්තේ එය ගායනා කළ ගෝල්ඩන් චයිම්ස් ගායක මනෝහරන් 83 ජුලි කලබලවලින් පසුව කලක් දකුණු ඉන්දියාවේ ජීවත් ව

ලෝකෙට ම එකයි! පාඩුව මහජනයා මත පටවන රජය නම් අපූරු සමාගම ජන සතු කළ යුතු ය

Image
මූලාශ්‍රය: ලංකාදීප (කරු ජයසූරිය මන්ත්‍රීතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දකි.) ( 2010 නොවැම්බර් 26,  W3Lanka )  ලංකාවේ විශාලතම ව්‍යාපාරික සාමූහිකය රජයයි. එසේ ම, වැඩියෙන් ම පාඩු ලබන සමාගම් ටික අයත් වන්නේ ද මෙම දැවැත්ත කොම්පැනියටයි .   එහෙත්, මෙම සමාගම සුවිශේෂ එකකි. ලෝකයේ අන් කිසිම සමාගමක සිදු නො වන ආකාරයට ලාභ, පාඩු පිළිබඳ නො සලකා බිස්නස් කිරීමේ නිදහස මෙම සමාගම් කළමනාකරුවන් වන ආණ්ඩුවේ හිතවතුන්ට ඇත. මෙම සමාගම් අධ්‍යක්ෂ මණ්ඩලවල හා කළමනාකරණයේ ඉන්නේ පරාජිත මැතිවරණ අපේක්ෂකයෝ, ඇමතිවරුන්ගේ පවුල්වල සාමාජිකයෝ, ඡන්දෙට කඩේ ගිය ඇම්බැට්ටයෝ, ගජමිතුරු ව්‍යාපාරිකයෝ හා රජ පවුලේ අන්තේවාසිකයෝ ය. මේ කළමනාකරුවෝ කළ මනා දේ හැර අන් හැම දෙයක් ම කරති.  පාඩු ලැබුවා ය කියා මෙම ආයතනවල කළමනාකරුවන්ට කිසිදු ප්‍රශ්නයක් නැත. පාඩුව පියවීම සඳහා මහජනයාගෙන් තව තවත් බදු අය කරනු ලැබේ. පහත සඳහන් ලැයිස්තුව බලන්න. රජය නම් සමාගමට තේ කඩයකින්වත් ලාභ ලබන්නට බැරි බව එම ලැයිස්තුවේ පාඩු ලබන සමාගම්වල නම් කියැවූ විට වැටහෙනු ඇත. ලංකාවේ කිසිදු සුළු පරිමාණ බස් හිමියෙක් පාඩු ලබන්නේ නැත. එහෙත් බස් දහස් ගණනක් හි

ලංකාවේ ජනයා සූරා කන ප්‍රධාන ම ධනේශ්වර ව්‍යාපාරික බූවල්ලා රජය නමැති සමාගමයි

Image
( 2010 නොවැම්බර් 25,  W3Lanka )  අයවැය යෝජනාවලට අනුව නව විශ්‍රාම වැටුප් අරමුදල් දෙකක්‌ අලුතින් පිහිටුවීමට නියමිත බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසූ බව අද "දිවයින" වාර්තා කරයි. මේ අනුව ඉදිරියේදී දැනට සේවක අර්ථසාධක අරමුදල් ගිණුම් තිබෙන විධිමත් අංශයේ සේවකයන් සඳහා එක්‌ විශ්‍රාම වැටුප් ක්‍රමයක්‌ සහ සේවක අර්ථසාධක අරමුදල් ගිණුම් නැති විදේශ ශ්‍රමිකයන් වැනි අවිධිමත් අංශයේ සේවකයන් සඳහා තවත් විශ්‍රාම වැටුප් ක්‍රමයක්‌ද ආරම්භ වන බව වාර්තා වේ. දෙවනුව කියන ලද අරමුදලට විදේශ ශ්‍රමිකයන්ගෙන් අවම වශයෙන් මසකට රු. දහස බැගින් අය කර ගැනීමට නියමිත ය. 2011 ජනවාරි මස සිට ක්‍රියාත්මක කිරීමට අපේක්‌ෂා කරන  මේ අරමුදල් දෙකම ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්‌ඩලය විසින් කළමනාකරණය කරන බව ද මහ බැංකු අධිපතිවරයා කියයි. දැනට ඊ.පී.එෆ්. ගිණුම් තිබෙන විධිමත් අංශයේ සේවකයන් නව විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක වීම අනිවාර්ය වනු ඇතැයි අපේක්‌ෂා කරන බවද මහ බැංකු අධිපතිවරයා කියයි. අයවැය යෝජනාවේ සඳහන් පරිදි සේවකයන්ගෙන් සියයට දෙකකුත් සේවා යෝජකයාගෙන් සියයට දෙකකුත් දායක මුදල් වශයෙන් මෙම අරමුදලට ලබාගැනේ. එසේම ම

විදුලි බල මණ්ඩල මූලස්ථාන ඉදිරිපිටදී ආණ්ඩුවට කඩේ ගිය අහිංසකයන්ට ඇමති චම්පික පොලිසිය ලවා කළ දේ

Image
( 2010 නොවැම්බර් 25,  W3Lanka )  ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියෙන් උපුටා ගනු ලැබූ මෙම ඡායාරූපයේ සිටින පිරිස නොවැම්බර් 23දා උදේ කොළඹ කොටුවේ ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපිට රැස් වුණේ තම සේවය ස්ථිර කරන ලෙස ඉල්ලා අඛන්ඩ උද්ඝෝෂණයක් කිරීමටයි.  බහුතරයක් තරුණයන් වූ මෙම පිරිස වෙනත් සමාගම් දෙකක් හරහා විදුලි බල මණ්ඩලයේ කොන්ත්‍රාත් පදනමින් සේවය කළ 4000ක පිරිසක් නියෝජනය කළ හ.  පසුගිය මැතිවරණවලට පෙර අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් මෙම පිරිස කොළඹට ගෙන්වාං, ඔවුන් ස්ථිර කරන බවට පො‍රොන්දුවක් දී, ඔවුන්ට ඡන්දයට වැඩ කරන ලෙස දැනුම් දෙන ලදී. ඔවුන් 4000ට දෙන ලද ඉලක්කය වන්නේ ඡන්ද ලක්ෂ හතරකි. රස්සාව ස්ථිර කර ගැනීම පිණිස ඔවුහු සිය පවුල් සාමාජියන් හා ඥාතීන් ආදීන් ද ආණ්ඩුවට ඡන්දය දීමට පෙළඹවූ හ.  මේ අතරින් සෑහෙන පිරිසක් සිංහලයෝ වෙති. සිංහලයන් විසින් මෙවැනි උද්ඝෝෂණ සෑහෙන සංඛ්‍යාවක් කර බලයට ඔසවා තබන ලද වර්තමාන විදුලි බල හා බල ශක්ති ඇමති චම්පික රණවක දැන් මෙම පිරිස අමතක කර තම උවමනාව පරිදි 1500ක පිරිසක් විදුලි බල මණ්ඩලයට බඳවා ගන්නට යන නිසා මෙම පිරිස සිය සේවය ස්ථිර කර ගැනීම පිණිස මෙම උද්ඝෝෂණය ආරම්භ කළ හ.  පිළි ගන්න. තන

අසභ්‍ය දර්ශනවලට පෙනී සිටි තරුණියන් පිරිසකගේ රූප

Image
අපට ලැබුණු ඊමේල් ලිපියකි. නිර්මානාත්මක ය. Bookmark, remember easily and come again   www.w3lanka.com

සයිබර් ජාතිවාදියෝ, පොන්නයෝ හා W3Lanka

Image
( 2010 නොවැම්බර් 24,  W3Lanka )  අප ආණ්ඩුවේ කිසි ම හොඳක් දකින්නේ නැති බව කියමින් සමහරු අප සුදු වෑන්වලින් ඉස්සිය යුතු බව හා හිරේ ඇරිය යුතු බව කියති. ඇත්තෙන් ම අපි ආණ්ඩුවේ විශේෂ හොඳක් ඇති නම් අනිවාර්යයෙන් ම කියන්නෙමු. උදාහරණයක් මෙසේ ය: රෝහල්වල බාහිර රෝගී අංශ සවස හත වන තුරු විවෘත කිරීම දිළින්දන්ට සහනයකි සමහරුන්ට ඒ අගය කිරීම් ද තිත්ත ය. ජනතාව ආණ්ඩුව පත් කරන්නේ හා දුවා දරුවන්ට කන්න දෙන්න දුක සේ හරි හම්බ කරන මුදලින් බදු ගෙවා, ඇමතිලාට හා නිලධාරීන්ට සැප දෙන්නේ හොඳ වැඩ කරන්නට මිස නරක සඳහා නො වේ. ආණ්ඩුවේ හොඳ වැඩ වර්ණනා කරන්නට ලේක්හවුස්, රූපවාහිනී, අයි.ටී.එන්, ගුවන් විදුලි සංස්ථාව වැනි රජයේ ආයතන රැසක් ද ජනතා බදු මුදලින් හෝ ජනතා බදු මුදලින් ආණ්ඩුව දෙන දැන්වීම්වලින් හෝ නඩත්තු වේ. එහෙව් එකේ, මේ (කක්කි, ගූ, මිනිසුන් නො කියවන, සමාජ විරෝධී ආදී) විශේෂණ රැසකින් හැදින්වෙන මෙම බ්ලොගය ද ආණ්ඩුව වර්ණනා කිරීම සඳහා වෙන් විය යුතු යයි අපි නො සිතමු. එහෙම කරන්නට ගියොත්, සමහරුන් යෝජනා කරන පරිදි අප සුදු වෑන්වලින් රැගෙන ගියහොත් ආණ්ඩුවට තමන් දිහා බලා ගන්නට මෙවැනි සයිඩ් කණ්ණාඩියක්වත් නැති වනු ඇත. ස