රජතුමා ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග්කරුවා (සහ තවත් අය) ගොනාට ඇන්දූ හැටි | How the king dressed or undressed Taboo Subjects

(2010 නොවැම්බර් 21, W3Lankaලංකාව ධනවාදය දෙසට නො ව, බුරුමය දෙසට ඇදී යමින් සිටින බව පසුගිය කාලයේ කිය කියා සිටි ටැබූ සබ්ජෙක්ට්ස් හොඳ ළමයකු වී ඇත. කොච්චර හොඳ වී ඇද්ද යත් නරක ළමයින්ට ඇඟිල්ල දිගු කර පෙන්නන්නත් පටන් ගෙන ඇත.


"මේ දත්ත මත පදනම් වූ කතා නොව තරහට ඉරිසියාවට කියන දේවල්ය. විමල් වීරවංශද කාලයක් ඔහොම කතා කීවේය. දැන් ඔහු නැති නිසා කවුරුන් විසින් හෝ ඒ අඩුව පිරවිය යුතුය සිතමි." -ටැබූගේ කමෙන්ටුවකින්


මේ ප්‍රකාශයෙන් පසු මහින්ද රාජපක්ෂ රට හදන එක ගැන ලේඛකයා ඇත්තෙන් ම ඉරිසියාවෙන් සිටින්නේ ද යන්න ලේඛකයා කල්පනා කර බැලුවේ ය. ලේඛකයා මේ වන විට කිසිදු දේශපාලන පක්ෂයක්, කණ්ඩායමක් නියෝජනය කරන්නෙක් නො වේ. එවැන්නෙකුට මේ සම්ම ජාතියේ තමන්ගේ පාලනයක් යටතේ රට සංවර්ධනය කරන්නට අවස්ථාවක් ලැබෙන්නට ඉඩක් නැත. මක් නිසා ද යත් ඉස්සර මෙන් මාළිගාවේ ඇතා ඇවිත් ඔටුන්න හිමි කුමාරයා ළඟ දණ ගහන ක්‍රමයක් දැන් නැති නිසා ය. එහෙම එකක් තිබුණත් ඇතාට වරදින්නත් ඕනෑ ය. මෙය හරියට කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දැකීම වැනි දෙයකි.


එහෙව් එකේ මහින්ද රාජපක්ෂ යනු ලේඛකයාට ඉරිසියා කරන්නට ලොකු වැඩි නිමිත්තකි. රට සංවර්ධනය වුණොත් ලේඛකයාට ද හොඳ ය. මන්ද, ලේඛකයාගේ දරුවන් හෝ කටට රහට කෑමක් කා, නාට්‍යයක්, චිත්‍රපටයක් බලා, තව ඕනැ නම් ඔය කවියක්, කතාවක් ලියා සතුටින් ජීවත් වනු ඇත. ඇතැම් විට, නිදහසේ ආදරය කරනු ඇත. ලේඛකයාගේ පරම්පරාවට මේ අවස්ථා ලබා ගැනීම දුෂ්කර විය.


‍ටැබූගේ මෙවැනි කතා ටැබූ හෙවත් තහංචි විෂය නො වේ. ඒවා කෙහෙළිය රඹුක්වැල්ලගේ කටින් නිතර පිට වන ඒවා ය. ටැබූ සබ්ජෙක්ට්ස් දැන්, දැන් ‍ඓන්ද්‍රිය බුද්ධිමතකු බවට රූපාන්තරණය වෙමින් ඉන්නවා විය හැකි ය. ‍ඓන්ද්‍රිය බුද්ධිමතුන්ගේ හෙවත් organic intellectualsගේ කාර්යය වන්නේ අධිපති මතවාදයන් වෙත ජනයා ඇද බැඳ ගැනීම සඳහා කටයුතු කිරීමයි.


මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඔහුගේ ඇසට ගැසූ ටෝච් එළිය හම්බන්තොට වරායයි. මෙවැනි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිවලින් මුළු ලංකාවට ම ඇහැ ගිනිකණ වැටී ඇත. දඩයක්කරුවාගේ කෑලි පහේ බැටරියෙන් ඇහැ ගිනිකණ වැටුණු සත්තු වෙඩි වදින තුරු ඔහේ බලා සිටිති.


අප එසේ ගිනිකණ නො වැටෙන්නේ අප දෑස් වසාගෙන සිටින නිසා නො ව අපේ කණීනිකාව පුළුල් නිසා ය.


අප මෙම සංවර්ධන සංකල්පය මූලිකව ම පිළි ගන්නේ නැත.


මෙම සංවර්ධන සංකල්පය ක්‍රියාත්මක වන ආකාරය අපි උදාහරණයක් ඔස්සේ විමසා බලමු.


ඉදි වෙමින් තිබෙන කොට්ටාව - ගොඩගම හෙවත් කොළඹ - මාතර අධිවේගී මාර්ගයේ දුර කිලෝ මීටර 120කි.


2011 අගදි ඉදි කර අවසන් වන බව කියන මෙම අධිවේගී මාර්ගයේ, එයට යට වූ ඉඩ කඩම්, දේපල හා ව්‍යාපාරවල වටිනාකම ද සමග ම සමස්ත වියදම රු. බිලියන 85ක් හෙවත් කෝටි 8500කි. ඒ අනුව එක් කිලෝ මීටරයක් ඉදි කරන්නට යන වියදම රු. කෝටි 71කි. එනම් එක් මීටරයක් හැදීමට යන වියදම රු. 710,000කි.


අධිවේගී මාර්ගය වැටුණු පාරේ දෙපස ගම් 120ක් තිබේ යයි අපි උපකල්පනය කරමු. එවිට මේ එක් ගමක් මැදින් අධිවේගී මාර්ගය හැදීමට යන වියදම රු. 710,000,000කි. එනම්, රු. මිලියන 710කි. අර ඉහත කී ඇතා පැමිණ වැරදීමකින් හෝ ඉස්පිරිතාලේදී සිදු වූ මාරුවක් නිසා හෝ වෙනත් අප නො දන්නා හේතුවක් නිසා හෝ මෙම ලේඛකයා ළඟ දන ගසා රටේ පාලනය ඔහුට පැවරුවේ නම් ද, මෙවන් මුදලක් ණයට ලැබේ නම් ද, ටැබූට අනුව අඥාන වාමාංශිකයකු වන මෙම ලේඛකයා කරන්නේ ගම මැදින් ගොඩ කර අධිවේගී මාර්ගයක් හැදීම නො වේ.


මේ ගමේ ඉන්න මිනිසුන්ට කිරි හරකුන් මිළ දී ගන්නට, තණකොළ වවන්නට, එළවළු, පලතුරු, කුළුබඩු වගාවට හා වෙනත් ඉල්ලුමක් ඇති සුළු කර්මාන්තවලට හා සේවාවන්ට අවශ්‍ය මාර්ගෝපදේශ සැපයීමටත්, ප්‍රාග්ධනය සඳහා ණය සැපයීමටත්, දේශීය හා අපනයන වෙළඳපොල නිර්මානය කර ගැනීම සඳහා අත දීමටත් මිලියන 710න් 1/10ක් තිබුණත් ඇති ය. 


මේ විධියට ගම්වල නිෂ්පාදනය වැඩි වන විට, ගුණාත්මක වූ අතිරික්ත නිෂ්පාදනය වෙනත් ප්‍රදේශවලට යවන්නට හා පිටරට පටවන්නට හැකි වනු ඇත. එසේ ම යහමින් මුදල් හදල් ඇති නිසා ගම්වල මිනිසුන්ගේ අවශ්‍යතා ද වැඩි වනු ඇත. ඔන්න එවිට ඉක්මන් ප්‍රවාහනය සඳහා හොඳ මාර්ග අවශ්‍ය වනු ඇත. දැන් ඒ මාර්ග හැදීම සඳහා ගන්නා ණය සඳහා පොලී ගෙවීම පිණිස බදු ගෙවීමේ ආර්ථික ශක්තියක් මේ රටේ ජනයාට ඇත.


දැන් මේ ටැබූ සබ්ජෙක්ට්ස් වැනි ඥානවන්ත මිනිසුන් විසින් සිදු කරනු ලබන, අගය කරනු ලබන අලුත් පන්නයේ සංවර්ධනය සිදු වන්නේ අනෙක් පැත්තට ය. ඒ අනුව, සරුසාර ඉඩම්, ගම් බිම්, තෙත් බිම්, ගෙඋයන්, කුඹුරු ගොඩ කර මුලින් අධිවේගී මාර්ගය හදනු ලැබේ. සංවරධනය නිසා අවතැන් වූවන් ප්‍රමුඛ ටැබූ සබ්ජෙක්ට්ස් වැනි ජනයා බස්වල නැඟී, ජනෙල්වලින් ඔලු එළියට දමාගෙන, වමනෙ කර කර, අප්පුඩි ගස ගසා, ආයුබෝ වේවා - මහ රජාණනේ වැනි සිංදු කිය කියා, මේ පාරේ ට්‍රිප් ගිහින් අවසන් වූ පසු කොළඹ සිටින අපනයනකරුවෝ ඒවා දිගේ ගම්වලට ලොරි යවති. ලොරි එන නිසා ගැමියෝ ලොරිවලින් ඉල්ලන ජාති නිෂ්පාදනය කරති. එවිට ගම් සංවර්ධනය වේ. (හිනා වෙලා පණ යනවා ඕයි!) 


එහෙත්, ඔබ කියන්නේ අප වැනි වාමාංශිකයන්ට පිස්සු ය කියා ය.


ඇත්තෙන් ම විකාර අදහස අපේ අදහසයි. මන්ද, ලෝක බැංකුව හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැනි ජාත්‍යන්තර සංවර්ධන ආයතන ද චීනය වැනි ණය දෙන රටවල් ද අප යෝජනා කළ ආකාරයේ වැඩසටහන්වලට ණය නො දෙති. හේතුව, එක්කෝ ඔවුන්ට මේ රටවල දිළිඳුභාවය පිටුදැකීම සඳහා ඇත්ත උවමනාවක් නැත. නැතිනම්, ඔවුන්ගේ දිළිඳුකම පිටුදැකීමේ ක්‍රමවේදය වෙනෙකක් නිසා ය. 


ඔවුන්ට අනුව, අප ඉහත කී ආකාරයේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වැඩක් නැත. මහා ආයෝජන මගින් මහා කර්මාන්ත ආරම්භ කළ යුතු ය. ඒ සඳහා ගම්වල ජනයාට පමණක් නො ව, රජයටවත් ප්‍රාග්ධනය නැත. දියුණු ධනේශ්වර රටවල හා දැන් නම් චීනයේ පවා අතිරික්ත ප්‍රාග්ධනය ඇත. ඒ සමාගම් මෙහි ගෙන්වා ගත යුතු ය. සමාගම්වලට ඉඩම් ටික, වතුර ටික මිළ දී ගන්නට සැලැස්විය යුතු ය. (ජල කළමනාකරණය ගැන අපේ පරණ සංවාදය ද මෙයට සම්බන්ධ ය.) එවිට, ඔවුහු නවීන තාක්ෂණය හා යන්ත්‍ර සූත්‍ර භාවිතා කර කෘෂිකර්මාන්තය මහා පරිමාණෙන් කරනු ඇත. කලින් යැපුම් කෘෂිකර්මයේ යෙදී සිටි ගොවියාට දැන් ඒ සමාගම්වල රැකියා කළ හැකි ය. (පාරිසරික, සමාජ හා සංස්කෘතික ප්‍රශ්න ගැන මෙහිදී සාකච්ඡා නො කරමි.) 


අධි තාක්ෂණයෙන් වැඩ කෙරෙන නිසා සියලු දෙනාට රැකියා ලබා දිය නො හැක. ඒ නිසා සෑහෙන පිරිසක් ගොවිතැනින් දොට්ට වැටෙනු ඇත. එවිට, බඩගින්න නිසා කුණු කොල්ලයට ශ්‍රමය විකිණීමට කැමති මිනිසුන්ගෙන් සැදි මෙම අතිරික්ත ශ්‍රම බලකාය සොයා ඇඟලුම් කර්මාන්තය වැනි ශ්‍රම සූක්ෂම කර්මාන්ත ආයෝජකයන් මෙහි එනු ඇත. රැකියා ලැබෙනු ඇත. එහෙත්, අතිරික්ත ශ්‍රමය ඇති නිසා වැඩි පඩි සඳහා කේවෙල් කරන්නට බැරි ය. ඉන්න බැරි නම් යන්නට පුළුවන. එවිට අලුතෙන් රැකියාවට ගන්නට තව බොහෝ අය සිටිති.


ආයෝජනයට විවිධ අන්දමින් හවුල් වන අයට වාසි සැලසේ. ශ්‍රමයට, විශේෂයෙන් ම ශාරීරික ශ්‍රමයට එදා වේල පිරිමසා ගැනීමට යමක් ලැබෙනු ඇත. 


බුමුතුරුණු බ්ලොගයේ ශාන් සහෝදරයා කියන trickle down effect හෙවත් ආර්ථික සංවර්ධනය පහළට කාන්දු වීම ඇත්තෙන් ම ඔහු කියන අන්දමින් අත පල්ලෙන් වැටීමකි. නැතිනම් මාළු හොද්ද ෆිල්ටර් කිරීමක් වැනි වැඩකි. මාළු කෑලි ටික උඩ ඉන්න එව්වෝ කති. පහළට ම එන්නේ ලුණු වතුර පමණි. 


මේ නව ලිබරල්වාදී ආර්ථික සිද්ධාන්තය ම ප්‍රෝඩාවකි. විෂමතා වැඩි කිරීම ඉලක්ක කරන්නකි. දිළින්දන්ගේ සංවර්ධනය අතුරු ඵලයක් බවට පත් කරන ප්‍රතිගාමී එකකි. එහෙත් මෙය යෝජනා කරනු ලබන්නේ දිළිඳුභාවය පිටුදැකීමේ උපායමාර්ගයක් ලෙසයි. 1990 දශකයේ අගභාගයේදී හා 2000 දශකයේ මුල භාගයේදී ලංකාවේ දිළිඳුභාවය නැති කිරීම සඳහා ලෝක බැංකුව සමග එක්ව ලංකාවේ රජය හැදූ බව කියන ලේඛනයේ නම මතක ද? Poverty Reduction Strategic Policy. 


අප විරුද්ධ බොරු කියා මිනිසුන් රවටනවාට ය. ඇත්ත කියන්න. මේ කාන්දු වීමෙන් ලෝකයේ කොතැනක හෝ දුප්පත්කම නැති වී නැත. මෙම උපායමාර්ගය අසාර්ථක බව ලෝක බැංකුවේ හිටපු සභාපති ජේම්ස් වුල්ෆන්සන් පවා පිළි ගෙන ඇත.


මේ වැඩපිළිවෙලට විරුද්ධව රටේ දැවැන්ත උද්ඝෝෂණයක් මතු විය. 2001 අග සිට 2004 අප්‍රේල් දක්වා විපක්ෂයේ සිටි පොදු පෙරමුණ සිවිල් සමාජය විසින් ගොඩනඟන ලද ජාතික සම්පත් හා මානව හිමිකම් සුරැකීමේ සන්ධාන‍යට සහාය දැක්වී ය. එම ව්‍යාපාරයේ නායකත්වය දැරුවේ එප්පාවල පොස්පේට් නිධිය ඇමරිකා‍වේ මැක්මොරන් සමාගමට විකිණීම එරෙහිව දැවැන්ත සටනක් කළ මහමාන්කඩවල පියරතන හිමි ය. මහින්ද රාජපක්ෂ මේ උද්ඝෝෂණවලට සහභාගි වූ අයෙකි. මේ සැලැස්ම යටතේ රජයේ බැංකු පෞද්ගලීකරණය කිරීමේ සැලසුම්වලට එරෙහිව උද්ඝෝෂණ කළ ලංකා බැංකු සේවක සංගමයේ එම්.ආර්. ෂා සහෝදරයා‍ සහ තවත් අය මහින්ද රාජපක්ෂ සහෝදරයාව බැංකු මූලස්ථානය අසලදී කතාවක් පැවැත්වීම සඳහා පීප්පයක් උඩට උස්සා තැබූ අයුරු මේ ලේඛකයාට අදත් මැවී පෙනේ. ලේඛකයා මෙම ව්‍යාපාරයේ ක්‍රියාකාරී සාමාජිකයෙකි. එප්පාවල හිමි, ෂා සහෝදරයා, වාසුදේව සහෝදරයා වැනි මහින්දගේ යාළුවෝ දැන් මහින්ද දුන් තනතුරු හොබවමින් කට පියාගෙන සිටිති. 


ජවිපෙ මෙම ව්‍යාපාරය සමග එක් නො වී වෙනම ම ව්‍යාපාරයක් ගෙන ගියේ ය. ජවිපෙ එජාපයේ නව ලිබරල්වාදී 'යළි පුබුදමු ශ්‍රී ලංකා' වැඩසටහන දුටුවේ එය ඉදිරියට ගියොත් ඔවුන්ට දේශපාලන අවකාශයක් නැති වී යන අනතුර ඔස්සේ ය. මෙම සංවර්ධන සංකල්පයට විකල්ප දැක්මක් සාමාන්‍යයෙන් ජවිපෙ වැනි ගතානුගතික මාක්ස්වාදීන්ට නැත. හොඳ ම උදාහරණය චීනයයි. චිනයට ආවඩන ජවිපෙ ආණ්ඩුවක් පිහිටෙව්වා නම් කරනු ඇත්තේ ද මහින්ද අද කරන දේ ම ය. වෙනසකට තිබිය හැක්කේ පවුලේ තැනට පක්ෂය ආදේශ වීම පමණි. 


මහින්ද චින්තනය හැදුණේ ජවිපෙ හා මහින්ද අතර මේ සිංචන ක්‍රියාවලිය ඔස්සේ ය. ඒ නිසා එයට ජවිපෙ-මහින්ද සිංචනය කියා කියනවා නම් වඩා හොඳ ය. රනිල් සමග ඉරිසියාව හැර ගැඹුරු දේශපාලන, ආර්ථික දැක්මක් ජවිපෙට හෝ ජවිපෙ විසින් එසවා තබන ලද මහින්දට තිබුණු බවක් නො පෙනේ. හිස් ප්‍රලාපයක් වූ ජාතික ආර්ථිකයක් පිළිබද සුරංගනා කතා මේ දෙගොල්ලන්ට ම දැන් අමතක වී ඇත්තේ එහෙයිනි. 


එජාපය මෙම වැඩසටහන සැලසුම් කළේ ලෝක බැංකු, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල් සහන ණය හා බටහිර ප්‍රාග්ධනය ඉලක්ක කරගෙනයි. ලංකාවට ආධාර දෙන කණ්ඩායම විසින් රු.කෝටි 45,000ක ආධාර හෙවත් සහන පොලියට දෙන ණය එදා පොරොන්දු වී තිබිණි. ඒ කොන්දේසි මත ය. එකක්, ජාතික ගැටලුවට දේශපාලන විසඳුමක් දී සාමය චිරස්ථායී කිරීමයි. අනෙක, ප්‍රාග්ධනයේ නිදහස් සංචලනයට නීතිමය හා ව්‍යවහාරික බාධා ඉවත් කිරීමයි. ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ මුඛ්‍ය අරමුණ එයයි. 


මහින්ද මේ නව ලිබරල්වාදී ආර්ථික සැලැස්මෙන් තමන් කැමති කෑලි කීපයක් කර ගහගෙන යන්නේ චීනයෙන් හා වෙනත් තැන්වලින් ගිනි පොලියට ගන්නා ණයවලිනි. බටහිරින් ප්‍රාග්ධනය තබා සංචාරකයකු හෝ ගෙන්වා ගැනීමට මහින්දට තවම 'බැරි බැරියාව' ය. හේතුව, 'යළි පුබුදමු ශ්‍රී ලංකා' සැලැස්මේ සාමය චිරස්ථායී කිරීමට හා ප්‍රාග්ධන සංචලනය නිදහස් කිරීමට කර තිබූ සැලසුම් මහින්දගේ සංවර්ධන උපායමාර්ගය තුළ නැති නිසා ය. 


නිදසුනක් ලෙස, ඍජු විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම මුල් සැලැස්මේ ප්‍රධාන අංගයකි. රජය ව්‍යාපාර කටයුතුවලින් ඈත් වී පෞද්ගලික අංශයට ප්‍රමුඛත්වය දී ආයෝජකයන්ට නිදහස්, ප්‍රජාතන්ත්‍රවාදී පසුබිමක් සකසා දීම ඍජු විදේශ ආයෝජන ගෙන්වා ගැනීමෙහි මූලික කොන්දේසියකි. GATS හෙවත් සේවා වෙළඳාම පිළිබඳ පොදු සම්මුතියේ හා ජාත්‍යන්තර වෙළඳ සංවිධානයේ සාකච්ඡාවන්ගේ අරමුණ වූයේ මෙම කරුණයි. ලේඛකයාට මේ පිළිබඳ බරපතල විවේචන ඇත. ඍජු විදේශ ආයෝජන ඉල්ලා සිටින ගමන් තියෙන ඍජු විදේශ ආයෝජන රජයට පවරා ගන්නා මහින්දගේ ආර්ථික මූලෝපාය මේ මොකකටවත් නැති එකකි.


මහින්දගේ සංවර්ධන සැලැස්මේ නැති එකම දෙය සැලැස්මකි. 


එහෙත්, ඔහු දක්ෂ පාලකයෙකි. දක්ෂ පාලකයකු වීමට රට සංවර්ධනය කළ යුතු නැත. පාලිතයන් තමන්ට අවශ්‍ය ආකාරයට හැඩගස්වාගෙන තම අභිමතය පරිදි රට පාලනය කරමින් වැජඹීම ද දක්ෂකමකි. 


මාධ්‍ය මගින් රාජ්‍ය කෙරුවාව මහින්ද නියමෙට ම දනියි. ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග්කරුවා වැනි රැඩිකල් මතවාදීන් පවා අන්දා ගැනීමට ඔහුට පුළුවන් වන්නේ ඒ නිසා ය. මේ රටේ සාමාන්‍ය ජනයාගෙන් බහුතරයකට නම් අන්දන්න උවමනා නැත. 'අන්න රෙද්ද!' කියා කියූ කල මේ අය පොර කකා එහි කෑලි ඉරාගෙන ගොස්, ටේලර් ළඟ පෝලිම් ගැසී මිනුම් දී මස්සවාගෙන ඇඳගෙන ගොනාට අඳිති. 


මගේ රටට දළදා හිමි සෙවණයි - මගේ රටට දළදා හිමි සරණයි


ජල සම්පත පෞද්ගලීකරණය ටැබූ හා අප අතර සංවාදය පිළිබඳ මෙම ලිපි කියවන්න:‍


ඇමති නිමල් සිරිපාලගේ ගේ පිටුපස ලෝක බැංකුව හොල්මන් කරනවාද? 

ජලය වෙළඳ භාණ්ඩයක්ද? 


සංවර්ධනය ගැන මෙම ලිපි ද වැදගත් විය හැකි ය. 


ධනපති පංතියට ඇඩ්‍රස් නැති වීම හා ධනවත් පංතිය ජය කෙහෙළි නැංවීම


Comments

  1. ඔබගේ සමහර මූලික තර්ක සමග මම එකඟවෙමි. එහෙත් මට එකඟ නොවිය හැකි එකම කරුණ. මාර්ග සංවර්ධනය පිලිබඳ විවේචනයයි. රටක් දියුණු වන්නට පුලුල් මාර්ග අවශ්‍යය. සමහර විට මේ මාර්ග සරුසාර ගොඩබිම් මතින් ඇදී යයි. එය ව්‍යාපෘතියේ "opportunity cost" ලෙස හැඳින්විය යුතුය.

    1950වන විට අමෙරිකාව දියුණු රටක් වුනත්, ධනය එතරම් බෙදීගිය රටක් නොවීය. අති බහුතරයක් දුප්පත් ගොවියන් හා ශ්‍රමිකයන් වුනු අතර රටේ ධනය ප්‍රකෝටිපතියන් අතලොස්සක් අත රැඳිනි.

    මේ තත්වය වෙනස්වූරයේ අමෙරිකා එකසත් ජනපදය. මෙය වෙනස් වන්නට මූලික උත්තේජකය වූයේ 1956දී නිළවශයෙන් වැඩ ආරම්ඹ කල අන්තර්-ජනපද අධිවේගී මාර්ග පද්ධතියයි (inter-state superhighway system).

    මාගේ තර්කය නම් සංවර්ධනය කොළඹට සීමා නොවීමට මෙවැනි මාර්ග අත්‍යාවශ්‍යය. උදාහරණයක් ගනිමු.

    ඔබ කුඩා කර්මාන්තකරුවෙකු යයි සිතමු. දැනට ඔබේ කර්මාන්තශාලාව තිබෙන්නේ. කොළඹ නගරයේය. ගමට සාපේක්ශව කොළඹ පිරිවැය අධික නගරයකි. මේ කර්මාන්තශාලාව අනුරාධපුරයට ගෙනගියොත් ඔබට පිරිවැය අවම කරගත හැකි අතර පහසුවෙන් කොළඹට සාපේශව අඩුමිලට ශ්‍රමය සපයා ගත හැකිය. එහෙත් ඔබට ගැටලුවකට ඇත්තේ අනුරාධපුරයේ සිට ඔබේ නිශ්පාදන නගරයට ගෙන ඒමයි. අනුරාධපුරයේ සිට එනවිට වරකාපොල පසුවුනු පසු මාර්ගතදබය කෙතෙක්දැයි ඔබ දන්නවා ඇත. මේ අනුව වැයවෙන කාළය හා ඉන්ධන නාස්තිය සැලකූ වුට ෆැක්ටරිය ගලවාගෙන අනුරාධපුරයට පැටවීමේ මහන්සිය හා වියදම දැරීම ප්‍රයෝජනයක් නොමැත්තකි. ලැබෙන පිරිවැය වාසිය ප්‍රවාහන වියදම් හා ප්‍රමාදය නිසා අහිමවන ගනුදෙනු මගින් උරාගනී.

    =============
    සැ.යු. මම රාජපක්ශ ගැත්තෙක් නොවෙමි. රජපස නඩය ගැන මාගේ අදහස් දැනගැනීමට මාගේ බ්ලොගය වෙත පිවිසෙන්න.
    http://sinhala-nazi.blogspot.com/

    ReplyDelete
  2. ඇත්තට නිදා සිටින එකා ඇහැරුවත් හොරට නිදා සිටින එකා ඇහැරවන්න අපහසුය. ටැබූ වැන්නන් ජනාධිපති මහින්දගේ ඊනියා සංවර්ධනයෙන් ඇස් ගිනි කන කර ගෙන නැත. වෙන දේ සියල්ල ඔවුහු මනා ලෙස දනිති. එහෙත් නොදන්නා ලෙස සිටිති. ඒ ටැබූ වැන්නන් නියෝජනය කරන පංති අවශ්‍යතාවයි.

    1978න් පසුව බිහි වූ අතර මැදි සමාජ තීරුවක් ගැන පරා මීට පෙර මනා ලෙස විග්‍රහ කර තිබුණි. ටැබූ ද අයත් වන්නේ ඒ අතර මැදි සමාජ තීරුවටයි. මා එය නපුංසක සමාජ තීරුව ලෙස හදුන්වන්නට වඩා කැමැතිය. කොළබ අග නාගරිකයේ බහුතරයක් නියෝජනය කරන්නේ මේ නපුංසක සමාජ තීරුවයි.

    නිෂ්පාදන ක්‍රියාදාමයට කිසියම්ම හෝ සහභාගීත්වයක් නැති මේ සමාජ තීරුව රාජ්‍යයේ ලේ උරා බොමින් ජීවත් වන පරපෝෂිතයෙකි. ඒ නිසා රාජ්‍යයේ මෙහෙය වන්නා ආරක්ෂාවන තාක් ඔවුහු ද ආරක්ෂා වෙති.

    එක්කො කිනිහිරිය විය යුතුය. නැතහොත් මිටිය විය යුතුයැයි මා අසා තිබේ. සමාජ සංවර්ධනයේ දී ධනාත්මක මෙහෙවරක් කරන්නේ ධනපති පන්තිය හා නිර්ධන පන්තිය පමණකි. අතර මැද පන්තීන්ට සමාජ කාර්යභාරයක් නැත.

    ඒ නිසා මහින්ද ච්න්තනයේ සංවර්ධන මොඩලයා ගැන මොහුන්ට පැහැදිලි කිරීමට කාලය වැය කිරීම අපරාධයකි. ඒ නිසා කළ යුත්තේ මේ සමාජ තීරුවේ නිරුවතට ඈගිල්ල දිගු කිරීම මිස අනෙකක් නොවේ.

    ඒ අර්ථයෙන් ටැබූගේ ඊනියා විද්‍යාත්මක විශ්ලේෂණ ක්‍රමයේ න්‍යයයන් ඔහුම උල්ලංඝනය කරන බව පෙන්වීම ටැබූ නියෝජනය කරන මතයේ හිස් බව ඔප්පු කිරීමට හොදටම ප්‍රමාණවත්ය.

    ශාන් - බුමුතුරුණු

    ReplyDelete
  3. කණ්ඩුල

    ඔබේ අදහසේ ඇත්තක් පවතී. රටක දියුණුවට අවශ්‍ය එක් ප්‍රධාන අවශ්‍යතාවක් වන්නේ මාර්ග පද්ධතියකි. එහෙත් මතක තබා ගන්න "මාර්ග පද්ධතියකි"

    එය මෙසේ අවබෝධ කර ගත හැකිය, ගෙදරක දියුණුවට වාහනයක් අවශ්‍ය වේ යැයි සිතමු. එම නිවසේ ආදායම් මට්ටම අනුව මෝටර් සයිකලයකින් සෑහීමකට පත් වන්නට සිදුවනවා යැයිද සිතමු. එහෙත් යමෙක් ණය තුරුස් වී ඉඩම් විකුණා අදාළ අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට යැයි පවසා සුපිරි මෝර්ටර් රථයක් මිල දී ගත හොත් සිදු වන්නේ කුමක්ද?

    අද ලංකාවට සිදුවී ඇත්තේත් එවැන්නකි. ජනතා සහභාගීත්වයෙන් තොර ඊනියා සංවර්ධනයකි.

    වත්මන් මහ බැංකු අධිපති කබ්ර්ල් මහතා ද මෙවැනි අදහසක් ආණ්ඩුවේ තනතුරු බැනීමට පෙර පවසා තිබුණි. ඔහු කීවේ අති විශාල මුදලක් ද ධනයක් ද ස්භාවික පරිසරය ද ජන ජීවිතයද විනාශ කරමින් කොළබ්/ ක‍ටුනායක අධිවේගී මාර්ගය ඉදිකරනවාට වඩා දැනට පවතින දුම්රිය මාර්ගය දියුණු කිරීමෙන් සමාජ හානිය අවම කර ගනිමින් සංවර්ධනය කරා යෑ හැකි බවය.

    මතක තියා ගන්න, කීවේ මා නොවේ. අජිත් නිවාඩ් කබ්ර්ල් ය. ඔහු ජාතික ධනපති පන්තියේ නියෝජිතයෙකි.

    ශාන්- බුමුතුරුණු

    ReplyDelete
  4. @Kandula (කණ්ඩුල)
    සංවර්ධනය සඳහා අධිවේගී මාර්ග කෙසේ වෙතත් හොඳ මාර්ග, දුම්රිය මාර්ග පද්ධතියක් හා වරාය ආදිය අවශ්‍ය ය.

    දක්ෂිණ අධිවේගී මාර්ගය, හම්බන්තොට වරාය ආදී ව්‍යාපෘති සම්බන්ධයෙන් ඇති ගැටලුව වන්නේ ඒවා මේ රටේ මුල් ප්‍රමුඛතා ද යන්නයි. නිදසුනක් ලෙස දක්ෂිණ අධිවේගී මාර්ගයට ගල්, පස් ඇදීම නිසා කලුතර, ගාල්ල ආදී දිස්ත්‍රික්වල ප්‍රධාන මාර්ග රැසක් මුළුමනින් ම විනාශ වී ඇත.

    මෙසේ විනාශ වී ඇති මාර්ග අතර මොරවක, නෙළුව, උඩුගම, ඇල්පිටිය වැනි ප්‍රදේශවල සිට පැලවත්ත, මතුගම, නෑබඩ, හොරණ, මීපෙ, හංවැල්ල, කිරිඳිවැල, අත්තනගල්ල, පස්යාල හරහා නුවර, අනුරාධපුර පැත්තට යා හැකි කිලෝමීටර් විශාල ගණනකින් කෙටි මාර්ගය ද ඇති බව ඔබ දන්නවා ද?

    එක් අධිවේගී මාර්ගයක් වෙනුවෙන් රටක් මෙතරම් ණය කරනවා වෙනුවට මේ මාර්ග සංවර්ධනය කළා නම්, මහාමාර්ග ප්‍රශ්නය විසඳේ. අධිවේගී මාර්ගයෙන් ලැබෙන විසඳුමට වඩා ඇති වන ප්‍රශ්න වැඩි ය.

    හොඳ සංවර්ධන සැලැස්මක මූලික ලක්ෂණය වන්නේ ප්‍රමුඛතා හඳුනා ගැනීමයි. මේ අධිවේගී මාර්ග යෝජනා කෙරුණ මූලික සැලැස්ම උදුරා දමා අධිවේගී මාර්ගය පමණක් කර ගසා ගැනීමෙන් අවුල තවත් පැටලේ.

    ReplyDelete
  5. "අධිවේගී මාර්ග" කියා දෙයක් නැත එය වැරදි අර්ථ දැක්වීමක් . ඉංගිරිසියෙන් ඕකට කියන්නේ Express Way කියල ඒකට ආසන්නම සිංහල වචනය සීග්‍රගාමී මාර්ග කියන එක . අර ඉස්සර ලංගම බස් තිබුනේ" සීග්‍රගාම" බෝඩි එක ගහපු කොළබ නුවර .

    ReplyDelete
  6. Taboo subjects is dead. W3 Lanka please take the role previously held by taboo subjects and continue your writing.

    ReplyDelete
  7. Taboo subjects නිකන් වාසුදේව නානායක්කාර වගේ. මුලු ජීවිතේම මාක්ස්වාදියෙක්ව අන්ඩු විරොඩි ස්තාවරයක් ගෙන, එයින් හෙම්බත් වී, නාකි වු පසු එල්ලෙන්නට අත්තක් සොයයි. මේ අන්ඩුව ඊට කදිම අත්තකි. ඔවුන්ට විශරාම සුවය විදීමට ඉඩ දෙන්න. ඔබ ඔබේ සමාජ කත්‍රවය ඉටු කරන්න

    ReplyDelete
  8. @w3lanka,

    මෝඩකම තිබුණාට එය ඔය විදියට ප්‍රදර්ශනය කළ යුතු නොවේ.

    - Taboo

    ReplyDelete
  9. "අප එසේ ගිනිකණ නො වැටෙන්නේ අප දෑස් වසාගෙන සිටින නිසා නො ව අපේ කණීනිකාව පුළුල් නිසා ය."

    රෙද්ද තමා. ඒකට හේතුව තොපි ජාති අන්ධයො වෙච්ච එක. තොපි කරන්නේ ඇස් තියෙන එකා ගැන ඉරිසියාවෙ පැලෙන එක

    ReplyDelete
  10. "මෙසේ විනාශ වී ඇති මාර්ග අතර මොරවක, නෙළුව, උඩුගම, ඇල්පිටිය වැනි ප්‍රදේශවල සිට පැලවත්ත, මතුගම, නෑබඩ, හොරණ, මීපෙ, හංවැල්ල, කිරිඳිවැල, අත්තනගල්ල, පස්යාල හරහා නුවර, අනුරාධපුර පැත්තට යා හැකි කිලෝමීටර් විශාල ගණනකින් කෙටි මාර්ගය ද ඇති බව ඔබ දන්නවා ද?"

    ලොන්තයෝ, හොරණ මතුගම පාරේ ගොහින් බලාපිය. හංවැල්ල අත්තනගල්ල පාරෙත් ගොහින් බලාපිය. උඹ අවුරුදු පහකින් වත් ඔය පාරක ගිහින් නෑ. ඔය පාරවල් ඔක්කොම හැදුවේ ගල් අදිනකොම්පැනි. ඒක උන්ගේ ගිවිසුමේ කොටසක්. හරකෙක් වගේ නොදන්න උලවු කතා කරන්න එපා.

    ReplyDelete
  11. @The Old marxist

    ඔබේ නිරීක්ශනය හරි විය හැක. හබැයි මටනම් ටැබූ ගෙන් පෙනෙන්නේ විමල්ගේ බූමිකාවයි. තමන් ස්වාධීන බව පෙන්නන්නට සෑහෙන මහන්සි වෙයි. හැබයි කවරුන් හෝ මහින්දව විවේචනය කල විට කඩාගෙන පැන දිගට හරහට අතාත්වික තර්ක දමා 'බළලා විහින්ම මල්ලෙන් පන්නවා ගනී'

    ReplyDelete
  12. @සියල්ලන්ටම,

    මේ අඩවියට පිවිසෙන්නෝ හුදෙක් කුඩා වාමාංශික කණ්ඩායම් වල සාමාජිකයෝම නොවෙති. එය w3lanka ගේ දක්ෂකමය. රාමචන්ද්‍රලා, ෂාන්ලා වැනි තමන්ගේ අඩවියට කියවන්නන් ඇද ගැනීමට වත් නොදන්නා hardcore 'වාමාංශිකයින්' මෙන් නොව w3lanka කරුණු ඉදිරිපත්කිරීම තුළින් පාඨකයින් ඇඳ බැඳ තබා ගැනීමේ දක්ෂයෙකි. එසේම මංජු වන්නිආරච්චි තහනම් උත්තේජක ගෙන ක්‍රීඩා කිරීමේ වරද මහින්ද රාජපක්ෂට පැවරීම වැනි මෝඩ කතා වරින් වර කිව්වද, දත්ත මත කතා කරන්ට ඔහුට යම් හැකියාවක් ඇත.

    ටැබූ මේ අඩවියෙහි වාදයන්ට එක්වූයේ w3lankaවත් ඔහු වටා එක් රොක් වූ සුළුතරයක් 'වාමාංශිකයින්' දැනුම්වත් කරන්ට වත් නොවේ. එසේ වී නම් ටැබූගේ වැඩේ ලෙහෙසිය. ටැබූට ඇත්තේ 'දැවැන්ත ව්‍යාපෘති' ගැන කාල් මාක්ස් උපුටා දැක්වීම පමණය. දිවා කාලය තුළ ලන්ඩනයේ පාර්ලිමේන්තු විවාද නරඹමින් රාත්‍රියේ නිදිවරා ඒවාට පිළිතුරු ලියමින් කාල් මාක්ස් අධිරාජ්‍යයේ සංවර්ධනය ගැන කළ ලේඛන w3lanka කියවා තියා දැක වත් නැතැයි සිතමි. විශේෂයෙන් ඉන්දියාවේ කපු කර්මාන්තය (1700 ගණන් වලදී ඉන්දියාව් ලෝකයේ දෙවන විශාලතම කපු නිෂ්පාදකයාය.) හා දුම්රිය මාර්ග සංවර්ධනය ගැන මාක්ස් කී දේ බොහෝය. ඉන්දියාව වැඩවසම් යුගයේ සිට ධනවාදයට පරිවර්තනය කරන යාන්ත්‍රණය සේ මාක්ස් දුටුවේ එරට ඒ වන විටත් පූර්ණ නොවූ දුම්රිය මාර්ග පද්ධතියයි. මේ දුම්රිය මාර්ග කුඹුරු උඩින් ගමන් කිරීම ගැන w3lanka සේ ඔහු කලබල නොවූයේය. මේ උපුටා දැක්වීම් අනවශ්‍ය වාමාංශිකයින්ට "මඟ පෙන්වීමේ" නිරර්ථක කාර්යයෙන් ටැබූ මිදී සිටින නිසාය.

    ටැබූ ආමන්ත්‍රණය කරන්නේ මේ අඩවි වලට පිවිසෙන පොදු පාඨකයාය.

    පොතක් පළ කිරීම වැනි සුළු කාර්යයකටත් ඇඹෙණියගේ රත්තරන් බඩු උකස් කිරීමට තරම් බංකොළොත්, මූල්‍යමය වශයෙන් අසාර්ථක පුද්ගලයකු රටක් සංවර්ධනයට උපදෙස් දීමේ විහිළුව මේ පොදු පාඨකයා වටහා ගනු ඇතැයි ටැබූ කල්පනා කරයි.

    - Taboo

    ReplyDelete
  13. "මේ විධියට ගම්වල නිෂ්පාදනය වැඩි වන විට, ගුණාත්මක වූ අතිරික්ත නිෂ්පාදනය වෙනත් ප්‍රදේශවලට යවන්නට හා පිටරට පටවන්නට හැකි වනු ඇත. එසේ ම යහමින් මුදල් හදල් ඇති නිසා ගම්වල මිනිසුන්ගේ අවශ්‍යතා ද වැඩි වනු ඇත. ඔන්න එවිට ඉක්මන් ප්‍රවාහනය සඳහා හොඳ මාර්ග අවශ්‍ය වනු ඇත. දැන් ඒ මාර්ග හැදීම සඳහා ගන්නා ණය සඳහා පොලී ගෙවීම පිණිස බදු ගෙවීමේ ආර්ථික ශක්තියක් මේ රටේ ජනයාට ඇත."

    මේක හරියට ඉස්සරල ආවේ බිත්තරේද කිකිළිද වගේ කතාවක්නේ ආයුබොවං

    ReplyDelete
  14. ටැබූ මුලින් කිව්වේ මෙහෙමය.

    "ඉහත කිසිම කෙනකු සමඟ වාද කොට පලක් නොවන්නේ ඔවුන් සියළු දෙනාම තම තමන්ගේ (යල් පැණ ගිය) අයිඩියොලොජි මත මිසක දත්ත මත කතා නොකරන නිසාය. ඇත්තටම ඔවුන්ට ඊට හැකියාවක් නැත. ශාන්, රාමචන්ද්‍ර වැනි අය කලා විෂයයන් හැදෑරු පිරිසකි. මොවුන්ට විද්‍යාත්මක ක්‍රමය ගැන අවබෝධයක් නැත"

    ටැබූගේ මේ අරුම පුදුම විද්‍යාත්මක ක්‍රමය මම හෙළිදරව් කළෙමි. දැන් ටැබූට ඒ ගැන වගේ වගක් නැත. තමන් රෙදි ගලවා ගත් බවක්වත් ටැබූට තේරෙන්නේ නැත.

    ඒ නිසා මට ඉල්ල කළ නගරම් පාට් අමතක කරමින් හේ දැන් වෙන කතාවක් කියයි.

    "ටැබූ ආමන්ත්‍රණය කරන්නේ මේ අඩවි වලට පිවිසෙන පොදු පාඨකයාය."

    ඊනියා පොදු පාඨකයන්ට මොනවා කියන්න ගියත් මට කමක් නැත. ඒත් මට එකක් කීමට ඇත.

    මහත්තයෝ මේක වැදගත් මිනිස්සු යන එන තැනක්. ඔන්න රෙද්ද ගැලවිලා, අරවා මේවා ඔක්කොම එළියෙ, ඉස්සෙල්ලම රෙද්ද ඇද ගන්න

    ශාන්- බුමුතුරුණු

    ReplyDelete
  15. රාත්‍රියෙ නිදිවරාගෙන වැඩ කළ මාක්ස්ට පාන ඇල්ලුවෙ ටැබූද?

    ReplyDelete
  16. ශාන් ගැන කියන්ට ඇත්තේ පුද්ගලික මට්ටමට වැටී මඩ ගසා ගන්ට ටැබූගේ කැමැත්තක් නැති බවත්, ලංකවේ විශ්ව විද්‍යාල නම් කලා-විද්‍යා මුහුම් උපාධි ප්‍රදානය නොකරන බවත්ය. වැදගත් මිනිස්සු මේවා දනිති.

    - Taboo

    ReplyDelete
  17. "පොතක් පළ කිරීම වැනි සුළු කාර්යයකටත් ඇඹෙණියගේ රත්තරන් බඩු උකස් කිරීමට තරම් බංකොළොත්, මූල්‍යමය වශයෙන් අසාර්ථක පුද්ගලයකු රටක් සංවර්ධනයට උපදෙස් දීමේ විහිළුව මේ පොදු පාඨකයා වටහා ගනු ඇතැයි ටැබූ කල්පනා කරයි."

    බ්ලොග් එකක් ලිවීම වැනි සුළු කාර්යයක් වත් තමන්ගේ නියම නමින් කිරීමට තරම් වත් කොන්ද පණ නැති, පෞර්ෂයක් නැති අසාර්ථක පුද්ගලයකු රටක් සංවර්ධනයට උපදෙස් දීමේ විහිළුව මේ පොදු පාඨකයා වටහා ගනු ඇතැයි පොදු පාඨකයෙක් වන මම කල්පනා කරමි

    ReplyDelete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. වැදගත් මිනිස්සු මේවා දනිති.

    ඔව් වැදගත් මිනිස්සු මේවා දන්නා බව මම ද දනිමි. ගැටළුව ඇත්තේ ඒ වැදගත් කම ටැබූට නැති බවයි. දේශපාලනය කතා කිරීමේ මුවාවෙන් එක එකාගේ ලිංගික ජීවිතයේ අහුමුළු තැන් කතා කළේ ද පාප් වහන්සේට නම් පට බැදීමට ගොස් අශිෂ්ඨයකු වූවේ ද දුමින්ද සිල්වාගේ දේශපාලනය විග්‍රහ කිරීමට නොහැකිව ඔහුගේ මවට අපහාස කළේ ද කවුදැයි වැදගත් මිනිස්සු දනිති.

    ඒ අර්ථයෙන් මගේ අධ්‍යාපනය ගැන කතා කරන්නට ගොස් ටැබූට වූ හදියද වැදගත් මිනිස්සු දනිති. ඒ නිසා ටැබූ එය පෞද්ගලික මට්ටමට වැටී මඩ ගසා ගැනීමක් ලෙස හදුන්වා ශීල වෘතය පාන්නේ ඇයි ද යන්නත් වැදගත් මිනිස්සු දනිති.

    අනෙක අජිත් පැරකුම්ගේ මතයන්ට පහර දෙන්නට නොහැකිව ඔහු තම අබේනියගේ රන් ආභරන උගස් තැබීම හෑල්ලුවට ලක් කිරීමෙන් ඔහුට පුද්ගලිකව මඩ ගසන්නේ ඇයිදැයි යන්න ද වැදගත් මිනිස්සු දනිති.

    මේ කිසිවත් නොදන්නේ ටැබූ මහත්තයා පමණි.

    ලංකා විශ්ව විද්‍යාල වල කලා/විද්‍යා මුහුන් උපාධි තිබේදැයි නොදන්නා අය මේ පුරුකෙන් පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨ පාඨමාල විස්තර බලන්න,

    http://www.pdn.ac.lk/sci/degrees/cunits/?view=units#Principal_subject_Area

    වැඩි විස්තර සදහා මෙම දුරකථනයෙන් විමසන්න
    +94-81-238 8693
    +94-81-238 9151
    +94-81-238 9152


    විශ්ව විද්‍යාල ඇදුරෙකු යැයි කියන ටැබූ ලංකා විශ්ව විද්‍යාලයක පාඨමාලවන් ගැනවත් නොදැනීම ගැන ඔහුට කමා කළ යුතුය. අප ඒ නිසා තේරුම් ගත යුත්තේ මෙවැන්නකු දේශපාලනය ගැන ගසන්නා වූ පම්පෝරි නිකන්ම නිකන් පුස්සක් බව නොවේද?

    ReplyDelete
  20. @Taboo Subjects
    W3Lanka අන්ධ ලෙස මාක්ස් කියූ දේ සියල්ල හිස් මුදුනින් අදහන පැරණි පන්නයේ මාක්ස්වාදියකු නො වේ. එහෙත්, ඔහු සිය දෘෂ්ටිය හැඩගස්වා ගැනීමට මාක්ස් විද්‍යාවක් ලෙස භාවිතා කරයි. ඒ අනුව, මාක්ස්වාදියකු වීම සහ මාක්ස්ගේ අදහස්වලට විරුද්ධ වීම එක විට සිදු විය හැකි ය.

    ඉතා පැහැදිලිව ම ලේඛකයා සංවර්ධනය පිළිබඳ මාක්ස්ගේ සංකල්ප පිළි නො ගනියි. සොබාදහම, ස්ත්‍රිය, ආන්තික සමාජ කණ්ඩායම් සූරා කන එය අදට කිසි සේත් ම නො ගැලපෙනවා පමණක් නො ව එදාට ද නො ගැලපුණ එකකි.

    ටැබූ දැන ගත යුතු කරුණක් වන්නේ මාක්ස්වාදය මාක්ස්ට වඩා ඉදිරියට ගොස් ඇති බවයි.

    පෞද්ගලික මඩ ගැසීම් සම්බන්ධයෙන් කීමට ඇත්තේ ටැබූ එවැනි අවලාද දොඩන පුද්ගලයකු නො විය යුතු බවයි.

    ReplyDelete
  21. ටැබූ සර්,

    සර්ට සර් කිව්වෙ අපි ලොකු ලොකු පොරවල්ලට දෙන්න දන්න උපරිම වචනෙ ඒක නිස. ඊටත් වැඩිය ලොකු වචනයක් තියනවනම් කියන්න ඊලඟ පාර පාවිච්චි කරන්න. අපි විස්ස විද්යාල ගිය වැදගත් අය නෙමෙයිනෙ සර්. කලා උපාදි කාරයන්ට දේශපාලනේ තේරෙන විදිය අවිද්යාත්මකයි කියන සර්ගෙ අලුත්ම සොයා ගැනීමට අමතරව මට තවදෙයක් ගැනත් ප්‍රස්නයක් තියෙනවා.

    මාර්ක්ස් කියන පොරත් ෆුල් බන්කොලොත් ජොකියෙක් නේද? එයත් හතර අතේ ණයවෙලා ලමයි මන්ද පෝශනෙන් මරුන කියලත් කව්දෝ වැදගත් පොරක් කිව්ව. සර් ඇයි ඒ වගේ 'බංකොළොත්, මූල්‍යමය වශයෙන් අසාර්ථක පුද්ගලයකු' කියපු දේවල් උපුටන්නෙ?

    අනික සරුත් මර්වින් බොස් වගේ ආචාර්ය චන්ඩියෙක් බවයි පෙනෙන්නෙ.

    යකෝ පබා දෙරනට බනිනවටත් වඩා සැරයිනෙ මේ කමෙන්ටු.

    පච්ච සිරා

    ReplyDelete
  22. //පෞද්ගලික මඩ ගැසීම් සම්බන්ධයෙන් කීමට ඇත්තේ ටැබූ එවැනි අවලාද දොඩන පුද්ගලයකු නො විය යුතු බවයි.//
    True. Pls think a bit.

    ReplyDelete
  23. ටැබූට වූ හදිය!

    ටැබූ නොදන්නා දේවල්වලට කට නොදා සිටියා නම් පාඨකයා තවමත් සිතා සිටිනේ ඔහු ඉතා බුද්ධිමතකු බවයි. පරන ග්‍රාම්‍ය පිරුලකින් කියනවා නම්, "බරවා කකුලේ හැක යනවා" කියන්නේ මේකටයි.

    සහෝදරවරුනි.. දැන් ඉතින් ටැබූ ගැන කරදර වී සිය කාලය අපතේ නොහරින්න. ඔහු එලිදරවු වී අවසානයි.

    ReplyDelete
  24. මර්වින් සිල්වාගේ මැරයෝ විශ්ව විද්යාල ශිශ්යයෙක්ට පහර දුන් විට එයින් නිවට සතුටක් ලැබූ විශ්ව විද්ලාය අදුරෙක් ගැන කුමන කතාද ඉතින්

    ReplyDelete
  25. නොකා ගුටි බැට තව අනේ...
    කැපෙනු මැන ටැබුවානනේ...!

    - පොදු පාඨකයෙක්

    ReplyDelete
  26. පොදු පාඨකයා කියන්නෙත් පැරා ම තමයි. ලැජ්ජ නැද්ද යකෝ තමන්ගෙ බ්ලොග් එකේ තමන්ම ඇනොනිමස් කොමෙන්ට් දාන්න?

    ReplyDelete
  27. තමන්ම වෙන නම් වලින් හෝ නිර්නාමික ලෙස කමෙන්ටු දමා තම ගනිමින් මතයන් ඛණ්ඩනය කරන ප්‍රතිවාදීන්ට පුද්ගලිකව මඩ ගසා "තගෙන් සයිලන්ස් කිරීමේ" ක්‍රමයේ නිර්මාපකයා පන්හිඳ සමඟ කියා මඩ බ්ලොග් එකක් කළ රංග මිගාර වීරක්කොඩිය. ඉන්පසු Beyond Frame ද මේ ක්‍රමයම අනුගමනය කළේය. ටැබූ සිතා සිටියේ අජිත් පැරකුම් ජයසිංහ යනු ඊට වඩා වැදගත් බ්ලොග්කරුවකුය කියාය. එහෙත් දැන් ඔහුගේ ක්‍රියා කලාපයද ඊට නොවෙනස් බැව් පෙනේ.

    "අවශ්‍ය වන්නේ විකල්ප අදහස් හා තොරතුරු සන්නිවේදනයට ද සම අවස්ථා ලබා ගැනීමට සටන් කිරීමයි"

    මෙසේ කියන පුද්ගලයකුම, තමන්ගේ අදහස් ඛණ්ඩනය කළ පමණින් කෙනකු තගෙන් සයිලන්ස් කිරීමට තැත් කිරීම ගැන නම් කණගාටු වෙමි. එහෙත් මෙතෙක් ඔය තග වැඩ නොකළා සේම මින් ඉදිරියට වැඩ කරන්නේ ද නැත.
    ඇත්ත! තමා දැඩි ලෙස විශ්වාස කරන මතවාදයන් අනෙකෙකු විසින් ඇස් පනාපිට දත්ත ඇසුරින් බිඳ දමන විට කෙනකුට දැඩි ලෙස රිදේ. එහෙත් ඊට ටැබුට කළ හැකි දෙයක් නැත. මෝඩකටමට බෙහෙත් සොයාගෙන නැති නිසාය.

    කලින් කී පරිදි පුද්ගලික මට්ටමින් කරන මඩ ගසා ගැනීම් සඳහා ටැබූට කාලය හෝ ඕනෑකම නැත. Bye!

    - Taboo

    ReplyDelete
  28. බ්ලොග් අවකාශයේ රජයන ටැබු පැටියා
    තල්ල සුදුයි බෙල්ලේ ගෝමර කැටියා
    වලි ඇදගන්න පිටියක් සොයමින් සිටියා
    වලිය ඇදෙන මුත් නිහඩයි බ්ලොග් දෙයියා!

    - ‍ටැබූගේ නිහැඩියාව නිසා හිත පෑරුන ප්‍රේක්ෂකයෙක්

    ReplyDelete
  29. මහින්දට දේශපාලන මතයක් නොතිබුණි. අදහසක් නොතිබුණි. නියෝජනය කිරීමට පිලක් නොතිබුණි. ඔහු කාගේත් මහින්ද අයියා වුණි.

    අන්තිමේ ප්‍රභාකරන්ට පින් සිදුවීමට ජනාධිපති වූ පසුව ජන මනසේ ඇති ගූඨ දෑ සොයමින් ඒවා තෘප්ත කිරීමට කළ හැකි සෑම දෙයක්ම කළේය.

    සිංහල බෞද්ධ ග්‍රාම්‍ය ජන මනසට අවශ්‍ය පරිදි,

    දෙමළුන් මැරුවේය,
    ප්‍රසිද්ධියේ මත් පැන් බීමට තිත තබා හොරට බිව්වේය,
    ලිංගික නිදහස අහෝසි කරමින් ඒ වැඩේම හොරාට කර ගත්තේය,
    වෙනස් අදහසක් දැරූවන්ට එළව එළවා පහර දී මර්දනය කළේය,
    තමන්ගෙ සතුටට බාධා කළ ජනරාල්ගෙන් උපරිම ලෙස පළි ගනිමින් සිටියි.

    මේ ආදී වශයෙන් ජන මනස ඉල්ලන දේට සැපයුම දෙමින් නායකත්වයේ තහවුරු වුණි. ඉල්ලන දේ නොව අවශ්‍ය දේ ලබාදීමට තරම් මහින්ද කෘතහස්ත හා පරිපූර්ණ නොවීය.

    ටැබූ ද හරියටම ගැලපෙන්නේ මහින්දටය.

    වෙහෙස මහන්සි වී අධ්‍යනය කර යමක් ලිවීමට වඩා ඔහු ලොල් කළේ ජන මනසේ කැකෑරෙන ගූඨ දෑ සොයමින් ඒවා රස කර කර ලිවීමටය. එසේම සෑම දෙයක්ම මතු පිටින් අතගා පාඨකයන්ට ෆන් එකක ලබා දීමට කළ හැකි දේ කළේය. එසේම ඔහුගේ මූලාශ්‍රයන් විකිපීඩියාවට සීමා වුණි. සමාජයේ මිනිසුන්ගෙ දුක් අදෝනා ඔහුට අනවශ්‍යය.ප්‍රශ්න තේරුම් ගෙන ඒවාට විසදුම් සොයනවාට වඩා ඔහු කළේ ඒ ප්‍රශ්න රස විදීමය.

    වික්ටර් අයිවන් චන්ද්‍රිකාගේ කාමරයේ යතුරු හිලෙන් බලා චෞර රුජින ලිව්වේ ද රටේ ජනාධිපතිගේ හැසිරීම් රටේ පැවැත්මට බලපාන බව පවසමිනි. ටැබූ ද රනිල්ගෙ කාමරයේ යතුරු හිලෙන් බලා ඔහුගේ ලිංගික ක්‍රියා අපුල දනවමින් විග්‍රහ කළේ අගමැතිගේ /විපක්ෂ නායකයාගේ හැසිරීම රටේ පැවැත්මට බලපාන බව පවසමිනි. වික්ටර් අයිවන් වත් ටැබූවත් මේ නායකයන් දෙදෙනා දේශපාලනිකව කියවන්න ගියේ නැත. දෙදෙනාම අල්ලා ගත්තේ ගූඨ කුණු රසය මතුවන තැනෙනි.

    වික්ටර් අයිවන් මෙන්ම ටැබූ ද යම්කිසි සායනික ප්‍රතිකර්ම අවශ්‍ය රෝගයකින් පෙළෙන බව මගේ හැගීමයි. ඉතින් එවැන්නන් ගේ දේශපාලන අදහස් ගැන සීරියස්ව සිතා කටයුතු කළ යුතු නොමැති බව මගේ මතයයි.

    ඔහුන්ට කරන්නා වූ උදව්වක් නම් කළ යුත්තේ වහ වහා සායනික ප්‍රතිකර්මයකට යොමු කිරීමයි.

    ReplyDelete
  30. @ taboo

    //කලින් කී පරිදි පුද්ගලික මට්ටමින් කරන මඩ ගසා ගැනීම් සඳහා ටැබූට කාලය හෝ ඕනෑකම නැත. Bye!//

    මේ කාටද සෑර් වැදි බණ කියන්නෙ?ගිය ලිපියයි මේ ලිපියයි ගත්තම එක එක අයගෙ උපාධි ගැන කතාකරන්න පටන්ගත්තෙ කවුද?ඒ අයගෙ උපාධි වල විෂය උඩ ඒ අය කියන කරුණු වැඩක් නැහැ කියල කියන්න පටන්ගත්තෙ කවුද?ඇඹණියගෙ කනකර උගස් කරන එකක් ගැන ඇදල ගත්තෙ කවුද?පැරා කිසිම විටෙක පුද්ගලික දෙයක් ඇදල ගත්තෙ නැති තත්වයක් යටතේදියි තමුන්නාන්සේ ඒව මෙතනට ඈදුවෙ.එහෙම පටන්ගත්ත තමුන්නාන්සෙ දැන් පුද්ගලික මඩ ගැන අඩනකොට අපිට හිනායනවනෙ සෑර්.කුජීත වුනා නේද මහත්තයො වැඩේ.දැන්වත් කිවුව වැරදි කරුණු ගැන මහත්තයෙක් වගේ කොන්දක් තියාගෙන සමාව ඉල්ලන්න

    - සුරංචියා

    ReplyDelete
  31. "ඇත්ත! තමා දැඩි ලෙස විශ්වාස කරන මතවාදයන් අනෙකෙකු විසින් ඇස් පනාපිට දත්ත ඇසුරින් බිඳ දමන විට කෙනකුට දැඩි ලෙස රිදේ. එහෙත් ඊට ටැබුට කළ හැකි දෙයක් නැත. මෝඩකටමට බෙහෙත් සොයාගෙන නැති නිසාය." - Taboo

    ඒ දේ ටැබූට වූ විට පාවිච්ච් කිරීම සදහා ඔහු බෙහෙතක් සොයාගෙන තිබේ.

    1.තමා කරන අශිෂ්ඨ වැඩ අනුන් මත පටවමින් කතා කරන මාතෘකාව අවුල් කිරීම
    2. තමන්ට එල්ල වන විෂයානුබද්ධ චෝදනා නො ඇසූ නො දැකූ ලෙසින් සිටීම
    3.අජිත් පැරකුම් කරන්නේ මෝඩ වැඩ බව නිතර නිතර පවසා ගොබෙල්ස් න්‍යායෙන් ප්‍රතිචාර දැක්වීම
    4.තමන් පුද්ගලිකව අනෙකාට මඩ ගැසුව ද අඩු ගණනේ ඒ කරන්නේ වැරදි ක්‍රියාවක් බව කීමට හෝ අනෙකාට ඉඩ නොදීම
    5. තමන්ට වැරදුන විට එය පිළිගැනීමට නිහතමානී නොවීම

    ටැබූගෙ බෙහෙත හරිම ශෝක් නේද?

    ශාන් - බුමුතුරුණු

    ReplyDelete
  32. නිර්නාමික හෝ ව්‍යාජ නම්වලින් ලිවීම අපි ජීවිතයේ කිසි දිනෙක අගය නො කළෙමු.

    මෙම බ්ලොග් අඩවියේ සංස්කාරකවරයා කවුරුද යන්න මුල පටන් ම ප්‍රසිද්ධ කරුණකි.

    එසේ ම, මෙම බ්ලොග්කරුවා සාමාන්‍යයෙන් වෙනත් බ්ලොග්වල කමෙන්ටු දැමීම හා මෙම බ්ලොගයේ කමෙන්ටුවලට ප්‍රතිචාර දැක්වීම කර ඇත්තේ ද ඉතා අඩුවෙන් බව ඔබට නිරීක්ෂණය කළ හැකි වනු ඇත. ඒ කාල වේලාව පිළිබඳ ප්‍රශ්න නිසා ය.

    අප සාමාන්‍යයෙන් සභ්‍ය බසින් අප විවේචනය කරන කමෙන්ටු කපන්නේ නැත. කමෙන්ටුවක් ඉවත් කළා නම් කළේ අසභ්‍ය යයි සම්මත වදන් භාවිතා කර ඇති විට ය. අපට මරණීය තර්ජන කළ කමෙන්ටු පවා මෙහි තවමත් නො මකා ඇත.

    මෙම බ්ලොගයේ සංස්කාරක කිසි ම දිනෙක මෙහි හෝ බ්ලොග් අවකාශයේ කොතැනක හෝ ඇනොනිමස් කමෙන්ටු දමා නැති බව වගකීමෙන් යුතුව කියමි.

    තමන්ගේ බ්ලොගයේ තමන් ම කමෙන්ටු දමා ගන්නවා යයි ඕනෑම බ්ලොග්කරුවකුට චෝදනා කළ හැකි ය. එසේ නො කළ බව ඔප්පු කිරීම ඕනෑම බ්ලොග්කරුවකුට දුෂ්කර ය. හේතුව ඒ සඳහා ඇති පරීක්ෂණ පෞද්ගලික මට්ටටමන් කළ හැකි යයි ලේඛකයා නො සිතන නිසා ය.

    මෙම බ්ලොග් අඩවියේ සංස්කාරකවරයා තමන්ගේ අඩවියේ නිර්නාමික අදහස් පළ කරන බවට චෝදනාව මෙම බ්ලොගයේ ඉතිහාසයේ පළමු වරට එල්ල වන්නේ November 21, 2010 2:37 PMට ය.

    එය නිරීක්ෂණය ලෙස සලකමු. November 21, 2010 4:07 PMට ඊළඟ කමෙන්ටුවෙන් ටැබූ නිගමනය දී ඇත. ඒ ටැබූ දන්නා විද්‍යාත්මක ක්‍රමයයි. සිදු වූ දෙය සිතා ගැනීම අමාරු නැත.

    සහෝදරයා වැරදීම අප ඕනෑ ම කෙනෙකුට විය හැකි දෙයකි. ජනාධිපති රාජපක්ෂ ඔබාමා සමග ගත් ඡායාරූපය ‍රාජ්‍ය දෙපාර්තමේන්තු ෆ්ල්කර් අඩවියේ සොයා ගත නො හැකි බව කියා අපි ද ඇන ගත්තෙමු. එහෙත්, අපි ටැබූ මෙන් එකහෙළා එය සැකසූ ඡායාරූපයක් බව නො කීවෙමු. ඒ අප වැරැදි විය හැකි බව අප දන්නා නිසා ය. අප‍ට ඒ ප්‍රශ්නයේදී ගෞරවනීය පිටවීමේ දොරටුවක් සකසා ගත හැකි වූයේ ඒ නිසා ය.

    ටැබූට මේ සංවාදයෙන් පිට වීම සඳහා නිදහස ඇත. එහෙත්, මෙය ජය - පරාජය පිළිබඳ පටු ප්‍රශ්නයක් බවට පත් කරගෙන පුංචි ළමයකු මට්ටමට පත් වී බායි කීම පිළිබඳ දුකක් ඇත.

    අවසාන වශයෙන් කීමට එක් දෙයක් ඇත. බ්ලොග්කරණය යනු මේ ලේඛකයාගේ විසි පසු වසරක දේශපාලන දිවියේ අඛන්ඩත්වය මිස විනෝදය පිණිස කරන්නක් නො වේ.

    ReplyDelete
  33. ටැබූ කියන්නේ කවුද? අර ගිය පාර ජනාධිපතිවරණයෙන් පස්සේ තමන් ලියපු ලිපි තමා විසින්ම මකාගන විලි ලැජ්ජානැති බව ඔප්පු කරපු එක්කෙනාද?

    ReplyDelete
  34. සුක පුද්දාNovember 21, 2010 at 8:55 PM

    ටැබුවා හැම වෙලේම කරන්නේ ඕක තමයි. ඔය වගේ හාල්පාරුවාන්ට තලන්ට ඕනි මඩු වලිගෙන්. තමන්ට උත්තර දෙන්ට බැරි කොමෙන්ටු, හොරට දැම්මාක් වැනි, තාක්ෂණික ගැටළු පෙන්වා, තර්කයෙන් පැන යාම, ටැබුවාගේ සිරිතයි. හු හූ.....

    නිකමට මෙන්න මෙතන වෙච්චි දේ බලන්ටකෝ.
    http://beyondframe.wordpress.com/2010/10/13/10oct13/

    ReplyDelete
  35. ටැබු සහ නලින් ද සිල්වා එකම කාසියේ දෙපැත්ත වගේ මට නං පෙනෙන්නේ. දෙදෙනාම තමන්ගේ මතවාදය අනිකුන් මත බලෙන් පැටවීම පිණිස ඉතාමත් පහත් වාග් ප්‍රහාර පාවිච්චි කරයි. තමන් සැම විටම 100% නිවැරදි බව සිතයි. අනෙකෙකු ඔවුන්ගේ අදහසට විරුද්ධ මතයක් ප්‍රකාශ කල විට ඔවුනගේ අධ්‍යාපන මට්ටම ගැන කතා කරමින් ඔවුන් පහත හෙලා තමන්ගේ හීනමානය ප්‍රදර්ශනය කරයි.

    ReplyDelete
  36. සයිමන් අයියNovember 21, 2010 at 9:30 PM

    ටැබූරුවෙක් කියල හිතට දැනීගෙන එනවා. මෙයාට ගායකයගෙ නම, නිවැරදි වර්ෂය ව‍ගේ දෙවල් පෙන්නල දුන්නොත් විතරයි එයා පිළිගන්නේ. නැතිව එයාගේ මතවාදයක වැරැද්දක් නම් ජීවිතේට පිළිගන්නේ නෑ.
    මහින්දට කඩේ යනවට මොනවත් කියන්න එපා. එහෙම වුනොත් ඒ පැත්තට තල්ලු වෙන වේගය වැඩි වෙනව. මොකද ටැබූරුව උද්දච්ච එකෙක්.
    මොනව වුනත් ටැබූගෙ බ්ලොගයේ සෑහෙන්න කොමෙන්ටු කපනව ඇති කියල මේ කොමෙන්ටු බැලුවම පේනවා. ටැබූට කෙළින්න හොද පිටියක් ලැබිච්ච එක ලොකු දෙයක්.
    ටැබූරුවගෙ කොමෙන්ටු දැක්කම මට මතක් වෙන්නෙ පොල් බෑයත් සුදුම සුදුයි එහෙනම් පොල් බෑයත් ලස්සනද කියන සින්දුව.

    ReplyDelete
  37. http://www.fhwa.dot.gov/planning/econdev/edhist.htm
    http://www.rri.wvu.edu/pdffiles/wp8907.pdf

    ReplyDelete
  38. My rating for two articles:

    W3Lanka: *****
    Taboo: 0

    ReplyDelete
  39. Southern Highway එකේ එක මීටරයක් හදන්න රු.ලක්ෂ 7ක් ගියාද අප්පේ. මේ වගේ පාරක් හදන්න තිබ්බනේ ඔය වියදමෙන්
    http://i54.tinypic.com/2yu0g13.jpg

    ReplyDelete
  40. Taboo, I think you are a more educated person than these bloggers. So why do you want to waste your time on commenting or writing blogs.
    Cant you do much more productive work?
    Afterall how many will read these blogs?
    whats the benefit of writing blogs?
    Its better to mind your own work and try to survivie in the current competitive sociaty.
    At least your kids will have a bteer future.
    you can live a comfortable life.
    forget the country, think about your self.

    ReplyDelete
  41. අවසාන වශයෙන් කීමට එක් දෙයක් ඇත. බ්ලොග්කරණය යනු මේ ලේඛකයාගේ විසි පසු වසරක දේශපාලන දිවියේ අඛන්ඩත්වය මිස විනෝදය පිණිස කරන්නක් නො වේ.

    What do you gain by writing a blog?

    ReplyDelete
  42. අප ඇනොනිමස් කොමෙන්ටු දමතියි ටැබූ චෝදනා කරන්නට ගත්තේ ටැබූගෙ ගර්හිත මතවාද වලට පන්හිඳ සමගින් එළව එළවා බඩ යන්නට පහර දීමෙන් අනතුරුවයි. නලීන් ද සිල්වාට ගණිතය ඹැරි බව ඔප්පුකර පෙන්වන බවට පාරම් බෑ ටැබූ තවමත් ඒ ගැන නිහඬය. දෙමළුන්ට ඇති ප්‍රශ්න කවරේ ද යන්නට බොරු සංඛ්‍යා ලේඛණ ඉදිරිපත් කිරීමෙන් කුජිත වී ගිය පසු ඔහු ඒ ගැන වචනයක් හෝ දොඩන්නේ නැත. ටැබූ විසින් මා විසින් නගන ලද එකදු මතයක් හෝ ඛණ්ඩණය කිරීමට අපොහොසත් විය. වර්ගවාදීන්ට මා උත්තර නොදෙමැයි කියමින් ලිස්සා යාම ඔහුගේ සිරිත විය. එලෙස ලිස්සන විට ඔහු මතවාදීමය ලෙස බංකොළොත් අඩියටම වැටී තිබුණි.

    පැරකුම් ගේ මතවාද සමග මගේ එකඟත්වයක් නැත. නමුත් ටැබූ මෙන් පැරකුම් නිහීන ලෙස තමන්ට පිළිතුරු දිය නොහැකි කොමෙන්ටු වාරණය කිරීම නොකරයි. මාධ්‍ය නිදහසේ ලොකු බාප්පලා ලෙස පෙනී සිටිනා ටැබූ සහ බියොන්ඩ් ෆ්‍රේම් දෙදෙනාම මේ නිහීන දෙකයි පණහේ ක්‍රියාව ඇති පදම් සිදු කරති. තවත් අය විසින් මෙ පුඟුලන්ගේ න්මතවාදීමය නිරුවත හෙළි කිරීම අගේ කළ යුත්තකි.

    ReplyDelete
  43. ටැබූ බයිනරි කාරයෙක්. විසංයෝජන ට්‍රික් එක කරලා ආතල් එකක් ගන්න හදන්නෙ. කලු ගැන කතා කරන තැනක හිටි ගමන් සුදු ගැන තර්කයක් දාලා කට්ටිය හොල්මන් කරනවා. මෙතනදි කරන්නෙත් ඒක. මහවැලිය අපොයි කියන තැනක මහවැලිය ශෝක් කියනවා, හයීවේ, වරාය අප්සෙට් කියන තැනක එවා ගේ මේ පැත්ත තමා මම කියන්නේ කියලා කතන්දර හදනවා. බලන්න ටැබූගේ සම්මාන උළෙලේ කාවද අන්දලා තියෙන්නේ කියලා, කතන්දර කාරයා තරම් යාලුවෙක් නෑ ටැබූට. මේ ඔක්කොම අරන් හිතලා බලන්න මෙයා ගැන.. නිකන් ධම්ම දිසානායක වගේ ජෙලියෙක්.

    ReplyDelete
  44. /*......වෙනත් අප නො දන්නා හේතුවක් නිසා හෝ මෙම ලේඛකයා ළඟ දන ගසා රටේ පාලනය ඔහුට පැවරුවේ නම් ද, මෙවන් මුදලක් ණයට ලැබේ නම් ද, ටැබූට අනුව අඥාන වාමාංශිකයකු වන මෙම ලේඛකයා කරන්නේ ගම මැදින් ගොඩ කර අධිවේගී මාර්ගයක් හැදීම නො වේ.


    මේ ගමේ ඉන්න මිනිසුන්ට කිරි හරකුන් මිළ දී ගන්නට, තණකොළ වවන්නට, එළවළු, පලතුරු, කුළුබඩු වගාවට හා වෙනත් ඉල්ලුමක් ඇති සුළු කර්මාන්තවලට හා සේවාවන්ට අවශ්‍ය මාර්ගෝපදේශ සැපයීමටත්, ප්‍රාග්ධනය සඳහා ණය සැපයීමටත්, දේශීය හා අපනයන වෙළඳපොල නිර්මානය කර ගැනීම සඳහා අත දීමටත් මිලියන 710න් 1/10ක් තිබුණත් ඇති ය. */

    ලේඛකයා (නම වැඩිය කියනවට කැමති නෑනේ) හාමත් වෙච්ච බ්ලොග්කරුවෙක් ලෙස සිටින්නේත් පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ රටේ ජනධිපති වී සිටින්නේත් ඇයි යන්න දැන්නම් හොඳටම පැහැදිලිය....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා