මදන මෝදකයට එරෙහි ආණ්ඩුවේ යුද්ධය | Operation Madana Modaka of Sri Lanka

(2010 නොවැම්බර් 06, W3Lankaආණ්ඩුව ගැන පව් කියා සිතේ.


මන්ද, දැන් ආණ්ඩුව මදන මෝදකයට එරෙහිව ද යුද්ධ කරන බැවිනි.


දේශපාලනිකව හිතා යුද්ධය මුළුමනින් ම ඉවර නො කර සිටියා නම්, මේ අන්දමින් අලුත් යුද්ධ නිර්මානය කර ගන්නට සිදු නො වනු ඇත.


මෙම ලේඛකයා ජිවිතයේ එක් වතාවක් ගුලි කා ඇත. ගුලි යනු මදන මෝදකය නමින් හැඳින්වෙන ආයුර්වේද ඖෂධයයි. ලේඛකයා දන්නා පරිදි එය සාදා ඇත්තේ රති කෙළියේදී වඩා ශක්තිමත්ව කටයුතු කිරීම සඳහා ගුලියෙන් හතරෙන් පංගුවක් පමණ සුළු ප්‍රමාණයක් වරකට කෑමට ය. එහෙත්, ලේඛකයාට මතක ඇති අන්දමට ඔහු ගුලි තුනක් පමණ කෑවේ ය.


අමුතු මතක් දැනිණි. තද ලජ්ජාවක් ද, හුස්ම ගැනීමේදී නහයෙන් ගන්නා හුස්ම එතන ම තිබුණු සීතල පපුවකට යන්නා සේ ද දැනිණි. එබැවින් නින්ද යන තෙක් ලේඛකයා මහත් ආශාවෙන් හුස්ම ගත්තේ ය.


ලේඛකයා තරුණ වියේදී ගුලි කෑවේ රති කෙළියේදී ‍වැඩියෙන් කෙළින් සිටීමට නො වේ. අවිවාහකව සිටි එසමයේ ලේඛකයාට ද රති සැප සොයා ගැනීම දුෂ්කර ක්‍රියාවක් විය.


ලේඛකයා අත්හදා බලන්නට මිතුරන් සමග ගුලි කෑ අන්දමින් සෙසු තරුණයෝ ද ගුලි කනවා ඇත. ආණ්ඩුව මදන මෝදකයට එරෙහි සටනක් ආරම්භ කර ඇත්තේ ඒ තරුණයන්ට ආදරෙන් විය හැකි ය. නැතිනම්, මදන මෝදකයෙන් බදු අය කළ නො හැකි නිසා ද වන්නට පිළිවන. මන්ද, තරුණයන්ට ඔතරම් ආදරේ කරන රජය වසර දහයකට, පහළොවකට වරක් තරුණ ජනයා දහ පහළොස්දාහක් නීතියට පිටින් එලොව යවන බැවිනි.


තරුණයන්ට ආදරේ කරන රජය ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් දෙනවා නම්, රැකියා සුලබ කරනවා නම්, තරුණයන්ට නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය දෙනවා නම්, ඔවුන්ට විනෝදාස්වාද මාර්ගාදිය සකසා දෙනවා නම් ඉහත කී ආකාරයේ පාප ක්‍රියාවල නියැලෙන්නට අවශ්‍ය නො වනු ඇත. එසේ ම තරුණයන් ගුලි කන්නේ හෝ කුඩු ගසන්නේ නැති වෙන්නත් ඉඩ ඇත. 


ලේඛකයා මේ සටහන තබන්නේ මේවායේ හරි වැරැදි කියන්නට නො වේ. මන්ද, ලේඛකයාගේ දැක්ම අනුව, ඔහු මෙම කාරණා සම්බන්ධයෙන් සදාචාර විනිශ්චයන් කරන්නේ නැත. මේ සටහන තබන්නේ මදන මෝදනයෙන් ලබන අන්දමේ පොඩි චූන් එකකට ය.


ඒ කා‍ලයේ ලේඛකයා මිතුරන්ට කී විහිළු කතාවක් ඇත. ඒ මෙසේ ය:


ලංකාවේ ශ්‍රීමත්වරුන් කී දෙනෙක් ඉන්නවා ද?


ශ්‍රීමත් කියන්නේ ඉංග්‍රීසියෙන් 'සර්'ට ය.


ඒ අනුව ශ්‍රීමත් ජෝන් කොතලාවල එක ශ්‍රීමත් කෙනෙකි.


පසු කාලයේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපති ද ශ්‍රීමත් වුණේ ය.


අනෙකුත් ප්‍රසිද්ධ ම ශ්‍රීමත්ලා දෙන්නා නම්, ශ්‍රීමත් පුන්සඳ නිදන් වස්තු හා ශ්‍රීමත් මදන මෝදකයයි.


මදන මෝදකය නමින් ප්‍රකට ඖෂධය සාදනු ලබන්නේ ගංජා පත්‍ර, ඇට, එළඟි තෙල්, තිපල්, කොට්ටං, කොත්තමල්ලි, අසමෝදගම්, නාමල් රේණු ආදිය පාවිච්චි කර ය. (නාමල යනු ජාතියේ අනාගතයයි.)


ගැටලුව වී ඇත්තේ මිනිස්සු මේවා අධි ප්‍රමාණයෙන් කා මත් වීමයි. බුද්ධරාජ කල්කය, ජාතිපාලාදි චූර්ණය, වතී, පින්දි, කාමේස්වර මෝදකය ආදී තවත් ආයුර්වේද ඖෂධ රැසක ගංජා හෙවත් කංසා අඩංගු ය. තවත් ආයුර්වේද ඖෂධයක් වන අරිෂ්ට සම්බන්ධයෙන් මධ්‍යසාර ප්‍රශ්නයක් ඇත. මත් වීම සඳහා දුප්පත් මිනිස්සු කසිප්පු පමණක් නොව වේදනා නාශකයක් වන සිද්ධාලේප පවා කති. සර්ජිකල් ස්ප්‍රීතු බොති.


ගංජා භාවිතය සම්බන්ධයෙන් ද ඇති ගැටලුව ආණ්ඩුවට මේවායින් බදු අය කිරීමට නො හැකි වීමයි. හැමෝ ම ආණ්ඩුවට බදු ගෙවා සීල් අරක්කු හා බීර පමණක් පානය කර මත් විය යුතු යයි කීම ප්‍රායෝගික නැත. එකක් දුප්පත්කම නිසා ය. අනෙක, හැමෝ ම එක ම ආකාරයට මත් වී එක ම ආකාරයට 'ආයුබෝ වේවා - මහ රජාණනේ' වැනි සිංදු කියා නටතැයි බලාපොරොත්තු විය නො හැකි නිසා ය.


අද වන විට ලංකාවේ පාසල් සිසුන් අතර පවා බොබ් මාලේ ජනප්‍රිය ය. බොබ් මාලේ ලේන්සු අතැති පාසල් සිසුවෝ බොහෝ සිටිති. ඔවුන් සියල්ලන් ම ගංජා පානය නො කරන මුත්, ඔවුහු ගංජා වන්දනා කරති. බොබ් මාලේගේ ක්‍රම විරෝධී සංගීතයටත් වඩා ඔහු ලංකාවේ ප්‍රසිද්ධ වි ඇත්තේ ගංජා නිසා ය.


ගංජා එක්තරා ආකාරයක ‍නො ගැඹුරු, අදේශපාලනික ක්‍රම විරෝධයක ප්‍රකාශනයක් බවට පත් වී ඇත. මීට කෙටි කලකට ඉහත ක්‍රියාත්මක වූ අරාජකවාදී දේශපාලන කණ්ඩායමක් එළිපිට ම ගංජා නිතිගත කිරීම වෙනුවෙන් පෙනී සිටිය හ. එක්ස් කණ්ඩායම නැගලි ගිය කා‍ලේ එළියට ආ මේ පිරිස් මහින්ද රාජ සමයේ කොහේ හෝ පාඩුවේ මලක් ගසාගෙන ඉන්නවා ඇත.


අනෙක් මත් ලෝලීහු ද මේ ක්‍රමයෙන් ඉවතට විසි වූ මිනිස්සු ය. ධනවාදයට ඔවුන් මිනිස් කසල ය.


සංකීර්ණ ප්‍රශ්නවලට සරළ විසඳුම් නැත. ආණ්ඩුවට ජනතාවගේ දැවෙන ප්‍රශ්න විසඳිය නො හැකි නිසා කරන්නට වැඩකුත් තිබිය යුතු ය.


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. මල් ගහන ඇමතිලත් ගොඩක් ඉන්නවා.

    ReplyDelete
  2. ලේඛකයා මෙන්ම මෙම පාඨකයාද ජිවිතයේ එක් වතාවක් ගුලි කා ඇත. අමුතු මතක්ද, දැඩි පිරිමිකමක්ද, තද සිනාවක්ද අත්විඳි බව පාඨකයාට මතකය. සගයෙකුට කැස්සක් ආවත් හචිමක් ගියත් එය බඩ අල්ලාගෙන සිනාසිය හැකි ප්‍රස්තුතයක් විය! දැඩිව තිබූ පිරිමිකම සුරතට හොඳින්ම දැනුනු බවද අද වගේ මතකය!! පාරවල්වල උඩින් ගමන් කරනවාක් මෙන් දැනුනු අතර පාරේ වලවල්, පඩිපෙලවල්, කානු සහ පාර මට්ටම අතර වෙනසක් නොදැනුනි!!!

    .......අනේ අපි කවදාක ඇවිදිමුද ඒ වගේ.....!

    ReplyDelete
  3. අනෙකුත් ප්‍රසිද්ධ ම ශ්‍රීමත්ලා දෙන්නා නම්, ශ්‍රීමත් පුන්සඳ නිදන් වස්තු හා ශ්‍රීමත් මදන මෝදකයයි.

    Correction! There's another 'Shrimath' :P
    That's 'Shrimath Indrajith Liyanage'

    ReplyDelete
  4. අසභ්‍ය වෙබ් අඩවිවල රඟපෑ වැඩි දෙනෙක්‌ ගමේ කෙල්ලෝ

    නෝමන් පලිහවඩන "දිවයින"

    අසභ්‍ය වෙබ් අඩවිවල රඟපෑ තරුණියන් වැඩිදෙනකු ගම්බද පළාත්වල පදිංචිකාරියන් බව පොලිස්‌ පරීක්‍ෂණ වලදී හෙළිවී ඇත.

    මෙම තරුණියන් පොලිස්‌ බාරයට ගැනීම සඳහා දැනටමත් කළුතර සහ හලාවත යන පළාත්වලට පොලිස්‌ කණ්‌ඩායම් පිටත්ව ගොස්‌ ඇතැයි පොලිස්‌ ළමා හා කාන්තා කාර්යාංශයේ ප්‍රකාශකයෙක්‌ "දිවයින" ට පැවසීය.

    මෙම අසභ්‍ය වෙබ් අඩවිවල පෙනී සිටීම සඳහා මොවුන් එක්‌ අයකු කුලිය වශයෙන් රුපියල් පනස්‌දහසක පමණ මුදලක්‌ අයකර ඇතැයි හෙළිවී තිබෙන බව පොලිසිය කියයි.

    මෙම තරුණියන් සියයක්‌ පමණ දෙනා ඉදිරි දින කීපය තුළදී අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්‌ කණ්‌ඩායම් කීපයක්‌ම යොදවා ඇත.

    ReplyDelete
  5. කොණ්ඩේ බැඳන් රස්තා ඇඳන්
    බොබ් මාලේ සරනවා වීදි දිගේ
    සුරුට්ටුවක් කටේ ගසන් ‍
    චේ ගුවේර බිස්නස් ඇපල් කඩේ
    මාලේ ගෙලේ චේ පපුවේ
    කිසිම දෙයක් නෑ ඔළුවේ

    ReplyDelete
  6. ඇයි.. ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ ? අර ඔයාගෙ චැනල් එකේ හඩ කවන්නා.....

    ReplyDelete
  7. ජාතියේ ආඩම්බරකාර තාත්තා ඉන්නකම් ඔය මල් ගුලිවලට, කූරු වලට ඉඩක් නෑ. හැමෝම පැට්‍රෝලියම් සංස්ථා සභාපති හැරී ජයවර්ධන මහත්තයා හා ආණ්ඩුව පෝසත්වන සීල් අරක්කු ගහන්න ඕනෑ, නැත්නම් ප්‍රාදේශීය දේශපාලක උත්තමයාගේ අනුග්‍රහයෙන් පවත්වගෙන යන කසිප්පු තිප්පොලෙන් බොන්න ඕනෑ...හරිය?

    ReplyDelete
  8. @Anonymous
    ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේගේ තාත්තා පැරණි පුවත්පත් කලාවේදියකු වන ගුණදාස ලියනගේ ය. ඔහු අන්වර්ථ නම ලෙස පාවිච්චි කළේ ගුලි කියා ය. සමහර විට, පුතාට ශ්‍රීමත් කියා නම දැම්මේ ඒ නිසා විය හැකි ය.

    ReplyDelete
  9. @Anonymous
    I apologise for not writing in our tongue.
    And a word on Ajith and his work in w3lanka that I really appreciate; I really like your sense of humour, and the only reason I read a blog of what is happening is Lanka is to enjoy that.
    Now, I really like the poem here but do not agree with 'kisima deyak naha oluve' since I know so many intellectuals who dont know a shit as well.
    Finally, I use to closely work with the group that Ajith describes at the end of article who actively try to promote legalising cannabis. Now word,immaterial of Rajapaksha government I do try to smoke up and another word, I know it was stupid ask for legalising weed as these sort of things prevail only under illegal underground setting that these things flourish so authorities tend to allow it to remain the trade like that.
    Now to what I have got to say, about the efforts of the left in lanka who pretends to be a viable opposition, could be summed up in two sentences. 'One step forward and two steps back', an oft quoted and much hackneyed phrase from lenin; and, after some experiences, limited though, with the close circle of experienced leftists who call themselves that publicly, including Ajith, I felt like it was vultures fighting over what is dead...

    ReplyDelete
  10. i feel the writer who wrote this article was affected by the X-group. x-group is the best example for the regressive social movements which arise in the post colonial countries. They think they can change the society by adopting all the western ethics. They had a publication called ''London''. By describing the meaning of the LONDON Rohan Perera wrote that we(x) should start from where Britons stopped. What a revolutionary idea!!!!!( Rohan Perera was fucked up by Deepthi KUMARA Gunarathna due to his hysteric mental condition. Deepthi KUMARA had/have no idea about what is psychoanalysis but he defeated Rohan. Both of them have no jobs and do not know how to do anything. But they are not even brave to suicide. so they cheat young people and earn money to feed themselves.)

    Any way this article is nothing since it has not a political background. Its easy to criticise but difficult to change something.
    (FN: My friend if you have any relationship with x- group, PLEASE DO NOT LISTEN TO THEM WHAT THEY ARE TELLING ABOUT YOUR FAMILY. BECAUSE deepthi kumara KNOWS VERY WELL HE CAN NOT EARN FROM YOU UNTIL YOU SPEND FOR YOUR FAMILY. HE KNOWS YOU DO NOT HAVE A CLOSED RELATIONSHIP WITH HIM UNTIL YOU LOVE YOUR FAMILY. SO WHAT HE PLANS IS TO DESTROY YOUR FAMILY AND FINALLY YOU WILL BE NOTHING BUT A DEEPTHI'S EQUIPMENT. ALL THE PEOPLE WHO GATHERED IN RATHMALANA HOUSE ARE ARE THE VICTIMS OF DEEPTHI. SO PLEASE DO NOT LET HIM DESTROY YOUR FAMILY)

    ReplyDelete
  11. @Anonymous meka liweth A.PARAKUM da?

    ReplyDelete
  12. Malak sapai...modaketh sapai....rupiyala 50i..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා