Posts

Showing posts with the label බොබ් මාලේ

මදන මෝදකයට එරෙහි ආණ්ඩුවේ යුද්ධය | Operation Madana Modaka of Sri Lanka

Image
( 2010 නොවැම්බර් 06,  W3Lanka )  ආණ්ඩුව ගැන පව් කියා සිතේ. මන්ද, දැන් ආණ්ඩුව මදන මෝදකයට එරෙහිව ද යුද්ධ කරන බැවිනි. දේශපාලනිකව හිතා යුද්ධය මුළුමනින් ම ඉවර නො කර සිටියා නම්, මේ අන්දමින් අලුත් යුද්ධ නිර්මානය කර ගන්නට සිදු නො වනු ඇත. මෙම ලේඛකයා ජිවිතයේ එක් වතාවක් ගුලි කා ඇත. ගුලි යනු මදන මෝදකය නමින් හැඳින්වෙන ආයුර්වේද ඖෂධයයි. ලේඛකයා දන්නා පරිදි එය සාදා ඇත්තේ රති කෙළියේදී වඩා ශක්තිමත්ව කටයුතු කිරීම සඳහා ගුලියෙන් හතරෙන් පංගුවක් පමණ සුළු ප්‍රමාණයක් වරකට කෑමට ය. එහෙත්, ලේඛකයාට මතක ඇති අන්දමට ඔහු ගුලි තුනක් පමණ කෑවේ ය. අමුතු මතක් දැනිණි. තද ලජ්ජාවක් ද, හුස්ම ගැනීමේදී නහයෙන් ගන්නා හුස්ම එතන ම තිබුණු සීතල පපුවකට යන්නා සේ ද දැනිණි. එබැවින් නින්ද යන තෙක් ලේඛකයා මහත් ආශාවෙන් හුස්ම ගත්තේ ය. ලේඛකයා තරුණ වියේදී ගුලි කෑවේ රති කෙළියේදී ‍වැඩියෙන් කෙළින් සිටීමට නො වේ. අවිවාහකව සිටි එසමයේ ලේඛකයාට ද රති සැප සොයා ගැනීම දුෂ්කර ක්‍රියාවක් විය. ලේඛකයා අත්හදා බලන්නට මිතුරන් සමග ගුලි කෑ අන්දමින් සෙසු තරුණයෝ ද ගුලි කනවා ඇත. ආණ්ඩුව මදන මෝදකයට එරෙහි සටනක් ආරම්භ කර ඇත්තේ ඒ තරුණයන්ට ආදරෙන් වි...