Posts

Showing posts from 2021

ආර්ථික ජාතිකවාදය හා ආර්ථික ජාත්‍යන්තරවාදය

Image
  December 30, 2021   admin   Economics   Politics අජිත් පැරකුම් ජයසිංහ ලංකාව වර්තමානයේදී මුහුණදෙමින් සිටින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් විවිධ විසඳුම් ඉදිරිපත් වෙමින් තිබේ. මෙම විසඳුම් අතර දැකිය හැකි මූලික ලක්ෂණයක් පිළිබඳ සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණයි. ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කරන ලද විසඳුම පිළිබඳ අපි පසුගිය සතියක සාකච්ඡා කළෙමු. තවත් පක්ෂ විසින් ද විවිධ විසඳුම් ඉදිරිපත් කරනු දක්නට ලැබිණි. ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින විසඳුම ලෙස දැකිය හැක්කේ කුමන හෝ ආකාරයකින් විදේශ සංචිත ගොඩනගාගනිමින්, ණය ගෙවීම සඳහා තවත් ණය ලබාගත හැකි පසුබිමක් නිර්මාණය කරගෙන, කොහෙන් හෝ තවත් ණය රැගෙන, ගත් ණය පොළියත් සමග ගෙවා දැමීමයි. ඒ අතරවාරයේ ඉස්පාසුවක් ලදහොත් තව තවත් ණය ලබාගනිමින් මෙගා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවක් ආණ්ඩුවට තිබේ. මෙම මෙගා සංවර්ධන ව්‍යාපෘති වන්නේ අධිවේගී මාර්ග ඉදිකිරීම වැනි යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති වේ. අත්‍යවශ්‍ය යටිතල සංවර්ධන ව්‍යාපෘති ලෙස සැලකිය හැකි බලශක්ති ව්‍යාපෘතියක් වන යුගදනවි වෙනුවෙන් ආණ්ඩුව ඇමරිකා එක්සත් ජනපදය සමග හවුල් ගිවිසුමක් අත්සන් කිරීමට කටයුතු කර තිබේ

බුද්ධංගල ආනන්ද හිමි හා පුනරුත්ථාපන කොමසාරිස් ආනන්ද වීරසේකර

Image
  December 28, 2021   admin   Politics – අජිත් පැරකුම් ජයසිංහ බ්‍රිගේඩියර් ආනන්ද වීරසේකර යටතේ තිබුණු තිසාවැව කෑම්ප් එකේ තිබුණු සුලබ වධහිංසනයක් වුණේ අත්අඩංගුවට ගත් තරුණයන්ගෙ ඉස්සරහ දත් හතරක් පොලුවලින් ගහලා කඩන එක. එහෙම කැඩීමට භාජනය වූ අය ගණනාවක් මට හමුවුණා, පැලවත්ත රැඳවුම් කඳවුරේදී. පස්සෙ කාලෙක අනුරාධපුරේදීත් ඒ අය නැවත හමුවුණා. ඒ අය තවමත් ජීවතුන් අතර ඉන්නවා, කෘත්‍රිම දත්දාගෙන. ආනන්ද වීරසේකර සිවුරක් දාගත්තා. පෝලිමේ තියලා ඊ කියපන් කියලා පොලුවලින් ගහලා දත් කඩනකොට මිනිහෙකුට ඇතිවෙන ශාරීරික, මානසික වධහිංසනය ගැන හිතන්න. කෘත්‍රිම දත්වලින් කරන්නට පුළුවන් සැබෑ දත්වල ව්‍යාජයක් නිර්මාණය කරන එක විතරයි. ආනන්ද වීරසේකරගෙ සිවුර ගැන මං දන්නෙ නැහැ. 1992දී, පොල්ගොල්ල පුනරුත්ථාපන කඳවුරේ තිබුණු ඉංග්‍රීසි පන්ති කාමරයක් විවෘත කිරීමේ උත්සවයකදී එහි රැඳවියන් වූ අපි ආනන්ද වීරසේකරට සංවිධානාත්මකව අභියෝග කළා. අපට ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරන්නට තියෙනවාය කිව්වාම ඔහු අවස්ථාව දුන්නා. ඊට කලින් මාධ්‍ය ඉවත් කළා. මම තමයි එහිදී ඔහුව කුපිත කරපු ප්‍රශ්නය ඇහුවෙ. මම කිව්වේ අපව දිගින් දිගටම නඩු නැතුව රඳවා තබා ගැනීමත්, ජයලත් කොමිෂම

ආනයන තහනම සංචාරක කර්මාන්තයට බාධාවක්

Image
  December 25, 2021   admin   Politics   Tourism   Travel ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව දිනකට 3000 ඉක්මවා යාමත් සමග සංචාරක ව්‍යාපාරය වේගවත් ලෙසින් යථා තත්ත්වයට පත්වන බව පෙනී යන බව සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සේවය කරන ජීවන ප්‍රනාන්දු පසුගියදා ෆේස්බුක්හි සටහනක් තබා තිබිණි. ඔහු මෙසේ ද පැවසීය: “මෙරටට පැමිණෙන සංචාරකයකු දිනකට ඩොලර් 173.8 ක ප්‍රමාණයක් වියදම් කරනා අතර සංචාරකයකු මෙරට රැඳී සිටිනා කාලයේ සාමන්‍යය දින 10.8 කි මේ අනුව එක් දිනකදී සංචාරකයන් 3000ක් පැමිණි විට ඔවුන්ගෙන් ඩොලර් මිලියන 5.6ක මුදලක් ජාතික ආර්ථිකයට ගලා එයි. සංචාරක ව්‍යාපාරයේ නැගිටීම ශ්‍රී ලංකාව පෙලෙනා විදේශ විනිමය අර්බුදය ජය ගැනීමට මහත් රුකුලක් වනු ඇත.” පසුගිය 24දා සංචාරක අමාත්‍යාංශය පැවසූ පරිදි 2021 සැප්තැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකාවට සංචාරකයන් 134,000 ඉක්මවන බවයි. දෙසැම්බර් මාසයේදී 50,000කට අධික සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණියහ. සංචාරක අමාත්‍යාංශය 2025දී මිලියන 7ක සංචාරක ඉලක්කයක් තබා තිබේ. එමගින් අපේක්ෂිත ආදායම ඩොලර් බිලියන 10කි. පාස්කු ප්‍රහාරය සිදුවන්නට පෙර 2017 වසරේදී ශ්‍රී ලංකාවට සංචාරකයන් 21 ලක්ෂයකට වැ

අර්බුදය ජයගැනීමට කඩිනම් ප්‍රවේශයක්

Image
  December 24, 2021   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය කොලම, ලංකා පුවත්පත, 2021-12-24 ජාතික ජන බලවේගයේ ‘අර්බුදය ජයගැනීමට කඩිනම් ප්‍රවේශයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශය වත්මන් අර්බුදයට විසඳුම් සාකච්ඡා කිරීමේදී ගැඹුරින් සලකා බැලිය යුතු ප්‍රකාශනයකි. ලංකාවේ තත්වය විග්‍රහ කරමින් එහි පූර්විකාවේ දැක්වෙන පහත දැක්වෙන ප්‍රකාශය තුළ එම බලවේගයේ හා එහි ප්‍රධාන බලවේගයක් වන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රවේශය කැටිකොට දැක්වේ යයි සිතිය හැකිය. “අප පමණක් නොව මුළු ලෝකයම පාහේ මෙම තත්වය අත්දකිමින් සිටියි. ලෝකයේ ආර්ථීකය වර්ධනය වැඩි වී ඇතත්, ඒ හා සමානව අසමානතාවයද වර්ධනය වී ඇත. පෘථීවියට දරා ගත නොහැකි ලෙස එහි පරිසරය විනාශ වී ඇත. මේ නිසා ලෝකයම වෙනස් දිසාවකට යොමුවෙමින් පවතී. වඩා සාධාරණ, සානුකම්පික හා මානුෂීය ලෝකයක් අප විසින් ගොඩනගා ගත යුතු බව බොහෝ දෙනා අද විශ්වාස කරති. පහසු කටයුත්තක් නොවුණත්, එම වෙනස කරා පියවර කිහිපයක්වත් තැබිය යුතු බව අපි විශ්වාස කරමු. ලෝකය පුරා එවන් විශ්වාසයක පිබිදීමක් ඇතිවෙමින් පවතී.” ඒ සඳහා ‘මේ වැරදි සමාජ ආර්ථීක ප්‍රතිපත්තිවල ගැඹුරු හා පුළුල් වෙනසක් වෙනුවෙන් අපි පෙනී සිටිය යුතු බව’ එහ

විසඳුම් හා විප්ලවය

Image
  December 20, 2021   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකාව මුහුණදී තිබෙන ගැටලුවලට විසඳුම් සෙවීමේ සාකච්ඡාවක් ආරම්භ වීම ඉතා සාධනීය තත්වයකි. ජාතික ජන බලවේගය විසින් දෙසැම්බර් 20දා පැවැත්වීමට සැලසුම් කර තිබෙන නියෝජිත සමුළුවේ තේමාව වන්නේ ‘බිඳවැටුණු මව්බිම ගොඩනගන විසඳුම’ යන්නයි. කෙසේ වෙතත්, ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් මෙම මොහොතේ පවතින ගැටලු සම්බන්ධයෙන් සංයුක්ත විසඳුම් යෝජනා කර නැත. ඒ වෙනුවට එම පක්ෂවල නායකයන් විසින් කරනු ලබන ප්‍රකාශ ඔස්සේ ඔවුන්ගේ විසඳුම් හඳුනාගැනීමට සිදුවී තිබේ. ඒ බොහෝ විසඳුම් පවත්නා ක්‍රමය රැකගැනීම සඳහා පැලැස්තරය. එනම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් සහන ණයක් ලබාගැනීම වැනි ඒවාය. එහෙත්, එම විසඳුම් තුළම අභියෝගය ද තිබේ. එනම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යෝජනා කරන රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ තුළ මෙම ක්‍රමය පවත්වාගත හැකිද යන්නයි. ශ්‍රී ලංකාව පවතින්නේ විප්ලවීය අවධියක බව අපි මීට පෙර ද අපගේ ලේඛන තුළ පෙන්වා දුන්නෙමු. මෙහිදී සිදුවී තිබෙන්නේ පවත්නා සමාජ ආර්ථික ක්‍රමය තවදුරටත් පවත්වාගත නොහැකි හිරවීමක් සිදුවීම නිසා එම ක්‍රමය වෙනස් කිරීමට සිදුවීමයි. එහිදී පවත්නා ක්‍රමය යනු

දොස්තර ශාෆිගේ පඩි නොගෙවීමේ ඇත්ත කතාව

Image
  December 17, 2021   admin   Governance   Politics දොස්තර ශාෆි නැවත සේවයේ පිහිටුවීම හා අනිවාර්ය නිවාඩු කාලසීමාව තුළ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමුකර තිබේ. එම ලිපිය පහත දැක්වේ. එහි ඔහු පවසන්නේ අනිවාර්ය නිවාඩු ගන්වන ලද නිලධාරියකු සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය ආයතන සංග්‍රහයේ පැහැදිලිව දක්වා තිබියදීත්, එකී කාලය සම්බන්ධයෙන් වැටුප් නොගෙවීම පිළිබඳ හේතු දක්වන ලෙසයි. දොස්තර ශාෆි සේවයෙන් නෙරපා හැරීමක් හෝ ඔහුගේ වැඩ තහනම් කිරීමක් හෝ සිදුවී නැත. සිදුකර තිබෙන්නේ ආයතන සංග්‍රහයේ XII පරිච්ඡේදයේ 20වන වගන්තියේ දැක්වෙන පරිදි ඔහු අනිවාර්ය නිවාඩු යැවීමකි. මෙහිදී ඔහුගේ වැටුප් ගෙවීම නතර කිරීම සඳහා කිසිදු හේතුවක් නැත. ආයතන සංග්‍රහය අනුව, යම් නිලධාරියකු සිය නිල රාජකාරි කටයුතු කරගෙන යාම පොදු යහපත පිණිස හේතු නොවේ යැයි වෛද්‍ය නිර්දේශය මත හෝ වෙනත් විශේෂ හේතු මත සලකන අවස්ථාවලදී පත් කිරිම් බලධරයාට, එම නිලධරයා අනිවාර්ය නිවාඩු යැවිය හැකි ය. මේ සම්බන්ධ විිධිවිධාන ආයතන සංග්‍රහයේ XII වැනි පරිච්ඡේදයේ 20 වගන්තියෙහි දැක්වේ. එසේ ලබාදෙන අනිවාර්ය නි

අසාද් සාලි නඩුවේ වරද කොතැනද?

Image
  December 14, 2021   admin   Law   Politics අජිත් පැරකුම් ජයසිංහ බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මාස අටක පමණ කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිට පසුගිය දෙසැම්බර් 2දා නිදහස ලැබීය. ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ 2021 මාර්තු මස 09 වනදා කොළඹදී පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදී කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙනි. “අපේ නීතිය අපිට.. ඔයගොල්ලන්ගේ නීතිය ඔයගොල්ලන්ට.. ඒවා හරි වැරදි බලන්නේ අපි.. කුරානයයි, හදිසියයි, ශර්යාවයි අපේ නීතිය නම් අපි ඒකට ගරු කරනවා මිසක් රජයේ නීතිය බලන්නේ නැහැ. කුරානයයි, නබිතුමාගේ හදිසියයි හැරෙන්නට වෙන නීතියක් අපට නැහැ” යනුවෙන් ප්‍රකාශයක් ඔහු සිදුකර තිබූ බව නීතිපතිවරයා විසින් අසාද් සාලි මහතාට එරෙහිව 2021 ජූනි 23දා ගොනුකරන ලද අධි චෝදනා පත්‍රයේ සඳහන් විය. ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කළේ යැයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකරන ලද අධි චෝදනාවෙන් අසාත් සාලි නිදොස්කොට නිදහස් කරන ලදී. එහෙත් ඒ වන විට ඔහු මාස අටකට වැඩි කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවිය.

රෝලකෝස්ටර් සිහිනය

Image
සංත්‍රාසයෙන් දිගු වුණ  රෝලකෝස්ටර් ගමනක නිදාවැටෙනවා මං වගේ මිස්ටර් බීන් එක්කො මං ඒ පැදුමට ගියේ නැතුවාවත්ද මං ඉන්නෙ ගෙදරද ඇඳේද? මේ හීනයක්ද? හීනෙන් හීනයක් දකිනෙමි යථාර්ථයත් සිහිනයකි රෝලකෝස්ටරයක නිදියමි එයද අන්තිමට සිහිනයකි විස්මයේ, සංත්‍රාසයේ ඇත්ත හා බොරු භීතියේ හූ කියන ආසාවේ ඔබේ හඬ ඇසේ මට සිහිනයේ පෘථිවියම ඉන්නේ චලනයක විශ්වයම ඒ චලනයේ නොහැඟේ අපට ඒ චලනය රෝලකෝස්ටරයද එහෙමය ඇස් පියාගත් කල ඔබේ වේගය නොදැනේය මට මම විඳිමි පවනේ සිසිලස රෝලකෝස්ටර් සිහිනයක - අජිත් පැරකුම් ජයසිංහ 2021-12-15 ඡායාරූපයේ ඇත්තේ රෝලකෝස්ටරයකි (roller coaster)

බලයට එන කවුරු වුණත් මුහුණදෙන ක්ෂණික අභියෝග

Image
  December 13, 2021   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකාව මේ වන විට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණදෙමින් සිටියි. දිගු කලක් තිස්සේ මෝරා වැඩෙමින් තිබුණු මෙම අර්බුදය කෝවිඩි-19 වසංගතය හමුවේ කූටප්‍රාප්තියට පැමිණියේය. සංචාරක ව්‍යාපාරයේ ආදායම් බිඳවැටුණු අතර, විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම්, අපනයන ආදායම් ආදිය ද අභියෝගයට ලක්විය. රජය විසින් 2020 වසරේදී මැතිවරණ ජයග්‍රහණ ඉලක්ක කරගෙන ගත් පියවර ද මෙම තත්වය තීව්‍ර කරන්නට හේතු වූ බව සඳහන් කළ යුතුය. මාස කීපයක් තිස්සේ රට වසා තබාගත්තේ ආර්ථිකය කඩාකප්පල් වීම පිළිබඳ නොසිතමිනි. ඒ් අතරවාරයේ සමෘද්ධි අරමුදලින් පන්දහසින් බැඳි පියලි ජනතාවට පිරිනමමින් ආණ්ඩුව තුනෙන් දෙකේ ජනවරමක් තහවුරු කරගත්තේය. ඒහෙත්, මේ වන විට ආණ්ඩුව ඇතුළේම කැරැලිකරුවන් මතුවෙමින් දේශපාලන අර්බුදයක් ද මෝරා වැඩෙමින් තිබේ. මුදල් අමාත්‍යාංශයේ දත්ත අනුව, 2022 වසරේදී රජය ඩොලර් බිලියන 4.5ක විදේශ ණය ගෙවිය යුතුය. අර්බුද අතර අර්බුදය වී තිබෙන්නේ එයයි. ඔක්තෝබර් මාසය අග වන විට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 2.3ට අඩු වී තිබිණි. මේ වන විට එය තවත් අඩු වී ඇත. 2022 වසර එළඹෙන්නේ ඩොලර් මිලියන 500ක

දේශීය ගෘහ සේවිකාවන් ගැන කතාකරමු

Image
  December 10, 2021   admin   Law   Life දේශපාලනඥ රිෂාඩ් බදිඋදීන්ගේ නිවසේදී පසුගිය ජුලි මාසයේදී මියගිය 16 හැවිරිදි ගැහැණු ළමයා වතුකරයේ සිට මිනිස් ජාවාරම්කරුවකු හරහා ලබාගත් ගෘහ සේවිකාවක්. 1989 හදුන්වා දුන් ළමා ප‍්‍රඥප්තිය අනුව වයස අවුරුදු 18 දක්වා අය ළමුන් ලෙස හදුන්වා දී තිබෙනවා. ලංකාවේ ළමා ශ්‍රමය සම්බන්ධයෙන් නීතිමය අඩුපාඩු තිබෙනවා. ළමයකුට වයස අවුරුදු 14 සිට රැකියාවල යෙදීමේ හැකියාව ශ්‍රී ලංකාවේ නීති අනුව තිබෙනවා. එහෙත්, වෘත්තීය සමිතියකට බැඳිය හැක්කේ වයස අවුරුදු 16 සම්පූර්ණ වූ අයට පමණයි. ගෘහ සේවක/ සේවිකාවන් යනු ශ්‍රීලංකාවේ අඩුම ශ්‍රම අයිතිවාසිකම් සහිත සේවක පිරිසක්. 1871 දී බ්‍රිතාන්‍ය පාලනය යටතේ ගෘහ සේවිකාවන් ලියාපදිංචි කිරීම සඳහා පනතක් සම්මත කළා. ගෘහ සේවිකාවන් නොව, සේවායෝජකයන් ආරක්ෂා කිරීම සඳහා ගෙන එන ලද මෙම පනත වර්තමානයේ වාසනාවකට මෙන් අක්‍රියයි. වර්තමානය වන විට ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන්ගේ වැටුප ආහාර හා ඉඳුම්හිටුම් සහිතව දෛනිකව රු. 750-1000 අතර වෙනවා. සේවක අර්ථ සාධක, සේවක භාරකාර වැනි අරමුදල්වලට දායකවීම් හෝ රක්ෂණාවරණ ආදී කිසිවක් ඔවුන්ට නැහැ. එසේම, සේවා කාලය ලෙස නිශ්චිත පැය ගණනක්වත්

උපාධියක් සඳහා රජයේ පොළී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය (IFSL) යහපාලන රජය හඳුන්වා දුන් හොඳ වැඩක්

Image
  December 6, 2021   admin   Education උපාධියක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ණය ලබාදෙන පොළී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය  (IFSL)  යහපාලන රජය විසින් අධ්‍යාපනය සම්බන්ධයෙන් ගන්නා ලද ඉතා හොඳ තීරණයකි. එය වත්මන් ආණ්ඩුව විසින් ද දිගටම ක්‍රියාත්මක කිරීම සතුටට කරුණකි. ශ්‍රී ලංකා රජය විසින් පොළී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය හඳුන්වාදෙනු ලැබුවේ අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් රාජ්‍ය විශ්වවිද්‍යාලයකට සුදුසුකම් ලැබීමට අසමත් වූ සිසුන් සඳහා උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහාය. පොළී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ හයවන බඳවාගැනීම දැන් සිදුකෙරේ. ඒ සඳහා 2018, 2019, 2020 වසරවලදී උසස් පෙළ විභාගය සමත් සිසුන්ට අයදුම් කළ හැකිය. උපාධි පාඨමාලා ගාස්තුවලට අමතරව ත්‍රෛමාසිකව පිරිනමනු ලබන අමතර දීමනාවක් ද මෙම වැඩසටහනට තේරෙන සිසුන්ට හිමිවේ. එය මසකට රු. 6‍,000කට වැඩි දීමනාවකි. ආපසු ගෙවීමේ කාලසීමාව ආරම්භ වන්නේ උපාධිය අවසන් කිරීමෙන් පසු වසරක සහන කාලයකින් පසුවය. වසර අටක් දක්වා (වාරික 96ක්) දක්වා කාලයක් මෙම පොළී රහිත ණය ගෙවීම සඳහා ලැබේ. සාමාන්‍යයෙන් මෙම සමස්ත ණය මුදල රු. මිලියනයකට වැඩිය. අධ්‍යාපන අමාත්‍යාංශයේ අයදුම්පත් වෙබ

රාජ්‍ය සේවය කොයි තරම් විශාලද?

Image
  December 5, 2021   admin   Governance ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය කොයි තරම් විශාලද යන්න පිළිබඳ විග්‍රහයක් කෝප් කමිටු සභාපති චරිත හේරත් විසින් අරුණ පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකදී පෙන්වාදෙනවා. ඒ අනුව, අමාත්‍යාංශ (කැබිනට්) – 28 රාජ්‍ය අමාත්‍යාංශ – 40 දෙපාර්තමේන්තු – 98 දිස්ත්‍රික් ලේකම් කාර්යාල – 25 සංස්ථා – 240 රාජ්‍ය සමාගම් – 125 රාජ්‍ය බැංකු – 8 අරමුදල් – 65 විදේශ අරමුදල්වලින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති – 124 තවත් ආයතන – 21 පළාත් සභා – 9 පළාත් පාලන ආයතන 340 (337?) පළාත් සභාවල අමාත්‍යාංශ/ දෙපාර්තමේන්තු – 241 පළාත් සභා ප්‍රඥප්තිවලින් පිහිටවූ ආයතන – 64 එකතුව – 2062 (?) මධ්‍යම රජයේ රාජ්‍ය සේවකයන් – ලක්ෂ 8 පළාත් සභා – ලක්ෂ 3 රාජ්‍ය ව්‍යවසායන් තුළ – ලක්ෂ 2+ විශ්‍රාමිකයන් – ලක්ෂ 6 1/2 මෙම සංඛ්‍යාවට ආරක්ෂක හමුදාවල ලක්ෂ තුනක් ද එකතු වූ විට රාජ්‍ය අංශයේ සමස්ත සේවක සංඛ්‍යාව ලක්ෂ 22ක් පමණ වේ. ඉතා පැහැදිලිවම මෙය රටේ ජනගහනයෙන් දහයෙන් පංගුවකි. මේ එක් අයෙකුගෙන් තව දෙදෙනෙකු යැපේ යයි ගණන් බැලුවොත්, මේ රටේ ජනගහනයෙන් 30%ක්ම යැපෙන්නේ රජයෙනි. මෙයට ආචාර්ය චරිත හේරත්ගේ මෙම එකතුකිරීම ද ඇතුළත් කර සලකා බැලීම වඩා ය