රෝලකෝස්ටර් සිහිනය


සංත්‍රාසයෙන් දිගු වුණ 
රෝලකෝස්ටර් ගමනක
නිදාවැටෙනවා මං
වගේ මිස්ටර් බීන්

එක්කො මං ඒ පැදුමට
ගියේ නැතුවාවත්ද
මං ඉන්නෙ ගෙදරද
ඇඳේද? මේ හීනයක්ද?

හීනෙන් හීනයක් දකිනෙමි
යථාර්ථයත් සිහිනයකි
රෝලකෝස්ටරයක නිදියමි
එයද අන්තිමට සිහිනයකි

විස්මයේ, සංත්‍රාසයේ
ඇත්ත හා බොරු භීතියේ
හූ කියන ආසාවේ ඔබේ
හඬ ඇසේ මට සිහිනයේ

පෘථිවියම ඉන්නේ චලනයක
විශ්වයම ඒ චලනයේ
නොහැඟේ අපට ඒ චලනය
රෝලකෝස්ටරයද එහෙමය

ඇස් පියාගත් කල
ඔබේ වේගය නොදැනේය මට
මම විඳිමි පවනේ සිසිලස
රෝලකෝස්ටර් සිහිනයක

- අජිත් පැරකුම් ජයසිංහ
2021-12-15

ඡායාරූපයේ ඇත්තේ රෝලකෝස්ටරයකි (roller coaster)



Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා