Posts

Showing posts from April, 2023

මහර බන්ධනාගාරයේදී 2020දී මරාදමන ලද කොවිඩ් රෝගීන් 9 ඇතුළු 11ට යුක්තිය

Image
අජිත් පැරකුම් ජයසිංහ 2020 නොවැම්බර් 29දා මහර බන්ධනාගාරයේදී සිදුවීමකින් රැඳවියෝ 11දෙනෙකු මියගියා. බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 100කට වැඩි පිරිසකට තුවාල සිදුවුණා. මෙහි තිබෙන අමානුෂිකම පැතිකඩ වන්නේ මියගිය 11දෙනාගෙන් නවදෙනෙකුම කොවිඩ්-19 රෝගීන් බව සනාථ වීමයි. ඒ කියන්නේ, මරා දමා තිබෙන්නේ රෝගීන් පිරිසක්. ඔවුන් මරාදැමීමට හේතු වුණේ, රෝගී අයිතිවාසිකම් උදෙසා පැනනැගුණු අරගලයක ප්‍රතිඵලයක් ලෙස බව තමයි අපගේ නිරීක්ෂණය වුණේ. මහර බන්ධනාගාරය ගැන එවකට එහි අධිකාරි ජගත් වීරසිංහ කියූ පරිදි මහර බන්ධනාගාරය කියන්නෙ අපරාධ වැරදි සම්බන්ධයෙන් දෙවරකට වඩා සිරගත වන පුද්ගලයන් රඳවා තබන විශේෂ බන්ධනාගාරයට. එහි ඉඩ තියෙන්නෙ 670ක් සඳහායි. දැන් 3,000ක් පමණ රඳවා තිබෙනවා. එහි රිමාන්ඩ් අංශයක් ද තිබෙනවා. අධිකරණ 10කින් පමණ රිමාන්ඩ් කිරීම් සිදුවන්නේ මෙම බන්ධනාගාරය තුළයි. මේ අනුව බලන කල, මහර බන්ධනාගාරයේ එක් සිරකරුවෙකුට තිබෙන ඉඩ තුළ සිරකරුවන් සිව්දෙනෙකුට වඩා රඳවා තබා තිබෙනවා. මෙය තමයි ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල සාමාන්‍ය තත්වය. දොළොස් දහසක් සිරකරුවන්ට පහසුකම් තිබෙන බන්ධනාගාරවල මේ වන විට තිස්දහසකට වඩා සිරකරුවන් රඳවා තිබෙනවා. මෙවැනි

කොඩි ගහ යටට මං කැමතියි – අකැමැතියි

Image
  අජිත් පැරකුම් ජයසිංහ කොඩි ගහ යට ටෙලි නාට්‍යය ගැන සංවාදයකදී මනෝරම වීරසිංහ මගෙන් අහපු ප්‍රශ්නයක් හේතුවෙන් තමයි මේ සටහන තබන්නට හිතුණෙ. කොඩි ගහ යට නිර්මාණාත්මකයි. පරිකල්පනාත්මකයි. ආකර්ශනීයයි. කලාත්මකයි. විශිෂ්ට රඟපෑම්, අගනා දෙබස්, සිනමාත්මක ඉදිරිපත් කිරීමක් එහි දකින්නට ලැබෙනවා. මම මේක ගොඩක් රසවිඳිනවා. හැම සතියකම එපිසෝඩ් එක එනකල් බලාගෙන ඉන්නවා. හැබැයි, මෙහෙමත් ගන්න පුළුවන්. මේක පාතාලය ප්‍රමෝට් කරන ප්‍රොපගැන්ඩා වැඩක්. පාතාලය, සිරගෙවල් හා මත්ද්‍රව්‍ය, මිනීමැරුම් ආදිය ගැන අතිශය ව්‍යාජ චිත්‍රයක් මෙමගින් නිර්මාණය කරනවා. අපරාධකරුවන් වීරයන් බවට පත්කරනවා. තරුණයන්ව අපරාධවලට පොළඹවනවා. මේක දුටුගැමුණුට රඟපාපු උද්දික ප්‍රේමරත්නව ඡන්දෙ දීලා පාර්ලිමේන්තුවට පත්කර එවූ රටක්. පබාට ටෙලි නාට්‍යයේ වෙච්ච සිදුවීම් නිසා කෘතහස්ත දේශපාලක කරු යසූරියටත් වඩා ඡන්දෙ දීලා උපේක්ෂා ස්වර්ණමාලිව පාර්ලිමේන්තුවට පත්කර එවූ රටක් මේක. අපි දැන් එයාට රු. 40,000කට වැඩි විශ්‍රාම වැටුපක් මහජන මුදලින් ගෙවනවා. දැනටත් අවුරුදු අටක් විතර ගෙවලා තියෙන්නෙ. සැබෑ ජීවිතයේ පාතාලය හෝ සිරගෙවල් ඔය වගේද? ඔය යම් යම් ලක්ෂණ නැත්තෙ නැහැ. හැබැයි, පාතාලය ස

උණ ලෙඩුන්ට කැඳ හෙවත් දිළිඳු සහනාධාර

Image
  අජිත් පැරකුම් ජයසිංහ දිළිඳු ම පවුල් ලක්ෂ හතරක් සඳහා මසකට රුපියල් 15,000 ක් බැගින් සහ දෙවන මට්ටමේ පවුල් ලක්ෂ අටක් සඳහා මසකට රුපියල් 8,500.00 බැගින් ද, තවත් පවුල් ලක්ෂ හතරක් සඳහා මසකට රුපියල් 5,000 බැගින් ද, සුබසාධන ප්‍රතිලාභ සහනාධාර ලෙස ගෙවීම ජුලි මස 1දා සිට ඇරඹෙන බව රජය පවසයි. මෙම ප්‍රමාණය රටේ සමස්ත පවුල් සංඛ්‍යාවෙන් සියයට 28 කට සමාන වේ. එමෙන් ම සංක්‍රාන්තික ලෙස හඳුනාගත් පවුල් ලක්ෂ හතරකට මසකට රුපියල් 2,500 ක් මෙම වසරේ දෙසැම්බර් දක්වා සුබසාධන ප්‍රතිලාභ ගෙවීමට තීරණය කර තිබේ. දැනට හඳුනාගෙන ඇති විශේෂ අවශ්‍යතා ඇති පිරිසට සහ වකුගඩු රෝගීන්ට රුපියල 5,000 බැගින් දීමනාවක් ගෙවනු ඇති අතර වැඩිහිටි දීමනාව රුපියල් 2,000ක් ලෙස දිගටම ගෙවීමට නියමිතය. එලෙස ආධාර ලබන පවුල් සංඛ්‍යාව දළ වශයෙන් 290,500 කි. මෙලෙස ආධාර ලබන සමස්ත පවුල් සංඛ්‍යාව ආසන්න වශයෙන් පවුල් ලක්ෂ 23 කි. එය රටේ සමස්ත පවුල් සංඛ්‍යාවෙන් සියයට 40කි. මේ පිළිබඳ සමාජ මාධ්‍ය කතිකාවකදී එක් පාඨකයෙකු මෙසේ පැවසීය: “පැරා මම නම් මේකට එකඟ නෑ. දෛනික කුලී කම්කරුවකුටත් මම උදේ කෑම ( පරිප්පු / අල, පොල්සම්බෝල බත්/පාන් සහ මාලු / බිත්තර /කරවල සහිතව) දෙනව. දහට ප

පුණ්‍යාධාර බිස්නස් හරියට කරන හැටි

Image
  දිළිඳු හා අවදානමට පාත්‍ර වූ ප්‍රජාවන් වැනි සමාජ කණ්ඩායම් වෙනුවෙන් පුණ්‍යාධාර එකතු කරන එකත් එක්තරා ව්‍යාපාරයක්. නැතිනම් බිස්නස් එකක්. ඒ ව්‍යාපාරයේ කිසිම වරදක් නැහැ. විවිධ හේතු මත එවැනි උපකාර කරන්නට සූදානම් පිරිස් ඉන්නවා. ඒ අයව උපකාර අවශ්‍ය අය වෙත සම්බන්ධීකරණය කරන එක අවශ්‍ය කාර්යයක්. විශේෂයෙන්ම දියුණු රටක පුණ්‍යාධාර කරන්නට කැමති මිනිසුන්ගේ පුණ්‍යාධාර ලංකාව වගේ දිළිඳු රටක උතුරු, නැගෙනහිර, ඌව වගේ පළාතක දුෂ්කර ප්‍රදේශයක දිළිඳු ජනතාව වෙත යොමුකරන එක වෘත්තිකමය වැඩක්. ඒ රැකියාව සංවර්ධන අංශයේ හෝ මානුෂීය අංශයේ රැකියාවක් ලෙස හඳුන්වන්නට පුළුවන්. ලංකාවෙ නම් ඒ වගේ රැකියා කරන අයට එන්ජීඕකාරයන් කියනවා. ඒ අංශවල වෘත්තිකයන්ට සාමාන්‍යයෙන් හොඳ වැටුප් ලැබෙනවා. ප්‍රවාහන පහසුකම්, ගමන් වියදම්, ක්ෂේත්‍ර රාජකාරිවලදි නවාතැන් ආදී පහසුකම් ලැබෙනවා. දුෂ්කරතා නැත්තෙ නැහැ. මේ පුණ්‍යාධාර වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුව තිබෙන්නේ නිශ්චිත සැලැස්මකට අනුවයි. විශේෂයෙන්ම, රටක රජයක් හරහා ආධාර කරනවා නම්, මුලින්ම රජය සමග සාකච්ඡා කරන්නට ඕනැ. රජයේ පටිපාටි, ප්‍රමිති හා නිර්ණායක ආදිය තියෙනවා. ඒ අනුව කටයුතු කරන්න ඕනැ. උදාහරණයක් විදියට ක

කොරියාවේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ප්‍රශ්න

Image
  අජිත් පැරකුම් ජයසිංහ කොරියාවෙ ගිහින් එන කොල්ලො (කෙල්ලොත්) කර්මාන්තවල වැඩ කරලා හොඳ සල්ලියක් උපයනවා. නුපුහුණු ශ්‍රමිකයන් විදියට ගියාට යම් යම් කර්මාන්තවල හොඳ පුහුණුවකුත් ලබනවා. ඒ අතරෙ ලංකාවෙ මාළිගා වගේ ලොකු ගෙවල් හදනවා. පාර අයිනෙ කඩ කාමර හදනවා. ඉඩම් ගන්නවා. ලොකුවට වෙඩිං ගන්නවා. පන්සල්වලට, පල්ලිවලට, ජවිපෙට පරිත්‍යාග කරනවා. ළමයින්ව ඉන්ටනැෂනල් ස්කූල් යවනවා. පවුල්වලට උපරිම සැප දෙනවා. නියමිත කාලය ඉන්නවා. පුළුවන් නම් ගල්වෙලා තව ටික කාලයක් ඉන්නවා. කලාතුරකින් කෙනෙකු කොරියන් ගැහැණියක් කසාද බැඳගන්නවා. වැඩිදෙනෙකුට කවදා හරි ආපහු එන්න වෙනවා. ලංකාවට ඇවිත් පහසුවෙන් ජීවත් වෙන්න හිතනවා. ගත්ත ඉඩම් වවනවා. කඩ දලා බලනවා. කාමර කුලියට දෙන තැන්, ගල් පස් වැලි බිස්නස්, ලොරි වෑන් හයර්, මුදල් පොළියට දීම් හා අවසාන විසඳුම විදියට ත්‍රී වීල් පදින එක කරනවා. ඇතැමෙකු සාර්ථක වෙනවා. ඇතැමෙක් අවුරුදු කීපයකට පස්සෙ නැවත රට යන ආකාර හොයනවා. ආපහු කොරියාවෙ යන්න බැහැ. ජපානෙට, ඉතාලියට මොන ක්‍රමේකින් හරි පැනගෙන ගල්වෙන්න බලනවා. එසයිලම් ගහගන්න පුළුවන්ද බලනවා. බැරි වුණොත් මැද පෙරදිග හරි යනවා. ඒ ගිහින් එනකොට අච්චර ප්‍රාග්ධනයක් නැහැ. වයසත
Image
  අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk අලුත් අවුරුද්දෙ පළමු ඇමතුම ගමේ පරණ යාලුවෙකුගෙන් ලැබුණා. මෑන් ආබාධ සහිතව තනියෙන් ජීවත් වෙන කෙනෙක්. පහුගිය කාලෙ මං පුළු පුළුවන් වෙලාවට මෑන්ව බලන්න ගියා. ළඟදි හිතලාම ගියෙ නැහැ. ගේ ඉදිරියෙන් ගියත්, ඌ තනියෙන් ඉන්න බව දැන දැනත් ගියේ නැහැ. හේතුව, මූ මගේ වෙනත් යාළුවෙකුට කියලා මාව පරිස්සමෙන් ඇසුරු කරන්නය කියලා. ඇයි කියල ඇහුවාම මං දේශපාලනය කරන නිසාලු. ඌ අංකූරා. හැබැයි කියල තියෙන්නෙ ඇත්ත. ඔය ඇත්ත මං සම්බන්ධයෙන් අපේ නෑදෑයන්, අසල්වැසියන් අවුරුදු තිහකට වැඩි කාලයක් තිස්සෙ කියනවා. මං කරපු අවදානම් දේශපාලනික වැඩ එක්ක ඒක ඉතින් සාධාරණ කතාවක්. මට ආදරේ කරපු ගෑනු මගේ ඔය ගතියටත් ආදරේ කළා. ඒ අය අතරින් එක ගෑනියෙකුව මං කසාද බැන්දා. අපි දෙන්නා වෙන්ඩු රවී වේලු යවී අයන්නයි පයන්නයි වගේ තාම ඉන්නවා. කෙසේ වෙතත්, මං සම්බන්ධ ඔය කාරණේ නිසාම මං සම්බන්ධකම් එකතු කරන්නෙ නැහැ. සමහරුන්ගෙ විනෝදාංශයනෙ සම්බන්ධකම් එකතු කරන එක. මං ඒ ඒ කාලෙට හමුවෙන හොඳ මිනිසුන් අතරින් කීපදෙනෙකු එක්ක විතරක් සම්බන්ධකම් පවත්වනවා. සමහර කාලවලදි බොක්කෙ යාළුවො පස්සෙ කාලවලදි ඈත් වෙනවා. මේ කිසිවක් මං ගේම් ගහපු නිසා නම් නෙමෙයි.

පොලීකාරයන්ගෙ සල්ලිවලින් ජීවත් නොවී අපේ පාරක යන්න දැන්වත් සූදානම් වෙමු

Image
  අජිත් පැරකුම් ජයසිංහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ චන්දන සිරිමල්වත්ත සහෝදරයා මෙහෙම කියනවා. “අවුරුදු පනිවිඩය දීලා තියෙන්නේ…. පොලීකාරයන්ගෙ සල්ලිවලින් ජීවත් නොවී අපේ පාරක යන්න දැන්වත් සූදානම් වෙමු.” ඉතාම හොඳ යෝජනාවක්. පොළීකාරයන්ගෙ සල්ලිවලින් කරපු දේ ලැයිස්තුවක් පහත දැක්වෙනවා:  රුපියල ශක්තිමත් කිරීම,  රුපියලේ කෘත්‍රිම වටිනාකම මත පදනම්ව රුපියල් ඩොලර් කර සිමෙන්ති, යකඩ, වාහන, ඉලෙක්ට්‍රොනික් වැනි භාණ්ඩ ආනයනය කර ගොඩගසාගැනීම,  වැඩි මිලට ඉන්ධන ආනයනය කර අඩු මිලට විකිණීම,  වැඩි මිලට ආනයනය කළ ඉන්ධන භාවිතා කර නිෂ්පාදනය කළ විදුලිය, ජලය ආදිය අඩු මිලට පාවිච්චි කිරීම,  අති විශාල අකාර්යක්ෂම රාජ්‍ය අංශයක් නිර්මාණය කර රටට දරාගත නොහැකි තරම් රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් හා වරප්‍රසාද ලබාදීම. මෙන්න මේවා තමයි වෙනස් කරන්න ඕනැ. කොහොමද අපේ පාරක යන්නෙ?  රාජ්‍ය අංශයේ රැකියා ශ්‍රම ප්‍රමිතිය බවට පත්වීම වෙනස් කර ව්‍යවසායකත්වය දිරිගන්වන්නට ඕනැ.  ප්‍රාග්ධනය සඳහා සාධාරණ පොළියට ණය සුලබ කරන්නට ඕනැ.  තාක්ෂණය ලබාගන්නට මාර්ග විවෘත හා සුලබ කරන්නට ඕනැ.  දේශීය හා විදේශීය වෙළඳපොළ ප්‍රවේශය පහසු කරන්නට ඕනැ.  සමස්තයක් විදියට ව්‍ය

දෘෂ්‍ය දූෂණය ගැන රනිල්ගේ අවධානය

Image
අජිත් පැරකුම් ජයසිංහ දෘෂ්‍ය දූෂණය ගැන ජනාධිපති රනිල්ට දැක්මක් තිබෙන බව පසුගියදා නුවරඑළියේදී ඔහු නිලධාරීන්ට දුන් උපදෙස්වලින් පෙනෙනවා. තට්ටු හතරට වඩා උස ගොඩනැගිලි හැදීම තහනම් කරන්නැයි ඔහු කීවා. ග්‍රෙගරි වැව ආසන්නයේ අක්කර 12ක රජයේ ඉඩමක කානිවල් එකක් හදනවාටත් ඔහු විරුද්ධ වුණා. මීට කලින් ඇල්ල පැත්තෙ සුන්දර ස්ථානයක දැවැන්ත කොංක්‍රීට් තේ පෝච්චියක් හදනවාටත් ඔහු විරුද්ධ වුණා මතකයි. ලංකාව මේ වෙනකල් තිබුණේ ලස්සන තැනක්, කඳු මුදුනක් දැක්කොත් එතන බුදු පිළිම අටවන මානසිකත්වයක. ඒත්, අටවන ජනාධිපතිවරයාට ඊට වඩා දැක්මක් තිබෙන එක සතුටට කරුණක්. හත්වන ජනාධිපති බවට පත්වුණ ගෝඨාභය රාජපක්ෂ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස කටයුතු කරද්දී ඔහුටත් මේ හා සමාන දැක්මක් තිබුණා. ඇත්තෙන්ම ඔහු තාප්ප ආදිය කඩා ඉවත් කර කොළඹ ලස්සන කළා. ලංකාවට දැන් අවශ්‍ය තව තවත් කොංක්‍රීට් ගොඩගසන සංවර්ධනයකට වඩා තියෙන දේ තව ලස්සන කරගන්න, පිළිවෙල කරගන්න අභ්‍යන්තරික සංවර්ධනයක්. එහිදී මහජන අවබෝධය ඉතා වැදගත්. උදාහරණයක් විදියට මෙහෙම හිතන්න. අපේ රටේ නිවාසවලින් 99%කට වඩා දැන් විදුලිය සපයලා ඉවරයි. ඒ ඉලක්කය සාක්ෂාත් කරගැනීමෙන් පසු අපට යාහැකි ඉලක්කයක් තම

මා ඔබේ ආහාරයයි

Image
වේදනාවෙන් බියෙන් ඇලලුණු කඳුළු පිරි මුව දෙනෙත් ඔසවා ගෙලින් ඩැහැගත් දත් පොකුර දෙස අන්ත අසරණ ගොදුර බැලුවා මුව වසාගෙන ගිරිය දෙදරා නගන ගෙරවුම කණ පුරා කුරිරු කොටි තෙම හිස් බැල්මකින් ගොදුර දෙස නෙත් යොමු කළා මිතුර නුඹ මගෙ අහර වේ විලෝපිතයා මා නුඹේ අන් කිසිත් නැත එපමණකි එය ලෝක ධර්මය එසේ වේ උපන්නොත් මියයන ලොවේ මරණයත් ජීවිතය වේ වේදනාවේ කඳුළු බිඳුවකි මුව නෙතින් ගැලුවේ මුව දෙනෙත් පියවී ගියා රත් හිරුත් අවරට ගියා කැණහිලුන්ගේ භීම වාදන රෑ පුරා ඇසුණා උදේ ආ ගිජු ලිහිණියන් හා කපුටුවන් දහවල ගියා දවස් ගෙවිලා පස් වුණා අලුත් ගස් බිම පැළවුණා මුවන් විතරක් නෙමෙයි කැළයේ කොටිත් පැටවුන් ඉපදුණා එකම තණ බිම උන් සියලු දෙන ගොදුරු සොයමින් ගැවසුණා - අජිත් පැරකුම් ජයසිංහ, 2023-04-11

විභාග උත්තර පත්‍ර බැලීම වර්ජනය කරන අධ්‍යාපන ත්‍රස්තවාදයට විසඳුම කුමක්ද?

Image
  අජිත් පැරකුම් ජයසිංහ මේ වෙනකොට උසස් පෙළ උත්තර පත්‍ර බැලීම දින 50ක පමණ කාලයක් ප්‍රමාද වෙලා. උසස් පෙළ සිසුන්ගේ ජීවිත කාලයෙන් දින 50ක් මේ. තාරුණ්‍යයෙන් දින 50ක්. මේ වන විට තවදුරටත් ප්‍රමාදයට තියෙන්නෙ එකම හේතුවයි. උසස් පෙළ උත්තර පත්‍ර බලන්නට නම් තමන්ගෙන් ඉහළ පුද්ගල ආදායම් බද්ද අය නොකරන ලෙස හෝ සහන දෙන ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉල්ලා සිටිනවා. ඉහළ පුද්ගල ආදායම් බද්ද මේ වන විට රු. ලක්ෂයට වැඩි සියලුදෙනාට බලපාන ප්‍රශ්නයක්. රැකියා කරන අයගෙන් මේ වන විට එම බද්ද නොගෙවා සිටීමට සමත් වෙලා තියෙන්නෙ විනිසුරුවරුන් විතරයි. ඒ වාරණ නියෝගයක් නිසා. මන්ත්‍රීවරුන්, ඇමතිවරුන්, ජනාධිපති පවා බදු ගෙවනවා. එහෙම සංදර්භයක් තුළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට විතරක් සහනයක් දෙන්නට පුළුවන්කමක් නැහැ. දෙන සහනයක් හැමෝටම දෙන්න ඕනැ. එහෙම සහන දීලා ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්නට බැරි බව කවුරුත් දන්නවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අනුව රජයට මුදල් මුද්‍රණය කර වැටුප් වැඩි කිරීමේ හැකියාවකුත් නැහැ. හැබැයි, මේ වන විට උද්ධමනය අඩු වී තිබෙන ආකාරය, ඉන්ධන ඇතුළු භාණ්ඩවල මිල අඩු වී තිබෙන ආකාරය අනුව, යම් සහනයක් ලැබී නැතැයි කියන්නට බැහැ. මේක

ත්‍රස්ත විරෝධී නීති ගැන ත්‍රස්තවාදී සංවිධානයක හිටපු සාමාජිකයෙකුගේ අදහස

Image
  අජිත් පැරකුම් ජයසිංහ මම ත්‍රස්තවාදයට එරෙහි දැඩි නීති තිබිය යුතුයි කියන ස්ථාවරයෙ ඉන්න කෙනෙක්. හැබැයි, මං අවුරුදු තුනක් විතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිරගතව සිටි කෙනෙක්. ඒ යටතෙ බලහත්කාර පුනරුත්ථාපනයකටත් යොමු වුණ කෙනෙක්. එහෙම ඉඳලත් මේකට පක්ෂද අහන අයට මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. මං සදාචාරවාදියෙක් හෝ කවියෙක් නෙමෙයි. දේශපාලන මැදිහත්කරුවෙක්. මගේ හෘදය සාක්ෂිය කවියන්ගෙ වගේ මතුපිට සංදර්ශනයක් නෙමෙයි. මේක පැහැදිලි කරන්න හරි ලේසියි. කවියන්, කලාකරුවන් ගැන දන්නවනෙ. පළමු ඇසුරෙදි උන් හදවත ගලවලා අතට දෙන තරම් සංවේදී බව ඔබට දැනේවි. ටික කාලයක් ආශ්‍රය කරලා බලන්න. ඔබේ වකුගඩුවත් ඔබට නොදැනී ගලවාගන්න තරම් ගල් ආඳො තමයි වැඩිහරියක් සංවේදී කලාකාරයො. යූ නේම් ඉට් කියල වුණත් කියන්න පුළුවන්. දන්න අය ගැන ඕනැ තරම් විස්තර තියෙනවා. සංවේදී කලාකාරයකු නොවන, කලාකරුවන් අතර කිසිදු පිළිගැනීමක් නැති, හැබැයි, කවි එහෙමත් ඕනැ නම් ලියන්න පුළුවන් කෙනෙකු වන මං ගැන පුළුවන් නම් ඒ වගේ පුදුම හිතෙන එක කතාවක් කියන්නකො. මෙතන ඉන්නවා මං ඇසුුරු කරපු දහස් ගණනක්. ඒ කාටහරි මං ගේම ඇදපු එකක්. කාගෙ හරි කණ කපපු එකක්. ගෑනු යූස් කරපු එකක්, යටින්

හැටඅටේ දීපු විසඳුම් ක්‍රියාත්මක නොකිරීමෙන් පනස්පස් අවුරුද්දකට පසු බැටකන ලංකාව

Image
  April 4, 2023   admin   Economy පරිවර්තනයට ලක්වෙමින් තිබෙන ලංකාවේ රජය තිරසරභාවය ගොඩනගා ගත යුතුයි. එහිදී තමන්ගේ වගකීම් හා කාර්යභාරය හඳුනාගත යුතුයි. ආදායම් හා වියදම් තුලනය කරගත යුතුයි. ආදායම් තුලනය කරගැනීමේදී බදු පරිපාලනය අතිශය වැදගත්. මධ්‍ය කාලීනව හා දිගු කාලීනව ආදායම් වැඩිකර ගැනීමට එය අත්‍යවශ්‍යයි. රජයට බදු ආදායම් ලබාදෙන ප්‍රධාන ආයතන තුනක් තියෙනවා. ඒ තමයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව හා රේගුව. බදු පරිපාලනය බදු පරිපාලනය ප්‍රතිසංස්කරණය කිරීමේදී මූලික වශයෙන් අවධානය යොමුකළ කළ යුතු ආයතනයක් වන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවයි (IRD)යි. කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා විද්‍යාර්ථියකු වන උමේෂ් මොරමුදලි හා International Centre for Tax and Development and IDS, Sussex හි මික් මුවර් විසින් 2022 අප්‍රේල් 12 සම්පාදනය කරන ලද ලිපියක දැක්වෙන පරිදි, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වැඩි අවස්ථාවක් තිබේ. එහි කාර්ය සාධනයේ අඩුපාඩු පිළිබඳ ගැටලු වඩාත් පහසුවෙන් විසඳාගත හැකිය. එයට සාපේක්ෂව, රේගුව ප්‍රතිසංස්කරණවලට වැඩි විරෝධයක් දක්වනු ලැබිය හැකි අතර, දැනට තිබෙන තත්