Posts

Showing posts from August, 2016

ෆේස්බුක් මනෝ වෛද්‍යවරු

Image
මනෝජ් සමරසිංහ හේවගේ සිය ප්‍රොෆයිල් පිංතූරය ලෙස භාවිතා කරන්නේ මේ රූපයයි මෙහි සිටින්නේ හෘදය සාක්ෂියේ සංකේතයක් ලෙස සැලකිය හැකි මිනිසෙකි  ෆේස්බුක් යනු අපූරු අවකාශයකි. මට එහිදී අපූරු මනෝ වෛද්‍යවරයකු හමු විය. මෙවැනි අපූරු මිතුරන් හමු වන ලොව එක ම තැන ෆේස්බුක් ය.  මම ඔහු චැනල් කළේ නැත. ඔහු මා සොයා පැමිණ පහත දැක්වෙන මනෝ වෛද්‍ය උපදෙස් ටික දී එයින් මහත් උද්දාමයට පත් වී සිටියි.  මේ හා සම්බන්ධ වන්නේ මා විසින් පළ කරන ලද මෙම අදහසයි.  “ මගේ මිතුරු ලැයිස්තුවේ මිතුරන් 4500කට ආසන්න ප්‍රමාණයක් සිටිති. ඒ අතරින් මා මිතුරු ඉල්ලීම් යවා තිබෙන්නේ 100ක්, 200ක් පමණ පිරිසකට පමණි. සෙසු සියල්ල ම මා විසින් භාර ගන්නා ලද මිතුරු ඉල්ලීම් ය. ඒවා ප්‍රතික්ෂේප කරන්නට මට විශේෂ හේතුවක් නො තිබිණි. තවත් දහස් ගණනක් භාර නො ගත්තේ ඒ මෙම ජාලයේ සෙසු අය සමග තිබෙන සම්බන්ධකම් අඩු නිසා ය. මේ මොහොතේත්, තවම භාර නො ගත් මිතුරු ඉල්ලීම් 688ක් තිබේ. එසේම, කරදරකාරී ලෙස කටයුතු කරන අය හැර මා වෙනත් අය අන්ෆ්‍රෙන්ඩ් කරන්නේ නැත. මේ බව මතක් කරන්නේ මෙන්න මේ හේතුව නිසා ය. මා සමග බද්ධ වෛරයක් ඇති අයට ඉතා සරළ ලෙස මා අන්ෆ්‍රෙන්ඩ් කර මගෙන් මිදිය හැ