සිල්ලර කාසි ටෙලි නාට්‍යයෙන් නිරූපිත මධ්‍යම පංතික තෘෂ්ණාව

අවුරුදු බොහෝ ගණනකට පසුව ටෙලි නාට්‍යයක් බැලුවෙමි. ඒ සිල්ලර කාසි ය. 

පසුගියදා අවසන් වූ මෙම ටෙලි නාට්‍යය ඉතා වැදගත් විෂයක් සාකච්ඡා කළේ ය. ඒ වනාහි මේ වන විට ලංකාවේ සමාජය ඉහ වහා පැතිර තිබෙන ක්ෂණිකව සල්ලි හෙවීමේ හා අධි සුඛෝපභෝගී ජීවිත ගෙවීමේ තරුණ ආශාවයි. 

ඒ වෙනුවෙන් සල්ලි හොයන්නට දරණ උත්සාහයන් නිසා ඇත්තෙන් ම මෙම පරම්පරාවට ඔවුන් අපේක්ෂා කරන ජීවිත සතුට ලැබෙන්නේ නැත. ඒ වෙනුවට අතිශය ආතතික ජීවිත ගත කිරීමට ඔවුන්ට සිදු වී තිබේ. 

සිල්ලර කාසි ටෙලි නාට්‍යයේ ප්‍ර‍ධාන චරිත තුන වන නිකේත, මාරියෝ හා දර්ශන තිදෙනා හොර සල්ලි අච්චු ගසා ඉක්මණින් සල්ලි හොයන්නට දරන උත්සාහය හේතුවෙන් ඇති වන ගැටුම් ඇසුරින් මෙම සරළ ටෙලි නාට්‍යය නිර්මානය කර තිබේ. 

එහෙත්, එහි මෙම ධන තෘෂ්ණාව ග්‍ර‍හණය කර ගන්නේ පුද්ගල සුවිශේෂතාවන් ලෙස මිස සමස්ත සමාජයට ම අදාළ වන පොදු ප්‍ර‍වණතාවක් ලෙස නො වේ. මෙම චරිත තුන වටා සිටින සෙසු ප්‍ර‍ධාන චරිත සාන්තුවරුන්, සාන්තුවරියන් වැනි ධන තෘෂ්ණාවෙන් මිදුණු සාධු චරිත වේ. 

ටෙලි නාට්‍යය අවසාන ජවනිකාවේදී නිකේතගේ මුවට දී ඇති ආත්ම කථනයෙන් අවධාරණය කරන්නේ හොර සල්ලි අච්චු ගැසීමට ඇති වන පෙළඹීම කුඩා කල සිහිනයකින් මතු වූවක් බවයි. ටෙලි නාට්‍යයේ සංදර්භය තුළ එය ඇත්ත විය හැකි ය. මන්ද, ටෙලි නාට්‍යයේ ඔහු වටා සිටින සමීප චරිත කිසිවකින් ඔහුට පෙළඹවීමක් ඇති වන්නේ නැත. 

එහෙත්, ඇත්ත එය නො වේ. පුද්ගලයන් අධික ධන තෘෂ්ණාව වෙත තල්ලු කරන්නේ අවට සිටින සමාජයයි. සැමිය ණය කරන්නට බිරිඳ දායක වේ. දරුවෝ දායක වෙති. මව්පියන්ට ද අවශ්‍ය දරුවන් කුමන හෝ අන්දමකින් දියුණු වෙනවා බලන්නට ය. සමස්ත සමාජය ම තෘෂ්ණාභරිත ය. ආගම් ඒ තෘෂ්ණාව තව පෝෂණය කරයි.

මේ වනාහි ධනවාදය විසින් ප්‍ර‍වර්ධනය කරනු ලබන පාරිභෝජනවාදයේ හා සීමාන්තික උන්නතිකාමයේ ලක්ෂණයි.


ලංකාවේ ධනවාදය අසාර්ථක වීමට ප්‍ර‍ධාන හේතුවක් වන්නේ ද ලංකාවේ ධනේශ්වර ක්‍ර‍මය උර දරාගෙන යන මධ්‍යම පංතියට සිය අපේක්ෂාවන් ඉටු කර දීමට ධනවාදය අසමත් වීම ය. ලංකාවේ මධ්‍යම පංතියට මූලික වශයෙන් ම අවශ්‍ය වන්නේ අධි පාරිභෝජනවාදී ජීවන විලාසයක් පවත්වාගෙන යාමට අවශ්‍ය ආදායම් ය. ඒ වෙනුවෙන් අවම ශාරීරික ශ්‍ර‍මයක් පමණක් සැපයීමට ඔවුහු සූදානම් ය. සරළව කිව්වොත් ලංකාවේ මධ්‍යම පංතියට අවශ්‍ය අඩුවෙන් වැඩ කර වැඩියෙන් ආදායම් ඉපැයිය හැකි ක්‍ර‍මයි. ඔවුන් රජය වන්දනා කරමින් රජයේ සේවයට ලොල් වන්නේ ඒ නිසා ය.

මෙහිදී ලංකාවේ පරමාදර්ශී වෘත්තීන් කීපයක් ඔස්සේ මධ්‍යම පංතික සිහිනය තේරුම් ගත හැකි ය. ඒ වෛද්‍ය, නීතිඥ හා දේශපාලක යන වෘත්තීන් තුනයි. මේ තුනේ ම අපේක්ෂාවන් උතුරන්නට සල්ලි හම්බ කිරීමයි. එහිදී ඔවුන්ට වෙනත් කිසිදු වෘත්තීය හෝ සමාජ හෝ සාරධර්මයක් අදාළ වන්නේ නැත. 

මෙම වෘත්තීන් තුන එක් අතකින් ලංකාවේ පරමාදර්ශී රැකියා ද වේ. කවුරුත් අත්පත් කර ගැනීමට කැමති සමාජ තත්වයන් සහිත වෘත්තීන් වේ. ඒ හැර කුඩු විකිණීම, සල්ලි පොළියට දීම වැනි ජාවාරම් ද සමාජය ඉහ වහා ගොස් තිබේ. 

ලංකාවේ කම්කරු පංතියට ද ඇත්තේ මධ්‍යම පංතික අපේක්ෂා ය. සියලු දේශපාලන පක්ෂ විසින් ඔවුන් වෙත ප්‍ර‍වර්ධනය කර තිබෙන්නේ ද මධ්‍යම පංතික පරමාදර්ශයන් ය. සරළව කිවහොත්, ඔවුන්ගේ අපේක්ෂාව ද ජීවන හිනිපෙතේ ඉහළ පඩිය වන මධ්‍යම පංතියට නැග වැඩ නො කර වැඩි පඩි ගත හැකි ක්‍ර‍මයක් සොයා ගැනීමයි.

ලංකාවේ ධනවාදී ක්‍ර‍මය තුළ අද වන විට තිබෙන ප්‍ර‍ධාන ගැටලුව එහි ප්‍ර‍ධාන සමාජ පංතිය වන මධ්‍යම පංතියේ ජීවන පරමාදර්ශ නඩත්තු කිරීම සඳහා ප්‍රමාණවත් තරම් නිෂ්පාදනයක් කිරීමට රට අසමත් වීමයි. රාජ්‍ය අංශය සුවිසල් වෙමින් එහි අකාර්යක්ෂමතාව ඉහළ යන්නේ ද රට ණය උගුලක හිර වුණේ ද, දූෂණය ඉහ වහා ගියේ ද එහෙයිනි. සෙසු ආර්ථික ගැටලු ඇති කරනු ලබන්නේ එමගිනි. භෞතික යටිතලය සංවර්ධනය කිරීමට ද ජන ජීවිත හා ජීවනෝපායන් නගා සිටුවීම සඳහා ආයෝජනය කරන්නට බැරි වන්නේ ද, ඒ නිසා ය. කොටින් ම කියනවා නම් රටේ කාලකන්නිකමට ප්‍ර‍ධාන හේතුව මෙම මධ්‍යම පංතික අපේක්ෂා ය.

සිල්ලර කාසි මේ ප්‍ර‍ශ්නය ගැන ගැඹුරු විග්‍ර‍යක් නො වේ. නිකම් මතුපිටින් අතගෑමක් පමණි. එහෙත්, ඒ විෂය ගැන හිතන්නට යමක් එය අප හමුවේ තැබී ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. සිල්ලර කාසි ගැන සිල්ලර මිලට ලියැවුණු අජිත් පැරකුම්ගේ සිල්ලර විචාරයක්. ජනක ප්‍රියංජිත් සහ අජිත් පැරකුම් අතර වූ සිල්ලර ගිවිසුම රටට හෙළි කරනු! එම හොර ගිවිසුම හරහා ජාතික රූපවාහිනියේ රාජ්‍ය මුදල් අජිත් පැරකුම්ගේ පෞද්ගලික ගිණුමට බැර වූ ආකාරය ගැන වහා ම පරීක්ෂණයක් අරඹනු!

    අතුල රන්සිරිලාල් මැතිඳුනි, මේ ඔබේ අවස්ථාව යි. ඔබ ගැන මඩ ලිපි ටයි මාමාට ලියූ අජිත් පැරකුම් ගැන චෝදනා ලිපියක් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහට ලියන්නට ඔබට කාලය අවස්ථාව පැමිණ ඇත.

    ReplyDelete
    Replies
    1. අරඹනු! කරනු! හෙළි කරනු! කර අඹනු!

      Delete
    2. මට නම් හිතෙන්නේ පැරා මේක මුදලට ලිව්වා කියලා නෙවෙයි. පැරා මේක ලිව්වේ උත්තම මානව බන්ධනයකට කෙරෙන උත්තම පූජාවක් විධියටයි. හිමාලී සයුරංගිට පැරාගේ හද මඬලේ උපදින නිර්මල අලිංගික ප්‍රේමය තමයි මේ ලිපිය පැරා ලවා ලියවන්නේ. පැරාගේ සිහින දෙවඟන හිමාලි සංයුරංගි බව පැරා මීය කලිනුත් ලිව්වා. පැරා මුදල් පිටිපස්සේ යන්නෙ නැහැ. පැරාට අපහාස කරන්න එපා ඇනෝ. අපිටත් කේන්ති යනවා හරි?

      පැරා ඔයා මේවා ගැන හිතන්නේ නැතුව හෙට කරන්න තියෙන කතාව පුහුණු වෙන්න.

      Delete
  2. මගේ යාලුවෙක් රුපියලක් හිඟන්නෙකුට දීලා හිඟන්නා මළා.

    ReplyDelete
    Replies
    1. යකෝ උඹේ යාලුවෝ තවත් ඉතුරු වෙලා ඉන්නවද?

      Delete
    2. ඈ යෝනියෝ...තෝ තාම මැරෙන්නේ නැතුව ඉන්න එකනේ පුදුමේ. මචෝ උඹේ එක යාලුවෙක්වත් පඩ යාත්‍රාවේ ගිහින් මලේ නැද්ද බං?

      Delete
    3. අරුණ මහත්තයෝ මගේ යාලුවො අතරේ පිස්සො නැහැ.පිස්සු හැදුනම අපි යවන්නෙ අංගොඩ මිසක පාද යාත්‍රා නෙවෙයි.

      යාලු ඇනෝ

      Delete
  3. මමනම් පැරා හැමදාඅම කරන'මධ්‍යම පාන්තිකයින්ට' කරන අඛංඩ දෙස්දෙවොල් තැබීමට එච්චර එකග නෑ.. ලොකයෙ දියුනු රටවල් කිහිපයක (එක්සත් ජනපදය, එන්ගලන්තය, සින්ගප්පූරුව ) කලක් ජීවත්වුනු කෙනෙක් විදිහට ශ්‍රී ලාංකික මධ්‍යම පාන්තිකයාගෙ අපෙක්ශා හා එ රටවල මැද පාන්තිකයාගෙ අපෙක්ශා අතර එතරම් වෙනසක් මම දකින්නා ... ලංකාවෙ සහ එ හැම රටෙම මධ්‍යම පාන්තිකයගෙ අවශ්‍යතාවය සැපපහසු ගෙයක්, වාහනයක්, දරුවන්ට හොද පාසැල් හා උසස් අධ්‍යාපනයක් වගෙ දෙ තමා...
    නමුත් ප්‍රශ්න ඇමරිකාවෙ හො එන්ගලන්තයෙ අවම වැටුප (පැයට ඩොලර් 8/ පවුම් 7.50) ලැබෙන රස්සාවක් පූර්න කාලීනව කරන කෙනාට පවා තමන්ගෙ මාසිය වැටුපෙන් 75% පමන මාසිකව ගෙවෙන සෙ පහසු ගෙවීමෙ ක්‍රමයට ගෙයක්, වාහනයක් වගෙ දෙ ලබාගන්න හැකිවීමත් කෑම බීම වලට වැටුපෙන් වියදම් කල යුත්තෙ ඉතා සුලු ප්‍රමානයක් වීමත්,එහෙත් අපෙ කරුමයට ලංකාවෙ ඉහතකී අවශ්‍යතා පහසුවෙන් ඉටුකරගන්න අර පැරා කී වෘතීන්ම කරන්න වෙනවා...

    එන්ගලන්තයෙ මධ්‍යම පාන්තිකයෙකුට තමන්ගෙ ගෙදර ලග ඇති 'පබ්ලික් ස්කූල්' එකෙන් නොමිලෙ ජාත්‍යන්තර මට්ටම්ව් අධ්‍යාපනයක් ලබාදෙන්නෙ හැකියාව තියෙද්දී එ මට්ටමෙ අධ්‍යාපනයක් දෙන්න ලන්කාවෙ මධ්‍යම පාන්තිකයෙක් ලමයා බඩෙ ඉදිද්දිම රොයල්, ආනන්ද හො වෙනත් 'සුපිරි' පාසැලකට දාන්න මැරෙන්න ඔනෑ.. ඇමරිකාවෙ මධ්‍යම පාන්තිකයෙකුට තමන්ගෙ දරුවාව ප්‍රාන්තයෙ 'ස්ටේට් යුනිවසිටි' එකට රජයෙන් දෙන අධ්‍යාපන ණය මුදලින් යවන්න හැකියාව තිබුනත් ලන්කාවෙ උසස්පෙල කුරුබිලියෙන් රින්ගන්න බැරිවුන එකාට උපාධියක් ගන්න දෙමාපියන්ට සේසතම විකුනන්න ඔනෑ.....

    ලංකාවෙ තියෙන කාලකන්නිකම මෙකයි para ම් එකට මධ්‍යමපාන්තිකයින්ටම බැනලා වැඩක් නෑ

    ReplyDelete
    Replies
    1. අනිත් කරුණු ඇත්ත උනත්, එංගලන්තයේ පබ්ලික් ස්කූල් වලින් නම් නොමිලේ අධ්‍යාපනය ලැබෙන එකක් නැහැ, මොකද එංගලන්තයේ මේ නමින් හැඳින්වෙන්නේ ඉතා ඉහල මුදලක් අය කෙරෙන පෞද්ගලික විදුහල් නිසා! එංගලන්තයේ ඉන්නකොට ළමයෙක් පබ්ලික් ස්කූල් එකකට ඇතුලත් කරන්න උත්සාහ කරලා හෙම තියනවද?

      Delete
    2. මචං....උඩ මචං පබ්ලික් ස්කූල් කියලා කියන්නේ එංගලන්ත අර්තයෙන් නොවෙන්න ඇති කියලා මම හිතනවා. ඒක නෙමේ වැදගත්. ඌ මතුකරන අදහසයි වඩා හොඳ. අපි හැමෝම වචන වල එල්ලිලා බොරු තර්ක සර්කස් දාන එකනම් කාටවත් වැඩක් වෙන එකක් නැහැ.

      Delete
    3. //ලංකාවෙ තියෙන කාලකන්නිකම මෙකයි para ම් එකට මධ්‍යමපාන්තිකයින්ටම බැනලා වැඩක් නෑ//

      ඔන්න අමරිකාවේ ලින්කන් හා ලිබියාවේ ගඩාෆි හා ලන්කාවේ සිරිමාවෝ කට්ටියම මරනයට පත් උනාම අපායට අවලු....සත්‍යද රජතුමනි...? ඒ අවම ඔබ තුමා මේ තුන් දෙන්නාම කරල තිබුන හොඳ නිසා කිව්වලු එක චාන්ස් එකක් දෙන්ම් රටේ ජනතාවට කතා කරලා කල නරක දෙ වෙනුවෙන් සමාව ගන්න කියල.ඉතින් ලින්කන් දවසක්ම කතා කරල IDD බිල ඩොලර් 20000 ක් වෙලා. ඉලගට ගඩාෆි කතා කරල දවස් 2කක්...IDD බිල එතනත් ඩොලර් 30000 ක් වෙලා.ඉලගට සිරිමාවෝ දවස් 5ක් කතා කරල ....ගාන දන්නවද ?ඩොලර් 3යි වෙලා තියෙන්නෙ.....හරි පුදුමයි නෙ....පස්සෙ යම රජ්ජුරුවන්ගෙන් අහලා මොකද ඒ ලන්කාවට කතා කරන්න ගාන අඩුව ගියේ කියලා.....එතකොට යම රජ්ජුරුවෝ දීපු උත්තරය දන්නවද ?????
      ලෝකල්-ලෝකල් කෝල් අවුට් ගොයින් ෆ්‍රි කිව්වලු..........එතකොට තේරෙනවනේ..අපි ඉන්නෙත් අපායේ බව....සර්විස් චාර්ජ් විතරයි සිරිමා නෝනගේ කෝල් එකට ගිහින් තියෙන්නේ.........
      හි හි හි හි
      ඒ කියන්නේ මේක තමා අපාය.......

      උපුටාගැනීම - ෆේස්බුක්

      Delete
    4. @Aruna Perera - මේක වචන වල එල්ලිලා බොරු තර්ක දැමීමක් නොවෙයි. වචනයේ සත්‍ය තේරුම මතු කිරීමක්. කොහොමටත්, සම්පූර්ණ අදහස ගැන 'අනිත් කරුණු ඇත්ත උනත්,' කියලා තියනවනේ.

      Delete
    5. මේක ලංකාවේ මධ්‍යම පංතිකයා විසින් බොහොම අමාරුවෙන් මේ තත්වයට පත් කර ගත් රටක්. නැතිනම් මේක සිංගප්පූරුවට වඩා දියුණු රටක් වෙන්න තිබුණා. ලංකාවේ දේශපාලනය, දෘෂ්ටිවාද ආදිය හසුරුවන කම්මැලි මධ්‍යම පංතිය තමන් කවුරුද කියලා තේරුම් ගන්නේ නැතිව මේ රට වෙනස් කරන්න බැහැ.

      මධ්‍යම පංතිය දරුණු ලෙස විවේචනය කළ යුතුයි. හුරතල් කරලා වැඩක් නැහැ. එතකොට තමයි ඒ පංතියෙන් කොටසක් හරි ප්‍රගතිශීලී දේශපාලනයකට යොමු වන්න ඉඩ තියෙන්නේ.

      ලංකාවේ ධනපති පංතිය වගේ ම කම්කරු පංතියත් බොහෝ පැතිවලින් දුර්වලයි. ඔවුන් ගැන බලාපොරොත්තු තියන්න අමාරුයි.

      Delete
    6. ඔය ඇනෝ කියල තියෙන රටවල් 3න් (ඇමරිකාව, එන්ගලන්තෙ, සිංගප්පූරුව ) වැඩියෙන්ම වැඩ කරන මධ්‍යම පාන්තිකයො ඉන්නෙ ඉන්නෙ සිංගප්පූරුවෙ. ඒ අය පැය 10-12 වැඩ කරල තමයි තමන්ගෙ අපේක්ෂා ඉටුකර ගන්නෙ. පහළ පන්තියට ගියොත් ගොඩක් අය රස්සාවල් 2ක් කරනවා, එකක් full time, අනික part time, පැය කීපයක් විධියට. නමුත් ලංකාවෙ මධ්‍යම පාන්තිකයා හොයන්නෙම ආණ්ඩුවෙ රස්සා තමයි, අඩු පැය ගණනක් වැඩ කරලා වැඩි පඩියක් ගන්න තමයි ප්‍රධාන අරමුණ. ඉතින් කවද්ද ලංකාව දියුණු වෙන්නෙ. ...

      Delete
    7. රොබා....එංගලන්තෙත් ඔය හා සමානයි. ඕක අපේ පඩයෝ කියන්නේ නැහැ. ලොකු ස්ට්‍රගල් එකක් තියෙනවා එක් කොටසකට. ඒවා තමයි බ්‍රෙක්සිට් හරහා මිනිස්සුන්ගෙන් එලියට ආවේ. විචාරකයෝ හීන දකිනවා.සාමන්‍ය මිනිස්සු නිදා නොගෙන ඉන්නවා.

      Delete
  4. ශාස්තෘ නොමිලේම ලබා දීම ගැන ස්තූතියි!!! කියවා බලන්න ආසයි. පැරාව නිතර කියවනවා. නිදහස්ව හිතන කොට, පරන හෝ නව වාමංශය කියලා දෙයක් නැහැ...ඒ චෝදනාවලට පිලිතුරු දිය යුතුයි. ඒක සංස්කෘතික/ආර්ථික/ සමාජීය හෝ රෙද්දේ ආගමික යන මාතෘකා වලින් වියුක්ත වෙන්න බැහැ. පැරා මේක කතා කරන එක හොඳයි. හැබැයි පැරාව අනිත් අය ප්‍රශ්න කිරීමත්, පැරා ලියනවා වගේම වැදගත්. පැරා එය මතක තබා ගත යුතුයි කියා මට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. මාව විවේචනය කරන්නෙ නැතිනම් ඉතින් මේ බ්ලොග් එකේ සංවාදයකුත් ඇති වෙන්නේ නැහැනේ. ඒ වගේ ම තමයි මං මතභේද ඇති නො කරන, කවුරුත් එකඟ වන දෙයක් ලිව්වත් සංවාද ඇති වෙන්නේ නැහැ.

      යාලුවො ටිකක් නඩත්තු කරගෙන ඕනැ නම් නියමයි, එළ, පට්ට කියලා ලියවා ගන්න පුළුවන්.

      මං හිතන්නෙ මෙතනට එන අයට බැනලා හරි යන්න හිතෙන එක තමයි වඩා හොඳ.

      Delete
    2. @ Para..හරියටම හරි. හැමෝම ඔහොම හිතනවා නම් සමාජය කොච්චර හරබර වෙයිද...විවෘත වෙයිද...තම තමන් වශයෙන් හෝ මෙහෙම හිතනවානම් ඇත්තෙන්ම ප්‍රායෝගික ලෙස... මිනිස්සු මීට වඩා හොඳ දේවල් කතා කරාවි, මීට වඩා සුන්දරව හැසිරේවී. ලෝක ප්‍රවනතා විවෘත වෙන තරමට, එකිනෙකා විවෘත වෙන ඉඩකඩ ඉතාමත් මන්දගාමියි. එය අදට වඩා හෙට වඩාත් වේගවත් විය යුතුයි.

      Delete
    3. අනිත් එක තමයි පැරා...අපි බොහෝමයක් අය සමාජගත වෙන්නෙම චූටි ආවරනයක් දාගෙන. ඒක තමයි තමා කවුදැයි සමාජයට පෙන්වීම. පෙන්වීමටත් වඩා සමාජයට ඇතුල්වීමේ ප්‍රවේශ පත්‍රය. මේක අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන ප්‍රෝඩාව. ඊට පස්සේ මේ ආවරනය අපි ආභරනයක් කර ගන්නවා. මල කෙලියයි...මිනිස්සුන්ට මේ ආභරනය ගලවන්න හිතෙන්නේ නැහැ. මොකද ආවරන,ආභරන කියන්නේ මේක්-අප් වගේ දේවල්නේ. චූටි ආවරන,පස්සේ ආභරන වෙලා ඔටුනු වුනාට පස්සේ රෝගය උත්සන්න වෙනවා.

      මේක සමාජ ධර්මතාවයක් කියලා බොහෝ අය කියනවා. මට නම් හැඟෙන්නේ මේක ලෙඩක් කියලා. සිල්ලර කාසිවලටත් අදාලයි.

      Delete
  5. ඔය මද්යම පන්තියට කරන අවලාද පැරා සිතා මතා කරනවා නොවෙයි.බොහෝ හිටපු වාමන්ශිකයන්ට ජාන වලින්ම එන කුහක කම.

    ReplyDelete
    Replies
    1. වාමාංශිකයන් කියන්නේ මධ්‍යම පංතිකයෝ ම තමයි. ඔවුන් වැඩි දෙනෙක් කම්කරුවෝ නෙමෙයි.

      මධ්‍යම පංතියට මතවාද නිර්මානය කර දෙන්නේ වාමාංශිකයෝයි. ඔවුන් බලයේ නැති වුණාට ඔවුන්ගේ අදහස් බලවත්. ලංකාව වාමාංශික අදහස් තිබෙන රටක්. මධ්‍යම පංතික අදහස්වල ප්‍රභවය තියෙන්නේ වමේ.

      උදාහරණයක් ලෙස බූවල්ලෙක් වැනි හැම පැත්තට ම අඬු බඬු විහිදුණු සුවිසල් රජයක් ගොඩනැගීම, ඒ වෙනුවෙන් දැවැන්ත රජයේ සේවයක් පවත්වාගෙන යාම, සියල්ල නිකම් දීම, ජාතිවාදය වැනි ලංකාවට හෙනහුරා වහන්නට හේතු වන අදහස් පද්ධතිය නිර්මානය කළේත්, පවත්වාගෙන යන්නේත්, ඒ තත්වයන් වෙනස් කිරීමට එරෙහිව මරාගෙන මැරෙන්නට පවා සූදානම්ව සිටින්නේත් වාමාංශිකයෝ ය.

      Delete
  6. මගේ යාලු ඇනොවෙක් රනිල්ට පුක දීල පුක වණ වෙලා මලා

    ReplyDelete
  7. හැබැයි ඔය අගතිගාමීව වස්තු රැස් කිරීමේ/ඉහලට යාමේ තෘෂ්ණාව මධ්‍යම පන්තියේ විතරක් තියෙන එකක් නෙවෙයි. ඉඩක් නැතිකොට ඕවට බැන බන හිටියත් අවස්තාවක් ලැබෙන ලැබෙන එකා කරන දෙයක්.

    එහෙම බැලුවම මේ රටට කෙලවෙලා තියෙන්නේ හර්දය සාක්ෂියක් නැති, ආත්ම වංචාකාර ජනතාවක් බිහි වීම හා ඔවුන්ට චන්දය දීමේ හා චන්දය ඉල්ලීමේ බලය ලැබීම නිසා මිසක්ක මධ්‍යම පන්තියේ විතාරක තියෙන තෘෂ්ණාවක් නිසා නෙවෙයි . තව අපේ ජාතික උරුමයක් වෙච්ච ළිං මැඩි චින්තනය, ගෝත්‍රවාදය ආ අවිචාරය එහෙමත් එකතු වුනාම අපිට ගමනක් කොහෙන්ද ?

    හොරකමින් මැරකමින් නැතිව හරි ක්‍රමේට මිනිස්සු සල්ලි හෙව්වට කමක් නෑ .එහෙම හොයල සුර සැප වින්දත් කමක් නෑ . දක්ෂයාට ඒකට ඉඩක් තියෙන්න ඕනි . එහෙම උන් තමන්ගේ ශක්‍යතාවය පෙන්වලා මොන තරම් වැඩ කරත් ඉන් පලයක් ලැබෙන්නේ රටටමයි. අපට අත ඇරලා යන්න බැරි නුතන සංවර්ධන මාර්ගේ ඒක තමයි.

    අනික් අතට මේ රටේ පෙනෙන තෙක් මානෙක ජීවන කොලිටියක් නැති නිසා බුරුතු පිටින් උගතුන් රට හැර යනවා. ඒක ප්‍රශ්නයක් නෙවෙයිද ?
    මේ රටේ සරසවි වලින් පිටවෙන විද්‍යා හා තාක්ෂණ උගතුන් සීයෙට හැටක් ලංකාවට බායි කියල පිට වෙන එක අවාසනාවන්ත තත්වයක් නෙවෙයිද?
    සතියේ දවස් පහ වැඩ කරලා හොඳට හම්බ කරන්නත් සති අන්තේ නිස්කාන්සුවේ ඉන්න පුළුවන් තත්ත්වයක් රටේ ඕනිම මිනිහෙකුට තියෙනවානම් අපේ රටේ ප්‍රශ්න ගොඩක් විසඳෙනවා. එතකොට මිනිස්සු නිස්කාන්සුවේ විචාරශීලීව හිතන්න පටන් ගන්නවා. එහෙම හිතන එකෙක්ගෙන් තමයි යුග යුග පවතින පොතක් පතක්වත් බිහි වෙන්නේ . අලුත් දෙයක් හොයාගෙන තියෙන්නේ .අනේ මන්දා මේ මට තේරෙන හැටි .

    ReplyDelete
  8. Menna ETCA gana kathawak
    කුකුළාගමුව සුන්දර ගම්මානයකි. එහි වැසි කුකුළෝ සතුටින් දැහැමින් සෙමෙන් කල් ගෙවති. අසල් ගම් වැසි හිවලුන් මාන බලනුයේ කුකුළාගමුවේ කුකුළන් ගොදුරු කර ගැනීමට ය. ඒ උදෙසා හිවලාවල කපටහාමිලා සැලසුම් සකසති. ගතානුගතික උපාය නූතන ලෝකයට නො ගැළපෙයි. කුකුළාගමුවට පැන කුකුළන් ඩැහැ ගෙන යාමට නොසිතන්නේ එබැවිනි. විකල්ප උපාය සැකසෙයි. නරි-කුකුළු මඟුලක්‌ යෝජනා කෙරෙනුයේ ඒ අනුව ය. උපාය මාර්ගික සැලසුම වන්නේ සතුරු අතීතය අමතක කර අලුත් ලෝකයට ගැළපෙන අන්තර් සබඳතා ඇති කර ගත යුතු බවට කුකුළු රැහේ මහ මල් හාමිලාට ඒත්තු ගැන්වීමයි. කුකුළු නායකයන් ව මුරුංගා අත්තේ තැබීමයි. හිවලාවල කපටහාමිලා විසින් ඉදිරිපත් කෙරෙන යෝජනාවන්ට අනුව මඟුල සැලසුම් කළ හැකි වන්නේ එ විට ය. ඒ අනුව අලුත් කසාදය සැමරීමට කුකුළාගමුවේ සැමට හිවලාවලට පැමිණෙන ලෙස ඇරැයුම් කළ හැකි වෙයි. මුළු කුකුළු රැහැ ම අනුභව කිරීමට සැලසුම් කෙරෙනුයේ එ සේ ය. ගැළවිය නොහැකි තරමටම උගුළට හසු වන තුරු කුකුළු රැහේ මහමල්හාමිලා ට මේ අනතුර ගැන වගේ වගක්‌ නැත.

    ReplyDelete
  9. අපිත් ජීවත් වෙන්නෙ පරිභෝජනය ඉහලින්ම තියෙන රටක.ඒත් මිනිස්සු මහන්සි වෙලා තමයි සල්ලි හොයන්නෙ.මෙහෙ සල්ලි වලට හොඳ වටිනාකමක් තියෙනව.මට හිතෙන විදියට,ලංකාව දිගටම පිරිහෙන්න හේතු කීපයක් තියෙනව.දූෂනය,ආගම්,ජෝතිෂය, මුලටම තියෙන දේවල්.මේ රටවල මේවට ලැබෙන්නෙ අවම අගයක්.

    ReplyDelete
  10. පැරා ගේ මුල් ලිපිය නිසා ඔය ටෙලියේ කොටස් දෙකක් විතර බැලුවත්, වකුගඩු කේස් එකක් ගැන කියවුණු විට බැලීම නතර කළා.

    පැය දෙක තුනක movie වර්ෂන් තියෙනවා නම් බලන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. සල්ලි හොයන්න මුලින් ආපු අදහස තමයි වකුගඩු විකුණන එක. පස්සේ අහම්බෙන් හොර සල්ලි පැත්තට බහිනවා. අඩුපාඩු තිබුණට ඒක හොඳ ටෙලි නාට්‍යයක්.

      Delete
  11. වෛද්‍ය, නීතීඥ සහ දේශපාලකයා කියන තුන ගත්තහම තමාගේ කාර්ය ගැන වගකීමක් ගන්නේ වෛද්‍යවරු විතරයී. ඒ අතින් බැලුවම වෛද්‍යවරුගැන යම්කිසි ගරුත්වයක් තියෙනවා.

    ReplyDelete
  12. ඔය ටෙලිය මමත් බැලුවා, ඒක නිකන් ආදර්ශවත් කථාවක් කරන්න තමයි අධ්‍යක්ෂගෙ උත්සාහය, හොර සල්ලි ගැහුවොත්, අහු වෙලා ජීවිතේ විනාශ වෙනවා කියන එක. නමුත් ඔය කතාවෙම එන නිකේත බොස් Master Mind කෙනෙක් විධියට අධ්‍යක්ෂම පුම්බලා, අන්තිමට නිකන් ඩිංගි මහත්තය වගේ පොලිසියට අහුවෙන මෝඩ ගැමියෙගෙ චරිතය බවට පත් වෙනවා. ඒ වගේ මෝඩ චූන් ඇත්තටම බුද්ධිමත් ප්‍රේක්ෂකයට නිගාවක්. අනිත් එක අර මූල්‍ය වංචා විමර්ශන අංශෙ ඉන්න සෙට් එක නිකන්ම ගොබ්බ රැලක්, කිසිම වැඩක් බැරි සෙට් එකක්. ඔය වගේ වැඩ නිසා තමයි මට සිංහල කතා බලන්න එපා වෙන්නෙ. අර English movies, TV seriesවල තියෙන කුතුහලය, ප්‍රේක්ෂක බුද්ධියට නිගා නොකිරීම වගේ දේවල් ඉගෙන ගන්න අපේ අධ්‍යක්ෂකලට කවද පුළුවන් වෙයිද......

    ReplyDelete
    Replies
    1. ටෙලිය හොඳ ද නරක ද කියන එකට වඩා වැදගත් වෙන්නේ එමගින් අපට විවෘත කර තිබෙන සංවාදයයි.

      දැන් මේ හොර සල්ලි කේස් එක ගත්තොත්, ඇත්තෙන් ම රජය තමයි හොර සල්ලි අච්චු ගැසීමේ ඒකාධිකාරය. ඒක පවත්වගෙන යන්න තමයි ඔය දැඩි නීති ගෙන එන්නේ. නැතිනම් මේ කොළ ටිකක් අච්චු ගහන එක ඔච්චර වරදක් යැ.

      ඔය මත්පැන් කේස් එකත් ඒ වගේ නේ. ආණ්ඩුවට ඒකෙන් ලොකුම ලාභය ලබන්න තියෙන උවමනාව නිසානේ ඔය කසිප්පුවල සිට කුඩු දක්වා දැඩි දඬුවම් පමුණුවන්නේ. මිනිසුන් ව මානසිකව හිරි වට්ටන ආගම්වලට වඳින පුදන ගමන් මත් වෙන්න කුඩු විකුණන එවුන්ට මරණ දඬුවම දෙන එක කොච්චර අමානුෂික ද?

      මේ ටෙලි නාට්ටියේ මුල්‍ය වංචා විමර්ශන අංශෙ ඉන්නෙ නම් නියම පඹයො සෙට් එකක් තමයි. උන් මං හිතන්නෙ ඩිරෙක්ටර්ගෙ යාලුවො. දන්නෙ නැද්ද ඉතින් ලංකාවෙ ටෙලි නාට්ටි කර්මාන්තෙ හැටි.

      හැබැයි, අර නිකේතගෙන් නිරූපණය වෙන්නෙ හුඟක් මාස්ටර්මයින්ඩ්ලගේ ඇත්ත කතාව තමයි. ඔය ඉංග්‍රීසි චිත්‍ර‍පටවල තියෙන්නේ ඒකෙ ප්‍ර‍බන්ධය.

      මං පොඩි උදාහරණයක් කියන්නම්. අසූනමයෙ කැරැල්ල වෙලාවෙ ජවිපෙ එක හමුදා කඳවුරකට ගහන්න ගියපු ප්ලෑනක් අප්සෙට් වුණේ ඒකට ගෙනියන්න තිබුණු වෑන් එකට ඩීසල් වෙනුවට පෙට්‍ර‍ල් ගහපු නිසායි.

      Delete
    2. ඇත්තටම පැරා මට සිල්ලර කාසි පිලිබඳව මට මගේම වූ, වරලත් නොවන නොන් වරලත් විචාරයක් තියෙනවා. ලියන්න කම්මැලියි. ගොළු තාත්තා සහ මද්දහන පිලිබඳවත් විචාරකයින් කතා කල යුතුයි. හිත ඇතුලේ විචාරයන් හරි බලගතුයි ලියන විචාරයන්ට වඩා. ඒවා වඩා සංවාදශීලී වෙන්නේ හතරැස් මේස උඩ, හීනියට දේවල් සිද්ධවෙනකොට..හා හා......

      Delete
  13. Para, wish you all the best for your lecture. You should be there at the place well before 4 pm. Please do not forget to collect your envelope before you leave the place at the end. Good Luck bloke!

    ReplyDelete
    Replies
    1. Thanks dear. Please remember to fill the envelop with US dollars because I don't like Sri Lankan Rupees. You know that I am a Deshadrohiya.

      Delete
  14. Para, have you arrived at the place? Be aware of your own words. This is not a place to bombard the leftists.

    ReplyDelete
  15. වාමාංශික දේශපාලනයේදී ධනේශ්වර, නිර්ධන කියලා මූලික වශයෙන් සමාජය දෙකට ඛෙදනවා. මේ ප්‍රධාන දෙක අතරමැද පංතියක් තියෙනවා සුළු ධනේශ්වර පංතිය කියලා. ඒක උඩට යෑමේ ආශාවෙන් පෙළෙන, නමුත් පංහළට වැටීමේ අවධානම බරපපතල ලෙස තියෙන පංතියක්. ඔබ මැද පංතිය කියලා මෙතැනදී හඳුන්වන්නේ සුළු ධනේශ්වර පංතියද කියලා දැනගන්න කැමතියි.
    මැද පංතිය කියන්නේ ඒකට නෙවෙයි කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
  16. මා ඔබේ ලිපි යෙන් කොටස ක් fb ක් comment එකක් සදහා උපුටාගතිමි. මෙතැනින් පුටාගත් බව එහි සදහන්කලෙමි .

    ReplyDelete
  17. This comment has been removed by the author.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා