පුංචිම පුංචි දේවල් (කවි)

මා මේ ඡායාරූපය ගත්තේ කොහේදීදැයි අනුමාන කළ හැකි ද? 

පුංචි දේවල් ජීවි‍තේ
ඇඟිලි අතරින් රූටා
ගලා යයි දිය දහර සේ
ඉතිරි කොට අත මිණි කැට

මිණ සාක්කුවේ ලූ කල
සාක්කුව බර බව සැබැවකි
අත්ල තවමත් හිස් ම ය
හිතෙත් කිසියම් අඩුවකි

අතින් රූටා ගිය ඒ
අඩුව සොයමින් ඇවිදිමි
එහෙත් ගඟක එක දිය
දෙවරක් ගලන්නේ නැත

ගඟ නම් ගලා යයි
මම ඉවුරේ බලා ඉමි
ඈතින් ඔබ දකිමි
ඈතින් ඈත ඈතම

දෙඉවුරක අප රඳවා
ගඟ ගලා යයි
සන්සුන්ව තව වරෙක චණ්ඩව
පුංචි දේවල් ගෙන

2013-08-19 පාන්දර

(ලියලා ෆේස්බුක්හි පළ කර අමතක කර දැමූ කවියක් ෆේ්ස්බුක් මතකය තුළින් මතු විය. මෙහි ඇති මා මීට වසර 12කට පමණ පෙර ගත් ඡායාරූපය ද සොඳුරු මතකයකි. අප සමග දේශපාලනය කළ අයට මේ කොතැනදැයි අනුමාන කරන්නට ආරාධනා කරමි. දේශපාලනය නො කළ අයටත් අනුමාන කළ හැකි ය.

අනුමාන කිරීම පහසු වීම පිණිස පහත පළ කරන්නේ මොහොතකට පසුව එතැනදී ම ගත් තවත් ඡායාරූපයකි. මේ ප්‍රශ්නය මා මීට වසර දෙකකට පෙර ද ඇසුවෙමි.)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. හරියට කිව්වොත් ඩොලර් කීයක් දෙනවද...?

    ReplyDelete
    Replies
    1. ඩොලර් නැත. මට දවසක් යාලුවෙක් දුන්න පවුම් පනහක් පර්ස් එකේ තියෙනවා. ඒක බැංකුවෙ දැම්මම ආපහු දුන්නා පිට කොහෙන් හරි මාරු කර ගන්න කියලා. ඒක ටිකක් පරණයි ලු. ඒ නිසා එහෙම්මම තියෙනවා යාලුවාව මතක් වෙන්නත් එක්ක.

      Delete
  2. ඩොලර් ගාන අහන්නේ මාතලන් පිළිතුර හොයාගෙනවත්ද?

    ජයවේවා!!!

    ReplyDelete
  3. කළුගඟ අද්දර.... කළුතර දී විය හැකි යි.

    ReplyDelete
    Replies
    1. කලුතර නොවේ. මේක ගත්තෙ එතැනදී ය කිව්වොත් කවුරුවත් විශ්වාස කරන්නෙත් නැහැ

      Delete
    2. ඡායාරූපයේ ගඟක් තියනවා... ඒ වගේම ශ්‍රී පාද කඳුවැටියත් පේනවා. මේ ආකාරයට ශ්‍රී පාදය දිස් වන්නේ බස්නාහිර පළාතටයි.

      කලින් මම කළුතර කිව්වේ කළුතර පාලමට ශ්‍රී පාදය පේන නිසා. කළුතර නොවේ නම් බෙන්තොට විය හැකියි.

      Delete
    3. කැලණි පාලමටත් ශ්‍රී පාදය පේනවා.... බොල්ගොඩ වැව අද්දරටත් පේනවා. කළුතර හෝ බෙන්තොට හෝ නෙවෙයි නම්, ඒ දෙකෙන් එකක්.

      Delete
    4. ශ්‍රී ජයවර්ධනපුරයටත් ඔය විදියටම ශ්‍රී පාදය පේනවා. මේක පාර්ලිමේන්තුව අසල ජලාශය අද්දර සිට ගත් එකක් වෙන්නත් පුළුවන්.

      Delete
  4. වැවක් කියළයි හිතෙන්නේ. කුරුණෑගල වැව නෙවෙයි. නුවර වෙන්නත් බෑ වගේ.

    ReplyDelete
    Replies
    1. කුරුණෑගලට සහ නුවරට ශ්‍රී පාදය පේන්නේ නෑ.

      Delete
  5. බේරේ වැව ද

    ReplyDelete
    Replies
    1. බේරේ වැවේ පාන්දර ඔය වගේ ඔරු පදින අය නෑ.

      Delete
  6. මේ සීමා මාලකේනෙ.....

    ReplyDelete
  7. මෙිකගත්තේ කළුතර පාලමෙි කොළඔ පැත්තේ කොටසේ ඉදගන නේද?

    ReplyDelete
  8. රනිල්ව බලන්න සිරිකොතට ගිය වෙලාවක නේද?

    ReplyDelete
  9. මේ ඡායාරූපය ගත්තේ හිරු පුවත්පත වෙනුවෙන් රැය එළි වන තෙක් වැඩ කර දුමක් දැමීම සඳහා හිරු පත්තර කන්තෝරුව පැවති බාලදක්ෂ මූලස්ථානය අසල ගුරු මැදුරේ දියැස කාර්යාලය පිටුපස බේරේ වැව් ඉවුරට පා තැබූ මොහොතක ය. මේ බේරෙ වැව ය. එතෙර පෙනෙන්නේ දැන් නෙළුම් පොකුණ ඉදි වන හරියයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා