අනුරාධපුර අධ්‍යාපන අධ්‍යක්ෂ ඝාතනය කළ දුම්රිය නිලධාරීන්ට දඬුවම් කරනු!

රාජකාරි කටයුත්තක් සඳහා කොළඹ පැමිණ අනුරාධපුරය වෙත දුම්රියෙන් ආපසු යමින් සිටි උතුරු මැද පළාතේ අධ්‍යාපන නිලධාරියෙක් දුම්රියට එල්ල වූ ගල් හෝ වෙනත් යම් ඝන ද්‍රව්‍ය ප්‍රහාරයකින් ලැබූ තුවාලවලින් මිය ගොස් තිබේ.

මෙම මරණයට දුම්රිය දෙපාර්තමේන්තුව ඉතා පැහැදිලිව වගකිව යුතු අතර ඒ වෙනුවෙන් සරළ වන්දි ගෙවීමකින් ඔවුන්ට ගනුදෙනුව හමාර කළ නො හැකි ය.

දුම්රිය දෙපාර්තමේන්තුව වනාහි ලංකාවේ ජන ජීවිත සමග වැඩිපුර ම සෙල්ලම් කරන, මහජන ආරක්ෂාව තඹයකට නො තකන, ඒ වෙනුවෙන් අවම ආයෝජනයක් කරන, මහජන ආරක්ෂාව සඳහා තිබෙන නීති ක්‍රියාත්මක නො කරන ආයතනයකි.

දුම්රිය දෙපාර්තමේන්තුව මෙම මගියා රෝහලකට ඇතුළත් කිරීමේ හෝ ප්‍රථමාධාර දීමේ මූලික කර්තව්‍යයන් හෝ කරන්නට අසමත් වී තිබේ. ඒ වන විට දුම්රියේ ගමන් කළ බව කියන ටිකට් පරීක්ෂකවරු ඉතා පැහැදිලිව ම මෙම ඝාතනය සම්බන්ධයෙන් වගකිව යුතු ය.

ඔවුන්ට අපූරු එක්ස්කියුස් එකක් තිබේ. ඒ වනාහි රෝගියා රෝහලට ඇතුළත් වීම ප්‍රතික්ෂේප කළ බවයි. හිසට තුවාල වී තිබුණු රෝගියකු රෝහලට ඇතුළත් කරන්නට අවශ්‍ය ඔහුගේ අවසරය නොව, අදාළ නිලධාරීන්ගේ බුද්ධිය, වෘත්තිකභාවය හා මිනිස්කමයි.

මොළයේ අභ්‍යන්තර රුධිර වහනයකින් මිය ගොස් තිබෙන බව පෙනෙන මෙම රෝගියා රෝහලට ඇතුළත් කිරීම අනවශ්‍ය බවට ප්‍රකාශයක් ලබා දුන්නේ ය යන නින්දිත ප්‍රකාශය කරන්නට පවා මහජන මුදලින් වැටුප් ලබන, දුම්රිය මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ යුතු මෙම නිලධාරීන් කටයුතු කර ඇති බවට මාධ්‍ය වාර්තා පළ විය. හිසට තුවාල වී බරපතල තත්වයේ සිටි රෝගියකු තමන්ට ප්‍රතිකාර එපා යයි කීවත්, එම පුද්ගලයා රෝහලකට ඇතුළත් නො කර සිටීමට දුම්රිය නිලධාරීන්ට නො හැකි ය.

දුම්රිය මාර්ගය අසල රැඳී සිටින තිරිසනුන් දුම්රියට ගල් ගැසීම 100%ක් ම දුම්රිය දෙපාර්තමේන්තුවේ වරදක් නො වේ යයි කියමු. එහෙත්, තුවාල ලැබූ රෝගියකු රෝහලට ඇතුළත් කරන්නට තරම්වත් වගකීමක් දුම්රිය දෙපාර්තමේන්තුවට නැද්ද? තමන්ගේ වරද නිසා තුවාල ලැබූ රෝගියකු අවසානයේදී පැය හතරක් පමණ කාලයක් දුම්රියේ ගමන් කර අසාධ්‍ය තත්වයෙන් පාරේ පයින් ගොස් තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ මේ වගකීම් විරහිත ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දුම්රිය මගීන් මීට වඩා හඬක් නැගිය යුතු ය. මේ වනාහි දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය තත්වයයි. දුම්රිය ආරක්ෂකයන් යයි කියන පිරිස, ටිකට් පරීක්ෂකවරුන් ආදීන් මගී ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිනවාට වඩා කටයුතු කරන්නේ මැරවරයන් පිරිසක් ලෙසයි.

ඉතාම අනාරක්ෂිත ලෙස, අධික ලෙස තදබදයෙන් යුක්ත දුම්රියවල එන මගියෙකුගේ ටිකට් පතක් වැරදීමකින් බිම වැටී නැති වුණොත් මේ වන විට රුපියල් දහස් ගණනක දඩයක් දුම්රිය දෙපාර්තමේන්තුව අය කරයි. දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායමින් මේ රජය යටතේ හා මෑත කාලීනව එක දුම්රිය එන්ජිමක්, පෙට්ටියක්වත් ආනයනය කර නැත.

ඇමති නිමල් සිරිපාලගේ සිට දුම්රිය දෙපාර්තමේන්තුව මේ ඝාතනය හා තවත් මිනිස් ඝාතන රැසකට වගකිව යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මේ ගල්පාර එල්ල වෙලා තියෙන්නේ වව්නියා කෝච්චියට නේද? සීනිවුස් එකට අනුව නම් දෙමලුන්ගෙ වැඩක්...

    ReplyDelete
    Replies
    1. දෙමටගොඩයි කැළණියයි අතරෙදි වෙලා තියෙන්නේ. ඒ පැත්තේ ඉන්නේ දෙමල මිනිස්සු විතරයි නේද මචෝ. ආයේ සිංහල මිනිස්සු ඉන්නේ වවුනියාව දිහාවේ.

      Delete
    2. Ano 621 am: Does it make a difference whether it's a sinhalese or a tamil who did this. This is a reflection of stpupid attitudes among all layers of people.

      Delete
  2. If this happened in a developed country this will be a case the rail services end up paying millions to the victim. There is no system in Sri Lanka to educate the general public on their own rights.

    ReplyDelete
  3. දුම්රිය ගැන කතාකරල වැඩක් නෑ. උපන්තේකට මෑදිරි ඇතුල සහ ආසන සොදා පිරිසිදු කරන්නනේ නෑ. වැසිකිලි අන්තිමයි.

    ReplyDelete
  4. දුම්රිය සේවය නගාසිටුවීමට නම් එය සිංගප්පූරුවේ SMRT වැනි සමාගමකට විකුනා දැමිය යුතුයි.. හැබැයි රාජ්‍ය සේවක පරපුටුවන් මැරෙන්න හදයි..

    ReplyDelete
  5. දුම්රිය ගැන මහජනතාව මීට වඩා කතා කළ යුතුයි. දුම්රිය දෙපාර්තමේන්තුව ඉතා නින්දිත විදියට මගීන් සූරකනවා. කෝච්චි පෙට්ටියක් කියන්නේ මිනිස් අයිතිවාසිකම් තඹ දොයිතුවකට මායිම් නො කරන අවකාශයක්. මරණය සඳහා හරකුන් පටවාගෙන යන වාහනයක වුණත් නියමිත අවකාශය, වාතාශ්‍ර‍ය ආදිය සම්බන්ධ නීති තියෙනවා. කෝච්චියේ යන මගීන්ට මරා දමන්නට ගෙන යන හරකුන්ට තිබෙන අයිතිවාසිකමවත් නැහැ.

    දුම්රිය සේවකයන් කරන්නේ මේ අන්දමින් නින්දිත ලෙස සූරාකෑමට භාජනය වන මගීන් තවත් අපහසුවට පත් කිරීමයි.

    දුම්රිය වෘත්තීය සමිති ඉතිහාසයේ කිසිම දවසක මගීන්ගේ පහසුව සටන් පාඨයක් වෙලා තිබෙනවා නම් කියන්න.

    ReplyDelete
    Replies
    1. කොළඹ සිට යාපනයටම යන්න රැ:270කට යන්න පුලුවන් එකද ඔබතුමා මේ මගීන්ව සූරා කනව කියන්නේ.නමුත් ඔබ මගීන්ගේ අවශ්‍යතාවන් වටහාගෙන නැත.

      Delete
    2. කොළඹ සිට යාපනයටම යන්න රැ:270කට යන්න පුලුවන් එකද ඔබතුමා මේ මගීන්ව සූරා කනව කියන්නේ.නමුත් ඔබ මගීන්ගේ අවශ්‍යතාවන් වටහාගෙන නැත.

      Delete
  6. ඔබ කියා ඇති සියළු දේ සත්‍යයක්. මාත් දිනපතා දුම් රියෙන් යන එන මගියෙක්. පෙට්ටි පිරිසිදු කිරීම මේ අයගේ වැඩක් වුනත් එය කවදාවත් සිදුවෙන්නෙ නෑ .නමුත් ඕ ටී ගන්නවා.
    කැසිකිලි අසලනම් හිටගෙනවත් යන්න බෑ.ඇතැම්විට ගද ඊට මදක් ඈතින් ඇති සීට් වලටත් දැනෙනවා.
    ඒ වගේම දුම් රිය යාවත්කාලීන වෙලා නෑ. සුද්දන් පොටෝගන්නෙ අතීතයට ගියා වගෙයි.තවම යටත් විජිත යුගයෙ විදියමයි.

    මා පෞද්ගලිකකරනය ප්‍රමෝට් කරන්නේත් මෙම රජයේ ආයතනවලට අයිතිකරුවන් ගොඩක් ඉන්න නිසයි. මෙවැනි ආයතනවල සේවය ලබාගන්නා අය තමන්ට වඩා පහත් යැයි මොවුන් සිතනවා. ඔවුන්ට අනුව රජයේ ආයතන තිබෙන්නෙ ඔවුන්ට වරප්‍රසාද දෙන්නට මිස මහජනතාවට සේවය කිරීම නොවෙයි.

    ReplyDelete
  7. රෝහලකදි සිය කැමැත්තේන පිටව යයි නම් , දොස්තරලා නර්සලා ඒක වළක්වනවාද? වළක්වන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. රෝහලෙන් බලෙන් ටිකට් කපාගෙන යනවනම් ටිකට් එකේ ලියලා අත්සන් කරන්න ඕනේ වෛද්‍ය උපදේශ වලට විරුද්ධව පිටව යමි කියලා. මෙතන එහෙම දෙයක් වෙලා නැහැනේ. කෝච්චි ආරක්ෂක බුවාලා ගාඩ් බුවා දැනගන්න ඕනේ මේක දෙපාර්තමේන්තුවේ වගකීම බව. ඒ නිසා තුවාලකරු අනිවාර්යයෙන් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුකළ යුතුයි.

      Delete
    2. සිය කැමැත්තෙන් පිටවී යන බව ලිඛිතව දන්වා රෝහලකින් ටිකට් කපාගෙන යා හැකියි...
      එවැනි අවස්ථා දෙකකදී ඔවුන් මා හට එහි බරපතලකම පෙන්වා දුන්නා, ඔවුන් උත්සාහ කරනවා යම් ප්‍රමාණයක වැලැක්වීමක් කරන්න...
      පළමු වතාවේ උදේ 06:20 ට පමණ මා එලෙස පිටව ගියේ ඒ ලෙවල් විභාගයේ අවසන් ප්‍රශ්න පත්‍රය සඳහා උත්තර ලිවීමට...
      දෙවැනි අවස්ථාවේ පිටව ගියේ වඩා හොඳින් සේවය ලබා ගැනීමට හැකි තැනක් වෙත යාමට...

      නමුත් මෙහිදී සිදුව ඇත්තේ එවැනි දෙයක් නෙමෙයි නේද, ඔහු රෝහල් ගතවූ අයෙක් නොවේ නේද...

      Delete
    3. හොඳ තර්කයක්, තදින් ගල් පහරක් වැඳුණු තැනැත්තා නිසි සිහිබුද්ධියකින් තීරණ නොගත්තා වෙන්නැති, ඔහුට උපකාරීවීම අවට සිටියවුන්ගේ යුතුකම, සහ ඔහුගේ ආරක්ෂාව තහවුරුකිරීම කොච්චියේ සිටින බළධරයාගේ වගකීම, නියම සමාජ යුතුකම් සහ රැකියාවල වගකීම් නොදන්නා සමාජයක නේද අපි ඉන්නේ.

      Delete
  8. A good post after a long while! Everything said in it is 100% correct! The Railway Department of Sri Lanka treats the passengers like dogs. It is one of the most inefficient and corrupt departments in Sri Lanka.

    I once saw how a lady passenger who wanted to use the toilet in the Dehiwala Station was asked to produce her ticket . The passengers who fall down from the train or are knocked down are never properly attended to. They are taken to the hospital several hours later. Most of them die before being admitted to the hospital. The Railway Department during the Colonial time was many times better than at present!







    ReplyDelete
  9. දුම්රිය දෙපාර්තමේන්තුව අද පාලනය වන්නේ මොනවගේ ක්‍රමයකටද කියලා දන්නේ දෙයියෝ විතරයි. සුද්දාගේ නීති රීති හරියට තිබුනානම් මේ විදිහට වැද්දා වගේ හැසිරෙන්නේ නැහැ මේ දුම්රිය ආරක්‍ෂක නිලධාරීන්.

    දුම්රිය කාලසටහන දැනගන්න දුම්රියපොලකට ඇමතුමක් දුන්නම උන් උත්තර දෙන්නේ ගහගන්න වගේ. දුම්රිය අනතුරු පිලිබඳ පරීක්ෂණ වාර්තා කවදාවත් එලියට එන්නේ නැහැ. තොරතුරු දැනගැනීමේ පනතෙන් වත් ඊට ඉඩක් ලැබුනොත් හොඳයි.

    ReplyDelete
  10. දුම්රිය සේවකයින් ඔහුව අනතුර සිදු වූ අවස්ථාවේම ආසන්නතම රෝහලකට ඇතුලත් කරන්න කටයුතු යෙදුවත් ඔහු එය ප්‍රතික්ෂේප කොට තිබෙනවා.
    Watch from 0.33 seconds.
    https://www.youtube.com/watch?v=G39xjq-Nf-I

    ReplyDelete
    Replies
    1. ඔහු හිසට ගල් පහරක් වැදුණු කෙනෙක්. ඔහු ඉන්නේ කිසියම් කම්පනයකයි. ඔහුට සිදු වූ අනතුරට දුම්රිය දෙපාර්තමේන්තුව වග කිව යුතුයි. ඔහු එපා කිව්වත් ඔහු සම්බන්ධයෙන් වගකීම් ඉටු කරන්නට දුම්රිය දෙපාර්තමේන්තුව බැඳී සිටිනවා. මේවා නිදහසට කරුණු නෙමෙයි. සාමාන්‍යයෙන් ම මේ සේවකයන් මගී ජනතාවට හරි සේවාවක් සපයන්නේ නැහැ.

      Delete
    2. එවැනි අවස්තාවකක ඔබ වැනි දාර්ශනිකයෙකු සිටියා නම් කොපමන නම් අගනේද...ඔබව කවුරුන් හෝ පුද්ගලයෙකු ප්රතික්ෂේප කල විට ඔබ බලෙන් ඔහු සමග ඇසුරු කරනවාද...

      Delete
    3. එවැනි අවස්තාවකක ඔබ වැනි දාර්ශනිකයෙකු සිටියා නම් කොපමන නම් අගනේද...ඔබව කවුරුන් හෝ පුද්ගලයෙකු ප්රතික්ෂේප කල විට ඔබ බලෙන් ඔහු සමග ඇසුරු කරනවාද...

      Delete
    4. Sanjeewa sampath wm

      උඹ ආයේ ඉස්කෝලේ පලයන් මචෝ. අනතුරකට පත් මගියකු වෙනුවෙන් දෙපාර්තමේන්තු නීති යටතේ ක්‍රියාකිරීම කියන එක උඹේ සිඟිති මොලේට කොහොමවත් වැටහෙන්නේ නැහැ.

      උඹ හිතන්නේ කෝච්චියේ ආරක්ෂක නිලධාරීන් තුවාලකාරයා එක්ක ලව් කරනවා කියලා.

      උඹලා කෝච්චියේ වඩේ විකුණන එකෙක් තරම්වත් දන්නේ නැහැ මගීන්ගේ ආරක්ෂාව කියන එක. ආයෙත් ඉස්කෝලේ යන්න බැරිනම් ටික කලක් කෝච්චියේ වැඩේ විකුනපන්. එතකොට තේරෙයි දිනපතා කෝච්චියේ යන මිනිස්සු මුහුණ දෙන විවිධ අනතුරු දුක් ගැහැට මොනවද කියලා.

      යකෝ අපතයෙක් උනාට කමක් නෑ මම අපතයෙක් කියලා ලෝකෙටම උම්බෑ කියලා කියන්න යන්න එපා. වලිගෙයි අං තට්ටුවයි පෙන්නුවම ඇති.

      Delete
  11. Replies
    1. Hikzzzz.... aluth IPL cricket team ekakda dan na ne...

      Delete
    2. Hikzzzz.... aluth IPL cricket team ekakda dan na ne...

      Delete
  12. //දුම්රිය මාර්ගය අසල රැඳී සිටින තිරිසනුන් දුම්රියට ගල් ගැසීම//

    මෙය වැරදියි අජිත්, ගල් ගහන්නේ අලින්, රිලා/ වඳුරු ආදී තිරිසනුන් නොව යම්කිසි කාලකණ්ණි මිනිසුන් කොටසක් විසින්. සතුන් ගල්ප්‍රහාර එල්ල කරන්නේ නැහැ. ඇතැම්විට මෙය එම අපරාධකරුවන් බේරාගැනීමට ගැසූ කෙප්පයක් වන්නට පුලුවන්. ඔබම සිතා බලන්න තිරිසන් සතුන් ගල් ගසනවා ඔබ දැක තිබේද? නැහැ නේද?

    මෙම අපරාධකරුවන් අත් අඩන්ගුවට ගෙන නීත්‍යානුකූලව දඬුවම් දිය යුතුයි.

    ReplyDelete
  13. මම දුම්රියේ සේවකයෙක්. හදීසියේ තුවාල ලබන මෙවැනි මගීන් වෙනුවෙන් ප්‍රථමාධාර දුම්රිය තුල දීම දියයුතු උනත් මම දන්නා තරමටනම් එකම දුම්රියකවත් ප්‍රථමාධාර පෙට්ටියක්වත් නෑ.ඒක තමයි ඇත්ත. ගාඩ් ගේ මැදිරියේවත් අඩුම තරමින් එහෙම එකක් තියෙන්න ඕනා.දුම්රියකදී අනතුරට ලක්වෙන කෙනෙක් සම්බන්ධව දැනට අනුගමනය කරන දේ තමයි දුම්රිය ගමන්කරන දිශාවෙන් තියන මුල්ම දුම්රිය ස්ථානයට තුවාලකරු බාර දීම.ඊට පස්සෙ එතන ඉන්න නිළධාරීන් ඔහුව රෝහල් ගතකල යුතුයි. එතනදී ප්‍රායෝගික ගැටලු කීපයක් තියනව. එකක් තමයි රෝහලට තුවාල කරු යවන විදිය.ඒකට සුදුසු වාහනයක් හොයාගන්න ඕන.ගොඩක් කුලීරථකරුවන් අකමැතියි ඒ වැඩේට ඉදිරිපත්වෙන්න. සමහරවිට විට ඉදිරිපත්උනත් අධික මුදලක් ඉල්ලා සිටිනවා.දැන් දුම්රිය ස්ථානයේ ඉන්න කෙනෙකුත් තුවාල කරුවා සමග යා යුතුයි.හුගක් දුම්රිය ස්ථානවල ඉන්නෙ සේවකයන් එක්කනයි නැත්නම් දෙන්නයි.එක් අයෙක් රෝහලට යැවුවම ස්ටේසමේ වැඩ කරගන්න විදියක් නෑ.තව එකක් තමයි රෝහලකට තියන දුර යන්න ගතවෙන කාලය වගේ දේවල්. ඉතින් ඔයවගේ අනවශ්‍ය ප්‍රශ්න වලට මැදිහත්නොවී ෂේප් එකේ ඇග බේරගන මාසෙ අන්තිමට පඩිය ගන්න තමයි ගොඩක්අය බලන්නෙ. රෝගියා රෝගය හෝ තුවාලය වෙනුවෙන් ස්වයංසේවා ඉටුකරගන්න කැමතිනම් රේල්ලුවෙ ඇත්තො ඒකට හුගක් මනාපයි.මොකද අරවගේ අනවශ්‍ය ප්‍රශ්න එතකොට නෑනෙ...

    ReplyDelete
  14. අපි තාමත් ඉන්නෙ,ඉස්සර හිටපු වනචාරි යුගයේම තමයි.

    ReplyDelete
  15. මේ පුවත හිත කම්පා කරවන එකක් . ජීවිතවල වටිනාකම මේ තරම් පහළට වැටීම ගැන මග තොට හැම තැනම තියෙන අනාරක්ෂිත කම ගැන නොසැලකිලිමත්කම ගැන කතාබහ පටන් ගන්න හොඳ සටහනක්

    ReplyDelete
  16. Kohomahari waradakata wada kotanaka hair adupaduwak wela thiyanawa okay jewithayak ahimi une. Meka walakwaganna one.

    ReplyDelete
  17. Waradakata wada kothanaka hari adupaduwak thiyana bawa pehediliy ekane jewithayak nethiwela thiyenne mekata api chodana karagattata wedak ne.me gena baladaringe es yomuwenna kiyala parthana karanawa mehema nowenna yam nithi sampadanayak one

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා