අතුරුදහන් වූවන් වෙනුවෙන් පවුල්වලට සහන දෙන්නට යනකොට සරත් වීරසේකර නලියන්නේ ඇයි?

යුදබිමකදී මිනිසුන් අතුරුදහන් විය හැකි ය. ඒ යුද්ධයෙන් මිය යන මිනිසුන් හඳුනාගැනීමට සාක්ෂි නොමැතිව කිසියම් ආකාරයකින් මිහිදන් වීමට ඉඩ තිබෙන හෙයිනි. යුද්ධයකදී යුද නීතිවලට අනුකූලව මිනිසකු මරා දැමීම සම්බන්ධයෙන් කිසිවකුට චෝදනා එල්ල කළ නො හැකි ය.

එහෙත්, යුද්ධයේදී පවා ශිෂ්ට ලෝකය නො කරන දේ තිබේ. ඒ වනාහි යටත් වූ මිනිසුන් මරා දැමීම, ගිලන් රථවලට, රෝහල්වලට පහර දීම වැනි දේ ය. විරුද්ධවාදියා එවැනි දේ කරනවා ය යන්න ශිෂ්ට පුද්ගලයකුට හෝ සංවිධානයකට හෝ එසේ කිරීම සාධාරණීකරණය කිරීමට හේතුවක් වන්නේ නැත. ත්‍රස්තවාදීන් යුද නීති නො තකනවා ය කියා රජයට එසේ යුද නීති බල්ලාට දමා කටයුතු කළ නො හැකි ය.

දැන් අලුතෙන් සදාම් හුසේන් හිතවාදීන් පිරිසක් බිහි වී තිබේ. බටහිර බලවතුන් විසින් සදාම් හුසේන් මරා දමන ලද ආකාරය නීති විරෝධී විය හැකි ය. එහෙත්, සදාම් හුසේන් කුර්දි කැරැලිකරුවන්ට එරෙහිව රසායනික අවි භාවිතා කළ රාජ්‍ය ත්‍රස්තවාදියෙකි.

ලංකාවේ ද සදාම් ලෝලීහු සිටිති. තව වැඩි කලක් යන්නට පෙර හිට්ලර්වාදීහු ද කලඑළි බසිනු ඇත.

වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට විරුද්ධවාදීන් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම ශිෂ්ට සමාජයක සිදු වන්නේ නැත. එහෙත්, ලංකාවේ නම් කප්පම් ගැනීම සඳහා මිනිසුන් මරා දැමූ, කුලියට මිනී මැරූ, පොලිස් හමුදා, අතුරු හමුදා, දේශපාලක කල්ලි නායකයෝ ද සිටිති.

අතුරුදහන් වූවන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමට ගනු ලැබූ සාධාරණ ක්‍රියාමාර්ග හමුවේ කුපිත වී සිටින්නේ ඒ අපරාධකාරයෝ හා ඔවුන්ගේ අපරාධ සහායකයෝ ය.

ජාතිවාදය නිසා, හීනමානය නිසා, ඊර්ෂ්‍යාව නිසා, මිනී මැරීමේ ආසාව නිසා හා හේතුවක් නොමැතිව නිකරුණේ මිනී මැරූ අය හැර යුද්ධ කළ සොල්දාදුවන් මේ නීතිවලට බිය විය යුතු නැත. ඍජු යුද්ධයේදී සිදු වූ මිනිස් ඝාතන සම්බන්ධයෙන් ඔවුන් කිසිවෙකුට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නට කිසිවෙකුට බැරි ය.

ඉහළ නිලධාරීන්ගේ අණට කීකරු වීමට සිදු වූ නිසා ඝාතන කළ අය සිටිනවා නම් ඔවුන්ට ද සමාව දිය යුතු ය.

එහෙත්, ලංකා සී නිව්ස්හි පළ වූ මේ පුවතේ ප්‍රකාශකයා වැනි අය නම් අති භයානක පුද්ගලයෝ ය. මෙවැන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු ය. ඔවුන් සාමාන්‍ය වැසියන් අතර සිටීම ම සාමාන්‍ය ජන ජීවිතයට බාධාවකි.

මෙවැනි ප්‍රකාශයක් කරන්නට ඔහුට තිබෙන හේතුව ද විමර්ශනය කිරීම වැදගත් ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මුනව වහාම අත් අඩංගුවට ගන්න ඕන... මුන් ආයේ රට ගිනි තියන්න හදන්නේ...

    ReplyDelete
  2. This man is racism man. Mahinda people racism. They no socalism. This man mad man. Who care this like no brane people?

    ReplyDelete
    Replies
    1. මේක ඉංගිරිස් පුරුදු වෙන හාදයෙක්ද? සිංහලෙන්ම ලිව්ව නං අපිට ලේසියි!

      Delete
    2. හා හා කලබල වෙන්න එපා. එයා ඉංගිරිස් පුරුදු වෙන්න බ්ලොග් එකක් ලියන කෙනෙක්!

      Delete
    3. 'Ingiris ugannanna blog ekak karana kenek' wiya yuthuyi:-)

      Delete
    4. රත්තොට විස්තර කියන එකා ගූ ජෝක් කාරයෙක්. මූ මේ වගේ ගූ ජෝක් දැම්මම එව්වට හරි ෂෝක් කියන මෝඩ බුවාලා සෙට් එකක් ඉන්නවා. ඒ නිසා මූ හිතන්නේ මේ වගේ වැදගත් කාරනා ගැන ලියන පෝස්ට් වලටත් රිංගලා මේ වගේ ගූ ජෝක් දැමීම ලොකු හපන්කමක් කියලා.

      Delete
    5. අන්තිම ඇනෝ කියන මෝඩ බූවලා ගෙන් මමත් එකෙක්, එ්ත් ඔය දාලතියන කොමෙන්ට් එකම ගූගල්ට කියල සිංහලට ට්‍රාන්ස්ලේට් කරගෙන බුකියේ දැම්මොත් උෟ ජනප්‍රිය බූවෙක් වෙනවා.

      Delete
  3. මේ කතාවෙන්ද පෙනෙන්නේ පැරාගේ වැනෙන සුළු දේශපාලනය මිසක් වෙන මොකද්ද? //සදාම් හුසේන්ව මරා දැමූ ආකාරය නීති විරෝධී විය හැක// මොකද්ද " විය හැක"? .නීති විරෝධී තමයි. ඒත් නීති විරෝධීම දේ සදාම්ව මරපු එක නෙමෙයි. නිදහස් රටකට ඇතුල් වෙලා පිස්සු කෙලපු එක. දැන් ඉරාකෙ වෙන මල හත්තිලව් වලට වගකියන්න ඕනෙ බුෂ්ටයි , බ්ලෙයාර්ටයි විරුද්ධව අල් හුසේන් මොකෝ කියන්නෙ?

    //රසායනික අවි// මෙතැනදී පැරා කියන්නෙත් ඇමරිකාව අපිට කියපු දේමනේ.සදාම් බයෝකෙමිකල් වෙපන්ස් පාවිච්චි කරපු බවක්වත් එහෙම වෙපන්වත් මෙච්චර කාලෙකට ඔය වැඩ්ඩන්ට හොයාගන්න පුළුවන් උණාද?

    හැබැයි ඔය අතුරුදන් වූවන්ගෙ කාර්යාලය නං අනිවා ඕනෙ. ඒකෙ හැත්තෑ එකේ,අසූ නවයෙ වෙච්ච අතුරුදන් වීම් ගැනත් ක්‍රියාත්මක වෙන්න ප්‍රතිපාදන තියෙනවද?

    ඕකෙ සාක්කිකාරයන්ව රටට එළිදරව් කරන්නෙ කවදද?
    ඒකෙ කටයුතු වලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ඕනෙද? එහෙමනං ඒ සරල බහුතරයකද? නැත්තං තුනෙන් දෙකේද?

    වීරසේකර මෙහෙම දෙයක් කිව්ව නං අනිවා දඬුවම් දිය යුතු බවට කිසිම විවාදයකුත් නෑ ඕන්!

    ReplyDelete
    Replies
    1. සදාම් හුසේන් කුර්දි කැරැලිකරුවන් හා සාමාන්‍ය වැසියන් දහස් ගණනක් මරා දමමින් මස්ටඩ් ගෑස් ඇතුළු වෙනත් රසායනික අවි භාවිතා කළ 1980 දශකයේදී ඔබගේ ඔය බටහිර බලවතුන් හිටියේ සදාම්ට පක්ෂවයි. එපමණක් නොව, ඔවුහු සදාම්ට උපකාරත් කළා. මෙම කුර්දි සංහාර පිළිබඳ කිසිවක් කළේත් නැහැ.

      බටහිර බලවතුන්ට එරෙහිව ගියාට අපට කමක් නැහැ. අප ඔවුන්ගේ කවුරුවත් නොවෙයි.

      ඒත්, බටහිරට එරෙහිව යන්න සදාම් හුසේන්ගේ සිට මහින්ද රාජපක්ෂ දක්වා උම්මත්තකයන් පසුපස යන්න එපා.

      Delete
    2. 2003 ට කලින් සදාම් හුසේන්ගෙ ඉරාකය පට්ට නිදහසක් තිබ්බ මාර ෂෝයි රටක්ය (ලිබියාවත් එහෙමලුනෙ ) කියන එක මහින්දවාදී, සිංහල ෆැසිස්ටාදී, බටහිර විරෝදී අමනයින් කියන අමන කතා හැට හුටහමාරෙන් එකක් විතරයි.. සදාම් කලේ රටේ තෙල් ටික හොර පාරෙන් විකුනල මාලිගා හදාගත්ත එක...
      සදාම්, ගඩාෆි, හිට්ලර්, පොල්පොට්, මාවෝ, ස්ටාලින් වගේ ඔක්කොම මිනිස් ඉතිහාසය ආපස්සට ගෙනිච්ච මිනීමරු කාලකන්නියො.. එච්චරයි...

      සදාම් කුර්දි වරුන්ට විරුද්ධව කෙමිකල් වෙපන්ස් පාවිච්චි කලාය කියන එක ලෝකම පිලිගත් සත්‍යක්.. පැරාගෙන් හරි ඉන්ග්‍රීසි ඉගෙනගෙන මේක කියවල ඉන්න..

      https://en.wikipedia.org/wiki/Al-Anfal_campaign

      Delete
    3. මං නං ඔය උඩ තියෙන එක නමකටවත් විශේෂයෙන් පක්ෂපාතීත්වයක් නෑ. ඒ වගේම මං මහින්දගෙ පස්සෙන් යන්නෙත් නෑ.එහෙම යන බවක් කියලත් නෑ.හැබැයි අපේ ඇනෝ කිව්ව අයගෙන් මා-ඕ නං ලෝකෙ පස්සට ගෙනිච්ච කෙනෙක් කියල මං හිතන්නෙ නෑ.(අනිත් අය නං එහෙමයි)හරියට හෝඩියක්වත් නැතුව හිටපු චීනෙට හෝඩියක් හදල දුන්නෙත් මා-ඕ. දැන් එතකොට ලෝකෙ ඉස්සරහට අරං ගියෙ රිචඩ් නික්සන්ලයි බුෂ්ලයිද?

      Delete
  4. "ලංකා ඊ නිව්ස්හි" should be Lankacnews

    ReplyDelete
    Replies
    1. නිවැරදි කළා ස්තුතියි

      Delete
  5. අජිත්, යුද්ධයකදී සිදුවන රහසිගත මෙහෙයුම් (covert operations) පිළිබඳව ඔබේ මතය කුමක්ද? මෙවැනි මෙහෙයුම්ද අද යුධ විද්‍යාවට අදාළ වනවා නේද? මේ මෙහෙයුම් වලදී සිදුවන්නේත් "සතුරකු" කිසිදු සාක්ෂියකට ඉඩ නොතබා විනාශ කිරීම නේද? ඒ වගේම දිගු දුර මෙහෙයුම් වලින්ද සිදුවන්නේ එයට බොහෝ සමාන කාර්යයක් නේද? ඒ අනුව ඔබ "ඍජු යුද්ධය" කියා අදහස් කරන දේ අපැහැදිලියි. එයින් ඇතැම් විට ඔබ අදහස් කරන්නේ යුධ භුමියේ සටන් වියහැකියි. නමුත් අද "යුධ භුමියේ" කෙරෙන සටන් සමස්ත සටනේ කොටසක් පමණක් බව මගේ වැටහීමයි. "විචාරක" සහෝදරයාගේ අදහස් දැනගැනීමටත් කැමතියි.

    ඒ වගේම ඔය කොමිසම ඉස්සරහට අර කොබ්බෑකඩුව කොමිසම ඉස්සරහට ආපු "කැලුම් රෝහිණී" ලා වගේ අය ඇවිත් නන්දෙඩවීම් කළොත් මොකද වෙන්නෙ? කොමිසමේ ක්‍රියාපටිපාටිය ගැන මට තාම වැටහීමක් නැහැ. දන්නා තරමින් මේ සඳහා "සාක්ෂි ආඥා පනතේ " විදිවිධාන බලපාන්නේ නැතිලු.

    "සාක්ෂි ආඥා පනත" අනුවනම් සාක්ෂි ලෙස සියලු දේ බාරගන්න බැහැ. උදා- අසවලා එහෙම කිව්වා වගේ (hearsay evidence). මම නම් හිතන්නෙ මුලින්ම මේ අතුරුදන් වූවන් පිලිබඳ කොමිසමේ බලතල සහ ක්‍රියාපටිපාටිය පැහැදිලි වෙන්න ඕන. ඊලඟට මේ පිලිබඳ බලු පොරයක් නොවන සංවාදයක් අඩු තරමින් "සිවිල් සමාජය?" තුළවත් ඇතිවෙන්න ඕන. නැත්නම් මේක තවත් එක කොමිසමක් වියහැකියි.

    කොමිෂන් සභා ගැන ඒ කාලෙත් බොරලැස්ගමුවේ ජී.එච්.පෙරේරා මෙහෙම කියල තියනව.

    "හොද්ද ලුණු වැඩි නිසා අඹුවට ගෙහිමියා සැර වූ හැටී
    බැද්ද මාලුව හොරෙන් කෑවට කුස්සි අම්මා ලද ගුටී
    රෙද්ද ඉරිලා හාමිනේගේ දාසි සරදම් කල හැටී
    නැද්ද තව කොමිෂන් සභාවට කිව්වෙ කවුරුත් වැඳ වැටී"

    - ෆොන්ටමාරවේ අසඩක්

    ReplyDelete
    Replies
    1. ඒයි හරකා ඔය කවිය ලිව්වේ රෙන්ට බයේ අඩසක් නෙවෙයි. පී.බී.අල්විස් පෙරේරා

      Delete
    2. වෙසරදුනි, පළමුව ගැත්තාහට කමා කොට කව් පෙලට ප්‍රථම වැකිය බලනු මැන. අසඩක් කව් පදබැඳි බවක් කියා නැත.
      මේ කවිය ලියා ඇත්තේ පී.බී. අල්විස් පෙරේරා නොව ජී. එච්. පෙරේරාය. සැක දුරුකර ගැනීමට ධර්මප්‍රිය ජයකොඩිගේ "මියගිය කොළඹ කවියෝ" පොතේ 56 වන පිටුව බලන්න. (ප්‍රකාශක එම්. ඩී . ගුණසේන සමගම. පළමු මුද්‍රණය 1969)
      ඔබගේ බස් වහර මා මහත්කොට අගයමි. ඔබ පට්ටියේ මුඛදාන සිටුතුමාගේ මී මුණුපුරෙකු බව නිසැකය. ඔබ ඇනෝ ලෙස පෙනී සිටියද පට්ටියේ මුඛදාන පරපුරේ උරුමය ඔබ ඔබගේ බස් වහරින් මනාව අනාවරණය කරයි.
      - ෆොන්ටමාරාවේ අසඩක්

      Delete
    3. සමාවන්න සමාගම

      Delete
  6. දැන් මේ කියන විදිහට මහින්ද මහත්තයා තනියම යුද්ද කලා නම් ඔහුම යුද්ද අපරාද පරීක්ෂණ ගැන වගකීම බාරගත යුතුයි. කොහොමත් හිටපු මහ එකාගේ ඉඳල උගෙ සහෝදරයොත් ළමයිනුත් කරගෙන ගිය මනුෂ්‍ය ගාතනත් ඔහුගේම ගෝල බාලයන්ගේ ස්වීට් ආණ්ඩ සිම්පල් ගාතනත් එක්ක බලනකොට මේ හමුදාවේ නායකයෙක් මේ විදිහට කතා කරනකොට හිතාගන්ට පුළුවන් තුවක්කු යුද්ද ටැංකි ඔක්කොම තියෙද්දී මුන් කොහොම ගැහිල්ලක් අසරණ අවුන්ට ගහන්ට ඇතිද කියල. (මම කියන්නේ නෑ කොටින්ව මරපු එක වැරදියි කියල)

    ReplyDelete
  7. තමන් ගේ වෘත්තීයේ කටයුතු පුළුල් කර දියුණු කිරීම ගැන කතා කිරීම වරදක්ද?

    ReplyDelete
  8. මෙයා ගේ අයියාට (ආනන්ද වීරසේකර aka බුද්ධංගල ආනන්ද) තිබුණු නඩුවලට මොකද වුනේ?

    ReplyDelete
    Replies
    1. බුද්දන්ගල ආනන්ද හිමි ඒ කාලේ කැම්ප් එකේ ඉන්න කොල්ලෝ උදේම උන්වහන්සේට බුදු සරණයි කිව්වේ නැතිනම් රෑට ටයර් මත් යවනවලු. මේ වගේ අය පස්සේ යන ජනතාවක් ඉන්න මගේ රටට අබ සරණ වෙයි වගේ

      Delete
  9. මෙයාගෙයි අයියගෙයි දෙන්නගෙම කිල්ලෝට වල හුණු තියෙනවා. මෙයාටත් වඩා මෙයාගෙ අයියගෙ. දැන් ඔය හොර පූසා වගේ සිවුරට බැහැලා ඉන්නෙ ඒ හන්දා...

    ReplyDelete
  10. ඔය මිනීමරන කතාව කිව්ව නේවි කාරය යටතෙ හිටපු නාවික හමුදා නිලධාරියො ටිකක් ධනවත් දෙමල පවුල් වල ලමයි පැහැරගෙන ගිහිල්ල කප්පම් අරගෙන දැන් කේස් එක මාට්ටු වෙලා නඩු යනව... මුන්දැටත් ගාන බේරන්න ඇති... කඹ ගිල්ල වගේ නෙමේනෙ රෙන්න වෙනකොට.. ඒකයි දැන් පඩ අරින්නෙ...

    ReplyDelete
  11. උතුරෙ කොටි ක්‍රියාකාරීව සිටි යුගයේ රජය ක්‍රියාකල යුතුව තිබුනේ කොටින්ට එරෙහිව උසාවි නියෝගයක් ගෙන ඔවුන් පොලිස් අත් අඩංගුවට පත් කිරීමයි. ගමේ කෙහෙල් කැන් හොරාට එරෙහිව කරන පිලිවෙල ප්‍රභාට එරෙහිව නොකලෙ ප්‍රභා දෙමළ නිසයි.
    කැරලි මර්ධනය සම්බන්ධව 89 පූර්වාදර්ශ දෙස බලන්න. 60000 ක් දෙනා පොලිස් අත් අඩංඋවට ගෙන උසාවි දැම්ම නිසා ඔවුන් අදටත් ජීවතුන් අතර නේද.
    නමුත් උතුරේ ඊට වෙනස් දෙයක් කල නිසා නේද අතුරුදහන් වූවන්ගෙ කොමිසමක් දාන්න වෙලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඒකනේ ඇනෝ මල්ලි. ලේසියෙන්ම ප්‍රශ්ණේ විසඳන්න තිබ්බා. ඔය මල්ලිට තියෙන මොලේ කාටවත් ඒ කාලේ තිබ්බෙ නෑනේ.
      දැන් බලන්නකෝ ඉරාකෙටයි, සිරියාවටයි කරන්න තියෙන්නේ ඔය ටිකමනේ. ISIS ත්‍රස්තයො ටික පොලීසිය ලව්වා අල්ලා කූඩු කලානම් ප්‍රශ්ණේ ඉවරටම ඉවරයි

      Delete
    3. මෝඩ කොමන්ට් කෙටීමට වැයකරන කාලයෙන් බිදක් යුද්ධයේ සමපාර්ෂව හානි (collateral damages) සහ යුධ අපරාද (war crimes) යන්නෙහි වෙනස හදුනාගන්නට යොදන්නේනම් වටී..
      උදාහරනයක් ගතහොත් පුදුකුඩිඉරිප්පු වල කොටි කදවුරකට ගසන ෂෙල් වෙඩිවලට හෝ අතහරින ගුවන් බෝම්බයකට අසුවී සිවිල් වැසියන් මියයෑම collateral damage හෙවත් සමපාර්ෂවික හානියක් වේ. එවැන්නක් ඔනෑම යුද්ධයක සිදුවිය හැකි අතර හමුදාවට තර්ජනයක් වන හදුනාගත් ත්‍රස්ථ ඉලක්කයකට (legitimate terrorist target) එල්ල කල ප්‍රහාරයක් බැවින් කිසිදු කොමිසමකට එහි වරද කාටත් පැටවිය නොහැක.
      නමුත් යුධ බිමේදී යටත්ව, නිරායුධව හමුදාවට භාරවූ බාලචන්ද්‍රන් හමුදාවෙන් අතුරුදහන් කිරීම (මියගොස් ඇතත් සිරුර හමුනොවූ නිසා තවමත් අතුරුදහන් වූවෙක් ලෙස සැලකේ ) යුධ අපරාධයකි.. එයට සම්භන්ධ වූවන්ට රටේ නීතියෙන් උපරිම දඩුවම් ලබාදිය හැක.

      Delete
    4. ඒවගේම සාම්ප්‍රදායික යුද්ධයකදී රැකිය යුතු යුධ නීතිය ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයකදීත් රකින්න පුලුවන්ද කියන එකත් සලකා බැලිය යුතු දෙයක්. මොකද ත්‍රස්ථවාදීන්ගේ මූලිකම උපායක් තමයි රජයේ හමුදා විසින් රැකිය යුතු යුධ නීති තමන්ගේ වාසියට හරවා ගැනීම. (උදා. රෝහල්, පාසැල් වැනි ස්ථාන පහර දීම සඳහා යොදා ගැනීම. මෙහිදී රජයේ/සාම්ප්‍රදායික හමුදා ප්‍රතිප්‍රහාර එල්ල කලත් , නොකලත් එහි වාසිය යන්නේ ත්‍රස්තවාදීන්ට.)
      දැනට ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කරන කිසිම රටක් සාම්ප්‍රදායික යුධ නීති රකින්නේ නෑ. හැබැයි අනිත් රටවල් එහෙම කලයුතුයි කියල ඔවුන් බල කරනවා. මගේ අදහස නම් පවතින යුධ නීති යල්පැනලා කියන එක. යුධ නීති වල මූලික අරමුණක් තමයි සිවිල් වැසියන්ට වන හානි අවම කිරීම. නමුත් දැන් බොහෝ විට සිදුවන දේ තමයි, යුධ නීති රකිමින් යුධ කරන්නට යාම නිසා, ගැටුම් කාලාන්තරයක් දිග්ගැස්සීමත්, ඒ නිසාම සිවිල් වැසියන්ට හා දෙපල වලට වන හානිය කිහිප ගුණයකින් වැඩිවීමත්..

      Delete
    5. //දැනට ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කරන කිසිම රටක් සාම්ප්‍රදායික යුධ නීති රකින්නේ නෑ.//

      විෂාල යුධ නීති කඩකිරීමක් සිදුවූ විට ඒ ගැන ශිෂ්ට හමුදාවක්නම් සොයා බලනවා..
      මේ තියෙන්නේ ඉරාකයේ පවුලක් සමූලඝාතනය කල ඇමරිකානු හමුදා බටයින් 6කට ඇමරිකානු අධිකරනයක් ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලබාදුන් ආකාරය..
      https://en.wikipedia.org/wiki/Mahmudiyah_rape_and_killings

      අනෙක ඔබ කියන විදිහට "ත්‍රස්ථවාදයකට එරෙහි යුද්ධයේදී" හමුදාවක් යුධ නීති වලින් නිදහස් කලොත් එයින් සාමාන්‍ය ජනයාට වෙන හානිය ත්‍රස්ථවාදීන් ගෙන් වියහැකි හානියට වඩා කීප කුනයකින් වැඩියි

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා