ෆේස්බුක් මනෝ වෛද්‍යවරු

මනෝජ් සමරසිංහ හේවගේ සිය ප්‍රොෆයිල් පිංතූරය ලෙස භාවිතා කරන්නේ මේ රූපයයි
මෙහි සිටින්නේ හෘදය සාක්ෂියේ සංකේතයක් ලෙස සැලකිය හැකි මිනිසෙකි 
ෆේස්බුක් යනු අපූරු අවකාශයකි. මට එහිදී අපූරු මනෝ වෛද්‍යවරයකු හමු විය. මෙවැනි අපූරු මිතුරන් හමු වන ලොව එක ම තැන ෆේස්බුක් ය. 

මම ඔහු චැනල් කළේ නැත. ඔහු මා සොයා පැමිණ පහත දැක්වෙන මනෝ වෛද්‍ය උපදෙස් ටික දී එයින් මහත් උද්දාමයට පත් වී සිටියි. 

මේ හා සම්බන්ධ වන්නේ මා විසින් පළ කරන ලද මෙම අදහසයි. 

මගේ මිතුරු ලැයිස්තුවේ මිතුරන් 4500කට ආසන්න ප්‍රමාණයක් සිටිති. ඒ අතරින් මා මිතුරු ඉල්ලීම් යවා තිබෙන්නේ 100ක්, 200ක් පමණ පිරිසකට පමණි. සෙසු සියල්ල ම මා විසින් භාර ගන්නා ලද මිතුරු ඉල්ලීම් ය. ඒවා ප්‍රතික්ෂේප කරන්නට මට විශේෂ හේතුවක් නො තිබිණි. තවත් දහස් ගණනක් භාර නො ගත්තේ ඒ මෙම ජාලයේ සෙසු අය සමග තිබෙන සම්බන්ධකම් අඩු නිසා ය. මේ මොහොතේත්, තවම භාර නො ගත් මිතුරු ඉල්ලීම් 688ක් තිබේ. එසේම, කරදරකාරී ලෙස කටයුතු කරන අය හැර මා වෙනත් අය අන්ෆ්‍රෙන්ඩ් කරන්නේ නැත.
මේ බව මතක් කරන්නේ මෙන්න මේ හේතුව නිසා ය. මා සමග බද්ධ වෛරයක් ඇති අයට ඉතා සරළ ලෙස මා අන්ෆ්‍රෙන්ඩ් කර මගෙන් මිදිය හැකි ය. තමන්ගේ වෛරය පිරිමසා ගන්නට අවස්ථාව එන තෙක් දත් මිටි කමින් බලා සිට, මට විරුද්ධව මතු වන්නේ කුමන ප්‍රවණතාවක් වුවත් එය සමග එක් වී මා මනසින් මරාගෙන කන්නට යාම මට කෙසේ වෙතත් ඔබට හානියකි.
මෙයත් කිව යුතු ය. මම ප්‍රතිපත්තියක් ලෙස මගේ පෝස්ට් කිසිවෙකුට ටැග් කරන්නේ ද නැත."


මනෝජ් සමරසිංහ හේවගේ //මගේ මිතුරු ලැයිස්තුවේ මිතුරන් 4500කට ආසන්න ප්‍රමාණයක් සිටිති. ඒ අතරින් මා මිතුරු ඉල්ලීම් යවා තිබෙන්නේ 100ක්, 200ක් පමණ පිරිසකට පමණි.//

අජිත් පැරකුම් යනු හීනමානකාරයෙක් කියා තේරුම් ගන්නට මොලේ කළදක් හෝ ඇතිවුන්ට මේ වැකිය ම ප්‍රමාණවත් ය......මෙන්න මෙතැනය පොයින්ට් එක...මිනිහෙක් තමං ගැන තබාගන්නා අධි තක්සේරුව හෙවත් අං තට්ටු දරාසිටී ම...ඔය කතාව ඇත්තවුණත් අපි නං ජීවිතේට කියනවද කාටවත්.....

LikeReply217 minsEdited
Ajith Perakum Jayasinghe මෙය කරුණක් හෙවත් දත්තයකි. මෙය හීනමානයක් වන්නේ කෙසේ ද යන්න පැහැදිලි කරන්න. මම මනෝ විද්‍යාව දන්නේ නැත.
LikeReply23 mins
මනෝජ් සමරසිංහ හේවගේ ඔයා හිතන්නේ ඔයා රික්වෙස්ට් කරලා ෆ්‍රෙන්ඩ් වුණානං විතරයි ඔයා වගකියන්නේ ඔයාගේ යාලුවන්ට....එහෙම නැත්තං උං ම බලාගන්න ඕනේ.....
LikeReply122 mins
Ajith Perakum Jayasinghe මනෝජ් සමරසිංහ හේවගේ ඒක තමයි. එහෙම ය කියලා මම කිසිම කෙනෙකුට වෛරී අදහස් ප්‍රකාශ කරලා නැහැ. මම කියන්නේ මේක මනෝ විද්‍යාත්මකව පැහැදිලි කරන්න කියලායි. මේක හීනමානයක් වන්නේ කොහොමද?
LikeReply20 mins
මනෝජ් සමරසිංහ හේවගේ ඔයාගෙං කවුරුහරි අහනවා ඔයාට මාව මතකයි ද අර අහවල් දවසේ ඔයා මට අතට අත දුන්නේ කියලා....
ඔයාට ගොඩාක් යාලුවෝ ඉන්න නිසා ඔයාට අතට අත දෙනයාලුවෝ සහ අදුරගන්නා අය ගොඩක් හිටි නිසා ඔයා කියනවා අනේ මට ඔයාව මතක නෑ කියලා....
දැං ලැජ්ජාවට පත්විය යුත්තේ අර ප්‍රශ්ණය අහපුකෙනා ද නැත්තං ඔයා ද?

LikeReply18 mins
Ajith Perakum Jayasinghe මනෝජ් සමරසිංහ හේවගේ ඔයා මා ගැන බරපතල ප්‍රකාශයක් කළා. ඔයා වගකිවයුතු පුරවැසියෙක් නම් මං ගැන කරපු ඒ ප්‍රකාශය මනෝ විද්‍යාත්මකව පැහැදිලි කරන්න. මට ඔය ප්‍රශ්නවලට උත්තර දෙන්න උවමනාවක් නැහැ.
LikeReply17 mins
මනෝජ් සමරසිංහ හේවගේ ඔයා ගැන කරපු ප්‍රකාශය මං පැහැදිළි කරන්නේ මනෝ විද්‍යාත්මකව ද, සාමාජීයව ද, ශුද්ධ ගනිතයට අනුව ද, ඒමත් නැත්තං සාහිත්‍යට අනුවද කියලා තීරණය කරන්නේ මමයි...ඔයා නෙමෙයි....
ඔය ඕනිම කෝණයකින් ඔයාට පුළුවං තේරුංගන්න උත්සාහ ගන්න.... බැරිම නං මට පුළුවනි ඔයාට තේරුං ගන්න උද් කරන්න.....

LikeReply14 mins
මනෝජ් සමරසිංහ හේවගේ මෙන්න මේ ප්‍රශ්ණයට උත්තරයක් දෙන්නකෝ මිස්ටර්....

ඔයාගෙං, කවුරුහරි කෙනෙක් අහනවා ඔයාට මාව මතකයි ද අර අහවල් දවසේ ඔයා මට අතට අත දුන්නේ කියලා....
...See More

LikeReply112 mins
Ajith Perakum Jayasinghe මනෝජ් සමරසිංහ හේවගේ හීනමානය කියන එක මනෝ විද්‍යාත්මක කාරණයක් මිසක් ශුද්ධ ගණිතයට සම්බන්ධ එකක් නෙමෙයි. ඒ නිසා ඒක ඒ විද්‍යාෙවන් පැහැදිලි කරන්න. ත්‍රිකෝණමිතිය මනෝ විද්‍යාෙවන් පැහැදිලි කරන්න බැහැනේ. මං ඔයාගෙන් ඉල්ලා හිටින්නේ මට තියෙනවා ය කියන හීනමානය තේරුම් ගන්නට උදව් කරන්ට ය කියලා තමයි. ඉතින් ඒ උදව්ව නො කර වෙන චණ්ඩි කතා කියන්නේ ඇයි? අනෙක මම ඔය ප්‍රශ්නයට උත්තර දෙන්නෙ නැහැ. ඔයා වගකිවයුතු පුරවැසියෙක් නම් තවත් මිනිහෙකු සම්බන්ධයෙන් කළ බරපතල ප්‍රකාශය පැහැදිලි කරන්න
LikeReply11 mins
මනෝජ් සමරසිංහ හේවගේ මං ඔයාට මේ ඒක තමා කියාදෙන්න උත්සාහ ගන්නේ....

වස්තුවේ..මේ මං කියන දේ හොදින් අහගෙන ඉදලා උත්තරයක් දෙන්නකෝ....
...See More

LikeReply10 mins
Ajith Perakum Jayasinghe මනෝජ් සමරසිංහ හේවගේ දැන් ඔයාට ඇයි මම මේ ප්‍රශ්නයට උත්තර දෙන්න අවශ්‍ය? මේක ප්‍රශ්නෝත්තර සැසියක් නෙමෙයි නේ. මං ඔයාගෙන් ප්‍රශ්න අහන්නෙ නැහැ. මං කියන්නේ මං සම්බන්ධව කළ බරපතල ප්‍රකාශය පැහැදිලි කරන්න. එච්චරයි.
LikeReply9 mins
මනෝජ් සමරසිංහ හේවගේ එහෙම නැතුව ඔයාට මනෝ විද්‍යාව තියා බුද්ධාගමවත් තේරුම්කරදෙන්නේ කොහොමෙයි මං?
LikeReply8 mins
Ajith Perakum Jayasinghe මනෝජ් සමරසිංහ හේවගේ මට මනෝ විද්‍යාවවත්, බුද්ධාගමවත් අවශ්‍ය නැහැ. මං සම්බන්ධයෙන් කියපු හීනමාන කතාව මනෝ විද්‍යාත්මකව පැහැදිලි කර දුන්නාම ඇති.
LikeReply7 mins
මනෝජ් සමරසිංහ හේවගේ ඉතිං මනුස්සයෝ ඔයා මනෝ විද්‍යාව නොදැන ද මේ කතාකරන්නේ? ඔයාට මනෝ විද්‍යාත්මකව උත්තර දෙන්න නං මං දැණගන්න එපායෑ ඔයාට මනෝ විද්‍යාව තේරෙනවද කියා....ඒකනේ මං එහෙම අහන්නේ...
LikeReply6 mins
Ajith Perakum Jayasinghe ඒකට ඔයාට ඔය ප්‍රශ්නෙට උත්තර නැතිවම බැරි නම් ඔයා උත්තර දෙකට ම තියෙන පැහැදිලි කිරීම් දෙක කරන්න. හැබැයි මං හීනමානකාරයෙක් වුණ ආකාරයට අදාළවයි. මට මනෝ විද්‍යාව තේරෙනවද නැද්ද කියලා අහලා නෙමෙයිනේ ඔයා මං හීනමානකාරයෙක් කිව්වෙ.
LikeReply5 mins
මනෝජ් සමරසිංහ හේවගේ ඔයාට මං කියන දේ බර වැඩි නං මං සරල ප්‍රශ්ණයක් අහන්න ද? ඔයා උත්තර දෙන්න කැමති ද? එයිට පස්සේ මට පුළුවනි ඔයාට තේරුම්කරලා දෙන්න...කැමති ද? මං එකම එක ප්‍රශ්ණයක් අහන්න ද?
LikeReply5 mins
Ajith Hettiarachchi යම් කිසි කෙනෙකුට තමන් දරන මතය තමන්ගේ අභිමතය මත හසුරවන්න පිලිවන. එහෙත් ඒ ගැන පණ්ඩිත වදන් යොදා බක පණ්ඩිතයෙක් වෙන්න හදන උපන්ගෙයි මෝඩයන් ගෙනෙන බක පණ්ඩිත තර් ක වලට පිලිතුරු දීම අජිත් පැරකුම් ඔබ වැන්නන්ට නුසුදුසුයි කියා මා සිතනවා.
LikeReply4 mins
Ajith Perakum Jayasinghe එපා. මගෙන් මොකුත් ප්‍රශ්න අහලා නෙමෙයිනේ ඔයා මං හීනමානකාරයෙක් කියන නිගමනය ප්‍රසිද්ධ කළේ. ඒ නිසා ඔයා පැහැදිලි කරන්න (මනෝජ්ටයි කිව්වෙ)
LikeReply3 minsEdited
මනෝජ් සමරසිංහ හේවගේ ඔයා හීනමානයෙන් පෙළෙන ‍මානසික රෝගියෙක් කියලා තමා මං මේ කියන්නේ..ඔයා කැමති ද ඒක මං මේ දැං ඔප්පු කර පෙන්වනවා ට?
LikeReply3 mins
Ajith Perakum Jayasinghe මනෝජ් සමරසිංහ හේවගේ පැහැදිලි කිරීම කියන්නේ ඔප්පු කිරීම නෙමෙයි නේ. පැහැදිලි කරලා කැමති නම් ඔප්පු කර ගන්න. ඒක මට අදාළ නැහැ
LikeReply2 mins
මනෝජ් සමරසිංහ හේවගේ එං ඔප්පුකර පෙන්වනවා දැන් ඔබ මානසික රෝගියෙක් කියා? කැමති ද ඒකට?
LikeReply2 mins
Ajith Hettiarachchi දැන් මේ සංවාදය දිහා බැලූවම කවුද හීනාමාන කාරයා කියලා අපිට නම් පැහැදිලිව පේනවා
LikeReply2 mins
මනෝජ් සමරසිංහ හේවගේ අජිත් පැරකුම්? මේ ඔබේ වාරයයි....කැමති ද?
LikeReply1 min
Ajith Perakum Jayasinghe මා මානසික රෝගියකු බව ඔප්පු කරන්නට ඔබට තිබෙන සුදුසුකම් මොනවා ද? සුදුසුකම් තිබෙන කිසිවෙක් මෙවැනි කතා කියන්නේ නැත.
LikeReply1 min
මනෝජ් සමරසිංහ හේවගේ මගේ සුදුසුකම් නෙවි. මගේ ප්‍රහ්ණය වන්නේ, ඔබ හීනමානය නමැති මානසික රෝගය සහිත මිනිහෙක කියා මං දැං ඔප්පු කර පෙන්වන්න සූදානම්...ප්‍රසිද්ධියේ ම මං ඒක කළාට කමක් නැද්ද?
කමක් නැද්ද නැත්තං එපා ද?
ඔව් ද නැද්ද කියලා මට උත්තරයක් දෙන්න පුළුවං ද අජිත් පැරකුම් මහතාණෙනි.....

LikeReplyJust now
Ajith Perakum Jayasinghe මනෝ විද්‍යාව දන්නා කිසිවෙක් මෙවැනි ඔප්පු කිරීම් කරන්නට යන්නේ නැත. සුදුසුකම් නැති ඔබ වැනි අයෙක් කරන්නේ මා මානසික රෝගියකු බව ඔප්පු කිරීම නොව, ඔබ කවරෙක්ද යන්න ඔප්පු කර ගැනීමයි. ඔබට කැමති නම් කර ගන්න. මට ප්‍රශ්නයක් නැත. ඔබ සමග සංවාදය අවසන් කරමි.
LikeReplyJust now

ඔහු තවමත් මේ ඔප්පු කිරීම කර නැත. ඒ වෙනුවට හීනමානයට බෙහෙත් ඇති බව පවසයි.

මෙය පළ කරන්නේ හුදෙක් රසවින්දනයට හා මෙම අවකාශය අවබෝධ කර ගැනීමට ඉවහල් කර ගැනීමට පමණි. 

ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. හොඳ පෝස්ට් එකක් පැරා. සමාජ ජාල වල ඇති වරද නම් මෙලොවින් මෙලොව දැනුමක් නැති මේ වගේ කිසිම දෙයක් නොදන්න ගොබ්බ හාල්පාරුවන්ගේ මෙවැනි ගොබ්බ වැඩයි. බ්ලොග වලද මෙබඳු නිකන් ඇනෝත් වහල තනියම පොරටෝක් දෙන ගූතලන් වැනි ගොබ්බයෝ බොහෝ සිටිති.

    කකා සිංහල බ්ලොග් අවකාශයට සැහෙන්න මෙහෙවරක් කළා. හැබැයි කකා නිසා සිංහල බ්ලොග් අවකාශයට උන ලොකුම අවැඩ තමයි මේ ගුතලන් වගේ මිනිහෙක් බ්ලොග් අවකාශයට ගත්තු එක. ගුතලන් කියන්නේ මොනතරන් මුල අමතක කරන එකෙක්ද කිව්වොත් තමුන්ව බ්ලොග් අවකාශයට ගත්තු එකාටත් කෙලින්න ආපු මුසිලයෙක්.

    ඒ මදිවට ගුතලන් ගිහිං අර නියමට බ්ලොග් ලියාගෙන එන පොඩි කොල්ලන්ට ගොබ්බ උපදෙස් දෙන්න යනවා. තමුන්ට හරියට ලියාගන්න බැරිව හොදට ලියන එවුන්ට වල කපන්නේ නැතිව ඉන්න බැරි මානසික ලෙඩ්ඩු !

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නැ ඇනෝ දැන් මාතලන්ට පිස්සු

      Delete
    2. ඔය කියපු බුවාට තියෙන්නේ සන්නස්ගල ට වගේ සමාජ වෛරය. (සන්නස්ගල පුංචි කාලෙ අහී දුක් විඳපු කෙනෙක්. තාත්තා මහා හොරෙක්, බේ බද්දෙක්. මාතලන් ට තියෙන්නෙ වෙන අඩුවක්. ඒක මෙතන කියන එක හොඳ නැහැ). සරම උස්ස ගෙන පාරෙ බීමතින් කුනු හරුප ඉවර කර කර කෑ ගහන අපිරිසිදු බේ බද්දෙක් දකින හැම වෙලාවකම මට මාතලන් මතක් වෙනවා. මෙහෙම හැසිරෙන්න මිනිහෙකුට පුලුවන්ද? මේ වගේ උන් රෝයල් නෙමෙයි හාවඩ් ගියත් වැඩකට ද?

      සිංහල බ්ලොග් ලෝකයෙ වෙන කිසිම කෙනෙක් මේ වගේ අශිෂ්ට ව නොහැසිරෙන එක ගැන නම් ඒ සියලු දෙනාට ගෞරවය හිමි වෙනවා.

      Delete
    3. සන්නස්ගලගේ අම්මා යනු මේ අවුරුද්දේ සම්මාන ලැබීමට නියමිත නවකතාවලට වඩා ගව් ගණනක් ඉදිරියෙන් තිබෙන නවකතාවකි. එය ස්වයං ලිඛිත චරිතාපදාන නවකතාවකැයි කියන්නට පුළුවන. හීනමානයකින් පෙළෙන්නෙකුට එවැනි නවකතාවක් ලියන්නට බැරි ය. හීනමානය ඇත්තාට තමන් පිළිබඳ එතරම් විවෘත විය හැකි යයි නො සිතමි.

      Delete
    4. පැරා ගැනනම් කියන්න දන්නේ නෑ සෝෂල් මීඩියා කියලා නෑ... නොම්මර එකේ හීනමානවලින් පෙලෙන නම්බර් වල් පොන්න වේසිගේ පුතාලා මේකෙත් අනන්ත ඉන්නවා... එහෙම කැරියෝ තමයි මේ ඇනෝ ඇවිල්ලා ගහන්නේ ප්‍රෝෆයිල් තියාගෙන..

      පැරත් මේවා කපලා දායිද දන්නේ නෑ

      Delete
    5. මේකට හීනමානය නෙවේ හරි වචනය ස්වයං මෝහනය වෙන්න ඕන. ෆ්‍රෙන්ඩ් රිකෙස්ට් එද්දි පැරකුම්ටත් සාස්තෲ කෙනෙක්ට වගේ අනුගාමිකයෝ සෙට් වෙනවදෝ කියල නිකන් ආතල් එකක් දැනෙනවා ඇති.

      Delete
    6. මනෝජ් සමරසිංහ කියන්නෙ ගොබ්බයෙක්. බොහොම ආවේගශීලීව පදනමක් නැති ප්‍රකාශ කරල ඊට පස්සෙ ඒවා ගැන වාදකරන්න ඇවිත් හොදට නාගන්න මනුස්සයෙක්.. මම මිනිහව නාවපු නෑවිල්ලට මිනිහට සීතල සන්නිය හැදිලා මාව බ්ලොක් කරලම දැම්මනෙ හිටං ...

      Delete
  2. Ajith, ajith api nodanna ajith..:-) Dan himeeta friends gana 6000k wath karaganna podi marketing parak dagaththa neda heen nulenma!! :-)

    ReplyDelete
    Replies
    1. හොර ගෙඩිය. උඹට විතරයි මාට්ටු වුණේ !

      Delete
    2. moda pako. fb eke friendsla uparima 5000 puluwan.

      Delete
  3. සුරුට්ටුව උරන මිනිසාගේ ලංකාවේ නියෝජිතයන් යයි කියා ගන්නා අයත් හැසිරෙන්නේ ඔයාකාරයෙන්ම තමයි.

    ReplyDelete
  4. මෙහෙමයි පැරා,

    ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තිබූ පලියට කෙනකු විද්වතෙකු හෝ විචාරකයෙකු නොවන බවට හොඳම උදාහරණයක් තමයි ඔබ ඔතන ඔය දීල තියෙන්නෙ. මෙහෙම බ්ලොග් කරයෙකුත් ඉන්නව. කලකට ඉහත දමිත් කේතක නමැති මේ වගේම පොරක් බුකියේ සිටියේය. කෙනෙකුගේ අධ්‍යාපන මට්ටම හෝ රැකියාව අදහස් දැක්වීමකදී වැදගත් නැත. එහෙත් තමුන් අදහස් දක්වන ක්ෂේත්‍රය ගැන ප්‍රාමාණික දැනුමක් හැදෑරීමක් සිදු නොකර සෝඩා බෝතලේ අරින්නාක් මෙන් අදහස් දැක්වීම තමුන්ගේ හිස්කම ප්‍රදර්ශනය කිරීමකි. සිවිල් සමාජය තුල ජීවිතේට පොරක් වෙන්න බැරි උදවියට ඉන්ටනෙට් කනෙක්ෂන් එකක් උපයෝගී කර ගෙන සයිබර් සමාජය තුල තම ඇරියස් කවර් කර ගත හැක. නමුත් තමුන් පොරත්වය යැයි පෙන්වන්නේ හිස්කමම නොවේදැයි ඔවුන් නොසිතති.

    අජිත් පැරකුම් ජයසිංහ යනු මහා ලොකු අධ්‍යාපනයක් ලද්දෙකු නොවේ. නමුත් ඔහු සිවිල් සමාජයේ පොරකි. ඒ නිසා ඔහුට ඇරියස් නැත. ඔහු සයිබරය තුල ලියන කියන දේ පරිණතය; යම් හැදෑරීමක් කර ලියයි. මාතලන් වන්නෙකු එසේ නොවේ සිවිල් සමාජයේ ඇරියස් ගොඩකි. ඒ නිසාම ලැබුන ඉන්ටනෙට් කනෙක්ෂන් එක වඳුරාට කණ්ණාඩියකි. එකට එකක් පරස්පර අදහස් දැක්වීම්, දවල්ට භොතිකවාදීවී රෑට අධ්‍යාත්මිකවාදීවීම් සිදු වන්නේ එහි ප්‍රතිපලයක් ලෙසයි. ජනප්‍රිය වෙන්නට ඕනෑම කුණු හරුපයක් ලියන්නේ ඒ නිසාය. මේ වගේ ඉන්ටනෙට් කනෙක්ෂන් වලින් පොර වල් වන්නට හදන ගොඩක් බුකිය හෝ බ්ලොග් පිරීමෙන් සොයා ගත හැක.

    දෙහි ගෙඩියේ සිට පොල් බෑව දක්වා දේවල්වලින් ලෙඩට බෙහෙත් හොයා ගත් බව පවසන සයිබර් වෙද්දු, හිනා කාල මැරෙන වර්ගයේ දේශපාලන විචාර විහිලු සපයන දේශපාලන විචාරකයන් පමණක් නොව රිඩර්ස් ඩයජස්ට් වර්ගයේ සයිබර් සඟරාවල පලවන දේවල් කියවා එව්වා සත්තමයි සිතා ලියන (අර ගංජා ලිපිය වගේ) සයිබර් බුද්ධිමතුන් ගැන අප අනුකම්පා කල යුතුය. මේ අයිඩෙන්ටිටි ක්‍රයිසිස් එකකි.

    ReplyDelete
  5. අනේ අම්මප පැරා,

    අහේතු කාලේන කජ්ජෙන පුහුලන් කිව්වලු. එක හේවගේ කෙනෙක් මදිවට ඒ වගේම තවත් හේවගේ කෙනෙක් වගෙයි.

    අපේ මාමණ්ඩි හිටියනම් මං නොමිලෙම කේන්දරේ බලවල පැරාට ඇස්වහ කටවහ මුට්ටියක් මතුරල දෙනව. අපේ මාමණ්ඩි වශී ගුරුකම් එහෙමත් දන්නව. මට වගේම ඔය වට්ටෝරු වෙදකම ගොඩ වෙදකම එහෙමත් බැරි නැහැ. අපේ මාමණ්ඩි අද හිටියනං මං පැරාට සර්වජන වශීයකුත් කරල දෙනව.

    දවසක් මම බැඳපු අලුත හාදයෙක් ආව අපේ මාමණ්ඩි හම්බවෙන්න. ඒ හාදයට ළඟ ගෙදරක කෙල්ලෙකුට හිත ගිහින්. ඒත් කෙල්ල පොරව පයිසෙකටවත් ගණන් ගන්නෙ නැහැ. ළඟදීම කෙල්ලට මගුලකුත් ජෝඩු කරන්න අම්මල ට්‍රයි කරනවලු. කොහොමහරි කපුවට ගානක් දීල පොර කෙල්ලගෙ කේන්දර කොපියක් පන්නගෙන මිනිහ ආව අපේ මාමණ්ඩි හම්බවෙන්න තමන්ගෙ කේන්දරෙත් අරන්. දන්නවනෙ ඒ කාලෙ අපේ මාමණ්ඩි රටේ පරසිද්දනෙ.

    මාමණ්ඩි කිව්ව් හඳහන් දෙකේ ගැලපීමෙ පොඩි පරහක් තියනව කියල. එකට පොඩි වශී ගුරුකමක් කළාම හරියි කිව්වා. ඒ කාලේ හැටියට මං හිතන්නෙ ගාස්තුව රුපියල් පන්දාහකට වැඩියි. සතියකින් පොරට එන්න කිව්ව.

    හරියටම සතියකට පස්සෙ ඉරිද උදේ පොර ආව. මාමණ්ඩි පොර අතට තෙල් කුප්පි දෙකක් දීල මෙහෙම කිව්ව.

    “ඔය ළමය හෙට උදේ අර ළමය වැඩට යනකොට මං දෙන මේ නැකතට පිටත් වෙලා මග රැකලා ඉඳල මේ පොඩි කුප්පියෙ තියන තෙල් වලින් බින්දුවක් අර ලමයගෙ නළලෙ ගාන්න.”

    “එතකොට මහත්තය මේ ලොකු කුප්පියෙ තියන තෙල් ?” පොර, මාමණ්ඩිගෙන් ඇහුව.

    “මේකනෙ ළමයො හදිස්සියෙවත් ග්‍රහ මාරුවක් උනොත් කියල වැඩි පරිස්සමට මං ඕක ඔය ළමයට දුන්නෙ. ඕක හොඳම හොරිවිල තැලුම් තෙල. එහෙම දෙයක් උනොත් බය නැතුව පාවිච්චි කරන්න” කියල මාමණ්ඩි කියපි.

    ReplyDelete
    Replies
    1. ක්ලැසික් කමෙන්ට්. හේවගේ... අයියෝ හිනා කාල මැරෙනවා.

      Delete
  6. බලාපොරොත්තු නොවන මට්ටමේ පොස්ට් එකක්

    ReplyDelete
  7. බලාපොරොත්තු නොවන මට්ටමේ පොස්ට් එකක් , ඒ වගේම කමෙන්ට් ටිකක් දැන් මෙතන මහා ලොකු කතාවක් තියනවද පොස්ට් එකකට තරම්.. ඔහොම පොස්ට් අපි දැක්කා මිට අවුරුදු 6,7 කට කලින් බ්ලොග් ලියන පොඩි උන් අතරේ.. මු මට මෙහෙම කිවා මෙහෙම කළා වගේ පොඩි බබාලාගේ සින්... පරණ බ්ලොග් කරුවෙක්ගෙන් බලාපොරොත්තු නොවිය හැකි බොලද පොස්ට් එකක් විතරයි වගේම
    කවුරු උනත් ඒ මනුස්සයා තරහක් පිට කරගන්නවා වගේම අජිත් ප්‍රශ්නෙන් පැනල යනවා විතරයි පෙනන්නේ. අඩුම තරමෙ අවස්ථාවක් දීලා බලන්න තිබුන

    දැන් මට කියන්න එපා ඇනො නෑවිත් කෙලින්ම මුනට කියන්න කියලා එහෙම කියන තිබුනා අනෝ බ්ලොක් කරලා වගේ තිබුනා නම්..

    මොන්ටිසෝරි ළමයි වගේ පොස්ට් දාන්න ඕනි නැ
    පොස්ට් එක දැක්කම හිතට දැනුන දේ කිවා මිසක් කිසිම තරහක්වත් කිසිම කැමැත්තක් වත් විශේෂයෙන් නොමැත
    මාතලන් ගැන ඒ බ්ලොග් එකේ කතා කරන්න තිබුනා නම් හොදයි

    ReplyDelete
  8. වික්ටර් රත්නායකගේ ‘අපි ඔක්කොම රජවරු - ඔක්කොම වැසියෝ' ගීතය ලංකාවේ ජාතික ගීය වැනි ය.

    ලංකාවේ ඔක්කොම ලෙඩ්ඩු ය. ඔක්කොම වෙද්දු ය.

    මනෝ වෛද්‍යවරයකු වීමට අවශ්‍ය වන්නේ ලකාන් ගැන ෆ්‍රොයිඩ් ගැන ඒ අයගේ පොත් කියවූ බව කියන අයෙකුගේ පංතියකට දෙකකට යාම පමණි. ඒ පොත් කියවූ බව කියන අය ද බොහෝ විට කර තිබෙන්නේ ඒ දෙය ම ය.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා එහි කොන්ත්‍රාත් ඉටු කරන අය වෛද්‍ය විද්‍යාවේ ගුණාත්මකභාවය ගැන කතා කරති. පඳුරක්, පඳුරක් ගානේ හොර දොස්තරලා ය. රජය ද හොර වෙද්දුන්ට සහතික දී ක්ෂේත්‍රයට දමයි.

    ReplyDelete
  9. පැරා ගූ ගොඩකට පයින් ගහලා මෙන්න මගේ කකුලේ ගූ කියලා ලෝකයටම පේන්න පොස්ට් එකකුත් දාලා

    ReplyDelete
    Replies
    1. ගූ ගොඩවල්වලට පයින් ගසා නො ගෙන දේශපාලන මාධ්‍යකරණය කර ගන්න බැහැ. ගූ බෙටිවලට නෙමෙයි ගූ කඳුවලටත් ගහන්න වෙනවා.

      Delete
  10. ඒයි මේ බලන්න ෆේස්බුක් එකේ එකෙක් මට හීනමාන කාරයා කිව්වා නේ. මාත් ඇරියෙම නැහැ දිගටම කිව්වා පුළුවන් නම් ඔප්පු කරන්න. පොරට ඔප්පු කරන්න බැරි උනා!!

    ෆේස්බුක් එකෙත් ඉන්නේ මාර ඩයල්. මම මේක ලිව්වේ ඔයාලටත් හිනා වෙන්නයි, ෆේස්බුක් එකේ හැටි ඔයාලට තේරුම් කරන්නයි.

    - මීට හිටපු විප්ලවවාදී, වධ කඳවුරු වැසි, ප්‍රවීන දේශපාලන විචාරක, කෘතහස්ත (සම්මානනීය) බ්ලොග් රචක අජිත් පැරකුම් ජයසිංහ

    ReplyDelete
    Replies
    1. උඹ මොකද පැරා එක්ක ඇරියස්?(මගේ සහ තවත් අඩවි කිහිපයක සාමාන්‍යයෙන් සාධනීය කමෙන්ට් දාන එකෙක් නිසා ඇහුවෙ?)

      Delete
    2. මචං උඹටත් හිතෙන්නේ නැත්නම් මේක සාධනීය කමෙන්ට් එකක් කියලා, එක මගේ ෆේලියර් එකක් කියල පිලි ගන්නවා. මම කරේ පැරා කියපු එකම paraphrase කරලා, ඒකට ඉස්සරහින් පැරාගේ සෝෂල් කන්ටෙක්ස්ට් එකත් අල්ලපු එක. ඉතින් ඕක පලක් නැති කමෙන්ට් එකක් උනත් ඇරියස් එකක් වෙන්නේ කොහොමද.

      බ්ලොග් එකට වැඩිය බ්ලොග් එක ලියන එකා ලොකු වෙන කොට වෙන දේ පෙන්නන ක්ලැසික් කේස් ටිකක් දැන් පෙන්නන ෆිල්ම් එකෙත් ඉන්නවා නේ. ඉතින් මගේ හිතේ ගොටු අල්ලන, හූමිටි තියන උන් අතරේ, පොඩියට හරි විවෙචකයොත් ඉන්න ඕනේ. පැරාට මම unconditionally ඇරලා නැහැ. අර නූගත් කම ගැන ලිපියේ left right and center අරින්න දේවල් තිබිලත් ඇරියේ නැත්තේ ඒකයි.

      Delete
  11. මම සමාන්‍යයෙන් මට ගසා තිබෙනා තැන්වල ඒ කොමෙන්ට් අයින් කරන්න කියා ඉල්ලන්නේ නැත.

    එහෙත් අජිත් පැරකුම් මා දැන හඳුනාගෙන කතා බහ කල පොරක් විදියට මේ අවස්ථාව රසික නම් පොන්නයා බල්ටි ගසන්නට තැනක් සියමින් සිටිනා නිසාවෙන් රසික නම් පොන්නයා විසින් ලියනා මේ කොමෙන්ටු සියල්ල ඉවත් කරන ලෙස පැරාගෙන් කෝල් කර ඉල්ලුවෙමි.

    එසෙ ඉල්ලුවේද අජිත් පැරකුම් විසින් රසික නම් පොන්නයා ග්න මා ලියු පෝස්ටුව ඉවත්කරන්නැයි අජිත් ඉල්ලා සිටි බැවිනි. මා එහිදි අජිත් පැරකුම් ගැන වච්නයක් වත් ලියා නැත.

    මේ අඩවිය තවත් ඩුප්ලිකේසොන් රෝඩ් එකක් නොකරන මෙන් මේ කොමෙන්ටුවෙන්ද අජිත්ගෙන කාරුණිකව ඉල්ලා සිටිමි.

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නෙ පැරා මේ පොස්ට් එක්කක්වත් අයින් කරන්න ඕන නැහැ.

      ඕනෑම කෙනෙක් දැනගන්න ඕනෑ බ්ලොග් අවකශයේදී විතරක් නෙමෙයි සාමාන්‍ය ජීවිතයේදීත් කුණුහරප නොකිය ඉන්න. විවාදාත්මක කාරණයක් ගැන අපි ලිපි ලියනවනම් අපි ලියන්න ඕනෑ අපි විශ්වසකරණ යම් දර්ශනයක පිහිටල පදනමක් ඇතුව. අපි ලියන දේට හැමෝම එකඟ වෙන්නෙ නෑනේ. සමහරු අපි ලියන ඒවා විවේචනය කරනව පදනමක් ඇතුව හරි නැතුව හරි.

      අපිට තියෙන්නෙ අපේ දර්ශනය මත පිහිටල ඒවට මුහුණදෙන එක මිසක්. ඒ මිනිස්සුන්ට කුණුහරපෙන් බනින එක නෙමෙයි.

      දර්ශනයක් පදනමක් නැතුව ලිවීමේ හැකියාවක් තිබුණු පලියට ලිව්වම විවේචන ආවම අපි හිරවෙනව. ඒ ලිවීම මම නම් දකින්නෙ වඳුරට දැලිපිහිය අහුවුණා වගෙයි. හිර උනාම ෆ්ලැට් න්‍යායෙන් නෙලනව.

      මම හිතන්නෙ පැරා ක්‍රියාවෙන් තොර දර්ශනයට වඩා දර්ශනයෙන් තොර ක්‍රියාව හරිම භයානකයි කියල. දැන් බලන්න මාතලන්ට මොකද වුනේ කියල. හතරවටේට ෆ්ලැට් න්‍යායෙන් නෙලාගෙන ගියා. අන්තිමට අමු කුණුහරප ලිපියක් ලිව්ව රසික ගැන. ඇත්තටම රසික උසාවි ගියොත් මාතලන් ඉවරයි.

      දැන් හතර වටින් වදිනව බඩකට පුරා. වපුරුව දේ නේද දැන් ඔය කපා ගන්නෙ. ඇනෝ comment දාපු අය හොයාගන්න පුළුවන් නම් මොකටද මාතලන් ඇනෝ වහගෙන ඉන්නෙ.

      මේ කුණුහරප ලිපි කලාව බ්ලොග් ලෝකෙට බෝවුනොත් මේක ඉවරයි. අන්තිමට ඒ පිට දාල ඕන ආණ්ඩුවකට පුළුවන් බ්ලොග් බ්ලොක් කරල දාන්න.

      ඔය වගේ අතිධාවනකාරයන්ට පාඩමක් ඉගෙනගන්නත් එක්ක ඔය comments මකන්න එපා. හැබැයි කුණුහරප සහ වෙනත් පුද්ගලික කුණුකන්දල් තියනවනම් අයින් කරන්න.

      Delete
  12. පැරාට ෆේස් බුක් එකේ ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එවන්න බෑනේද?

    ReplyDelete
  13. මාතලන් මෙන් ම රසික ද මගේ මිතුරෝ ය. ඔවුන් දෙන්නා අතර මෙවැනි ගැටුමක් තිබේ නම් මම කිසි සේත් ම එයට කැමති නැත. වැරදි වටහා ගැනීමක් මෙයට හේතු වන්නට පුළුවන්. කරුණාකර මෙම ගැටුම අවසන් කරන ලෙස දෙපාර්ශ්වයෙන් ම ඉල්ලා සිටිමි. කමෙන්ට් ඉවත් කිරීම පිළිබඳ කණගාටුව ප්‍ර‍කාශ කරමි. කමෙන්ට් මොඩරේට් කරමි. මෙම ගැටුම හා සම්බන්ධ කමෙන්ට් කිසිවක් ඉදිරියේදී පළ නො කරන නිසා ඒ ගැන මෙහි කමෙන්ට් දමා ඩේටා නාස්ති කර නො ගන්නා ලෙස ඉල්ලා සිටිමි.

    ReplyDelete
    Replies
    1. ඩේට නාස්තියක නැහැ පැරා. අන්ලිමිටඩ් ඩේට තියෙනවා

      Delete
    2. පැරා, කමෙන්ට් මොඩරේට් කරන්නම ඕන නෑ. පැරා සාමාන්‍යයෙන් ජාලෙ ඉන්නවනෙ. ඉඩ ලැබෙන විදියට අපහාසාත්මක කමෙන්ට් ඉවත් කරන්න. මම නං ඒ වැඩේ කරනව. අපහාසාත්මක කමෙන්ටු මකන තැනක ඒවා දාන්න එන්නෙත් නැති(එතරම්) බව මගේ නිරීක්ෂණයක්.

      Delete
    3. අපායට යන්නට ඕනෑ නම් උඹට
      ඒ වලකන්න අප නම් නොම වෙමු පිහිට
      කුණුහරපම වපුරන බ්ලොග් එකක සිට
      ඇඩ්මින් කම කරපන් එක දවසකට

      Delete
  14. ඔස්ට්‍රේලියන් නිවුස් වලට බොරු කතා හදලා දාලා අපේ ජනාදිපොති තුමා ට මඩ ගැසීම ගැන ලිපියක් ලියන්නේ නැද්ද පැරා?

    ReplyDelete
    Replies
    1. මං ඔය ඕස්ට්‍රේලියන් ඩොලර්වලට කැමති නැහැ. මං කැමති යූඑස් ඩොලර්, යුරෝ, පවුම්වලට විතරයි.

      Delete
    2. ඉන්දියන් රුපියල්, චීන යුආන් වලට කැමති නැද්ද? පැරා කැමති ඒවටත් මං කැමතියි. ඒත් මං වැඩිය කැමති තායි බාත් වියදම් කරන්න. ඔයත් කැමතිද?

      Delete
    3. රුසියන් රූබල් වඩා හොඳයි

      Delete
    4. අම්මප ඒක අමතකවෙච්ච හැටි? හදවතින්ම එකඟයි. ඔය දකුණු ඇමරිකානු රටවල "ව්‍යවහාර මුදල්" කොහොමද ? මම නං අතපත ගාල නැහැ. පෙනුමෙන් නම් "ව්‍යවහාරයට" නරක නෑ වගේ.

      Delete
    5. Eritrean nakfa එහෙමත් බොහොම හොඳ කරන්සි

      Delete
    6. එහෙමද? මම සෝමාලි සිලින් (shilling) වලට හරි කැමතියි. ඒත් අප්‍රිකානු මුදල් වැඩි පිරිසක් අතින් අතට යනව වැඩි නිසා පසුව කරදරයි කියල සමහරු කියන නිසා බයකුත් තියනව. අරාබි මුදල් වල සංසරණය කොහොමද?

      Delete
    7. Iranian rial අතපත ගාන්න කවුද ආස නැත්තේ? එත් ඉතින් අතපය කපාගන්න උනොත් ? ඕකනෙ මං කවදත් මුස්ලිම් අන්තවාදයට විරුද්ධ.

      Delete
    8. Iranian rial අතපත ගාන්න කවුද ආස නැත්තේ? එත් ඉතින් අතපය කපාගන්න උනොත් ? ඕකනෙ මං කවදත් මුස්ලිම් අන්තවාදයට විරුද්ධ.

      Delete
    9. මහ ලොකු ස්ත්‍රිවාදියො කාතා කරන දේවල බලහන්කො.

      Delete
    10. මේ 3.30 ඇනෝ,
      කුහක උනත් ඔච්චරම කුහක වෙන්න එපා.

      Delete
    11. එකතුකිරීම. උඹල වගේ එවුන් හින්ද තමයි වැලක පෑන්ටියක්වත් වනල තියන්න බැරි.

      Delete
  15. පැරා,
    8.47 A.M. දාපු කමෙන්ට් එකේ පුද්ගලික නම් ගම් අයින් කරලා ගත්තමත් රාජ් කිව්ව දේත් වැදගත් කමක් තියනවා.

    01. යම් පදනමක් සහිත දර්ශනයකින් යුතුව ලිවීම.
    02. යමක් හෝ යමෙක් විවේචනය කරන්නේනම් පුද්ගලික මට්ටමින් විවේචනය නොකිරීම.
    03. අපහාස නොකිරීම සහ ශීලාචාර මිනිසුන් භාවිත නොකරන යෙදුම් ලේඛණයේදී භාවිතා නොකිරීම.
    04. තමන් දරණ අදහසට වෙනස් අදහස් ඉවසීම සහ තමන් විසින් පිළිගනු ලබන පදනමක් සහිත දර්ශනයකින් යුතුව එම අදහස් වලට ප්‍රතිචාර දැක්වීම.
    05. නාමික හෝ නිර්නාමික විවේචන පලකිරීම සඳහා ඉඩ සැලසීම සහ සහ යම් පුද්ගලයකු පිළිබඳව කෙරෙන පදනම් විරහිත, පෞද්ගලික සහ අසභ්‍ය දේ පමණක් සංස්කරණය හෝ ඉවත් කිරීම සහ ඒ පිලිබඳව පාඨකයා දැනුවත් කිරීම.

    අපි කවුරුත් ඉහත කියපු “බ්ලොග් පංච ශීලය” සමාදන් වෙනවනම් බ්ලොග් ලෝකය වඩා යහපත් තැනක් වෙයි.

    “ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී” නේ. මම හිතන්නෙ වික්ටර් අයිවන් වගේම පැරාත් පවතින්නේ මේ නිසා.

    ReplyDelete
  16. පැරාගෙ බ්ලොග් එකේ පැරාට ඕනෙ විධියට කමෙන්ටු මොඩරේට් කිරීම පැරාගෙ අයිතියකි. මගේ නම් 4G සහිත iphone පැකේජය සහ ලැප්ටොප්පුව මගේ කොම්පැනියෙන් දී තිබෙන නිසා ඩේටා පිලිබඳ ප්‍රශ්නයක් නැත. ගෙදර ආවත් broadband සහිත unlimited පැකේජය නිසා ඕනෙ එකෙක් සමග එලිවෙනකම් වුවත් සයිබරයෙන් හැප්පිය හැක. මම දැකලා තියෙන විධියට ඔය පිලිගැනීමක් ඇති වෘත්තිකයන්ට, සමාජයේ පිලිගැනීමක් ඇත්තන්ට, බුකියේ වීරයන්වීම වැනි සිඟිති ආතල් ගැනීමට වෙලාවක් නැත. උදහරණ ලෙස ලෙස ගුරුවරයෙක් නම් රාජකාරී වේලාවෙන් පසු ටියුෂන් කරයි, දොස්තර කෙනෙක් වුවත් රාජකාරියෙන් පසු private practice කරයි. අනිකුත් වෘත්තිකයන්ද එසේමය. අනික ඔවුන්ට වීරයන් වීමේ අවශ්‍යතාවයකුත් නැත. නමුත් බොහෝ සිසුන්, ගන්ධබ්බ අවධියේ (ඉගෙනීමෙන් පසු රැකියා නැති කාලය ගෙවන්නන්) පසුවන්නන්, රැකියා විරහිතයින් සහ සමාජයේ පිලිගැනීමක් නැති රැකියා කරන්නන් බුකියේ වීරයන්වීමට දඟලනු මම නොයෙක්වර නිරීක්ෂණයකර ඇත. මොවුන් බොහොමයක් පඬි වදන් සහිත පෝස්ටර නිර්මාණය කරති. අනුන්ගේ වාහන, ලොකු ගෙවල් ඉදිරියේ ෆොටෝ ගසමින් තමන්ට නැති තත්වයක් මවා පෑමට ආසය. ගෙයක් දොරක් හදා ගැනීමට හෝ වාහනයක් ගැනීමට වඩා තරු 4/5 හෝටල්වල මගුල් ගැනීමට වියදම් කරති. ඒ අතර ලංකාවේ ජනප්‍රියම ෆොටෝකාරයන් හයර් කරති. මේ සියල්ල කරනුයේ බුකියේ ෆොටෝ දැමීමටය. මොවුන්ට ඇත්තෙන්ම මුදල් නැත, කරන්නේ ණයටය. ජොබ් කළත් හිඟන පඩියක් ගෙන ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ පෙන්වයි. මා මිතුරු ෆෝටෝකාරයෙක් කීවේ බොහෝ කපල්ස්වලට වෙඩිමෙන් පසු ඇල්බමය ගැනීමට මුදල් නොමැති බවයි. මට හිතෙන්නේ බුකිය ලංකාව වැනි නොදියුණු රටක, මිනිසුන්ගේ ජීවිත සෑහෙන්න අවුල් කර ඇති බවයි. ඕනෙම තාක්ෂණයක් ලැබිය යුත්තේ එය මනා ලෙස පරිහරණය කරන්න පුළුවන් පිරිසකට පමණි, නැතහොත් සියල්ල අවුල්වනු ඇති.

    ReplyDelete
    Replies
    1. පැරා,

      "මගේ නම් 4G සහිත iphone පැකේජය සහ ලැප්ටොප්පුව මගේ කොම්පැනියෙන් දී තිබෙන නිසා ඩේටා පිලිබඳ ප්‍රශ්නයක් නැත. ගෙදර ආවත් broadband සහිත unlimited පැකේජය නිසා ඕනෙ එකෙක් සමග එලිවෙනකම් වුවත් සයිබරයෙන් හැප්පිය හැක."

      මුදලාලිගෙ ගෙට නයෙක් ඇවිත්ද මන්ද?

      Delete
    2. ඒ කාලේ අපේ ගෙදර පොල් කඩපු රොබට.
      දැන් ඌට ජයයි. iPhone එකයි ලප්ටෝප්පුවයි සන්ග්ලාස් දෙකයි ඔක්කොම කම්පනියෙන්ලු දෙන්නේ. ජොකාව දෙන්නේ මාතලන්ලු

      Delete
    3. ලංකාවෙ උඹලට මැජික් වුණාට බන්, අපි ඉන්න රටවල හැම එකෙක්ගෙ අතේම තියෙන්නෙ iphone හරි samsung galaxy 7, samsung S7 ෆෝන් තමයි. අනික office එකක වැඩ කරන එකෙක්නම් desktop එකක් හරි laptop එකක් හරි ලැබෙනවා. technical support, sales හරි field එකේ ඉන්න එකෙක්ට ඔයිට අමතරව ෆෝන් එක පැකේජ් එකක් එක්කම ලැබෙනවා. ඕවා ලංකාවෙ ඉන්න සාමාන්‍ය sales උන්ටත් ලැබෙන එකේ උඹ නිකන් ගොඩයට මැජික් වගේ කෑ ගහන්න එපා. පොඩ්ඩක් try කරල private company එකක ජොබක් හොයා ගත්තොත් උඹටත් ලැබෙයි. අනික උඹ කකාගෙ බෝල මිරිකන වෙලේ, උගෙන් පොඩි උදව්වක්වත් ගනින් හොඳ ජොබකට පැන ගන්න, අනුන්ට ඉරිසියා නොකර.

      Delete
    4. නියමයි මචන්. මාත් හරි කැමතියි එබ්රෝඩ් යන්න.
      එහෙත් ප්‍රයිවෙට් කම්පැනිද බන් තියෙන්නේ? මම හිතුවේ ලංකාවේ විතරයි කියල
      තව එබ්රෝඩ් විස්තර ටිකක් කියහන්කෝ
      ෆීල්ඩ් එක කිව්වේ පොල් ෆීල්ඩ් එකද? පැඩි ෆීල්ඩ් එකද?

      Delete
    5. උඹ වරෙන් කකාගෙ පොල්ලෙ එල්ලිලා සිනුවරට, ඌගෙ ඔෆිස් එකේ අතුගාන්න හරි බැරියැ. උඹ දන්නෙ පොල් ෆීල්ඩ් එකයි ගල් ෆීල්ඩ් එකයි වුණාට තව ගොඩක් ෆීල්ඩ් තියෙනවා කොල්ලො. හිමීට් හිමීට ගොඩ වෙන්න බැරියැ. උඹේ පාට තමයි අස්පට්, ඔසියො කැමති කකා වගේ චීස් පාට කොල්ලන්ට. උඹගෙ පොඩ්ඩක් තට්ටෙත් පෑදිලා නේ...කමක් නෑ කකා වගේ සම්පූර්ණයෙන් ගාපන්.. කකා මොකද උගෙ බච්ච මොකද ...අනික එබ්‍රෝඩ් නෙවෙයි අබ්‍රොඩ්, පොඩ්ඩක් වෙනස් බන්

      Delete
    6. උඹ හැබැයි අර උඹ මඩකරියෙක් කිව්වේ පැඩිෆීල්ඩ් එකේ බැහැල අමුඩේ ගහන වෙල කොටපු එක මතක් වෙලා නේද? මම හිතුවේ ඔහෙත් ඒක කරනවා කියල ප්‍රයිවෙට් කොම්පැනියක

      Delete
  17. ඒ FB වාදයේ මැද හරිය ආසාවෙන් කියෙව්වා ශුද්ධ ගණිතයෙන් මනෝ චිකිත්සාවක් කරයි කියලා!
    අපරාදෙ නෑනෙ

    ReplyDelete
  18. බෙහෝ ම හොඳ යි පැරා. අපට සන්තෝෂයක් උඹ උඹේ හීනමානය අතහැර නව එළඹුමක් අනුයාම. අප ග්‍රීක, ලතින් හෝ මධ්‍යකාලීන ඉංගිරිසි හෝ වදන් මුසු ව ලියූ විට අපට නවනිග්‍රහ කළ උඹ ම අද ඒ භාෂා ව්‍යවහාරයට ආසක්ත වෙලා. අපගේ සහෝදරයෙක් paraphernalia යනුවෙන් සම්භාව්‍ය පත්‍රයක ලියූ විට එය කිය වූ තමාට හිසේ කැරකිල්ල සැදුණු බව කියමින් නහයෙන් ඇඬූ උඹ ම අද උඹේ වියුණුසටහන් පල් හෑල්ලට ඒ වදන අමුණගෙන. දැන් උඹට කොහෙවත් කැරකිල්ලක් නැති ද පැරා? ඒත් අපි උඹට හිනා වෙන්නේ නැහැ මචං. නහින දෙහින කාලයේ දී හරි උඹත් යමක් ඉගෙන ගන්න එක සාධනීය යි.

    දැන් සුපැහැදිලි ව පෙනෙනවා නේ ද පැරා උඹට අප ගැන තිබුණු ගැටලුව උඹගේ ආශාවේ වස්තුව අහිමි වීම පිළිබඳ ගැටලුවක් මිසක් දේශපාලනිකය (නාම පදය) පිළිබඳ ගැටලුවක් නො වන බව? අප කාලයක සිට උඹ ගැන කළ විවේචනය වුණෙත් ඔන්න ඔය තත්ත්‍වය. උඹ අපට වෛර නො කර උඹගේ අහිමි වූ ආශාවේ වස්තුව කුමක් ද යන්න ගැන ගැඹුරු කියවීමක් කළා නම් අවම වශයෙන් මීට දශකයකට පෙර හෝ උඹ ශිෂ්ටත්වයට එළඹිලා. උඹට ඒ අන්තර්ඥානය නැති නම් අදාළ අයගෙන් උපදෙස් ගන්න තිබුණා. දැන් ඒ කතා වැඩක් නැහැ. වමට මඩ ගසන උඹගේ ගිය නුවණ වාමාංශිකයන් ලවා ම ආපසු ඇද්දවීමට සිදු වීම එක්තරා ආකාරයක දෛවයේ සරදමක්.

    උඹ දේශපාලන වැඩක් බව පවසමින් සමාජයේ සම්භාවනීය පුද්ගලයනට පුද්ගලාලම්බන පහරදීම් කරන්නේ උඹගේ හැදෑරීමේ තියෙන ලුහුඬුකම් නිසා බව අප පෙර කල ද පැවසුවා. සුනිශ්චිත සන්දර්භයක සංයුක්ත ලෙස සූත්‍රගත තෙරුණු “පුද්ගලත්වය දේශපාලනික ය” යන ලකානියානු න්‍යාය උඹ ඉතා නින්දිත විධියට අවභාවිතා කරනවා. ලකාන් එම න්‍යාය ගොඩ නඟන්නේ ස්ත්‍රීවාදී කතිකාව තුළ ස්ත්‍රියගේ කුටුම්බමූල කාර්යභාරය දේශපාලනික කියවීමකට ලක් කරනු සඳහා යි. උඹ ඒ න්‍යාය භාවිත කරන්නේ මොකට ද? අනෙකාගේ හැදෑරීමට ගරහන්න, අනෙකාගේ සුවියත් ඉංගිරිසියට ගරහන්න, අනෙකා මව් ඇකයේ සිට ම ඉංගිරිසිය කතා කිරීමට ගරහන්න, අනෙකා ඉගෙන ගත් පාසලට ගරහන්නට, අනෙකා ඉගෙන ගත් සරසවියට ගරහන්නට, අනෙකාගේ රැකියාවට ගරහන්න, අනෙකා යුරෝපයට සංක්‍රමණය වීමට ගරහන්න වැනි කාරණවලට යි. කුජීත යි නේ ද පැරා? උඹට අහිමි දේ හිමි අනෙක් අය උඹ විසින් රාක්ෂයෙකු බවට පත් කරනු ලබනවා.

    උඹට අප සමඟ තිබෙන ගැටලුව කෙතරම් ද යන්න පසු ගිය දවසක අප දුටුවා. බන්‍ධුල කුදලාගම අප පවසන දේ ම අපගේ භාෂාවෙන් ම විමසූ විට උඹ සැදී පැහැදී සංවාද වෙනවා. උඹට කුදලාගම තමන්ගේ පෙළ තුළ සඟවා තිබෙන උපහාසය අවබෝධ වෙන්නේ නැහැ. එහෙව් උඹ, අප උඹ ගැන කළ ඇගයීම් පවා කියවන්නේ ඇදයට. අප පසු ගිය දවස්වල උඹට ලියූ සියලු ආලෝචන විමර්ශනය කළා deparation වෙබ් අඩවියට ලබා දෙන්න. අප උඹ ගැන විවේචන තරමට ම ඇගයීම් ද කර තිබෙනවා.

    අනෙක් කාරණය වන්නේ උඹ සංයුක්ත කරුණක් පිළිබඳ විවේචනයකට දක්වන සංවේදීතාව, වඩා පුළුල් ව උඹගේ දේශපාලන න්‍යාය සහ භාවිතාව වියුක්ත ව ප්‍රශ්න කෙරෙන විවේචන කෙරෙහි නො දැක්වීම. කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ ගැටලුව පිළිබඳ උඹගේ අස්ථානය මඟින් එළි වන උඹගේ දේශපාලන න්‍යාය හා භාවිතාව අප ප්‍රශ්න කලා සිංහල-හින්දු අලුත් අවුරුද්දට පෙර. උඹ එම ආලෝචනය අපශෝධනය කර, නැවත උඹ ම එය පළ කර, නාඩගමක් නටා, අවුරුද්දට පසු පිළිතුරු දෙන්නට පොරොන්දු වී, මඟ හැර ගියා. දැන් උඹ සංයුක්ත කාරණයක් පිළිබඳ බන්‍ධුල කුදලාගම ප්‍රශ්න කළ විට උඹත් කුදලාගමගේ ඉංගිරිසියෙන් ම පිළිතුරු දෙනවා එසැණ. ඒ විවෘතභාවය උඹගේ න්‍යාය සහ භාවිතාව ප්‍රශ්න කරන කලත් ප්‍රකට කරනවා නම් නේ ද වටින්නේ පැරා?

    අවසාන කාරණය මේක යි පැරා. දැන් උඹ පටලවා ගන්න එපා මනෝ විද්‍යාව සහ මනෝ වෛද්‍ය විද්‍යාව. අප මේ කාරණය මින් පෙරත් පවසා තිබෙනවා. මනෝ විද්‍යාවේ රසකතා ටිකක් දැන ගත් පමණින් යමෙකු මනෝ වෛද්‍යවරයෙකු වන්නේ නැහැ. මනෝ වෛද්‍ය විද්‍යාව නිශ්චිත පරාසයක නිශ්චිත අරමුණු මත ගොඩ නැඟී ඇති විෂයක්. උඹ අධිකරණයේත් දිවුරුම් දුන් පරිවර්තකයෙකු ව සිටත් එම වචනවල වෙනස්කම් නො දන්නේ නම් ඒක ඉතා ශෝචනීය තත්ත්‍වයක්. පැරාගේ හැසිරීම පිළිබඳ මනෝ විශ්ලේෂණීය හෝ මනෝ විද්‍යාත්මක විග්‍රහයක් කිරීමත් ඒ පිළිබඳ මනෝ වෛද්‍ය විද්‍යාත්මක විග්‍රහයක් සහ නිර්දේශයක් කිරීමත් වෙනස් වැඩ දෙකක්. උඹ මුහුණුපොතේ සහෝදරයෙකුගෙන් උඹ ගැන සායනික නිගමනයක් ඉල්ලීම විකාරයක් බං.

    Cont ...


    ReplyDelete
  19. උඹට එහෙම සායනික ඇගයීමක් අවශ්‍ය නම් අප ඒක කරන්නම්. ඒක ෆ්‍රොයිඩියානු හෝ ලකානියානු හෝ මනෝ විශ්ලේෂණවලින් පමණක් කළ නො හැකි යි. සායනික වෛද්‍ය විද්‍යාව සම්බන්‍ධයෙන් මනෝ විශ්ලේෂණය කෙතරම් අවම දායකත්වයක් දක්වන්නේ ද යන්න අප මින් පෙර ලියා තිබෙනවා. චෛද්‍ය විද්‍යාවේ දි වෛද්‍ය අචාර ධර්ම යනුවෙන් යමක් තිබෙන බව උඹ දැන ගන්න ඕන. උඹ අසා ඇති නේ ද හිපොක්‍රටික් දිවුරුම, නියුරම්බර්ග් නඩු, හෙල්සින්කි ප්‍රකාශනය වැනි දේ පිළිබඳ? උඹ අපෙන් ඉල්ලීමක් කළොත් අපට හැකි යි උඹගේ සායනික ඉතිහාසයට සවන් දී, සායනික පරීක්ෂාවක් සහ මනෝ තත්ත්‍ව පරීක්ෂාවක් කර, උඹ ගැන අදාළ විග්‍රහයක් පෞද්ගලික ව ලබා දෙන්න. ඒක ප්‍රසිද්ධ කිරීම හෝ නො කිරීම හෝ උඹේ වැඩක්. දැනට උඹ ගන්න ටැබ්ලට්ස් ටික ඔය විධියට ගනිං. මොකද මේ දවස්වල උඹ ටිකක් හොඳ යි.

    උඹේ ඔය සියලු ලෙඩ නිට්ටාවට සුව වන දිව්‍ය ඖෂධයක් තිබෙනවා හරියට ම අර කැක්කුම් සියල්ල නසනාලේපේ - විස්කම් දක්වන සිඬාලේපේ වගේ. ඒ තමා උඹලා හතර දෙනාට ම යුරෝපයට විසා ලබා දීම!

    (විශේෂ කාරණයක් නිසා පැමිණියේ පැරා. මෙන්න අප ගියා. උඹ දන්නවනේ අප නිල වශයෙන් සමුගෙන බව. උඔ කුමාර චාපා බණ්ඩාර ගැන වචනයක් ලියා නැහැනේ බං කවදාවත්! උඹ බය ද? )

    End.

    ReplyDelete
    Replies
    1. ශ්‍රී ලංකා වෛද්‍ය බලකායට අයත් සෙසුනිල (උරහිසේ තරු පළඳින වෛද්‍ය සුදුසුකම් නොලද) හමුදා සාමාජිකයකුට තම විශිෂ්ට කැපවීම මත සාමාන්‍යයෙන් ලබාගත හැකි උපරිම නිලය W-1 (බලයලත් නිලධාරී - 1 ) ය.

      මේ අතරිනුත් තෝරා ගන්නා විශිෂ්ටයා රෙජිමේන්තු සැරයන් මේජර් වරයා වේ. අද මෙන්ම ඒ කාලයේත් පත්‍ර වලට පල හෑලි ලියා සහ ලොක්කන් කොටවා ඔය තනතුර ලබාගැනීම කිසිසේත් ලේසි නැත. නමුත් යුධ හමුදාවේ ඉතා සීමිත අවලම්හු පිරිසක් ඉන් පසුබට නොවෙති

      තම සගයන් යුධ බිමේදී තුවාල ලබා ජීවිතය නොව " වතුර ටිකක් ... වතුර ටිකක් ..." ලෙස ඉල්ලා සිටයදී පැනගිය වෛද්‍ය බලකා සාමාජිකයකු මා දකිනුයේ අන්ත අවලමකු ලෙසය.

      කුමාර චාපා බණ්ඩාර, මා නම් උඹ යුධ අධිකරණයට ඉදිරිපත් කරමි.

      බොරු කප්පරක් පවසා "උඔ කුමාර චාපා බණ්ඩාර ගැන වචනයක් ලියා නැහැනේ බං කවදාවත්! උඹ බය ද?" යනුවෙන් අජිත්ට පවසන මොහු ගැන මට පැවසීමට මීට වඩා දෙයක් නැත.

      අජිත් යුධ විරෝධියෙකි. ඒ අජිත්ගේ අයිතියි. අප යුධ වදිද්දී ද ඒ ඔහු දැරූ ස්ථාවරයයි. ඒ ඔහුගේ අයිතියි. මා දන්නා පරිදි අජිත් ඉතා ඉහල හමුදා නිලධාරීන් ඇසුරු කරයි ඒ පිරිස් හා විවාද කරයි. "දෙමල ජන අයිතීන් " වෙනුවෙන් පෙනී සිටියි.

      මා මගෙන් නැවත අසා සිටිනුයේ තුවාල ලත් සොල්දාදුවන්ට ප්‍රතිකාර කිරීම පසෙකලා පන බේරා ගැනීමට තම පෙළ අතහැර දිවගිය අවජාතකයෙකු හට මා එදින වෙඩි නොතිබ්බේ ඇයියි කියාය.

      එය සැබවින්ම යුධ හමුදා පනතට අනුව නීත්‍යායනුකුලය.

      "උඔ කුමාර චාපා බණ්ඩාර ගැන වචනයක් ලියා නැහැනේ බං කවදාවත්! උඹ බය ද?"

      මම පිළිතුරු දෙමි. අජිත් පිළිතරු දේම අවශ්‍ය නොවේ.

      කුමාර චාපා බණ්ඩාර ගැන වික්ටර් අයිවන් ගෙන් අසා දැනගන්න ඒ අනුව "රාවය" තුල කිසිදිනක මෙවන් අවලමකු නොවීය.

      Delete
    2. HA aka P, උඹට සමු ගන්න බැහැ. යනවා ය කිව්වට උඹ කොහේ යන්න ද? උඹ උඹලාගේ ඉහළ මධ්‍යම පංතික සමාජයත් එක්ක පෑහෙන්නට බැරිව එතැනින් පිටමං කෙරුණු ගෝතයෙක් නේ. උඹේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වුණ අනන්‍යතාව නිසා උඹට උඹේ සමාජයෙන් වෙච්ච අලකලංචිය නිසා උඹ එතනිනුත් කැපිලා. වමත් එක්ක උඹට තියෙන්නෙ උඹේ බච්චන්ට සල්ලි දෙන සම්බන්ධයනේ. උඹ කොහේ යන්න ද? නිකම් පලයං බං රඟන්නෙ නැතුව. උඹ නිකං තනි කෑදැත්තෙක් නේ. උඹ ගැන තමයි අර ප්‍රේමකීර්ති ද අල්විස් ලියපු ෆ්‍රෙඩී සිල්වා ගායනා කරන පාංකිරිත්තා සිංදුවේ තියෙන්නේ. උඹට මතකද උඹලා 89දි මරපු ප්‍රේමකීර්ති ද අල්විස්ව? උඹගෙ පැටිකිරියෙ ඉතුරු ටිකත් මං කියන්න ද?

      උඹ මෙතනට ඇවිත් එක එක යාදිනි, කනිපින්දන්, උඹගේ දැනුමත් එක්ක කලවං කරලා මෙතන ලියන්නේ වෙන මොකක්වත් හින්දා නෙමෙයි. උඹේ ආශාවේ වස්තුවෙන් මං ලබන ප්‍රමෝදය එක්ක තියෙන එදිරිවාදීකම නිසා.

      ඒ වුණාට චාපා බණ්ඩාරගේ පස්සෙන් විතරක් වැටෙන්න එපා. මෙහෙත් වරෙන්. උඹ ලියන ඒවායේ දැනුමක් තියෙනවා. අපි ඒකෙන් ඉගෙන ගන්නවා. ඒකට ස්තුතියි. හැබැයි, උඹේ ඇරියස් පියවා ගන්නට යන එක නවත්තපං. උඹට මගේ චරිතය ඝාතනය කරන්න බැහැ. හේතුව මට චරිතයක් නැහැ.

      යකෝ තමන්ගේ අනන්‍යතාව හෙළි කරන්න බයේ, මං අරක කළා, මේක කළා කිය කියා පච හළ හළ, බ්ලොග්වලින් සායනික පරීක්ෂාවන් කරන්න තරම් ගොබ්බයෙක් නො වී, ස්වයං මෛථුනය කරපන් අසහනේ යන්න.

      උඹගෙ ශිල්ප දැක්වූවා ය කියන අවකාශ ඔක්කොම උඹේ හැලුසිනේෂන්ස්. කෝ අර මම මොනවද කළා ය කියලා උඹ කියන ආලෝචන ද මොනවද ඒවා දානවා ය කියන ඩිපැරේෂන් ද මොකක් ද අටමගලෙ?

      දැන් උඹටයි, මාව මරං කන්න බලන් ඉන්න අනෙක් උඹලාගේ යාලුවන්ටයි ඕනැ නම් පුළුවන් තව ගේම ඉල්ලන්න. හැබැයි මං කියන්නේ උඩ බලාගෙන කෙළ ගහගන්න ලෑස්ති වෙන්න එපා. මං උඹට මේ ගැන කලිනුත් අනතුරු අඟවලායි තියෙන්නේ.

      Delete
    3. අනෙක් කාරණය 1989දී ලංකාවේ පරම්පරාවක් මැරෙද්දී, සිරගත වද්දී, උපාලි ජයවීර, ශාන්ත බණ්ඩාර වැනි ජවිපෙ නායකයන් හරි හෝ වැරදි හෝ වේවා අවසාන මෙහොත දක්වා අතහැර නො යද්දී සෙස්සන් දමා පළා ගිය අමරසිංහ පන්නයේ සෙවලයන් දැන් අපට ජීවිතය ගැන කියා දෙන්නට එන එක විහිළුවකි.

      ප්‍රභාකරන්ගෙන් ඉගෙන ගනිව්! කෙතරම් හැකියාව තිබුණත් ඔහු සාමූහික ඉරණමින් පෞද්ගලිකව පළා ගියේ නැත.

      Delete
    4. ඉදිරි කාලයේ ලියන්නට බලාපොරොත්තු වන ලිපි කීපයක මාතෘකා මෙසේ ය:

      ලංකාවේ වම හා ලිංගික(කුහක)ත්වය
      ලංකාවේ වම හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය
      ලංකාවේ වම හා යුරෝපා ලෝලය
      ප්‍රේමකීර්ති අල්විස් හා රිචඩ් ද සොයිසා

      මේවායේ කේස් ස්ටඩි එක හොරු කණ්ඩායම බව කරුණාවෙන් සලකන්න.

      පළමු වටයේ ඒ ටික ඇති.

      වීදුරු ගෙවල් හා උන්නත් දාහයි මළත් දාහයි චිත්‍ර‍පට නරඹා සූදානම් වන්න.

      Delete
    5. ඔයාට ඕන දෙයක් ඔයා ලියා ගන්න. අපට මොකෝ? අප ඔයා පිළිබඳ උනන්දු නැහැ දැන්. අනවශ්‍ය දේවල් ලියා නැති ප්‍රශ්න ඇති කර ගන්න අවශ්‍ය නැහැ නේ ද? අප ඕවාට පිළිතුරු ලියන්නේ නැහැ. අපගේ කාර්යය ශාස්ත්‍රීය වැඩක්. ඔයා පැරා මේ දවස්වල යන රැල්ලට ලියන්න එපා. ඒ විධියේ සංවාද ශෛලිවලට අප නැත. අප සමන් පියසිරි ප්‍රනාන්‍ඳුලාගේ ලිපි කෙටුම්පත් කරන්නට ගියේ නැත. එනිසා තර්ජනාත්මක ලිපි ලියන්නට අප දන්නේ ද නැත. පැරා ඔයත් ඒ ශෛලියෙන් ලියන්න එපා පුරුද්දට ලියවෙන්න ගියත්. අනෙක අප ඔයා වගේ සරලමතිකයන්ගේ ඊනියා අනතුරු හැඟවුම්වලට බිය වන්නේ ද නැත. ඔයා වගේ කූනිස්සන්, හාල්මැස්සන් නො වේ මිනී මෝරු අනතුරු හැඟවීම් කරත් දීත් අප ‍උතුරේ විමුක්ති අරගලයට පසුමුණක් වූ බව ඔයාට මතක ඇති නේ ද? ඔයා වෙහෙස වෙන්න එපා පාළු ගෙයි වළං බිඳින්න. කාලය අපතේ යැවීමක් විතර යි. අර පියවදනීගේ තව ලිපියක් ඉංගිරිසියට නඟන්න ඒ කාලයත් යොදා ගෙන. මුදලට පරිවර්තන කරන හාදයා පරිවර්තනය කළේ තමන් බවත් දාගෙන! ප්‍රතිරූපණ හිමිකම තබා ගෙන වගේ විකුණන්නේ එහෙනම්!!! අප යනවා පැරා. ශාස්ත්‍රීය කාරණවල දී අප පැමිණෙන්නම්. එතෙක් ඔයා බන්‍ධුල කුදලාගම එක්ක දිගට ම සංවාද කරන්න. ඉල්ලන් කන්න එපා.

      අපගේ අත්වල පෑන් මිස ගිනිඅවි රැඳුණේ නැත. අපගේ අත්වල තීන්ත පැල්ලම් මිස ලේ පැල්ලම් වැදුණේ නැත.


      End.

      Delete
    6. ඇයි බයට ද පළමු කොටස වාරණය කළේ???

      Delete
    7. නිර්නාමිකව මෙහි කමෙන්ට් දමන හිරු කණ්ඩායමේ සාමාජිකයන්ටයි.

      //අපගේ අත්වල පෑන් මිස ගිනිඅවි රැඳුණේ නැත. අපගේ අත්වල තීන්ත පැල්ලම් මිස ලේ පැල්ලම් වැදුණේ නැත. // මෙය ඉතා වැදගත් ප්‍ර‍කාශයකි. වෙනත් අය අතට තුවක්කු දුන් අය අවසානයේදී කියන්නේ මෙසේ ය. හිට්ලර් ද පෞද්ගලිකව සිය දෑත්වල ලේ ගා ගත්තේ නැත.

      තරුණ කැරැලි දෙකකදී මෙය කළ උඹලා අවසානයේදී මෙසේ කියන විට අත්වල ලේ ගාගත් හා අවසානයේදී ලේ ගංගාවල ගිලී මිය ගිය මිනිසුන් වෙනුවෙන් මම නුඹලාට මෙසේ කියමි.

      වඩා වැදගත් අත්වල ලේ ගෑවී තිබීම නො ව හිත්වල ලේ ගෑවී තිබීමයි. උඹලාලේ හිත්වල තවමත් අනුන්ගේ ලේ ය.

      ඔය උතුරේ විමුක්ති අරගලයට පසුමුණ වුණ කතාව ඇතුළේ එසේ වීමේ අවදානම දරා ගත් තවත් වාමාංශික පිරිසක් මතවාදීව පාවා දීමේ දුෂ්ටත්වයක් ද අඩංගු වන බව මතක තබා ගන්න.

      අප නුඹලාගෙන් වෙන් වූයේ ද ඔය පසුමුණු තර්කවලට අප එකඟ නො වූ නිසා ය. ජාතික ප්‍ර‍ශ්නය සම්බන්ධයෙන් වාමාංශිකයන්ගේ වගකීම වන්නේ ජාතිවාදීන්ගේ පසුමුණු වන එක නො වේ.

      උඹලා ඔය ග්ලෝබල් ප්‍රෙස් ජර්නලයේ මගේ නම සොයා ගැනීමෙන් ලබන උද්දාමය සමාන වන්නේ 2005දී මා උඹලාට ම දෙන්නට ලියූ ලිපියක් ටයිප් කරන්නට දුන් ඩබල් ගේම්කාරිය එය උඹලාට දුන් අවස්ථාවේ ලැබූ බොළඳ උද්දාමයට ය.

      පරිවර්තකයාගේ නම දානවා ද නැද්ද යන්න තීරණය කරන්නට තරම් ලොකු සම්බන්ධයක් මට එම ආයතනය සමග නැත.

      ඒ අතර මෙයත් මතක් කළ යුතු ය. පරිවර්තනය මගේ රස්සාව ය. එහි අමුතුවෙන් කියන්නට දෙයක් නැත. උඹලා උඩ දාගෙන කියවන වෙනත් ලිපි ද මා පරිවර්තනය කළ ඒවා විය හැකි ය. ඒවායේ මගේ නම නො යෙදෙන නිසා උඹලාට එය ගැටලුවක් වන්නේ නැත.

      උඹලා මේ හිනා වෙන්නේ කෑලි ගණනට වැඩ කරන කම්කරුවකුට බව මතක තබා ගන්න. සාධාරණත්වය, සත්‍යය වෙනුවෙන් අප කරන අරගලයට අප අරමුදල් සපයා ගන්නේ එසේ වැඩ කිරීමෙනි. නැතුව රාජ්‍ය නොවන සංවිධාන හෝ වෙනත් අයගෙන් මුදල් ලබා ගෙන නො වේ. එහෙයින් මගේ රස්සාව ගැන මට කිසිදු ලජ්ජාවක් නැත. කම්කරුවකු ලෙස ශ්‍ර‍මය ගැන මට ඉහළ අභිමානයක් තිබේ.

      බන්දුල කුදලාගමත් එක්ක කුද ගසා ගැනීම ඒ නම නිර්මානය කළ ඔබට ම භාර ය.

      තමන් කරන දෙය වෙනුවෙන් එඩිතරව පෙනී සිටින්නට ශක්තිය ඇති කර ගන්න. අනුන්ගේ වැඩ තමන්ගේ වගේ කියන උඹලා සමාන වන්නේ කොහොමද නයින්ගේ අපේ වැඩ යයි අසන ගැරඬින්ට ය.

      උඹලා තවමත් පරණ උඹලා ම ය. වෙනස් වන්නට උත්සාහ කරන්න. රස්සාවක් කිරීමෙන් හා දරුවකු හැදීමෙන් ඇතැම් විට මීට වඩා ජීවිතය ගැන අවබෝධයක් ලබා ගැනීමට හැකි වනු ඇත. මෙය මගේ උපදෙසක් නොව, ලාල්ගේ උපදෙසකි.

      Delete
    8. Para, uba comments delete karanne nehe kiyanne mukhayen da nethi nam adhomukhayen da?

      Delete
    9. හිරු කණ්ඩායමේ එවුන්ගේ කමෙන්ට් මකා නැත. පසුගිය දිනවල කමෙන්ට් මකන බව දැනුම් දුන්නෙමි. මාතලන්ට හෝ රසිකට හෝ බනින කමෙන්ට් පළ කරන්නේ නැත. එය පෞද්ගලික ප්‍ර‍තිපත්තියකි.

      Delete
    10. Although I would share and adore the abstract concepts behind those comments to a great degree and although they have appeared in between our comments, they were not written by myself. I am also pleased, impressed and respectful about the comment writer’s affection for the orthodox Marxism as well as his fidelity to the erudite language.

      Those are just a few examples that I would quote for your understanding. Your responses to those comments were directed towards me as the content of the comments were quasi-authentic. In fact, I tried to bring this deceptive similarity to light in the first segment of my comment (which was not published quod non sciatur) with reference to Lakshman.

      Anonymous authorship is notoriously known for this sort of embarrassments. Perhaps, I should have used a nom de plume, a well-established practice in literature, arts, political correspondence as well as in leftist movements. However, I initiated our polemics at your W3Lanka as anonymous, partly due to my indolence in registering a google profile. Then I remained anonymous in my doctrine: “It is the content that matters, not the sign that signifies the authorship of the content”. One should be looking into what Thisarani Gunesekere has written, rather than looking into who she is. The 18th century British political correspondent in the penname of Junius who was seriously critical of William Barrington of the House of Commons as much as of the King George III, has never been identified hitherto accurately. But his “Letters of Junius” has been read and studied by many generations of enthusiasts in political journalism over centuries. I wonder whether D.B. Dhanapala was inspired by Junius when adopting the name of the Roman god Janus as his nom de plume. I hope you would not bombard me as a Brown Sahib just because I drew an example from England!

      Comrade Perakum, may I conclude this email reiterating that I have not commented at your blog since the 30th of May 2016 and requesting you to consider that fact when drawing conclusions. Offering you the highest respect and regard as one of my worthy opponents with whom I have been at swords' points, I remain.

      Yours sincerely,
      Anonymous (ආලෝචන/දකුණු දිග එංගලන්ත as you used to specify)

      Delete
  20. හොඳ හොඳ සෙල්ලං තව ඉස්සරහට වගේ

    ReplyDelete
  21. පිස්සු පීකුදු වෙනවා බොසා හොල්මන්ද පොල්කොල වගේ...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා