Posts

Showing posts from November, 2021

තිස්සකුට්ටිආරච්ච් හා සෙක්සිස්ම්

Image
  November 24, 2021   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ – Praja.lk පොහොට්ටුවේ මහින්දානන්ද, තිස්සකුට්ටිආරච්ච් වගේ මන්ත්‍රීලා ඇයි තාමත් ගෑනුන්ට වම්බටු වගේ පරණ ජෝක් කරන්නෙ? උන් සෙක්සිසම් සම්බන්ධයෙන් පවා අප්ඩේටඩ් නැති, ඒකටවත් නිර්මාණශීලීත්වයක් නැති කට්ටියක් නේද? ඔය වම්බටු ගහල පලාගන්න කතාව මට මීට අවුරුදු 25කට විතර උඩදි පෙම්වතියක් තමයි කියල දුන්නෙ. එයා කිව්වෙ පොලක බඩු විකුණන්න කෑගහපු හැටි ගැන කතාවක්. ඒකෙ ඉතුරු කෑල්ල තමයි තව එක්කෙනෙක් කොහිලයි, කැකුළ මුලුයි විකුණපු හැටි. කෝ හිල… කකුල මුල… ඔය වගේ සෙක්සිස්ට් කතා සමාජයේ තියෙනවා. ඒවා තියෙන්නත් ඕනැ. ඇම්ඩන්ගෙ කතාවල ඔයිට වඩා සෙක්සිස්ම් ඕනැ තරම් තියෙනවා. ෆේස්බුක්වල සමහරුන් ෂෙයාකරන ශිෂ්ට වගේ පේන විහිළු කතාත් එහෙමයි. සාහිත්‍යයෙත් සෙක්සිස්ම් තියෙනවා. ඩබ්ලිව් ජයසිරි ලියපු ලොරෙන්සෝද අල්මේදා සිංදුවෙත් එහෙම කෑලි තියෙනවා. “නෝනා මට අත වනනවා – අපි ඔක්කොම එයාට බෑ කියනවා.” ශෘංගාර සාහිත්‍යයේ මෙන්ම පොදුවේ කලාවේ සෙක්සිස්ම් අනුපානෙට වගේ තියෙන එකේ මම නම් වරදක් දකින්නෙ නැහැ. පාර්ලිමේන්තු කතාවකදි කිසිම හේතුවක්, අදාළබවක් නැතුව කාන්තා මන්ත්‍රීවරියන්ට අපහාස කරන්නට සෙක්

කින්නියා පාලම් පාරුව හා දේශපාලනය

Image
  November 24, 2021   admin   Life අජිත් පැරකුම් ජයසිංහ ඉස්සර මං ජවිපෙ ෆුල්ටයිමර් කාලෙ අඟුලෙන් බයිසිකලේ අරන් ධර්ගා ටවුමෙ ඉඳන් බෙන්තර යනවා බෙන්තර ගඟ හරහා. ඒ කාලෙ මටත් පීනන්න බැහැ. අඟුල පාලම් පාරුවට වඩා අවදානම්. පෙරළුනා නම් මාත් දැන් නැහැ. එතන දැනුත් පාලමක් නැහැ. දාන්නත් බැහැ. ඕනැත් නැහැ. බෙන්තර පාලමෙන් රවුමෙන් යන්න පුළුවන්. දුරයි. අවදානම අඩුයි. හැම නාන තොටුපළක් ගානෙම පාලං හදන්න බැහැ. මං දන්න තරමින් කළු ගඟ හරහා කළුතර දිස්ත්‍රික්කෙම තියෙන්නෙ පාලම් තුනයි. කළුතර, අඟුරුවාතොට, නාරගල. දෙගොඩම සංවර්ධනය වෙනවා නම් සහ ප්‍රවාහන පහසුකම් තියෙනවා නම් එගොඩ මෙගොඩ ඔරු පදින්න ඕනැ නැහැ. ෂෝට්කට් හැම තිස්සෙම අවදානම්. කින්නියාවල පෙරළුණ පාලම් පාරුව අවදානම්. ඒකෙ ප්‍රමිති ගැටලු තියෙන බව කියනවා. පාරවල දුවන වාහනත් එහෙමම තමයි. කෝච්චිවල තත්වෙ එහෙම කොහොමද? පාරෙත් අනතුරු වෙනවා. මිනිසුන්, ළමයින් මැරෙනවා. ඔය හැම එකක්ම නිදහසින් පස්සෙ 72 අවුරුද්දෙ හෝ පාර්ලිමේන්තුවෙ 225 වැරදි නෙමෙයි. වැඩක් නැති, අකාර්යක්ෂම රජයක් හදපු අපි හැමෝගෙම වැරදි. ආණ්ඩු පත්කරන්නෙත් අපිම තමයි. පාරෙ යනකොට අපිත් සුපිරියට නීති අනුගමනය කරනවනෙ. ලංකාවෙ අධිවේග

පොහොර සහනාධාරය නැතිව කෘෂිකර්මය බැරිද?

Image
  November 23, 2021   admin   Politics නාස්තිකාර පොහොර සහනාධාරය නතර කළ යුතුය. එහි වාසිය අවසානයේදී යන්නේ මහා පරිමාණ හාල් මෝල්කාරයන්ටය. නිකම් දෙන නිසා ගහන පෝර ගැහිල්ල පසට ද හානිකරය. කෘෂි රසායනික භාවිතය අවදානම් සහිත නිසා පරිස්සමෙන් පරිහරණය කළ යුතුය. කොහොමත් පොහොර සහනාධාරය දෙන්නට රජයට සල්ලි නැත. ආණ්ඩුව කළ යුත්තේ විධිමත් කෘෂි රක්ෂණ ක්‍රමයක් ඇරඹීම, කෘෂි උපදේශක හා වෙනත් ආශ්‍රිත සේවා ශක්තිමත් කිරීම වැනි දේ මිස නාස්තිකාර සහනාධාර ලබාදීම නොවේ. එවැනි සේවා නොමිලේ ලබාදිය හැකිය. දැනටත් වාරි ජලය ගොවීන්ට නොමිලේ ලබාදෙන අතර වාරිමාර්ග ද මහජන මුදලින් නඩත්තු කරනු ලැබේ. ආහාර නිෂ්පාදනය දිරිගැන්වීම සඳහා එසේ කිරීම හොඳ දෙයකි. එහෙත්, එම සේවා ලබාගන්නන් ඒවා අරපිරිමැස්මෙන් භාවිතා කළ යුතුය. සහනාධාර ලබාගන්නන් ඒවා තමන්ට ලබාදෙන මහජනතාවට වගවිය යුතුය. ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ගොවි ව්‍යවසායකයන් ගොඩනගමින් ඔවුන්ට උපකාර කළ හැකි ක්‍රම ඇති කළ යුතුය. වෙළඳපොළ තත්වයන් සමග කටයුතු කිරීමට ගොවීන් සමත් විය යුතුය. වෙළඳපොළට ද නියාමනයක් අවශ්‍යය. රජය තිබෙන්නේ එවැනි කාර්යයන්ට මිස පුණ්‍යාධාර සැපයීමට නොවේ. එවිට නිකම් පෝර දෙන නිසා කුඹුරට

ඔබ කොයි තරම් රාජපක්ෂවාදියෙක්ද?මෙන්න මැනගන්න ක්‍රමයක්

Image
  November 22, 2021   admin   Politics රාජපක්ෂ ක්‍රමයේ මූලික ලක්ෂණ මේවායි: උපාධිධාරීන්ට රැකියා දෙමින් රාජ්‍ය අංශය පුළුල් කිරීම කාර්යක්ෂමතාව නංවන්නේ නැතුව රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ණය නියාමන ආයතන සමග තිබුණු ප්ලග් එක ගලවා ආදායම් හා වියදම් පරතරය වැඩිකරගැනීමට නිදහස ලබාගැනීම විවෘත වෙළඳපොළෙන් ණය ගනිමින් මෙගා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය වළක්වමින් රාජ්‍ය අංශය තව තවත් පුළුල් කිරීම හා ඒවායේ ඉහළ සිට පහළට තම හෙංචයියන් පත්කිරීම නිසි ලෙස අත්‍යවශ්‍ය කණ්ඩායම් ඉලක්ක නොකරන ලද නාස්තිකාර සහනාධාර (ඉන්ධන/ පොහොර වැනි) දෙමළ අරගලයට එරෙහි සටන් පාඨවලින් කුළුගන්වන ලද සිංහල ජාතිවාදය සුළුතර ජන කණ්ඩායම් සමග බලය බෙදාගැනීමට විරුද්ධ ප්‍රජාතන්ත්‍ර විරෝධී සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි අධිපතිවාදය නිලධාරිවාදය හා දූෂණය පාරිභෝජනවාදය, බහුභාණ්ඩිකත්වය හා සංදර්ශනවාදයමෙයින් තම තමන්ට අදාළ හා අදාළ නොවන ටික වෙන්කරගෙන බලන්න තමන් කොච්චර රාජපක්ෂවාදීද කියලා. Adapted from praja.lk

දෑවුරුද්දක කෙරුවාව

Image
  November 19, 2021   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ ආණ්ඩුවට අවුරුදු දෙකකි. 69 ලක්ෂයක ජනවරමකින් පත්වූ ජනාධිපතිවරයෙකි. තුනෙන් දෙකේ බලයකින් පිහිටුවන ලද ආණ්ඩුවකි. එහෙත්, මේ වන විට ආණ්ඩුවේ ජනප්‍රියත්වය ඇත්තේ ඉතාමත් අඩු මට්ටමක බව පෙනේ. එයට හේතුව, රටේ ජනතාවට විඳීමට සිදුවී තිබෙන අපමණ දුෂ්කරතාය. ඒ සියල්ලකටම මේ ආණ්ඩුව වගකිව යුතුද යන්න විමසා බැලිය යුතුය. මන්ද, කොවිඩ්-19 යනු බලාපොරොත්තු නොවූ අර්බුදයකි. එහෙත්, මෙම ආර්ථික අර්බුදය කරා ලංකාව ගමන් කරමින් සිටියේ දශක ගණනාවක සිටය. විශේෂයෙන්ම, 2005 – 2015 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන දශකය තුළදී ශ්‍රී ලංකාව විසින් තෝරාගන්නා ලද සංවර්ධන මාර්ගය විසින් කිසියම් දිනෙක රට මේ අන්තය කරා ගෙනයාමට නියමිතව තිබිණි. 2015-2019 සමයේ යහපාලන රජය බලයට පත්වී අර්බුදය යම් දුරකට කළමනාකරණය කරගන්නට සමත් නොවී නම්, 2019 ජනාධිපතිවරණයට පෙරම ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණදෙන්නට නියමිතව තිබිණි. මෙම අර්බුදය සරලව විග්‍රහ කළොත්, ඒ වනාහි ආදායම් උත්පාදනය නොකරන, දූෂිත ව්‍යාපෘති වෙනුවෙන් ලබාගත් ණයද ඇතුළුව සමස්ත ණය හා පොළී ගෙවාගැනීම සඳහා තවදුරටත් ණයගැනීමට ලංකාව අසමත් වීම පිළිබඳ

අරගලයෙන් එහාට ගුරු වෘත්තිය

Image
  November 15, 2021   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ, අනිද්දා පුවත්පත – 2021-11-14 ඉතා සටන්කාමී ගුරු අරගලයකින් අනතුරුව, ඔවුන්ගේ වැටුප් ඉල්ලීම යම් දුරකට ලබාදීමට රජය එකඟ වී ඇති බවක් පෙනෙන්නට තිබෙනවා. රටේ පවතින ආර්ථික තත්වය තුළ එය කෙසේ කරනු ඇද්දැයි අපැහැදිලියි. කෙසේ වෙතත්, ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්නයට මෙවැනි පිළිගැනීමක් ලබාදීම පවා අතිශය වැදගත්. මීළඟට ඇතිවන අවදානම වන්නේ ගුරුවරුන්ගේ වැටුප් වැඩිකිරීම නිසා තමන්ට විෂමතාවක් ඇති වූ බව කියමින් වෙනත් රාජ්‍ය සේවක වෘත්තිකයන් ද සටනට එළැඹීමයි. රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා යනු කිසිදු කලෙක අවසන් නොවන ගැටලුවක්. එක් වෘත්තියක සේවකයන් තම වැටුප් තත්වය අනෙක් වෘත්තියක සේවකයන්ට සාපේක්ෂව සැලකීමට යාමෙන් තමයි මෙම තත්වය ඇතිවෙන්නේ. එහිදී පදනම වන්නේ සමාන වගකීම් දැරීම හෝ සමාන සුදුසුකම් සහිත වීමයි. එහෙත්, මෙය විග්‍රහ කිරීම තරමක් දුෂ්කර තත්වයක්. ගුරුවරුන් ඓතිහාසික අසාධාරණයකට ලක්වුණේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. ගුරුවරයාගේ කාර්යභාරය සමාජමය වශයෙන් අතිශය වැදගත්කමක් උසුලනවා. ජෝන් ඩුවීගේ ප්‍රගතිශීලී අධ්‍යාපනික දර්ශනය අනුව, ගුරුවරයා සමාජ සේවකයෙක්; මාර්ගෝපදේශකයෙක්; සිසුන් වෙනුව

තවත් කොවිඩ් රැල්ලක් එයිද?

Image
  November 12, 2021   admin   Health අජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය කොලම, ලංකා පුවත්පත – 2021 නොවැම්බර් 12 ලංකාවේ කොවිඩ් රෝගීන් හඳුනාගැනීමේ වැඩිවීමක් ඇති බව පවසමින් එයට වගකිව යුතු බව පවසමින් ජනතාව විවේචනය කරන සෞඛ්‍ය නිලධාරීන් නැවතත් හඬ අවදිකරන්නට පටන් අරන්. එසේ නිතර ජනතාව විවේචනය කරන සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයන් සෞඛ්‍ය පද්ධතිය අපහසුවට පත්කරන වැඩ වර්ජනත් පවත්වනවා. මේ කාරණයත් සඳහන් කළ යුතුමයි. කොවිඩ් සම්බන්ධයෙන් රටේ ජනතාවගේ චර්යාවන් අවුල්සහගත නම්, මෙතෙක් කල් සෞඛ්‍ය නිලධාරීන් විසින් කරන ලද සෞඛ්‍ය සන්නිවේදනය මුළුමනින්ම අසාර්ථකයි. තියෙන පහසුකම් එක්කයි, ආර්ථික අරගලය එක්කයි, ශාරීරික දුරස්ථභාවය වැනි දේ අපේක්ෂිත විදියටම වෙන්නෙ නැතිබව ඇත්ත. උදාහරණෙකට බස් එකේ, කෝච්චියෙ ඔය මීටරේ පරතරේ තියාගන්න බැහැ. ඒ වගේම තමයි, මිනිසුන්ට ජන ජීවිතයේ මෙතෙක් පැවති අංග සම්පූර්ණයෙන්ම අත්හිටුවන්නත් බැහැ. මංගලෝත්සව, සාද ආදිය පැවැත්වෙන ආකාරය අවදානම් සහගතයි. ඒ අතර, මිනිසුන්ට විනෝදයත් අවශ්‍යයි. ඒවායේ මානසික හේතු තියෙනවා. කොවිඩ්වලින් බේරෙන්න ගිහින් මානසික රෝගීන් බවට පත්වෙන්නත් බැහැනේ. ජනතාවගේ චර්යාව ගැන බැනවදින නිලධාරී

කෝවිඩ්-19 ඖෂධ ලංකාවට කවදා විතර එයිද?

Image
  November 9, 2021   admin   Health කොවිඩ්-19 වසංගත තත්වය ලොව පුරාම නැවත නැවතත් හිස ඔසවමින් සිටිනවා. ඒ අතර, එන්නත් පමණක් නොවෙයි, දැන් දැන් කොවිඩ්-19ට ප්‍රතිකාර කරන ඖෂධත් නිර්මාණය කරමින් තිබෙනවා. ඒත්, වයිරසය වේගයෙන් විකෘති වෙමින් නව ප්‍රභේද නිර්මාණය වෙමින් තිබෙනවා. Merck & Co  (MRK.N)  සහ Pfizer Inc  (PFE.N) /BioNTech SE සමාගම් විසින් නිෂ්පාදනය කරන ලද කොවිඩ්-19 ඖෂධ නිසිකලට ලබාගැනීමෙන් ආසාදනයේ තීව්‍රතාව අවම කළ හැකි බව විද්‍යාඥයන් පවසනවා. ආසාදනයේ මුල් අවධියේදී මෙම ඖෂධ මගින් වයිරසය ශරීරය තුළ ප්‍රතිජනනය වීම වැළැක්විය හැකියි. මෙම මුල් අවධිය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බැවින් ඖෂධ ලබාදිය යුතු කාලසීමාව හඳුනාගැනීම පහසු නැහැ. කෝවිඩ්-19 ආසාදනයේ දෙවන අවධියේදී සංකුලතා නිර්මාණය වන්නේ අධික වයිරස් ගහණයට ශරීරය දක්වන වැරදි ප්‍රතිශක්තිමය ප්‍රතිචාර හේතුවෙන්. ඖෂධ ලබාදිය යුතු මුල් අවධිය හඳුනාගැනීම පහසු නැහැ. එම මුල් අවධිය පසුවුණොත් ඖෂධවලින් ප්‍රතිඵලයක් ලබාගැනීම දුෂ්කර බවයි විද්‍යාඥයන් පවසන්නේ. පර්යේෂණ මට්ටමේ තිබෙන ෆයිසර් සමාගමේ Paxlovid නම් ඖෂධය මගින් වැඩිහිටි කොවිඩ් ආසාදිතයන් රෝහල්ගතවීම හා මරණ 89%කි

අඥාන අසාර ‘එක රටක් – එක නීතියක්’

Image
  November 6, 2021   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ ‘එක රටක් – එක නීතියක්’ උදෙසා ජනාධිපති කාර්යසාධන බලකායක් පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කර තිබේ. රටේ සියලූම ජනතාව සම්බන්ධයෙන් ‘එක රටක් එක නීතියක්’ යන සංකල්පයට මූලිකත්වයක් දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2020 අගෝස්තු මස ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහිදී ද කියැවිණි. එක රටක එක නීතියක් තිබිය යුතුද යන්න වෙනම සාකච්ඡාවට ලක්කළ යුතු ප්‍රශ්නයකි. එහිදී රාජ්‍යය කුමන ආකාරයේ එකක්ද යන්න වැදගත් වේ. ඇමරිකා එක්සත් ජනපදය වැනි බොහෝ රටවල එක් නීතියක් නැත. උදාහරණයක් ලෙස ඇතැම් රාජ්‍යයන්හි මරණ දඬුවම ක්‍රියාත්මක වන අතර, මරණ දඬුවම නොමැති රාජ්‍ය ද ඇමරිකාවේ තිබේ. ලංකාවේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවන්ට බලපාන සුවිශේෂ නීති තිබේ. විශේෂයෙන්ම මුස්ලිම් විවාහ නීතිය දැඩි කතාබහට ලක්වී තිබේ. තේසවලමෙයි යාපනය දිස්ත්‍රික්කයේ දෙමළ ජනතාවට බලපාන නීතියකි. උඩරට විවාහ නීතිය ද ‘එක රටක් – එක නීතියක්’ සංකල්පයට පටහැණි තත්වයකි. මුස්ලිම් විවාහ නීතිය ළමා අයිතිවාසිකම් ආරක්ෂා කරන නීතිවලට පටහැණිය. ‘එක රටක් – එක නීතියක්’ යයි කීවාට කාන්තාවන් වැනි ඓතිහාසිකව වෙනස් අන්දමින් සැලක

යුද්දෙ දිනීම හා කාබනික පරිවර්තනය

Image
  October 31, 2021   admin   Agriculture   Politics අජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය – ලංකා පුවත්පත 2021-10-31 ජනාධිපති ඔය යුද්දෙ දිනපු කතාව නිතර කියනවනෙ. යුද්දෙ දිනන්න ප්‍රධාන හේතුව වුණේ කොටින් සටන් විරාමයෙන් අයින්වෙන්න ගත්ත වැරදි තීරණය. ඔවුන් හිතුවා ගහන්න පුළුවන්ය කියලා. ගැහුවත්, ගුටිකෑවත්, ටික දුරක් යනකොට ජාත්‍යන්තර බලවේග මැදිහත් වෙලා නැවත සටන් විරාමයක් ඇතිකරයි කියලා හිතුවා. ඒත්, ඒක වුණේ නැහැ. ජනාධිපති යුද්දෙ දිනපු විදියට කාබනික යුද්දෙ දිනන්න බැරි පොළව හරි පලිබෝධ හරි ඒ වගේ වැරදි තීරණයක් ගනියි කියල බලාපොරොත්තු වෙන්න බැරි නිසායි. අනෙක් කාරණය, කාබනික යුද්දෙදි සටන් කරන්නෙ ඇත්ත සතුරකු එක්ක නෙමෙයි. ඔය ගෝලීයකරණ විරෝධී ව්‍යාපාරවල, පරිසරවාදී සංවිධානවල එහෙම රාජ්‍ය නොවන සංවිධාන අරමුදල්වලින් නිර්මාණය කළ ෆැන්ටසියක් එක්ක. ඒ ෆැන්ටසියෙ කිසිම වරදක් නැහැ. ඒ වගේ දෘෂ්ටිවාදීමය භාවිතාවන් අවශ්‍යයි. ඒවා එක්තරා විදියක සැසඳුම් නියාමනයන්. එහෙම නැතිනම් බෙන්ච්මාක්. දැනට ක්‍රියාත්මක වන කෘෂිකර්මාන්තය ඒ එක්ක සන්සන්දනය කරන්නට පුළුවන්. යම් වෙනස්කම් කරන්නටත් පුළුවන්. දැනට ගොවීන් භාවිතා කරන කෘෂිකර්මාන්තය දැඩි ලෙස ර