ඔබ කොයි තරම් රාජපක්ෂවාදියෙක්ද?මෙන්න මැනගන්න ක්‍රමයක්
රාජපක්ෂ ක්‍රමයේ මූලික ලක්ෂණ මේවායි:
- උපාධිධාරීන්ට රැකියා දෙමින් රාජ්‍ය අංශය පුළුල් කිරීම
 - කාර්යක්ෂමතාව නංවන්නේ නැතුව රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම
 - ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ණය නියාමන ආයතන සමග තිබුණු ප්ලග් එක ගලවා ආදායම් හා වියදම් පරතරය වැඩිකරගැනීමට නිදහස ලබාගැනීම
 - විවෘත වෙළඳපොළෙන් ණය ගනිමින් මෙගා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
 - පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය වළක්වමින් රාජ්‍ය අංශය තව තවත් පුළුල් කිරීම හා ඒවායේ ඉහළ සිට පහළට තම හෙංචයියන් පත්කිරීම
 - නිසි ලෙස අත්‍යවශ්‍ය කණ්ඩායම් ඉලක්ක නොකරන ලද නාස්තිකාර සහනාධාර (ඉන්ධන/ පොහොර වැනි)
 - දෙමළ අරගලයට එරෙහි සටන් පාඨවලින් කුළුගන්වන ලද සිංහල ජාතිවාදය
 - සුළුතර ජන කණ්ඩායම් සමග බලය බෙදාගැනීමට විරුද්ධ ප්‍රජාතන්ත්‍ර විරෝධී සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි අධිපතිවාදය
 - නිලධාරිවාදය හා දූෂණය
 - පාරිභෝජනවාදය, බහුභාණ්ඩිකත්වය හා සංදර්ශනවාදයමෙයින්
 
තම තමන්ට අදාළ හා අදාළ නොවන ටික වෙන්කරගෙන බලන්න තමන් කොච්චර රාජපක්ෂවාදීද කියලා.
Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.