Posts

දේශබන්දු සාධකය හා ලාංකීය ධනේශ්වර විප්ලවයේ වත්මන් මොහොත

Image
  අජිත් පැරකුම් ජයසිංහ ව්‍යවස්ථාදායකයත්, විධායකයත්, අධිකරණයත් අතර ගැටුමක් පවතින රටක නිර්මාණය වන්නේ පූර්ණ අරාජිකත්වයකි. එවැනි තත්වයක් වළක්වා ගැනීමට නම් මෙම අංශ තුන අවබෝධයෙන් කටයුතු කළ යුතුය. එම අවබෝධය තිබිය යුත්තේ පවත්නා සමාජ ක්‍රමය රැක ගනිමින් අවශ්‍ය පරිවර්තන සිදු කිරීමටය. විප්ලවීය බලහත්කාරයක් යනු වෙනස් තත්වයකි. එහිදී විධායකය සෙසු අංශ යටපත් කරගෙන කටයුතු කරයි. ඒකාධිපතිත්වයක් ද ඒ හා සමානය. ශ්‍රී ලංකාවේ නම්, ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය අවබෝධයෙන් කටයුතු කරන ස්වභාවයක් දක්නට නොලැබේ. මේ තුනම වෙන වෙනම ගත් කල කටයුතු කරන්නේ එකිනෙක අංශ කෙරෙහි අන්‍යෝන්‍ය ගෞරවයකින් නොවන බව පෙනේ. පොලිස්පතිවරයා තෝරා පත් කරගැනීමේදී ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ සාමාජිකයන් දෙදෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිමින් අර්බුදකාරී තත්වයක් නිර්මාණය කිරීම, දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයට පත් වීම, ඔහු මානව හිමිකම් උල්ලංඝනයක වරදකරුවකු බවට පත් වීම, කාදිනල්වරයා ඇතුළු පිරිසක් මූලික අයිතිවාසිකම් නඩු පැවරීම හා පොලිස්පතිවරයා තනතුරෙහි රාජකාරි කිරීම අධිකරණය විසින් වාරණය කිරීම එක පසුපස එක බැගින් සිදු වූ සංයුක්ත සිදුවීම්

බලහත්කාරයෙන් ආදාහනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ සමාව ඉල්ලීම ප්‍රගතිශීලී පියවරක්

Image
  අජිත් පැරකුම් මෝදර පදිංචි ත්‍රිරෝද රියදුරකු වන ෆාහිම්ටත් ඔහුගේ බිරිඳටත් සය වසරක බලාපොරොත්තු ඉටුකරමින් ලැබුණු පුතු වන ෂෙයික් (මුල් ඡායාරූපය) රෝහල්ගත කරන්නේ 2020 දෙසැම්බර් 7දාය. දරුවාටත් මව්පියන්ටත් කරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවල ප්‍රතිඵල 8දා දහවල ලැබේ. ඒ අනුව දරුවාට කොවිඩ්-19 වැළඳී තිබේ. මව්පියන්ට නැත. දරුවා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර මව්පියන් නිවෙස් නිරෝධායනයට යවනු ලැබේ. සවස දරුවා මියයයි. ඒ බව මව්පියන්ට දැනුම් දෙන්නටත් කලින් රෝහලෙන් මාධ්‍යවලට දැනුම් දෙයි. පියාට රෝහලෙන් ඇමතුම්, කැඳවුම් සිදුවෙයි. පියා ආදාහනයට කැමැත්ත ප්‍රකාශ කරන්නේ නැත. රෝහල් අධ්‍යක්ෂවරයා සිය බලය පාවිච්චි කරමින් වහාම මළසිරුර ආදාහනය කිරීමට පියවර ගනියි. බිළිඳාගේ මළසිරුර බලහත්කාරයෙන් බොරැල්ල කනත්තේදී පුළුස්සා දමන්නේ මව්පියන්ගේ කැමැත්තෙන් තොරවය. COVID-19 වසංගතය තුළ බලාත්මක කරන ලද ආන්දෝලනාත්මක කොවිඩ් රෝගීන්ගේ මළසිරුරු අදාහනය පමණක් නිර්දේශ කිරීමේ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විධිමත් ලෙස සමාව අයැද තිබේ. මුස්ලිම් ප්‍රජාව ඇතුළු සියලුම COVID-19 වින්දිතයින් ආදාහනය කිරීම අනිවාර්ය කළ මෙම ප්‍රතිපත්තිය ආගමික විශ්වාසයන්

ප්‍රසන්න විතානගේගේ පැරඩයිස්: නොගැඹුරු දේශපාලනය හා ගැඹුරු ජීවිතය

Image
  අජිත් පැරකුම් ජයසිංහ පැරණි ඉංග්‍රීසියට paradise යන වචනය පැමිණියේ ලතින් භාෂාවෙනි. එය බොහෝ විට ඒදන් උද්‍යානය හෝ ස්වර්ගීය මරණින් මතු ජීවිතයක් හා සම්බන්ධ පරමාදර්ශී, සුන්දර ස්ථානයක අර්ථයන් දරයි. එහෙත්, ප්‍රසන්න විතානගේගේ ‘පැරඩයිස්’ චිත්‍රපටයට වඩා ගැලපෙන්නේ ග්‍රීක් භාෂා මූලයෙහි අර්ථයයි. පැරණි පර්සියානු pairidaeza යන වචනය පැරණි ග්‍රීක භාෂාවට paradeisos (παράδεισος) ලෙස ඇතුළු වී ඇත. එය උද්‍යානයක හෝ රාජකීය දඩයම් බිමක අර්ථය දෙයි. ග්‍රීක මූලයක් සහිත “ඇන්ඩෘ” නාමධාරී සිංහල සංචාරක මාර්ගෝපදේශකයකු පැරඩයිස් චිත්‍රපටයේ ප්‍රධාන චරිත හතරෙන් එකක් නිරූපණය කරයි. ඔහු කරන්නේ තරමක් විකට ස්වරූපී රංගනයකි. ඇන්ඩෘ යන නම ව්‍යුත්පන්න වී ඇත්තේ “ඇන්ඩ්‍රියාස්” (Ἀνδρέας) නම් වදනෙනි. එය “ඇනර්” යන වචනයට සම්බන්ධ වන අතර එහි අරුත “පිරිමි” යන්නයි. ප්‍රසන්න විතානගේ සිය සිනමාවෙන් ප්‍රතිනිර්මාණය කරමින් සිටින ශ්‍රී ලංකාව උද්‍යානයක් මෙන් සුන්දර රාජකීය දඩයම් බිමකි. රජයේ දඩයම් බිමකි. ශ්‍රී ලංකා රජය යනු සිංහල, බෞද්ධ, ගොවිගම, පිරිමි මූලික එකකි. 2022 අප්‍රේල් වන විට මේ රජය බංකොලොත් වී ඇත. මෙතෙක් දඩයමට ලක් වූවන් නැගිට ඇත. රජය ද තවදුරටත්

කාලයේ ඝන කැලෑවෙන් වැසී ගිය “ඉඳුරුපිටිය ඉස්කෝලෙ”

Image
  බුද්ධික ප්‍රදීප් අතුකෝරළ බස්නාහිර පළාතෙ වලල්ලාවිට ප්‍රාදේශීය බල ප්‍රදේශයට අයත්ව තිබූ ඉඳුරුපිටිය ඉස්කෝලෙ දැන් තත්වය ගැන හොයලා බලන්න අද මාත් ඉඟුරුදළුව ඉස්කෝලෙ ගුරුවරු දෙන්නෙක් වන රොශාන් සහ නුවන් ප්‍රසන්න මහත්වරු දෙන්නා එක්ක ගියා. මගේ මතකය නිවැරදිනම් ඒ ඉස්කෝලෙ වැහුනෙ 1990 ගනන්වල වෙන්න ඕන. ඇත්තටම ඒක අති දුෂ්කර පාසලක්. යන්න එන්න හරි හමන් පාරක් තොටක් අදටත් නෑ. අපි ගියෙත් ජල දුර්ඝ වන දුර්ඝ පහු කරන්. බොරලුගොඩ රිචල් මුදලාලිලගෙ ගේ ගාවින් උඩහට ගිහින්. පලයන් කියලා යන්න ලෑස්තිවෙලා ඇහුවහම තාත්තා කිව්වා. තාත්තා ඒ දවස්වල ඕවයෙ නොගිය තැනක් නැතුව ඇති. ඒනිසා මැප් එකට වඩා එයා කියන පාරවල් ශුවර්. කොහොමින් හරි තැන හොයාගන්න එක ලේසි උනේ නෑ අපි තුන් දෙනාට. නුවන් අයියා දහම් පාසල් යන කාලෙ නාට්‍යයක් පුරුදු වෙනවා බලන්න ආපු මතකයක් තියනවා කියලා කිව්වා. කොහොමින් හරි ගමේ මනුස්සයෙක්ගෙන් හටියටම ඉසව්ව හොයාගෙන ආවා. කැලෙන් වැසී ගිය පඩි පෙලක් නැඟලා ගොඩනැගිල්ල තිබ්බ තැන හොයා ගත්තා. ඒක අසූවයි විස්සෙ වේදිකාවක් සහිත විශාල ගොඩ නැගිල්ලක් කියලා ඉතිරිව තිබ්බ බිත්ති කෑලි වලින් සහ කණුවලින් තේරුම් ගන්න පුළුවන් වුණා. ඉස්කෝලෙ පිළිබඳව හර

ගෙන්දගම් හෙවත් සල්ෆර් පොළව

Image
  අජිත් පැරකුම් ජයසිංහ ගෙන්දගම් පොළව කියන යෙදුම භාවිතයට ආවෙ ඇයි? සල්ෆර් සඳහා සිංහල වචනය ගෙන්දගම්. “ගෙන්දගම්” (ගෙන්දගම්) සංස්කෘත “गन्धक” (ගන්ධක) යන වචනයෙන් ව්‍යුත්පන්න වී ඇතැයි සැලකිය හැකියි. එහි තේරුම “සල්ෆර්” යන්නයි. සංස්කෘත භාෂාවෙන් “गन्ध” (ගන්ධ) යන මූල වචනයේ තේරුම “ගඳ” හෝ “සුවඳ” යන්නයි, සල්ෆර්වල ලාක්ෂණික තද ගන්ධය මෙම වචනයට හේතුවයි. කොළඹට ගෙන්දගම් පොළව යයි කියන්නේ එහි ගෙන්දගම් ඇති නිසා නොවේ. කොළඹ නාගරික කටුකත්වය නිසාය. සල්ෆර් බහුල භූමීන් තිබෙන්නේ ගිනිකඳු ආශ්‍රිත ප්‍රදේශවලය. ස්වාභාවිකවම මෙවැනි භූමිභාගයන් කර්කශ පරිසරයන් විය හැකිය. සල්ෆර් ගැන මේ දිනවල ලංකාවේ කතාබහ කෙරෙන්නේ පරන්තන්හි සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය කර ආර්ථිකය නැංවීමට එය උපයෝගී කරගන්නා බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක කළ ප්‍රකාශයක් හේතුවෙනි. එය එක්තරා ආකාරයකට ලංකාවේ දේශපාලනික ගෙන්දගම් පොළවේ හැටි ප්‍රකාශ කරන ඉතා මුග්ධ ප්‍රකාශයකි. ලංකාවේ සල්ෆර් නිධි නැත. එහෙත්, තෙල් පිරිපහදු ක්‍රියාවලියේ අතුරු නිෂ්පාදනයක් වන හයිඩ්‍රජන් සල්ෆයිඩ් මගින් සල්ෆියුරික් නිපදවිය හැකිය. ගෝලීය වශයෙන්, සල්ෆර් නිෂ්පාදනයෙන් සැලකිය යුතු කොටසක් ඛනිජ තෙල් පිරි

අවදානම් ගැනීම, ජීවිතාසාව හා දේශපාලනය

Image
  අවදානම් ගැනීම, ජීවිතාසාව හා දේශපාලනය අජිත් පැරකුම් ජයසිංහ මිනිහෙක් ජනාධිපතිවරණයකදී ඡන්ද ගන්න ප්ලෑන් කරලා කන ළඟින් යන්න වෙඩි තියා ගනියි කියල හිතන මිනිසුන් ලෝකෙ ඉන්නවා. මේ වගේ කුමන්ත්‍රණ න්‍යාය පතුරුවන අය ලංකාවෙ ගොඩක් ඉන්නවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක 1999දි ඡන්ද කැම්පේන් එක අතරතුර අනුකම්පා ඡන්ද ගන්න තමන්ටම බෝම්බ ප්‍රහාරයක් එල්ල කරගත් බව ජ්‍යේෂ්ට මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාගේ චෞර රැජින පොතේ අඟවනවා. අපි කවුරුවත් මෙහෙම කරන්නට සූදානම්ද? මං අහල තියෙනවා, කකුලක මාපටැඟිල්ල අහිමි වුණොත් ඒක පූර්ණ අකර්මන්‍යතාවක් ලෙස සලකලා රක්ෂණ වන්දි ගන්නට පුළුවන් කියලා. ඒත්, තමන්ටම එහෙම කරගත් කෙනෙකු ගැන මං අහලා නැහැ. මිනිස්සු ජීවිතේ බරපතල අවදානම් ගන්නවා. ඒ අවදානම්වලින් තමන් මැරෙන්නට පවා ඉඩ තිබෙන බව ඔවුන් දන්නවා. ඒත්, ඔවුන් ඒවා කරන්නෙ සිය දිවි නසාගැනීමේ මානසිකත්වයකින් නෙමෙයි. පහුගිය දවසක මං ඉතා අකැමැත්තෙන්, ඒත්, නොබලා ඉන්නට බැරුව බලපු චිත්‍රපටයක් තමයි ෆෝල් කියන චිත්‍රපටය. ඒකෙ තරුණියන් දෙදෙනෙකු පාළු ප්‍රදේශයක තියෙන අතහැර දාපු, අබලන්, අඩි 2000ක් උස රේඩියෝ සංඥා කුලුනක් උඩට නගිනවා. මුදුනට නැගලා බහින්නට උත්සාහ කරනකොට

දුස්තොරතුරු පතුරුවන බෝපගේ සහෝදරයා

Image
  ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රධාන ලේකම්වරයකු වූ, නැවත මාලිමාවට සහයෝගය දක්වමින් සිටින ඔස්ට්‍රේලියානු පුරවැසියකු වූ ලයනල් බෝපගේ මහතා විසින් ෂෙයා කරන ලද මෙම රූපයේ මූලාශ්‍රය ගූගල් මගින් සොයා බැලූ අතර එය 2022 වසරේ පමණ පළමු වරට ෂෙයා කර ඇති බව දක්නට ලැබිණි. එසේ ෂෙයා කර තිබුණු වැඩි පිරිසක් විදේශිකයන් වන අතර එම ස්ථානය කොහේද යන්න සොයාගැනීමට නොහැකි විය. කෙසේ වෙතත්, එම වකවානුවේදී මෙය ලංකාවේ කිසිවකු විසින් ෂෙයා කර ඇති බවක් දක්නට නොලැබුණ අතර, මේ ශ්‍රී  ලංකාව යයි ඇඟවිය හැකි කිසිදු සාක්ෂියක් සොයාගත නොහැකි විය. මෙවැනි ස්ථානයක් ශ්‍රී ලංකාවේ තිබේ නම්, එය වහා ස්ථානයේ විස්තර ද සමග ෂෙයා කරන මට්ටමට ලංකාවේ සමාජ මාධ්‍ය දියුණු වී තිබේ. මෙම ස්ථානය තරමක් දුරට ලංකාවට සමාන බව පෙනුණ ද ලංකාවේ ස්ථානයක් බවට සාක්ෂි ද නැත. මේ පෝස්ටුවෙහි අරමුණ වන්නේ ලංකාවට අවමන් කිරීමයි. ලංකාවේ ද මෙවැනි දේ සිදුවිය හැකිය. එහෙත්, මෙය ලංකාවේ ඡායාරූපයක් නොවේ. ලංකාවේ රාජ්‍ය කළමනාකරණයේ අකාර්යක්ෂමතාව ගැන ඡායාරූපමය සාක්ෂි ඕනෑ තරම් සොයාගත හැකිය. එහෙත්, මෙය එවැනි එකක් ලෙස සැලකිය නොහැකිය. මෙය ලයනල් බෝපගේ මහතා ප්‍රචාරය කරන්නේ නොදැන නම්, එවැනි ක්‍

සර්, මැඩම් හා අයියා, අක්කා රැකියා

Image
  අජිත් පැරකුම් මේ ලිපිය ලියන්නට හේතු වුණේ අප මිත්‍ර චන්දන ගුණසිංහ ඩෙන්මාර්කයට සංක්‍රමණය වුණාට පස්සෙ ලියපු ලිපියක්. ඒක මෙහෙමයි: අන්කලුයි ‍, මමයි….. මල්කා මීගහතැන්නෙ ස්පිරිතාලෙ DMO ඉන්න කාලේ මගේ මිත්‍රයෙක්ගේ දියණියක් එයාගෙ පළවෙනි පත්වීම විදිහට මීගහතැන්නෙ ස්පිරිතාලෙ වැඩ බාරගත්තාය. දොස්තරලගෙ සිරිතක්නෙ වැඩිමහල් දොස්තරලට අයියෙ අක්කෙ කියල ආමන්ත්‍රණය කරන එක. ඉතින් අර කෙල්ල මගෙ බිරින්දැට අක්කෙ කියන ගමන් තාත්තගෙ සමකාලීනය වෙච්චි මට අන්කල් කියන්න ගත්තාය. ඩෙන්මාර්කයේදී දැන් තත්වය තවත් බරපතලය. මෙහෙට ඇවිත් ඉන්න දොස්තරලා වැඩි හරියක් ඉන්නෙ මගේ ලොකු කොල්ලාට වඩා අවුරුද්දක් හමාරක් වැඩිමල් උන්ය. සමහරවිට උන්ගේ අම්මලා තාත්තලත් වයසින් මට බාලය. ඒත් මම අයියාය….. හැබැයි උන්ගේ සමහර දරුවන්ට මම සීයාය. ප්‍රශ්නය ඇත්තේ මට නොවේ පොඩි උන්ටය. තාත්තාගේ අයියා කවුදැයි ඇසුවොත් උන් කියන්නේ සීයා කියලාය. රස්සාවෙදි නම කියලා කතා කරන්නට පුරුදු නොවීම ලංකාවේ වෟත්තීය සංස්කෘතියේ බරපතල ගැටලුවක්. රැකියාවෙදි සර්, මැඩම් ආමන්ත්‍රණයන් රාජ්‍ය සේවයේ බරපතල ධූරාවලි පරතරයකට හා පීඩනයකට හේතු වෙනවා. අයියෙ, අක්කෙ කතාවත් ඔය වගේ ගැටලුවක්. රැකියාවෙදි අ

සමුපකාර ව්‍යාපාරය ජනසතු කරනු!

Image
  නගරවල හොඳම ස්ථානවල, රජයෙන් හම්බ වුණ ඉඩම්වල, කාලයක් තිස්සෙ ඉඳන් තියෙන බිල්ඩිංවල, කඩ කුලී නොගෙවා, බදුත් හරියට නොගෙවා සිල්ලර කඩ කරන එක මහ ලොකු බිස්නස් එකක් නෙමෙයි. නගරයක ලක්ෂ ගණන් කුලී ගෙවන ගොඩනැගිලිවල, තරුණ තරුණියන් පිරිසකට රැකියා දීලා, බදු ගෙවලා සිල්ලර වෙළඳාම පිළිවෙලට කරන ව්‍යාපාර නගරවල ඕනෑ තරම් තියෙනවා. ඒවා නිසා මේ වෙනකොට ගම්වල පුංචි පුංචි සිල්ලර කඩ වැහිලා යන තත්වයක් ඇති වෙලා තියෙද්දි තමයි, ඒ අයට බඩේ පාර දෙන්න, සිල්ලර කඩ බිස්නස් එකට මාලිමාව නම් ජවිපෙත් බැස්සෙ. එතන ඉඳන් කනක් ඇහිල ඉන්න නැහැ, සිල්ලර කඩයක්වත් කරන්න නොදැන හිටි ජවිපෙ දැන් සිල්ලර කඩ කරන්න දන්නවාය කියලා. අපි ඒ කාලෙත් කිව්වා සමුපකාර ව්‍යාපාරය කියන්නෙ සිල්ලර කඩ කිරීම නෙමෙයි කියලා. කොටින්ම සමුපකාර ව්‍යාපාරය කියන්නෙ ලංකාවේ තිබෙන රාජ්‍ය ව්‍යවසාය වර්ගයක් වන විවිධ සේවා සමුපකාර සමිති නෙමෙයි. ජවිපෙ සමුපකාර ගැනවත් හරියට ඉගෙනගෙන සමුපකාර ව්‍යාපාරය වෙනුවෙන් ජනතාව පෙළගස්වනවා නම්, ඒක යම් සේවයක් ලෙස සලකන්නට පුළුවන්. ක්ෂුද්‍ර, කුඩා, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ සමුපකාර සමිති ඔස්සේ ඔවුන්ගේ ප්‍රාග්ධනය, ‍කුසලතා, වෙළඳපොළ හා ජාලගත වීම ශක්ත
Image
සමස්ත මහා වැඩවර්ජන ගල උඩ සටනකට එළඹෙමු! අජිත් පැරකුම් ජයසිංහ ලංකාවේ රාජ්‍ය සේවා වෘත්තීය සමිති යනු අමු මාෆියාවකි. ඒවායේ නායකයන් පාතාල අපරාධකරුවන් වැනි පිරිසකි. පාතාල අපරාධකරුවන්ට අන් කිසිවක් වැදගත් නැත. වැදගත් වන්නේ තමන්ගේ අපරාධ කාටලයේ ලාභයයි. ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ගේ හැඟීම් ද එහිදී වැදගත් නැත. ඔවුන් තීරණ ගන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව නොවේ. වෘත්තීය සමිති නායකයන් ද එවැනිය. ඔවුන් තීරණ ගන්නේ සීමිත කල්ලියක ද්වේෂය, පටු අවශ්‍යතා, පැවැත්ම හා දේශපාලනික ලාභ වෙනුවෙනි. සමිති සාමාජිකත්වයේ කැමැත්ත, අකැමැත්ත පවා ඔවුන්ට වැදගත් නැත. පාතාල අපරාධකරුවන්ට මෙන්ම ඔවුන්ට ද ජනතාව හෝ සමාජය හෝ යනු කෝලැටරල් ඩැමේජස් හෙවත් තෙවන පාර්ශ්වයකට සිදු වන හානි පමණි. මෙම තත්වය අලුතෙන් නිර්මාණය වූවක් නොවේ. කලක් තිස්සේ පැවති තත්වයක් උච්චස්ථානයට පත් වීමකි. දේශපාලකයන් හා රාජ්‍ය නිලධාරීන් අතර දූෂණය හා මහජන මුදලින් වරප්‍රසාද භුක්ති විඳීම වෙනුවෙන් පැවති තරගකාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස දේශපාලකයන් නිලධාරීන් සුරතල් කළ අතර, නිලධාරීහු දේශපාලකයන්ට ඔවුන්ගේ අයථා කටයුතු කරගෙන යාමට උපකාර කළහ. දේශපාලකයන් රාජ්‍ය නිලධාරීන්ටත්, ජනතාවටත් පෙන්වූයේ තමන්ට ඕනෑ

රුපියල ශක්තිමත් වෙලා විදේශ ණය බර අඩු වෙලා

Image
  ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය තොගය 2024 අප්‍රේල් 30 වන විට රුපියල් බිලියන 803.2කින් හෙවත් 2.76% කින් කැපී පෙනෙන අඩුවීමක් සිදු වී ඇති බව මුදල් රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ පවසයි. මෙම අඩුවීම 2023 දෙසැම්බර් 31 වන දින රුපියල් බිලියන 29,150.4 සිට රුපියල් බිලියන 28,347.2 දක්වා අඩු වී ඇත. මේ අතරින් විදේශ ණය තොගයේ සැලකිය යුතු අඩුවීමක් නිරීක්ෂණය විය. රුපියල් බිලියන 12,076.7 සිට රුපියල් බිලියන 10,963.3 දක්වා 9.2%ක (රුපියල් බිලියන 1,113.4) පහත වැටීමක් එහි සිදු වී ඇත. එහෙත්, සමස්ත දේශීය ණය තොගය රුපියල් බිලියන 17,073.7 සිට රුපියල් බිලියන 17,383.9 දක්වා 1.8% (රුපියල් බිලියන 310.2) වැඩි වී ඇත. දේශීය ණය වැඩිවීම මුදල් මුද්‍රණය නොකර අයවැය කළමනාකරණය කිරීමට රජය දරන උත්සාහයේ ප්‍රතිඵලයකි. මෙම වර්ධනයන් පිළිබඳව අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා, “අපගේ විදේශ ණය තොගය අඩුවීම විනිමය අනුපාතිකය ශක්තිමත් වීමේ සෘජු ප්‍රතිඵලයක් වන අතර එමඟින් අපගේ ජාත්‍යන්තර වගකීම් වඩාත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීමට අපට හැකි වී තිබේ. ඒ අතරම, දේශීය ණයවල සුළු වැඩිවීමක් පෙන්නුම් කරන්නේ මහ බැංකු මූල්‍යකරණය මත වැඩිපුර රඳා නොසිට