පාර්ලිමේන්තුවේ මතුගම කන්නන්ගරේ මන්ත්‍රීන් හතරක්
2024දී පත් වූ නව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතර මතුගම සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ පුද්ගලයන් හතරදෙනෙකු සිටින බව කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (සමගි ජන බලවේගය) ජගත් විතාන පවසයි.
එම සිව්දෙනා නම්, ජගත් විතාන (සජබ), සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස (ජාතික ජන බලවේගය – ජාජබ), පරිසර ඇමති ධම්මික පටබැඳි (ජාජබ), මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල (ජාජබ) යන අයයි.
ජගත් විතාන මතුගම ඕවිටිගල පදිංචිකරුවෙකි. නලින්ද ජයතිස්ස බෙල්ලන පදිංචිකරුවකු වන අතර, සුනිල් වටගල බෝපිටියේ පදිංචිව සිටි අයෙකි. ධම්මික පටබැඳි පාසල් අධ්‍යාපනය ලබන සමයේ මතුගම අධ්‍යාපනය ලැබූවෙකි.
Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.