Posts

Showing posts from October, 2009

ටැබූ සබ්ජෙක්ට්ට පෙනෙන ධනවාදයේ සුන්දරත්වය අපට නො පෙනෙන්නේ ඇයි?

(2009 ඔස්තෝබර් 31 - W3Lanka ) අජිත් පැරකුම් ජයසිංහගේ ඉන්න ඇටමැස්සන් ද? අලුත් ඇටමැස්සන් ද? ලිපිය පිළිබඳ අදහසක් දක්වන හිතවත් බ්ලොග්කරුවකු වන ටැබූ සබ්ජෙක්ට්ස් මෙසේ පවසයි.  ලේඛකයා වැරදි ලෙස වටහා ගෙන ඇති අන්දමට මේ කිසිවක් ධනවාදය නිසා ඇති වූ දේවල් නොවේ. දියුණු ධනවාදී සමාජ වල මෙහෙම විකාර සිදුවන්නේ නැත. මේ සියල්ල සිදුව ඇත්තේ අපට තවමත් වැඩවසම් සමාජයෙන් මිදී ධනවාදය කරා ගමන් කරන්නට බැරිවූ නිසාය. ඒ නිසා ධනවාදයට විකල්ප සෙවීමේ කිසිම අවශ්‍යතාවයක් නැත. අප සිතන පරිදි මෙම කරුණ පිළිබඳ සංවාදයක් මතු කර ගැනීමට හැකි නම් ඉතා හොඳ ය. ඇත්තෙන් ම අපට තවමත් වැඩවසම් සමාජයෙන් මිදී ධනවාදය කරා ගමන් කරන්නට බැරි වී තිබේ ද? නියම ධනවාදය යනු බටහිර රටවල තිබෙන ස්වරූපයේ එකකැයි ටැබූ සිතන බව පෙනේ. එතකොට ලංකාවේ රජය හරහා රජය කරවන ධනවාදීන්, සුළු ධනේශ්වර කොටස් හා සෙසු ධනේශ්වර ව්‍යාපාරිකයන් කරන මේ නිර්දය සූරාකෑම ධනවාදය නොවේද? නිදසුනක් ලෙස රුපියලක් විය කර කෙල්ලට එස්.එම්.එස්. එකක් යවන කොල්ලාගේ සාක්කුවෙන් කතා නැතුව ශත තිස් දෙකක් ගසා කා අර රුපියලෙනුත් තවත් බදු සූරාගෙන මහජන මුදලින් ගත්, මහජන මුදලින් ම තෙල් ගැසූ තඩි සැප වාහනවල නැඟී

ඕස්ට්‍රේලියාවට පළා යද්දී අසු වූ ලාංකික සරණාගතයෝ ඉන්දුනීසියාවට ගොඩබැසීම ප්‍රතික්ෂේප කරති

Image
(2009 ඔස්තෝබර් 31 - W3Lanka )  ඕස්ට්‍රේලියාව බලා යාත්‍රා කරමින් සිටියදී එරට නාවික හමුදාව විසින් සුමාත්‍රා දිවයින අසලදී දින 10කට පෙර අත්අඩංගුවට ගෙන ඉන්දුනීසියාව වෙත එවා තිබෙන ශ්‍රී ලාංකික සරණාගතයන් 78දෙනා ඔවුන් දැනට සිටින Oceanic Viking ඕස්ට්‍රේලියානු රේගු නෞකාවෙන් බැසීම ප්‍රතික්ෂේප කර වෛද්‍ය ප්‍රතිකාර පවා එපා කියමින් තමන් ඉන්දුනීසියාවේ රැඳවීමට ගෙන ඇති තීරණයට විරෝධය පාති. මෙම සරණාගත පිරිස දැන් ඉන්දුනීසියාව හා ඕස්ට්‍රේලියාව අතර රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක් වී තිබේ. ඕස්ට්‍රේලියානු අගමැති කෙවින් රඩ් හා ඉන්දුනීසියානු ජනාධිපති සුසිලෝ බැන්බැන් අතර ගිවිසුමක් අනුව මෙම පිරිස ඉන්දුනීසියාවේ රඳවා ඔවුන්ගේ රැකවරණ ඉල්ලීම් සලකා බැලීමට ඕස්ට්‍රේලියාව පියවර ගෙන ඇත්තේ ඒ හරහා ඉන්දුනීසියාවේ සිරගෙවල්වල කටුක තත්වයන් හේතුවෙන් මෙවැනි සංක්‍රමණ අධෛර්යය කිරීමේ බලාපොරොත්තුවෙනි. එහෙත් දැන් ඉන්දුනීසියාවෙන් ද මෙම පිරිස භාර ගැනීම ප්‍රතික්ෂේප වෙමින් ඇති අතර ඔවුන් භාර ගැනීමට එරෙහිව එරට උද්ඝෝෂණ ද පවතී.

බත් කන්නේ බලාගෙන! හාල්වල විෂ වර්ණක

Image
(2009 ඔස්තෝබර් 31 - W3Lanka ) ලංකාවේ නීතිය අනුව ධාන්‍ය ආහාරවලට වර්ණක යෙදීම නීති විරෝධී වුව ද, මේ වන විට වෙළඳපොලේ මෙවැනි වර්ණක යෙදූ රතු සහල් සුලබ බව නිරීක්ෂණය කළ හැකි ය.  මෙම වර්ණක බොහෝ විට විෂ සහිත ඒවා වන අතර, එම සහල් විකිණීම නීති විරෝධී ය. එහෙත් නිසි පරිදි වැටලීම් සිදු නො වීම නිසා මෙම ජාවාරම දිගට ම සිදු වෙමින් පවතී.  මේ වසරේදී බංඩාරගම ප්‍රදේශයේදී කළවැටලීම්වලින්පසු සහල් හා පරිප්පු සාම්පල රස පරීක්ෂක වෙත යවා කරන ලද පරීක්ෂණවලින් අනතුරුව වර්ණ ගැන්වූ සහල් හා පරිප්පු විකිණූ සුපිරි වෙළඳසලක් ඇතුළු 18දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කළ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සී.එම්. ජයලත් පවසයි.

බම්බලපිටියේදී මානසික රෝගියා ප්‍රසිද්ධියේ මැරුවේ දිමුතු ලු

Image
(2009 ඔස්තෝබර් 31 - W3Lanka ) බම්බලපිටියේදී බොහෝ දෙනා‍ගේ ඇස් ඉදිරිපිට හා රූපවාහිනී කැමරාවක් ඉදිරිපිට මුහුදට බැස මානසික රෝගියකුට පොලු පහර දී ඔහු වතුරේ ගිල්වා මරා දැමූ බවට සැක කරන පොලිස් නිලධාරියා අංක 47749 දරණ දිමුතු නමැති අයෙකු බව ලංකාදීප පුවත්පත පවසයි. ලංකාදීප පුවත්පත මෙම පුද්ගලයා හඳුන්වා ඇත්තේ අළු‍ගෝසුවා ‍යනුවෙන්. ලංකාවේ පවතින නීතිය අනුව යම් සැකරුවකු වරදකරුවකු බව ඔප්පු වනතුරු ඔහු නිර්දෝෂී පුද්ගලයකු ලෙස සැලකිය යුතු හෙයින් මෙවැනි මාධ්‍ය භාවිතයක් නිවැරදි යයි කිව නො හැකිය.  කෙසේ වෙතත්, අපරාධ සැකකරුවන්ගේ පමණක් නොව ඇතැම් විට නිර්දෝෂී පුද්ගලයන්ගේ නම් පවා යම් යම් කාරණා මත අනවශ්‍ය පරිදි මාධ්‍යවලින් හෙළිදරව් කර එම පුද්ගලයන් සහ ඔවුන්ගේ පවුල් අපහසුවට ලක් කිරීම සාමාන්‍ය පිළිවෙතක් බවට පත් කරගෙන සිටින පොලිසියට එහි බරපතලකම දැන්වත් වැටහේදැයි අපි නො දනිමු. බම්බලපිටිය පොලිසියේ සේවය කරන මෙම පොලිස් නිලධාරියා ඊ‍යේ කොළඹ අපරාධ කොට්ඨාසයට භාර වූ අතර, ඔහුගේ අපරාධ සහායකයා හඳුනා ගැනීම සඳහා වීඩියෝ පටය අධ්‍යයනය කරමින් ඇති බව වාර්තා වේ. බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ සිට ධාවනය වන දුම්රියට හා වාහනවලට ගල්

ස්ටෙෆානිගේ හදවත

Image
(2009 ඔස්තෝබර් 31 - W3Lanka )  ස්ටෙෆානිගේ හදවත නම් අලූතෙන් ම නිකුත් වන වාර්තා චිත‍්‍රපටයට පාදක වන්නේ අදින් වසර 25කට පෙර ඔක්තෝබරයක කැලිෆෝනියාවේ උපන් දරුවකුගේ කතාවකි. ෆේ බබා ලෙස පමණක් එදා හැඳින්වුණ ඇය උපන්නේ හයිපොප්ලාස්ටික් වම් හදවත් සින්ඩ්‍රෝමය නම් රෝගී තත්වයක් ඇතිවයි. එවැනි දරුවන් මිය යාම නියත ය. එහෙත් දරුවාගේ වෛද්‍යවරයා වූ ලෝමා ලින්ඩා විශ්වවිද්‍යාල වෛද්‍ය මධ්‍යස්ථානයේ ප‍්‍රධාන ශල්‍ය වෛද්‍ය ලෙනාඞ් බේලි දරුවාට සත්ව හදවතක් බද්ධ කිරීමට තීරණය කළේය. හදවත් බද්ධය සාර්ථකව සිදු විය. හදවත බැබුන් සත්වයකුගේ ය. එය සොයා ගත්තේ කොහෙන් ද? බේලි රෝහල් පර්යේෂණ ස`දහා සිටි බැබුන් ධෙනුවක මරා හදවත දරුවාට බද්ධ කිරීම එදා වෛද්‍ය සදාචාරය හා සත්ව අයිතිවාසිකම් පිළිබ`ද මහා සංවාදයකට තුඩු දුන්නේ ය. ෆේ බබා ජීවත් වූයේ දින 21ක් පමණි. එදා ඇය හඳන්වනු ලැබුවේ ෆේ බබා යන අන්වර්ථ නමින් වුවත් දැන් ඇගේ තතු පසුව හෙළිදරව් විය. ඇය ස්ටෙෆානි ය. (Stephanie Fae Beauclair) දැන් ස්ටෙෆානි වැනි දරුවන්ට මිනිස් හදවත් ම බද්ධ කිරීමේ හැකියාව වෛද්‍ය විද්‍යාව විසින් අත් කරගෙන තිබේ. ස්ටෙෆානිගේ හදවත වාර්තා චිත්‍රපටයේ ට්‍රේලරය බලන්න.

හොන්ඩියුරාස්හි ජනාධිපතිවරණය හා බලයෙන් පහ කළ සෙලායා

Image
(2009 ඔස්තෝබර් 31 - W3Lanka )  හොන්ඩියුරාස් ජනාධිපතිවරණය මේ මාසයේ පැවැත්වීමට නියමිත ය. එහෙත් ඉන් කවුරු ජය ගත්ත ද ලෝකය එම ජනාධිපතිවරණ ප‍්‍රතිඵලය පිළි ගන්නා බවක් දක්නට නැත. එයට හේතුව බලයෙන් පහ කරනු ලැබූ හිටපු ජනාධිපති මැනුවෙල් සෙලායා සහ රජය අතර සාකච්ඡා සම්මුතියකින් තොරව බිඳ වැටීම හා රජය සෙලායා සමග සාකච්ඡා  ප‍්‍රතික්ෂේප කිරීමයි. ජනවාරි දක්වා බලයේ සිටීමට වරම් ඇති හිටපු ජනාධිපති සෙලායාව බලයෙන් පහ කරනු ලැබුවේ පසුගිය ජුනි මාසයේදී ය. හොන්ඩියුරාස් ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයකුට බලයේ සිටීමට දෙවන අවස්ථාවක් ලැබෙන්නේ නැත. එතරම් වැඩක් කිරීමට නොහැකිව අවසන් වන සිය ධුර කාලය දික් කර ගැනීමේ ප‍්‍රතිසංස්කරණ කෙරෙහි සෙලායාගේ අවධානය යොමු වන්නේ මෙම සංදර්භය තුළයි. සෙලායා මෙම නීති වෙනස් කර දෙවන වරට ජනාධිපති වීම පිණිස මැතිවරණය තරග කිරීමට හැකි වන පරිදි ව්‍යවස්ථාව වෙනස් කිරීමට කටයුතු කරමින් සිටියදී එරට පාර්ලිමේන්තුව හෙවත් කොංග‍්‍රසය ඔහු ඉවත් කිරීමේ යෝජනාවක් ඒකමතිකව සම්මත කර ගත්තේ ය. ඉන් පසුව එරට ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව අනුමත කළ අතර, හමුදාව ඔහු රටින් පිටුවහල් කිරීමට පියවර ගත්තේ ය. සැප්තැම්බරයේ යළි සිය රටට පිවි

'සිංහල භාෂාවේ සංඛ්‍යාංකනය' දොරට වඩී

Image
(2009 ඔස්තෝබර් 30 - W3Lanka ) කොළඔ විශ්ව විද්‍යාලයේ මෘදුකාංග සංවර්ධන අධ්‍යයනාංශයේ ප්‍රධානී හර්ෂ විජයවර්ධන විසින් සම්පාදනය කරන ලද ‘සිංහල භාෂාවේ සංඛ්‍යාංකනය’ ග්‍රන්ථය දොරට වැඩ තිබේ. මෙය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) පුර්ණ දායකත්වය මත එළිදක්වන ලද්දකි.  සිංහල භාෂාවේ ප්‍රගමණයට මෙන්ම එය අන්තර්ජාලය තුල තව දුරටත් ව්‍යාප්ත කිරීමේ අරමුණින් සිංහල යුනිකේත අක්ෂර ප්‍රචලිත කිරීමට මෙන්ම තොරතුරු තාක්ෂණ යුගය තුල සිංහල භාෂාව සංරක්ෂණයටද පියවර ගෙන ඇතැයි නියෝජිතායතනයේ මෙහෙයුම් ප්‍රධානී රෙෂාන් දේවපුර මෙම ග්‍රන්ථය දොරට වැඩීමේ අවස්ථාවේදී පෙන්වා දුන්නේ ය. ‘සිංහල භාෂාවේ සංඛ්‍යාංකනය’ ග්‍රන්ථය සහ පර්යේෂණය එහි එක් පියවරක් බවද අදාල ග්‍රන්ථය එළිදැක්වීම නිමිත්තෙන් පැවැති උත්සවයේදී හේ පැවසීය.  වසර 2500 කටත් වඩා පැරණි ‍‍ඵෙතිහාසික උරුමයක් ඇති අපේ දිවයිනට හා එහි මානව ශිෂ්ඨාචාරයට වැදගත් කරුණු කිහිපයක් මෙන්ම අංක භාවිතය පිලිබදවද අනාවරණය කර ගැනීමට හැකිවී තිබේ. අද අප සිටින ඩිජිටල් තාක්ෂණික ලෝකයට පදනම් වී ඇත්තේද අංක සහ ඉලක්කම් වන පසුබිමක් තුල දුරාතිත

ඉන්න ඇටමැස්සන් ද? අලුත් ඇටමැස්සන් ද?

Image
අජිත් පැරකුම් ජයසිංහ - රටේ සිදු වන ඇතැම් මහා පරිමාණ දූෂණ පිළිබඳ ජනතා අවධානය යොමු වී ඇත. රුබෙල්ලා එන්නත විෂ වීමෙන් පාසල් දැරියන් දෙදෙනෙකු මිය යාම මේ හා බැඳුණු ආසන්න උණුසුම් සිද්ධියකි. දූෂණය බැඳී පවතින තවත් සාධකයක් වන්නේ බොරුවයි. කොමිස් ලබා ගැනීම සඳහා ගෙන්වන ලද ප්‍රමිතියෙන් බාල ඖෂධ බවට විපක්ෂය විසින් චෝදනා කරන ලද රුබෙල්ලා එන්නත්වල වෙන් වෙන් වශයෙන් ඒවා නිෂ්පාදනය කළ දිනය පිළිබඳව සඳහන් කර නොතිබුණද එම එන්නත් බහාලන ඇසුරුම්වල එන්නත්වල නිෂ්පාදිත දිනය සඳහන් කර තිබෙන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය එය ප්‍රමාණවත් බව පැහැදිලිව ම සඳහන් කර ඇති බව ද සෞඛ්‍ය ඇමති නිමල් සිරිපාල ද සිල්වා මේ පිළිබඳව පැවති පාර්ලිමේන්තු විවාදයේදී කෑ ගසා පැවසීය. එහෙත් මේ පිළිබඳව Criteria for Medicinal Drug Promotion නම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ හා අදාළ නිල ලේඛනයේ මේ පිළිබඳව සඳහන් වන්නේ එසේ නොවේ. මෙම ලේඛනයේ ප්‍රමෝෂන් හෙවත් ප්‍රවර්ධනය අර්ථ දක්වා ඇති ආකාරය අනුව එය නිෂ්පාදකයන් විසින් සපයනු ලබන ඖෂධ තොරතුරුවලට ද අදාළ වේ. ඇසුරුම්කරණය හා ලේබල්කරණය පිළිබඳ මෙම ලේඛනයේ අංක 28 යටතේ දැක්වෙන්නේ ඇසුරුම් හා ලේබල් යෙදීම කළ යුතුව තිබෙන්නේ ආනයනය කරන

මැතිවරණවලට ඉදිරිපත් වන අපේක්‍ෂකයන් සමග දේශපාලන කටයුතු බෑ. හමුදාපතිගෙන් සෙබළුන්ට හා නිලධාරීන්ට අනතුරු ඇඟවීමක්

Image
(2009 ඔස්තෝබර් 30 - W3Lanka ) කිසිදු හමුදා නිලධාරියකුට හෝ සෙබළකුට දේශපාලන කටයුතුවලට සම්බන්ධ වීමට අයිතියක්‌ නැති බවත්, යම් හමුදා සේවකයකු දේශපාලනයේ ක්‍රියාකාරිකයකු හෝ පක්ෂයක ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කළහොත් ඔහුට විරුද්ධව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව ත් කරන බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය පැවැසීය. යුද හමුදා මූලස්ථානයේදී හමුදා සෙබළුන් අමතමින් හමුදාපතිවරයා එසේ කී බව දිනමිණ පුවත්පත පවසයි. මැතිවරණවලට ඉදිරිපත් වන අපේක්‍ෂකයන් සමග දේශපාලන කටයුතුවලට සම්බන්ධ වීමට හමුදාවට අයිතියක්‌ නැති බව ඔහු පැවසූ බව දිවයින පුවත්පත වාර්තා කරයි.  හමුදාපතිවරයා මෙම ප්‍රකාශය කර ඇත්තේ හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අදහස් කරන බවට මාධ්‍ය වාර්තා පළ වන සංදර්භයකයි. කෙසේ වෙතත්, ජනරාල්වරයා තවමත් මේ පිළිබඳව නිල වශයෙන් අදහසක් පළ කර නැත. දැනට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරය හොබවන ඒ මහතා දෙසැම්බරයේදී විශ්‍රාම යාමට අදහස් කරයි.

ලාංකික 250ක් ජෙඩා පාලමක් යට දුක් විඳිති; ගෙන්වා ගන්න - රංජන් රාමනායක

Image
(2009 ඔස්තෝබර් 30 - W3Lanka ) සවුදි අරාබියේ ජෙඩා නගරයේ පාලමක්‌ යට යන එන මං නැතිව ජීවත්වෙන ශ්‍රී ලාංකිකයන් 350 ක පමණ පිරිසක්‌ වහාම මෙරටට ගෙන්වා ගන්නා ලෙස සබරගමුව පළාත් සභාවේ විපක්‍ෂ නායක රන්ජන් රාමනායක ජනාධිපති මහින්ද රාජපක්‍ෂගෙන් ඊයේ ලිපියක් මගින් ඉල්ලා සිටියේය. විදේශගතවී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රශ්න පිළිබඳ නිතර කතා කරන්නකු ලෙස ප්‍රකට රාමනායක පවසන්නේ සවුදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට මේ පිළිබඳ පැමිණිලි කර ඇතත් පළක්‌වී නැති බවයි.  විදේශ ශ්‍රමිකයන් විසින් රටට එවන විනිමය රටේ දෙවන ප‍්‍රධාන ම ආදායම් මාර්ගය වුව ද ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් රජය ප්‍රමාණවත් කාර්යයක් කරන්නේ නැත.. 2008 වසරේදී පිට රටවල වැඩ කරන ලංකාවේ මිනිස්සු ඩොලර් මිලියන 2527ක හෙවත් රු. කෝටි 26,000ක ආදායමක් මෙරටට ගෙන ආහ. එය රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් 8%කි. ලංකාවේ විදේශ ශ‍්‍රමිකයන් විසින් උපයනු ලබන ආදායම රටේ පුරවැසියන්ගේ සංඛ්‍යාවෙන් බෙදු විට ලැබෙන ඒක පුද්ගල විදේශ ශ‍්‍රම ආදායම මේ වන විට වසරකට එක්සත් ජනපද ඩොලර් 131ක

පොලිසිය හා සෙනග ඉදිරිපිට පහර දී ගිල්වා මානසික රෝගියකු මරා දමයි

Image
(2009 ඔස්තෝබර් 30 - W3Lanka )  ලෝකයේ මානසික රෝගීන් මරා දමන රටවල් තිබේ නම් ලංකාව ඉන් එකක් වන අතර බම්බලපිටියේදී දුම්රියට ගල් මුල් ගැසූ බව කියන මානසික රෝගියකු ඊයේ කිසියම් පිරිසක් විසින් පහර දී මරා දැමීම පිළිබඳව තොරතුරු හෙළි වෙමින් තිබේ.  මෙම මානසික රෝගියාට පහර දී ඇත්තේ පොලිසිය හෝ වෙනත් ආරක්ෂක අංශවලට සම්බන්ධ දෙදෙනෙකු බව ද, එහිදී ඔහු මුහුදේ ගිලී මිය ගිය බව ද කියවෙන අතර, කෙසේ වෙතත්, මෙම පුද්ගලයාගේ මිනිය සොයාගෙන නැත. එසේ ම, ඔහුගේ මරණය හා සමිබන්ධව රාජකාරි නිසි ලෙස සිදු වී නැති බව ද වාර්තා වේ. පොලිසිය මෙම අපරාධය නිරීක්ෂණය කළමුත් කිසිදු ක්‍රියාමාර්යක් නොගත් බව ද, ටී.එන්.එල්. රූපවාහිනිය මෙම සිදුවීම වීඩියෝ කර ඇති බව ද අද ලක්බිම පුවත්පත වාර්තා කරයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් මැදිවක මහතා පවසයි.දියේ ගිලී මියගිය පුද්ගලයාගේ මෘත දේහය සෙවීම නාවික හමුදාව විසින් ඊයේ (29) පස්වරු ආරම්භ කර තිබුණු බව දිනමිණ වාර්තා කරයි. මානසික රෝගීන්ගේ මානව හිමිකම්වලට ගරු කිරීම ලංකාවේ ඉතා පහළ මට්ට

බොස්නියාවේ වාර්ගික සංහාර කළ නායකයෙක් මේ සතියේ යුද අපරාධ අධිකරණයට2

Image
(2009 ඔස්තෝබර් 29 - W3Lanka )  වාර්ගික වශයෙන් පාරිශුද්ධ මහා බොස්නියාවක් නිර්මානය කිරීමේ සිහිනයකින් කටයුතු කරමින් දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ දැවැන්ත ම රුහිරු පතනය සිදු කිරීම පිළිබඳ චෝදනා ලැබ තිබෙන බොස්නියාවේ සර්බ් නායක රැඩොවාන් කරාඞ්සික්ට එරෙහි පැරණි යුගෝස්ලාවියාව සඳහා වන ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවේ ගොනු කර තිබෙන යුද අපරාධ චෝදනා මේ සතියේ සිට විභාගයට ගැනීමට නියමිත ය. කරාඞ්සික්ට එල්ල කර තිබෙන චෝදනා 10 අතර 1995දී ශ්‍රෙබ්‍රෙනිකාහිදී මුස්ලිම් ජාතිකයන් 8000ක් සංහාරය කිරීම ද වේ. ඔහු විසින් ශුද්ධ බොස්නියාවක් බිහි කිරීම පිණිස ක්‍රොඒෂියානුවන් ද සංහාරය කරන ලදී. 13 වසර ක් සැඟවී සිටි කරාඞ්සික් පසුගිය වසරේ අත්අඩංගුවට පත් වූයේ ආචාර්ය ඩ‍්‍රැගන් ඩැබික් නමින් ආගමික සුව කරන්නකු ලෙස වෙස්වළාගෙන සර්බියාවේ සැඟවී සිටියදී ය. දැනට 64වන වියේ පසු වන හේ දේශපාලකයකු, කවියකු සහ මනෝ චිකිත්සකයකු ව සිටියෙකි. ඔහුගේ දේශපාලන ගුරුවරයා වන හිටපු බොස්නියානු ජනාධිපති ස්ලොබොඩාන් මිලොසෙවික්ට එරෙහිව ද මෙම යුද අපරාධ අධිකරණය විසින් නඩු විභාගයක් පවත්වන ලදී. එහෙත් එය අතරමගදී මිලොසෙවික් හෘදයාබාධයකින් මිය ගියේය. 1992-95 බ

රුබෙල්ලා ඇත්ත: පෙට්ටියේ නිෂ්පාදිත දිනය තිබුණාම ඇතැයි WHO කියා ඇතැයි ඇමති සිරිපාල කියන්නේ පච

Image
(2009 ඔස්තෝබර් 29 - W3Lanka ) ඉදිරියේදී ජාතික ප්‍රතිශක්‌තිකරණ ව්‍යාපාරය සඳහා ගෙන්වනු ලබන රුබෙල්ලා ඇතුළු සෑම ප්‍රතිශක්‌තිකරණ එන්නත් වර්ගයකම නිෂ්පාදිත දිනය අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතු බවට එම එන්නත් නිපදවන සමාගම් වෙත දැනුම් දීමට කටයුතු යොදා ඇතැයි වසංගත රෝග අංශයේ අධ්‍යක්‍ෂිකා වෛද්‍ය පබා පලිහවඩන පැවසූ බව අද දිවයින පුවත්පත වාර්තා කරයි. පාසල් දැරියන් දෙදෙනෙකුට මරු කැඳවන ලද, කොමිස් ලබා ගැනීම සඳහා ගෙන්වන ලද ප්‍රමිතියෙන් බාල ඖෂධ බවට විපක්ෂය විසින් චෝදනා කරන ලද රුබෙල්ලා එන්නත්වල වෙන් වෙන් වශයෙන් ඒවා නිෂ්පාදනය කළ දිනය පිළිබඳව සඳහන් කර නොතිබුණද එම එන්නත් බහාලන ඇසුරුම්වල එන්නත්වල නිෂ්පාදිත දිනය සඳහන් කර තිබෙන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය එය ප්‍රමාණවත් බව පැහැදිලිව ම සඳහන් කර ඇති බව ද සෞඛ්‍ය ඇමති නිමල් සිරිපාල ද සිල්වා මේ පිළිබඳව පැවති පාර්ලිමේන්තු විවාදයේදී කෑ ගසා පැවසීය. එහෙත් මෙය සත්‍යයක් නො වන බව අපගේ අදහසයි. මේ පිළිබඳව Criteria for Medicinal Drug Promotion නම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ හා අදාළ නිල ලේඛනයේ මේ පිළිබඳව මෙසේ සඳහන් වේ. මෙම ලේඛනයේ ප්‍රමෝෂන් හෙව

භාරකරු මහින්ද බුදුන් උපන් දේශයට යයි

Image
(2009 ඔස්තෝබර් 29 - W3Lanka ) පසුගිය මාර්තුවේදී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමට පකිස්තානයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් අතරමග නවතා දමන ලද නේපාල සංචාරය සම්පූරණ කිරීම පිණිස ජනාධිපති මහින්ද රාජපක්ෂ අද දෙදින චාරිකාවක් සඳහා නේපාලයට යයි.  එහිදී ඔහු නේපාල ජනාධිපති රාම් බරන් යාදෙව් හා අගමැති මාධව් කුමාර් නේපාල් සමග සාකච්ඡා කිරීමට නියමිත ය.  ලුම්බිනිය බලා යන හේ එහිදී ලංකාවේ රජය විසින් ඉදි කරන ලද විහාරයක් ද විවෘත කිරීමට නියමිත ය. 

විජය ගොඩකුඹුරට ඡන්දයක් දෙන්න! ලකුණ ආරක්ෂිත කුප්පි ලාම්පුව

Image
(2009 ඔස්තෝබර් 29 - W3Lanka )  ලංකාවේ ලක්ෂ 60න් පමණ ජනයාට විදුලිය නැත. ඉතා දිළිඳු ජන කණ්ඩායම් වන මෙම පිරිස් ‍අතර ලාම්පු තෙල් නිසා ඇති වන පිළිස්සුම් තුවාල හේතුවෙන් සිදු වන මරණ සංඛ්‍යාව ඉතා ඉහළ ය. ලොව පුරා වසරකට තුන් ලක්ෂයක් පමණ ජනයා මෙවැනි පිළිස්සුම් තුවාල හේතුවෙන් මිය යති. ලංකාවේ පිළිස්සුම් තුවාලවලට එක් ප්‍රධාන හේතුවක් වන්නේ අනාරක්ෂිත කුප්පි ලාම්පු ය. කුප්පි ලාම්පු පෙරළීමෙන් සිදු වන මරණ අවම කිරීම පිණිස ඉවහල් වන ආරක්ෂිත කුප්පි ලාම්පු නිපදවීමේ හා බෙදා හැරීමේ නිරතව සිටින වෛද්‍යවරයකු වන විජය ගොඩකුඹුර බීබීසී විසින් පවත්වනු ලබන ලෝක අභියෝග තරගයේ 2009 අවසාන තරගකරුවන් 12දෙනා අතරට තේරී ඇත. අඳුරට සාප කරමින් සිටිනවාට වඩා එක් පහනක් හෝ දැල්වීම උතුම් යයි ඇමරිකානු කළු ජාතික අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ මාටින් ලූතර් කිං කීවේය.  වෛද්‍ය විජය ගොඩකුඹුර කරන දේ පිළිබඳ කෙටි වීඩියෝවක් බැලීමට හා ඔහුට ඡන්දයක් දීමට මෙතැනින් පිවිසෙන්න. හිස් සුපිරි තරු වෙනුවෙන් රූපවාහිනී හා ජංගම දුරකථන සමාගම්වලට ලාභ උපයා දෙන එස්.එම්.එස්. ඡන්ද පිස්සුවක් වැළඳී සිටින ලාංකිකයන්ට මේ පණිවුඩය කියන්න.  

පොළී අනුපාත අඩු කළාට දුප්පතාගෙ ණය පොළියට වෙන පොඩි හැන්දක්

Image
(2009 ඔස්තෝබර් 28 - W3Lanka ) රජය ණය පොළී අනුපාතික අඩු කරන්නැයි රාජ්‍ය බැංකුවලට නියෝග කර තිබුණ ද සමාජයේ සාපේක්ෂ වශයෙන් අඩු ආදායම් ලබන කොටස් විසින් බහුලව ලබා ගන්නා රන් ණය සඳහා පොලිය සෙසු ණය පොළී මට්ටමින් අඩු නො කෙරෙන බව දැන ගන්නට තිබේ.  අද සිට රාජ්‍ය බැංකුවල ණය පොළී අනුපාතික සියයට 8 සිට 12 දක්වා පහත බස්වන ලෙස මුදල් ඇමති ජනාධිපති මහින්ද රාජපක්ෂ නියෝග කර තිබේ.  එහෙත් මහජන බැංකුව පවසන්නේ රන් ණය පොළී අනුපාතික අඩු කරන්නේ 14% සහ 17.5% අතර ප්‍රමාණයකින් බවයි. සෙසු රාජ්‍ය බැංකුවලට ද රන් ණය පිළිබඳව උපදෙස් ලැබී ඇත්තේ මේ අන්දමින් බව දැනගන්නට තිබේ. රන් ණය යනු බැංකුවලට ඉතා ලාභදායී, ණය ගෙවීම පැහැර හැරීමෙන් සිදු වන පාඩුවක් ඇත්තේ ම නැති, ඉතා අඩු කාර්ය ප්‍රමාණයක් අවශ්‍ය ණයකි.  

වීදුරු කටු - කෙස් එන්නත්, ප්ලාස්ටික් සේලයින්, පිස්සු බලු එන්නත් ගැන සෞඛ්‍ය ඇමතිට බනින්නෙ ජේවීපීකාරයෝ

Image
(2009 ඔස්තෝබර් 28 - W3Lanka ) තමන්ට එරෙහිව චෝදනා කරන වෛද්‍යවරුන් ජේ.වී.පී.කාරයන් බව ද ජවිපෙ අද පවතින තත්වයට පත් කළේ තමා බව ද, පක්ෂය, අමාත්‍යංශය හා ජනාධිපති වෙනුවෙන් වගකීම් ඇති තමන්ට ජවිපෙ වෙනුවෙන් වැය කිරීමට කාලය නැති බව ද සෞඛ්‍ය ඇමති නිමල් සිරිපාල ද සිල්වා අද 'දි අයිලන්ඩ්' පුවත්පතට පවසා තිබේ. ඔහු මෙම ප්‍රකාශය කරන අතර රට පුරා රෝහල්වලින් බාල වර්ගයේ ඖෂධ තොග පිටින් හමු වෙමින් තිබේ. ඒ අතර, සර්ප දෂ්ඨනවලදී භාවිතා කරන බාල වර්ගයේ ප්‍රතිවිෂ ඕෂධ,  වීදුරු කටු සහ කෙස් ගස් සහිත එන්නත් හා ප්ලාස්ට්ක් කැබලි සහිත සේලයින් ආදිය වේ. ඖෂධ ආනයනය කිරීමේදී ප්‍රමිතියෙන් බාල ඖෂධ මිළ දී ගෙන දැවැන්ත කොමිස් ලබා ගන්නා බවට වෘත්තීය සමිති හා ජනමාධ්‍ය සෞඛ්‍ය අමාත්‍යංශයට චෝදනා කරයි. එහෙත් ඖෂධ ගෙන්වන්නේ තමන් නොව වෛද්‍යවරුන් බව ඇමති සිරිපාල පුවත්පත්ට ප්‍රකාශ කර තිබේ.  මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්‍ගේ සංගමය තවත් චෝදනාවක් එල්ල කරමින් පවසන්නේ රට පුරා කෙරැණු සුනඛ වන්ධ්‍යාකරණ එන්නත් කිරීම් නවතා ඇත්තේ සුනඛයන් සපා කෑ පුද්ගලයන් වෙනුවෙන් පාවිච්චි කරන එන්නත් ප්‍රමාණය 50%කින් පමණ අඩු වීම නිසා හා දැනට ගෙන්වා තිබෙන එන්නත්

ෆොන්සේකා හා වික්‍රමසිංහ පිටරටවල සිට චන්ද්‍රිකා දුරකථනවලින් කතා

Image
(2009 ඔස්තෝබර් 28 - W3Lanka ) දැනට තායිලන්තයට ගොස් සිටින එජාප හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හා දැනට එක්සත් ජනපදයේ වොෂිංටන්හි සිටින හිටපු හමුදාපති සරත් ෆොන්සේකා අතර චන්ද්‍රිකා දුරකථන ඔස්සේ සාකච්ඡාවක් සිදු වී තිබෙන බව අද ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.  සාමාන්‍ය පිළිවෙත අනුව කරන පරිදි අදාළ රටේ තානාපති කාර්යාලයට දැන්වීමකින් පවා තොරව තායිලන්තයට ගොස් සිටින වික්‍රමසිංහ ෆුකට් ගුවන් තොටුපළේ සිට ෆොන්සේකා සමග දුරකථනයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව එජාප ජ්‍යේෂ්ඨයන් කීප දෙනෙකුට, සුළු ජාතික දේශපාලන පක්ෂ කීපයක නායකයන්ට හා ලංකාවේ දේශපාලනයේ වැදගත් භූමිකාවක් කළ අයෙකුට දුරකථනයෙන් කතා කර ඇති බව ද ඩේලි මිරර් පවසයි. ජනරාල් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට ආරංචි පැතිර යාමත් සමග ම ඇතැම් සුළු ජාතික දේශපාලන පක්ෂ ඒ පිළිබඳ අසුබවාදී ස්ථාවරයක හිඳිමින් ප්‍රකාශ නිකුත් කරමින් තිබිණි. මෙම පුද්ගලයන්ගේ ලංකාවේ දුරකථනවලට රහසින් සවන් දීමේ වැඩපිලිවෙළක් ඇති බව පසුගිය දිනවල ඇතැම් ජනමාධ්‍ය විසින් වාර්තා කරන ලදී.

ජී.එස්.පී. වෙනුවෙන් ලංකාව කටයුතු කරන්නේදැයි යුරෝපා සංගමය තවමත් අවදියෙන්

Image
(2009 ඔස්තෝබර් 28 - W3Lanka ) ලංකාවේ රජය ජී.එස්.පී. බදු සහන සඳහා අවශ්‍ය පරිදි මානව හිමිකම් තත්වය වර්ධනය කර ගනු ඇතැයි ඊයේ ලක්සම්බර්ග්හිදී රැස් වූ යුරෝපා සංගම් විදේශ ඇමතිවරු බලාපොරොත්තු පළ කර තිබේ. එසේ නොමැති වුවහොත් ඊළඟ පියවර ලෙස එම සහනය ඉවත් කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් ‍කෙරෙනු ඇති බව යුරෝපා සංගමය පවසයි. දැනට යුරෝපා සංගමයේ සභාපතිත්වය දරන්නේ ස්වීඩනයයි. ලංකාව යුද අනාථයන්ට ස්වේච්ඡාවෙන් හා ගෞරවනීය ලෙස යළි ගම් බිම් කරා යාමට ඉඩ සැලැස්විය යුතු බව යුරෝපා සංගම් විදේශ ඇමති රැස්වීමේ සභාපතිත්වය හෙබවූ ස්වීඩන තානාපති කාල් බ්ලිඩ්ට් පැවසීය.  පසුගිය අප්‍රේල් මාසයේදී ලංකාව දෙමළ කැරැළිකරුවන්ට එරෙහිව අවසන් සටන දියත් කරමින් සිටියදී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් සහ ප්‍රංශ විදේශ ඇමති බර්නාඩ් කවුච්නර් සමග එක්වීමට අපේක්ෂා කළ ස්වීඩන් විදේශ ඇමති කාල් බ්ලිඩට් හට ලංකාව විසින් වීසා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික විරසකයක් ඇති විය.  ලංකාව බ්ලිඩ්ට් හට වෙනම චාරිකාවක් සදහා ඇරැයුම් කළත් එය භාර ගැනුණේ නැත. 1980 දශකයේදී ලංකාවේ ප්‍රධානතම සංවර්ධන ආධාරකරුවකු වූ ස්වීඩ

පොළී අනුපාතික පහත දැමීමෙන් රාජ්‍ය බැංකුවලට කුමක් වේද?

(2009 ඔස්තෝබර් 28 - W3Lanka ) අද සිට රාජ්‍ය බැංකුවල ණය පොළී අනුපාතික සියයට 8 සිට 12 දක්වා පහත බස්වන ලෙස මුදල් ඇමති ජනාධිපති මහින්ද රාජපක්ෂ නියෝග කර තිබේ.  මේ දක්වා රාජ්‍ය අංශයේ බැංකු විසින් ණය ලබා දුන්නේ සියයට 15 සි‍ට 22 දක්වා පොළී අනුපාතිකයකටයි.  මේ මාසය වන විට ලංකාවේ වානිජ බැංකුවල සාමාන්‍ය ණය පොළී අනුපාතිකය සියයට 12.5 බව ලංකා බිස්නස් ඔන්ලයින් පවසයි. වසරකට පෙර එය පැවතියේ සියයට 20 මට්ටමේ ය. ‍ලංකාවේ උද්ධමනය මේ වන විට සියයට එකට අඩු මට්ටමක ඇත. උද්ධමනය ඉහළ ගියේ රජය සංචිත වියදම් කිරීම හා මුදල් අච්චු ගැසීම නිසා ය. එහෙත්, යුද්ධයේ නිමාවත් සමග තත්වය පාලනය වී තිබේ.  රජයේ බැංකුවල මෙහෙයුම් වියදම් අධික වීම නිසා ඒවාට ණය පොළී අනුපාතික පහත හෙළීමේ හැකියාවක් නොමැති වී තිබේ. රජයේ මෙම තීරණය හේතුවෙන් රාජ්‍ය බැංකුවලට කුමන තත්වයකට මුහුණ දෙන්නට වේද යන්න තවම පැහැදිලි වී නැත. රාජ්‍ය බැංකුවල ඇති තැන්පතු මුදලින් වැඩි ප්‍රතිශතයක් ණයට ගන්නේ රජයයි. ඒ භාණ්ඩාගාර බිල්පත් හා අයිරා ලෙසයි. රජයේ අයවැය ජංගම ගිනුමේ හිඟයක් පැවතීම එයට හේතුවයි. කෙසේ වෙතත්, ‍‍කෘෂිකාර්මික, ධීවර, සංචාරක ක්ෂේත්‍ර වෙත වැඩිපුර ණය ලබා

විදුලිබල මණ්‌ඩලය, වරාය, ජල සම්පාදන මණ්‌ඩලය සහ ඛනිජ තෙල් සංස්‌ථාව ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ගයකට සාකච්ඡා

(2009 ඔක්තෝබර්  28 - W3Lanka ) තෙල් සංස්ථා සේවකයන්ගේ අකුරට වැඩ ව්‍යාපාරය අවසන් කර පැය 48කට ආසන්න වෙමින් තිබුණු ඊයේත් කොළඹ නගරයේ පවා දිග ඉන්ධන පෝලිම් දක්නට ලැබුණු අතර පිට පළාත්වල තත්වය වඩාත් දරුණු විය. ඉන්ධන අලෙවියේ තත්වය හෙට වන විට සාමාන්‍ය අතට හැරෙනු ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි. එහෙත්, ඉල්ලා සිටින රු. 5000ක අතුරු දීමනාව ඛනිජ තෙල් ඇමති ඒ.ච්.එම් ෆවුසි පොරොන්දු වූ පරිදි ජනාධිපති සමග සාකච්ඡාවක්වත් වෘත්තීය සමිතිවලට ලබා නො දීමට කටයුතු කිරීම හේතුවෙන් විදුලිබල මණ්‌ඩලය, වරාය, ජල සම්පාදන මණ්‌ඩලය සහ ඛනිජ තෙල් සංස්‌ථාව ඒකාබද්ධව දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට පිවිසීමට තෙල් සංස්‌ථා වෘත්තීය සමිති එකමුතුව ඊයේ (27 වැනිදා) තීරණය කළේය. එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ ස්වභාවය හා දින වකවානු තීරණය කර ගැනීම සඳහා ඉහත ආයතනවලට අයත් වෘත්තීය සමිති සමඟ අද සිට සාකච්ඡා ආරම්භ කරන බව තෙල් සංස්‌ථා වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක ඩී. ඡේ.

ලාංකික සරණාගතයන් ගැන ඕස්ට්‍රේලියාව හා ඉන්දුනීසියාව අං පටලවා ගනිති; ලංකාව නිදි

(2009 ඔක්තෝබර්  27 - W3Lanka )  ලංකාවේ සිට ඕස්ට්‍රේලියාව බලා පළා යමින් සිටියදී බෝට්ටුව කැඩී අනතුරට පත්ව සිටියදී ඕස්ට්‍රේලියානු නාවික හමුදාව විසින් සුමාත්‍රා අසලදී බේරාගෙන රැකවරණ ඉල්ලීම් සලකා බැලීම පිණිස ඉන්දුනීසියාව වෙත ආපසු හරවා එවන ලද ලාංකික සරණාගතයන් 78දෙනෙකුගෙන් යුත් පිරිස භාර ගැනීම ඉන්දුනීසියානු දූපත් ආණ්ඩුකාරවරයකු විසින් ප්‍රතික්ෂේප කර තිබේ.  ඉන්දුනීසියාව සරණාගතයන් ගොඩබෑම සඳහා ඇති භූමියක් නො වන බව ඔවුන් බැස්වීම සඳහා සැලසුම් කර ඇති කිජැං වරාය පිහිටි රියාවු දූපතේ ආණ්ඩුකාර ඉස්මෙත් අබ්දුල්ලා පවසන්නේ ජනාධිපති නියෝගයක් ලැබෙන තුරු තමන් මෙම පිරිස භාර නො ගන්නා බවයි. ඕස්ට්‍රේලියාවට පළා යන සංක්‍රමණිකයන්ගේ රැකවරණ ඉල්ලීම් සගා බැලීම පිණිස ඔවුන් මෙසේ ඉන්දුනීසියාවට යවන්නේ දෙරටේ රජයන් අතර ළඟදී එළඹි ගිවිසුමක් අනුවයි.  ඉන්දුනීසියාව සහ ඕස්ට්‍රේලියාව ලාංකික සරණාගතයන් පිළිබඳ අං පටලවා ගනිද්දී ලංකාවෙන් මිනිසුන් පළා යන තත්වයක් නිර්මානය කළ මෙරට පාලකයන් මේ කිසිවක් නො දන්නවා සේ තොපට ඕනැ දෙයක් කර ගනියව් කියා කර බා ගෙන සිටීම ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික දක්ෂකමකට වඩා තමන්ගේ ජනයා පිළිබඳ වගකීමක් නැතිකමකි.

ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණය(Bpo) පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ පුළුල් දීපව්‍යාප්ත වැඩමුළු මාලාවක්

Image
(2009 ඔක්තෝබර්  27 - W3Lanka ) ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය(ICTA) විසින් ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණය(Bpo) පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ පුළුල් දීපව්‍යාප්ත වැඩමුළු මාලාවක් ක්‍රියාවට නංවා ඇත. මේ යටතේ තරුණ තරුණියන් පාසල් සිසු සිසුවියන් සහ ගුරුවරුන්ට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා මෙන්ම එම රැකියා සදහා යොමු වන ආකාරය පිළිබදව මෙම වැඩමුළු වලදී දැනුවත් කෙරේ.  අනුරාධපුරය,බදුල්ල,ගාල්ල,හම් බන්තොට,මාතර,රත්නපුර,කුරුණැගල, මහනුවර ආදී දිස්ත්‍රික්ක වල ඉතා සාර්තක ලෙස මෙම වැඩමුළු පැවැත්වු බවත් ඒ සදහා සහභාගිවීමට තරුණ තරුණයන් සහ ශිෂ්‍ය ප්‍රජාව අතර දැඩි උනන්දුවක් පැවති බවත් ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සදහන් කරයි. අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රියාකාරී සහයෝගයද මේ සදහා ලැබී තිබේ. www.futureisit.lk යන වෙබ් අඩවියෙන්  මේ පිළිබද වැඩි විස්තර ලබාගත හැක.

ජනාධිපති සාකච්ඡා කළේ වර්ජනය කරන සමිති සමග නොවයි. ප්‍රශ්න පැටව් ගසයි.

Image
(2009 ඔක්තෝබර්  27 - W3Lanka ) රට පුරා තවමත් විසඳී නැති ඉන්ධන හිඟයක් නිර්මානය කළ තෙල් සංස්ථා අකුරට වැඩ ව්‍යාපාරය හේතුවෙන් ජනාධිපතිවරයා හා වෘත්තීය සමිති නායකයන් අතර පැවති සාකච්ඡාව තුළින් තෙල් සංස්ථා සේවකයන්ගේ වැටුප් ප්‍රශ්නයට කිසිදු විසඳුමක් ලැබී නැත. අඩු තරමේ ඛනිජ තෙල් වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයන් සාකච්ඡාව සඳහා කැඳවාවත් නැති බව දැනගන්නට තිබේ. එම සාකච්ඡාවට සහභාගි වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා ආණ්ඩුවට පක්ෂපාතී වෘත්තීය සමිති ය. එහිදී ජනාධිපතිවරයා සුපුරුදු ලෙස වෘත්තීය සටන් මුවාවෙන් ජාත්‍යන්තර කුමන්ත්‍රණ ක්‍රියාත්මක වන බව හා තුමන්ත්‍රණවලට රටේ ඉදිරි ගමන ආපසු හැරවිය නො හැකි බව ආදී වශයෙන් දේශනයක් පවත්වා ඇත. වර්ජනය අතරතුර ඛනිජ තෙල් හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමති ඒ.එච්.එම් ෆවුසි පැවසුවේ සේවක ඉල්ලීම් පිළිබඳව ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා දෙන බවයි. ඉල්ලීම් සාධාරණ බව කලින් පිළි ගත් ඇමතිවරයාට අඩු තරමේ සේවකයන්ට ප්‍රශ්න විසඳිය හැකි එක ම බලධාරියා වන ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක්වත් ලබා දීමට බැරි වී ඇත. ඛනිජ තෙල් වෘත්තීය සමිති සන්ධානයට වැටුප් වැඩිවීම තබා අඩු තරමේ පොරොන්දු වූ පරිදි

ලංකාවේ බෝට්ටු මිනිස්සු දෙමළ අනාථයන්ගේ ප්‍රශ්නය ජාත්‍යන්තරකරණය කරයි

Image
(2009 ඔක්තෝබර්  27 - W3Lanka ) ලාංකික දෙමළ ජාතිකයන් සිය ගණනින් බෝට්ටුවලින් ඕස්ට්‍රේලියාවට හා කැනඩාවට පළා යමින් සිටියදී බලධාරීන්ට හමු වීමත් සමග ලංකාවේ රජය දෙමළ ජනයාට සලකන ආකාරය පිළිබඳ ලෝක අවධානය යොමු වෙමින් පවතී.  ඕස්ට්‍රේලියාව විසින් එරටට ගොඩබැසීමට ඉඩ නොදී හරවා එවන ලද 78දෙනෙකුගෙන් යුත් බහුතරය දෙමළ වන පිරිසක් ආහාර වර්ජනයක් ආරම්භ කර පසුව එය නතර කළ අතර ඔවුන්ව ඉන්දුනීසියාවේ රැඳවුම් කඳවුරක් වෙත ගෙන යාමට නියමිත ය.ඕස්ට්‍රේලියාව මේ මාසයේදී 250ක ලාංකික දෙමළ ජාතිකයන් සහිත තවත් නැවක් මෙසේ ම ඉන්දුනීසියාවට හරවා එවන ලදී. තමන් ලංකාවට ආපසු එවනු ඇතැයි බියෙන් මෙම ඇතැම් සරණාගතයෝ බෝට්ටුවෙන් මුහුදට පැන්න බව ද ඇතැම් මාධ්‍ය වාර්තා කළේය. ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය පවසන පරිදි මෙකී පුද්ගලයෝ ලංකාවේ අනාථයන් රඳවා සිටින කඳවුරුවලින් පළා ආ අය වෙති. මෙම සිද්ධිය හා සම්බන්ධව ප්‍රකාශයක් කරන ඕස්ට්‍රේලියාවේ ග්‍රීන් පක්ෂයේ නායක, සෙනෙට් සභික බොබ් බ්‍රවුන් දෙමළ ජනයාට නිසි ලෙස සැලකීම සඳහා බල කිරීම පිණිස ලංකාවට එරෙහිව සම්බාධක පණවන ලෙස ඉල්ලා සිටියේය. කෙසේ වෙතත්, ඕස්ට්‍රේලියානු අගමැති කෙවින් රඩ්ගේ රජය මෙම පළා එන්නන් සරණාගතයන

වැඩි වන අලි මරණ බටහිර ක්‍රිස්තියානි කුමන්ත්‍රණ ද?

Image
(2009 ඔක්තෝබර්  27 - W3Lanka ) මේ වසරේ අලි මිනිස් ගැටුම් හේතුවෙන් සිදු වී තිබෙන වල් අලි ඇත් ඝාතන සංඛ්‍යාව පසුගිය වසරවල සාමාන්‍යය වූ 160 ඉක්මවා ඔක්තෝබර් මාසය වන විට 170 දක්වා ඉහළ ගොස් තිබේ. මෙම වල් අලි මරණවලින් වැඩි පුමාණයක් සිදු වී තිබෙන්නේ ස්වයංක්‍රීය අවිවලින් වෙඩි තැබීමෙන් බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද වීරසූරිය පවසයි. ‍ලංකාවේ පරිසර හා වන සංරක්ෂණ ඇමති චම්පික රණවක තරම් පරිසරවේදියකු ලෝකයේ තවත් නැති තත්වයක් තුළ මෙවැන්නක් සිදු වූයේ කෙසේදැයි වහා සොයා බැලිය යුතුව තිබේ. එතුමා මේ වන විට පාරිසරික ප්‍රශ්න විසඳීම සඳහා විද්‍යාත්මක ක්‍රමවේද රාශියක් ක්‍රියාත්මක කර හමාර ය. ඇතැම් විට මේ පසුපස යම් බටහිර ක්‍රිස්තියානි කුමන්ත්‍රණයක් තිබිය හැකිය.

'තුන් සිංහලය ම නෑදෑයෝ' වුණාට රාජපක්ෂගේ 'නෑයෙක්' කීවොත් කන්න වෙන්නෙ හිර බත්

Image
(2009 ඔක්තෝබර්  26 - W3Lanka ) මෙම ඡායාරූපය හා තවත් ඡායාරූප සමග දැන් ලංකාදීප පුවත්පතේ පළ වී තිබෙන මෙම ප්‍රවෘත්තිය කියවන්න. මේ කියන පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා කර තිබෙන වරද කුමක්දැයි ඔබට තේරේද?  මහින්ද රාජපක්ෂ ජනපතිගේ ඥාති සොහොයුරෙකියි කියමින් බණ්ඩාරවෙල වලව්වක සිටි බව කියන වීරකැටියේ ඩබ්ලිව්.එම් අමල්. ජයරත්න රාජපක්ෂ නම් පුද්ගලයෙක් ඇල්ල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටියි. ජනපති මෙන් උඩුරැවුලක් ද ඇති ඔහු කුරහන් පැහැ සාටකයක් ද පැළඳ සිටියේය. ඇල්ල පොලිසිය මොහු ගැන ජනාධිපති ආරක්ෂක අංශයට දැනම් දීමෙන් පසු අත්අඩගුවට ගෙන ඇත. පසුගිය ඡන්දයේදී බස්නාහිර පළත් සභාවට ඔහු පෙනී සිට ඇත්තේ ස්වාධීන කණ්ඩයමකින් ආචාර්ය අමල් රාජපක්ෂ නමිනි. ඒ සඳහා යොදාගත් හැඳුනුම්පතක් ද ඔහු ළඟ තිබිණි. පුවත්පත කියන ආකාරයට නම් ඔහු කළ වරද තමන් ජනාධිපතිගේ නෑයකු බව කීම හෝ උඩු රැවුලක් තිබීම හෝ කුරහන් සාටකයක් පැළඳීම හෝ විය යුතු ය. පිස්සු ඔහුට ද, අපට ද, ලංකාදීප පත්තරයට ද, පොලිසියට ද, රාජපක්ෂලාට ද නැතිනම් 'අපි ඔක්කොම රජවරු - ඔක්කොම වැසියෝ - තුන් සිංහලය ම නෑදෑයෝ' යයි කියන විකටර් රත්නායකටදැයි ඔබට තේරේ ද?

ප්‍රභාකරන් යටත් වූ පසු වධ දී මරා දැමූ බවට පුවත රජය ප්‍රතික්ෂේප කරයි

Image
(2009 ඔක්තෝබර්  26 - W3Lanka ) කොටි සංවිධානයේ නායක වේලුපිල්ලෛ ප්‍රභාකරන් රජයේ හමුදාවලට යටත් වීමෙන් පසු වධ දී මරා දරන ලද බවට ශ්‍රී ලංකා ගාඩියන් වෙබ් අඩවිය විසින් අවසන් වෙහෙයුමෙන් බේරී රටින් පළා ගිය ප්‍රභාකරන්ගේ ශරීරාරක්ෂකයකු සහ රජයේ බුද්ධි නිලධාරීන් ඇතුළු මූලාශ්‍ර තුනක් පාදක කර ගනිමින් ලියන ලද ප්‍රවෘත්තිය රජය ප්‍රතික්ෂේප කරයි. මේ පිළිබඳ ප්‍රංශ පුවත් සේවයට රජයේ ප්‍රකාශකයකු පවසන්නේ හමුා නිලධාරීන් යුද අපරාධ අධිකරණ වෙත ගෙන යාමේ අරමුණින් මෙම පුවත් ප්‍රබන්ධ කරන බවයි.  කොටි නායකයා වීරයකු ලෙස මිය නො ගිය බව රජයේ හා හමුදා ප්‍රකාශකයන් වරින් වර කියා ඇති නමුදු රජය මෙන් ම කොටි සංවිධානය ද නිල වශයෙන් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රභාකරන් අවසන් සටනේදී සටන් කර මිය ගිය බවයි. හිසේ දරුණු කැපුම් තුවාලයක් සහිත ඔහුගේ සිරුර මාධ්‍ය ඔස්සේ ප්‍රදර්ශනය කරන ලදී.

තිස්සනායගම්ගේ සගයෝ නිදහස්

Image
(2009 ඔක්තෝබර්  26 - W3Lanka ) විසි වසරකට සිර ගෙට නියම කරනු ලැබූ දෙමළ මාධ්‍යවේදී ජේ. එන්. තිස්සනායගම් සමග නෝත් ඊස්ටර්න් මන්ත්ලි නම් ඉංග්‍රීසි සඟරාව ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කළේ ය යන චෝදනා මත වෙසර එකහමාරකට අධික කාලයක් රිමාන්ඩ් භාරයේ සිටි වෙට්‍රිවේල් ජසිහරන් හා ඔහුගේ බිරිඳ වලර්මදී අද දින අධිකරණය විසින් නිදහස් කරන ලදී. මාධ්‍යවේදී තිස්සනායගම් හට ඔහු විසින් ලියන ලද ලිපි මගින් මහජන කැළඹිලි ඇති කිරීමට උත්සාහ කරන ලද බවට, කොටි සංවිධාන‍යෙන් මුදල් ලබා ගත් බවට හා ත්‍රස්තවාදයට උදව් කළ බවට චෝදනා එල්ල විය. ඔහුට විරුද්ධව ප්‍රබල ම සාක්ෂිය වූයේ ඔහු විසින් ම දෙන ලද කටඋත්තරයකි. මෙය ස්වේච්ඡාවෙන් නො දුන් එකක් බව තිස්සනායගම් නඩු විභාගයේදී ප්‍රකාශ කළමුත් අධිකරණය එම කටඋත්තරය ස්වේච්ඡාවෙන් දුන් එකක් බවට පිළිගත්තේය.

'ඒ කට්ටිය' ලංකාවේ පළමු පුවත්පත් කලාවේදී ගැහැනිය මරන්නට සැලසුම් කරති?

Image
(2009 ඔක්තෝබර්  26 - W3Lanka ) රජය දැඩි ලෙස විවේචනයට ලක් කිරීම නිසා කර්තෘ ලසන්ත වික්‍රමතුංග මරා දැමීමට ලක් වූ සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ෆ්‍රෙඩ්රිකා ජෑන්ස් හා ප්‍රවෘත්ති කර්තෘ මුන්සා මුෂ්ටාක් යන මහත්මීන් නමට රතු තීන්තෙන් ලියන ලද මරණ තර්ජන ලිපි දෙකක් එම පුවත්පතේ කාර්යාලයට ලැබී ඇති බව වාර්තා වේ. ඔක්තෝබර් 22දා ලැබුණු මෙම ලිපි තැපැල් කර ඇත්තේ ඊට පෙර දිනයේ බව එම පුවත්පත කියයි.  ලිපි අඩංගු වූ සුදු පැහැති කවර දෙකේ ම ලිපිනයේ කටුකුරුන්දවත්ත පාර යන්න ලිවීමේදී 'කටුකුරුන් ඩ වත්ත පාර' ලෙස ද යන්න වෙනුවට ඩ යනුවෙන් ලියා ඇත. සාමාන්‍යයෙන් ජෑන්ස් යනුවෙන් ශබ්ද කරන කර්තෘවරියගේ නම ජාන්ස් යයි ලියා තිබීම ද තවත් විශේෂත්වයකි. ලසන්ත වික්‍රමතුංග ඝාතනයට පෙර ද මෙවැනි ලිපි ඔහුට ලැබී තිබිණි.  පුවත්පත් කලාවේදිනියක් මරන්නට ලංකාවේ මෙවැනි ඝාතන කරන අය තව ම 'සමත්' වී නැත. පසුගිය සැප්තැම්බරයේදී නාඳුනන පිරිසක් සන්ඩේ ලීඩර් පළ කරන ආයතනයේ ම ඉරුදින පුවත්පතේ මාධ්‍යවේදිනී ඩිලීෂා අබේසුන්දරගේ නිවසට බලහත්කාරයෙන් කඩාවදින්නට උත්සාහ කළ අතර, ජුනිමාසයේදී ඉනටර්නිව්ස් ආයතනයේ සේවය කරන ක්‍රිෂ්ණි ඉෆාම් නාඳුනන පිරි

මහාචාර්ය සිවතම්බි ලාංකික දෙමළ ජනයා වෙනුවෙන් කරුණානිධිට අප්‍රසාදය පළ කරයි

Image
(2009 ඔක්තෝබර්  26 - W3Lanka ) 2010 ජුලි මාසයේදී තමිල්නාඩුවේ චෙන්නෛහි පැවැත්වෙන ලෝක සම්භාව්‍ය දෙමළ සමුළුවේ ප්‍රධාන පර්යේෂණ සැසිය මෙහෙයවීම සඳහා මහ ඇමති කරුණානිධි විසින් තෝරා ගනු ලැබූ ගෞරව සහිතව විශ්‍රාම ලත් යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කාර්තිගේසු සිවතම්බි එම තනතුර භාර ගැනීමට අකැමැත්ත පළ කර ඇත. මහ ඇමති කරුණානිධි ලංකාවේ දෙමළ ජනයාගේ ප්‍රශ්නය පිළිබඳව දක්වන ප්‍රතිචාරය කෙරෙහි තම ජනතාව තෘප්තිමත් නැති හෙයින් මේසේ අකැමැත්ත පළ කරන බව මහාචාර්ය සිවතම්බි එම ජාත්‍යන්තර සමුළුව සම්බන්ධීකරණය කරන තන්ජවූර් දෙමළ විශ්වවිද්‍යාලයේ උප කුලපති එම්. රාජේන්ද්‍රන්ට ලිඛිතව දැනුම් දී ඇත. දැන් 77වන වියේ පසු වන මහාචාර්ය සිවතම්බි ලංකාවෙන් බිහි වූ ජාත්‍යන්තර කීර්තියට පත් විශිෂ්ඨ බුද්ධිමතෙකි. පසුගිය සමයේ ඔහු දැරූ අදහස් වාම ජාතිකවාදී නැඹුරුවකින් යුක්ත විය. දැනට කොළඹ වෙසෙන ඔහු ජාත්‍යන්තර දෙමළ පර්යේෂණ සංගමයේ මහලේකම් ද වේ.

ජනාධිපතිවරණයට එරෙහිව ජවිපෙ වීදි බසියි

(2009 ඔක්තෝබර්  26 - W3Lanka ) විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට පොරොන්දු වී බලයට පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂට ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීම සඳහා හිමිකමක් නැත යන පදනමින් ජනාධිපතිවරණයට විරෝධය පා දැවැන්ත පෙළපාලියක් පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ සැලසුම් කර ඇත. හෙට (27) පස්වරුවේ බොරැල්ල කැම්බල් උද්‍යානයෙන් ඇරඹෙන මෙම පෙළපාලිය ලිප්ටන් වටරවුමෙන් අවසන් වී එහි රැස්වීමක් පැවැත්වේ.  ඉදිරි ජනාධිපතිවරණයකදී ජවිපෙ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ගොඩනැඟෙමින් ඇති සන්ධානයට එක් නො වන බව ද, ඒ වෙනුවට විකල්ප සන්ධානයක‍් ‍ගොඩනඟන බව ද ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඊයේ පුවත්පත් සාකච්ඡාවකදී පැවසීය. හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් කිරීමේ උත්සාහයේ මූලිකත්වය දරන්නේ ද ජවිපෙයි.  ජවිපෙ ඉදිරි ජනාධිපතිවරණයකදී පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නට යන්නේ නිශ්චිත කාල රාමුවක් තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ එකඟතාව මතයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට පොරොන්දු වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණයකදී පරාජය කරන බවට ජවිපෙ ශපථ කර ඇත.

ඉල්ලීම් දිනා නො ගෙන ම සාර්ථක තෙල් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඉවරයි

(2009 ඔක්තෝබර්  26 - W3Lanka ) ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සේවක සේවිකාවන් විසින් දියත් කරන ලද අකුරට වැඩ කිරීම නිසා මේ වන විට රටපුරා ඉන්ධන හිඟයක් ඇති වී තිබෙන අතර, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට නියමිතව බව ලංකා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක ඩී. ජේ. රාජකරුණා පවසයි. එහෙත් තෙල් සංස්ථා සේවකයන්ගේ ඉල්ලීම වූ තමන්ට දීමට එකඟ වී තිබෙන වැටුප් වැඩිවීම ලැබී ඇති බවක් දැනගන්නට නැත. අද දින ජනාධිපතිවරයා සහ ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. එහෙත් මේ පිළිබඳව තමන්ට නිල වශයෙන් දැනුම් දී නැති බවක් ද වෘත්තීය සමිති පවසති. ඉදිරි සති කීපය තුළදී යෝජිත සේවක වැටුප් වැඩිවීම නොකළහොත් ලංකාවිදුලි බල මණ්ඩලය, වරාය හා ජලපවාහන මණ්ඩලය ඇතුළු ආයතනවල වෘත්තීය සමිති සමග ඒකාබද්ධව අඛණ්ඩ වැඩ වර්ජනයක් කරන බව රාජකරුණා ඊයේ පැවති පුවත්පත් සාකච්ඡාවකදී පැවසීය. මේ අතර, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති මේජර් ජනරාල් අසෝක තෝරදෙණිය දිනමිණට කියා ඇත්තේ අද (26) උදේ 8.30 වනවිට සියලුම සේවකයින් රාජකාරියට වාර්තා කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටින බ

නො දන්නා සන්ධාන හා දන්න ආණ්ඩුව

අජිත් පැරකුම් ජයසිංහ - හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මීළඟ ජනාධිපතිවරණයේ විපක්ෂ පොදු අපේක්ෂක බවට පත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ, මංගල සමරවීර හා එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් දරණ උත්සාහයෙන් සුළු ජාතික පක්ෂ කැළඹීමට පත්ව තිබේ. හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකාට ජනාධිපති අපේක්ෂක ධුරය ලබා දෙන්නේ නම් තම පක්ෂය එක්සත් ජාතික පක්ෂය විසින් නායකත්වය දෙන නව සන්ධානයෙන් ඉවත් වන බව ප‍්‍රජාතනත‍්‍රවාදී ජාතික පෙරමුණේ නායක මනෝ ගනේෂන් එජාප නායකත්වයට දැනුම් දී ඇත. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එන්. ශ‍්‍රීකාන්ත හමුදා නිලධාරීන් දේශපාලනයට සම්බන්ධ කර ගැනීමට මංගල සමරවීර මන්ත‍්‍රීවරයා උත්සාහ කරන බව පාර්ලිමේන්තුවේදී පැවසීය. හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා දැඩි සිංහලවාදියකු ලෙස ප‍්‍රසිද්ධ වී සිටීම ලංකාවේ 24%ක් වන දෙමළ හා මුස්ලිම් ජනතාව අසහනයට පත් කිරීමට හේතු වී තිබේ. 2008 සැප්තැම්බර් 23දා කැනඩාවේ නැෂනල් පෝස්ට් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡුාවක යෙදෙමින් හමුදාපති සරත් ෆොන්සේකා පැවසුවේ තමා දැඩිව ම විශ්වාස කරන පරිදි මේ රට අයිති සිංහලයන්ට බවයිි. ”සුළුතර ප‍්‍රජාවන් සිටින අතර අපි ඔවුන්ට අපේ මින

මේ බෝට්ටු මිනිස්සු උපන් රටට පිටු පානා අය ද? ආර්ථිකය රකින ශ‍්‍රම හමුදාවක් ද?

(2009 ඔක්තෝබර්  25 - W3Lanka ) ලංකාවේ සිට  ඕස්ටේ‍්‍රලියාවට පළා යමින් සිටි 260ක පමණ පිරිසක් ඉන්දුනීසියානු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඉන් සතියකට පසු ලංකාවේ සිට කැනඩාවට කුඩා නැවකින් පළා යමින් සිටි 76ක පිරිසක් වැන්කුවර් ආසන්න මුහුදේදී කැනේඩියානු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලදී. මේ පළා යන පිරිස් අතරින් බහුතරය දෙමළ අය වීම හා ඔවුන් තමන් යුද අනාථයන් ලෙස හඳුන්වා ගැනීමත්, ආපසු සිය රට යනවා වෙනුවට වෙනත්  ඕනෑම රටකට යාමට කැමැත්ත පළ කිරීමත් සමග ලංකාවේ කීර්ති නාමයට එය බල පා තිබේ. මීට පෙර වාර්තා වුණේ ලංකාවේ සිට ඉතාලියට බෝට්ටු මගින් පළා යාමට දරන උත්සාහයන් වුව ද දැන් දැන් වෙනත් ගමනාන්තයන් කරා ද මෙම ගමන් යොමු වී තිබේ. ඉස්සර මෙන් වැඩි දියුණු කරන ලද ධීවර බෝට්ටු නොව කුඩා නැව් හා නව තාක්ෂණය මේ සඳහා යොදා ගැනීමත් සමග මේ පිටුපස මිනිසුන් හොරෙන් එහෙ මෙහෙ ගෙන යාමේ දැවැන්ත ජාවාරම් ඇති බව පෙනේ. ලංකාවේ සිට බෝට්ටුවල නැගී ඔස්ටේ‍්‍රලියාවට යන ලාංකිකයන් ගණන වැඩි වීමත් සමග මෙවැනි බෝට්ටු ගමන්වල අනතුරුදායකබව වෙරළබඩ ගම්මානවල මිනිසුන්ට වීදි නාට්‍ය, පෝස්ටර්, පත‍්‍රිකා, බැනර් හා සම්මන්ත‍්‍රණ ආදිය ආශ‍්‍

ලොව ලොකු ම පරිසර දූෂකයා වන චීනයේ සමාගම් නීති බල්ලාට දමයි

Image
(2009 ඔක්තෝබර්  25 - W3Lanka ) පසුගියදා ඇමරිකා එක්සත් ජනපදය පරයමින් ලෝකයේ වැඩි ම හරිතාගාර වායු මුදාහරින්නා බවට පත් වූ චිනයේ ‘පාරිසරික තොරතුරු හෙළිදරව් කිරීමේ ක‍්‍රියාමාර්ග‘ නම් නීතිමය පියවර හ`දුන්වා දී වසරකට පසුව පවා ප‍්‍රධාන පෙළේ සමාගම් 18ක් ඒ අනුව කටයුතු කිරීමට අසමත් වී ඇති බව ග‍්‍රීන් පීස් ව්‍යාපාරය පවසයි.  මෙම නීතිය අනුව කිසියම් සමාගමක් පාරිසරික නීති උල්ලංඝනය කරන බව පළාත් පාලන ආයතන විසින් දැනුම් දී මාසයක් ඇතුළත එම සමාගම් අදාළ පරිසර දූෂණ දත්ත එළිදැක්විය යුතුයි. එහෙත් බොහෝ සමාගම් මෙය මගහරින බව ග‍්‍රීන් පීස් පවසයි.  ෂෙල්, සැම්සුං, නෙස්ලේ, එල්.ජී., ක‍්‍රාෆ්ට්, මෝටරෝලා, ඩෙන්සෝ හා බි‍්‍රජ්ස්ටන් යන බහු ජාතික සමාගම් ද මෙම පරිසර දූෂණ නිති උල්ලඝනය කරන්නන් අතර වෙති.