දරුවන් මරණ රුබෙල්ලා එන්නත්වල නිෂ්පාදිත දිනයක් නැහැ

කල් ඉකුත් වීමට ආසන්න බෙහෙත් වර්ග හා බාල බෙහෙත් වර්ග ගෙන්වීමෙන් විශාල කොමිස් ගැනීමක් සිදුකරන බව පසුගිය කාලයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයට චෝදනා එල්ල වූ බවද මහාචාර්ය සේනක බිබිලේ අනුස්‌මරණ සංවිධානයෙහි ලේකම් වෛද්‍ය ජයන්ත බණ්‌ඩාර මහතා පවසයි.
වාරියපොල මිනුවන්ගැට මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් තිදෙනකු රුබෙල්ලා එන්නත විදීමෙන් පසු ඇති වූ අසාත්මිකතා හේතුවෙන් ඉකුත් සෙනසුරාදා වාරියපොල දිස්‌ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් 13 හැවිරිදි අශාන්ති වාසනා නමැති ශිෂ්‍යාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්‌ෂණ රෝහලට ඇතුළත් කර සිටියදී ඔක්තෝබර් 12 දා රාත්‍රියේ මිය ගියාය.
2009 මාර්තු මාසයේදී මාතර ශාන්ත තෝමස් බාලිකා විද්‍යාලයේ 12 හැවිරිදි පේෂලා හංසනී ශිස්‍යාව ද රුබෙල්ලා එන්නත විදීමෙන් පසු මිය ගිය ගියාය.
ලංකාවේ දේශපාලකයන් හා නිලධාරීන් රජයට සැපයුම් ලබා ගැනීමේදී සැපයුම්කරුවන්ගෙන් කොමිස් ඇතුළු අයථා ලාභ ලැබීම සාමාන්‍ය දෙයක් බවට පත් වි තිබෙන අතර මේ වන විට සියලු මිළ දී ගැනීම් මෙම කොමිස් ජාවාරම් මත රඳා පවතින තත්වයක් නිර්මානය වී තිබේ. මෙහි භයානක ම පැතිකඩ වන්නේ මේ අයථා ලාභ හේතුවෙන් බදු ගෙවන ජනයාට ම ජීවිතවලින් වන්දි ගෙවන්නට පවා සිදු වීමයි.
මේ හැම ජීවිතයකටම වන්දි ගෙවන්න ඕන මේ පාලනත්‍රන්තයට සම්බන්ධ මිනිස්සු.
ReplyDeleteමේවා වෙනස් කරන්න ඕන කියලා තමයි හැම සැරේම,හැම එකාම බලයට එන්නෙ.
ඒවා කරන්න බැරිනම් පාඩුවෙ ගෙදර යන්න ඕන.
නැත්නම් මේ ජීවිත වලට වග කියන්න ඕන.
අවුල තියෙන්නෙ මේ මැරෙන මිනිස්සු තමන් මැරෙන හේත්‍රවවත් දන්නෙ නැතිවයි මැරෙන්නෙ.
මේ හැමෝම අපිට රටක් ලැබීමේ ප්‍රීතියට කිරිබත් කාපු මිනිස්සු වෙන්නත් ඇති.
ඒක එයාලගේ වරදක් නෙමෙයි.
අපි මේ රට වෙනස් කරමු.
ඒක කරන්න නම් අපි මේ පාලනත්‍රන්තය කරන දේ පැහැදිලිව වෙනස් කරන්න ජනතාව දැනුවත් කරන වැඩක්, ලංකාවේ ගැමි ගොවි ජනයා විසින් පවත්වාගන යන පවතින දේශපාලනය ගැන කරන බරපතල හැදෑරීමක් එක්ක මේක වෙනස් කරන්න බහින්න ඕන.
අහිංසක මිනිස්සු මරණ්නේ නැතුව ඕන මගුලක් කරගනිල්ලා!
ReplyDelete