මෙන්න ජ'පුර පුස්සවිජ්ජාලයේ බුද්ධිමය සංවාදයක සටහන්



(2009 ඔක්තෝබර්  24 - W3Lanka) මේ වනාහි ඇත්තෙන් ම නම් මේ රටේ බුද්ධි මණ්ඩප විය යුතු, එහෙත් රටේ සිදු වන බුද්ධිමය නිෂ්පාදනවලට අවම සම්බන්ධයක් ඇති විශ්වවිද්‍යාල නම් අධ්‍යාපන ආයතනවල ඉගෙන ගැනීම හෙවත් සටහන් ලියාගෙන කට පාඩම් කර විභාග සමත් වී පාරවල් ගානේ උපවාස කර වෙනත් දෙයක් කරන්නට බැරි නිසා රජයේ සේවයට පිවිස රටට ම බරක් වන උපාධි අපේක්ෂකයන් නම් පිරිසකගේ බුද්ධිමය සංවාදයක සලකුණු ය. සිද්ධිය වාර්තා වන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙනි. ගැටුම විද්‍යා පීඨය හා කලා පීඨය අතරයි. පිට කාගේ ද යන්න අප දන්නේ හෝ අපට දැනගන්නට උවමනා හෝ නැත.

මේ සුළු ධනේශ්වර අවස්ථාවාදී ශිෂ්‍යයන් මේ බුද්ධිමය සංවාද කරන්නේ මෙරට පීඩිත මහජනයාගේ බදු මුදලින් නඩත්තු වන විශ්වවිද්‍යාලවලයි. මොවුන් ශික්ෂනය කිරීමට මෙම ආයකනවල සිටින්නේ ඔවුන් වැනි ම වූ සටහන් කට පාඩම් කර ඉහළින් විභාග සමත් වී ආචාර්යවරුන් බවට පත් වී සිටින මහජන මුදලින් සුවිසල් වරප්‍රසාද භුක්ති විඳින ගමන් කළ යුතුව තිබෙන ශාස්ත්‍රීය පර්යේෂණ වෙනුවට ටියුෂන් හා වෙනත් බිස්නස් කරන මෙවැනි ම බුද්ධි හීනයන් පිරිසකි.

ආචාර්යවරුන් මේ ගේම් දෙන අතර සිසුන් යයි කියන පිරිස කරන ලොකු ම කෙළිය රැග් කිරීමයි. අලුත් සිසුන්ට යට ඇඳුම් ඇඳීම තහනම් කරන විශ්වවිද්‍යාල ලෝකයේ කොහේ හරි තිබේ නම් ඒ ලංකාවේ පමණය.

මේවා විශ්වවිද්‍යාල නොව පුස්සවිජ්ජාලයි. 



(Photo: Antiragger)

Comments

  1. ජපුර විතරක් නෙමෙයි. ලංකාවෙ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිවයම වෙලා තියෙන්නෙ ඔය ටික තමයි.

    දේශපාලනය කියන්නේ සිසුන්ගේ අයිතියක් උනාට රට හැදීම සිසුන්ගේ වගකීමක් නෙමෙයිනේ, විශේෂයෙන්ම අධ්‍යාපනයත් පැත්තකට දාලා...

    ReplyDelete
  2. සෑම විශ්වවිද්‍යාලයකටමත්, සෑම සරසවි සිසුවෙකුත් ඉලක්ක කරගෙන පොදුවේ බැණීම එක්ක නම් එකඟ වෙන්න බැහැ.

    නමුත් මේ වගේ දේවල් ගැන සමාජය දැනුවත් කිරීම ගැන මගේ පැසසුම්.

    මේ ලිපියත් බලන්න, http://blog.indranama.com/2009/10/eiffel-tower-and-rascals-in-university/

    ReplyDelete
  3. ශාකුන්තල කී දෙයට එකඟයි. දැඩිව පහර දෙන්නේ මේ ක්‍රමය වෙනස් කිරීමට රිදෙන සියලු දෙනා උනන්දු වන හෝ උනන්දු විය යුතු නිසායි.

    ReplyDelete
  4. මේකෙ තියෙන කරුනු වලට එකඟ උනත් මේ ටික කියන්න ඕනෙ.

    මේ ෆොටෝ එක public media වලට රිලීස් කරපු එකක් නෙමෙයි. මේක Facebook එකට අදාල සිසුන් විසින් දාපු පෞද්ගලික පොටෝ එකක්. ඒ නිසා ඔබතුමාට සදාචාරාත්මක අයිතියක් නම් නෑ මේ පොටෝ එක පාවිච්චි කරන්න. අඩුගානෙ මේකෙ පුද්ගලයගෙ ඇස් දෙක වහන්න වත් කල්පනාකලේ නෑ නේද? මේක අයිති අයගෙන් අවසර ගත්තද මේක දාන්න?

    ReplyDelete
  5. Things are not gonna be change a bit. At least not in near future. Sad.

    ReplyDelete
  6. What is happening in J'pura cannot be tolerated. There are every valuable characters produced by Universities. If you do not know about those characters I can show. There are a lot of Sri Lankan graduates working in well recognized institutions in the world. Medical Faculty of Colombo University is completely forgotten. Science Faculty of University of Colombo is not bad for more than 5 years. There is no considerable ragging in the faculty.
    Politics ruin whole country including universities. That is the reality. Politics cannot be recommended to university students. I was a University Student and University Lecturer now for more than 10 years. I cannot justify the things in some Universities. J'pura University also should have very good students. I think these students do not have stop things come with political back. I am writing this in simple English since my Sinhala typing speed is very low. My Sinhala is better than English.
    I understand that politics should be keep away from university students. Purpose of students should be gaining new knowledge.

    ReplyDelete
  7. Divaina kiyanawa wage nawakayanta campus eka nazi kadawurak karalanan,me wage amanushika widiyata lamainta wada denawanan,bucket eken passe seniorslai juniorslai kohomada me taran sahayogen adaren inne,paripalanen karana asadaranakam walata ekata kegahanne.sartaka widiyata campus eke mahaa parimana utsawa karanne,eka bath eka 50k witara kanne.(meka mama den awurudu 3k tisse dakina deyak).ehema wenawanan prayogikawa wenna ona rag eka iwara unama 1st year 2nd,3rd year batch atara maraaganna eka neweida wayira bedan(mokada kello iwasuwat kollo iwasanneti nisa)?mama kawadawat ehema dekala nene.1st year lamai ewa echchara ikmanta amataka karanawada oya wage wada dunnanan?nettan 1st year lamai eeta passe belaheenayo wenawada?eth api dakina 1st yearsla satankamiy.mata kawruhari anna e tarkaya pehedili karala denawada?

    ReplyDelete
  8. මගේ ප්‍රශ්නයට තවම පිලිතුරක් නැත.
    පෞද්ගලික ඡායාරූපයක් වන මෙය පල කිරීමට, මෙම ඡායාරූපය facebook හි දැමූ අයගෙන් අවසර ගත්තාද? අවසර නොගත්තේ නම් ඇස් දෙක අඳුරු කිරීමක් පවා නොමැතිව මෙය පල කිරීම මාධ්‍යවේදියෙකු වශයෙන් ඔබට සදාචාරසම්පන්නද?

    ReplyDelete
  9. ඉන්දරේ, අප වඩා සංවේදී වන්නේ මානුෂිකත්වය කෙරෙහි මිස කොපිරයිට් සංකල්ප වැනි ධනේශ්වර ප්‍රලාප ගැන නොවේ. මෙම ඡායාරූපය පළ කිරීමෙන් හා මෙම සටහන තැබීමෙන් අප බලාපොරොත්තු වන්නේ සරසවිවල ඇති අමානුෂික නවක වධය කෙරෙහි පාඨක අවධානය යොමු කිරීමට පමණි. ධනේශ්වර කොපිරයිට් පිළිබඳ පසුව ලියන්නට අදහස් කරමි. දැනට ඒ ගැන හදිසියක් නැත. අපි ඒවාට ගරු කරන්නේ නැත. මෙම ඡායාරූපය හේතුවෙන් මෙම පිටෙහි හිමියාට වන්නට අලුත් දෙයක් නැත. පීඩකයන්‍ට ජනයා පීඩනයට පත් කිරීම සඳහා අධිපති මාධ්‍යවල සදාචාර සීමාවන් නැති බව ලංකාවේ සිංහල පත්තර බලන ඔබ හොඳින් දන්නවා ඇත. බ්ලොග් අවකාශයේ සාපේක්ෂ නිදහස සියතින් සීමා කර ගන්නට අප‍ට උවමනාවක් නැත. මාධ්‍ය සදාචාරය දෙස අප බලන්නේ පීඩිත ජනයාගේ ඇසින් පමණි. අප මධ්‍යස්ථ නැත. මධ්‍යස්ථ යයි කියන කිසිවෙක් ඇත්තෙන් ම මධ්‍යස්ථවන්නේ නැත.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා