පොළී අනුපාත අඩු කළාට දුප්පතාගෙ ණය පොළියට වෙන පොඩි හැන්දක්


(2009 ඔස්තෝබර් 28 - W3Lanka) රජය ණය පොළී අනුපාතික අඩු කරන්නැයි රාජ්‍ය බැංකුවලට නියෝග කර තිබුණ ද සමාජයේ සාපේක්ෂ වශයෙන් අඩු ආදායම් ලබන කොටස් විසින් බහුලව ලබා ගන්නා රන් ණය සඳහා පොලිය සෙසු ණය පොළී මට්ටමින් අඩු නො කෙරෙන බව දැන ගන්නට තිබේ. 

අද සිට රාජ්‍ය බැංකුවල ණය පොළී අනුපාතික සියයට 8 සිට 12 දක්වා පහත බස්වන ලෙස මුදල් ඇමති ජනාධිපති මහින්ද රාජපක්ෂ නියෝග කර තිබේ. 

එහෙත් මහජන බැංකුව පවසන්නේ රන් ණය පොළී අනුපාතික අඩු කරන්නේ 14% සහ 17.5% අතර ප්‍රමාණයකින් බවයි. සෙසු රාජ්‍ය බැංකුවලට ද රන් ණය පිළිබඳව උපදෙස් ලැබී ඇත්තේ මේ අන්දමින් බව දැනගන්නට තිබේ.


රන් ණය යනු බැංකුවලට ඉතා ලාභදායී, ණය ගෙවීම පැහැර හැරීමෙන් සිදු වන පාඩුවක් ඇත්තේ ම නැති, ඉතා අඩු කාර්ය ප්‍රමාණයක් අවශ්‍ය ණයකි.  


Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා