නවක වධයට වගකිව යුත්තේ පාසල් හා සරසවි ආචාර්යවරුයි
(2009 ඔක්තෝබර් 16 - W3Lanka) විශ්වවිද්‍යාලවල නවක වධය උග්‍ර වී තිබෙන බව ජනමාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ නවක සිසුන්ගේ බත් පතට වැලි දැමීමේ සිද්ධි හා කසල ආහාර කන්නට සැලැස්වීමේ සිද්ධි පිළිබඳව අද දිවයින පුවත්පත වාර්තා කළේය.
පේරාදනිය සරසවියේ පරිපාලනය නවක වධය වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමත් සමග ම තත්වය කෘෘර අතට හැරී ඇති බව විශ්වවිද්‍යාල ආරංචි මාර්ග පවසයි.
ඇතැම් දේශපාලන කණ්ඩායම් අලුත් සිසුන් තමන් කෙරෙහි ආකර්ශනය කර ගැනීම සඳහා නවක වධය පාවිච්චි කරති.
වඩාත් ම කෘෘර ලෙස නවක වධයේ යෙදෙන්නෝ වනාහි වර්තමාන සමාජය වසා පැතිර පවතින සමාජ පර පීඩක කාමුකත්වයට ගොදුරු වූ රෝගීහු වෙති. පර පීඩක කාමුකත්වයේ ප්‍රධාන රෝග වාහකයා වන්නේ මේ රටේ පාසල් පද්ධතියයි.
විදුහල්පතිවරුන්, ගුරුවරුන්, ශිෂ්‍ය නායකයන්, පංති නායකයන් විශාල පිරිසක් අමු ම අමු පරපීඩකයෝ වෙති. තම අත ඇති බලය දුබල සිසුවකු සිසුවියක අසරණ කිරීම සඳහා පාවිච්චි කිරීම ඔවුන්ගේ සාමාන්‍ය පුරුද්දයි.
ලංකාවේ බොහෝ දේශපාලනඥයෝ හා රාජ්‍ය නිලධාරීහු ද සමාජ පර පීඩක කාමුකත්වයේ නිදර්ශක වෙති.
යුද සමයේ ගොඩනැඟුණු යුද මානසිකත්වය සමාජ පර පීඩක කාමුකත්වයේ ව්‍යාප්තිය සඳහා තෝතැන්නක් විය.
වර්තමානයේ විශ්වවිද්‍යාලවල පවතින්නේ ද බුද්ධිමය වටපිටාවක් නොවේ. මෙම තත්වයට වග කිව යුත්තේ සිසුන්ට වඩා ආචාර්යවරු ය. නවක වධය දෙන සිසුවෝ අඩු තරමේ වසරක්වත් මෙම විශ්වවිද්‍යාලවල උගත් අය වෙති.
මහජන මුදලින් උපරිම වරප්‍රසාද භුක්ති විඳින පිරිසක් වන, එම වරප්‍රසාද භුක්ති විඳිමින් රටට කළ යුතුව තිබෙන බුද්ධිමය දායකත්වය වෙනුවට ටියුෂන්, එන්ජීඕ ආදිය කරමින් මුදල් ගැරීම කරන බහුතරයකින් සමන්විත අචාර්යවරුන් සරසවි සිසුන්ගේ ආකල්ප වර්ධනය කිරීම සඳහා කර ඇත්තේ කුමක් ද?

Divaina kiyanawa wage nawakayanta campus eka nazi kadawurak karalanan bucket eken passe seniorslai juniorslai kohomada me taran sahayogen adaren inne(meka mama den awurudu 3k tisse dakina deyak).ehema wenawanan prayogikawa wenna ona rag eka iwara unama batch atara maraaganna eka neweida wayira bedan?mama kawadawat ehema dekala nene.mata kawruhari anna e tarkaya pehedili karala denawada?
ReplyDelete