Posts

Showing posts with the label විශ්වවිද්‍යාල

සරසවි සිසුන් 140ක් ආගිය දිහාවක් නැහැ -අන්තරේ

(2010 ජනවාරි 22 -W3Lanka) යුද්ධයේ අවසන් සමයේදී පීඩාවට පත් සරසවි සිසුන් 140ක් පිළිබඳ තවමත් තොරතුරු නැති බව අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න පවසයි.  උතුරේ අවතැන් කඳවුරුවල සිටි විශ්වවිද්‍යාල සිසුන් 343ක් පසුගිය දිනවල නිදහස් කර ඇති බව ද ඔහු පවසයි.  පසුගියදා මහත් ආන්දෝලනයක් ඇති කළ සිද්ධියක් වූ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ කලා පීඨ ශිෂ්‍යා රාසයියා ද්වාරකා පැහැර ගෙන ගොස් ත්‍රස්ත විමර්ශන කාර්යාංශය විසින් රහසිගත ස්ථානයක සඟවා තබා ගැනීමෙන් මාස ගණනකට පසු මෑත කාලයේදී ඇගේ මව්පියන් විසින් ඇය බූස්ස රැඳවුම් කඳවුරේදී මුණ ගැසී තිබේ. එම දෙමාපියන් ද පසුගිය කාලයේ අවතැන් කඳවුරුවල සිරගතව සිට ඇත.

සරසවි සිසුන්ගේ ලක්ෂ පහේ සමාජවාදය

Image
(2009 නොවැම්බර් 17 - W3Lanka )  විශ්වවිද්‍යාල සිසුවකු වෙනුවෙන්, පසුගිය වසරේදී (2008) රජය විසින් දරන ලද සාමාන්‍ය වියදම රුපියල් 174,000ක් වූ බව විගණකාධිපති වාර්තාවක් පෙන්වා දෙන බව අද දිනමිණ පුවත්පත පවසයි. මේ අනුව, උපාධිධාරියකු නිෂ්පාදනය කිරීම සඳහා සාමාන්‍යයෙන් ලක්ෂ පහක් පමණ මහජන මුදල් වැය වේ යයි සිතිය හැකි ය. වෛද්‍ය, ඉංජිනේරු වැනි විශේෂ උපාධිධාරීන් තැනීම සඳහා යන වියදම එමෙන් දෙතුන් ගුණයක් විය හැකි ය.  මේ වියදම අවසානයේදී බැර වන්නේ සිසුන් වෙනුවෙන් වූ ගිනුමට වුවත්, උසස් අධ්‍යාපනය නම්න් පඩි කන දේශපාලකයන්, නිලධාරීන්ගේ හා ගුරුවරුන් ආදීන් වෙනුවෙන් කරන වියදම් ද මෙයට අඩංගු ය. මුලින් කී දෙවර්ගය ගැන කතා තර වැඩක් නැති බැවින් ගුරුවරුන් පිළිබඳව පමණක් කතා කරමි. මේ විශ්වවිද්‍යාල ගුරුවරුන් වනාහි වෙනත් කිසිදු රජයේ සේවකයකුට හිමි නො වන අවම සේවා කාලයක්, අධ්‍යයන නිවාඩු හා ශිෂ්‍යත්ව ආදිය හිමි වන පිරිසකි. එහෙත්, ‍මෙම පුද්ගලයන්ගෙන් වැඩි දෙනෙකු මහජන මුදලින් ශාස්ත්‍රීය උන්නතිය වෙනුවෙන් දෙන මෙම වරප්‍රසාද පාවිච්චි කරන්නේ ටියුෂන් හා වෙනත් බිස්නස් කරන්නට, දේශපාලකයන්ට කඩේ යන්නට හා නිකම් ඉන්නට මිස වෙනත් දෙ...

නවක වධයට වගකිව යුත්තේ පාසල් හා සරසවි ආචාර්යවරුයි

Image
(2009 ඔක්තෝබර් 16 - W3Lanka ) විශ්වවිද්‍යාලවල නවක වධය උග්‍ර වී තිබෙන බව ජනමාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ නවක සිසුන්ගේ බත් පතට වැලි දැමීමේ සිද්ධි හා කසල ආහාර කන්නට සැලැස්වීමේ සිද්ධි පිළිබඳව අද දිවයින පුවත්පත වාර්තා කළේය.    පේරාදනිය සරසවියේ පරිපාලනය නවක වධය වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමත් සමග ම තත්වය කෘෘර අතට හැරී ඇති බව විශ්වවිද්‍යාල ආරංචි මාර්ග පවසයි.    ඇතැම් දේශපාලන කණ්ඩායම් අලුත් සිසුන් තමන් කෙරෙහි ආකර්ශනය කර ගැනීම සඳහා නවක වධය පාවිච්චි කරති. වඩාත් ම කෘෘර ලෙස නවක වධයේ යෙදෙන්නෝ වනාහි වර්තමාන සමාජය වසා පැතිර පවතින සමාජ පර පීඩක කාමුකත්වයට ගොදුරු වූ රෝගීහු වෙති. පර පීඩක කාමුකත්වයේ ප්‍රධාන රෝග වාහකයා වන්නේ මේ රටේ පාසල් පද්ධතියයි.    විදුහල්පතිවරුන්, ගුරුවරුන්, ශිෂ්‍ය නායකයන්, පංති නායකයන් විශාල පිරිසක් අමු ම අමු පරපීඩකයෝ වෙති. තම අත ඇති බලය දුබල සිසුවකු සිසුවියක අසරණ කිරීම සඳහා පාවිච්චි කිරීම ඔවුන්ගේ සාමාන්‍ය පුරුද්දයි. ලංකාවේ බොහෝ දේශපාලනඥයෝ හා රාජ්‍ය නිලධාරීහු ද සමාජ පර පීඩක කාමුකත්වයේ නිදර්ශක වෙති.    යුද සමයේ ගො...