Posts

Showing posts from June, 2022

මං කඩේ යන්නෙ කාටද?

Image
  June 23, 2022   admin   People   Politics අජිත් පැරකුම් ජයසිංහ මං රනිල්ට කඩේ යනවද? උත්තරය මේ ලිපියේ අග තියෙනවා. එතකොට මං ගෝඨාභය රාජපක්ෂට විරුද්ධ නැද්ද? මං ඔහු බලයට එන එකට හැමදාමත් විරුද්ධව වැඩ කළා. ඔහු බලයට පත්කළේ ඔබයි. හැබැයි, ප්‍රජාතන්ත්‍රවාදය අනුව ඔහු තවමත් ජනාධිපති. පත්කළ ඔබ ඔහු පන්නන්න අරගල කරනවා. ඔබ පරාදයි. එය ඔබත්, ඔහුත් අතර ප්‍රශ්නයක්. මට ඒක එච්චර අදාළ නැහැ. ආණ්ඩු පත්කරලා ඊට පසුදා සිට ඒක පන්නන්න වැඩකරන දේශපාලනයට මං හැමදාමත් විරුද්ධයි. රනිල් හා ගෝඨාභය රාජපක්ෂ ඉන්නේ යම්කිසි සන්ධානයක බව පැහැදිලියි. එහි ගැටලු අනන්තයි. එහෙත්, මේ මොහොතේ එම බලතුලනය තුළ යම් සාධනීය ක්‍රියාමාර්ග ගන්නවා. ඒ සඳහා සහයෝගය අවශ්‍යයි. අර්බුදයෙන් ගොඩඒම සඳහා විකල්ප සීමිතයි. දැන් කළ යුතුව තිබෙන්නේ පහත දැක්වෙන දේවල්. ඒවා ආණ්ඩුව කරනවා. 1. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට එළැඹීම. මේ කටයුතු දැන් ඉදිරියට යනවා. 2. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතුව ණය ප්‍රතිව්‍යූහගත කරගැනීම. ඒ සඳහා මේ වන විට පිණිස ලසාඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් (Lazard and Clifford Chance) සමාගම සමග කටයුතු කරමින් සිටිනවා. 3. රාජ්‍ය මූල්‍ය හිඟය අවම වන

සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගයත් සමග එක්වීම හෙවත් කොරා පිට අන්ධයා නැගීම

Image
  June 22, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ මේ දවස්වල සමගි ජන බලවේගය රනිල් පැන්නීමේ අලුත් වටයක් ආරම්භ කර තිබෙන අතර එයට ජාතික ජන බලවේගය ද එක්වී තිබේ. අද දින හිරුණිකා ද ඒ සඳහා යොදවා තිබේ. ඊයේ දින පාර්ලිමේන්තුවේදී සජබ හා ජාජබ සමග විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ ඇතුළු පක්ෂ එක්ව පෙන්වූ ජවනිකාව ද එහි කොටසකි. විමල් වීරවංශ සිය ආවේණික ලක්ෂණයක් ප්‍රදර්ශනය කරමින් සුපුරුදු පරිදි ඉතා අවමන් සහගතව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ගැන කතාකළ මුත්, පාර්ලිමේන්තු වර්ජනයට සහභාගී නොවූයේ සජබ හා ජාජබ වෙතින් එක්ව ගමනකට ආරාධනා නොලැබුණ නිසා විය හැකිය. චම්පික රණවක, කුමාර් වෙල්ගම වැනි තනි අලි රැල්ලට ඔහේ පාවී යන රොඩුකෑලි නිසා ගණන් ගත යුතු නැත. ඔවුන් ඊළඟ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වන ක්‍රමයක් සොයාගත යුතුය. ඊයේ සජිත් ප්‍රේමදාස සජබ හා ජාතික ජන බලවේගයත් සමග පාර්ලිමේන්තුවෙන් පිටවන්නේ පාර්ලිමේන්තු දේශපාලනයේ දැවැන්තම පරාජයකුත් සමගය. එනම්, සජබ වෙනුවෙන් රංජිත් මද්දුම බණ්ඩාර ඉදිරිපත් කළ 21වන සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණයේදී ලැබුණු තීන්දුව. ඔවුන් පිටවෙන්නෙ ඒ ලැජ්ජාව වහගන්නත් එක්ක. සජිත් ප්‍රේමදාසගේ දේශපාලනය තේරුම්ගන

ජනාධිපතිගෙ උපන්දිනේ දවසෙ දේශපාලන තත්වය

Image
  June 20, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ මං කරන්නෙ මං ඒ මොහොතෙ නිවැරදියි කියල හිතන දෙය. මෙතෙක් ආ මග මට වැරදිලා නැහැ. 2005දී මහින්ද රාජපක්ෂලා බලයට එනවට විරුද්ධව වැඩ කළා. යුද්දෙට විරුද්ධ වුණා. දෙමළ ජනතාවගේ අරගලයට පක්ෂව කටයුතු කළා. දෙමළ ජාතිවාදය පීඩිත ජාතිවාදයක් නිසා ඒ ජාතිවාදයට පක්ෂ විය යුතුය කියන හිරු කණ්ඩායමේ ස්ථාවරයට විරුද්ධව සටන් කළා. බලය බෙදීම වෙනුවෙන් සටන් කළා. ජාතික ප්‍රශ්නයට විසඳුම සිංහල (ශ්‍රී ලාංකික), දෙමළ, මුස්ලිම් වැනි ජාතික අනන්‍යතාවන් අතික්‍රමණය කරන පුළුල් දේශපාලන ප්‍රජාවන් නිර්මාණය කරගැනීමය කියන ආස්ථානය ප්‍රවර්ධනය කළා (ඉන්දියාව එක්ක සහසන්ධීය රාජ්‍යයක් කියන සංකල්පය ගේන්නෙත් එතනින්). මහින්ද රාජපක්ෂලා පරද්දන්න දිගටම වැඩ කළා. 2015දී මහින්ද රාජපක්ෂලාව පැරැද්දුවා. 2019දි ගෝඨාභය රාජපක්ෂ පරද්දන්නට ශක්තිය තිබුණු බව පෙනුණු ප්‍රබලම අපේක්ෂකයා වෙනුවෙන් වැඩකළා. ආර්ථිකය කඩාවැටෙන නිසා කොවිඩ් ඇඳිරි නීතියට විරුද්ධව සටන් කළා. කොවිඩ් කියන්නෙ බිස්නස් එකක් නිසා ඒකට අහුවෙන්න එපා කිව්වා. ආර්ථික අර්බුදය එනකොටම 2019ට කලින් හිටපු පාරිභෝජනවාදී ජීවිතේ ආපහු ලැබෙන්නෙ නැති නිසා පාරිභෝජනවාද

ලංකාව මුහුණදෙන අර්බුදයට විසඳුම කුමක්ද? සරත් ඉද්දමල්ගොඩ පියතුමාට පිළිතුරක්

Image
  June 17, 2022   admin   Politics -අජිත් පැරකුම් ජයසිංහ මා ගරු කරන විමුක්ති දේවධර්මවාදියකු වන සරත් ඉද්දමල්ගොඩ පියතුමා පවතින අර්බුදයට මා යෝජනා කරන විසඳුම් මොනවාදැයි ඇසීය. ඔහු වැනි කෙනෙකු ඇහුවාම අනිවාර්යයෙන් උත්තර දෙන්නට ඕනැ නිසා මේක ලිව්වෙ ෆෝන් එකෙන්. ලයිට් නැතුව. බැට්‍රිය 5%යි. පැය එකහමාරක් විතර අඳුරෙ මහන්සි වුණා. කෙනෙකුට මේකට හාහා රියැක්ෂන් එකක් දාන්න මගේ නම විතරයි බලන්න ඕනැ. ඒ නිසා කියවා විවේචනය කරන්න. විකල්පය මේකයි: 1. ප්‍රශ්නයට හේතුව හොයාගන්න ඕනැ. ඇත්ත හේතුව ඔය ජනප්‍රිය හේතු නොවෙන්න පුළුවන්. ලංකාව දීර්ඝ කාලයක් විවෘත වෙළඳපොළෙන් අධිපොළී ණය ගත්තා. ඒ සල්ලිවලින් ඉදිකිරීම් කළා. ඒකෙන් කොමිස් ව්‍යාපාරයකුයි, ඉදිකිරීම් කර්මාන්තයකුයි සරුවුණා. කරපු සමහර ව්‍යාපෘතිවලින් ආදායම් නැහැ. 2. එසේ ණයට ගත් මුදල් විදේශ සංචිතවල දාලා, ඒව පෙන්නලා තව ණය ගත්තා. ණය ගෙවන්නත් තව ණය ගත්තා. 3. ජනගහනයෙන් 10%ක් විතර පිරිසකට රජයේ රස්සා දුන්නා. ඒවයෙ වැඩ අඩුයි. ලාභය වැඩියි. ඉහළ නිලධාරීන්ට හා දේශපාලකයන්ට අමතර වරප්‍රසාද සහ දූෂණයට අවස්ථාත් දුන්නා. ඒකෙන් ශක්තිමත් අතරමැදි පන්තියක් හැදුණා. ඒගොල්ලන් තමයි රාජ්‍යයේ අයිතිකාරයන්.

යතුර වැටුණෙ අතුර ළඟ

Image
  June 17, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ ලංකාවේ දේශපාලන ප්‍රශ්නය සරලව කිව්වොත්, සමස්ත ජාතියම එකතුවෙලා මහ විශාල රජයක් හදාගෙන, විදේශවලින් ණය අරගෙන, ඩොලර් එක පෙග් කරලා තියාගෙන, බඩු ආනයනය කරගෙන, හොරකම්-දූෂණ-වංචා කරමින්, ඒකට ගැලපෙන නායකයන් පිරිසකුත් හැම පක්ෂෙන්ම හදාගෙන, කාලා බීලා පාරිභෝජනවාදී ලෙස ජොලියේ හිටියා. මේක අතුරේ ගමන වගේ අවදානම් ක්‍රමයක්. මෝඩයෙකු ජනාධිපති වෙලා ඒ ගිය අතුර කැපුවා. ඕක තමයි ඇතිවෙච්ච අර්බුදය. අතුර කපපු මෝඩයව පන්නන්න පුළුවන් ඕනැ නම් මහන්සි වෙලා. අතුරේ යන්න දක්ෂ වික්‍රම සිංහයෙකු පත්කරගෙනනෙ දැනුත් තියෙන්නෙ. ඒ වුණාට ආපහු බැඳගන්න වෙන්නෙ අතුරක්. අතුර කියන්නෙ ස්ථාවර අනතුරක්. දේශපාලන ප්‍රශ්නෙට විසඳුම ආපහු පැලැස්තර නෙදා ස්ථිරවම මේ ක්‍රමය වෙනස් කරන එක. ඒ කියන්නෙ අපනයනය කරන තරමට ආනයනය කරන, රටේ තරමට ගැලපෙන රජයක් තියෙන රටක් හදන එක. ඒ අනුව, අපේ සමස්ත සමාජ ජීවිතයම ප්‍රතිව්‍යූහගත කරගන්න එක. කැත විදියට කිව්වොත්, නිකං කකා ඉන්නවා වෙනුවට වැඩකරන ජාතියක් හැදීම. යතුර වැටිල තියෙන්නෙ පුතේ ඔතන. ව්‍යවස්ථා සංශෝධන කියන ලයිට් කණුව යට යතුර හෙව්වට යතුර නම් හම්බවෙන්නෙ නැහැ, හොඳේ. කරන්න ඕන

මං වගේ ස්මාට් පුරවැසියෙකු වෙයව්! නැතිනම් වැනසියව්!

Image
  June 17, 2022   admin   Life – අජිත් පැරකුම් ජයසිංහ 2020 මුල මං බණ්ඩාරගම ඉඩමක් ගත්තා. ටවුමට කිලෝමීටරයයි. මං බණ්ඩාරගම තියෙන පුළුල්, තැනිතලා අවකාශයට, ටවුම වටේ තියෙන ජලාශවලට කැමතියි. අපි පදිංචිය මාරුකරන්න හිටියෙ එහෙට. ඒත්, කොරෝනා පිස්සුව යද්දි මට දැනුණා රට ආර්ථික වශයෙන් අනාථ මාවතේ කුණාටු සාගරේ බව. මට බණ්ඩාරගම ගේ හදන්න වෙන්නෙ නැති බව. එහෙම හිතුවෙ සිමෙන්ති කොට්ටෙ රුපියල් අටසීයක් වෙන්නත් කලින්. ඒත්, ඒ වෙනකොට අපි මුලින් හදපු ගමේ ගෙදර එපාවෙලා තිබුණෙ. ඊට වඩා පහසු තැනකට යන්න ඕනැ කියල තීරණය කරලයි තිබුණෙ. ඒ නිසා මං 2021 මුල මතුගම – කලුතර පාරෙ පොදු ප්‍රවාහනයට ඉතා පහසු තැනක බාගෙට හදපු ගෙයක් අරගෙන ඉතුරු ටික 2021දීම සම්පූර්ණ කරගත්තා. බිරිඳ, ළමයි එහෙම ගෙයි ප්ලෑන් එකට එච්චර කැමති වුණේ නැති වුණත්, මං විධායක ජනාධිපති බලතල පාවිච්චි කරලා ලොකු වෙනස්කම් නොකර ගේ සම්පූර්ණ කරගෙන 2021 ඔක්තෝබර්වල පදිංචියට ආවා. බණ්ඩාරගම ඉඩම සුළු මිලක් වැඩියෙන් තියාගෙන විකිණුවා. යට කරපු මුදලට ලැබිය යුතු ප්‍රතිලාභය මදි නිසා ඇත්තෙන්ම පාඩුයි. වයිෆ් පොඩි ලෝන් වගයක් ගත්තා. කොම්පැනියෙන්, මල්ලි කෙනෙකුගෙන් එහෙම ගත්ත ණයත් පහුගිය දවස්වල ගෙව

IMF එකේ රයිස් මහත්තයා හා බඩේ බත්ටික

Image
  June 13, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ ජාත්‍යන්තර මූල අරමුදල ශ්‍රී ලංකාවට කෙතරම් මූල්‍ය පහසුකමක් ලබාදෙන්නේදැයි තවමත් අවිනිශ්චිත බව එහි ප්‍රකාශක රයිස් හෙවත් බත් මහතා විසින් කරන ලද ප්‍රකාශයෙන් පෙනේ. ලංකාවේ හෝම් ග්‍රෝන් සොලියුෂන්ස් හෙවත් ගෙදර වවාගෙන කන විසඳුම් ගැන දන්නා බව කියන එහෙත් එසේ ගෙදර වවන්නේ මොන විසඳුම්දැයි හරියට නොකියන පඬියෝ සිටිති. එහෙත්, අවසාන විග්‍රහයේදී රයිස් මහතාගේ අරමුදල අපට ණය නොදුන්නොත් බත් කන්න විදියක් නැති බව ඇත්තකි. ලංකාව පහුගිය කාලේ අනුගමනය කළ සරල ආර්ථික විද්‍යාව මෙසේය: ඔන්න ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළෙන් ගිනි පොළියට ණය ගන්නවා. ඒවායින් මෙහේ එක එක ඉදිකිරීම් කරනවා. ඉදිකිරීම් කර්මාන්තය හා කොමිස් කර්මාන්තය ජයටම කෙරෙනවා. අර හදපු ඉදිකිරීම් නඩත්තු කරන්නට තරම් ආදායම් නැතිවෙනකොට ඒකටත් ණය ගන්නවා. ගත් ණය පොළිය සමග ගෙවන්න වෙන්නෙ ඉතින් තවත් ණය අරගෙන තමයි. මේ අතර රජයේ සේවයට ලක්ෂ ගණනින් බඳවාගෙන රස්සා දෙනවා. ඒ රස්සා ගන්න අය වැඩකරන්න ඕනැ නැහැ. ඒක රටේ රැකියා සම්බන්ධ පරමාදර්ශය වෙනවා. හැමෝම බලන්නෙ වැඩ නොකර සල්ලි හම්බ කරන්න. දේශපාලනය හා ඒ ඔස්සේ ලබාගන්නා සංස්ථා සභාපතිකම් වගේ

රෝදය නැවත සොයාගැනීම

Image
  June 11, 2022   admin   Politics – අජිත් පැරකුම් ජයසිංහ අපේ වයසෙදි අපි දේශපාලනිකව සාර්ථක වෙන්නෙ ඔය අපි අපේම අතීතයට අදාළව ‘මෝඩ වයස’ය කියලා සිතන වයසෙ දැන් ඉන්න කොල්ලන්ව ‘ජාතියේ අනාගතය’, ‘ඉතිහාසයේ වගකීම පැවරී තිබෙන පරපුර’ වගේ කෑල්ලක් දාලා අන්දගෙන අපේ අරමුණ වෙනුවෙන් බිලිබෝයිස්ලා විදියට පාවිච්චි කරන්නට පුළුවන් නම් විතරයි. අපි ඔය වයසෙදි අපේ වැඩිහිටි පරපුරත් අපට ඒකම කළා. එහෙම කරන එක සම්බන්ධයෙන් වරදකාරී හැඟීමක් ඇති නොවෙන්නට නම්, ‘අප ද මේ කරන්නේ ඉතිහාසය විසින් අපට පවරා තිබෙන නායකත්ව භූමිකාවය’ වගේ එකකින් හෘදය සාක්ෂිය සනසගන්නට ඕනැ. හෘදය සාක්ෂිය කියන මගුල ඇත්තෙම නැතිවෙනවා නම් තමයි අපට සැබෑ නායකයන් බවට පත්වෙන්නට පුළුවන්. සමහර වගේ සංකල්පවලින් අපට කීර්තිය හා සෙක්ස් ලබාගන්නට හැකිවෙන්නෙ රෝදය නැවත නැවත අලුත් නිර්මාණ ලෙස සොයාගත හැකි බව පැවසීමෙනුයි. අලුත් පරම්පරාවල තරුණයන්ට කියන්න තියෙන්නෙ මං හැමදාම කියන කාරණයක්. මෝඩකම අයිතිවාසිකමක් නෙමෙයි. පැරණි පරම්පරාවල කට්ටිය තමන්ගෙ තරුණ කාලෙ ‘වීරකම්’ ගැන ලියපු (මං ලියපු කේපොයින්ට් වගේ) පොත් කියවා බලන්න. ඒව කියවන්න කලින් ඒවයෙ කවරෙ ඒවයෙ කර්තෘලා විසින් තවරලා තියෙන වීර

බ්‍රේකිං පොයින්ට් එක

Image
  June 10, 2022   admin   Politics ඡායාරූපයේ සිටින පොලිස් නිලධාරියාට කවුරුවත් මෙසේ වෙඩිතියන්නට අණකරන්නට නැතුවා ඇතිය. එසේ අණකරන්නට දෙයක් නැත. මේ පොලිස් නිලධාරීන් ද ඉන්නේ වෙහෙසට පත්වෙලාය. කලකිරිලාය. දරු පවුල්කරුවන් වන බහුතරයක් පොලිස් නිලධාරීන්ට ලැබෙන්නේ පොඩි පඩියකි. අතිකාල, බටා ආදියට දැන් තර්ජන එල්ලවී තිබේ. අතට ලැබෙන පඩිපත ණය තුරුස් ගෙවා ගෙදර කෑම බීම ටික සපයාගන්නටත් මදිය. වෙන වැඩක් කරන්නට වෙලාවක් ද නැත. ඒ මදිවාට උද්ඝෝෂණය. එක එක පඬිවරු මූණ ඉස්සරහට ඇවිත් ජීවිතය ගැන දේශනා පවත්වති. බැරියර් පෙරළති. කඩති; බිඳිති. උපරිමයෙන් කෝපාවිෂ්ට කරති. සියල්ල ඉවසා සිටිය යුතුය. වෙඩිතියන්නට අණ ලැබෙන්නේ නැත. පහරදෙන්නට පවා අණක් ලැබෙන්නේ නැත. කඳුළු ගෑස් පමණි. ඉතින් ඌ ඒ ලැබුණු අවස්ථාවේ දෙන්නං ජම්බු කියා මෙහෙම කරන තැනට ගොස් ඇත. එය අරගලයේ ජයග්‍රහණයක්ද පරාජයක්ද කියා සිහිබුද්ධියෙන් සිතාබලන්න. දැන් මේ පොලිස්කාරයන්ගේ රතුඉර පැනලාය. දැන් උන් බලාඉන්නේ අවස්ථාවක් ලැබෙන තෙක්ය. අරගලයට ද දැන් කඳුළුගෑස්වලින් එහා යමක් අවශ්‍යය. නැතිනම් අරගලය දියවී යයි. පොලිසිය ද කඳුළුගෑස් ඇඟට දමාගසන තැනට ඇවිත්ය. ප්‍රචණ්ඩත්වය, කැරැලි, මර්දනය ගැන ද

ආයෝජකයන් වෙනුවෙන් අවදානම් ගැනීමේ ආණ්ඩුවේ සූදානම පෙන්වූ විදුලිබල පනත

Image
June 10, 2022   admin   Politics – අජිත් පැරකුම් ජයසිංහ අපට ඕනැ කොන්දේසිවලට ආයෝජකයන් ගෙන්න ගන්න පුළුවන් රටක් නෙමෙයි වර්තමාන ලංකාව (එහෙම කාලයක් තිබුණා ඉස්සර). අයෝජකයන්ට ඕනැ විදියට තමයි කරන්න වෙන්නෙ. ඒක තමයි ආයෝජන ගැන සරලම කතාව. ඊයෙ අලි සබ්‍රි පාර්ලිමේන්තුවෙදි කරපු කතාවෙ මේ කොටස අහන්න: “බොරු ජාත්‍යාලයක් මවාගෙන දේශප්‍රේමයක් මවාගෙන මේ බොරුවක් කියන්න උත්සාහ කරනවා. ඔබ හිතනවාද ලෝක පූජිත සමාගම ලංකාවේ මෙගාවොට් 10කට අඩු ප්‍රමාණයකට ඇවිල්ලා මෙහෙ ටෙන්ඩර් කරාවි කියලා. ඔවුන්ට වැඩක් තියෙනවා ද. ඔවුන්ගේ ආයෝජනයේ වැදගත්කමක් තියෙනවා ද. ඒක අපනයනය කරන්න පුළුවන් ද. එවැනි අය එන්නේ නැතුව රටක් දියුණු කරන්න පුළුවන්ද. 1977 වෙනකොට අපි විතරයි විවෘත ආර්ථිකයට තිබුනේ. මිනිස්සුන්ට මෙහෙට එන්න හේතුවක් තිබුණා. අද වෙනකොට ඕක වෙනස්වෙලා. මුළු ලෝකෙම විවෘත වෙලා. කාම්බෝජය, වියට්නාමය, බංග්ලාදේශය, නේපාලය සියලුදෙනාම තරග කරනවා. ඒ තරග කරන අවස්ථාවේදී ආයෝජකයා අපි ගෙන්වාගන්න ඕන. ආයෝජකයා දිරිමත් කරන්න ඕන. ආයෝජකයන්ගෙන් ආයෝජනයෙන් තාක්ෂණයෙන් ප්‍රයෝජන ගන්න ඕනැ.” ඔය මහලොකු ටෙන්ඩර් පටිපාටිවලින් දූෂණ වළක්වන්නට පුළුවන් නම්, දැන් ලංකාව සුපිරියට ති

පුනර්ජනනීය බලශක්තිය හා ලාංකීය විප්ලවය

Image
  June 9, 2022   admin   Politics – අජිත් පැරකුම් ජයසිංහ පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් එඩිතර, නිවැරදි ක්‍රියාමාර්ග ගැනීම ලංකාවේ විප්ලවය සඳහා ඉතා වැදගත්ය. විප්ලව යනු සමාජ, ආර්ථික, දේශපාලනික වශයෙන් සිදුකරන දැවැන්ත පරිවර්තනයි. බලය කාගේ අතේ තිබේද යන්න විප්ලවයේදී එතරම් වැදගත් වන්නේ නැත. ලංකාවේ ඊනියා වාමාංශික පසුගාමීන් තවමත් සිතන්නේ විප්ලවය යනු තමන්ගේ අතට බලය ලැබීමය කියාය. නැත. විප්ලවය යනු වේගවත් පරිවර්තනයයි. බලය කාගේ අතේ තිබේද යන්න ද්විතීයක කාරණයකි. අද දින පාර්ලිමේන්තුවේ විවාද කරනු ලබන පුනර්ජනනීය බලශක්ති හා සම්බන්ධ නීති වැදගත් වන්නේ එම පසුබිම තුළය. නීති සම්පාදකයන් හා ක්ෂේත්‍රයේ විශේෂඥයන් ඒ පිළිබඳ වාද විවාද කළ යුතුය. මා මෙම ලිපියේ මතු කර දක්වන්නේ මෙහි ඇති දේශපාලන වැදගත්කම පමණි. විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් යනු ලංකාව මුහුණදී තිබෙන බලශක්ති අර්බුදයට වගකිව යුතු ප්‍රධානම පිරිසයි. එහෙත්, ඔවුන් මේ ගැන දක්වන අදහස් වැදගත්ය. සාධාරණ ඉල්ලීම් සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදුකළ යුතුය. කෙසේ වෙතත්, රටේම විදුලිය විසන්ධි කරන බවට ඔවුන් කරන තර්ජනයට ආණ්ඩුව ශක්තිමත්ව මුහුණදිය යුතුය. බලශක්ති ක්ෂේත්‍රයේ සිදුකළ හැකි ව

ඔහොම නෙමෙයි බොල ගෝටෝ මෙහෙම කොටාපන්

Image
  June 9, 2022   admin   Politics – අජිත් පැරකුම් ජයසිංහ කොහොම වුණත්, ගෝඨාභය රාජපක්ෂ අසාර්ථක ජනාධිපතිවරයකු ලෙස ඉවත්ව යාමට අකැමැති වීම නරක තත්වයක් නොවේ. ඔහුට දැන් තමන් අතින් සිදුවූ වැරදි නිවැරදි කරගෙන, තමන්ගේ පුතාටත්, ඔහුගේ රට වන ඇමරිකා එක්සත් ජනපදයටත් අගෞරවයක් නෙවන පරිදි පිටව යාමට හැකිය. ඒ සඳහා මේ දැන්ම වැඩ පටන්ගත යුතුය. නිදි නම් හෙට උදේ අවදි වී අලුත් හුස්මක් ගත යුතුය. පළමුව ඔහු හමුදාවේ හිටපු සෙබළකු සේ කොන්ද පණ ඇතුව වැඩකළ යුතුය. රාජපක්ෂ පවුල දේශපාලනයේදී අතේ දුරින් තබාගත යුතුය. 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා පාර්ලිමේන්තුව ශක්තිමත් කළ යුතුය. පාර්ලිමේන්තුවට හා කැබිනට් මණ්ඩලයට විසඳුම් සෙවීමට අවස්ථාව ලබාදී එයට උපකාර කළ යුතුය. කකුලෙන් ඇදීම නම් කිසිසේත්ම නොකළ යුතුය. වර්තමාන අගමැතිවරයාට මහජන විශ්වාසය රැකගැනීමට බැරි වුවහොත්, වෙනත් අගමැතිවරයකු හා කැබිනට් මණ්ඩලයක් පත්කරගැනීමට පාර්ලිමේන්තුවට ඉඩදිය යුතුය. අස්ථාවරත්වයන් නිර්මාණය කිරීම සඳහා ජනාධිපතිවරයා කිසිසේත්ම කටයුතු නොකළ යුතුය. ඔහු මැදිහත් විය යුත්තේ ස්ථාවරත්වය තහවුරු කිරීමට පමණි. මේ මොහොත නිදහසින් පසු ශ්‍රී ලංකාව මුහුණදී සිටින දුෂ්කරම අව

රනිල්ගේ තක්කඩිකම ප්‍රමාණවත්ද?

Image
  June 3, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ ආර්ථික විද්‍යාඥයන් මේ අවස්ථාවේ විසඳුම ලෙස පෙන්නන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලැබෙන තෙක් Bridging Finance හෙවත් අන්තර්කාලීන ආධාර ලබාගැනීම යථාර්ථයක් නොවන බව පෙනේ. Bridging Finance ලෙස හැඳින්වූයේ ආර්ථික අර්බුදය සමනය වනතුරු අපට තෙල්, ගෑස්, ආහාර ආදිය ආනයනය කරන්නට විදේශ රටවලින් ආධාර ලබාගැනීමයි. අප මොන නැටුම් නැටුවත් හිඟාකෑම එතරම් සාර්ථක වන්නේ නැති බව දැන් පෙනේ. සරලව කිවහොත්, කිසිදු රටක් අපට මේ අවස්ථාවේදී පොසොන් එකට අනුරාධපුරේ තිබෙන්නා වැනි තුන්වේල බත් දන්සල් දෙන්නේ නැත. එහෙත්, ලෝක ආහාර වැඩසටහන හා ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි ආයතනවලින් ආහාර, බෙහෙත් ආදී සීනි හකුරු සමග බෙලිමල් මට්ටමේ දන්සල් පමණක් ලබාගත හැකිය. ඇමරිකන් කඳවුර අපට උදව් කරන්නේ ඉන්දියාව හරහා පමණි. ඒකත් චීනය දුරින් තියාගැනීම සඳහාය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන වුව ඕනෑවට වඩා ලොකු බලාපොරොත්තු තබාගැනීම එතරම් යථාර්ථවාදී නැත. අප සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවාගත්තත්, සර්වභක්ෂක ආණ්ඩුවක් පිහිටුවා ගත්තත් වෙනසක් නැත. 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙන්ම, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පවා

තියෙන ආණ්ඩුවට උදව් කරනවාද? වලපල්ලට යනවාද?

Image
  June 2, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ මේ මොහොතේ පවතින අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුක්ත ආණ්ඩුව විවේචනය කිරීම සඳහා ඕනෑතරම් හේතු තිබේ. ඒ කිසිවක් ප්‍රතික්ෂේප කළ නොහැකිය. ඒ සියලු විවේචන සාධාරණය. එය අප කැමති හොඳ ආණ්ඩුව නොවේ. හොඳම ආණ්ඩුව සිහිනයක් බව මම මීට පෙර ද කීවෙමි. එහෙත්, ආණ්ඩුව ගැන එකක් කිව හැකිය. කලින් පැවති ආණ්ඩුව මෙන් තීරණ නොගෙන කල්මැරීමේ ප්‍රතිපත්තියක් මේ ආණ්ඩුවට නැත. ඔවුහු වහ වහා තීරණ ගනිති. එසේ කරන්නට සිදුවී තිබේ. ඒ තීරණ වැඩිහරියක් තිත්ත, කටුක ප්‍රතිඵල ජනතාවට ලබාදෙන ඒවාය. එහෙත් පැණිරස බෙහෙත් තියා, පැනඩෝල්වත් රටේ නැත. තීරණ ද විවේචනය කළ හැකිය. උදාහරණයක් ලෙස පොළී අනුපාතික ඉහළනැංවීම ආර්ථිකයට වාසි වෙනවාට වඩා අවාසිදායක විය හැකි පැතිකඩ රැසක් තිබේ.  මෙම ලිපියෙහි ඒවා විස්තර කර තිබේ . මෙවැනි අර්බුදයකදී ගනු ලබන සෑම තීරණයක්ම හොඳ හා නරක දෙකම මිශ්‍ර ඒවාය. මේ තීරණ වනාහි වලක වැටෙන විට ගලක එල්ලෙනවාද, මුලක එල්ලෙනවාද වැනි තීරණයි. ගලේ එල්ලුනත්, මුලේ එල්ලුනත් දෙකම අවදානම්ය. මේ වන විට ඉන්දීය ණය ක්‍රමයේ ඩොලර් මිලියන 500ක් අවසන් වෙමින් තිබේ. තවත් ඩොලර් මිලියන 500ක් ලබාගැනීමට