යතුර වැටුණෙ අතුර ළඟ

 

අජිත් පැරකුම් ජයසිංහ

ලංකාවේ දේශපාලන ප්‍රශ්නය සරලව කිව්වොත්, සමස්ත ජාතියම එකතුවෙලා මහ විශාල රජයක් හදාගෙන, විදේශවලින් ණය අරගෙන, ඩොලර් එක පෙග් කරලා තියාගෙන, බඩු ආනයනය කරගෙන, හොරකම්-දූෂණ-වංචා කරමින්, ඒකට ගැලපෙන නායකයන් පිරිසකුත් හැම පක්ෂෙන්ම හදාගෙන, කාලා බීලා පාරිභෝජනවාදී ලෙස ජොලියේ හිටියා.

මේක අතුරේ ගමන වගේ අවදානම් ක්‍රමයක්. මෝඩයෙකු ජනාධිපති වෙලා ඒ ගිය අතුර කැපුවා. ඕක තමයි ඇතිවෙච්ච අර්බුදය. අතුර කපපු මෝඩයව පන්නන්න පුළුවන් ඕනැ නම් මහන්සි වෙලා. අතුරේ යන්න දක්ෂ වික්‍රම සිංහයෙකු පත්කරගෙනනෙ දැනුත් තියෙන්නෙ. ඒ වුණාට ආපහු බැඳගන්න වෙන්නෙ අතුරක්. අතුර කියන්නෙ ස්ථාවර අනතුරක්.

දේශපාලන ප්‍රශ්නෙට විසඳුම ආපහු පැලැස්තර නෙදා ස්ථිරවම මේ ක්‍රමය වෙනස් කරන එක. ඒ කියන්නෙ අපනයනය කරන තරමට ආනයනය කරන, රටේ තරමට ගැලපෙන රජයක් තියෙන රටක් හදන එක. ඒ අනුව, අපේ සමස්ත සමාජ ජීවිතයම ප්‍රතිව්‍යූහගත කරගන්න එක. කැත විදියට කිව්වොත්, නිකං කකා ඉන්නවා වෙනුවට වැඩකරන ජාතියක් හැදීම.

යතුර වැටිල තියෙන්නෙ පුතේ ඔතන. ව්‍යවස්ථා සංශෝධන කියන ලයිට් කණුව යට යතුර හෙව්වට යතුර නම් හම්බවෙන්නෙ නැහැ, හොඳේ. කරන්න ඕනැ මේ ක්‍රමයම සංශෝධනය කරන එක. ඒක තමයි විප්ලවය.

ඕනැ නම් 21වන සංශෝධනය හරි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හරි ගෙනාවට කමක් නැහැ.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා