Posts

Showing posts from March, 2019

සර්පයන් දිව දිගු කරන්නේ ඇයි?

Image
February 21, 2019   admin   Art   Science   සිංහල අජිත් පැරකුම් ජයසිංහ හත ශ්‍රේණියේ ඉංග්‍රීසි පෙළ පොතේ අපූරු කවියක් තිබෙනවා. ඒ කවිය මෙසේයි. A snake can glide from side to side. They’re really long and like to hide. They have long backbones, but no hair. They use their tongues to taste the air. They taste your scent if you are near, And hiss a threat for you to hear. It’s wise of you to clear their way, So you don’t have an awful day! – By Mariah Deitrick මේ කවියේ ක්ෂණික පරිවර්තනයක් මෙහෙම කළ හැකියි. සර්පයෙකුට පුළුවන් පැත්තෙන් පැත්තට ඇදි ඇදී යන්නට ඔවුන් හරි දිගයි, හැංගෙන්න කැමතියි ඔවුන් තම දිවෙන් වාතයේ රස බලනවා ඔවුන් ඔබේ සුවඳ රස බලනවා, ඔබ ඔවුන් ළඟ නම් ඉන් පසු පිඹිනවා තර්ජනයක් ඔබට ඇසෙන්නට කෝකටත් හොඳයි එතනින් අයින් වෙන එක මොකටද නිකම් අවුලක්! – මාරියා ඩේට්‍රික් කවිය මගේ අවධානයට ලක් වුණේ එහි තිබෙන සුන්දරත්වය නිසා විතරක් නෙමෙයි, එහි තිබෙන විද්‍යාත්මකභාවයත් නිසා. ඒ නිසා තමයි අර මුලින් ඇති මාතෘකාව යෙදුවේ. බොහෝ සර්පයන්ගේ ඇස් පෙනීමත්, කණ් ඇසීමත් දුර

අපේ නවෝත්පාදනයන් සමාජගත නොවන්නේ ඇයි?

Image
February 20, 2019   admin   Business   Technology   සිංහල අජිත් පැරකුම් ජයසිංහ ලංකාවේ ජනතාව අතර ව්‍යවසායකත්වය කෙරෙහි තිබෙන නැඹුරුව ප්‍රමාණවත් නැහැ. පිරිමින් අතර ව්‍යවසායකයන් ප්‍ර‍තිශතය 4%ක් පමණ වෙනවා. කාන්තාවන් අතර නම් එය 1%කටත් අඩුයි. සමස්ත ජනගහනයෙන් 3%ක් පමණයි, ව්‍යවසායක් ලෙස හඳුන්වන්නට පුළුවන් ව්‍යාපාරයක නියැලී සිටින්නේ. මෙය ආසියානු කලාපයේ තායිලන්තය වැනි රටක් සමග සන්සන්දනය කළ විට ඉතා පහත් මට්ටමක්. තායිලන්තයේ ජනගහනයෙන් 30%ක් පමණ ව්‍යවසායකයන් ලෙස හැඳින්විය හැකි බව වාර්තා වෙනවා. අලුත්, උගත් තරුණ පරපුර ව්‍යවසායකයන් බවට පත් වීම ලංකාවේ සංවර්ධනය සඳහා අත්‍යවශ්‍යයි. ත්‍රිරෝද රියක්, ටැක්සියක් පාරට දැමීමට වඩා නිර්මාණාත්මක ව්‍යවසායන් එහිදී ඉතා වැදගත්. ව්‍යවසායකත්වය ලංකාවේ සංවර්ධන ගැටලුවක්. ඇයි අප ව්‍යවසායකත්වයට අකැමැති? ව්‍යවසායකයකු ය කියන්නේ ලාභය වෙනුවෙන් මුල්‍ය අවදානම් ගනිමින් ව්‍යාපාර ආරම්භ කර පවත්වාගෙන යන්නෙක්. ලාභ ලැබීම වැරදි ක්‍රියාවක් ද? ලාභය සාධාරණ ලාභ හා අසාධාරණ ලාභ ලෙස වර්ගීකරණය කරන්නට පුළුවන්. ලාභය අසාධාරණ ලාභයක් නොවන පරිදි නියාමනය කරන්නට රජයකට පුළුවන්. බදු, මිළ පාලනය වැන

සිංහල සමාජයට මල්ටිපල් සුරතාන්තයක් දෙන අරුලානන්දන් අරුල්

Image
February 19, 2019   admin   Politics   සිංහල අජිත් පැරකුම් ජයසිංහ ජනමාධ්‍ය විසින් කලින් කලට දෙන විවිධ හොල්මන් නිර්මාණය කර දීම ලංකාවේ පමණක් නොව ලෝකයේ ම සිදු වන්නකි. ලෝක මට්ටමෙන් කවුරුත් දන්නා මීඩියා හොල්මනක් වන්නේ මලාලා යූසුෆ්සායි ය. කණගාටුදායක ඉරණමක ගොදුරක් වූ ඇය මේ වන විට විවිධ ජාත්‍යන්තර සංවිධානවල, රාජ්‍ය නොවන සංවිධාන, මාධ්‍ය හරහා ගොසිප් වෙබ් අඩවිය දක්වා එක එක අන්දමින් විකිණෙන වෙළඳ භාණ්ඩයකි. මෙවැනි අපූරු වෙළඳ භාණ්ඩ ලංකාවේ මාධ්‍ය විසින් කලින් කල එළිදක්වා තිබේ. රෝහිණී හතුරුසිංහ නම් කාන්තාවක් මතු වුණේ 1995දී ය. ඇය කොබ්බෑකඩුව ඝාතන කොමිෂමේ ප්‍රධාන සාක්ෂිකාරියක වූවා ය. කොබ්බෑකඩුව ඝාතනය හමුදාව ඇතුළේ ම වැඩක් බව පෙන්වීමට ඇය යොදාගැනිණි. ඇගේ කතා මත කොබ්බෑකඩුව මිය ගිය බිම් බෝම්බයෙන් ම මිය ගිය බ්‍රිගේඩියර් විජය විමලරත්න ගැන ද සැක කරන ලදී. ඔහුගේ පිළිම පවා කඩා දමන්නට ඇතැමෙක් පෙළඹුණ හ. එම බෝම්බය විජය විමලරත්නගේ උපදෙස් පිට ඇටවූයේ ඇගේ සැමියා වූ සුසන්ත හතුරුසිංහ බව රෝහිණී කොමිෂම හමුවේ පැවසුවා ය. පියා නොදත් දරුවකුගේ මවක වූ ඇයට කොමිෂමේ විභාගය අවසන් වන විට උප්පැන්න සහතිකයට නම දෙන්නට පියෙ

අර්ජුනගේ, මහේලගේ සහ සංගක්කාරගේ ක්‍රිකට්; ද්‍රෝහියෝ කවරහුද? ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ ජුදාස් තිලංග පමණද?

Image
February 18, 2019   admin   Sports   සිංහල නන්ද වන්නිනායක මම මේ ගිය සති අන්තයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලැබූ අසීරු, එහෙත් අති විශිෂ්ට ටෙස්ට් ජයග්‍රහණය අවතක්සේරු කරනවා නෙවෙයි. ඒත් මෙය හුදෙක් අහම්බයක් පමණයි. ඕනෑම දුර්වල කණ්ඩායමකට මෙවැනි අහඹු ජයග්‍රහණ හිමිවෙන බව ඔබ ක්‍රිකට් ඉතිහාසය දෙස බැලුවොත් තහවුරු කරගනීවි. කුසල් ඉතාමත්ම දක්ෂ, එහෙත් අපරිණත ක්‍රීඩකයෙක්. හරියටම කිව්වොත් ඔප නොදැමූ මැණිකක්. ඔහුට අර්ජුන රණතුංග යටතේ සනත් ජයසූරියට ලබාදුන් නිදහස ලැබිය යුතුයි. එහෙම නැත්තං හයියෙන් ගහන්න කියා උපදෙස් දී, පසුව තරග කිහිපයක ලකුණු අතරට ඒමට නොහැකිවූ නිසාවෙන්ම පරණ ඇඳුමක් වීසිකරන්නා සේ කණ්ඩායමෙන් ඉවතට දැමූ එක්දින ක්‍රිකට් පිතිකරන රටාව විප්ලවීය වෙනසකට භාජනය කළ විශිෂ්ට පිතිකරුවා මෙන්ම ශ්‍රී ලංකාව මෙතෙක් බිහිකළ අතිවිශිෂ්ට කඩුලු රකින්නකු වූ රොමේෂ් කළුවිතාරණට අත්වූ ඉරණමම කුසල්ටත් වෙන්න පුළුවන්. කුසල්ගේ පුද්ගලික දක්ෂතාවය නිසාම ලැබූ මේ කණ්ඩායම් ජයග්‍රහණය පුහුණුකරු චන්දික හතුරුසිංහට පිරිනමන කතාව විහිළුවක්. කුසල් (සහ සුරංග ලක්මාල්) මෙය ඔවුන්ගේ නිහතමානීකම නිසාම ඉතා සත්භාවයෙන් කළ ප්‍රකාශයක් වෙන්න ඇති.

රිචඩ් ද සොයිසා මරා දැමුවේ ඇයි?

Image
February 17, 2019   admin   People   සිංහල අජිත් පැරකුම් ජයසිංහ රිචඩ් ද සොයිසා මාධ්‍යවේදියෙකු පමණක් නොවේ. ඔහු රූපවාහිනී නිවේදකයකු, නළුවකු, නාට්‍යකරුවකු මෙන් ම දේශපාලන ක්‍රියාධරයකු ද වේ. ඉංග්‍රීසි වේදිකාවේ ප්‍රසිද්ධ පෞරුෂයක් වූ ඔහු සිංහල සිනමා රසිකයන්ට සමීප වූයේ ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් මාටින් වික්‍රමසිංහයන්ගේ නවකතාවක් ඇසුරින් නිර්මාණය කරන ලද යුගාන්තය චිත්‍රපටය නිසා ය. පරාක්‍රම නිරිඇල්ල අධ්‍යක්ෂණය කළ, සෝමවීර සේනානායකගේ රචනයක් වූ යශෝරාවය ටෙලි නාට්‍යයේ රින්ස්ලිගේ චරිතය රඟපෑවේ රිචඩ් ද සොයිසා ය. මෙම ලිපිය ඉංග්‍රීසි බසින් කියවන්න >>> 1958දී උපන් ඔහු අද වනතුරු ජීවත් වූවා නම් මේ වන විට වයස අවුරුදු 61කි. 1990 පෙබරවාරි 20 දින ආසන්නයේදී ඔහු මරා දමන විට ඔහුගේ වයස අවුරුදු 32ක් පමණි. ඔහු එම වකවානුවේදී විනාශ කරන ලද තරුණ සම්පතෙහි ද සුවිශේෂ පුද්ගලයෙකි. අගනාගරික, ඉහළ මධ්‍යම පන්තික, ඉංග්‍රීසි කතා කරන පැළැන්තියෙන් පැවත ආ ඔහු ජවිපෙ දේශපාලනය සමග සමීපව කටයුතු කිරීම සුවිශේෂ තත්වයකි. මෙම ලිපිය ලියන මා 2000 දශකයේ හිරු පුවත්පතේ හා හිරු කණ්ඩායමේ ක්‍රියාකාරිකයකුව සිටියදී රිචඩ් ද සොයිසා

ගින්නෙන් උපන්නේ සීතල පමණක්මද?

Image
February 17, 2019   admin   Art   සිංහල නිශාන්ත කුලරත්න ඉතිහාසය සටහන්ව ඇත්තේ ඒකාකාරී ලෙස නොවේ. එය සාමකාමී කාල පරිච්ඡේදයගෙන් මෙන්ම ගිනිගත් යුගයන්ගෙන්ද ගහණය. මෙවන් ඇතැම් ගිනිගත් යුගයන් සමාජය වෙත අමිල දායාදයන් ලබාදී ඇති අතර සමහර එවන් යුගයන් අවසානව ඇත්තේ ඛේදවාචකම ලෙසිනි. පසුගිය දශකවල ශ්‍රී ලංකාවේ සිදුවූ සිංහල සහ දෙමළ සන්නද්ධ නැගිටීම් ආශ්‍රිත කාල වකවානු සැලකිය හැක්කේ ඉහත දෙවන වර්ගයට අයත් ගිනිගත් යුගයන් ලෙසය. ක්‍රමක්‍රමයෙන් වැඩි වූ අතිවිශාල ප්‍රචණ්ඩවත්වයක් සමාජය වෙත මුදාහල ඒවා අවසාන වූයේ සමාජ මනස දරුණු ලෙස තුවාල කරමිනි. සිංහල සහ දෙමළ වශයෙන් වන දරුණු ධ්‍රැවීකරණයන්, අතාර්කික කුමන්ත්‍රණ භීතිකාවන්, තම සමාජයටම අයත් තවත් අයෙකු කෙරෙහි ඇති බිය හා සැකය, වෙනස් මත දරන්නන් මර්ධනය කිරීමේ මානසිකත්වය ආදී වශයෙන් අප සමාජය පුරා වර්තමානයේ පැතිර ඇති දරා ගත නොහැකි “සීතල”ට ඒවායින් සිදු කල දායකත්වය සුළුපටු නොවේ. කෙසේවුවද, මේ යුගයන් සමාජයට දායක කල උණුසුම් තිළිණයක්ද වෙයි. එනම්, තම ජීවිතවලට වඩා විශාල අරමුණක් වෙනුවෙන් පසුනොබා සටන් වැදීමට තරුණ පිරිසක් තුල වූ කැපවීමයි. එය ඉන් පෙර ඉතිහාසය තුල අසන්නට නොලැබුණ

ලොව මුල්ම පෙම් කතාව – ඌර්වශී පුරුරව ආදරය

Image
February 16, 2019   admin   Art   සිංහල මේ කතාව ඍග් වේදයේ එන කතාවක්. එය ක්‍රි.ව. සිව්වන සියවසේදී කාලිදාසයන් විසින් වික්‍රමෝර්වශිය ලෙස නාට්‍යයට නැගුවා. වික්‍රමෝර්වශිය කියන්නේ ඌර්වශිය දිනාගැනීමේ වික්‍රමයයි. මහා භාරතයේ, විෂ්ණු පුරාණයේ එහෙමත් මේ පෙම් පුවත සඳහන් වෙනවා. මේ කතාවේ ස්වරූප කීපයක් තිබෙනවා. මේ කතාව එවැනි කතා කීපයක් ඇසුරෙන් කරනු ලබන දළ පෙළගස්වාගැනීමක් විතරයි. ඌර්වශී කියන්නෙ දිව්‍ය අප්සරාවක්. අප්සරාවන් කියන්නෙ දෙව්ලොව දෙවියන් නැටුමින් ගැයුමින් තුටු කරන දෙව්ලියන් පිරිසක්. ඌර්වශීගේ උපත සිදු වුණ හැටි ගැනත් අපූරු කතාවක් තිබෙනවා. හිමාලයේ භද්‍රිනාත් කියන අසපුවේ භාවනා කරමින් සිටි නරනාරායන් නම් මුනිවරයා දිව්‍ය බලයන් ලබාගන්නවාට අකැමැති වූ දෙවියන්ගේ නායක ඉන්ද්‍ර දෙවියන් නරනාරායන්ගේ දැහැන බිඳින්නට අප්සරාවන් දෙදෙනෙකු එවනවා. ඌර්වශී සහ පුරුරව නරනාරායන් මුනිවරයා ඔහුගේ කලවෙන් ඉන්ද්‍ර දෙවියන්ගේ අප්සරාවන් පැරදවිය හැකි රූමත්කමකින් යුත් අප්සරාවක් මවා ඉන්ද්‍ර වෙත තෑගි කර යවනවා. සංස්කෘත බසින් ඌර් නම් වන කලවෙන් උපන් නිසා ඇය ඌර්වශී නම් වෙනවා. ඇය ඉන්ද්‍රගේ මාළිගාවේ ආඩම්බරය බවට පත් වෙනවා. ඌර්

විජය කුමාරතුංගට වෙඩි තැබූ බව කියන ලයනල් රණසිංහ පිළිබඳ මතකය

Image
February 15, 2019   admin   People   සිංහල විජය කුමාරතුංග ඝාතනය කළ බවට සැක කරන ලයනල් රණසිංහ මට හමු වී තිබේ. මා ඔහු මුලින් ම දුටුවේ කලුතර හා ගාලු දිස්ත්‍රික් මායිමේ යට්ටපාත පැවැත්වුණු ජනතා විමුක්ති පෙරමුණේ අධ්‍යාපන කඳවුරකදී ය. මා ද ඔහු ද එයට සහභාගි වූ හත් අට දෙනා අතර සිටියෙමු. එම අධ්‍යාපන කඳවුර සංවිධානය කළේ හා එය අවසන් පංතිය ද කරමින් එය විසුරුවා හරින සමාප්ති වැඩසටහන පැවැත්වූයේ එවකට ජවිපෙ කලුතර දිස්ත්‍රික් කමිටු සාමාජිකයකු වූ ටිල්වින් සිල්වා හෙවත් සුසිල් අයියා ය. ලයනල් රණසිංහ සටන්කාමී චරිතයකි. භක්තිමත් පක්ෂ සාමාජිකයෙකි. අධ්‍යාපන කඳවුරේදී පවා ඔහු තුළින් ප්‍රකට වූයේ දැනුම හඹා යන්නකුට වඩා සටන්කාමියකුගේ ලක්ෂණයි. කෙසඟ උස් සිරුරක් හිමි තරුණයකු වූ ඔහු කඩිසර ජව සම්පන්න පුද්ගලයකු විය. එම අධ්‍යාපන කඳවුරෙන් පසු අධ්‍යාපනය අත්හැර දැමූ මම ජවිපෙ පූර්ණකාලිකයකු වීමි. මුලින් ම මට පැවරුණේ හොරණ ප්‍රදේශයේ ශිෂ්‍ය අංශය සංවිධානය කිරීමයි. ඒ දිනවල මා හොරණ සැරිසරන විට මට ලයනල් රණසිංහ නිතර හමු විය. ඔහු නගරයේ ප්‍රධාන වීදියේ වික්ටෝරියා බාර් එක ඉදිරිපිට රටකජු ලෑල්ලක් පවත්වාගෙන ගියේ ය. පක්ෂයේ අය එකිනෙකාට

බුද්ධිමත් ආදරවන්තයන්ට ලැප්ටොප් එකක් තෑගි

Image
February 14, 2019   admin   News   සිංහල වැලන්ටයින් දිනය වෙනුවෙන් ඔබට ලැප්ටොප් එකක් තෑගි දිනාගන්න මෙන්න අවස්ථාවක්. තරගයේ විස්තර පහත දැක්වෙනවා. අනුග්‍රහය එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල. පෙබරවාරි 14දාට යෙදෙන වැලන්ටයින් දිනය නිමිති කරගෙන ලෝකය ආදරය   සමරනවා  . ආදරය හා ලිංගිකත්වය සම්බන්ධයෙන් දැනුවත් තීරණ ගැනීම තරුණ තරුණියන්ට ඉතා වැදගත්. ඒ තීරණ ඔවුන්ගේ සිරුර හා ජීවිතය පිළිබඳ ගන්නා තීරණයි. සෑම තරුණ පුද්ගලයකුට ම යම් දිනෙක ලිංගික හා ප්‍ර‍ජනන සෞඛ්‍යය සම්බන්ධයෙන් ජීවිතය වෙනස් කරන තීරණ ගන්නට සිදු වෙනවා. එහෙත්, ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ගෙන් 50%කට එවැනි දැනුවත් තීරණ ගැනීම සඳහා අවශ්‍ය දැනුම නැති බව හෙළිදරව් වී තිබෙනවා. එහි ප්‍ර‍තිඵලයක් ලෙස දිනකට 600ක් පමණ ගබ්සා කිරීම් රටේ සිදුවෙනවා. නිවැරදි තොරතුරු හා සේවා වෙත ප්‍රවේශය ලබා දීමෙන් අපට සෑම ගැබ්ගැනීමක් ම අවශ්‍ය ගැබ්ගැනීමක් බවට පත් කරන්නට පුළුවන්. මේ පෙබරවාරියේ ඔබේ දැනුම පරීක්ෂා කරගන්න. තෑගි දිනාගන්න. දැනුම මිනුම තරගයට සහභාගි වන්න ක්ලික් කරන්න>>> Adapted from praja.lk

කැන්ගරු දේශයේ අරුම පුදුම දන්සැල

Image
February 13, 2019   admin   Food   Life   සිංහල අන්නලක්ෂ්මි භෝජනාගාරය තියෙන්නෙ ඕස්ට්‍රේලියාවේ, පර්ත් නුවර රමණීය ස්ථානයක් වන ස්වෝන් නදියේ ජැටිය අසල උඩුමහලකයි. මෙය 1991 වසරේ තමයි ස්වාමි ශාන්තානන්ද් සරස්වතී විසින් ආරම්භ කරල තියෙන්නේ. අැතුළු වනවාත් සමඟ ඉන්දියානු ක්‍රමයට ඉතා සුහදව අපව පිළිගත්තා. නොඇසී ඇසෙන ඉතා මිහිරි ඉන්දියානු සාශ්ත්‍රීය සංගීත රාවය සහ හින්දු ආගම සහ සම්බන්ධ වගේම ඉන්දියානු සංස්කෘතිය විදහා දක්වන සංකේත සහ වර්ණ නිසාත්, ප්‍රණීත ඉන්දියානු හරිත අහාර සුවඳ නිසාත් නිසා ඇති වූ සුන්දර හැඟීම වචනයෙන් විස්තර කිරීම අපහසුයි. කුඩා කාලේ ගණිත විෂයට ඉගෙන ගත්ත කුලක පාඩම මතක් වුණා. ඒ විතරක් නෙවේ, ඉන්දියාව සම්බන්ධ අපේ ඉතිහාස කතා අතර “මහ ගෙදර ගියා” වැනි සිතුවිල්ලක්ද මට ඇති වුණා. ආසියානු ජාතිකයෙකු ලෙස මට එසේ දැනුනා නම්, ඉන්දියානු ජාතියෙකුට නම් තම රට ගැන මහා ආඩම්බරයක්, අභිමානයක් ඇතිවනවා නිසැකයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ, වසර පුරා ම එහි පැමිණෙන විවිධ ජාතීන්ට අයත් අමුත්තන්ට ඉන්දියානු ක්‍රමයට සැකසූ බත් ඇතුළු තවත් නිර්මාංශ අහාර පාන (තෝසේ, රසම්, මසාල, එළවළු, පලතුරු, අතුරුපස) ඉතා පිරිසිදුව සහ පිළ

ආණ්ඩුව මුදල් උපයන මාර්ග සඳහා අවතීර්ණ වී සිටින බවට රනිල්ගේ ප්‍රකාශය අල්ලෙ පැලවෙන කෙබරයක්

Image
February 12, 2019   admin   Politics   සිංහල රට බංකොළොත් වීමට ඉඩ නොදී විදේශ ණය වාරික කලට වෙලාවට ගෙවූ ආණ්ඩුව දැන් මුදල් උපයන මාර්ග සඳහා අවතීර්ණ වී සිටින බව අගමැති රනිල් වික‍්‍රමසිංහ පෙරේදා කුරුණෑගලදී පැවසුවා. මේණය ගෙවන හැටි ගැන 2019 පෙබරවාරි 11දා දිනමිණ පුවත්පතේ ඇතුළු පිටුවක මුල්ලක පළ වූ මේ ප්‍රවෘත්තිය නුවණින් විමසා බලන්න. ශ්‍රී ලංකාව ලබා ගත් දෙස් විදෙස් ණය සඳහ‍ා පොලී හ‍ා ව‍ාරික ලෙස මේ වසරේ දී රුපියල් බිලියන 2200 ක් ගෙවීමට ඇතැයි මුදල් හා ජනම‍ාධ්‍ය අ‍ම‍ාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහත‍ා ප්‍රකාශ කළේය. මෙහි ශ්‍රී ලංකාව යයි සඳහන් කළ ද මේ ණය ගන්නේ ශ්‍රී ලංකා රජයයි. මින් රුපියල් බිලියන 1300ක් ව‍ාරික ලෙසද රු.බි. 900ක් පොලී ලෙසද ගෙවීමට තිබේ. ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති රුපියල් බිලියන 635 දේශීය ණය හා රුපියල් බිලියන 265 විදේශීය ණය සඳහා ගෙවිය යුතු පොලී මුදල රුපියල් බිලියන 900ක් වේ. රුපියල් බිලියන 1300 ක් ලබාගත් ණයවල වාරික ලෙස ගෙවීමට ඇත. ඒ අනුව රුපියල් බිලියන 635 ක් ‍දේශීය ණයවලටත් රුපියල් බිලියන 665 ක් විදේශීය ණයවලටත් වාරික ලෙස ගෙවීමට සිදුවන බව මුදල් හා ජනමාධ්‍ය ලේකම්ව

මාකඳුරේ මධූෂ් වෙනුවෙන් පෙනී සිටින උදුල් ප්‍රේමරත්නගේ ඔලුවටත් කෙළ පඩික්කමක්?

Image
February 12, 2019   admin   Politics   සිංහල අජිත් පැරකුම් ජයසිංහ මෙම ඡායාරූපයේ දැක්වෙන සිද්ධිය මෙසේ ය. කෝට්ටේ පන්සලක භික්ෂූන් දෙනමක් ඝාතනය කිරීමේ සිද්ධියක සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නිතිඥ සුමිත් සිල්වාට ගංගොඩවිල අධිකරණ භූමිය තුළදී ම බිම දමාගෙන අමානුෂික ලෙස පහර දෙන ලදී. සිදුවීම වුණේ 2012 මාර්තු මාසයේදී ය. එම පහර දීම කර ඇත්තේ අදාළ සැකකරුවන් වෙනුවෙන් නීතිඥයන් පෙනී නො සිටිය යුතු බවට අධිකරණයේ උද්ඝෝෂණයක් කළ බෞද්ධ භික්ෂූන්, උපාසක, උපාසිකාවන් ඇතුළු පිරිසේ සිටි අය බව වාර්තා විය. පහර දීමට භික්ෂූන් ද සහභාගි වී ඇති අතර උපාසිකාවක් නීතිඥයාගේ හිසේ සිට කෙළ පඩික්කමක් පෙරළා ඇත.  මේ වන විට නීතිඥ උදුල් ප්‍රේමරත්න සම්බන්ධයෙන් ද මෙවැනි ම තත්වයක් දකින්නට ලැබේ. එතැනදී ද කියැවෙන්නේ බරපතල අපරාධකරුවකු ලෙස සැලකෙන මාකඳුරේ මධූෂ් වෙනුවෙන් ඔහු පෙනී සිටීම වැරදි බවයි. උදුල් ප්‍රේමරත්න යනු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවෙකි. සටන්කාමී ශිෂ්‍ය දේශපාලනය වෙනුවෙන් ඔහු වෛද්‍ය උපාධිය ද අත්හැර දැමුවේ ය. වත්මන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සම්බන්ධ පිරිස් ජවිපෙන් කැඩී යන විට ඔහු ඔවුන්ට සමී