නිම්හිම් සෙව්වා මා සසරේ ගීය හා එහි ඉංග්‍රීසි ගීය

ඊශා කප්පරගේ විසිනි

ජනක රත්නායකගේ ජනප්‍රිය චිත්‍ර කතාවක් වූ පාට පාට හීනයක් අවසන් කොටසේ අවසන් රූප රාමුවේ නිමාලිගේ හා සුමේධගේ රූප සමග මෙන්න මේ වචන ටික තිබුණා. “අතරින් පතරේ වියැකීලා – සටනින් අද මා දිනුවා.”
මේ ජනප්‍රිය ගීයක පද පෙළ. ඒ පද පෙළ මෙහෙමයි.
නිම් හිම් සෙව්වා මා සසරේ
හමුවී යුගයෙන් බැදි යුගයේ
ළං වී වෙන් වී වරෙන් වරේ
ඔබ හා මා රන් හුයකිනි බැදුනේ
දිවියේ ආශා ගැඹුරින් ගැඹුරේ
ළය ගිම් සනහා අපමයි තැවුනේ
ජන්මෙන් ජන්මේ රැව් දීලා
ඔබ හා නෙතගේ රැදුනා
නිම් හිම් සෙව්වා මා සසරේ …
ඉර හඳ සේ මා පැතුමන් පැතුවා
සැනසුම් සයුරේ සුසුමන් හෙළුවා
අතරින් පතරේ වියැකීලා
සටනින් අද මා දිනුවා
නිම් හිම් සෙව්වා මා සසරේ…
මේ ගීයේ පද අතරින් “සටනින් අද මා දිනුවා” යන කොටස නොගැලපෙන බව හා එය රසය මරන යෙදුමක් ය කියා මට හිතෙනවා. එහෙත් මෙය චිත්‍රපට ගීයක්. ඒ ගීය නිර්මාණය කරන ලද සංදර්භය අද අප දන්නේ නැහැ. වෙනම රස විඳිනකොට තමයි ගැටලුව ඇති වන්නේ.
මේ ගීයේ පසුබිම සොයාගෙන යනකොට තේරුණේ එය මුලින් නිමල් මෙන්ඩිස් විසින් නිර්මාණය කරනු ලැබුවේ ඉංග්‍රීසි පද සහිතව බවයි. ඔහු මෙය රචනා කර තිබෙන්නේ ඔහුගේ බිරිය වන රංජනී මෙන්ඩිස් වෙනුවෙන්. ඇය 2010දී මිය ගියා. 1934 උපන් නිමල් මෙන්ඩිස් 2015දී මිය ගියා. නිමල් මෙන්ඩිස් 1960, 70 දශකවල බ්‍රිතාන්‍යයේ නමක් දිනා සිටි සංගීත නිර්මාණකරුවෙක්.
ඉංග්‍රීසි ගීය ගීය නිමල් මෙන්ඩිස් ඩෙස්මන් සිල්වා සහ වෙනත් අය ද ගායනා කර තිබෙනවා. එය ඔගස්ටස් විනයාගරත්නම් විසින් “නිම්හිම් සෙව්වා” සිංහලට නගන ලදුව පණ්ඩිත් අමරදේවයන් විසින් ගායනා කරනු ලැබුවා. මනික් සන්ද්‍රසාගර අධ්‍යක්ෂණය කළ, 1970දී ප්‍රදර්ශනය වූ සීතාදේවී චිත්‍රපටය වෙනුවෙනුයි නිම්හිම් සෙව්වා ගීය නිර්මාණය වුණේ.
නිමල් මෙන්ඩිස් සමග කරන ලද අනගි රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවක් පහත දැක්වේ.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න