Posts

Showing posts from July, 2010

සියත නෙළා ගත්තේ තමන් වැපිරූ දෙයෙහි අස්වැන්නයි

Image
(2010 ජුලි 31,  W3Lanka )  සියත මාධ්‍ය ආයතනයට කවුරු හෝ එල්ල කළ ප්‍රහාරයෙන් එක හොඳක් සිදු වී තිබේ. එනම් කවුරුවත් නො බලන තත්වයක තිබුණු මෙම රූපවාහිනී සේවයට යළි විකාශනය ආරම්භ කළ හැකි නම්, අඩු තරමේ මේක මොකක්ද,  මේකට ගැහුවෙ ඇයිදැයි ආදිය දැන ගන්නට හෝ මිනිස්සු මෙම රූපවාහිනී නාලිකාව බලනු ඇත.  ඩයලොග් ටී.වී. හරහා කෙටි කලක් සියත විකාශනය වෙද්දී මෙම ලේඛකයා වරක් දෙවරක් සියත නරඹා ඇත. වර්තමානයේ පවතින තරගකරී මාධ්‍ය වෙළඳපොල තුළ ප්‍රේක්ෂක අවධානය රඳවා ගත හැකි කිසිදු නිර්මානශීලිත්වයක් එහි දක්නට නො ලැබිණි. අන්තිමේදී ඩයලොග් ආයතනයට ගෙවීමට ඇති මුදල් නො ගෙවීම නිසා සියත ඩයලොග් ටී.වී. වෙතින් ඉවත් කෙරිණි.  සියත ආයතනය විසින් ඉස්සර පුවත්පතක් ද පවත්වාගෙන යන ලදී. රාවයේ වැඩ කළ මංජුල වෙඩිවර්ධන අති විශාල වැටුපකට සියතට කර්තෘ ලෙස එක් වූ අතර එහි ප්‍රවෘත්ති කර්තෘ ධුරය දැරූ අතුල විතානගේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සිටි තදබල ක්‍රියාකාරිකයෙකි.  මේ ඩබල සහ වැඩි පඩියට සියතට එක් වූ සෙසු වාමාංශික පිරිස් රජ පවුලට කඩේ ගිය සියතේ උවමනාවට ගැලපෙන පරිදි පුවත්පතේ පිටු රජ මාළිගාවට ගෙන ගොස් අනුමත කර ගන්නා තරමට මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී

පොලිතින් ප්‍රශ්නයට මෙන්න විසඳුම්

Image
You may also like to read our English blog   Lanka Polity

නලිනි, මුරුගන්, කේ.පී. සරත් ෆොන්සේකා සම්බන්ධ සිද්ධි තුනක්

Image
(2010 ජුලි 30,  W3Lanka )  ඉන්දීය අගමැති රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට ලක්ව සිටින නලිනි, මුරුගන්, සාන්තන් සහ අරිවු නිදහස් කරන්නැයි ඉල්ලමින් ඊ. වේලුසාමි නම් අයෙකු විසින් මදුරාසි මහාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සමක් ප්‍රතික්ෂේප කරමින් එම අධිකරණය විසින් දෙන ලද තීන්දුව වෙනස් කිරීම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත. මෙම ඝාතනය පිළිබඳ පරීක්ෂා කිරීම පිණිස පත් කරන ලද ජයින් කොමිෂම විසින් නම් කරන ලද ප්‍රධාන සැකරුවන් තිදෙනෙකු පිළිබඳ අධිකරණය පරීක්ෂණ පවත්වා නැත යන පදනම මත ඉහත කී පුද්ගලයන්‍ට දෙන ලද තීන්දුව වැරදි බව පෙත්සම්කරුගේ තර්කය විය. චන්ද්‍රසාමි නම් තන්ත්‍රික්වරයා, ඇමරිකානු සී.අයි.ඒත සංවිධානය හා ඊශ්‍රායල් මොසාඩ් සංවිධානය පිළීබඳවත් තවත් පුද්ගලයන් 21ක් පිළිබඳවත් පරීක්ෂණ පැවැත්විය යුතු බව ජයින් කොමිෂම පවසයි. මේ අතර, රජීව් ගාන්ධි ඝාතනය පිළිබඳ පරීක්ෂණ සඳහා අවශ්‍ය පුද්ගලයකු  වන කොටි සංවිධානයේ නායකයකු වන කුමරන් පත්මනාදන් හෙවත් කේ.පී ගැන ලංකාවේ ආණ්ඩුවේ ස්ථාවරය මෙසේ ය. 29 වැනිදා පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට්‌ තීරණ දැනුම

රජයේ සේවක පීඩක ස්ථරය කරෙන් බස්සවා සැබෑ කම්කරුවන් සොයා යන්නට ජවිපෙන් උත්සාහයක්

Image
(2010 ජුලි 29,  W3Lanka )  විදෙස්ගත ශ්‍රමිකයන් වනාහි ලංකාවේ සැබෑ ජීවනාලියයි. අර්ධ වහල් කොන්දේසි යටතේ සේවයේ යෙදෙමින් ලංකාවේ ධනවාදය පවත්වාගෙන යාමට අවශ්‍ය විදේශ විනිමය උපයන, බහුතරය කාන්තාවන් වන මෙම කම්කරුවන් කෙරෙහි ඔවුන් නිසා ජීවත් වන ලංකාවේ මධ්‍යම පංතිකයන් තුළ ඇත්තේ කුහක ප්‍රතිපත්තියකි. මෙම ලිපිය අනිවාර්යයෙන් ම නැවත කියවන්න.  රටට රු. කෝටි 35,000ක් ගෙන එන විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් රජය කර ඇත්තේ කුමක්ද? ලංකාවේ සිංහල දිළින්දන්ගේ සමාජ ව්‍යාපාරය වන ජනතා විමුක්ති පෙරමුණ මෙම ජනතාව දෙස වඩා ප්‍රගතිශීලී ඇසකින් බැලීමට උත්සාහ දැරීම ප්‍රශංසනීය තත්වයකි. එහෙත්, පුවත්පත් නිවේදන ඉක්මවා ගිය ක්‍රියාමාර්ග පිළිබදව අලුතෙන් සිතිය යුතුව තිබේ. පහත පළ වන්නේ මාක්ස්වාදී යයි කියන ජවිපෙ ලංකාවේ සැබෑ කම්කරුවන් දෙස අවධානය යොමු කරමින් නිකුත් කළ නිවේදනයකි. සෙසු මධ්‍යම පංතික මාක්ස්වාදීන් ද රජයේ සේවක පීඩක ස්ථරය කරෙන් බස්සවා සැබෑ කම්කරුවන් සොයා යාමට මෙයින් දිරි ගැන්වීමක් ලැබේවායි පතමු. සෞදි අරාබියේ සිරවී සිටින ශ‍්‍රී ලාංකික කාන්තාවන් 41 දෙනකු සම්බන්ධවයි! සෞදි අරාබිය බලා ගිය ශ‍්‍රී ලාංකික කාන්තාවන් 41 දෙනකු එ

කොහොමද දොස්තර මහත්තයෙක් කැලනියේ ඩෙංගු මළ ගෙයක් ඉස්සරහා ගස් බැඳලා ඉන්නකොට

Image
(2010 ජුලි 29,  W3Lanka )  වරක් වැන්දොත් උපන්දා සිට කළ පව් නැති වන බව කියන කැලනියට වර්තමානයේ අධිගෘහිතව සිටින ............ (සුදුසු වචනයක් යොදා හිස්තැන පුරවා ගන්න) විසින් ක්‍රියාත්මක කරනු ලබන සියඹලාණ්ඩුව අලුත් නීතියක් ක්‍රියාත්මක කිරීමට යයි. මීට පෙර මෙම ප්‍රදේශයේ මත් පැන් අලෙවිය තහනම් කෙරුණ අතර දැන් කැලනියේ ජනතාව බඩේ අමාරුවකටවත් අරක්කු මූඩියෙන් එකක්වත් කටේ තියන්නේ නැත. එදා අරක්කු, කසිප්පු, කුඩු විකුණා ලාභ ඉපැයූ ඇතැමෙක් දැන් හිඟා කන බව කැලනියෙන් වාර්තා වේ. අහෝ දුකකි! කැලනියේ අලුත් ම යුද්ධය ඩෙංගු මදුරුවාට එරෙහිව ලු. ප්‍රදේශයේ මින් ඉදිරියට ඩෙංගු රෝගය වැළඳී කවර අයෙකු හෝ මිය ගියහොත් එම මරණය පිළිබඳව ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරියා, සමෘද්ධි නිලධාරියා, සෞඛ්‍ය නිලධාරියා සහ ප්‍රාදේශීය සභාපති වරයා ඇතුළු නිලධාරීන් මුළුමනින් වගකිව යුතුව ඇතැයි ද එම මරණකරුගේ නිවස ඉදිරිපිටට මොවුන් ගෙන ගොස්‌ ඩෙංගු පිළිබඳව සැලකිලිමත් නොවීම සම්බන්ධව ගස්‌ බඳින බව ද මානව හිමිකම් නීති තමාට අවශ්‍ය නැති බව ද තමාට අවශ්‍ය වී ඇත්තේ ඩෙංගු උවදුරුවලින් මිනිසුන් බේරාගැනීම බව ද මහා මාර්ග නියෝජ්‍ය ඇමැති මර්වින් සිල්වා මහතා ඊයේ

බස් එකෙන් යන ලංකාවේ ඇමතිවරු

Image
(2010 ජුලි 28,  W3Lanka )  ප්‍රවාහන ඇමතිවරු සාමාන්‍යයෙන් මෙවැනි ඡායාරූප ගනිති. ඒවා ඒගොල්ලන්ගේ ඇල්බම්වලට හොඳ ය. තමන් ජනතාව සමග සිටි බව කියන්නට පුළුවන. ඇමතිවරු එති. යති.ලොකු කතා කියති.  එහෙත් ජනතාවට නම් පොදු ප්‍රවාහනය එතැන ම ය. ඔවුහු හැමදාමත් මේ පොලුවල වවුලන් සේ එල්ලී යති.  ඇමතිවරුන්ට කවදාවත් කරන්නට බැරි වුණ, නමුත් හැමදාමත් පොරොන්දු වුණ සාමාන්‍ය දේ කීපයක් මෙසේ ය.  බස්වල අධික ලෙස සෙනග පැටවීම තහනම් කිරීම. දුම්රිය ප්‍රමාදය වැළැක්වීම. සුඛෝපභෝගී යයි කියන බස්වල හිටගෙන මගීන් ගෙන යාම නැවැත්වීම. බස්වල ටිකට් දීම අනිවාර්ය කිරීම. කෙටීම හා රේස් යාම නැවැත්වීම. බස් නැවතුම්පොළවල් කසල ගොඩවල් වීම වැළැක්වීම හෙවත් සරළව කීවොත් අතුගෑම. කොන්දොස්තරලා නෑවීම (රියදුරන් ද නාන්නේ අඩුවෙනි. එහෙත් ඔවුන් මගීන්ගේ ඇඟවල්වල තැවරි, තැවරී සෙනග අස්සෙන් රිංගා නො යන නිසා ප්‍රශ්නයක නැත.)  කුමාර් වෙල්ගම ඇමතිට බැරි වූ එක් විශේෂ වැඩක් මෙසේ ය: තමන්ගේ ගම වන මතුගමට ධාවනය වන තමන්ගේ ද බස් ඇතුළත් මතුගම - කොළඹ බස් සේවයට හරි හමන් බස් නැවතුමක් පිටකොටුවෙන් ලබා දීම.  එතුමාට පුළුවන් වූ එක් වැඩක්:  ඩලස් ඇමතිගේ කාලයේ හැද

කවුද මේ බස්සා? කරනු ඔහු දිවි රස්සා

Image
(2010 ජුලි 27,  W3Lanka )   බස්සා කවුද? වෙන වැඩ පසෙක තබා පෝස්ටර් අලවමින් මේ ප්‍රශ්නය අසන්නේ මාතර පොලිසිය බව ජවිපෙට සම්බන්ධ ලංකා ටෲත් වෙබ් අඩවිය පවසයි. අනාදිමත් කාලයක සිට විශේෂයෙන් ම කොල්ලන්ගේ සමාජයේ බාලසූරිය බාලයා ය. සෙනෙවිරත්න සෙනෙවියා ය. ගුණරත්න ගුණයා ය. එසේම මහින්ද මයිනා ය. උපුල් කුකුළා ය. අජිත් අජ්ජා ය. ලලිත් ලල්ලා ය.  එපමණක් නොව ප්‍රින්සිපල් පිනා ය. වයිස් ප්‍රින්සිපල් වයිටා ය. ලෙක්චරර් ලෙචා ය. ඩොක්ටර් ඩොකා ය. පොලිස් කොස්තාපල් කොස්සා ය. ලංකාවේ සිටින සියලු බස්නායකලා පාසල් යන කාලයේ බස්සලා ය. මේ බව පාසල් ගිය කාටත් තේරේ. මේ වනාහි එක්තරා උප සංස්කෘතික භාෂා ලක්ෂණයකි. සරසවි උප සංස්කෘතියේදී නම් සෑම සිසුවකුට ම කාඩ් එක යයි කියන අන්වර්ථ නමක් ද ඇත. රුහුණු විශ්ව විද්‍යාලයේ බස්නායක නම් තරුණ සිසුවා ද බස්සා වන්නේ ඒ අනුව මිස ඔහු බස්සකුගේ පෙනුම ඇත්තකු හෝ නිශාචරයකු හෝ වෙනත් එවැනි හේතුවක් හෝ නිසා නොවේ. මේ වනාහි තවත් එක් සාමාන්‍ය සරසවි සිසුවෙකු විය හැකි ය. ඔහු වනාහි වසර කීපයකට පෙර කුමක් හෝ පාසලක ‍සිටි දක්ෂ ශිෂ්‍යයෙකි. ඔබේ දරුවෙකි. සහෝදරයෙකි. පක්ෂියෙක් නොවේ.  වරදක් කළා හෝ නො කළා හෝ අවි

මිය ගොස් දස වසරකට පසුවත් උඩු රැවුල්කාර පාලක පිරිමින් බිය වද්දන සිරිමාවෝ

Image
(2010 ජුලි 27,  W3Lanka )  ඝාතනයට ලක් වූ හිටපු අගමැති එස්.ඩබ්.ආර්.ඩී. බංඩාරනායකගේ වැන්දඹූ බිරිය වූ සිරිමා රත්වත්තේ ඩයස් බංඩාරනායක අගමැති පදවියට පත් වූයේ මීට පනස් වසරකට පෙර 1960 ජුලි 21දා ය. ඇය නූතන ලෝකයේ පළමු රාජ්‍ය නායිකාව යි. සර්ව ජන ඡන්ද බලය ලංකාවට හඳුන්වා දුන් බ්‍රිතාන්‍යයන් එරට ප්‍රථම අගමැතිනිය හා මේ දක්වා සිටි එක ම රාජ්‍ය නායිකාව වූ මාග්‍රට් තැචර් අගමැතිනි ධුරයට පත් කළේ ද මීට බොහෝ කලකට පසුව ය. අගමැති පදවියට පත් වීමෙන් පසු එවකට 44 වියේ සිටි ප්‍රභූ ගෘහනියක නියක වූ සිරිමාගේ නමේ වෙනසක් සිදු විය. ගෞරවාර්ථයෙන් යුත් වෝ අක්ෂරයක් මුල් නම අගට එක් වී ඕ සිරිමාවෝ නම් වූවා ය. සත්තකින් ම ඇය එකී ගෞරවාන්විත යෙදුමට අරුතක් දුන් දක්ෂ ධනේශ්වර පාලිකාවක වූවා ය. ඇය 1960 සිට 65 දක්වා සහ 1970 සිට 77 දක්වා විධායක අගමැති ධුරය හෙබවූ අතර විධායක ජනාධිපති ධුරයට පත්ව සිටි සිය දියණිය වූ චන්ද්‍රිකා බංඩාරනායක කුමාරතුංග යටතේ 1994 සිට සිය මරණයට මාස දෙකකට පෙර 2010 අගෝස්තු 10දා ස්වේච්ඡාවෙන් විශ්‍රාම ලබන තෙක් නාමික අගමැති ධුරය ද හෙබවූවා ය. 1965-70 සමයේ සහ 1989-94 සමයේ ඇය විපක්ෂ නායක ධුරය දැරුවා ය. සිය දෙවන ධ

බස්සාගේ පොලු පාර හා කන්න ඕනෑ විට කබරගොයා තලගොයා කර ගැනීම

Image
(2010 ජුලි 26,  W3Lanka )  සටන පාවා දුන් බව කියමින් “බස්සා” යනුවෙන් හැඳින්වූ සිසුවකු මියගිය ප්‍රසන්න අනුර බණ්ඩාර නම් රුහුණු සරසවි සිසුවාගේ හිසට පොලු පහරක් එල්ල කර තිබූ බවට පොලිසියට තොරතුරු ලැබී ඇති බවත්, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය දැනටමත් පියවර ගෙන ඇති බවත් දකුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නීල් දළුවත්ත අද දිනමිණට කියා ඇත. බස්සා කියුවාට මේ වනාහි නිශාචර පක්ෂියකු හෝ වෙනත් අද්භූත සතකු නොව මිය ගිය සරසවි සිසුවා වැනි ම වූ තවත් අයෙකි. පෙර වැරදි කිසිවක් නොමැති නීතිය ඉදිරියේ තවමත් නිර්දෝෂී පුද්ගලයෙකි. කවුරු හෝ මවකගේ දරුවෙකි. මේ සිසුවා සැකයට භාජනය වන්නේ ඇයි? පසුගිය සෙනසුරාදා දිනමිණට අනුව, තම පුතාට සරසවියේ වෙනත් සිසුවෙකු විසින් පොල්ලකින් පහරදී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි මියගිය ශිෂ්‍යයාගේ මව පොලිසියට කට උත්තරයක් ලබාදී තිබෙන බව පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා ප්‍රකාශ කෙළේය. එහෙත්, රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් සහෝදර ශිෂ්‍යයාගේ මරණය පිළිබඳ පොලිසියට ඇඟිල්ල දිගු කරමින් උද්ඝෝෂණයක් ආරම්භ කර තිබූ බැවින් එදිනම දිනමිණ පුවත්පතට පොලිස්පති මහින්ද බාලසූරිය අවධාරණය කළේ එම මරණය පහර දීමක්

දෙබිඩ්ඩන්ට හූ කීම හා දුම් බීම

Image
(2010 ජුලි 25,  W3Lanka )  මේ දිනවල දිවයිනේ බොහොමයක් ප‍්‍රදේශවල ප‍්‍රදර්ශනය වෙමින් පවතින ප‍්‍රසන්න විතානගේ නිර්මාණකරුවාගේ ‘දෙබිඞ්ඩෝ’ වේදිකා නාට්‍යයෙහි ඇතුලත් වූ දුම් පානය කිරීමේ දර්ශනයක් සම්බන්ධයෙන් වු නිශේධනීය මැදිහත්වීම් දෙකක් පිළිබඳව නොවැම්බර් ව්‍යාපාරය වාර්තා කරයි.  මින් එක් සිදුවීමක් වූයේ කොළඹ පැවති එක් නාට්‍ය දර්ශනයකදී මෙම දුම්බීමේ දර්ශනය නිරූපනය කෙරෙන අවස්ථාවේදී පේ‍්‍රක්ෂකාගාරයේ සිටි කිසියම් පිරිසක් ‘හූ’ කියමින් නාට්‍යයට බාධා කිරීමයි. මෙම සිදුවීමෙන් පසුව කොළඹ පැවති වෙනත් නාට්‍ය දර්ශන වාරයකට පෙර එහි පැමිණි පිරිසක් විසින් මෙම දුම්බීමේ දර්ශනය අදාල කරගනිමින් පත‍්‍රිකාවක් බෙදාහැර ඇත.  මෙම දුම් පානය කිරීමේ දර්ශනය සම්බන්ධයෙන් පොලීසියට කෙරුණු පැමිණිල්ලකට අනුව පොලීසිය පැමිණ නාට්‍ය අධ්‍යක්ෂවරයාගෙන් ප‍්‍රශ්න කෙරෙන්නේ ඉහත සිදුවීම්වලට පසුවයි. ලංකාවේ වැඩිදෙනෙකු දන්නා එකම කලා මාධ්‍යය වන රූපවාහිනියේ දුම්බීමේ, මත්පැන් පානය කිරීමේ දර්ශන පෙන්වීම තහනම් ය. එබැවින් ලංකාවේ ටෙලිනාට්‍යවල ඉන්න කළු චරිත පවා ඒ අතින් සාන්ත දාන්ත තීන්ත කූඩු වෙති. රූපවාහිනියෙන් චිත්‍රපට පෙන්වන විට කොටු දමනු ලැබේ

නිකම් කසල උඩට මිනිස් කසල ද බැහැර කිරීමේ ධනවාදයේ අර්බුදය

Image
(2010 ජුලි 24,  W3Lanka )  ලංකාවේ පසුගාමී ධනේශ්වර රාජ්‍යයට කසල වර්ග දෙකක් බරපතල ප්‍රශ්නයක් වී තිබේ. එක් වර්ගයක් මිනිසුන් විසින් බැහැර කරන කසලයි. පළාත් පාලන ආයතන විසින් මෙම කසල බැහැර කළ යුතුව තිබෙන මුත්, එම ආයතන එම කාර්යයවත් කිරීමට අසමත් වී තිබේ. හිටපු පරිසර ඇමති චම්පික රණවක මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳන බව පැවසූ එක් අයෙකි. දැන් ඉන්න පරිසර ඇමති නම් ඔය කරන්න බැරි වැඩ ගැන පම්පෝරි ගසන්නේ නැත.  ඉවත දමන ජංගම දුරකථන හා බැටරි හේතුවෙන් සිදු වන පරිසර හානි නිසා ඒවා බැහැර කිරීමට යයි කියා ආණ්ඩුව අසංඛ්‍යයක් වෙනත් බදුවලට අමතරව වෙන ම බද්දක් අය කරන මුත් ඒ අය කරන බදු මුදලින් බැටරි කෑල්ල බැහැර කිරීමට හෝ රජය අසමත් ය.  අද වන විට ලංකාවේ පසුගාමී ධනවාදයට මිනිස් සමාජය විසින් බැහැර කරනු ලබන මිනිස් කසල ද බරපතල ප්‍රශ්නයක් වී තිබේ. මේ සමග ඇති ඡායාරූපයේ සිටින සිඟන්නා මහනුවර ප්‍රදේශයේ කිසියම් තැනක සිටියදී, කිසියම් පිරිසක් විසින් වාහනයකින් ගෙනැවිත් කසල ගොඩකට දමා ගොස් තිබේ.  මෙවැන්නන් භාර දෙන්නට මේ රටේ තැනක් නැද්ද? ඔහු රෝගියකු නම් භාර දිය යුත්තේ රෝහලකටයි. අයාලේ යාම, සිඟාකෑම වැනි වරදක් කර තිබේ නම් භාර දිය

හාවුන් සමග දුවමින් බල්ලන් සමග දඩයමේ යාම හෙවත් ඊශ්‍රායලයටත්, පලස්තීනයටත් දෙකට ම සහාය දීම

Image
(2010 ජුලි 23,  W3Lanka )  මෙරට  මානුෂීය දූත මෙහෙවරක යෙදෙමින් සිටි තුර්කි හා පලස්‌තීන පිරිසකට ඊශ්‍රායල හමුදා විසින් ප්‍රහාර එල්ල කර ඝාතනය කිරීම හෙළා දකිමින් අපරාධකරුවන්ට දඬුවම් පමුණුවන ලෙස යෝජනා කරමින් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ (මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ම) පත් කරන ලද මන්ත්‍රී ඒ. එච්. එම්. අස්‌වර් විසින් සභාව කල් තබන අවස්‌ථාවේ යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබුවේ වැඩි ඈතක නොව පසුගිය ජුනි 10දා ය. සභාව කල් තබන අවස්‌ථාවේ යෝජනාව ඉදිරිපත් කරමින් ඒ. එච්. එම්. අස්‌වර් මෙසේ පැවසීය: 2010.05.31 වැනි දින අලුයම් කාලයේ නැගෙනහිර මධ්‍යධරණී මුහුදේදී මුළු ලොව පුරාම හෙළා දකිනු ලැබීමට පාත්‍රවූ ක්‍රියාවක්‌ වූ ගාසාහි සාගින්නෙන් පීඩා විඳිමින් සිටින මිලියන 1.5 ක පලස්‌තීනුවන් වෙනුවෙන් ටොන් 10,000 ක ඖෂධ, ආහාර, පෙර සකස්‌ කළ නිවාස හා අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය රැගෙන යමින් තිබූ නෞකා කණ්‌ඩායමට යුදෙව්වාදී ඊශ්‍රායෙල් කමාන්ඩෝ භටයන් විසින් ප්‍රහාර එල්ල කිරීම සිදුකරන ලදී. මෙය ම්ලේච්ඡ, කෲර, උද්ධච්ච හා නීති ගරුක භාවයෙන් තොර වූ ක්‍රියාවකි. මෙම මානුෂීය දූත මෙහෙවර සංවිධානය කරන ලද්දේ තුර්කි මානව හිමිකම්

මෛත්‍රීගෙන් ස්වයං විවේචනයක්

Image
(2010 ජුලි 22,  W3Lanka )  මෙරට මානසික රෝගවලින් බහුතරයකට හේතුවී ඇත්තේ දේශපාලනඥයන් හා රජයේ නිලධාරීන් බව සෞඛ්‍ය ඇමති මෛත්‍රිපාල සිරිසේන පවසා ඇත. ඔහු මෙම ස්වයං විවේචනාත්මක ප්‍රකාශය කර ඇත්තේ පසුගිය දිනෙක අංගොඩ මානසික රෝහල ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය - ශ්‍රී ලංකාව නමින් නැවත නම් කිරීම වෙනුවෙන් පැවති උත්සවයකදී ය. ඇත්ත කීම ගැන සෞඛ්‍ය ඇමතිතුමාට අපෙන් මල් මිටක්! You may also like to read our English blog   Lanka Polity